Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ashwagandha
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොනව ද මේ අශ්වගන්ධ ?

Solanaceae (සොලනේසියේ) ශාක කුලයට අයත්, Withania somnifera යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන අශ්වගන්ධ ශාකය ක්ෂුද්‍ර වෘක්ෂ හෙවත් පැළෑටියක් ලෙසින් දක්නට ලැබෙන අතර ආයුර්වේදය තුළ ඇතැම් අවස්ථාවන්හි දී අමුක්කරා යන නාමයෙන් ද හඳුන්වනු ලබයි. මෙය ශ්‍රී ලංකාව තුළ හා බටහිර ඉන්දියාව තුළ ව්‍යාප්තව පවතී.

චීනය, කොරියාව, ජපානය ආදී රටවල වැවෙන ජින්සෙං ශාකයට බොහෝ සෙයින් සමානකම් දක්වන අශ්වගන්ධ ඉංග්‍රීසි භාෂාවෙන් Indian Ginseng (ඉන්දියානු ජින්සෙං) ලෙස හඳුන්වනු ලබයි. පෙනුම පමණක් නොව, අශ්වගන්ධ ශාකයේ මුල් තුළ, ජින්සෙං මුල් තුළ අඩංගු වාජීකරණ ගුණය ද අඩංගු වීම මෙම සමාන කිරීම්වලට බලපා ඇත.

මෙම ශාකයේ මුල් වල ඇති අශ්වයන්ගේ මුත්‍රා ගඳට හුරු ගන්ධය නිසා ‘අශ්වගන්ධ’ ලෙසින් හඳුන්වනු ලබන අතර, මෙහි සිංහල නම ‘අස්ගොඳු’ නම් වේ. එය සංස්කෘතයෙන් බිඳී ආවකි. දෙමළ භාෂාවෙන් මෙය ‘අමුක්කිරම්’ ලෙසින් හඳුන්වනු ලබන අතර ‘අමුක්කරා’ යන නාමය බිඳී ඇත්තේ එයිනි. මෙහි මුල් කොටස ඖෂධ ලෙස භාවිත කරන අතර එම සුවිශේෂී ගන්ධය මෙම ඖෂධය නිවැරදිව හඳුනා ගැනීම සඳහා මහෝපකාරී වේ. වනගත සහ ග්‍රාම්‍ය ලෙස මෙහි ප්‍රභේද දෙකක් ඇත.

අශ්වගන්ධ- Ashwagandha- Amukkara-අමුක්කරා

අන්තර්ගතය

නිද්‍රාකාරක (Hypnotic), ශාමක (Sedative) ගුණ ඇති සොමිනිෆෙරීන් (Sominiferine) නැමැති තික්ත රස උක්ෂාරසය ද, පොටෑසියම්, ටැනින් සහ වර්ණකාරක, ග්ලූකෝස් ආදිය සුළු වශයෙන් ද මෙම අමුක්කරා හෙවත් අශ්වගන්ධ ශාකය තුළ අඩංගු ය.

ඖෂධීය ගුණය

ආයුර්වේදයේ සඳහන් ඖෂධීය ගුණ කර්ම අනුව මෙම ඔසුව,

රසයෙන් – මධුර තික්ත කෂාය ද

ගුණයෙන් – ලඝු සහස්නිග්ධ ද වෙයි.

වීර්යයෙන් – උෂ්ණ ය.

විපාකයෙන් – මධුරය.

ප්‍රභාවෙන් – රසායන හා වාජීකරණය යි

දෝෂ වශයෙන් – සෙම් හා වාත දෝෂ සමනය කරන අතර වාත හා සෙම් රෝග සඳහා ද යහපත් වේ.

අශ්වගන්ධ ශාකයේ ප්‍රදාන ගුණාංගය වන්නේ වාජීකරණ ගුණය යි. ශුක්‍ර රෝග, ලිංගික දුර්වලතා, මුර්ජා අනිද්‍රා, වාත රෝග යනාදියට මෙම ශාකය ගුණදායක ඔසුවකි. එමෙන්ම රක්තවාතය, ඔඩු සහිත වණ සුව කිරීමට ද මේවා යොදා ගනු ලබයි. ශරීරයේ පිළිකා සෛල නැසීමට ද මෙය ඉතා හොඳ ඖෂධයක් බව කියැවේ. ශරීරය කෘෂ වීම, රුධිර දෝෂ, සුදු කබර, ප්‍රතිශ්‍යාව, කැස්ස ආදියට ද ඔසුවක් ලෙස ආයුර්වේදය තුළ දී අමුක්කරා භාවිතයට ගනියි. මෙය ස්ත්රීන්ගේ ව්ඳ බවට ද, ඉදිමුම් ආදී රෝග තත්ත්වයන් රාශියක් සමනය කිරීමට ද යොදා ගන්නා විස්මිත ඔසුවකි. ගලගණ්ඩය, නාඩි දුබලතා ආදිය මඟහරවා ගැනීමට ද මෙම ඔසුව උපකාරී වේ. උදරගත රෝගාබාධ සහ කෘමි රෝග සඳහා ද ගුණදායක ය. ගර්භාෂගත රෝග තත්ත්වයන් සඳහා බහුලව භාවිත කරන අතර ආයුර්වේදය තුළ මෙය මුත්‍රාකාරකයක් ලෙසින් ද හඳුන්වා දී ඇත. නින්ද නො යාමේ තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමට ද හෙළ වෙදකමේ දී මෙය යොදාගනු ලබයි. අල්සයිමර් නම් රෝගය මැඩ පැවැත්වීමට හැකි ඔසුවක් ලෙස අශ්වගන්ධ පර්යෙෂණාත්මකව තහවුරු කර හඳුනාගෙන ඇත. මෙහි ඇති ක්ෂාරීය ඇලකොයිඩ විශේෂයක් මධ්‍ය ස්නායු පද්ධතියට හා කොඳු ඇට වලට බලපෑම් කිරීමට සමත් අතර අශ්වගන්ධ දෛනිකව ශරීරයට එක් කිරීමෙන් දවස වඩාත් ප්‍රාණවත්ව ගත කළ හැකි බව කියැවේ.

අමුක්කරා, ස්නායු උත්තේජනය ශක්තිමත් කරනු ලබන අතර, මල බද්ධය නසයි, ඉදිමුම් සහ වේදනාවන් සමනය කරයි. ලේ පිරිසිදු කිරීමට මෙන්ම වියපත් වූ සහ කෘෂ වූ ශරීරය ශක්තිමත් කිරීමට ද සමත් ඖෂධයකි. අකලට මහළු වීම සහ ජරාවට පත් වීම ද වළක්වාලමින් ශරීර වීර්යය සහ බලශක්තිය වැඩීමට මෙහි අන්තර්ගත් වාජීකරණ ගුණය සමත්කම් දක්වයි. මෙම ඔසුව නිද්‍රාජනක සහ මදනකාරී වුව ද එය හෘදයට බල නො පෑම මෙහි ඇති විශේෂත්වයක් බව ආයුර්වේදයේ සඳහන් ය.

අශ්වගන්ධ ශාකයේ භාවිතයන්

කුඩු කරගත් අමුක්කරා අල සහ එළකිරි මිශ්‍ර පානය නිවැරදිව සකසා පානයෙන් ස්ත්රීන්ගේ වඳ භාවය නැති කළ හැකි බවට ආයුර්වේදය විශ්වාස කරයි. එමෙන්ම අමුක්කරා කෂාය මගින් දරු ගැබ නිසි ලෙස ස්ථාපනය වීම, ඇදුම රෝගය සමනය වීම, සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්සට සමනය වීම ද සිදුවේ. මෙම ශාකයේ ගෙඩි සහ ඇට වල ද කැස්ස නැසීමේ ගුණයක් පවතියි. අමුක්කරා අල, සන්ධි ඉදිමුම් සහ වේදනා සඳහා ඉතාමත් යෝග්‍ය වන බව ආයුර්වේදය පෙන්වා දෙන අතර නොයෙක් රෝග අවස්ථා සඳහා භාවිත කිරීමට යෝග්‍ය ලෙස සැකසූ ඔසු රාශියක් අශ්වගන්ධ ශාකය මුල් කරගෙන නිපදවා ඇත.

අශ්වගන්ධ හෙවත් අමුක්කරා ශාකය බොහෝ විට භාවිත වන්නේ ඖෂධයක් ලෙසින් වන අතර අමුක්කරා කෂාය, අමුක්කරා පෙති, අමුක්කරා පැණිය, කරල් සහ පානයන් ප්‍රතිකාර සඳහා බහුලව යොදාගනු ලබයි. වැල්පෙනෙල සහ අමුක්කරා මුසු කරමින් සෑදූ වාජීකරණ ඖෂධ රාශියක් වෙළඳපළ තුළ දක්නට ඇත. එමෙන්ම අශ්වගන්ධ තෙල්, අශ්වගන්ධ චූර්ණය ආදිය ද වර්තමානය වන විට ප්‍රචලිත දේශීය ඔසු බවට පත්ව තිබේ. කාර්යබහුල ජීවන රටාව සහ මෙම දුර්ලභ ඖෂධ පැළෑටි සොයා ගැනීමට ඇති අපහසුතාවයට ඉතාමත් හොඳ විසඳුමක් ලෙස ඖෂධ වෙළඳසල් සහ සුපිරි වෙළඳසල් තුළ සකස් කළ නිෂ්පාදනයන් වශයෙන්, පහසුවෙන් මිල දී ගත හැකි පරිදි මෙම ඖෂධ අලෙවි කිරීම දැක්විය හැකි ය.

අශ්වගන්ධ තෙල්

වර්තමානය වන විට මහා පරිමාණයෙන් නිෂ්පාදනය කෙරෙන ආයුර්වේදය නිෂ්පාදනයන් ලෙස අශ්වගන්ධ තෙල් හඳුන්වා දිය හැකි ය. අමුක්කරා, හාතාවාරිය, එළකිරි, තල තෙල් ආදී ඖෂධීය සංයෝගයන් බොහොමයක් මෙම ඔසු නිපදවීම සඳහා භාවිත කරයි. කෘෂ වූ ශරීර පෘෂ්ඨිමත් කිරීමට, මාංශපේෂි පෝෂණය වර්ධනය කිරීමට, විඩාවට පත් වූ මාංශපේෂි සුවපත් කිරීමට ආදී අවශ්‍යතාවයන් සඳහා මෙම ඔසුව යොදා ගනියි. භාවිතය පහසු වන ආකාරයෙන් සැකසූ මෙම ඖෂධ ඉතා පහසුවෙන් වෙළඳපළ තුළින් මිල දී ගත හැකි ය.

Ashwagandha Oil

අශ්වගන්ධ චූර්ණය

මෙය ද වර්තමානය වන විට ප්‍රචලිතව ඇති දේශීය ඖෂධයකි. අමුක්කරා අල චූර්ණය එළකිරි සමඟ වෛද්‍ය උපදෙස් අනුව ගැනීමෙන් ලිංගික දුර්වලතා මඟහරවා ගත හැකි ය. අමුක්කරා චූර්ණය සීනි හා ගිතෙල් සමඟ ආයුර්වේදයේ සඳහන් අයුරින් ආහාරයට ගැනීමෙන් නිසි ලෙස නින්ද යාම සිදු වෙයි. අමුක්කරා අල චූර්ණය මගින් සකසාගත් පානය හරහා සුවසේ නින්ද යාමට උපකාර කරයි. සිරුර පෘෂ්ඨිමත් වීමට ද මෙම චූර්ණය උපකාරී වේ. අධික කෙට්ටු බව පාලනය කිරීමට මෙය එළකිරි, ගිතෙල් හෝ තල තෙල් සමඟ භාවිත කරයි.

අශ්වගන්ධ- Ashwagandha Tea

අශ්වගන්ධ තේ

ප්‍රබල වාජීකරණ හැකියාවෙන් යුතු මෙම ශාකයෙන් සැකසූ “අශ්වගන්ධ තේ” පහසු මිලට වෙළදපොලෙන් මිලට ගැනීමට ඔබට හැකියාව දැන් තිබේ. මෙම තේ පානය තුළින් මානසික සෞඛ්‍ය ද වැඩි දියුණු කරගත හැකි බව පර්යේෂණවලින් පෙන්වා තිබේ. ශරීරයේ ඇති විවිධ දුබලතා පසෙකලා ඔබට ඉවසීම සහ සතුට පිරි නිරෝගි දිවියක් ගත කිරීමට මෙම තේ පානය ඉවහල් වනු ඇත.

අශ්වගන්ධ තේ

අශ්වගන්ධ කරල්

කාර්යබහුලත්වය රජයන ලෝකය තුළ මෙවැනි ශාකයකින් නිශ්චිත බෙහෙතක් සකසාගැනීමට ඔබට ඉඩ හසර නොමැති නමුත් “අශ්වගන්ධ හෙවත් අමුක්කරා කරල්” වෙළදපොලෙන් පහසු මිලට ලබාගැනීමේ හැකියාව දැන් පවතියි. ස්වාභාවික ශාකය තුළ අන්තර්ගත වන ගුණයන් සියල්ලම එලෙසින් කැටි කොට මේ කරල් තුල අන්තර්ගත කොට තිබෙන්නේ වෛද්‍ය උපදෙස් වලට අනුකූලවය.ඒ හෙයින් ඔබට තිබෙන රෝග ගණනාවක් සුව කරගැනීමට මෙම කරල් ඉවහල් වනු ඇත.

අශ්වගන්ධ- Ashwagandha Capsules

මෙමඟින් අතුරුඵල ඇති විය හැකි ද?

බොහෝ ඖෂධ වල දී මෙන් ම අශ්වගන්ධ ශාකය භාවිතයේ ද අතුරුඵල දක්නට ඇත. තෛරොයිඩ් ක්‍රියාකාරීත්වය ඉහළ යාම, රුධිර පීඩනය අඩු කිරීම, ආහාර මාර්ගයේ යාන්ත්රණයට බලපෑම් එල්ල කිරීම, ගබ්සාවන් ඇති කිරීම, රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම ආදිය මේ මගින් ඇති විය හැකි අතර, එබැවින් ආයුර්වේද වෛද්‍යවරයකුගේ උපදේශයකින් තොරව මෙම ඔසුව භාවිත කිරීම සුදුසු වන්නේ නැත.

ඔසු ගුණය හඳුනාගෙන නිසි පරිදි භාවිත කරමු

අශ්වගන්ධ යනු වටිනා ඖෂධයකි. එය ඔබගේ ගෙවත්තේ වුව ද පහසුවෙන් වගා කරගත හැකි ය. ඒ හා සබැඳි නිෂ්පාදනයන් බොහොමයක් වර්තමානය වන විට මෙරට තුළ නිපදවන බැවින් එය ඔබගේ ආර්ථිකයට ද හිතකර වනු ඇත. තරුණ පෙනුම රැකගත හැකි ඖෂධයක් ලෙස මෙය වසර දහස් ගණනක සිටම පැවත එන්නක් වීම ද විශේෂත්වයකි. එමෙන්ම මෙම බලගතු ඖෂධ සතු සුව කිරීමේ ගුණය ඔබට නිරෝගී, ශක්තිමත් ජීවිතයක් ලබා ගැනීමට ද උපකාරී වනු ඇත.

[QUOTE="Nadunf, post: 26401042, member: 576181"] මොනව ද මේ අශ්වගන්ධ ? Solanaceae (සොලනේසියේ) ශාක කුලයට අයත්, Withania somnifera යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන අශ්වගන්ධ ශාකය ක්ෂුද්‍ර වෘක්ෂ හෙවත් පැළෑටියක් ලෙසින් දක්නට ලැබෙන අතර ආයුර්වේදය තුළ ඇතැම් අවස්ථාවන්හි දී අමුක්කරා යන නාමයෙන් ද හඳුන්වනු ලබයි. මෙය ශ්‍රී ලංකාව තුළ හා බටහිර ඉන්දියාව තුළ ව්‍යාප්තව පවතී. චීනය, කොරියාව, ජපානය ආදී රටවල වැවෙන ජින්සෙං ශාකයට බොහෝ සෙයින් සමානකම් දක්වන අශ්වගන්ධ ඉංග්‍රීසි භාෂාවෙන් Indian Ginseng (ඉන්දියානු ජින්සෙං) ලෙස හඳුන්වනු ලබයි. පෙනුම පමණක් නොව, අශ්වගන්ධ ශාකයේ මුල් තුළ, ජින්සෙං මුල් තුළ අඩංගු වාජීකරණ ගුණය ද අඩංගු වීම මෙම සමාන කිරීම්වලට බලපා ඇත. මෙම ශාකයේ මුල් වල ඇති අශ්වයන්ගේ මුත්‍රා ගඳට හුරු ගන්ධය නිසා ‘අශ්වගන්ධ’ ලෙසින් හඳුන්වනු ලබන අතර, මෙහි සිංහල නම ‘අස්ගොඳු’ නම් වේ. එය සංස්කෘතයෙන් බිඳී ආවකි. දෙමළ භාෂාවෙන් මෙය ‘අමුක්කිරම්’ ලෙසින් හඳුන්වනු ලබන අතර ‘අමුක්කරා’ යන නාමය බිඳී ඇත්තේ එයිනි. මෙහි මුල් කොටස ඖෂධ ලෙස භාවිත කරන අතර එම සුවිශේෂී ගන්ධය මෙම ඖෂධය නිවැරදිව හඳුනා ගැනීම සඳහා මහෝපකාරී වේ. වනගත සහ ග්‍රාම්‍ය ලෙස මෙහි ප්‍රභේද දෙකක් ඇත. අශ්වගන්ධ- Ashwagandha- Amukkara-අමුක්කරා අන්තර්ගතය නිද්‍රාකාරක (Hypnotic), ශාමක (Sedative) ගුණ ඇති සොමිනිෆෙරීන් (Sominiferine) නැමැති තික්ත රස උක්ෂාරසය ද, පොටෑසියම්, ටැනින් සහ වර්ණකාරක, ග්ලූකෝස් ආදිය සුළු වශයෙන් ද මෙම අමුක්කරා හෙවත් අශ්වගන්ධ ශාකය තුළ අඩංගු ය. ඖෂධීය ගුණය ආයුර්වේදයේ සඳහන් ඖෂධීය ගුණ කර්ම අනුව මෙම ඔසුව, රසයෙන් – මධුර තික්ත කෂාය ද ගුණයෙන් – ලඝු සහස්නිග්ධ ද වෙයි. වීර්යයෙන් – උෂ්ණ ය. විපාකයෙන් – මධුරය. ප්‍රභාවෙන් – රසායන හා වාජීකරණය යි දෝෂ වශයෙන් – සෙම් හා වාත දෝෂ සමනය කරන අතර වාත හා සෙම් රෝග සඳහා ද යහපත් වේ. අශ්වගන්ධ ශාකයේ ප්‍රදාන ගුණාංගය වන්නේ වාජීකරණ ගුණය යි. ශුක්‍ර රෝග, ලිංගික දුර්වලතා, මුර්ජා අනිද්‍රා, වාත රෝග යනාදියට මෙම ශාකය ගුණදායක ඔසුවකි. එමෙන්ම රක්තවාතය, ඔඩු සහිත වණ සුව කිරීමට ද මේවා යොදා ගනු ලබයි. ශරීරයේ පිළිකා සෛල නැසීමට ද මෙය ඉතා හොඳ ඖෂධයක් බව කියැවේ. ශරීරය කෘෂ වීම, රුධිර දෝෂ, සුදු කබර, ප්‍රතිශ්‍යාව, කැස්ස ආදියට ද ඔසුවක් ලෙස ආයුර්වේදය තුළ දී අමුක්කරා භාවිතයට ගනියි. මෙය ස්ත්රීන්ගේ ව්ඳ බවට ද, ඉදිමුම් ආදී රෝග තත්ත්වයන් රාශියක් සමනය කිරීමට ද යොදා ගන්නා විස්මිත ඔසුවකි. ගලගණ්ඩය, නාඩි දුබලතා ආදිය මඟහරවා ගැනීමට ද මෙම ඔසුව උපකාරී වේ. උදරගත රෝගාබාධ සහ කෘමි රෝග සඳහා ද ගුණදායක ය. ගර්භාෂගත රෝග තත්ත්වයන් සඳහා බහුලව භාවිත කරන අතර ආයුර්වේදය තුළ මෙය මුත්‍රාකාරකයක් ලෙසින් ද හඳුන්වා දී ඇත. නින්ද නො යාමේ තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමට ද හෙළ වෙදකමේ දී මෙය යොදාගනු ලබයි. අල්සයිමර් නම් රෝගය මැඩ පැවැත්වීමට හැකි ඔසුවක් ලෙස අශ්වගන්ධ පර්යෙෂණාත්මකව තහවුරු කර හඳුනාගෙන ඇත. මෙහි ඇති ක්ෂාරීය ඇලකොයිඩ විශේෂයක් මධ්‍ය ස්නායු පද්ධතියට හා කොඳු ඇට වලට බලපෑම් කිරීමට සමත් අතර අශ්වගන්ධ දෛනිකව ශරීරයට එක් කිරීමෙන් දවස වඩාත් ප්‍රාණවත්ව ගත කළ හැකි බව කියැවේ. අමුක්කරා, ස්නායු උත්තේජනය ශක්තිමත් කරනු ලබන අතර, මල බද්ධය නසයි, ඉදිමුම් සහ වේදනාවන් සමනය කරයි. ලේ පිරිසිදු කිරීමට මෙන්ම වියපත් වූ සහ කෘෂ වූ ශරීරය ශක්තිමත් කිරීමට ද සමත් ඖෂධයකි. අකලට මහළු වීම සහ ජරාවට පත් වීම ද වළක්වාලමින් ශරීර වීර්යය සහ බලශක්තිය වැඩීමට මෙහි අන්තර්ගත් වාජීකරණ ගුණය සමත්කම් දක්වයි. මෙම ඔසුව නිද්‍රාජනක සහ මදනකාරී වුව ද එය හෘදයට බල නො පෑම මෙහි ඇති විශේෂත්වයක් බව ආයුර්වේදයේ සඳහන් ය. අශ්වගන්ධ ශාකයේ භාවිතයන් කුඩු කරගත් අමුක්කරා අල සහ එළකිරි මිශ්‍ර පානය නිවැරදිව සකසා පානයෙන් ස්ත්රීන්ගේ වඳ භාවය නැති කළ හැකි බවට ආයුර්වේදය විශ්වාස කරයි. එමෙන්ම අමුක්කරා කෂාය මගින් දරු ගැබ නිසි ලෙස ස්ථාපනය වීම, ඇදුම රෝගය සමනය වීම, සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්සට සමනය වීම ද සිදුවේ. මෙම ශාකයේ ගෙඩි සහ ඇට වල ද කැස්ස නැසීමේ ගුණයක් පවතියි. අමුක්කරා අල, සන්ධි ඉදිමුම් සහ වේදනා සඳහා ඉතාමත් යෝග්‍ය වන බව ආයුර්වේදය පෙන්වා දෙන අතර නොයෙක් රෝග අවස්ථා සඳහා භාවිත කිරීමට යෝග්‍ය ලෙස සැකසූ ඔසු රාශියක් අශ්වගන්ධ ශාකය මුල් කරගෙන නිපදවා ඇත. අශ්වගන්ධ හෙවත් අමුක්කරා ශාකය බොහෝ විට භාවිත වන්නේ ඖෂධයක් ලෙසින් වන අතර අමුක්කරා කෂාය, අමුක්කරා පෙති, අමුක්කරා පැණිය, කරල් සහ පානයන් ප්‍රතිකාර සඳහා බහුලව යොදාගනු ලබයි. වැල්පෙනෙල සහ අමුක්කරා මුසු කරමින් සෑදූ වාජීකරණ ඖෂධ රාශියක් වෙළඳපළ තුළ දක්නට ඇත. එමෙන්ම අශ්වගන්ධ තෙල්, අශ්වගන්ධ චූර්ණය ආදිය ද වර්තමානය වන විට ප්‍රචලිත දේශීය ඔසු බවට පත්ව තිබේ. කාර්යබහුල ජීවන රටාව සහ මෙම දුර්ලභ ඖෂධ පැළෑටි සොයා ගැනීමට ඇති අපහසුතාවයට ඉතාමත් හොඳ විසඳුමක් ලෙස ඖෂධ වෙළඳසල් සහ සුපිරි වෙළඳසල් තුළ සකස් කළ නිෂ්පාදනයන් වශයෙන්, පහසුවෙන් මිල දී ගත හැකි පරිදි මෙම ඖෂධ අලෙවි කිරීම දැක්විය හැකි ය. අශ්වගන්ධ තෙල් වර්තමානය වන විට මහා පරිමාණයෙන් නිෂ්පාදනය කෙරෙන ආයුර්වේදය නිෂ්පාදනයන් ලෙස අශ්වගන්ධ තෙල් හඳුන්වා දිය හැකි ය. අමුක්කරා, හාතාවාරිය, එළකිරි, තල තෙල් ආදී ඖෂධීය සංයෝගයන් බොහොමයක් මෙම ඔසු නිපදවීම සඳහා භාවිත කරයි. කෘෂ වූ ශරීර පෘෂ්ඨිමත් කිරීමට, මාංශපේෂි පෝෂණය වර්ධනය කිරීමට, විඩාවට පත් වූ මාංශපේෂි සුවපත් කිරීමට ආදී අවශ්‍යතාවයන් සඳහා මෙම ඔසුව යොදා ගනියි. භාවිතය පහසු වන ආකාරයෙන් සැකසූ මෙම ඖෂධ ඉතා පහසුවෙන් වෙළඳපළ තුළින් මිල දී ගත හැකි ය. Ashwagandha Oil අශ්වගන්ධ චූර්ණය මෙය ද වර්තමානය වන විට ප්‍රචලිතව ඇති දේශීය ඖෂධයකි. අමුක්කරා අල චූර්ණය එළකිරි සමඟ වෛද්‍ය උපදෙස් අනුව ගැනීමෙන් ලිංගික දුර්වලතා මඟහරවා ගත හැකි ය. අමුක්කරා චූර්ණය සීනි හා ගිතෙල් සමඟ ආයුර්වේදයේ සඳහන් අයුරින් ආහාරයට ගැනීමෙන් නිසි ලෙස නින්ද යාම සිදු වෙයි. අමුක්කරා අල චූර්ණය මගින් සකසාගත් පානය හරහා සුවසේ නින්ද යාමට උපකාර කරයි. සිරුර පෘෂ්ඨිමත් වීමට ද මෙම චූර්ණය උපකාරී වේ. අධික කෙට්ටු බව පාලනය කිරීමට මෙය එළකිරි, ගිතෙල් හෝ තල තෙල් සමඟ භාවිත කරයි. අශ්වගන්ධ- Ashwagandha Tea අශ්වගන්ධ තේ ප්‍රබල වාජීකරණ හැකියාවෙන් යුතු මෙම ශාකයෙන් සැකසූ “අශ්වගන්ධ තේ” පහසු මිලට වෙළදපොලෙන් මිලට ගැනීමට ඔබට හැකියාව දැන් තිබේ. මෙම තේ පානය තුළින් මානසික සෞඛ්‍ය ද වැඩි දියුණු කරගත හැකි බව පර්යේෂණවලින් පෙන්වා තිබේ. ශරීරයේ ඇති විවිධ දුබලතා පසෙකලා ඔබට ඉවසීම සහ සතුට පිරි නිරෝගි දිවියක් ගත කිරීමට මෙම තේ පානය ඉවහල් වනු ඇත. අශ්වගන්ධ තේ අශ්වගන්ධ කරල් කාර්යබහුලත්වය රජයන ලෝකය තුළ මෙවැනි ශාකයකින් නිශ්චිත බෙහෙතක් සකසාගැනීමට ඔබට ඉඩ හසර නොමැති නමුත් “අශ්වගන්ධ හෙවත් අමුක්කරා කරල්” වෙළදපොලෙන් පහසු මිලට ලබාගැනීමේ හැකියාව දැන් පවතියි. ස්වාභාවික ශාකය තුළ අන්තර්ගත වන ගුණයන් සියල්ලම එලෙසින් කැටි කොට මේ කරල් තුල අන්තර්ගත කොට තිබෙන්නේ වෛද්‍ය උපදෙස් වලට අනුකූලවය.ඒ හෙයින් ඔබට තිබෙන රෝග ගණනාවක් සුව කරගැනීමට මෙම කරල් ඉවහල් වනු ඇත. අශ්වගන්ධ- Ashwagandha Capsules මෙමඟින් අතුරුඵල ඇති විය හැකි ද? බොහෝ ඖෂධ වල දී මෙන් ම අශ්වගන්ධ ශාකය භාවිතයේ ද අතුරුඵල දක්නට ඇත. තෛරොයිඩ් ක්‍රියාකාරීත්වය ඉහළ යාම, රුධිර පීඩනය අඩු කිරීම, ආහාර මාර්ගයේ යාන්ත්රණයට බලපෑම් එල්ල කිරීම, ගබ්සාවන් ඇති කිරීම, රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම ආදිය මේ මගින් ඇති විය හැකි අතර, එබැවින් ආයුර්වේද වෛද්‍යවරයකුගේ උපදේශයකින් තොරව මෙම ඔසුව භාවිත කිරීම සුදුසු වන්නේ නැත. ඔසු ගුණය හඳුනාගෙන නිසි පරිදි භාවිත කරමු අශ්වගන්ධ යනු වටිනා ඖෂධයකි. එය ඔබගේ ගෙවත්තේ වුව ද පහසුවෙන් වගා කරගත හැකි ය. ඒ හා සබැඳි නිෂ්පාදනයන් බොහොමයක් වර්තමානය වන විට මෙරට තුළ නිපදවන බැවින් එය ඔබගේ ආර්ථිකයට ද හිතකර වනු ඇත. තරුණ පෙනුම රැකගත හැකි ඖෂධයක් ලෙස මෙය වසර දහස් ගණනක සිටම පැවත එන්නක් වීම ද විශේෂත්වයකි. එමෙන්ම මෙම බලගතු ඖෂධ සතු සුව කිරීමේ ගුණය ඔබට නිරෝගී, ශක්තිමත් ජීවිතයක් ලබා ගැනීමට ද උපකාරී වනු ඇත. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom