Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
autobiography of prof Nalin de Silva
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනෙකුන්ගේ නොවන මම

http://www1.kalaya.org/2018/03/blog-post_15.html

මා ඒකාබද්ධ විපක්ෂයේ හා පොදු ජන පෙරමුණේ ඇතැම් දේ ගැන එකඟ වන්නේ නැහැ. ඒ බව මා ප්‍රසිද්ධියේ කියනවා. එයින් මා ආණ්ඩුවේ හිතවතකු සිරිසේනවාදියකු යැයි කියන්නේ ද්වෛතවල හිර වූ පඬියන් පමණයි. මහින්ද රාජපක්ෂ කොටි ත්‍රස්තවාදය පරාජය කළා. එහෙත් ඒ පරාජය කිරීමෙන් පසු ඔහු වෙනත් මගක ගියා. නන්දිකඩාල් ජයග්රහණයෙන් පසු මහින්ද වෙනත් මගක ගියේ ඇයි. ඔහු වටා ඊනියා ස්මාට් ජාතිකවාදීන් එකතු වූයේ කෙසේ ද? නන්දිකඩාල් අද අපට පරාජයක් වී තියෙනවා. නන්දිකඩාල් ජයග්රහණයෙන් පසු නැවතත් දෙමළ ජාතිවාදය හිස ඔසවන්න ඉඩක් තියෙන්න බැහැ. එහෙත් එය එසේ වූවා. මෙය පැහැදිලි කර ගත යුතුයි. මා අද හිතන්නේ අප නන්දිකඩාල් වෙනුවෙන් රට උගස් තියා ඇත කියා. ඒ අරුතින් නන්දිකඩාල් පරාජයක්. සාමාන්‍ය සිංහලයන් හිතන්නේ නන්දිකඩාල් ජයග්‍රහණයක් කියා. මාත් එකල හිතුවේ එසේයි. එහෙත් මා දැන් එසේ හිතන්නේ නැහැ. අප කොටි පරාජය කළා. එහෙත් දෙමළ ජාතිවාදය පරාජය කළේ නැහැ. නන්දිකඩාල් ජයග්‍රහණය කර ඇත්තේ අප නොව ඉන්දියාවයි. ඉන්දියාවට අවශ්‍ය වී තිබුණේ ප්රභාකරන් පරාජය කර දෙමළ ජාතිවාදයට අත දීමයි.

2010 ජනාධිපතිවරණ ජයග්රහණයෙන් පසු අපට මෙය අත්දකින්න පුළුවන් වුණා. අප දහතුන ඉවත් කරනවා වෙනුවට 13+ ගැන කතා කළා. දයාන් ජයතිලකලා ජෙනීවාහි රට නියෝජනය කළා. මහින්ද සවන් දුන්නේ ස්මාට් ජාතිකවාදීන්ට මිස ජාතිකවාදීන්ට නො වෙයි. සාමාන්‍ය ජනයාට එය තේරුමක් වුණේ නැහැ. ඒ වන විට ජාතික ව්‍යාපාරය දේශපාලනඥයන් විසින් ගසාකනු ලැබ තිබුණා. එය පටන් ගත්තේ චම්පකයි. අද මහින්ද ජාතික ව්‍යාපාරය සම්පූර්ණයෙන් ම තමන් යටතට ගෙන. මහින්ද 2015 දී පරාජය වුණා. ඒ පරාජයට මුල් වූයේ ජාතිකත්වය නැති වීමට වඩා වෙනත් දෙයක්. ඒ මුහුණු පොතයි. අද ජාතිකත්වයට ජනතාව ඉන්නවා. ඒත් නායකයන් නැහැ. ගෝඨාභය වටා ඉන්න අයත් කතා කරන්නේ ස්මාට් ජාතිකවාදයක්.

මේ ආණ්ඩුව දිනුවේ ප්‍රධාන වශයෙන් ම මුහුණු පොත නිසයි. එහෙත් පසුගිය දා ආණ්ඩුවට මුහුණු පොත තරමක බාධාවක් වුණා. ආණ්ඩුව දැන් මුහුණු පොතට බාධක පණවලා. ඒ ගැන සාකච්ඡා කිරීමට අද සකර්බර්ග්ගේ නියෝජිතයන් ඒමට නියමිතයි. ආණ්ඩුව සකර්බර්ගේත් ආධාරයෙන් රට පාලනය කරාවි. මුහුණු පොතේ පඬියන් අද වක්‍රව රනිල්ට ආධාර කරනවා. මේ පඬියන්ගේ ඉතිහාසය අප දන්නවා. අවශ්‍ය ම වුණොත් කියන්නම්. එයට කලින් මගේ සමාජයීය ඉතිහාසය ගැනත් යමක් කිව යුතුයි. එයට ප්‍රධාන ම හේතුව ඒ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් අසත්‍ය කරුණු ප්‍රචාරය කිරීමයි.

මා වයස අවුරුදු දහඅටේ පමණ සිට අවුරුදු තිස්පහක් පමණ වන තුරු මාක්ස්වාදියකු (ට්‍රොට්ස්කිවාදියකු) ව සිටියා. මා සමසමාජ පක්ෂයේ තරුණ සමිති සාමාජිකයකු වූයේ ලංකා විශ්වවිද්‍යාලයේ පළමු වසරෙ සිසුවකු ව සිටිය දී. පසුව නව සමසමාජ පක්ෂයේ ක්‍රියාකාරි වුණා. 1980 ජූලි වැඩ වර්ජනයට මාස කීිහිපයකට පෙර මා මාක්ස්වාදය විද්‍යාත්මක ද යන ලිපිය ලියා නව සමසමාජ පක්ෂයෙන් අස්වුණා. එහෙත් මා මාක්ස්වාදයෙන් සම්පූර්ණයෙන් ම කැඩුණේ නැහැ. පක්ෂයෙන් අස් වී ටික කලකින් අසූව දශකයේ මුළ මා ට්‍රොට්ස්කිවාදියකු වූ කුසල් පෙරේරා සමග යථාර්ථ නමින් සඟරාවක් සංස්කරණය කර පළ කළා. ඉන් එක් කලාපයක ඊළාම් අයිතිය යනුවෙන් ලිපියක් ද පළ කළා. මේ කාලයේ මට නව සමසමාජ පක්ෂයේ සිරිතුංග ජයසූරිය සුමනසිරි ලියනගේ රොනී පෙරේරා ආදීන් මෙන් ම ප්ලොට් සංවිධානයේ තාරකී යන අයත් මුණ ගැසුණා. තාරකී වරක් දෙවරක් කොළඹ විශ්වවිද්‍යාලයට පැමිණ මා හමු වූවා. නව සමසමාජ පක්ෂයෙන් අස්වීමෙන් පසුවත් රජයේ ලිපිකරු සේවා සංගමයේ ගුණසේන මහානාමටත් එංගලන්තයෙන් පැමිණි ටෙඩ් ග්රාන්ටත් මා ගෙදර රැකවරණ ලබා දුන්නා. එහෙත් ඇතැමුන් කියන අන්දමට මෙන් නොව තාරකීට රැකවරණ ලබා දී නැහැ.

ටෙඩ් ග්‍රාන්ට් මිලිටන්ට් ප්රවණතාවේ ට්‍රොට්ස්කිවාදී හතරවැනි ජාත්‍යන්තරයේ ප්‍රධානියා. නව සමසමාජ පක්ෂයේ සම්මේලනයකට පැමිණි ඔහුු විසා ප්‍රශ්නයක් උඩ පොලිසියෙන් සැඟ වී සිටියා. ඔහු අපේ ගෙදර සිටියේ ඒ කාලයේ. එකල ජේ ආර් ජනාධිපති. මා 1969 -70 කාලයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත් සමයේත් හතරවැනි ජාත්‍යන්තරයේ විශ්වවිද්‍යාලයීය සංගමය වූ ලේබර් ක්ලබ් හි සාමාජිකයකු ව සිටියා. එහි නායකයා වූයේ ඇලන් වුඩ්ස් නමැත්තා. ඔවුන් ලේබර් පක්ෂයේ මිලිටන්ට් කණ්ඩායමත් සමග සම්බන්ධ වූවා. පසුව ඇලන් වුඩ්ස් හා ටෙඩ් ග්‍රාන්ට් මිලිටන්ට් ප්රවණතාවෙන් පන්නා දමනු ලැබුවා. ඇලන් වෙනිසියුලාවේ ජනාධිපති හ්යුගෝ චාවේස් සමග දැඩි සම්බන්ධයක් පැවැත්වුවා.සමහරුන් හිතන්නේ ඇලන් චාවේස්ගේ උපදේශකවරයකු ව සිටි බවයි. මට දැන් ඇලන් සමග සම්බන්ධයක් නැහැ.

මා සසෙක්ස් විශ්වවිද්‍යාලයට ගියේ විශ්වවේදියකු (Cosmologist) වීමටයි. මගේ උපදේශකවරයා වූයේ මහාචාර්ය බිල් මැක්රේ. ඔහු ලන්ඩන් රාජකීය සංගමයේ අධි සාමාජිකයකු (Fellow of Royal Society, London – FRS) වූවා. ඔහු එහි විදේශ ලේකම් තනතුරත් දරා තිබුණා. එමෙන් ම රාජකීය තාරකා විද්‍යා සංගමයේ (Royal Astronomical Society) සභාපති හා වෙනත් තනතුරු රාශියක් දැරූ විශ්ව කීර්තියට පත් වූවෙක්. කලක් මාත් ඒ සංගමයේ අධිසාමාජිකයකු ව (FRAS) සිටියා. අදටත් මා ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමයේ (International Astronomical Union - IAU) සාමාජිකයෙක්. එහෙත් ක්‍රියාකාරී නැහැ. මා තාරකා විද්‍යාව ඉගෙන ඇති නමුත් උගන්වා ඇති නමුත් ලංකාවේ කිසිම ජනමාධ්‍යයකින් මගෙන් තාරකා විද්‍යාව ගැනවත් විශ්වය ගැනවත් කිසිවක් අසා නැහැ. ඒ විශ්වය ගැන බෞද්ධ මතය අනුව යමින් සංකෝචනය වන ප්‍රසාරණය වන ආකෘති ගොඩනගා තිබිය දී.

මහාචාර්ය මැක්රේ මට පුතකුට සේ සැලකුවා. ලන්ඩන් රාජකීය සංගමයේ රාත්‍රි භෝජන සංග්රහවලටත් ඔහු මට ආරාධනය කළා. එහෙත් මට තේරුම් ගියා බටහිර විද්‍යාඥයකු වීමට නොහැකි බව. ඒ ඇයි ද කියා එදා මට තේරුණේ නැහැ. විශ්වවේදියකු වීමට නොහැකි බව තේරුම් යෑමෙන් පසු මා ඉක්මණින් ම ආපසු ලංකාවට ආවා. මහාචාර්ය මැක්රේ විශ්වවිද්‍යාලයේ සනාතන සභාවේ විශේෂ අවසරයක් ලබා දුන්නා නිබන්ධය අවුරුදු එකහමාරකින් ඉදිරිපත් කිරීමට. මගේ ගුරුවරුන් අතර ඔහු අග්‍රගණ්‍ය වෙනවා. මා ඉක්මණින් ආපසු පැමිණීම ගැන කැනඩාවේ ජාතිකවාදී විද්වතකු කියා තිබුණේ එංගලන්තයේ විශ්වවිද්‍යාල අදක්ෂ ශිෂ්‍යයන්ට උපාධි දී ඔවුන් ඉක්මණින් පිටත් කර හරින බවයි! ඇතැම් ජාතිකවාදීන්ට මා රුස්සන්නේ නැහැ. ඒ මා බටහිර විද්‍යාව, ඊනියා මිථ්‍යා මත, දෙවියන්, ඇතැම් රාජපක්ෂලා ගැන දරන මත නිසා.

කොළඹ විශ්වවිද්‍යාලයේ උගන්වන සමයේ (1979 –- 1992) මට තේරුම් ගියා බටහිර විද්‍යාඥයකු වීමට නොහැකි ඇයි කියා. ඒ 1983 තරම. 1980-83 කාලයේත් මා සමාජවාදියකු හා ගණිතමය භෞතික විද්‍යාඥයකු ලෙස හිටියා. එහෙත් කොළඹ විශ්වවිද්‍යාලයේ ක්වොන්ටම් භෞතික විද්‍යාව නැවත ඉගැන්වීමට ගත් පසු මට තේරුණා මට බටහිර විද්‍යාඥයකු වීමට නොහැකි ඇයි කියා. 1983 පමණ සිට මා ජාතිකවාදියකු වීමට පටන් ගත්තා. 1986 පමණ වන විට මා මුළුමනින් ම බටහිර දැනුම් ආධිපත්‍යයෙන් හා බටහිර නූතනත්වයෙන් නිදහස් වුණා. මගේ ලෝකය නිකුත් වුණේ 1986 අග. මා ජාතික චින්තකයකු නො වෙයි. ජාතික චින්තනය යන්න ගුණදාස අමරසේකර සිංහල පාඨකයන්ට හඳුන්වා දුන් වෙනත් සංකල්ප මෙන් ම බටහිර සංකල්පයක සිංහල පරිවර්තනය. මා කලක් ඔහු සමග කිට්ටුවෙන් කටයුතු කළ බැවින් බොහෝ දෙනා මාත් ජාතික චින්තනය සමහ හඳුනාගත්තා. මගේ සංකල්පය චින්තනය යන්නයි. විවිධ සංස්කෘතීන්වල අය පොදුවේ ගත්කල වෙනස් ආකාරවලින් සිතනවා යන්න මගේ අදහසයි. පසුගිය දා ජෙරමි ලෙන්ට් මේ චින්තන රටා ගැන පොතක් ලියා තිබුණා.

1980 සිට 1986 දක්වා මගේ සාංක්රමණික අවධිය. නව සමසමාජ පක්ෂයේ සිට ජාතිකත්වය කරා එක් දවසකින් පැමිණියා නො වෙයි. සමහරුන්ට එය තේරෙන්නේ නැහැ. ඒ කාලයෙහි තාරකී හමු වීම, ඊළාම් අයිතිය ගැන ලිවීම, ටෙඩ් ග්‍රාන්ට්ට රැකවරණ දිම ආදිය ගැන ඇතැමුන් කතා කරන්නේ සාංක්රමණික අවධියක් ගැන අවබෝධයකින් තොරව. 1980ට පෙර මා කටයුතු කර ඇත්තේ බටහිර නූතනත්වයට යට වූවකු ලෙස. 1986 දක්වාත් නූතනත්වයේ සමහර අදහස් මා සතු වුණා. ඊළාම් අයිතිය ගැන මා ලියා ඇත්තේ ඊනියා සමාජවාදියකු ලෙස. මා ඒ සියල්ල ප්රතික්ෂෙප කළා. ඒ බව ප්‍රසිද්ධියේ කියා තියෙනවා. ඒ ප්රතික්ෂෙප කරමින් මාක්ස්වාදයේ දරිද්‍රතාව හා අපෝහකයේ රූපිකය යන පොත් පිංච දෙක ලිව්වා. බටහිර විද්‍යාව ගැන මා ලියූ බොහෝ දේ ඇත්තේ විදුසර පිටුවල. එයට අමතර ව විද්‍යා කතන්දර, බටහිර විද්‍යාව ආසනික් හා දෙවියෝ පොත්වලත් යම් යම් කරුණු අඩංගුයි.

1986 සිට අද දක්වා අවුරුදු තිස් දෙකක් මා ගමන් කරන්නේ එක ම පාරක. එහෙත් මා එක තැනක පල් වන්නේ නැහැ. මා නිතර නව සංකල්ප, නව අදහස් නිර්මාණය කරනවා. ආසනික්, නාථ දෙවියන්, බටහිර විද්‍යාව පට්ටපල් බොරු, ආධ්‍යාත්මික ව දැනුම ලබා ගැනීම, බුද්ධාගම හා ඉතිහාසය පිලිබඳ විවරණ සහ තවත් දේ කැලණිය යුගයේ 2007න් පමණ පසුව බිහි වූ දැනුම. කලක් ජනමාධ්‍ය මා විශ්වය ගැන නොව රට ගැන කියන්නේ කුමක් ද යන්න පිළිබඳ උනන්දු වූවා. අද මා රට ගැන කියන්නේ කුමක් ද යන්නවත් ඔවුන්ට වැඩක් නැහැ. (මතු සම්බන්ධයි)

for those who are interested in Jeremy Lent's book it's name is Patterning Instinct.

you can download it from here (epub): http://gen.lib.rus.ec/book/index.php?md5=728B0C4DFB770CD73369052D72633D2E

Lent's official website: https://www.jeremylent.com

[QUOTE="Pessimist, post: 22966291, member: 566496"] [SIZE="4"][CENTER]අනෙකුන්ගේ නොවන මම [/CENTER] [url]http://www1.kalaya.org/2018/03/blog-post_15.html[/url] මා ඒකාබද්ධ විපක්ෂයේ හා පොදු ජන පෙරමුණේ ඇතැම් දේ ගැන එකඟ වන්නේ නැහැ. ඒ බව මා ප්‍රසිද්ධියේ කියනවා. එයින් මා ආණ්ඩුවේ හිතවතකු සිරිසේනවාදියකු යැයි කියන්නේ ද්වෛතවල හිර වූ පඬියන් පමණයි. මහින්ද රාජපක්ෂ කොටි ත්‍රස්තවාදය පරාජය කළා. එහෙත් ඒ පරාජය කිරීමෙන් පසු ඔහු වෙනත් මගක ගියා. නන්දිකඩාල් ජයග්රහණයෙන් පසු මහින්ද වෙනත් මගක ගියේ ඇයි. ඔහු වටා ඊනියා ස්මාට් ජාතිකවාදීන් එකතු වූයේ කෙසේ ද? නන්දිකඩාල් අද අපට පරාජයක් වී තියෙනවා. නන්දිකඩාල් ජයග්රහණයෙන් පසු නැවතත් දෙමළ ජාතිවාදය හිස ඔසවන්න ඉඩක් තියෙන්න බැහැ. එහෙත් එය එසේ වූවා. මෙය පැහැදිලි කර ගත යුතුයි. මා අද හිතන්නේ අප නන්දිකඩාල් වෙනුවෙන් රට උගස් තියා ඇත කියා. ඒ අරුතින් නන්දිකඩාල් පරාජයක්. සාමාන්‍ය සිංහලයන් හිතන්නේ නන්දිකඩාල් ජයග්‍රහණයක් කියා. මාත් එකල හිතුවේ එසේයි. එහෙත් මා දැන් එසේ හිතන්නේ නැහැ. අප කොටි පරාජය කළා. එහෙත් දෙමළ ජාතිවාදය පරාජය කළේ නැහැ. නන්දිකඩාල් ජයග්‍රහණය කර ඇත්තේ අප නොව ඉන්දියාවයි. ඉන්දියාවට අවශ්‍ය වී තිබුණේ ප්රභාකරන් පරාජය කර දෙමළ ජාතිවාදයට අත දීමයි. 2010 ජනාධිපතිවරණ ජයග්රහණයෙන් පසු අපට මෙය අත්දකින්න පුළුවන් වුණා. අප දහතුන ඉවත් කරනවා වෙනුවට 13+ ගැන කතා කළා. දයාන් ජයතිලකලා ජෙනීවාහි රට නියෝජනය කළා. මහින්ද සවන් දුන්නේ ස්මාට් ජාතිකවාදීන්ට මිස ජාතිකවාදීන්ට නො වෙයි. සාමාන්‍ය ජනයාට එය තේරුමක් වුණේ නැහැ. ඒ වන විට ජාතික ව්‍යාපාරය දේශපාලනඥයන් විසින් ගසාකනු ලැබ තිබුණා. එය පටන් ගත්තේ චම්පකයි. අද මහින්ද ජාතික ව්‍යාපාරය සම්පූර්ණයෙන් ම තමන් යටතට ගෙන. මහින්ද 2015 දී පරාජය වුණා. ඒ පරාජයට මුල් වූයේ ජාතිකත්වය නැති වීමට වඩා වෙනත් දෙයක්. ඒ මුහුණු පොතයි. අද ජාතිකත්වයට ජනතාව ඉන්නවා. ඒත් නායකයන් නැහැ. ගෝඨාභය වටා ඉන්න අයත් කතා කරන්නේ ස්මාට් ජාතිකවාදයක්. මේ ආණ්ඩුව දිනුවේ ප්‍රධාන වශයෙන් ම මුහුණු පොත නිසයි. එහෙත් පසුගිය දා ආණ්ඩුවට මුහුණු පොත තරමක බාධාවක් වුණා. ආණ්ඩුව දැන් මුහුණු පොතට බාධක පණවලා. ඒ ගැන සාකච්ඡා කිරීමට අද සකර්බර්ග්ගේ නියෝජිතයන් ඒමට නියමිතයි. ආණ්ඩුව සකර්බර්ගේත් ආධාරයෙන් රට පාලනය කරාවි. මුහුණු පොතේ පඬියන් අද වක්‍රව රනිල්ට ආධාර කරනවා. මේ පඬියන්ගේ ඉතිහාසය අප දන්නවා. අවශ්‍ය ම වුණොත් කියන්නම්. එයට කලින් මගේ සමාජයීය ඉතිහාසය ගැනත් යමක් කිව යුතුයි. එයට ප්‍රධාන ම හේතුව ඒ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් අසත්‍ය කරුණු ප්‍රචාරය කිරීමයි. මා වයස අවුරුදු දහඅටේ පමණ සිට අවුරුදු තිස්පහක් පමණ වන තුරු මාක්ස්වාදියකු (ට්‍රොට්ස්කිවාදියකු) ව සිටියා. මා සමසමාජ පක්ෂයේ තරුණ සමිති සාමාජිකයකු වූයේ ලංකා විශ්වවිද්‍යාලයේ පළමු වසරෙ සිසුවකු ව සිටිය දී. පසුව නව සමසමාජ පක්ෂයේ ක්‍රියාකාරි වුණා. 1980 ජූලි වැඩ වර්ජනයට මාස කීිහිපයකට පෙර මා මාක්ස්වාදය විද්‍යාත්මක ද යන ලිපිය ලියා නව සමසමාජ පක්ෂයෙන් අස්වුණා. එහෙත් මා මාක්ස්වාදයෙන් සම්පූර්ණයෙන් ම කැඩුණේ නැහැ. පක්ෂයෙන් අස් වී ටික කලකින් අසූව දශකයේ මුළ මා ට්‍රොට්ස්කිවාදියකු වූ කුසල් පෙරේරා සමග යථාර්ථ නමින් සඟරාවක් සංස්කරණය කර පළ කළා. ඉන් එක් කලාපයක ඊළාම් අයිතිය යනුවෙන් ලිපියක් ද පළ කළා. මේ කාලයේ මට නව සමසමාජ පක්ෂයේ සිරිතුංග ජයසූරිය සුමනසිරි ලියනගේ රොනී පෙරේරා ආදීන් මෙන් ම ප්ලොට් සංවිධානයේ තාරකී යන අයත් මුණ ගැසුණා. තාරකී වරක් දෙවරක් කොළඹ විශ්වවිද්‍යාලයට පැමිණ මා හමු වූවා. නව සමසමාජ පක්ෂයෙන් අස්වීමෙන් පසුවත් රජයේ ලිපිකරු සේවා සංගමයේ ගුණසේන මහානාමටත් එංගලන්තයෙන් පැමිණි ටෙඩ් ග්රාන්ටත් මා ගෙදර රැකවරණ ලබා දුන්නා. එහෙත් ඇතැමුන් කියන අන්දමට මෙන් නොව තාරකීට රැකවරණ ලබා දී නැහැ. ටෙඩ් ග්‍රාන්ට් මිලිටන්ට් ප්රවණතාවේ ට්‍රොට්ස්කිවාදී හතරවැනි ජාත්‍යන්තරයේ ප්‍රධානියා. නව සමසමාජ පක්ෂයේ සම්මේලනයකට පැමිණි ඔහුු විසා ප්‍රශ්නයක් උඩ පොලිසියෙන් සැඟ වී සිටියා. ඔහු අපේ ගෙදර සිටියේ ඒ කාලයේ. එකල ජේ ආර් ජනාධිපති. මා 1969 -70 කාලයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත් සමයේත් හතරවැනි ජාත්‍යන්තරයේ විශ්වවිද්‍යාලයීය සංගමය වූ ලේබර් ක්ලබ් හි සාමාජිකයකු ව සිටියා. එහි නායකයා වූයේ ඇලන් වුඩ්ස් නමැත්තා. ඔවුන් ලේබර් පක්ෂයේ මිලිටන්ට් කණ්ඩායමත් සමග සම්බන්ධ වූවා. පසුව ඇලන් වුඩ්ස් හා ටෙඩ් ග්‍රාන්ට් මිලිටන්ට් ප්රවණතාවෙන් පන්නා දමනු ලැබුවා. ඇලන් වෙනිසියුලාවේ ජනාධිපති හ්යුගෝ චාවේස් සමග දැඩි සම්බන්ධයක් පැවැත්වුවා.සමහරුන් හිතන්නේ ඇලන් චාවේස්ගේ උපදේශකවරයකු ව සිටි බවයි. මට දැන් ඇලන් සමග සම්බන්ධයක් නැහැ. මා සසෙක්ස් විශ්වවිද්‍යාලයට ගියේ විශ්වවේදියකු (Cosmologist) වීමටයි. මගේ උපදේශකවරයා වූයේ මහාචාර්ය බිල් මැක්රේ. ඔහු ලන්ඩන් රාජකීය සංගමයේ අධි සාමාජිකයකු (Fellow of Royal Society, London – FRS) වූවා. ඔහු එහි විදේශ ලේකම් තනතුරත් දරා තිබුණා. එමෙන් ම රාජකීය තාරකා විද්‍යා සංගමයේ (Royal Astronomical Society) සභාපති හා වෙනත් තනතුරු රාශියක් දැරූ විශ්ව කීර්තියට පත් වූවෙක්. කලක් මාත් ඒ සංගමයේ අධිසාමාජිකයකු ව (FRAS) සිටියා. අදටත් මා ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමයේ (International Astronomical Union - IAU) සාමාජිකයෙක්. එහෙත් ක්‍රියාකාරී නැහැ. මා තාරකා විද්‍යාව ඉගෙන ඇති නමුත් උගන්වා ඇති නමුත් ලංකාවේ කිසිම ජනමාධ්‍යයකින් මගෙන් තාරකා විද්‍යාව ගැනවත් විශ්වය ගැනවත් කිසිවක් අසා නැහැ. ඒ විශ්වය ගැන බෞද්ධ මතය අනුව යමින් සංකෝචනය වන ප්‍රසාරණය වන ආකෘති ගොඩනගා තිබිය දී. මහාචාර්ය මැක්රේ මට පුතකුට සේ සැලකුවා. ලන්ඩන් රාජකීය සංගමයේ රාත්‍රි භෝජන සංග්රහවලටත් ඔහු මට ආරාධනය කළා. එහෙත් මට තේරුම් ගියා බටහිර විද්‍යාඥයකු වීමට නොහැකි බව. ඒ ඇයි ද කියා එදා මට තේරුණේ නැහැ. විශ්වවේදියකු වීමට නොහැකි බව තේරුම් යෑමෙන් පසු මා ඉක්මණින් ම ආපසු ලංකාවට ආවා. මහාචාර්ය මැක්රේ විශ්වවිද්‍යාලයේ සනාතන සභාවේ විශේෂ අවසරයක් ලබා දුන්නා නිබන්ධය අවුරුදු එකහමාරකින් ඉදිරිපත් කිරීමට. මගේ ගුරුවරුන් අතර ඔහු අග්‍රගණ්‍ය වෙනවා. මා ඉක්මණින් ආපසු පැමිණීම ගැන කැනඩාවේ ජාතිකවාදී විද්වතකු කියා තිබුණේ එංගලන්තයේ විශ්වවිද්‍යාල අදක්ෂ ශිෂ්‍යයන්ට උපාධි දී ඔවුන් ඉක්මණින් පිටත් කර හරින බවයි! ඇතැම් ජාතිකවාදීන්ට මා රුස්සන්නේ නැහැ. ඒ මා බටහිර විද්‍යාව, ඊනියා මිථ්‍යා මත, දෙවියන්, ඇතැම් රාජපක්ෂලා ගැන දරන මත නිසා. කොළඹ විශ්වවිද්‍යාලයේ උගන්වන සමයේ (1979 –- 1992) මට තේරුම් ගියා බටහිර විද්‍යාඥයකු වීමට නොහැකි ඇයි කියා. ඒ 1983 තරම. 1980-83 කාලයේත් මා සමාජවාදියකු හා ගණිතමය භෞතික විද්‍යාඥයකු ලෙස හිටියා. එහෙත් කොළඹ විශ්වවිද්‍යාලයේ ක්වොන්ටම් භෞතික විද්‍යාව නැවත ඉගැන්වීමට ගත් පසු මට තේරුණා මට බටහිර විද්‍යාඥයකු වීමට නොහැකි ඇයි කියා. 1983 පමණ සිට මා ජාතිකවාදියකු වීමට පටන් ගත්තා. 1986 පමණ වන විට මා මුළුමනින් ම බටහිර දැනුම් ආධිපත්‍යයෙන් හා බටහිර නූතනත්වයෙන් නිදහස් වුණා. මගේ ලෝකය නිකුත් වුණේ 1986 අග. මා ජාතික චින්තකයකු නො වෙයි. ජාතික චින්තනය යන්න ගුණදාස අමරසේකර සිංහල පාඨකයන්ට හඳුන්වා දුන් වෙනත් සංකල්ප මෙන් ම බටහිර සංකල්පයක සිංහල පරිවර්තනය. මා කලක් ඔහු සමග කිට්ටුවෙන් කටයුතු කළ බැවින් බොහෝ දෙනා මාත් ජාතික චින්තනය සමහ හඳුනාගත්තා. මගේ සංකල්පය චින්තනය යන්නයි. විවිධ සංස්කෘතීන්වල අය පොදුවේ ගත්කල වෙනස් ආකාරවලින් සිතනවා යන්න මගේ අදහසයි. පසුගිය දා ජෙරමි ලෙන්ට් මේ චින්තන රටා ගැන පොතක් ලියා තිබුණා. 1980 සිට 1986 දක්වා මගේ සාංක්රමණික අවධිය. නව සමසමාජ පක්ෂයේ සිට ජාතිකත්වය කරා එක් දවසකින් පැමිණියා නො වෙයි. සමහරුන්ට එය තේරෙන්නේ නැහැ. ඒ කාලයෙහි තාරකී හමු වීම, ඊළාම් අයිතිය ගැන ලිවීම, ටෙඩ් ග්‍රාන්ට්ට රැකවරණ දිම ආදිය ගැන ඇතැමුන් කතා කරන්නේ සාංක්රමණික අවධියක් ගැන අවබෝධයකින් තොරව. 1980ට පෙර මා කටයුතු කර ඇත්තේ බටහිර නූතනත්වයට යට වූවකු ලෙස. 1986 දක්වාත් නූතනත්වයේ සමහර අදහස් මා සතු වුණා. ඊළාම් අයිතිය ගැන මා ලියා ඇත්තේ ඊනියා සමාජවාදියකු ලෙස. මා ඒ සියල්ල ප්රතික්ෂෙප කළා. ඒ බව ප්‍රසිද්ධියේ කියා තියෙනවා. ඒ ප්රතික්ෂෙප කරමින් මාක්ස්වාදයේ දරිද්‍රතාව හා අපෝහකයේ රූපිකය යන පොත් පිංච දෙක ලිව්වා. බටහිර විද්‍යාව ගැන මා ලියූ බොහෝ දේ ඇත්තේ විදුසර පිටුවල. එයට අමතර ව විද්‍යා කතන්දර, බටහිර විද්‍යාව ආසනික් හා දෙවියෝ පොත්වලත් යම් යම් කරුණු අඩංගුයි. 1986 සිට අද දක්වා අවුරුදු තිස් දෙකක් මා ගමන් කරන්නේ එක ම පාරක. එහෙත් මා එක තැනක පල් වන්නේ නැහැ. මා නිතර නව සංකල්ප, නව අදහස් නිර්මාණය කරනවා. ආසනික්, නාථ දෙවියන්, බටහිර විද්‍යාව පට්ටපල් බොරු, ආධ්‍යාත්මික ව දැනුම ලබා ගැනීම, බුද්ධාගම හා ඉතිහාසය පිලිබඳ විවරණ සහ තවත් දේ කැලණිය යුගයේ 2007න් පමණ පසුව බිහි වූ දැනුම. කලක් ජනමාධ්‍ය මා විශ්වය ගැන නොව රට ගැන කියන්නේ කුමක් ද යන්න පිළිබඳ උනන්දු වූවා. අද මා රට ගැන කියන්නේ කුමක් ද යන්නවත් ඔවුන්ට වැඩක් නැහැ. (මතු සම්බන්ධයි) [/SIZE] [SIZE="4"]for those who are interested in Jeremy Lent's book it's name is Patterning Instinct. you can download it from here (epub): [url]http://gen.lib.rus.ec/book/index.php?md5=728B0C4DFB770CD73369052D72633D2E[/url] Lent's official website: [url]https://www.jeremylent.com[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom