Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
AMAZON ගග සොයාගත් FRANCISCO DE ORELLANA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

AMAZON ගග සොයාගත් FRANCISCO DE ORELLANA

ඇමේසන් ගග සොයාගත්

ප්රැන්සිස්කෝ ද ඔරෙල්ලනා

දකුණු ඇමෙරිකාව ගවේෂණය කිරීමේ ලා පූරෝගාමීත්වය ගෙන කටයුතු කළ වුන් අතරට ප්රැන්සිස්කෝ ද ඔරෙල්ලනාට ද හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. ඇමේසන් ගංගාව මුළුමනින්ම පාහේ ගවේෂණය කළ පළමුවැනියා ලෙසින් සැළකෙන්නේ ඔරෙල්ලනායි. ස්පාඤ්ඤ ජාතිකයකු වන හෙතෙම කි‍්‍ර. වර්ෂ 1500 දී පමණ ට්රුජිලෝ හිදී උපත ලැබුවා.ඔරෙල්ලනා, පිසාරෝ පවුලේ සමීපතම මිතුරකු ලෙසින් ද බොහෝ විට ඔවුන්ගේ ඥාතියකු ද විය හැකි බවයි ඇතැම් වාර්තා වල සඳහන් වී තිබෙන්නේ.

Bronze head of Orellana in Trujillo, Spain

1535 දී ෆ්රැන්සිස්කෝ පිසාරෝ සමග පීරු රටට පැමිණි ඔරෙල්ලනා සිවිල් යුද සමයේදී පිසාරෝට සහාය දැක්වූවා. ඔරෙල්ලනාහට ඉක්වදෝරයේ වෙරළ බඩ ප්‍රදේශය පාලනය කිරීම පැවැරුණු අතර ගුවාක්විල් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා වූයේද ඔහුයි. ක්විටෝ හි ආණ්ඩුකාර තනතුර දැරූ ගොන්සාලෝ පිසාරෝව දේශ ගවේෂණ ගමනකට පිටත් කර හරින්නට ප්රැන්සිස්කෝ පිසාරෝ තීරණය කළා. දකුණු ඇමෙරිකාවේ නැගෙනහිරට වන්නට පිහිටා ඇතැයි සිතූ ‘කුරුඳු ද්වීපය’ සොයාගැනීමයි එම ගමනේ අරමුණ වී තිබුණේ. ක්විටෝ හි සිටි ගොන්සාලෝ, ස්පාඤ්ඤවරුන් 220 දෙනෙක් වද, ස්වදේශිකයන් 4000 ක් ද, මේ සඳහා සූදානම් කර ගත්තා. මෙම චාරිකා ගමනේ දෙවැනියා ලෙසින් කටයුතු කිරීමේ අවස්ථාව උදා වී තිබුණේ ඔරෙල්ලනාටයි. ඔහු ගුවාක්විල් ප්‍රදේශයෙන් අශ්වරෝහක හමුදාවක් සූදානම් කරගෙන ක්විටෝ වෙත පැමිණියා. එහෙත් ඒ වන විටත් ගොන්සාලෝ තම පිරිවරත් සමග ගමන ආරම්භ කර තිබුණා. ඔවුන් පසුපස ගමන ඇරඹූ ඔරෙල්ලනාහට, එම පිරිස මුණ ගැසීමට හැකියාව ලැබුණා.නැපෝ හි අතු ගංගාවක් වූ කොකා ගංගාව වෙත පැමිණි මේ පිරිස කුඹ දෙකේ රුවල් නැවක් ඉදි කළා.

මේ වනවිටත් ඔවුන’තරින් බොහෝ දෙනෙක් අසනීප තත්ත්වයෙන් පසුවුණු අතර ආහාර පාන ද මේ වනවිට අවසන් වී තිබුණා. ඔරෙල්ලනා සහ පනස් දෙනෙකුගෙන් යුත් පිරිසක් ගඟ දිගේ පහළට ගමන් කළේ ආහාර සොයා ගෙන ඒමේ අදහසිනි. නැපෝ හි ගම්මානයට පැමිණි ඔවුන් ආහාර පාන එක් රැස් කර ගත්ත ද නැවතත් අනෙකුත් පිරිස සිටි ස්ථානයට යා නොහැකි වුණා. කෙසේ හෝ තිදෙනෙකු අත ගොන්සාලෝ වෙතට පණිවුඩයක් යවා ගන්නට ඔරෙල්ලනා සමත් වුණා. එහෙත් මේ වන විටත් ගොන්සාලෝ නැවතත් ක්විටෝ වෙත ගොස් තිබුණු අතර ඒ වනවිට ජීවත්ව සිටියේ පිරිසෙන් අසූූ දෙනෙකු පමණි.

නැපෝ ගම්මානයෙන් නැවතත් ගමන ආරම්භ කළ ඔරෙල්ලනා ඇමේසන් ගංගාව ඔස්සේ පහළට ගමන් කළා. මෙහිදී ස්වදේශිකයන් හා සටන් වදින්නට ඔහුට සිද්ධ වුණා. ස්වදේශිකයන් හා සටන් වදිමින් පහළට ගමන් කළ පිරිස ඇමේසන්වරුන්ගේ පාලන ප්‍රදේශයට පිවිසුණා. 1542 ජූනි 24 වැනි දින මෙම ස්පාඤ්ඤවරුන්ට ඉන්දියානු කාන්තාවන් හා සටන් කරන්නට සිද්ධ වුණා. ඔරෙල්ලනා මෙම රණ ශූරියන් හැඳින්වූයේ ඇමේසන් කාන්තාවන් නමිනි. ඇමේසන් ගංගාවට මෙම නම ලැබුණේ ද මේ ආකාරයෙනි.

මේ දීර්ඝ වූත් දුෂ්කර වූත් චාරිකාවේදී ඔරෙල්ලනා ඇතුළු පිරිස ගමන් ගත් රුවල් නෞකාව අබලන් වුණා. එය ප්‍රතිසංස්කරණය කිරීමට දින 18 ක කාලයක් ගත වුණු බවයි වාර්තා වෙන්නෙ. ගංගාව ඔස්සේ ගමන් කළ ඔවුන්ට මුහුදට ඇතුළු වීමට හැකි වූයේ 1542 අගෝස්තු 26 වැනිදායි. මෙහිදී ඔවුන් ගමන් ගත් නෞකා දෙක එකිනෙකින් වෙන් වුණා.ඔරෙල්ලනා ගමන්ගත් වික්ටෝරියා නෞකාව ටි්රනිඩෑඩ් වටා ගමන් කර පාරියා නම් මුහුදු බොක්කේ දින හතක් කොටූ වී සිටියා. අවසානයේදී ඔවුන්ට 1542 සැප්තැම්බර් 11 වැනිදා කියුබගුවා පෙදෙසට පැමිණෙන්නට හැකි වුණා. සැන් පේෙද්රී නෞකාව උතුරින් ගමන් කර ටි්රනිඩෑඩ් පසුකරමින් කියුබගුවා වෙතට සමීප වූයේ සැප්තැම්බර් 9 වනිදායි. තම මව් රට වන ස්පාඤ්ඤයට යෑමට තීරණය කළ ඔරෙල්ලනා කියුබගුවාවෙන් පිටත් වුණා. මෙහිදී ඔහු පළමුවෙන්ම පැමිණියේ පෘතුගාලයටයි. පෘතුගාල රජතුමා, ඔරෙල්ලාව සාදරයෙන් පිළිගත්තා. ටික දිනක් පෘතුගාලයේ ගත කළ හෙතෙම තම මව් රට බලා පැමිණියා. ස්පාඤ්ඤ රාජ සභාව ඉදිරියේ තම ගමනේ තොරතුරු පැවසූ ඔරෙල්ලනා, එම තොරතුරු වලින් රාජ සභාවේ සාමාජිකයන්ව කුල්මත් කළා.ඔරෙල්ලනා පැවසූ විස්තරයට සවන් දුන් රාජ සභාව මේ පිළිබඳව මාස නවයක් පුරා සැළකිල්ලට ගෙන එම ප්‍රදේශය යුද බලයෙන් අත්පත් කරගන්නට අවශ්‍යය බලය පවරා දුන්නා. මේ සඳහා කොන්දේසි මාලාවක් ද ඉදිරිපත් කළා. එම කොන්දේසි වලට අනුව එම ප්‍රදේශ තවදුරටත් ගවේෂණය කර, පදිංචි වීමට අවසර ලැබුණා.

ඇමේසන් ප්‍රදේශයට ගිය පසු එහි නගර දෙකක් ඉදිකරන්නට නියමිතව තිබුණු අතර ඉන් එක් නගරයක් ගඟ අද්දර ඉදි කළ යුතු බවයි රාජ සභාවේ නියෝගය වී තිබුණේ.මෙම කොන්දේසි වලට එකඟ වුණු හෙතෙම දේශ ගවේෂණ ගමනට සූදානම් වුණු අතර යම් යම් අර්බුද හට ගැනීම හේතුවෙන් ඒ ගමන දිනෙන් දින කල් ගියා. කෙසේ වුවද හැම බාධකයකටම මුහුණ දෙමින් තමන්ගේ ගමන ආරම්භ කරන්නට ඔරෙල්ලනා සමර්ථ වුණා.පළමුව ඔහු පැමිණියේ කැනරි දිවයින් වෙතටයි. එහිදී ඔහු නෞකා වලට ආහාර ද්‍රව්‍ය ගබඩා කරන්නට තෙමසක කාලයක් ගත කළා. ඉන් අනතුරුව ඔහු තවත් දෙමසක කාලයක් කේප් වර්ඩේ දිවයින් වල ගත කළා. මෙහිදී එක් නෞකාවක් අහිමි වුණු අතර නාවිකයන් 98 දෙනෙකු ලෙඩ රෝග වැළඳීමෙන් මියගියා. තවත් 50 දෙනෙකු ඔවුන’තරින් පැන ගියා. මෙවැනි කරදර බාධක මධ්‍යයේ ඔරෙල්ලනා 1545 දෙසැම්බරයේ නත්තලට පෙර බ්‍රසීලයට පැමිණියා. තමන්ට ඉතිරිව සිටි හමුදාව ඇමේසන් වෙතට පිටත් කර හැරියා. මෙහිදී ඔරෙල්ලනා ඇතුළු පිරිසට ඉන්දියානුවන්ගේ ප්‍රහාර වලට ලක් වෙන්නට සිද්ධ වුණා. විස කැවුණු ඊතල වැදීම නිසා 17 දෙනෙකු මරු මුවට පත් වුණා. දැඩි කණගාටුවට පත්ව සිටි ඔරෙල්ලනා ඒ නිසාම අසනීප වී 1546 නොවැම්බරයේදී අවසන් හුස්ම හෙළුෑ බවයි වාර්තා වෙන්නේ.

Denuma ඇසුරින්

[QUOTE="hemalsilva, post: 7954429, member: 7335"] [b]AMAZON ගග සොයාගත් FRANCISCO DE ORELLANA[/b] [CENTER][B][SIZE="6"][COLOR="Green"]ඇමේසන් ගග සොයාගත් ප්රැන්සිස්කෝ ද ඔරෙල්ලනා[/COLOR][/SIZE] [SIZE="3"]දකුණු ඇමෙරිකාව ගවේෂණය කිරීමේ ලා පූරෝගාමීත්වය ගෙන කටයුතු කළ වුන් අතරට ප්රැන්සිස්කෝ ද ඔරෙල්ලනාට ද හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. ඇමේසන් ගංගාව මුළුමනින්ම පාහේ ගවේෂණය කළ පළමුවැනියා ලෙසින් සැළකෙන්නේ ඔරෙල්ලනායි. ස්පාඤ්ඤ ජාතිකයකු වන හෙතෙම කි‍්‍ර. වර්ෂ 1500 දී පමණ ට්රුජිලෝ හිදී උපත ලැබුවා.ඔරෙල්ලනා, පිසාරෝ පවුලේ සමීපතම මිතුරකු ලෙසින් ද බොහෝ විට ඔවුන්ගේ ඥාතියකු ද විය හැකි බවයි ඇතැම් වාර්තා වල සඳහන් වී තිබෙන්නේ. [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/3/34/Francisco_de_Orellana1.JPG[/IMG] Bronze head of Orellana in Trujillo, Spain 1535 දී ෆ්රැන්සිස්කෝ පිසාරෝ සමග පීරු රටට පැමිණි ඔරෙල්ලනා සිවිල් යුද සමයේදී පිසාරෝට සහාය දැක්වූවා. ඔරෙල්ලනාහට ඉක්වදෝරයේ වෙරළ බඩ ප්‍රදේශය පාලනය කිරීම පැවැරුණු අතර ගුවාක්විල් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා වූයේද ඔහුයි. ක්විටෝ හි ආණ්ඩුකාර තනතුර දැරූ ගොන්සාලෝ පිසාරෝව දේශ ගවේෂණ ගමනකට පිටත් කර හරින්නට ප්රැන්සිස්කෝ පිසාරෝ තීරණය කළා. දකුණු ඇමෙරිකාවේ නැගෙනහිරට වන්නට පිහිටා ඇතැයි සිතූ ‘කුරුඳු ද්වීපය’ සොයාගැනීමයි එම ගමනේ අරමුණ වී තිබුණේ. ක්විටෝ හි සිටි ගොන්සාලෝ, ස්පාඤ්ඤවරුන් 220 දෙනෙක් වද, ස්වදේශිකයන් 4000 ක් ද, මේ සඳහා සූදානම් කර ගත්තා. මෙම චාරිකා ගමනේ දෙවැනියා ලෙසින් කටයුතු කිරීමේ අවස්ථාව උදා වී තිබුණේ ඔරෙල්ලනාටයි. ඔහු ගුවාක්විල් ප්‍රදේශයෙන් අශ්වරෝහක හමුදාවක් සූදානම් කරගෙන ක්විටෝ වෙත පැමිණියා. එහෙත් ඒ වන විටත් ගොන්සාලෝ තම පිරිවරත් සමග ගමන ආරම්භ කර තිබුණා. ඔවුන් පසුපස ගමන ඇරඹූ ඔරෙල්ලනාහට, එම පිරිස මුණ ගැසීමට හැකියාව ලැබුණා.නැපෝ හි අතු ගංගාවක් වූ කොකා ගංගාව වෙත පැමිණි මේ පිරිස කුඹ දෙකේ රුවල් නැවක් ඉදි කළා. [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/1/1b/Pizarroshipbuilding.jpg[/IMG] මේ වනවිටත් ඔවුන’තරින් බොහෝ දෙනෙක් අසනීප තත්ත්වයෙන් පසුවුණු අතර ආහාර පාන ද මේ වනවිට අවසන් වී තිබුණා. ඔරෙල්ලනා සහ පනස් දෙනෙකුගෙන් යුත් පිරිසක් ගඟ දිගේ පහළට ගමන් කළේ ආහාර සොයා ගෙන ඒමේ අදහසිනි. නැපෝ හි ගම්මානයට පැමිණි ඔවුන් ආහාර පාන එක් රැස් කර ගත්ත ද නැවතත් අනෙකුත් පිරිස සිටි ස්ථානයට යා නොහැකි වුණා. කෙසේ හෝ තිදෙනෙකු අත ගොන්සාලෝ වෙතට පණිවුඩයක් යවා ගන්නට ඔරෙල්ලනා සමත් වුණා. එහෙත් මේ වන විටත් ගොන්සාලෝ නැවතත් ක්විටෝ වෙත ගොස් තිබුණු අතර ඒ වනවිට ජීවත්ව සිටියේ පිරිසෙන් අසූූ දෙනෙකු පමණි. [IMG]http://www.visitaecuador.com/fotos/inicio/foto_0WvMehva_gra.jpg[/IMG] නැපෝ ගම්මානයෙන් නැවතත් ගමන ආරම්භ කළ ඔරෙල්ලනා ඇමේසන් ගංගාව ඔස්සේ පහළට ගමන් කළා. මෙහිදී ස්වදේශිකයන් හා සටන් වදින්නට ඔහුට සිද්ධ වුණා. ස්වදේශිකයන් හා සටන් වදිමින් පහළට ගමන් කළ පිරිස ඇමේසන්වරුන්ගේ පාලන ප්‍රදේශයට පිවිසුණා. 1542 ජූනි 24 වැනි දින මෙම ස්පාඤ්ඤවරුන්ට ඉන්දියානු කාන්තාවන් හා සටන් කරන්නට සිද්ධ වුණා. ඔරෙල්ලනා මෙම රණ ශූරියන් හැඳින්වූයේ ඇමේසන් කාන්තාවන් නමිනි. ඇමේසන් ගංගාවට මෙම නම ලැබුණේ ද මේ ආකාරයෙනි. [IMG]http://media-2.web.britannica.com/eb-media/02/13702-004-8F3ED531.jpg[/IMG] මේ දීර්ඝ වූත් දුෂ්කර වූත් චාරිකාවේදී ඔරෙල්ලනා ඇතුළු පිරිස ගමන් ගත් රුවල් නෞකාව අබලන් වුණා. එය ප්‍රතිසංස්කරණය කිරීමට දින 18 ක කාලයක් ගත වුණු බවයි වාර්තා වෙන්නෙ. ගංගාව ඔස්සේ ගමන් කළ ඔවුන්ට මුහුදට ඇතුළු වීමට හැකි වූයේ 1542 අගෝස්තු 26 වැනිදායි. මෙහිදී ඔවුන් ගමන් ගත් නෞකා දෙක එකිනෙකින් වෙන් වුණා.ඔරෙල්ලනා ගමන්ගත් වික්ටෝරියා නෞකාව ටි්රනිඩෑඩ් වටා ගමන් කර පාරියා නම් මුහුදු බොක්කේ දින හතක් කොටූ වී සිටියා. අවසානයේදී ඔවුන්ට 1542 සැප්තැම්බර් 11 වැනිදා කියුබගුවා පෙදෙසට පැමිණෙන්නට හැකි වුණා. සැන් පේෙද්රී නෞකාව උතුරින් ගමන් කර ටි්රනිඩෑඩ් පසුකරමින් කියුබගුවා වෙතට සමීප වූයේ සැප්තැම්බර් 9 වනිදායි. තම මව් රට වන ස්පාඤ්ඤයට යෑමට තීරණය කළ ඔරෙල්ලනා කියුබගුවාවෙන් පිටත් වුණා. මෙහිදී ඔහු පළමුවෙන්ම පැමිණියේ පෘතුගාලයටයි. පෘතුගාල රජතුමා, ඔරෙල්ලාව සාදරයෙන් පිළිගත්තා. ටික දිනක් පෘතුගාලයේ ගත කළ හෙතෙම තම මව් රට බලා පැමිණියා. ස්පාඤ්ඤ රාජ සභාව ඉදිරියේ තම ගමනේ තොරතුරු පැවසූ ඔරෙල්ලනා, එම තොරතුරු වලින් රාජ සභාවේ සාමාජිකයන්ව කුල්මත් කළා.ඔරෙල්ලනා පැවසූ විස්තරයට සවන් දුන් රාජ සභාව මේ පිළිබඳව මාස නවයක් පුරා සැළකිල්ලට ගෙන එම ප්‍රදේශය යුද බලයෙන් අත්පත් කරගන්නට අවශ්‍යය බලය පවරා දුන්නා. මේ සඳහා කොන්දේසි මාලාවක් ද ඉදිරිපත් කළා. එම කොන්දේසි වලට අනුව එම ප්‍රදේශ තවදුරටත් ගවේෂණය කර, පදිංචි වීමට අවසර ලැබුණා. [IMG]http://1.bp.blogspot.com/_tTFdYezGXMQ/SY8McTzu1TI/AAAAAAAACt0/hA5J4sVsJQ0/s400/orellana.jpg[/IMG] ඇමේසන් ප්‍රදේශයට ගිය පසු එහි නගර දෙකක් ඉදිකරන්නට නියමිතව තිබුණු අතර ඉන් එක් නගරයක් ගඟ අද්දර ඉදි කළ යුතු බවයි රාජ සභාවේ නියෝගය වී තිබුණේ.මෙම කොන්දේසි වලට එකඟ වුණු හෙතෙම දේශ ගවේෂණ ගමනට සූදානම් වුණු අතර යම් යම් අර්බුද හට ගැනීම හේතුවෙන් ඒ ගමන දිනෙන් දින කල් ගියා. කෙසේ වුවද හැම බාධකයකටම මුහුණ දෙමින් තමන්ගේ ගමන ආරම්භ කරන්නට ඔරෙල්ලනා සමර්ථ වුණා.පළමුව ඔහු පැමිණියේ කැනරි දිවයින් වෙතටයි. එහිදී ඔහු නෞකා වලට ආහාර ද්‍රව්‍ය ගබඩා කරන්නට තෙමසක කාලයක් ගත කළා. ඉන් අනතුරුව ඔහු තවත් දෙමසක කාලයක් කේප් වර්ඩේ දිවයින් වල ගත කළා. මෙහිදී එක් නෞකාවක් අහිමි වුණු අතර නාවිකයන් 98 දෙනෙකු ලෙඩ රෝග වැළඳීමෙන් මියගියා. තවත් 50 දෙනෙකු ඔවුන’තරින් පැන ගියා. මෙවැනි කරදර බාධක මධ්‍යයේ ඔරෙල්ලනා 1545 දෙසැම්බරයේ නත්තලට පෙර බ්‍රසීලයට පැමිණියා. තමන්ට ඉතිරිව සිටි හමුදාව ඇමේසන් වෙතට පිටත් කර හැරියා. මෙහිදී ඔරෙල්ලනා ඇතුළු පිරිසට ඉන්දියානුවන්ගේ ප්‍රහාර වලට ලක් වෙන්නට සිද්ධ වුණා. විස කැවුණු ඊතල වැදීම නිසා 17 දෙනෙකු මරු මුවට පත් වුණා. දැඩි කණගාටුවට පත්ව සිටි ඔරෙල්ලනා ඒ නිසාම අසනීප වී 1546 නොවැම්බරයේදී අවසන් හුස්ම හෙළුෑ බවයි වාර්තා වෙන්නේ.[/SIZE][/B][SIZE="3"] [/SIZE] Denuma ඇසුරින් [IMG]http://mypixup.com/image-0B4B_4C493876.jpg[/IMG] [IMG]http://farm4.static.flickr.com/3628/3546452454_e61c2951fa.jpg[/IMG] [IMG]http://mypixup.com/image-C11A_4C493876.jpg[/IMG] [IMG]http://mypixup.com/image-625B_4C493876.jpg[/IMG] [IMG]http://mypixup.com/image-951C_4C493876.jpg[/IMG] [IMG]http://mypixup.com/image-F29F_4C493876.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom