Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
An Appreciation: Adhil Bakeer Markar Left An Exemplary Legacy For Future Leaders
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දේශපාලනඥයන්ගේ දරුවන්ට හොඳ “පාඩම් පොතක්” වූ ආදීල්

දෛනික වැඩ කටයුතු අවසන් කර නින්දට යෑමට සැරසුණු මොහොතේ, බදාදා රාත්‍රී 10.40ට පමණ අප හිතමිත්‍ර ක්‍රිෂාන්ත කුරේ මහතාගෙන් ඇමතුමක් ලැබිණි. සාමාන්‍යයෙන් ක්‍රිෂාන්ත රෑ දෙගොඩහරිජාමේ කථා නොකරන්නෙකු බැවින්, ඇමතුම විශේෂ හා හදිසි එකක් බව කල්තියා තේරුම් ගත්තෙමි. අපේක්ෂා කළ ආකාරයටම එය හදිසි එකක් විය. “නරක ආරංචියක් ගැන කියන්නයි කථා කළේ ආදීල් නැතිවෙලාය කියලා ආරංචියක් ලැබුණා. පොඩ්ඩක් හොයලා බලන්න” දුරකථනයේ එහා කෙළවරින් ලැබුණු ඒ පණිවිඩය අදහාගත හැකි එකක් නොවූයේ හිරිමල් වියේ පසුවූ ජවසම්පන්න ආදීල්ට කිසිදු ඉහෙන් බහින රෝගයක් නොතිබුණු බැවිනි. ආදීල්ලා රැසක් නොසිටි, අපේ මිතුරු සමාගම තුළ සිටි එකම ආදීල් වූයේ, ආදීල් බාකීර් මාකාර්ය. හිටපු අමාත්‍ය, ඉම්තියාස්ගේ පුත්‍රයා වූ ඔහු හා අප අතර ඇති මිත්‍රත්වයේ ඉතිහාසය වසර දහයකට වඩා වැඩිය. ක්‍රිෂාන්තට එම ආරංචිය ලැබී තිබුණේ රේගු ප්‍රධානී, චූලානන්ද පෙරේරාගෙනි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලබමින් සිටින තම දියණිය චාපා හරහා “චූලා”ට මේ නරක ආරංචිය පිළිබඳ විස්තර ලැබී තිබිණි. 2013 වසරේ 68 වන එක්සත් ජාතීන්ගේ සමුළුවට සමගාමීව පැවැති ජගත් තරුණ සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූයේ චාපා පෙරේරා හා ආදීල්ය. ඒ නිසාම ඔවුන් අතර සෑහෙන මිත්‍රත්වයක් විය.

තම ශාස්ත්‍රපති උපාධිය හැදෑරීම සඳහා ආදීල් එංගලන්තය බලා ගියේ සැප්තැම්බර් මාසයේය. අනාගත ලෝක නායකයන් බිහි කිරීමේ අරමුණින්, බ්‍රිතාන්‍ය රජය විසින් ප්රදානය කරනු ලබන කීර්තිමත් චෙවිනින්ග් ශිෂ්‍යත්වය දිනාගනිමින්, වැඩිදුර අධ්‍යාපනය සඳහා ආදීල් එංගලන්තයට ගොස් ගතව තිබුණේ සති කිහිපයකි.

ක්‍රිෂාන්තගෙන් ලැබුණු පණිවිඩයේ ඇත්ත නැත්ත තහවුරු කරගැන්මට ඉම්තියාස් බාකිර් මාකාර් හිටපු ඇමැතිවරයාගේ ජංගම දුරකථනයට ඇමතුමක් දුන් මුත් ඉන් පිළිතුරක් ලැබුණේ නැත. අනතුරුව ආදීල්ගේ සොයුරු අසාම්ගේ දුරකථනයේ අංක එබු මුත්, නාද වූවා මිසක ඉන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබිණි. සාධාරණ හේතුවක් නොමැතිව කිසි දිනෙක ඔවුන් එසේ නොකරන පසුබිමක ක්‍රිෂාන්තගේ පණිවිඩය පිළිබඳව මට මහා බියක් දැනෙන්නට විය. “දෙයියනේ ඒක ඇත්තක්ද” එසේ වැඩි වේලාවක් සිතන්නට ලැබුණේ නැත. ක්‍රිෂාන්තගෙන් යළි ඇමතුමක් ලැබෙන බව දුරකථන තිරයේ සටහන් විය. “කථාව ඇත්ත” බිඳුණු ස්වරයෙන් යුතුව ඔහු පවසන්නට විය. එංගලන්තයේ සිටින තම ඥාති දියණියක වන ඩෙවොෂි හරහා ක්‍රිෂාන්ත ආරංචිය තහවුරු කරගෙන තිබිණි.

ක්‍රිෂාන්ත සමඟ තවත් කථා කළ හැකි මට්ටමක මා නොවීය. එම නරක ආරංචිය මා ගොළු කළේය. දුරකථනය පසෙකින් තබා පුටුවකට බර වූ මට ආදීල්ගේ ප්රතාපවත් රූපය මැවී පෙනෙන්නට විය. අනාගතයේ දී රටේ නායකයකු වීමට තරම් ඉහළ විභවතාවක් තිබූ මේ ප්‍රියජනක තරුණයා පිළිබඳ වූ අතීත ස්මරණයන් එකින් එක මගේ මනසේ දිගහැරෙන්නට විය. එය “ප්‍රියයන්ගෙන් වෙන්වීමේ” දුක, තදින් දැනුණ අවස්ථාවක් විය.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදීල් අපූරු තරුණයකු විය. ඔහු සමඟ කථා කිරීම යනු නිතරම දැනුමට අලුත් යමක් එකතු කරගැනීමක්ම විය. කලාව, සාහිත්‍ය, ඉතිහාසය, ක්‍රීඩාව, දේශපාලනය ආදි ඕනෑම මාතෘකාවක් පිළිබඳ ඉහළ දැනුමක් ආදීල්ට තිබූ අතර ඒවා යාවත්කාලීන කරගැනීමට ඔහු නිතරම වග බලා ගත්තේය. සමකාලීන බොහෝ දේශපාලනඥයන්ගේ දරුවන්, සමාජ ශාලාවලට යෑමට පොර කන සංස්කෘතියක් තුළ ඉම්තියාස්ගේ දරුවන් ඊට ව්‍යතිරේකයක් විය. සමාජ ශාලාවලට යෑම වෙනුවට එම පවුලේ දරුවන් නිතරම උත්සාහ කළේ තම පරපුරේ පූර්වගාමීන් මෙන් හොඳ අධ්‍යාපනයක් ලබා සමාජය බැබළවීමටය.

සමාජ ශාලාවල වෙනුවට ඔවුන් සිටියේ දේශනාගාරවලය. නැත්නම් පුස්තකාලවලය. උකහා ගත් දැනුමෙන් සමාජයට සේවය කිරීම ඔවුන්ගේ අරමුණ විය. ආදීල් සමඟ ඇති අපගේ ඇසුර වැඩි වූයේ මා රූපවාහිනියේ උදෑසන පත්තර කියවීමේ වැඩසටහනක ආරාධිත විශ්ලේෂකයකු ලෙස සම්බන්ධ වූ කාලයේදීය. උදෑසන 6.30 ට පමණ වෙද්දී එම වැඩ සටහන අවසන් වූ පසු එවකට මා සේවය කරමින් සිටි පත්තර කන්තෝරුවට යෑමට පෙර ආදීල්ලාගේ බුලර්ස් පටුමගේ නිෙවසට ගොඩවැදීම අනිවාර්ය සිරිතක් වී තිබිණි. සතියට දින තුන හතරක් මා පාතරාසය ගන්නේ ආදීල්ලාගේ නිවෙසිනි. ආදීල්ගේ පියා වූ හිටපු ඇමැති ඉම්තියාස් මෙන්ම මව ෆරීඩා ද අප කෙරෙහි දැක්වූයේ ඉමහත් ළෙන්ගතුකමකි. “හීලට” ආරාධනා ලැබෙන තෙක් පැයක් පැය 1 1/2 විවිධ කරුණු ගැන අප සංවාදයේ යෙදුණෙමු. දේශපාලනය හා ජාත්‍යන්තර සම්බන්ධතා වැනි විෂයන් පිළිබඳව එහිදී සුලබව අප සාකච්ඡා කළෙමු. එම විෂයයන් පිළිබඳව ආදීල් සතු වූ දැනුම ඒ පිළිබඳ ප්රාමාණිකයන් පවා ඊර්ෂ්‍යා ගන්වනු නිසැකය. සහතිකවම ඔහු දැනුම් ගබඩාවක් විය. ආදීල්ගේ ඇසුර අපගේ ද ‘ඥාන කලාව’ ප්‍රසාරණය කිරීමට සමත් විය. සමාජයක් ලෙස ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ප්‍රශ්න පිළිබඳව ඔහු සතු කියවීම් මලකඩ බැඳුණු මොළවලට කදිම ප්‍රතිකාරයක් විය. ඒවා අතිශය ප්‍රායෝගික විය. බොහෝ තරුණයන් මෙන් ආවේගශීලීව ඔහු ප්‍රශ්න දෙස නොබැලුවේය. ගැඹුරින් යමක් දෙස බැලීමේ පුරුද්දක් ඔහුට විය.

ශක්තිමත් පවුල් පසුබිම ආදීල් කරා එම ගුණාංග රැගෙන ආ බව මාගේ විශ්වාසයයි. ක්‍රීඩාව, සාහිත්‍ය පිළිබඳව ඔහුට තිබුණේ ඉහළ දැනුමකි. රගර් ක්‍රීඩාවෙන් ජාතික තලය නියෝජනය කළ ක්‍රීඩකයන් ගණනාවක් ඔහුගේ මිතුරන් විය.

ඉම්තියාස් බාකීර් මාකර් පවුලේ දරුවන් අතරේ සාමාන්‍ය ජනතාව අතර වඩා ජනප්‍රිය වූයේ ආදීල්ය. උස් පහත් භේදයකින් තොරව සෙසු දරුවන් ද මිනිසුන් අතර ගැවසුණු මුත් එහිදී ආදීල් ඉහළින්ම කැපී පෙනුණි. අයියා, අක්කා, මල්ලි, නංගි ලෙස අපේ සාමාන්‍ය භාෂාවෙන් සන්නිවේදනයේ නිරත වීමේ පුරුද්දක් ඔහුට තිබිණි. ඒ තුළ වූයේ දැඩි අව්‍යාජ බවකි. ආදීල් එසේ කතා කරනුයේ “බොක්කෙන්ම” බවට අදහසක් සියලු දෙනා තුළ විය.

ක්‍රියාකාරිව දේශපාලනයේ නිරත නොවුණද දැඩි අවාසිදායක කොන්දේසි මධ්‍යයේත් එජාපය අත් නොහැර එය ශක්තිමත් කිරීමට ඉම්තියාස් බාකිර් මාකර් මහතා දිගින් දිගටම කටයුතු කළේය. එජාපය වෙනුවෙන් පෙනී සිටීම, පරම්පරාගත උරුමයක් බවට හෙතෙම විශ්වාස කළේය. පසුගිය කාලයේ එජාපය මැතිවරණවලට ඉදිරිපත් වූ හැම අවස්ථාවකදීම පාහේ පක්ෂය වෙනුවෙන් ඉම්තියාස් කැපවී වැඩ කළේය. අතින් පෙට්‍රල් ගසාගෙන එජාපය දිනවීමට ඉම්තියාස් වැඩ කරද්දී ඔහුට විශාල ශක්තියක් සැපයූවේ ආදීල්ය. තම විභාග වැඩ පවා අතපසු කර ගනිමින් ආදීල් පියා තනි නොකර ඔහු සමඟ රට වටේ ගියේය. ඒ බොහෝ ගමන්වලදී රිය පැදවූයේ ආදීල්ය. ඔහු පියා පසුපස සෙවණැල්ලක් මෙන් නිතරම රැඳී සිටියේය. ඒ නිසාම බාකීර් මාකර් පවුලේ මීළඟ දේශපාලන නියෝජනය ආදීල් වනු ඇතැයි බොහෝ දෙනා අනුමාන කරන්නට විය.

පියා පිළිබඳව අසීමිතව ගෞරවයක් තිබුණ ද තාත්තගේ පහනින් බැබළීමට ආදීල් කිසි විටෙක කටයුතු නොකළේය. ඒ වෙනුවට තමාගෙන් පියාට වටිනාකමක් ලබාදීමට ඔහු වග බලා ගත්තේය. ආදීල් හොඳ පාඨකයෙක් විය. අප ලියන කියන දෑ පිළිබඳව ඔහු නිරතුරුවම අවදියෙන් සිටියේය. ඒ ගැන හොඳ නරක කීවේය. ජාතිවාදියකු නොවීම ඔහුගේ විශේෂත්වය විය. සිංහල ජාතිවාදය පමණක් නොව දෙමළ මුස්ලිම් ජාතිවාදය ද ඔහු ප්‍රතික්ෂේප කළේය. ආර්ථික සෞභාග්‍ය අත්පත් කරගනිමින් ආසියාවේ නව්‍යකාරක රාජ්‍යයක් බවට පත්වීමට අවශ්‍යනම් රට තුළ පුළුල් ජාතික සමඟියක්, ජාතීන් අතර සහෝදරත්වයක් නිර්මාණය විය යුතු බව ඔහුගේ දර්ශනය විය. ජාතික සමඟිය සඳහා වූ බාකීර් මාකාර් මධ්‍යස්ථානය බිහි කරමින් ඉම්තියාස්ලා ඒ වෙනුවෙන් වෙහෙසෙද්දී එහි කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය පර්යේෂණ පත්‍රිකා සකස් කරමින් වැඩමුළු සංවිධානය කිරීමේදී හවුල් වෙමින් ආදීල් මුළු ඇඟෙන්ම වැඩ කළ බව මේ ලියුම්කරු හොඳින්ම දනී.

මිය යද්දී ආදීල්ගේ වයස අවුරුදු විසිගණනකි. ඒ අර්ථයෙන් බලන විට ආදීල්ට භුක්ති විඳීමට හැකි වූයේ මනුෂ්‍යයකුගේ පරම ආයුෂවලින් කෙටි කාලයකි. නමුත් එම කාලය තුළ වසර හැත්තෑපහක් අසූවක් ජීවත් වන කෙනකුට වඩා වැඩි වැඩ කොටසක් රට වෙනුවෙන් සමාජය වෙනුවෙන් ඔහු සිදු කර තිබේ. ජාතික තරුණ සේවා සභාවේ ජාත්‍යන්තර අංශය භාර ප්‍රධානියා ලෙස ඔහු පසුගිය කාලයේ සුවිශේෂ වැඩ කොටසක් රටේ තරුණ ප්‍රජාවගේ අනාගතය දීප්තිමත් කිරිම වෙනුවෙන් සිදු කරන ලදී. ජාත්‍යන්තර සමුළු කිහිපයකදීම ශ්‍රී ලංකාව නියෝජනය කළ ඔහු එම සෑම එකකදීම රටේ හොඳ නම බැබළවීමට සමත් විය. ඉම්තියාස්ගේ චතුර කථිකත්වය ආදීල්ට සහජයෙන්ම උරුමව පැවතුණි. සමූහ සන්නිවේදනය සඳහා එය හොඳ මෙවලමක්ම විය. ආදීල්ගේ හදිසි ආභාවයත් සමඟ යහපත් ආදරණීය මනුෂ්‍යයකු පමණක් නොව චතුර කථිකයකු ද රටට අහිමි විය.

දිනක් ආදීල් සමඟ කථා කරමින් සිටියදී මේ රට වෙනුවෙන් සේවයක් කිරීමට ඉහළ හැකියාවක් තිබූ නමුත් අවස්ථාවක් නොලද නායකයන් පිළිබඳ අපි කතාබහක නිරත වූයෙමු. එන්.එම්., ලලිත්, ගාමිණි, කදිර්ගාමර් වැනි නායකයන් රැසක් පිළිබඳව එහිදී කථා කරද්දී ආදීල් කරූ ජයසූරියගේ නම ද සිහි කළේය. බරපතළ දේශපාලන අත්වැරැදීමක් සිදුකරමින් රාජපක්ෂ පාලනයට සහාය නොදැක්වූයේ නම් කරුට රට වෙනස් කිරීමේ හොඳ ධාරිතාවක් තිබු බව ඔහුගේ අදහස විය. සමකාලීන දේශපාලන නායකයන් අතර ජයසූරිය මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි විශ්වාසයක් ආදීල්ට තිබුණ ද ඔහු ඔවුනගේ දුර්වලතාවන් ද විවේචනය කිරීමට පසුබට නොවීය. ඒ අර්ථයෙන් ඔහු අපක්ෂපාතී විචාරකයෙක්ම විය. හැකියාවක් තිබුණු නමුත් මේ රටේ ඉරණම වෙනස් කිරීමට අවස්ථාවක් නොලැබුණු නායකයන් පිළිබඳව කථා කළ ආදීල් අද අප අතර නොමැති වුවත් තවත් කාලයක් ජීවත් වූවානම් මේ රටේ ඉදිරි ගමන බැබළවීමට තරම් ධාරිතාවකින් ඔහු පොහොසත්ව හිටි බව පැවසීමට මා නොපැකිළෙන්නෙමි. ආදීල්ගේ අභාවයත් සමඟින් ගුණ දහමින් පිරි හොඳ දරුවකු බාකීර් මාකර් පවුලට අහිමි වූවාට අමතරව රටක් වටිනා පුතෙක් ද ශ්‍රී ලංකා මාතාවට අහිමි විය. එහෙත් ජීවිතය යනු මෙයයි. ජීවිතය හා මරණය අතර වෙනසේ පරතරය අසුරු සැණකි. අවසානයේ ආදීල්ට ද එම පොදු ධර්මතාවට අනුගත වීමට සිදු විය. ඔහු වැනි හොඳ මිතුරකු අහිමි වීම, පෘථග්ජනයන් වන අපට පෞද්ගලිකවම දරා ගැනීමට අසීරු වුවද අවසාන වශයෙන් මෙසේ පවසන්නෙමු. ආදීල් ඔබට සුබ ගමන්!

චාමර ලක්ෂාන් කුමාර –

[QUOTE="SLTJ, post: 20801646, member: 512916"] [SIZE="4"]දේශපාලනඥයන්ගේ දරුවන්ට හොඳ “පාඩම් පොතක්” වූ ආදීල්[/SIZE] [IMG]https://www.colombotelegraph.com/wp-content/uploads/2016/10/Adhil-Bakeer-Markar.jpg[/IMG] [SIZE="3"] දෛනික වැඩ කටයුතු අවසන් කර නින්දට යෑමට සැරසුණු මොහොතේ, බදාදා රාත්‍රී 10.40ට පමණ අප හිතමිත්‍ර ක්‍රිෂාන්ත කුරේ මහතාගෙන් ඇමතුමක් ලැබිණි. සාමාන්‍යයෙන් ක්‍රිෂාන්ත රෑ දෙගොඩහරිජාමේ කථා නොකරන්නෙකු බැවින්, ඇමතුම විශේෂ හා හදිසි එකක් බව කල්තියා තේරුම් ගත්තෙමි. අපේක්ෂා කළ ආකාරයටම එය හදිසි එකක් විය. “නරක ආරංචියක් ගැන කියන්නයි කථා කළේ ආදීල් නැතිවෙලාය කියලා ආරංචියක් ලැබුණා. පොඩ්ඩක් හොයලා බලන්න” දුරකථනයේ එහා කෙළවරින් ලැබුණු ඒ පණිවිඩය අදහාගත හැකි එකක් නොවූයේ හිරිමල් වියේ පසුවූ ජවසම්පන්න ආදීල්ට කිසිදු ඉහෙන් බහින රෝගයක් නොතිබුණු බැවිනි. ආදීල්ලා රැසක් නොසිටි, අපේ මිතුරු සමාගම තුළ සිටි එකම ආදීල් වූයේ, ආදීල් බාකීර් මාකාර්ය. හිටපු අමාත්‍ය, ඉම්තියාස්ගේ පුත්‍රයා වූ ඔහු හා අප අතර ඇති මිත්‍රත්වයේ ඉතිහාසය වසර දහයකට වඩා වැඩිය. ක්‍රිෂාන්තට එම ආරංචිය ලැබී තිබුණේ රේගු ප්‍රධානී, චූලානන්ද පෙරේරාගෙනි. ඇමෙරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලබමින් සිටින තම දියණිය චාපා හරහා “චූලා”ට මේ නරක ආරංචිය පිළිබඳ විස්තර ලැබී තිබිණි. 2013 වසරේ 68 වන එක්සත් ජාතීන්ගේ සමුළුවට සමගාමීව පැවැති ජගත් තරුණ සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූයේ චාපා පෙරේරා හා ආදීල්ය. ඒ නිසාම ඔවුන් අතර සෑහෙන මිත්‍රත්වයක් විය. තම ශාස්ත්‍රපති උපාධිය හැදෑරීම සඳහා ආදීල් එංගලන්තය බලා ගියේ සැප්තැම්බර් මාසයේය. අනාගත ලෝක නායකයන් බිහි කිරීමේ අරමුණින්, බ්‍රිතාන්‍ය රජය විසින් ප්රදානය කරනු ලබන කීර්තිමත් චෙවිනින්ග් ශිෂ්‍යත්වය දිනාගනිමින්, වැඩිදුර අධ්‍යාපනය සඳහා ආදීල් එංගලන්තයට ගොස් ගතව තිබුණේ සති කිහිපයකි. ක්‍රිෂාන්තගෙන් ලැබුණු පණිවිඩයේ ඇත්ත නැත්ත තහවුරු කරගැන්මට ඉම්තියාස් බාකිර් මාකාර් හිටපු ඇමැතිවරයාගේ ජංගම දුරකථනයට ඇමතුමක් දුන් මුත් ඉන් පිළිතුරක් ලැබුණේ නැත. අනතුරුව ආදීල්ගේ සොයුරු අසාම්ගේ දුරකථනයේ අංක එබු මුත්, නාද වූවා මිසක ඉන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබිණි. සාධාරණ හේතුවක් නොමැතිව කිසි දිනෙක ඔවුන් එසේ නොකරන පසුබිමක ක්‍රිෂාන්තගේ පණිවිඩය පිළිබඳව මට මහා බියක් දැනෙන්නට විය. “දෙයියනේ ඒක ඇත්තක්ද” එසේ වැඩි වේලාවක් සිතන්නට ලැබුණේ නැත. ක්‍රිෂාන්තගෙන් යළි ඇමතුමක් ලැබෙන බව දුරකථන තිරයේ සටහන් විය. “කථාව ඇත්ත” බිඳුණු ස්වරයෙන් යුතුව ඔහු පවසන්නට විය. එංගලන්තයේ සිටින තම ඥාති දියණියක වන ඩෙවොෂි හරහා ක්‍රිෂාන්ත ආරංචිය තහවුරු කරගෙන තිබිණි. ක්‍රිෂාන්ත සමඟ තවත් කථා කළ හැකි මට්ටමක මා නොවීය. එම නරක ආරංචිය මා ගොළු කළේය. දුරකථනය පසෙකින් තබා පුටුවකට බර වූ මට ආදීල්ගේ ප්රතාපවත් රූපය මැවී පෙනෙන්නට විය. අනාගතයේ දී රටේ නායකයකු වීමට තරම් ඉහළ විභවතාවක් තිබූ මේ ප්‍රියජනක තරුණයා පිළිබඳ වූ අතීත ස්මරණයන් එකින් එක මගේ මනසේ දිගහැරෙන්නට විය. එය “ප්‍රියයන්ගෙන් වෙන්වීමේ” දුක, තදින් දැනුණ අවස්ථාවක් විය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදීල් අපූරු තරුණයකු විය. ඔහු සමඟ කථා කිරීම යනු නිතරම දැනුමට අලුත් යමක් එකතු කරගැනීමක්ම විය. කලාව, සාහිත්‍ය, ඉතිහාසය, ක්‍රීඩාව, දේශපාලනය ආදි ඕනෑම මාතෘකාවක් පිළිබඳ ඉහළ දැනුමක් ආදීල්ට තිබූ අතර ඒවා යාවත්කාලීන කරගැනීමට ඔහු නිතරම වග බලා ගත්තේය. සමකාලීන බොහෝ දේශපාලනඥයන්ගේ දරුවන්, සමාජ ශාලාවලට යෑමට පොර කන සංස්කෘතියක් තුළ ඉම්තියාස්ගේ දරුවන් ඊට ව්‍යතිරේකයක් විය. සමාජ ශාලාවලට යෑම වෙනුවට එම පවුලේ දරුවන් නිතරම උත්සාහ කළේ තම පරපුරේ පූර්වගාමීන් මෙන් හොඳ අධ්‍යාපනයක් ලබා සමාජය බැබළවීමටය. සමාජ ශාලාවල වෙනුවට ඔවුන් සිටියේ දේශනාගාරවලය. නැත්නම් පුස්තකාලවලය. උකහා ගත් දැනුමෙන් සමාජයට සේවය කිරීම ඔවුන්ගේ අරමුණ විය. ආදීල් සමඟ ඇති අපගේ ඇසුර වැඩි වූයේ මා රූපවාහිනියේ උදෑසන පත්තර කියවීමේ වැඩසටහනක ආරාධිත විශ්ලේෂකයකු ලෙස සම්බන්ධ වූ කාලයේදීය. උදෑසන 6.30 ට පමණ වෙද්දී එම වැඩ සටහන අවසන් වූ පසු එවකට මා සේවය කරමින් සිටි පත්තර කන්තෝරුවට යෑමට පෙර ආදීල්ලාගේ බුලර්ස් පටුමගේ නිෙවසට ගොඩවැදීම අනිවාර්ය සිරිතක් වී තිබිණි. සතියට දින තුන හතරක් මා පාතරාසය ගන්නේ ආදීල්ලාගේ නිවෙසිනි. ආදීල්ගේ පියා වූ හිටපු ඇමැති ඉම්තියාස් මෙන්ම මව ෆරීඩා ද අප කෙරෙහි දැක්වූයේ ඉමහත් ළෙන්ගතුකමකි. “හීලට” ආරාධනා ලැබෙන තෙක් පැයක් පැය 1 1/2 විවිධ කරුණු ගැන අප සංවාදයේ යෙදුණෙමු. දේශපාලනය හා ජාත්‍යන්තර සම්බන්ධතා වැනි විෂයන් පිළිබඳව එහිදී සුලබව අප සාකච්ඡා කළෙමු. එම විෂයයන් පිළිබඳව ආදීල් සතු වූ දැනුම ඒ පිළිබඳ ප්රාමාණිකයන් පවා ඊර්ෂ්‍යා ගන්වනු නිසැකය. සහතිකවම ඔහු දැනුම් ගබඩාවක් විය. ආදීල්ගේ ඇසුර අපගේ ද ‘ඥාන කලාව’ ප්‍රසාරණය කිරීමට සමත් විය. සමාජයක් ලෙස ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ප්‍රශ්න පිළිබඳව ඔහු සතු කියවීම් මලකඩ බැඳුණු මොළවලට කදිම ප්‍රතිකාරයක් විය. ඒවා අතිශය ප්‍රායෝගික විය. බොහෝ තරුණයන් මෙන් ආවේගශීලීව ඔහු ප්‍රශ්න දෙස නොබැලුවේය. ගැඹුරින් යමක් දෙස බැලීමේ පුරුද්දක් ඔහුට විය. ශක්තිමත් පවුල් පසුබිම ආදීල් කරා එම ගුණාංග රැගෙන ආ බව මාගේ විශ්වාසයයි. ක්‍රීඩාව, සාහිත්‍ය පිළිබඳව ඔහුට තිබුණේ ඉහළ දැනුමකි. රගර් ක්‍රීඩාවෙන් ජාතික තලය නියෝජනය කළ ක්‍රීඩකයන් ගණනාවක් ඔහුගේ මිතුරන් විය. ඉම්තියාස් බාකීර් මාකර් පවුලේ දරුවන් අතරේ සාමාන්‍ය ජනතාව අතර වඩා ජනප්‍රිය වූයේ ආදීල්ය. උස් පහත් භේදයකින් තොරව සෙසු දරුවන් ද මිනිසුන් අතර ගැවසුණු මුත් එහිදී ආදීල් ඉහළින්ම කැපී පෙනුණි. අයියා, අක්කා, මල්ලි, නංගි ලෙස අපේ සාමාන්‍ය භාෂාවෙන් සන්නිවේදනයේ නිරත වීමේ පුරුද්දක් ඔහුට තිබිණි. ඒ තුළ වූයේ දැඩි අව්‍යාජ බවකි. ආදීල් එසේ කතා කරනුයේ “බොක්කෙන්ම” බවට අදහසක් සියලු දෙනා තුළ විය. ක්‍රියාකාරිව දේශපාලනයේ නිරත නොවුණද දැඩි අවාසිදායක කොන්දේසි මධ්‍යයේත් එජාපය අත් නොහැර එය ශක්තිමත් කිරීමට ඉම්තියාස් බාකිර් මාකර් මහතා දිගින් දිගටම කටයුතු කළේය. එජාපය වෙනුවෙන් පෙනී සිටීම, පරම්පරාගත උරුමයක් බවට හෙතෙම විශ්වාස කළේය. පසුගිය කාලයේ එජාපය මැතිවරණවලට ඉදිරිපත් වූ හැම අවස්ථාවකදීම පාහේ පක්ෂය වෙනුවෙන් ඉම්තියාස් කැපවී වැඩ කළේය. අතින් පෙට්‍රල් ගසාගෙන එජාපය දිනවීමට ඉම්තියාස් වැඩ කරද්දී ඔහුට විශාල ශක්තියක් සැපයූවේ ආදීල්ය. තම විභාග වැඩ පවා අතපසු කර ගනිමින් ආදීල් පියා තනි නොකර ඔහු සමඟ රට වටේ ගියේය. ඒ බොහෝ ගමන්වලදී රිය පැදවූයේ ආදීල්ය. ඔහු පියා පසුපස සෙවණැල්ලක් මෙන් නිතරම රැඳී සිටියේය. ඒ නිසාම බාකීර් මාකර් පවුලේ මීළඟ දේශපාලන නියෝජනය ආදීල් වනු ඇතැයි බොහෝ දෙනා අනුමාන කරන්නට විය. පියා පිළිබඳව අසීමිතව ගෞරවයක් තිබුණ ද තාත්තගේ පහනින් බැබළීමට ආදීල් කිසි විටෙක කටයුතු නොකළේය. ඒ වෙනුවට තමාගෙන් පියාට වටිනාකමක් ලබාදීමට ඔහු වග බලා ගත්තේය. ආදීල් හොඳ පාඨකයෙක් විය. අප ලියන කියන දෑ පිළිබඳව ඔහු නිරතුරුවම අවදියෙන් සිටියේය. ඒ ගැන හොඳ නරක කීවේය. ජාතිවාදියකු නොවීම ඔහුගේ විශේෂත්වය විය. සිංහල ජාතිවාදය පමණක් නොව දෙමළ මුස්ලිම් ජාතිවාදය ද ඔහු ප්‍රතික්ෂේප කළේය. ආර්ථික සෞභාග්‍ය අත්පත් කරගනිමින් ආසියාවේ නව්‍යකාරක රාජ්‍යයක් බවට පත්වීමට අවශ්‍යනම් රට තුළ පුළුල් ජාතික සමඟියක්, ජාතීන් අතර සහෝදරත්වයක් නිර්මාණය විය යුතු බව ඔහුගේ දර්ශනය විය. ජාතික සමඟිය සඳහා වූ බාකීර් මාකාර් මධ්‍යස්ථානය බිහි කරමින් ඉම්තියාස්ලා ඒ වෙනුවෙන් වෙහෙසෙද්දී එහි කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය පර්යේෂණ පත්‍රිකා සකස් කරමින් වැඩමුළු සංවිධානය කිරීමේදී හවුල් වෙමින් ආදීල් මුළු ඇඟෙන්ම වැඩ කළ බව මේ ලියුම්කරු හොඳින්ම දනී. මිය යද්දී ආදීල්ගේ වයස අවුරුදු විසිගණනකි. ඒ අර්ථයෙන් බලන විට ආදීල්ට භුක්ති විඳීමට හැකි වූයේ මනුෂ්‍යයකුගේ පරම ආයුෂවලින් කෙටි කාලයකි. නමුත් එම කාලය තුළ වසර හැත්තෑපහක් අසූවක් ජීවත් වන කෙනකුට වඩා වැඩි වැඩ කොටසක් රට වෙනුවෙන් සමාජය වෙනුවෙන් ඔහු සිදු කර තිබේ. ජාතික තරුණ සේවා සභාවේ ජාත්‍යන්තර අංශය භාර ප්‍රධානියා ලෙස ඔහු පසුගිය කාලයේ සුවිශේෂ වැඩ කොටසක් රටේ තරුණ ප්‍රජාවගේ අනාගතය දීප්තිමත් කිරිම වෙනුවෙන් සිදු කරන ලදී. ජාත්‍යන්තර සමුළු කිහිපයකදීම ශ්‍රී ලංකාව නියෝජනය කළ ඔහු එම සෑම එකකදීම රටේ හොඳ නම බැබළවීමට සමත් විය. ඉම්තියාස්ගේ චතුර කථිකත්වය ආදීල්ට සහජයෙන්ම උරුමව පැවතුණි. සමූහ සන්නිවේදනය සඳහා එය හොඳ මෙවලමක්ම විය. ආදීල්ගේ හදිසි ආභාවයත් සමඟ යහපත් ආදරණීය මනුෂ්‍යයකු පමණක් නොව චතුර කථිකයකු ද රටට අහිමි විය. දිනක් ආදීල් සමඟ කථා කරමින් සිටියදී මේ රට වෙනුවෙන් සේවයක් කිරීමට ඉහළ හැකියාවක් තිබූ නමුත් අවස්ථාවක් නොලද නායකයන් පිළිබඳ අපි කතාබහක නිරත වූයෙමු. එන්.එම්., ලලිත්, ගාමිණි, කදිර්ගාමර් වැනි නායකයන් රැසක් පිළිබඳව එහිදී කථා කරද්දී ආදීල් කරූ ජයසූරියගේ නම ද සිහි කළේය. බරපතළ දේශපාලන අත්වැරැදීමක් සිදුකරමින් රාජපක්ෂ පාලනයට සහාය නොදැක්වූයේ නම් කරුට රට වෙනස් කිරීමේ හොඳ ධාරිතාවක් තිබු බව ඔහුගේ අදහස විය. සමකාලීන දේශපාලන නායකයන් අතර ජයසූරිය මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි විශ්වාසයක් ආදීල්ට තිබුණ ද ඔහු ඔවුනගේ දුර්වලතාවන් ද විවේචනය කිරීමට පසුබට නොවීය. ඒ අර්ථයෙන් ඔහු අපක්ෂපාතී විචාරකයෙක්ම විය. හැකියාවක් තිබුණු නමුත් මේ රටේ ඉරණම වෙනස් කිරීමට අවස්ථාවක් නොලැබුණු නායකයන් පිළිබඳව කථා කළ ආදීල් අද අප අතර නොමැති වුවත් තවත් කාලයක් ජීවත් වූවානම් මේ රටේ ඉදිරි ගමන බැබළවීමට තරම් ධාරිතාවකින් ඔහු පොහොසත්ව හිටි බව පැවසීමට මා නොපැකිළෙන්නෙමි. ආදීල්ගේ අභාවයත් සමඟින් ගුණ දහමින් පිරි හොඳ දරුවකු බාකීර් මාකර් පවුලට අහිමි වූවාට අමතරව රටක් වටිනා පුතෙක් ද ශ්‍රී ලංකා මාතාවට අහිමි විය. එහෙත් ජීවිතය යනු මෙයයි. ජීවිතය හා මරණය අතර වෙනසේ පරතරය අසුරු සැණකි. අවසානයේ ආදීල්ට ද එම පොදු ධර්මතාවට අනුගත වීමට සිදු විය. ඔහු වැනි හොඳ මිතුරකු අහිමි වීම, පෘථග්ජනයන් වන අපට පෞද්ගලිකවම දරා ගැනීමට අසීරු වුවද අවසාන වශයෙන් මෙසේ පවසන්නෙමු. ආදීල් ඔබට සුබ ගමන්![/SIZE] චාමර ලක්ෂාන් කුමාර – [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom