Awasanawata aththa kathawak - අවාසනාවට ඇත්ත කතාවක්...
ජර්මනියේ නෙමෙයි ගල්ෆ් කලාපයේ රටකදී බෙන්ස් කාර් එකක් ගන්න ගෙවන මිල වියදම් කරලා ලංකාවෙදී ගන්න පුලුවන් ඉන්දියන් ඇල්ටෝ කාර් එකක් විතරයි.
වෙන රටක ජපන් ටොයෝටා කාර් එක්ක් ගන්න ගෙවන ගාණෙන් ලංකාවෙදී ගන්න පුලුවන් මෝටර් සයිකලයක් විතරයි.
වෙන රටවල බෙන්ස් , වෝල්වෝ , ඉසුසු බස් පොදු ප්‍රවාහන සේවා සපයනකොට අපේ රටේ ගමන් බිමන් යන්න තියෙන්නේ ටාටා , ලේලන්ඩ් කොම්පැණි වලින් හදන බස් වලත් නෙමෙයි බස් බොඩිය ගහපු ලොරි චැසි වල.
වෙන රටවල පාසල් අධ්‍යාපනය මූලික වශයෙන් ඉලක්ක කරන්නේ ලෝකයේ තාක්ෂණික දියුණුව තම රටේ දරු පරම්පරාවේ මොලයට කාවද්දන්න උනාට අපේ රටේ පාසල් කියන්නේ ශිෂ්‍යන්ගේ කලිසමේ දිග මනින , කොණ්ඩේ ගාලා තියෙන්නේ ජෙල්ද , තෙල්ද බලන , පන්සිල් ගන්නකොට අත් දෙක නලලේ තියාගන්නවද බලන ජාතියේ විකාර වැඩ තියෙන හිට්ලර්ගේ වධ කදවුරු ජාතියේ එව්වට.
වෙන රටවල පාර්ලිමේන්තුවේ මුදල් ඇමති අයවැය කියවනකොට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ඒක සාධාරණීකරනය කරන්න පොයින්ට් හොයන අස්සේ විපක්ෂේ මන්ත්‍රීවරු එකේ පිටු පෙරල පෙරල වැරදි හෙව්වට අපේ දෙපැත්තෙම ඉන්න එවුන් ගොරව ගොරවා බුදියනවා මදිවට ඒකට කැමතිද අකමැතිද කියලා කියන්න පාර්ලිමේන්තු එන්නෙත් නෑ.
සාමාන්‍ය පඩියක් ගන්න මිනිහෙක්ට ඒකෙන් කැමති කෑමක් කාලා , විනෝද ගමනක් ගිහින් සති අන්තේ දවසක පවුල පිටින් හෝල් එකට ගිහිල්ලා චිත්‍රපටියක් බලලා එනවා වගේ දේවල් හීන විතරයි.
පඩියෙන් කන්න තියා ලෙවකන්නවත් බෑ.
මාසේ කෑම වියදමවත් පිරිමහගන්න බැරි සයිස් පඩියක් ගන්න මිනිහට දියමන්ති වලට වඩා වටින තරමට මිල ඉහල ගිය වාහනයක් ගන්න ජීවිතේට බෑ.
ජීවිතේ මැරෙනකල්ම බස් බොඩිය ගහපු ලොරි චැසියේ තමා ගමන් බිමන්.
නිදහස් සෞඛ්‍ය , නිදහස් අධ්‍යාපනය කියලා දෙකක් තියෙනවා කිව්වට ඉස්පිරිතාලේ තියෙන්නේ ඇදන් විතරයි .
බෙහෙත් ටික ෆාමසියෙන් .
පරීක්ෂණ ටික පුද්ගලික ලැබ් එකෙන්.
පාසලේ තියෙන්නේ ඩෙස් , පුටු විතරයි.
ටියුෂන් නොගියොත් සිලබස් කවර් වෙන්නෙත් නෑ.
විනෝදයක් , වින්දනයක් නැති පොතක් පතක් බලන්නේ නැති , චිත්‍රපටියක් බලන්න වෙලාවක් නැති , නිවාඩුවට ගමනක් බිමනක් යන්න අතේ සල්ලි නැති හාල් හුණ්ඩුවට , තුනපහ ටිකට හරක් වගේ වැඩ කරන්න වෙලා තියෙන ජාතියක් මැටි මෝල්ලු වෙන එක අහන්න දෙයක්ද ?
එහෙව් රටේ ගීතා කුමාරසිංහලා , පබාලා , ප්‍රසන්න රණවීරලා පාර්ලිමේන්තු ආවේ නැත්නම් ඒක ලොකු කේස් එකක්.
එහෙම නාවා නම් ඇත්තටම මිනිස්සුන්ගේ මොලේ චෙක් කරන්න ඕන..
එහෙම උන් එන එක හරිම ස්වභාවිකයි.
චිත්‍රපටියක් බලලා විනෝද වෙන්න වෙලාවක් , මුදලක් නැති මිනිස්සු විනෝද වෙන්නේ අර ජාතියේ ඈයෝ පාර්ලිමේන්තු යවලා උන් කියන කතන්දර අහගෙන ඉදලා.
වෙන රටක විස්කියක් ගහන්න යන ගානට ගල් බෝතලේ උඩ ගියපු නිසා ගල් නොගහා කසිප්පු බීලා සිගරට් ගිණි ගනං නිසා බීඩියක් පත්තු කරගෙන ඒ අහිංසක මිනිස්සු ජොලියටත් එක්ක බලන්නේ අර හාදයෝ ස්ටේජ් වල කියන කතා.
ජොලියක් කියලා ඒ ජීවිත වලට තියෙන්නේ එච්චරයි.
ඉතින් වාමාංශිකයෝ ඒ වගේ අනාථ මිනිස්සුන්ට මීහරක් , මෝඩයෝ වගේ වචන වලින් බනින එක වැරදියි.
උපුටාගැනීම මුහුනුපොතෙනි.. (https://www.facebook.com/pansilu.dinith.3)