Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Anti-Taliban forces captured 3 District.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=youtube]h6tUG2nPjY8[/MEDIA]

පන්ජ්ශීර් නිම්නයේ සිංහයා II

තරුණ අහ්මඩ් ෂා මසූඩ්, පන්ජ්ශීර් නිම්නයේ සැඟව සිට ගරිල්ලා උපක්‍රම භාවිතා කරමින් මුළු නිම්නයම සෝවියට් සහය ලබන ඇෆ්ඝන් හමුදාවන්ගෙන් නිදහස් කරගත්සැටි අපි කලින් ලිපියෙන් කථා කලා. අද එතැන් සිට...

1979 දී සෝවියට් හමුදා ඇෆ්ඝනිස්ථානය ආක්ර්මනය කලාට පසු 1985 දක්වා ඔවුන් සෑම අවුරුද්දකම දෙපාරක්වත් පන්ශීර් නිම්නය ආක්‍රමණය කිරීමට පැමින තිබෙනවා. නමුත් ඇමරිකානු සහ පකිස්ථානු ආධාරත් තමන්ගේ ගම්පළාතේ ලැබුනු මහජන සහයත් නිසා මසූඩ් මේ සියළු ආක්‍රමණ සාර්ථකව මැඩපවත්වන්නට සමත් වුනා. සලාන් නම් කපොල්ල ආශ්‍රිතව ඔහු සිදුකල ක්‍රියාන්විත නිසා කාබුල්වල ඉන්ධන හිඟයක් පවා ඇතිකිරීමට ඔහු සමත් වුනා. පන්ශීර් නිම්නයේ සාදාගත් රහසිගත බන්කර් වලසිට හින්දුකුශ් කඳුකරයේ ආවරණ ලබමින් ඔහු සිදුකල ක්‍රියාන්විත බොහෝ බටහිර මාද්ධ්යවල වීරත්වයෙන් විස්තර කෙරුනා.

1983 වන විට සෝවියට්වරුන් පන්ශී නිම්නය ආශ්‍රිතව 30,000 ක පමණ බල ඇණියක් රඳවා තැබුවේ මසූඩ්ගේ තරම දන්නා නිසයි.

කෙසේ හෝ 1983 දී සෝවියට් හමුදා විසින් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරනවා. මේ කාලය මසූඩ් යොමු කරන්නේ තමන්ගේ හමුදා සහ පාලන ප්‍රදේශ ප්‍රතිසංවිධානය කිරීමටයි. පන්ශීර් නිම්නය ආශ්රිත උතුරුදිග ඇෆ්ගනිස්ථානය කොටස් 22 කට වෙන් කරන මසූඩ්, ඒ ඒ පාලන කොටස් වලට හමුදා නායකයන්, සිවිල් සේවකයන්, සෞඛ්‍ය අංශ, අධිකරණ නිලධාරීන් පත්කරමින් සිවිල් සේවය ස්ථාපිත කිරීමට අවශ්‍ය සියලු අංශ ශක්තිමත් කරනවා. මසූඩ්ගේ මිලිටරි සහ සිවිල් පරිපාලන ව්‍යුහය බොහෝ මුජහිඩීන් සටන්කාමී කණ්ඩායම් විසින් අනුගමනය කිරීමට පටන්ගන්නේ එහි ඇති සාර්ථක බව නිසාමයි. මේ වනවිට 15,000 ක හමුදාවක් තමන් සතුකරගෙන සිටි මසූඩ්ගේ ලඟම හිතවතුන් වූවේ බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයයි. කෙමෙන් කෙමෙන් තමන්ගේ පාලන ප්‍රදේශ ව්‍යාප්ත කරමින් සිටි මසූඩ්ට ඉතා දැඩි ප්‍රතිචාරයක් දැකීමට මොස්කවු පාලනය 1987 දී තීරණය කරනවා. මුළු පන්ශීර් නිම්නයම බෝම්බ දමා විනාශ කිරීමට රතු හමුදාව මෙහෙයුමක් සැලසුම් වන බව මසූඩ්ට විදේශීය බුද්ධි අංශයක් විසින් දැනුම් දෙනවා. මේ අවස්ථාවේ වහා ක්‍රියාත්මක වන ඔහුගේ හමුදාව 130,000 ක පමණ සිවිල් වැසියන් පිරිසක් දින දෙකක් තුල හින්දුකුශ් කඳුකරයේ සඟවන්නට සමත් වනවා. ජන ශූන්‍ය භූමියක තම මෙහෙයුම සිදුකර ආපසු හැරී යන්නට රතු හමුදාවට සිදුවන්නේ බටහිර මාධ්යවකලින් ලැබෙන ලජ්ජාශීලී වාර්තාකරණයත් සමඟයි.

1989 දී සෝවියට් හමුදා ඇෆ්ඝනිස්ථානයෙන් ඉවත්වීමත් සමඟම ඇෆ්ඝන් කොමියුනිස්ට් ආම්ඩුවේ බිඳවැටීම ආරම්භ වෙනවා. අහ්මඩ් ෂා මසූඩ්ගේ හමුදා කාබුල් දක්වා හමුදා මෙහෙයුම් දියත් කරන අතර 1992 දී එවකට අගමැති නජිබුල්ලා සිය ධූරයෙන් ඉල්ලා අස් වෙනවා.හ්මඩ් ෂා මසූඩ් ආරක්ශක ඇමති ලෙස පත්වන ආණ්ඩුවක් බිහිවන නමුත් මසූඩ් සහ හෙක්මට්යර්, දොස්තම් ඇතුළු විවිධ ඉස්ලාමීය නායකයන් අතර ඇතිවන මත ගැටුම් නිසා කාබුල් පාලනයට නොනවතින සංග්රාමවල නියැලෙන්නට සිදුවනවා. ඔසාමා බින් ලාඩන් පවා මසූඩ්ගේ සතුරෙක් වන්නේ මේ කාලයේදී. ඊට හේතුව මසූඩ් දැඩිමතධාරී ඉස්ලාමීය අදහස් ප්‍රතික්ශේප කිරීමයි.

1994 දී තලීබාන්වරු කාබුල් අල්ලා ගන්නවා. මේත් සමඟ උතුරුදිග ප්‍රදේශවල සිට තලීබාන් පාලනය විරුද්ධව උතුරු සන්ධානය පිහිටුවා ගන්නා මසූඩ් දිගින් දිගටම තලීබාන්වරුන්ට විරුද්ධව සටන් වදිනවා. තලීබාන්වරු දිගින් දිගටම තමන් සමඟ එක්වන ලෙස මසූඩ්ගෙන් අයැද සිටියත් ඔහු එය ප්‍රතික්ශේප කරන්නේ, තමන් ඔවුන් සමඟ එක්වන්නේ ඔවුන් ප්රජාතන්ත්රවාදී සහ මහජනයාට වගකියන පාලනයක් පිලිබඳ විශ්වාසය තබන්නේ නම් පමනක් වබවයි. මසූඩ්ගේ හමුදා සතුව 1200 ක පමණ තලීබාන් සිරකරුවන් පිරිසක් සිටි බව කියවෙනවා.

2001 සැප්තැම්බර් 10 වෙනිදා මොරොක්කෝවේ සිට පැමිනෙන අල් ජෙසීරා මාධයවේදීන් දෙදෙනෙක් ලෙස වෙස් වලාගත් මරාගෙන මැරෙන ත්‍රස්ථවාදීන් දෙදෙනෙක් විසින් කැමරාවේ සහ බැටරි පැක් එකක සඟවාගෙන එන බෝම්බ පුපුරවා හැරීමෙන් එවකට 48 හැවිරිදි වියේ පසුවූ මසූඩ්ව ඝාතනය කරනු ලබනවා. මේ ඝාතනය අල් ක්වයිදා සවිධානය මඟින් සිදුකල ඝාතනයක් යැයි සැලකෙනවා. මීට පසු දින එම සංවිධානය විසින්ම ඇමරිකාවේ බෝම්බ ප්‍රහාරයක් සිදුකරන අතර ඉන්පසු සිදුවූ දෑ ඉතිහාසගතයි.

මීට දින කීපයකට පෙර වසර 20 ක් ඇෆ්ඝනිස්ථානයේ සිටි ඇමරිකන් හමුදා ඉන් ඉවත්වන ලද අතර කාබුල් පාලනය බිඳ වැටීමට ගතවන්නේ දින තුනක් පමණයි. මීට පෙර සෝවිටයට්වරු ඉවත්වීමේදී කාබුල් පාලනය බිඳවැටීමට වසට 02 ක් ගත වුනා. මේ අවස්ථා දෙකේදීම අවසානයේ හමුදා නායකයන් විවිධ එකඟතා ඇතිකරගෙන සටනකින් තොරවම තම ප්‍රදේශ යටත් කරනු ලැබුවා. කලින් අවස්ථාවේ මෙන්ම මේ අවස්ථාවේද පන්ජ්ශීර් නිම්නය යටත් කරගැනීමට තලේබාන් හමුදා සමත්වූවේ නෑ. පන්ජ්ශීර්හි සිංහයා නොමැති වුවත් ඔහුගේ පුත්‍රයා නායකත්වය දෙන උතුරු සංධානය දැනටමත් තලීබාන්වරුන්ට විරුද්ධව සටන් කරන බව ප්‍රකාශ කර තිබෙනවා. ඇමරිකන් ආයුධ සමඟ, ගුවන් හමුදාවක් පවා තිබෙන තලීබාන් සංවිධානය සමඟ උතුරු සංධානය කෙසේ මුහුණ දෙයිද? පන්ශීර්හි සිංහයාගේ පුරාව්ෘතය ඔහුගේ පුතා ඉදිරියට ගෙන යයිද? මින් ඉදිරියට ඉතිහාසය ලියවෙන විදිය අපි බලන් ඉමු ...

01. අහ්මඩ් ෂා මසූඩ්

02. මසූඩ් ගේ පුත්‍රයා

03. අහ්මඩ් ෂා මසූඩ්

04. මසූඩ්ගේ උතුරු සංධනයේ පාලන ප්‍රදේශ

05. මසූඩ්ගේ සොහොන

[MEDIA=facebook]1272587219865843[/MEDIA]

[QUOTE="U-tag, post: 26798188, member: 381169"] [MEDIA=youtube]h6tUG2nPjY8[/MEDIA] පන්ජ්ශීර් නිම්නයේ සිංහයා II තරුණ අහ්මඩ් ෂා මසූඩ්, පන්ජ්ශීර් නිම්නයේ සැඟව සිට ගරිල්ලා උපක්‍රම භාවිතා කරමින් මුළු නිම්නයම සෝවියට් සහය ලබන ඇෆ්ඝන් හමුදාවන්ගෙන් නිදහස් කරගත්සැටි අපි කලින් ලිපියෙන් කථා කලා. අද එතැන් සිට... 1979 දී සෝවියට් හමුදා ඇෆ්ඝනිස්ථානය ආක්ර්මනය කලාට පසු 1985 දක්වා ඔවුන් සෑම අවුරුද්දකම දෙපාරක්වත් පන්ශීර් නිම්නය ආක්‍රමණය කිරීමට පැමින තිබෙනවා. නමුත් ඇමරිකානු සහ පකිස්ථානු ආධාරත් තමන්ගේ ගම්පළාතේ ලැබුනු මහජන සහයත් නිසා මසූඩ් මේ සියළු ආක්‍රමණ සාර්ථකව මැඩපවත්වන්නට සමත් වුනා. සලාන් නම් කපොල්ල ආශ්‍රිතව ඔහු සිදුකල ක්‍රියාන්විත නිසා කාබුල්වල ඉන්ධන හිඟයක් පවා ඇතිකිරීමට ඔහු සමත් වුනා. පන්ශීර් නිම්නයේ සාදාගත් රහසිගත බන්කර් වලසිට හින්දුකුශ් කඳුකරයේ ආවරණ ලබමින් ඔහු සිදුකල ක්‍රියාන්විත බොහෝ බටහිර මාද්ධ්යවල වීරත්වයෙන් විස්තර කෙරුනා. 1983 වන විට සෝවියට්වරුන් පන්ශී නිම්නය ආශ්‍රිතව 30,000 ක පමණ බල ඇණියක් රඳවා තැබුවේ මසූඩ්ගේ තරම දන්නා නිසයි. කෙසේ හෝ 1983 දී සෝවියට් හමුදා විසින් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරනවා. මේ කාලය මසූඩ් යොමු කරන්නේ තමන්ගේ හමුදා සහ පාලන ප්‍රදේශ ප්‍රතිසංවිධානය කිරීමටයි. පන්ශීර් නිම්නය ආශ්රිත උතුරුදිග ඇෆ්ගනිස්ථානය කොටස් 22 කට වෙන් කරන මසූඩ්, ඒ ඒ පාලන කොටස් වලට හමුදා නායකයන්, සිවිල් සේවකයන්, සෞඛ්‍ය අංශ, අධිකරණ නිලධාරීන් පත්කරමින් සිවිල් සේවය ස්ථාපිත කිරීමට අවශ්‍ය සියලු අංශ ශක්තිමත් කරනවා. මසූඩ්ගේ මිලිටරි සහ සිවිල් පරිපාලන ව්‍යුහය බොහෝ මුජහිඩීන් සටන්කාමී කණ්ඩායම් විසින් අනුගමනය කිරීමට පටන්ගන්නේ එහි ඇති සාර්ථක බව නිසාමයි. මේ වනවිට 15,000 ක හමුදාවක් තමන් සතුකරගෙන සිටි මසූඩ්ගේ ලඟම හිතවතුන් වූවේ බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයයි. කෙමෙන් කෙමෙන් තමන්ගේ පාලන ප්‍රදේශ ව්‍යාප්ත කරමින් සිටි මසූඩ්ට ඉතා දැඩි ප්‍රතිචාරයක් දැකීමට මොස්කවු පාලනය 1987 දී තීරණය කරනවා. මුළු පන්ශීර් නිම්නයම බෝම්බ දමා විනාශ කිරීමට රතු හමුදාව මෙහෙයුමක් සැලසුම් වන බව මසූඩ්ට විදේශීය බුද්ධි අංශයක් විසින් දැනුම් දෙනවා. මේ අවස්ථාවේ වහා ක්‍රියාත්මක වන ඔහුගේ හමුදාව 130,000 ක පමණ සිවිල් වැසියන් පිරිසක් දින දෙකක් තුල හින්දුකුශ් කඳුකරයේ සඟවන්නට සමත් වනවා. ජන ශූන්‍ය භූමියක තම මෙහෙයුම සිදුකර ආපසු හැරී යන්නට රතු හමුදාවට සිදුවන්නේ බටහිර මාධ්යවකලින් ලැබෙන ලජ්ජාශීලී වාර්තාකරණයත් සමඟයි. 1989 දී සෝවියට් හමුදා ඇෆ්ඝනිස්ථානයෙන් ඉවත්වීමත් සමඟම ඇෆ්ඝන් කොමියුනිස්ට් ආම්ඩුවේ බිඳවැටීම ආරම්භ වෙනවා. අහ්මඩ් ෂා මසූඩ්ගේ හමුදා කාබුල් දක්වා හමුදා මෙහෙයුම් දියත් කරන අතර 1992 දී එවකට අගමැති නජිබුල්ලා සිය ධූරයෙන් ඉල්ලා අස් වෙනවා.හ්මඩ් ෂා මසූඩ් ආරක්ශක ඇමති ලෙස පත්වන ආණ්ඩුවක් බිහිවන නමුත් මසූඩ් සහ හෙක්මට්යර්, දොස්තම් ඇතුළු විවිධ ඉස්ලාමීය නායකයන් අතර ඇතිවන මත ගැටුම් නිසා කාබුල් පාලනයට නොනවතින සංග්රාමවල නියැලෙන්නට සිදුවනවා. ඔසාමා බින් ලාඩන් පවා මසූඩ්ගේ සතුරෙක් වන්නේ මේ කාලයේදී. ඊට හේතුව මසූඩ් දැඩිමතධාරී ඉස්ලාමීය අදහස් ප්‍රතික්ශේප කිරීමයි. 1994 දී තලීබාන්වරු කාබුල් අල්ලා ගන්නවා. මේත් සමඟ උතුරුදිග ප්‍රදේශවල සිට තලීබාන් පාලනය විරුද්ධව උතුරු සන්ධානය පිහිටුවා ගන්නා මසූඩ් දිගින් දිගටම තලීබාන්වරුන්ට විරුද්ධව සටන් වදිනවා. තලීබාන්වරු දිගින් දිගටම තමන් සමඟ එක්වන ලෙස මසූඩ්ගෙන් අයැද සිටියත් ඔහු එය ප්‍රතික්ශේප කරන්නේ, තමන් ඔවුන් සමඟ එක්වන්නේ ඔවුන් ප්රජාතන්ත්රවාදී සහ මහජනයාට වගකියන පාලනයක් පිලිබඳ විශ්වාසය තබන්නේ නම් පමනක් වබවයි. මසූඩ්ගේ හමුදා සතුව 1200 ක පමණ තලීබාන් සිරකරුවන් පිරිසක් සිටි බව කියවෙනවා. 2001 සැප්තැම්බර් 10 වෙනිදා මොරොක්කෝවේ සිට පැමිනෙන අල් ජෙසීරා මාධයවේදීන් දෙදෙනෙක් ලෙස වෙස් වලාගත් මරාගෙන මැරෙන ත්‍රස්ථවාදීන් දෙදෙනෙක් විසින් කැමරාවේ සහ බැටරි පැක් එකක සඟවාගෙන එන බෝම්බ පුපුරවා හැරීමෙන් එවකට 48 හැවිරිදි වියේ පසුවූ මසූඩ්ව ඝාතනය කරනු ලබනවා. මේ ඝාතනය අල් ක්වයිදා සවිධානය මඟින් සිදුකල ඝාතනයක් යැයි සැලකෙනවා. මීට පසු දින එම සංවිධානය විසින්ම ඇමරිකාවේ බෝම්බ ප්‍රහාරයක් සිදුකරන අතර ඉන්පසු සිදුවූ දෑ ඉතිහාසගතයි. මීට දින කීපයකට පෙර වසර 20 ක් ඇෆ්ඝනිස්ථානයේ සිටි ඇමරිකන් හමුදා ඉන් ඉවත්වන ලද අතර කාබුල් පාලනය බිඳ වැටීමට ගතවන්නේ දින තුනක් පමණයි. මීට පෙර සෝවිටයට්වරු ඉවත්වීමේදී කාබුල් පාලනය බිඳවැටීමට වසට 02 ක් ගත වුනා. මේ අවස්ථා දෙකේදීම අවසානයේ හමුදා නායකයන් විවිධ එකඟතා ඇතිකරගෙන සටනකින් තොරවම තම ප්‍රදේශ යටත් කරනු ලැබුවා. කලින් අවස්ථාවේ මෙන්ම මේ අවස්ථාවේද පන්ජ්ශීර් නිම්නය යටත් කරගැනීමට තලේබාන් හමුදා සමත්වූවේ නෑ. පන්ජ්ශීර්හි සිංහයා නොමැති වුවත් ඔහුගේ පුත්‍රයා නායකත්වය දෙන උතුරු සංධානය දැනටමත් තලීබාන්වරුන්ට විරුද්ධව සටන් කරන බව ප්‍රකාශ කර තිබෙනවා. ඇමරිකන් ආයුධ සමඟ, ගුවන් හමුදාවක් පවා තිබෙන තලීබාන් සංවිධානය සමඟ උතුරු සංධානය කෙසේ මුහුණ දෙයිද? පන්ශීර්හි සිංහයාගේ පුරාව්ෘතය ඔහුගේ පුතා ඉදිරියට ගෙන යයිද? මින් ඉදිරියට ඉතිහාසය ලියවෙන විදිය අපි බලන් ඉමු ... 01. අහ්මඩ් ෂා මසූඩ් 02. මසූඩ් ගේ පුත්‍රයා 03. අහ්මඩ් ෂා මසූඩ් 04. මසූඩ්ගේ උතුරු සංධනයේ පාලන ප්‍රදේශ 05. මසූඩ්ගේ සොහොන [MEDIA=facebook]1272587219865843[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom