Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Aniwa Kiyawanna Watinawa උත්සාහයෙන් නැගීසිටිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Aniwa Kiyawanna Watinawa උත්සාහයෙන් නැගීසිටිමු

තමාටත් අනුන්ටත් අහිතකර අකුසල් මල දුරැර තමාට මෙන්ම අනුන්ටත් හිතකර කුසල්මල් තුන්දොර රඳවාගෙන සුචරිතවත්වන්න. අධිෂ්ඨානශීලිව නැගිටින්න. එවිට නිරහංකාර නිකැළැල්, නිදහස්, නිවහල්, නිකසළ, නිමල ඔබේ ජීවිතයේ යසෝරාවය දොළොස් මහේ පහන සේ නොනිමි සදහටම දැල්වී තිබේවි.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

උට්ඨානවතෝ සතිමතෝ

සුචිකම්මස්ස නිසම්මකාරිනෝ

සඤ්ඤතස්ස ච ධම්ම ජීවිනෝ

අප්පමත්තස්ස යසෝහිවඩ්ඩති

ධම්මපදයේ අප්පමාද වග්ගයේ හතරවන ගාථාවයි අද ධර්ම දේශනාවේ මාතෘකාව වශයෙන් තෝරාගත්තේ.

ව්යග්ඝපජ්ජ සූත්‍රයට අනුව මෙලොව දියුණුවට පාදක වන ප්‍රධානම කරුණ උට්ඨාන සම්පදාවයි. තමන් තුළ තිබෙන ක්‍රියා කෞශල්‍ය ක්‍රියාත්මක වන්නේ උත්සාහය තුළින්. හොඳ අධිෂ්ඨාන ශක්තියක් තිබෙනවානම් ඕනෑම කෙනෙකුට සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන්. මෙයට කදිම උදාහරණය චුල්ලපන්ථක හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ උපදෙස් මත රහත් බව ලබා ගැනීම. ‘උට්ඨානවතෝ භික්ඛවේ කිං නාම න සිජ්ක්ධති’ උට්ඨාන වීර්යයෙන් යුතු පුද්ගලයාට සිදු කළ නොහැකි දෙයක් නැති බව බුදුරජාණන් වහන්සේ වදාළහ. “ වීර්ය වඩන්න, අලස බව දුරු කරන්න, බුදු සසුනෙහි පිළිවෙත් පුරන්න. ඇතා බටලී ගෙය පොඩිකරන්නාක් මෙන් මාර සේනාව මඩින්න.

ඔබත් මේ කරුණු මතකයේ රඳවාගෙන අනලස්ව ක්‍රියා කරන්න. ‘සතිමතෝ’ නම් මනා සිහියෙන් යුක්ත වීමයි. යෑම, ඊම්, ඉදුම්, හිටුම් නින්දටයෑම, නිදි වැරීම්, කථා කිරීම්, කථා නොකිරීම්, ප්‍රඥාවෙන් දැන සිහියෙන් යුතුව කළයුතුªබව ‘ගතේ, ඨිතේ, නිසින්නේ, සුත්තේ, ජාගරිතේ, භාසිතේ, තණ්භීභාවේ, සම්පජානනකාරි හෝති’ සතිපට්ඨාන සුත්‍රයේ දැක්වෙනවා.

සතිය හෙවත් සිහිය කොටස් දෙකකින් යුක්තයි. අපිලාපන ලක්ඛන සතිය නම් සිතට වැඩුණු අරමුණු අමතක වන්නට ඉඩ නොදී සිහි කරවන ගතියයි. මේ සතර සතිපට්ඨාන, මේ චතුරාර්ය සත්‍යය, මේ සතර සම්‍යක් ප්‍රධාන, මේ සතර ඉර්ධිපාද, මේ පඤ්ච බල, මේ පඤ්ච ඉන්ද්රිය, මේ සත්ත බොජ්ක්ධංග, මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය, මේ සමථ භාවනා, මේ විපස්සනා භාවනා වශයෙන් සිතට ගත් ධර්ම අමතක වන්නට ඉඩ නොදී සිතේ රඳවා ගන්නේ මේ අපිලාපණ ලක්ඛණ සතියේ ශක්තියෙන්. සිඟාලෝවාද, මංගල, කරණීයමෙත්ත වැනි සූත්‍රවල සඳහන් සුචරිතවාදී ධර්ම ළංකරගෙන දුශ්චරිතවාදී අහිතකර ධර්ම ඉවත් කිරීමයි උපගණ්හන ලක්ෂණ සතිය කියන්නේ. ‘මහණෙනි, සිහිය සියලු අර්ථ සිද්ධියම සිදුකරන බව මම වදාරමියි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ නිසයි.

අධ්‍යාපනික, ආර්ථික, දේශපාලනික, සාමාජික, ආගමික, පවුල් කියන සෑම සංස්ථාවකම කටයුතු වඩාත් කාර්යක්ෂවම සාර්ථකව ගෙන යෑමට නම් සතිය නැතුවම බැහැ. එවිටයි විපුලඵළ නෙළාගත හැක්කේ. සිහියෙන් තොර පුද්ගලයාගේ ක්‍රියාදාමයන් තමන්ට මෙන්ම අනුන්ටත් අහිත කරයි. සිහිය තමයි ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස යන ඉන්ද්‍රියන් හයම රකින්නේ. ඒ නිසා සිහිය හරියට දොරටු පාලකයෙක් වගේ. තිදොරින් හොඳ ක්‍රියාවල නිරතවීම ‘සුචි කම්මස්ස’ සතුන් මැරීමෙන්, සොරකමෙන්, කාමයේ වරදවා හැසිරීමෙන් වැළකී කටයුතු කිරීම පිරිසුදු කාය කර්මයි.

බොරු කීමෙන්, කේලාම් කීමෙන් , නපුරු වචන කීමෙන්, හිස්වචන කීමෙන් වැළකිම පිරිසුදු වාචසික කර්මයයි. දැඩි ආශාවෙන් (අභිධ්‍යා) අනුන්ට හානි පමුණුවන දුෂ්ට චේතනාවෙන්, (ව්‍යාපාද) වැරදි දැකීමෙන් (මිච්ඡා දිට්ඨි) වැළකීම පිරිසුදු මානසික කර්මයයි. සමගිය, සමාදානය, ශ්‍රමදායකත්වය, අන්‍යොන්‍ය විශ්වාසය, පි‍්‍රයමනාප බව ඇතිවන්නේ තිදොරින් නිවැරදිව, පිරිසුදුව කටයුතු කරන විටයි. සියලුම දේ නුවණින් විමසා බලා කටයුතු කිරීමටයි ‘නිසම්මකාරිනෝ’ කියන්නේ යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරනවා කියන්නෙත් මේකටමයි. තමන්ටත්, අනුන්ටත්, අවැඩක්, නපුරක් නොහොඳක් සිදුවෙනවානම් ඒ දේ නොකරන්න. ඒවා අකුසල්. තමන්ටත් අනුන්ටත් හිතකර නම් ඒ දේ කරන්න. ඒවා කුසල් බවයි අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයේ දැක්වෙන්නේ. එසේ ක්‍රියා නොකළහොත් ‘යස්ස අස්සමුඛොරෝදං විපාක පටිසේවති’ කඳුළු තැවරුණ මුහුණෙන් යුතුව එහි ඵල විපාක විඳින්නට සිදුවේවි. ‘සඤ්ඤ තස්ස’ නම් මනාව හික්මුණු බවයි.

කොයිතරම් වීර්යවන්තයෙක් වුණත් සිහි ඇත්තෙක් වුනත්, හොඳ වැඩ කරන්නෙක් වුනත්, පරීක්ෂාවෙන් කටයුතු කළත් සංවරගති නැත්නම් ඒ පුද්ගලයා ගැන කවුරුවත් පහදින්නේ නැහැ. සංවරනම් බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි සාදු සමාජයක් මිහිපිට බිහිවේවි. ‘විනයො නාම සාසනස්ස ආයු’ ශාසනයේ ආයුෂය විනය යැයි බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ නිසයි. ඒ වගේම ‘විද්‍යා දාදති විනයං’ හික්මුණු ගතිය නැතිනම් ඉගෙනීමෙන් ඵල ප්‍රයෝජනයක්ද නැහැ. මනා සංවරය තුළින් පුද්ගල සංවර්ධනය,, ආධ්‍යාත්මික සංවර්ධනය, සමාජ සංවර්ධනය කියන මූලික අපේක්ෂාවන් තුනක් සංවර්ධනය කර ගන්න පුළුවන්. සංවර තැනැත්තා අප්‍රමාදවීමේ හේතුවෙන් ධනය වැඩිකර ගන්නවා.

ඔහුගේ හොඳ නම සමාජයේ පැතිර යනවා. බියක් සැකක් නැතිව සමාජයේ හැසිරෙන ඔහු සිහි නුවණින් යුතුව කළුරිය කරලා හොඳ තැනක උපදිනවා. වැඩදායි නොවන කායික, වාචසික ක්‍රියාවන්ගෙන් වැළකී (විරමණය) වැඩදායි ක්‍රියාවන්හි යෙදීම (සමාදානය) ඔබට මෙන්ම අනුන්ට හිතකර බව සිතා ඔබේ අයිතිවාසිකම් සුරකමින් සමාජ ස්ථාවරත්වය සමෘද්ධිය සැලසීමට ඔබ වඩාත් සංවරශීලිවන්න. අනුන්ටත්, තමන්ටත්, මුළු පරිසරයටත් හානි නොවන ලෙස දැහැමි දිවි පෙවෙතක් ගත කිරීමටයි ‘ධම්ම ජීවිනෝ’ කියන්නේ. කාම වස්තුවල නොඇලී, උදාසීන නොවී, දෙවි මිනිස්, නිවන් යන තිවර්ග සම්පත් ලබා ගැනීමට උපකාරවන වැඩෙහි නිරතවීමයි. ‘අප්පමත්තස්ස’ අප්‍රමාදය කියන්නේ මව්පියන්ට සලකමින්, කුල දෙටුවන් පුදමින්, මිහිරි බස් කියමින්, කේලම් නොකියමින්, සත්‍යයම කතාකරමින් , මසුරුකම් දුරලමින්, ඉවසීමෙන්, අප්‍රමාදව කටයුතු කිරීමෙන් කියන මේ සත්ත්වත සමාජශීලි ව සම්පූර්ණ කළ නිසයි.

තමාටත් අනුන්ටත් අහිතකර අකුසල් මල දුරැර තමාට මෙන්ම අනුන්ටත් හිතකර කුසල්මල් තුන්දොර රඳවාගෙන සුචරිතවත්වන්න. අධිෂ්ඨානශීලිව නැගිටින්න. එවිට නිරහංකාර නිකැළැල්, නිදහස්, නිවහල්, නිකසළ, නිමල ඔබේ ජීවිතයේ යසෝරාවය දොළොස් මහේ පහන සේ නොනිමි සදහටම දැල්වී තිබේවි.

ඔබේ දහම් ආලෝකය කාටත් අඳුර දුරලනා පහන් සිලක් වේවි. මුල මැද අග හැමතින්ම සුවඳ කඩා හැලෙන සඳුන් ගසක් මෙන් ඔබේ ගුණ නැණ සුවඳ දසත පැතිරේවි. ඔබේ කිතුගොස දුකැති දනහට වාසනා සම්පත සුවසෙත සලසාවි. අපි පරිසරයට, පරිසරය අපට යන සංකල්පනාවෙන් කටයුතු කර දෙලොව යහපත සලසා ගන්න.

මාවනැල්ල වැලිගල්ල උග්ගලේ ශ්‍රී ශෛලතලාරාමාධිකාරි කෑ/මාව/ උඩත්තව විද්‍යාදීප මහා විද්‍යාලයේ ආචාර්ය, ශාස්ත්‍රපති වදමල්දෙණියේ සෝමාලෝක හිමි

[QUOTE="opanayake, post: 10575853, member: 362357"] [b]Aniwa Kiyawanna Watinawa උත්සාහයෙන් නැගීසිටිමු[/b] [CENTER][SIZE=4][COLOR=Purple][B]තමාටත් අනුන්ටත් අහිතකර අකුසල් මල දුරැර තමාට මෙන්ම අනුන්ටත් හිතකර කුසල්මල් තුන්දොර රඳවාගෙන සුචරිතවත්වන්න. අධිෂ්ඨානශීලිව නැගිටින්න. එවිට නිරහංකාර නිකැළැල්, නිදහස්, නිවහල්, නිකසළ, නිමල ඔබේ ජීවිතයේ යසෝරාවය දොළොස් මහේ පහන සේ නොනිමි සදහටම දැල්වී තිබේවි.[/B][/COLOR][/SIZE] [SIZE=4][B]නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස[/B][/SIZE] [SIZE=4][B]උට්ඨානවතෝ සතිමතෝ[/B][/SIZE] [SIZE=4][B]සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සඤ්ඤතස්ස ච ධම්ම ජීවිනෝ අප්පමත්තස්ස යසෝහිවඩ්ඩති[/B][/SIZE] [SIZE=4]ධම්මපදයේ අප්පමාද වග්ගයේ හතරවන ගාථාවයි අද ධර්ම දේශනාවේ මාතෘකාව වශයෙන් තෝරාගත්තේ.[/SIZE] [SIZE=4]ව්යග්ඝපජ්ජ සූත්‍රයට අනුව මෙලොව දියුණුවට පාදක වන ප්‍රධානම කරුණ උට්ඨාන සම්පදාවයි. තමන් තුළ තිබෙන ක්‍රියා කෞශල්‍ය ක්‍රියාත්මක වන්නේ උත්සාහය තුළින්. හොඳ අධිෂ්ඨාන ශක්තියක් තිබෙනවානම් ඕනෑම කෙනෙකුට සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන්. මෙයට කදිම උදාහරණය චුල්ලපන්ථක හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ උපදෙස් මත රහත් බව ලබා ගැනීම. ‘උට්ඨානවතෝ භික්ඛවේ කිං නාම න සිජ්ක්ධති’ උට්ඨාන වීර්යයෙන් යුතු පුද්ගලයාට සිදු කළ නොහැකි දෙයක් නැති බව බුදුරජාණන් වහන්සේ වදාළහ. “ වීර්ය වඩන්න, අලස බව දුරු කරන්න, බුදු සසුනෙහි පිළිවෙත් පුරන්න. ඇතා බටලී ගෙය පොඩිකරන්නාක් මෙන් මාර සේනාව මඩින්න.[/SIZE] [SIZE=4]ඔබත් මේ කරුණු මතකයේ රඳවාගෙන අනලස්ව ක්‍රියා කරන්න. ‘සතිමතෝ’ නම් මනා සිහියෙන් යුක්ත වීමයි. යෑම, ඊම්, ඉදුම්, හිටුම් නින්දටයෑම, නිදි වැරීම්, කථා කිරීම්, කථා නොකිරීම්, ප්‍රඥාවෙන් දැන සිහියෙන් යුතුව කළයුතුªබව ‘ගතේ, ඨිතේ, නිසින්නේ, සුත්තේ, ජාගරිතේ, භාසිතේ, තණ්භීභාවේ, සම්පජානනකාරි හෝති’ සතිපට්ඨාන සුත්‍රයේ දැක්වෙනවා.[/SIZE] [SIZE=4]සතිය හෙවත් සිහිය කොටස් දෙකකින් යුක්තයි. අපිලාපන ලක්ඛන සතිය නම් සිතට වැඩුණු අරමුණු අමතක වන්නට ඉඩ නොදී සිහි කරවන ගතියයි. මේ සතර සතිපට්ඨාන, මේ චතුරාර්ය සත්‍යය, මේ සතර සම්‍යක් ප්‍රධාන, මේ සතර ඉර්ධිපාද, මේ පඤ්ච බල, මේ පඤ්ච ඉන්ද්රිය, මේ සත්ත බොජ්ක්ධංග, මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය, මේ සමථ භාවනා, මේ විපස්සනා භාවනා වශයෙන් සිතට ගත් ධර්ම අමතක වන්නට ඉඩ නොදී සිතේ රඳවා ගන්නේ මේ අපිලාපණ ලක්ඛණ සතියේ ශක්තියෙන්. සිඟාලෝවාද, මංගල, කරණීයමෙත්ත වැනි සූත්‍රවල සඳහන් සුචරිතවාදී ධර්ම ළංකරගෙන දුශ්චරිතවාදී අහිතකර ධර්ම ඉවත් කිරීමයි උපගණ්හන ලක්ෂණ සතිය කියන්නේ. ‘මහණෙනි, සිහිය සියලු අර්ථ සිද්ධියම සිදුකරන බව මම වදාරමියි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ නිසයි.[/SIZE] [SIZE=4]අධ්‍යාපනික, ආර්ථික, දේශපාලනික, සාමාජික, ආගමික, පවුල් කියන සෑම සංස්ථාවකම කටයුතු වඩාත් කාර්යක්ෂවම සාර්ථකව ගෙන යෑමට නම් සතිය නැතුවම බැහැ. එවිටයි විපුලඵළ නෙළාගත හැක්කේ. සිහියෙන් තොර පුද්ගලයාගේ ක්‍රියාදාමයන් තමන්ට මෙන්ම අනුන්ටත් අහිත කරයි. සිහිය තමයි ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස යන ඉන්ද්‍රියන් හයම රකින්නේ. ඒ නිසා සිහිය හරියට දොරටු පාලකයෙක් වගේ. තිදොරින් හොඳ ක්‍රියාවල නිරතවීම ‘සුචි කම්මස්ස’ සතුන් මැරීමෙන්, සොරකමෙන්, කාමයේ වරදවා හැසිරීමෙන් වැළකී කටයුතු කිරීම පිරිසුදු කාය කර්මයි.[/SIZE] [SIZE=4]බොරු කීමෙන්, කේලාම් කීමෙන් , නපුරු වචන කීමෙන්, හිස්වචන කීමෙන් වැළකිම පිරිසුදු වාචසික කර්මයයි. දැඩි ආශාවෙන් (අභිධ්‍යා) අනුන්ට හානි පමුණුවන දුෂ්ට චේතනාවෙන්, (ව්‍යාපාද) වැරදි දැකීමෙන් (මිච්ඡා දිට්ඨි) වැළකීම පිරිසුදු මානසික කර්මයයි. සමගිය, සමාදානය, ශ්‍රමදායකත්වය, අන්‍යොන්‍ය විශ්වාසය, පි‍්‍රයමනාප බව ඇතිවන්නේ තිදොරින් නිවැරදිව, පිරිසුදුව කටයුතු කරන විටයි. සියලුම දේ නුවණින් විමසා බලා කටයුතු කිරීමටයි ‘නිසම්මකාරිනෝ’ කියන්නේ යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරනවා කියන්නෙත් මේකටමයි. තමන්ටත්, අනුන්ටත්, අවැඩක්, නපුරක් නොහොඳක් සිදුවෙනවානම් ඒ දේ නොකරන්න. ඒවා අකුසල්. තමන්ටත් අනුන්ටත් හිතකර නම් ඒ දේ කරන්න. ඒවා කුසල් බවයි අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයේ දැක්වෙන්නේ. එසේ ක්‍රියා නොකළහොත් ‘යස්ස අස්සමුඛොරෝදං විපාක පටිසේවති’ කඳුළු තැවරුණ මුහුණෙන් යුතුව එහි ඵල විපාක විඳින්නට සිදුවේවි. ‘සඤ්ඤ තස්ස’ නම් මනාව හික්මුණු බවයි.[/SIZE] [SIZE=4]කොයිතරම් වීර්යවන්තයෙක් වුණත් සිහි ඇත්තෙක් වුනත්, හොඳ වැඩ කරන්නෙක් වුනත්, පරීක්ෂාවෙන් කටයුතු කළත් සංවරගති නැත්නම් ඒ පුද්ගලයා ගැන කවුරුවත් පහදින්නේ නැහැ. සංවරනම් බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි සාදු සමාජයක් මිහිපිට බිහිවේවි. ‘විනයො නාම සාසනස්ස ආයු’ ශාසනයේ ආයුෂය විනය යැයි බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ නිසයි. ඒ වගේම ‘විද්‍යා දාදති විනයං’ හික්මුණු ගතිය නැතිනම් ඉගෙනීමෙන් ඵල ප්‍රයෝජනයක්ද නැහැ. මනා සංවරය තුළින් පුද්ගල සංවර්ධනය,, ආධ්‍යාත්මික සංවර්ධනය, සමාජ සංවර්ධනය කියන මූලික අපේක්ෂාවන් තුනක් සංවර්ධනය කර ගන්න පුළුවන්. සංවර තැනැත්තා අප්‍රමාදවීමේ හේතුවෙන් ධනය වැඩිකර ගන්නවා.[/SIZE] [SIZE=4]ඔහුගේ හොඳ නම සමාජයේ පැතිර යනවා. බියක් සැකක් නැතිව සමාජයේ හැසිරෙන ඔහු සිහි නුවණින් යුතුව කළුරිය කරලා හොඳ තැනක උපදිනවා. වැඩදායි නොවන කායික, වාචසික ක්‍රියාවන්ගෙන් වැළකී (විරමණය) වැඩදායි ක්‍රියාවන්හි යෙදීම (සමාදානය) ඔබට මෙන්ම අනුන්ට හිතකර බව සිතා ඔබේ අයිතිවාසිකම් සුරකමින් සමාජ ස්ථාවරත්වය සමෘද්ධිය සැලසීමට ඔබ වඩාත් සංවරශීලිවන්න. අනුන්ටත්, තමන්ටත්, මුළු පරිසරයටත් හානි නොවන ලෙස දැහැමි දිවි පෙවෙතක් ගත කිරීමටයි ‘ධම්ම ජීවිනෝ’ කියන්නේ. කාම වස්තුවල නොඇලී, උදාසීන නොවී, දෙවි මිනිස්, නිවන් යන තිවර්ග සම්පත් ලබා ගැනීමට උපකාරවන වැඩෙහි නිරතවීමයි. ‘අප්පමත්තස්ස’ අප්‍රමාදය කියන්නේ මව්පියන්ට සලකමින්, කුල දෙටුවන් පුදමින්, මිහිරි බස් කියමින්, කේලම් නොකියමින්, සත්‍යයම කතාකරමින් , මසුරුකම් දුරලමින්, ඉවසීමෙන්, අප්‍රමාදව කටයුතු කිරීමෙන් කියන මේ සත්ත්වත සමාජශීලි ව සම්පූර්ණ කළ නිසයි.[/SIZE] [SIZE=4]තමාටත් අනුන්ටත් අහිතකර අකුසල් මල දුරැර තමාට මෙන්ම අනුන්ටත් හිතකර කුසල්මල් තුන්දොර රඳවාගෙන සුචරිතවත්වන්න. අධිෂ්ඨානශීලිව නැගිටින්න. එවිට නිරහංකාර නිකැළැල්, නිදහස්, නිවහල්, නිකසළ, නිමල ඔබේ ජීවිතයේ යසෝරාවය දොළොස් මහේ පහන සේ නොනිමි සදහටම දැල්වී තිබේවි.[/SIZE] [SIZE=4]ඔබේ දහම් ආලෝකය කාටත් අඳුර දුරලනා පහන් සිලක් වේවි. මුල මැද අග හැමතින්ම සුවඳ කඩා හැලෙන සඳුන් ගසක් මෙන් ඔබේ ගුණ නැණ සුවඳ දසත පැතිරේවි. ඔබේ කිතුගොස දුකැති දනහට වාසනා සම්පත සුවසෙත සලසාවි. අපි පරිසරයට, පරිසරය අපට යන සංකල්පනාවෙන් කටයුතු කර දෙලොව යහපත සලසා ගන්න.[/SIZE] [SIZE=4]මාවනැල්ල වැලිගල්ල උග්ගලේ ශ්‍රී ශෛලතලාරාමාධිකාරි කෑ/මාව/ උඩත්තව විද්‍යාදීප මහා විද්‍යාලයේ ආචාර්ය, ශාස්ත්‍රපති[B] වදමල්දෙණියේ සෝමාලෝක හිමි[/B][/SIZE] [SIZE=4][IMG]http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/261841_143159029092522_100001952763229_267051_5035465_n.jpg[/IMG][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom