Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Allah දෙයියෝ මැව්වේ කවුද දෙයියනේ?….
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Allah දෙයියෝ මැව්වේ කවුද දෙයියනේ?….

මැවුම්වාදීන් බොහෝ විට බුදු දහමට එරෙහිව ගොඩ නඟන තර්කය වන්නේ, “වඩුවා රහිතව මේසයක් නොසෑදෙන්නේය” යන්නය. විශ්වය හා එහි තුල ජීවය සදිසි ඉතා සංකීර්ණ සංවර්ධනයන් “ඉබේ” සිදු විය නොහැකි බවත්, ඒවා යම් කිසි නිර්මාපකයෙකුගේ හස්තයෙන් සිදුවීම අනිවාර්ය බවත්, සෑම දෙයකටම “ඇරඹුමක්” තිබිය යුතු බවත්, “අවසානයක්” තිබිය යුතු බවත් ඔවුන් ඔබට කියනු ඇත. එනයින් බුදු දහම නිෂ්ප්රභා වී යන බව ඔවුහු පවසති. එහෙත් මේ තර්කය හමුවේ නිරුත්තර වන්නේ බෞද්ධයන් අතර සිටින නූගත්, දුරාවබෝධිත කොටස් පමණකි. යම් අයෙකු මේ තර්කයෙන් ඔබට දමා ගසයි නම් ඊට පහත පරිදි පිළිතුරු සැපයිය හැක.

“මැවීම” පිටුපස හෝ “නිර්මාණය” යන සංකල්පය පිටුපස යම් කෙනෙකු, යම් සචේතනික, මහා ප්‍රඥා සම්පන්න දේවයෙකු සිටීම අනිවාර්යද? එසේ සිටිය යුතුම නම්, එසේ සිටීමෙන් තොරව යමක් නිමැවීම පිළිගත නොහැකි නම්, “වඩුවෙකුගෙන් තොරව මේසය” සැදිය නොහැකි බව පිළි ගන්නවා නම් සාධාරණව පිළිගත යුතු අනෙක් කරුණ වන්නේ මෙයයි.

“වඩුවා මේසය සාදන්නට උදෑසන නිවසින් පිටවන විට, ඉස්තෝප්පුවේ සිටින සිය මවටත්, පියාටත් ආචාර කරයි. ඒ ඔවුන් නැති නම් වඩුවාද නොමැති බැවිනි. වඩුවාටද එලෙස නිමැවුම් කරුවන් දෙපළක් සිටියි. දෙවියන් වහන්සේට??”

නිර්මාණ කරුවෙකුගෙන් තොරව නිර්මාණයක් බිහිවිය නොහැකි බව කියන තර්කය ඔවුන්ම ගොඩ නඟන්නේ නම් අනිවාර්යෙන්ම ඔවුන්ගේම තර්කය පරිදි නිර්මාපකයාගේද නිර්මාතෘවරුන් සිටිය යුතුමය. ලෝකය සම්බන්ධයෙන් නඟන තර්කය දෙවියන් හමුවේද සාධාරණ විය යුතු නොවේද? එසේ නම් මේසයට ඇරඹුමක් ඇති සේම, මේසයට නිර්මාණ කරුවෙකු සිටිනා සේම, වඩුවාටද ඇරඹුමක් හා නිර්මාතෘ වරුන් සිටිය යුතුය. සියල්ල මවා වදාළේ දෙවියෙකු නම් ඒ දෙවියන් මවා වදාළේ කවුද? “එහෙම කෙනෙක් නම් නැත” කියන්නට ඔට්ටු නැත. හැම දේටම සචේතනික නිර්මාණ බල වේගයක් ඉන්නවා නම් දෙවියන්ටත් එසේම විය යුතුය. කවුදැයි කියන්නට අපොහොසත් නම් “මේසය හා වඩුවා” තර්කය අත් හැර පරාජය පිළි ගන්නට සිදුවේ.

සර්වබලධාරීත්වය….

හින්දු, කිතුණු, ඉස්ලාම් විශ්වාස ත්‍රිත්වයේම දෙවියන් “සර්වබලධාරීය”. ”සර්ව” යන්න සංස්කෘත බසින් “අඩු, ලුහුඬු රහිත”, නොහොත් “සියල් සපිරි” යන්නට යෙදෙයි. එනයින්, මේ දෙවියන් වහන්සේටද මේ විශ්වය තුළ කරන්නට බැරි දෙයක් නොතිබිය යුතුය. එනම් “සියළු දේ” සම්බන්ධ “සියළු” බලතල ඔහු සතුව පැවතිය යුතුය. එමෙන්ම මේ තාක් අවනත වන්නට, මේ තාක් යටත් වන්නට, මෙන්ම අප අවසාන වශයෙන් විනිශ්චය කරන්නට, අපේ විනිශ්චයෙන් පසුව දඬුවම් කරන්නට නම් ඔහු අනිවාර්යෙන්ම “සුසාධිත නිරවද්‍ය” (Perfectism) භාවයකින් යුතු විය යුතුමය. ඔහුගේ හෝ ඔහුගේ නිර්මාණ වල කිසිදු දෝෂයක් නොතිබිය යුතු අතර, දෝෂ ඇත්නම් “සර්ව” බලධාරීත්වය යොදා ගෙන ඇසිල්ලකින් ඒවා නිවැරදි කරන්නට ඔහු සමත් විය යුතුය.

ඔබ අවට බලන්න. මේ මහා විශ්ව බුද්ධියක් සතු විය යුතු “සුසාධිත නිරවද්‍ය භාවය” ඔබ දකිනවාද? සරල උදාහරණයක් ගන්න. වැසි දී ගංඟාවල ජලය පුරවා අපට ගොවිතැන් කරන්නට දෙවියන් වහන්සේ සලස්වා දෙන බව බයිබලය හා ඒ ආශ්රිත ලියවිලිද, අල් කුරාණයද සඳහන් කරයි. නමුත් වැසි වැඩි වී හොවැංහෝ, යැංසිකියෑන් පමණක් නොව නයිල්, යුප්‍රටීස්, ටයිග්‍රීස් ගංඟාවෝද උතුරා ලක්ෂ ගණන් මියැදෙන්නේත් මේ බයිබලය හෝ අල් කුරාණය ලියැවුණු කාළ වකවානු වලදීම නොවේද?. ඔබ නිවසේදී දිය පිපාසයක් ආ විට වතුර ජෝගුව ගෙන එයින් වීදුරුවකට වතුර පුරවනු ඇත. එහෙත් ජල මට්ටම වීදුරුවේ කට ළඟට ආ විට ඔබ වතුර පිරවීම නවත්වන්නේ ඇයි? තමාගේ අවශ්‍යතාවයට සරිලන ජල මට්ටම සම්පූර්ණ වූ බව දැනීමත්, තව දුරටත් වතුර වත් කරන්නට ගියොත් මේසය මත ජලය උතුරා හැඩි වීමට ඉඩ කඩ ඇති බව ඔබේම විඥාණය විසින් ඔබට මතක් කර දීමත් මීට හේතුවේ. ”සුසාධිත නිරවද්‍යතාවය” කියන්නේ මෙයටයි. සාමාන්‍ය මිනිස් විඥාණයක් සහිත ඔබ සතුව ඇති “සුසාධිත නිරවද්‍යතාවය” වත් එතකොට දෙවියන් වහන්සේට නැතිද? ”වීදුරුවට දැන් වතුර ඇති” යැයි ඔබට ඇති අවබෝධය, “ගඟට වැහි වතුර දැන් ඇති” යනුවෙන් ලබා ගන්නට සර්ව බලධාරී දෙවියන්ට නොහැකිද?

පස සාරවත් කරන්නට වායුගෝලයේ සිට නයිට්රජන් චක්‍රයේ නයිට්‍රො ඛණිජය භූ ගත කරන්නේ අකුණු පහරවල් නොහොත් හෙණ ගෙඩි තුළිනි. ඒ හෙණ ගෙඩිම සත්වයන්ගේ ඔළු ගෙඩි වලට වැදී උන් මිය යන ආකාරයට සැලසුම් කළේ ඇයි?. මේ දේව නිර්මාණයක ඇති සුසාධිත නිරවද්‍ය බවද?.

ලෝකය මොන තරම් අසම්පූර්ණද? විශ්වය මොන තරම් අසම්පූර්ණද? ජීවය රහිත සෞර ග්‍රහ මණ්ඩල පිරිවරා ගත් තාරකා ට්‍රිලියන ගණනක් මන්දාකිණි වල ඔහේ ගිනි ඇවිලෙන්නේ ඇයි? දෙවියන් වහන්සේ ඒවා මැව්වේ කුමන අරමුණකින්ද? පුපුරා යන තාරකා වලින් බිහි වූ ග්රාහක(Asteroids) කැබලි විශ්වාන්තර සක්මනක යෙදෙන්නේ මක් නිසාද? මහ පොළවෙන් පිට බැලූ විට විශ්ව ධූලි වලා වන්(Cosmic Dust), ග්රාහක, විකිරණ (Cosmic radiation) ආදිය සහිත අතිශයින් අපිළිවෙල “යකුන් නැටූ පිටියක්” දකින්නේ ඇයි? මේ සර්වබලධාරී මහා බුද්ධියක් කළ නිර්මාණයක හැටිද?

කුඩා දරුවෙකු “තැනුම් ගණක” (Building Blocks) ගොඩක් සමඟ සෙල්ලම් කර ගිය පසුව ඒවා මැද සාළය පුරා විසිරී තිබෙන සේ විශ්වය පවතිද්දී, අපට යටත් වන්නට කියන්නේ අසම්පූර්ණ නිර්මාණශීලිත්වයකටද?.

ලෝකය, විශ්වය හෝ ජීවය පිටුපස කිසිදු බල වේගයක් නැතැයි මම නොකියමි. එහෙත් ඒවා ක්‍රියාන්විතයේ යොදවන බලවේග අනිවාර්යෙන්ම “සචේතනික හෙවත් සිතිය හැකි, සජීවි” බලවේග නොව “අචේතනික, සිතීමක් නොමැති, අජීවී” බලවේග විය යුතුමය. ඒවාට ස්වයං පාලනයක් නොමැති නිසා එයින් බිහිවන දේද බොහෝ කොට අසම්පූර්ණ ස්වභාවයක් ගනී.

මහා කරුණාව…

“මුලද, මැදද, අගද” වන අප සිත කය වචනය යන තුන් දොරින්ම යටත් විය යුතු, අප “සලායතන සය” තුළම වැඩ සිටින, අපට කිසිවක් වසන් කළ නොහැකි මහෝත්තම දෙවියෙකු සිටී නම් අප අනිවාර්යෙන්ම ඔහුගෙන් බලාපොරොත්තු විය යුත්තේ, විශ්වයේ ඇති සුපිරිතම පරාර්ථකාමී ආදරය, සෙනෙහස හා කරුණාවයි.

පවුලක තාත්තා ගෙන බලන්න. අප ඔහුට යටත් වන්නේත්, ඔහු දෙන අවවාද පිළි පදින්නේත්, අප වැරදි කළ විට තාත්තාට අපව විනිශ්චය කරන්නටත්, විනිශ්චය කර වේවැලකින් පහර දෙන්නටත්, දණ ගස්සවා තබන්නටත් අවසර දී තිබෙන්නේ ඇයි?. අප ඔහුට බිය මුසු ගෞරවයක් පළ කරන්නේ ඇයි? ඒ තාත්තාගේ පතළ මහා පීතෘ කරුණාව අප අත් විඳින නිසාත්, ඔහු අප සැමට එකා මෙන් සළකන්නට ගන්නා ඉමහත් වෙහෙස ගැන දන්නා නිසාවෙනි. ඒ පරිශ්රමය තුළ අප ඔහුට අවනත වෙමු. ඔහු අපිව රැක බලා ගන්නා බවට අපට ප්රත්යක්ෂ ලෙස ඔප්පු වී ඇති නිසා අම්මා, සහ අප තාත්තාට අවනත වන්නෙමු.

මේ කියන දෙවියාගෙන් එවැනි සෙනෙහසක් වත් ලැබී තිබෙනවාද? දඩයම් යුගයේ සිට අද වන තුරු මිනිසා බියකින්, සැකයකින් තොරව සිටි එක දිනක්වත් තිබෙනවාද? ලෝකයේ සතුටෙන් සිටින ජාතීන් ඇත්ද? මේ දියත මත යුධ ගැටුම් කීයක් මිනිස් ශිෂ්ඨාචාරය ඇරඹුමේ සිට වන්නට ඇත්ද? ඒවායින් මිය ගිය වුන් ගණන කෙබඳුද? මහා ඇලෙක්සැන්ඩර්, රෝමානු ආක්‍රමණ, ඉස්ලාම් ආක්‍රමණ, චෝල මණ්ඩල ආක්‍රමණ, ගෙන්ගිස් ඛාන් ගේ මොංගෝලීය ආක්‍රමණ, කුරුස යුද්ධ, සිය අවුරුදු යුද්ධය, නැපෝලියන්, යුරෝපීය ලෝකාධිපත්‍ය, ධවල අධිරාජ්‍යයන්, නිදහස් සටන්, ප්‍රංශ විප්ලවය හා මහජන අධිකරණය මුවාවෙන් රෝබෙස්ෆියර් කරවූ හිස් ගැසුම්, රුසියානු සුදු හමුදා සටන්, බොල්ෂෙවික් වරු, පළමු ලෝක සංග්‍රාමය, හිට්ලර්, දෙවැනි ලෝක සංග්‍රාමය, යුදෙව් සංහාරය, ඩකාවු, බ්‍රැටේන්, අවුෂ්විට්ස් වධකාගාර, හිරෝෂිමා, නාගසාකි, වියට්නාම්, ඉන්දු-පාකිස්ථාන ඛණ්ඩන සංහාර, මේ අවාසනාවන්ත ලැයිස්තුව කෙතරම් දිගද? දරුවන් රණ්ඩු සරුවල් වන විට අපේ තාත්තලා දරුවන්ගේ සටන් නවතා පාලනය කරන්නා සේ මේ දෙවි පියා මේවා පාලනය කරන්නේ නැතිද?. දරුවන්ගේ රණ්ඩු නවත්වන්නට බැරි තාත්තා කෙනෙකු ගෘහ මූලිකයෙකු වශයෙන් කෙතරම් ගැළපේද?

ලෙඩ රෝග, වදුරු වසංගත ස්වරූපාකාර කීයක් පැතිරෙන්නට ඇත්ද? අභිවාතක රෝගය, වසූරිය, මහාමාරිය, මැලේරියා, ඒඩ්ස්, එබෝලා, කහ උණ, සෙංගමාලය, දියවැඩියාව, පිළිකා වර්ග 271ක්, මේ බියකරු ලැයිස්තුව කෙතරම් දිගද? අපේ තාත්තා මට උණ සෑදී සිටින විට මගේ නළලට අත තබා බලා, ඕඩි කොලොන් පැලැස්තරයක් අලවන “මානුෂික පිය සෙනෙහස” වත් මේ දිව්‍යමය මැවුම්කාර පියාගෙන් අපට ලැබී තිබෙනවාද?

ඔහු මැවූ ලෝකයේ අසම්පූර්ණ බව නිසා ඇතිවන ස්වාභාවික විපත් වලින් සියළු සත්ව ප්‍රජාව දුක් ගැහැට විඳි වාර ගණන, ගණන් තැබීමටවත් හැකිද?

නමුත් ඉහත ආගම් ත්‍රිත්වයේම ශුධ ලියවිලි මේ සියළු ගැටළු වලට පිළිතුරක් ලෙස සමාජ ගත කරන්නේ ” ඔහු සියල්ල බලාගෙන ඉන්නේ නියම කාලය ආවාම ඒ කියන්නේ කාළය අවසන් වුණාම ඔහු ආයෙත් ඒවි. ඒ ඇවිල්ලා මේ සියල්ල නිවැරදි කරයි. යුක්තිය පසිඳයි. ඊට පස්සේ අපිට ඉමහත් සතුටෙන් ඉන්න පුළුවන් වේවි”. දෙවියා කාළය අවසාන වන (End of Time Theory) තෙක් බලා සිටින බවත්, ඉන්පසුව ඔහු විසින්ම අඳින ලද සැලසුමකට අනුව ඔහුම පැමිණ සියල්ල විසඳන බවත් ඔවුන් කියයි. විශ්ව සාධාරණ දෙවියෙකුගේ කරුණාව සීමා විරහිත, පරාර්ථකාමී කරුණාවක් විය යුතුය. එවැනි පතළ මහා කරුණාවක් ඇති අයෙකුට කාළ සැලසුම් නිමා වෙන තෙක් “Time Mark” කරමින් සිටීම කෙතරම් දුරට උචිතද? ඒ අදාළ “දිනයට හෙවත් විනිශ්චය දිනයට” (Judgement day) පෙර පැමිණ ප්‍රශ්ණ විසඳන්නට ඔහුට යම් තහනමක් තිබෙනවාද? ඒ තහනම දැම්මේ කවුද? එය ඔහුගේ “සියල්ල කළ හැකි බවට” හෙවත් “සර්වබලධාරී” බවට කෙතරම් ගැළපේද?…

[QUOTE="sebastian show, post: 20329215, member: 388298"] [b]Allah දෙයියෝ මැව්වේ කවුද දෙයියනේ?….[/b] [SIZE="5"]මැවුම්වාදීන් බොහෝ විට බුදු දහමට එරෙහිව ගොඩ නඟන තර්කය වන්නේ, “වඩුවා රහිතව මේසයක් නොසෑදෙන්නේය” යන්නය. විශ්වය හා එහි තුල ජීවය සදිසි ඉතා සංකීර්ණ සංවර්ධනයන් “ඉබේ” සිදු විය නොහැකි බවත්, ඒවා යම් කිසි නිර්මාපකයෙකුගේ හස්තයෙන් සිදුවීම අනිවාර්ය බවත්, සෑම දෙයකටම “ඇරඹුමක්” තිබිය යුතු බවත්, “අවසානයක්” තිබිය යුතු බවත් ඔවුන් ඔබට කියනු ඇත. එනයින් බුදු දහම නිෂ්ප්රභා වී යන බව ඔවුහු පවසති. එහෙත් මේ තර්කය හමුවේ නිරුත්තර වන්නේ බෞද්ධයන් අතර සිටින නූගත්, දුරාවබෝධිත කොටස් පමණකි. යම් අයෙකු මේ තර්කයෙන් ඔබට දමා ගසයි නම් ඊට පහත පරිදි පිළිතුරු සැපයිය හැක. “මැවීම” පිටුපස හෝ “නිර්මාණය” යන සංකල්පය පිටුපස යම් කෙනෙකු, යම් සචේතනික, මහා ප්‍රඥා සම්පන්න දේවයෙකු සිටීම අනිවාර්යද? එසේ සිටිය යුතුම නම්, එසේ සිටීමෙන් තොරව යමක් නිමැවීම පිළිගත නොහැකි නම්, “වඩුවෙකුගෙන් තොරව මේසය” සැදිය නොහැකි බව පිළි ගන්නවා නම් සාධාරණව පිළිගත යුතු අනෙක් කරුණ වන්නේ මෙයයි. “වඩුවා මේසය සාදන්නට උදෑසන නිවසින් පිටවන විට, ඉස්තෝප්පුවේ සිටින සිය මවටත්, පියාටත් ආචාර කරයි. ඒ ඔවුන් නැති නම් වඩුවාද නොමැති බැවිනි. වඩුවාටද එලෙස නිමැවුම් කරුවන් දෙපළක් සිටියි. දෙවියන් වහන්සේට??” නිර්මාණ කරුවෙකුගෙන් තොරව නිර්මාණයක් බිහිවිය නොහැකි බව කියන තර්කය ඔවුන්ම ගොඩ නඟන්නේ නම් අනිවාර්යෙන්ම ඔවුන්ගේම තර්කය පරිදි නිර්මාපකයාගේද නිර්මාතෘවරුන් සිටිය යුතුමය. ලෝකය සම්බන්ධයෙන් නඟන තර්කය දෙවියන් හමුවේද සාධාරණ විය යුතු නොවේද? එසේ නම් මේසයට ඇරඹුමක් ඇති සේම, මේසයට නිර්මාණ කරුවෙකු සිටිනා සේම, වඩුවාටද ඇරඹුමක් හා නිර්මාතෘ වරුන් සිටිය යුතුය. සියල්ල මවා වදාළේ දෙවියෙකු නම් ඒ දෙවියන් මවා වදාළේ කවුද? “එහෙම කෙනෙක් නම් නැත” කියන්නට ඔට්ටු නැත. හැම දේටම සචේතනික නිර්මාණ බල වේගයක් ඉන්නවා නම් දෙවියන්ටත් එසේම විය යුතුය. කවුදැයි කියන්නට අපොහොසත් නම් “මේසය හා වඩුවා” තර්කය අත් හැර පරාජය පිළි ගන්නට සිදුවේ.[/SIZE] [SIZE="6"]සර්වබලධාරීත්වය….[/SIZE] [SIZE="5"]හින්දු, කිතුණු, ඉස්ලාම් විශ්වාස ත්‍රිත්වයේම දෙවියන් “සර්වබලධාරීය”. ”සර්ව” යන්න සංස්කෘත බසින් “අඩු, ලුහුඬු රහිත”, නොහොත් “සියල් සපිරි” යන්නට යෙදෙයි. එනයින්, මේ දෙවියන් වහන්සේටද මේ විශ්වය තුළ කරන්නට බැරි දෙයක් නොතිබිය යුතුය. එනම් “සියළු දේ” සම්බන්ධ “සියළු” බලතල ඔහු සතුව පැවතිය යුතුය. එමෙන්ම මේ තාක් අවනත වන්නට, මේ තාක් යටත් වන්නට, මෙන්ම අප අවසාන වශයෙන් විනිශ්චය කරන්නට, අපේ විනිශ්චයෙන් පසුව දඬුවම් කරන්නට නම් ඔහු අනිවාර්යෙන්ම “සුසාධිත නිරවද්‍ය” (Perfectism) භාවයකින් යුතු විය යුතුමය. ඔහුගේ හෝ ඔහුගේ නිර්මාණ වල කිසිදු දෝෂයක් නොතිබිය යුතු අතර, දෝෂ ඇත්නම් “සර්ව” බලධාරීත්වය යොදා ගෙන ඇසිල්ලකින් ඒවා නිවැරදි කරන්නට ඔහු සමත් විය යුතුය. ඔබ අවට බලන්න. මේ මහා විශ්ව බුද්ධියක් සතු විය යුතු “සුසාධිත නිරවද්‍ය භාවය” ඔබ දකිනවාද? සරල උදාහරණයක් ගන්න. වැසි දී ගංඟාවල ජලය පුරවා අපට ගොවිතැන් කරන්නට දෙවියන් වහන්සේ සලස්වා දෙන බව බයිබලය හා ඒ ආශ්රිත ලියවිලිද, අල් කුරාණයද සඳහන් කරයි. නමුත් වැසි වැඩි වී හොවැංහෝ, යැංසිකියෑන් පමණක් නොව නයිල්, යුප්‍රටීස්, ටයිග්‍රීස් ගංඟාවෝද උතුරා ලක්ෂ ගණන් මියැදෙන්නේත් මේ බයිබලය හෝ අල් කුරාණය ලියැවුණු කාළ වකවානු වලදීම නොවේද?. ඔබ නිවසේදී දිය පිපාසයක් ආ විට වතුර ජෝගුව ගෙන එයින් වීදුරුවකට වතුර පුරවනු ඇත. එහෙත් ජල මට්ටම වීදුරුවේ කට ළඟට ආ විට ඔබ වතුර පිරවීම නවත්වන්නේ ඇයි? තමාගේ අවශ්‍යතාවයට සරිලන ජල මට්ටම සම්පූර්ණ වූ බව දැනීමත්, තව දුරටත් වතුර වත් කරන්නට ගියොත් මේසය මත ජලය උතුරා හැඩි වීමට ඉඩ කඩ ඇති බව ඔබේම විඥාණය විසින් ඔබට මතක් කර දීමත් මීට හේතුවේ. ”සුසාධිත නිරවද්‍යතාවය” කියන්නේ මෙයටයි. සාමාන්‍ය මිනිස් විඥාණයක් සහිත ඔබ සතුව ඇති “සුසාධිත නිරවද්‍යතාවය” වත් එතකොට දෙවියන් වහන්සේට නැතිද? ”වීදුරුවට දැන් වතුර ඇති” යැයි ඔබට ඇති අවබෝධය, “ගඟට වැහි වතුර දැන් ඇති” යනුවෙන් ලබා ගන්නට සර්ව බලධාරී දෙවියන්ට නොහැකිද? පස සාරවත් කරන්නට වායුගෝලයේ සිට නයිට්රජන් චක්‍රයේ නයිට්‍රො ඛණිජය භූ ගත කරන්නේ අකුණු පහරවල් නොහොත් හෙණ ගෙඩි තුළිනි. ඒ හෙණ ගෙඩිම සත්වයන්ගේ ඔළු ගෙඩි වලට වැදී උන් මිය යන ආකාරයට සැලසුම් කළේ ඇයි?. මේ දේව නිර්මාණයක ඇති සුසාධිත නිරවද්‍ය බවද?. ලෝකය මොන තරම් අසම්පූර්ණද? විශ්වය මොන තරම් අසම්පූර්ණද? ජීවය රහිත සෞර ග්‍රහ මණ්ඩල පිරිවරා ගත් තාරකා ට්‍රිලියන ගණනක් මන්දාකිණි වල ඔහේ ගිනි ඇවිලෙන්නේ ඇයි? දෙවියන් වහන්සේ ඒවා මැව්වේ කුමන අරමුණකින්ද? පුපුරා යන තාරකා වලින් බිහි වූ ග්රාහක(Asteroids) කැබලි විශ්වාන්තර සක්මනක යෙදෙන්නේ මක් නිසාද? මහ පොළවෙන් පිට බැලූ විට විශ්ව ධූලි වලා වන්(Cosmic Dust), ග්රාහක, විකිරණ (Cosmic radiation) ආදිය සහිත අතිශයින් අපිළිවෙල “යකුන් නැටූ පිටියක්” දකින්නේ ඇයි? මේ සර්වබලධාරී මහා බුද්ධියක් කළ නිර්මාණයක හැටිද? කුඩා දරුවෙකු “තැනුම් ගණක” (Building Blocks) ගොඩක් සමඟ සෙල්ලම් කර ගිය පසුව ඒවා මැද සාළය පුරා විසිරී තිබෙන සේ විශ්වය පවතිද්දී, අපට යටත් වන්නට කියන්නේ අසම්පූර්ණ නිර්මාණශීලිත්වයකටද?. ලෝකය, විශ්වය හෝ ජීවය පිටුපස කිසිදු බල වේගයක් නැතැයි මම නොකියමි. එහෙත් ඒවා ක්‍රියාන්විතයේ යොදවන බලවේග අනිවාර්යෙන්ම “සචේතනික හෙවත් සිතිය හැකි, සජීවි” බලවේග නොව “අචේතනික, සිතීමක් නොමැති, අජීවී” බලවේග විය යුතුමය. ඒවාට ස්වයං පාලනයක් නොමැති නිසා එයින් බිහිවන දේද බොහෝ කොට අසම්පූර්ණ ස්වභාවයක් ගනී. [/SIZE] [SIZE="6"]මහා කරුණාව…[/SIZE] [SIZE="5"]“මුලද, මැදද, අගද” වන අප සිත කය වචනය යන තුන් දොරින්ම යටත් විය යුතු, අප “සලායතන සය” තුළම වැඩ සිටින, අපට කිසිවක් වසන් කළ නොහැකි මහෝත්තම දෙවියෙකු සිටී නම් අප අනිවාර්යෙන්ම ඔහුගෙන් බලාපොරොත්තු විය යුත්තේ, විශ්වයේ ඇති සුපිරිතම පරාර්ථකාමී ආදරය, සෙනෙහස හා කරුණාවයි. පවුලක තාත්තා ගෙන බලන්න. අප ඔහුට යටත් වන්නේත්, ඔහු දෙන අවවාද පිළි පදින්නේත්, අප වැරදි කළ විට තාත්තාට අපව විනිශ්චය කරන්නටත්, විනිශ්චය කර වේවැලකින් පහර දෙන්නටත්, දණ ගස්සවා තබන්නටත් අවසර දී තිබෙන්නේ ඇයි?. අප ඔහුට බිය මුසු ගෞරවයක් පළ කරන්නේ ඇයි? ඒ තාත්තාගේ පතළ මහා පීතෘ කරුණාව අප අත් විඳින නිසාත්, ඔහු අප සැමට එකා මෙන් සළකන්නට ගන්නා ඉමහත් වෙහෙස ගැන දන්නා නිසාවෙනි. ඒ පරිශ්රමය තුළ අප ඔහුට අවනත වෙමු. ඔහු අපිව රැක බලා ගන්නා බවට අපට ප්රත්යක්ෂ ලෙස ඔප්පු වී ඇති නිසා අම්මා, සහ අප තාත්තාට අවනත වන්නෙමු. මේ කියන දෙවියාගෙන් එවැනි සෙනෙහසක් වත් ලැබී තිබෙනවාද? දඩයම් යුගයේ සිට අද වන තුරු මිනිසා බියකින්, සැකයකින් තොරව සිටි එක දිනක්වත් තිබෙනවාද? ලෝකයේ සතුටෙන් සිටින ජාතීන් ඇත්ද? මේ දියත මත යුධ ගැටුම් කීයක් මිනිස් ශිෂ්ඨාචාරය ඇරඹුමේ සිට වන්නට ඇත්ද? ඒවායින් මිය ගිය වුන් ගණන කෙබඳුද? මහා ඇලෙක්සැන්ඩර්, රෝමානු ආක්‍රමණ, ඉස්ලාම් ආක්‍රමණ, චෝල මණ්ඩල ආක්‍රමණ, ගෙන්ගිස් ඛාන් ගේ මොංගෝලීය ආක්‍රමණ, කුරුස යුද්ධ, සිය අවුරුදු යුද්ධය, නැපෝලියන්, යුරෝපීය ලෝකාධිපත්‍ය, ධවල අධිරාජ්‍යයන්, නිදහස් සටන්, ප්‍රංශ විප්ලවය හා මහජන අධිකරණය මුවාවෙන් රෝබෙස්ෆියර් කරවූ හිස් ගැසුම්, රුසියානු සුදු හමුදා සටන්, බොල්ෂෙවික් වරු, පළමු ලෝක සංග්‍රාමය, හිට්ලර්, දෙවැනි ලෝක සංග්‍රාමය, යුදෙව් සංහාරය, ඩකාවු, බ්‍රැටේන්, අවුෂ්විට්ස් වධකාගාර, හිරෝෂිමා, නාගසාකි, වියට්නාම්, ඉන්දු-පාකිස්ථාන ඛණ්ඩන සංහාර, මේ අවාසනාවන්ත ලැයිස්තුව කෙතරම් දිගද? දරුවන් රණ්ඩු සරුවල් වන විට අපේ තාත්තලා දරුවන්ගේ සටන් නවතා පාලනය කරන්නා සේ මේ දෙවි පියා මේවා පාලනය කරන්නේ නැතිද?. දරුවන්ගේ රණ්ඩු නවත්වන්නට බැරි තාත්තා කෙනෙකු ගෘහ මූලිකයෙකු වශයෙන් කෙතරම් ගැළපේද? ලෙඩ රෝග, වදුරු වසංගත ස්වරූපාකාර කීයක් පැතිරෙන්නට ඇත්ද? අභිවාතක රෝගය, වසූරිය, මහාමාරිය, මැලේරියා, ඒඩ්ස්, එබෝලා, කහ උණ, සෙංගමාලය, දියවැඩියාව, පිළිකා වර්ග 271ක්, මේ බියකරු ලැයිස්තුව කෙතරම් දිගද? අපේ තාත්තා මට උණ සෑදී සිටින විට මගේ නළලට අත තබා බලා, ඕඩි කොලොන් පැලැස්තරයක් අලවන “මානුෂික පිය සෙනෙහස” වත් මේ දිව්‍යමය මැවුම්කාර පියාගෙන් අපට ලැබී තිබෙනවාද? ඔහු මැවූ ලෝකයේ අසම්පූර්ණ බව නිසා ඇතිවන ස්වාභාවික විපත් වලින් සියළු සත්ව ප්‍රජාව දුක් ගැහැට විඳි වාර ගණන, ගණන් තැබීමටවත් හැකිද? නමුත් ඉහත ආගම් ත්‍රිත්වයේම ශුධ ලියවිලි මේ සියළු ගැටළු වලට පිළිතුරක් ලෙස සමාජ ගත කරන්නේ ” ඔහු සියල්ල බලාගෙන ඉන්නේ නියම කාලය ආවාම ඒ කියන්නේ කාළය අවසන් වුණාම ඔහු ආයෙත් ඒවි. ඒ ඇවිල්ලා මේ සියල්ල නිවැරදි කරයි. යුක්තිය පසිඳයි. ඊට පස්සේ අපිට ඉමහත් සතුටෙන් ඉන්න පුළුවන් වේවි”. දෙවියා කාළය අවසාන වන (End of Time Theory) තෙක් බලා සිටින බවත්, ඉන්පසුව ඔහු විසින්ම අඳින ලද සැලසුමකට අනුව ඔහුම පැමිණ සියල්ල විසඳන බවත් ඔවුන් කියයි. විශ්ව සාධාරණ දෙවියෙකුගේ කරුණාව සීමා විරහිත, පරාර්ථකාමී කරුණාවක් විය යුතුය. එවැනි පතළ මහා කරුණාවක් ඇති අයෙකුට කාළ සැලසුම් නිමා වෙන තෙක් “Time Mark” කරමින් සිටීම කෙතරම් දුරට උචිතද? ඒ අදාළ “දිනයට හෙවත් විනිශ්චය දිනයට” (Judgement day) පෙර පැමිණ ප්‍රශ්ණ විසඳන්නට ඔහුට යම් තහනමක් තිබෙනවාද? ඒ තහනම දැම්මේ කවුද? එය ඔහුගේ “සියල්ල කළ හැකි බවට” හෙවත් “සර්වබලධාරී” බවට කෙතරම් ගැළපේද?…[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom