Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ayi mama ආදරේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි මම සිංහලයට,තම්බියට,දෙමළට, කතෝලිකයට ආදරේ???

මං ආදරෙයි....

මතකයි ගාල්ලෙ ගෙව්ව මගෙ පුංචි කාළෙ..මට ලෙඩක් හැදුන හැම වෙලේම ඒ තරම් මුදලක් අතේ නොතිබිච්ච මගේ තාත්ත මාව පුට් සයිකලේ තියාගෙන බෙහෙත් ගන්න එක්කන් ගියේ සරෙන්තු කඩේ හංදියෙ සුල්තාන් මුස්ලිම් දොස්තර මහත්තය ලඟට..ඊට අමාරු වෙලාවල් වලදි මාව එක්කන් ගියේ ගාල්ලෙ කවුරුත් දන්න රගුනාදන් දෙමළ දොස්තර නෝනයි මහත්තයි ලඟට..

මහමෝදර ඉස්පිරිතාලෙදි මම මේ ලෝකෙට එද්දි මාව පරිස්සමට ගන්න සිංහල පුංචිහේවා දොස්තර නෝන ආවෙ මගේ ලඟට..මාව පරිස්සමට මේ ලෝකෙට ගෙනත් ලොකු වෙනකම් මාව රැකපු මුස්ලිම් සුල්තාන් මහත්තයව,රගුනාදන් දෙමළ මිනිස්සු දෙන්නව සිංහල පුංචිහේවා දොස්තර නෝනව මම කොහොම බෙදල වෙන් කරන්නද..

මං ආදරෙයි..

මට මතක් වෙන්නෙ මගෙ පුංචි කාළය..

පහු කාලෙක ඩෙංගු හැදිල කරාපිටිය ඉස්පිරිතාලෙ ජීවිතයත් මරණයත් අතර ඉද්දි මාව බේරාගත්තෙ මුස්ලිම් රහීමා දොස්තර නෝන..උණ අඩු වෙන්න නිතර නිතර මගෙ ඇඟ උඩ තෙත ගෝස් තිබ්බෙ සිංහල නර්ස් නෝනල..ලඟකදි මීගමුවේ ආවේ මරිය ඉස්පිරිතාලෙදි අසාධ්‍ය වෙන්න කලින් මගෙ උදර අමාරුව හොයා ගත්තෙ කතෝලික රංජන් දොස්තර මහත්තය..

මම හලාල්ද,බෞද්ධද,බෞතීස්මද කියල නොබල මගේ ජීවිතය රැක්ක මුස්ලිම් රහීමා දොස්තර නෝනව,සිංහල නර්ස් නොන්නලව වගෙම කතෝලික රංජන් දොස්තර මහත්තයව මම කොහොම බෙදල වෙන් කරන්නද..

මං ආදරෙයි..

මට මතක් වෙන්නෙ මරණෙන් බේරුන මගෙ ජීවිතය..

පාසලේ මගෙ මුල්ම ගුරුතුමිය පියසීලි ගුරුතුමිය..අදටත් මට මතකයි.. මගෙ සිංහල දැනුම හැදුවෙ තිලකරත්න ගුරුතුමා..පාසලේදි මගෙ ඉංග්‍රීසි දැනුම හැදුවෙ ෆර්දාවෙන් ඔලුව වහන් ආව මුස්ලිම් ජාබීර් ගුරුතුමිය..මම එදා දෙමළ විෂය ගැන උනන්දු නොවුනත් මට දෙමළ දැනුම දුන්නෙ චන්ද්‍රිකා ගුරුතුමිය..මගෙ ඔලුව ඇතුලෙ තියෙන සිංහල,ඉංග්‍රීසි වගෙම දෙමළ දැනුම සිංහල,මුස්ලිම්, දෙමළ කියල මම කොහොම බෙදල වෙන් කරන්නද..

මං ආදරෙයි..

මට මතක් වෙන්නෙ මගෙ ගුරුවරු..

මාත් එක්ක පාසලේ අකුරු කරන්න දෙමළ සහෝදරවරු නොහිටියට මට හිටිය සහෝදරවරු ගොඩක්..කතෝලිකයෙක් උන අදීශ එක්ක මොන තරම් විකාර කළාද..ෆර්හාන්,ෂක්මි,මුනාජ් මුස්ලිම් සහෝදරවරු එක්ක මොන තරම් පිස්සු නැටුවද..එක බත් පත කෑවෙ අපි.. කතෝලික,මුස්ලිම් සිංහල කියල පාසල් සහෝදරවරු මම කොහොම බෙදල වෙන් කරන්නද..

මං ආදරෙයි..

මට මතක් වෙන්නෙ පාසල් සහෝදරවරු..

මගේ අයිය පාසල් ක්‍රිකට් ගහද්දි මම දැක්කෙ ලස්සනට බෝලෙට ගහපු මුස්ලිම් ෆයිසර් අයියව..මම පාසල් ක්‍රිකට් ගහද්දි මම දැක්කෙ ලස්සනට බෝලෙට ගහපු මුස්ලිම් රුසාන් අයියව..මම කඩුලු රකිද්දි වැඩිපුරම උඩ පන්දු ගත්තෙ අලුත් බෝලෙ වටේටම පා කරපු මුස්ලිම් ෆවුසාන්ගෙ..පාසල් ක්‍රිකට් කන්ඩායමේ ෆයිසර් අයිය,රුසාන් අයිය වගෙම ෆවුසාන්ව මුස්ලිම් කියල මම කොහොම බෙදල වෙන් කරන්නද..

මං ආදරෙයි..

මට මතක් වෙන්නෙ මගෙ පාසලේ ක්‍රිකට්..

ක්‍රිකට් පිස්සුවෙන් උන්නු මම දෙමළ මුරලි ගාල්ලෙ පිට්ටනියෙදි සමුගද්දි කඳුලු පුරවන් අත්පුඩි ගැහුව මතකයි..ඉස්කොලේ ආරම්භක පිතිකරු උන මම මුස්ලිම් දිලශාන් රටේ ආරම්භක පිතිකරු විදියට පිටියට එද්දි උඩ පැන පැන අත්පුඩි ගැහුව මතකයි..කාළෙකට පස්සෙ ලෝක කුසලානෙ කතෝලික ඇන්ජලෝ අතින් ලංකාවට ගෙනෙද්දි පුටුව උඩට නැගල අත්පුඩි ගැහුව මතකයි..දෙමළ මුරලිට,මුස්ලිම් දිල්ශාන්ට,කතෝලික ඇන්ජිට අත්පුඩි ගහපු මගෙ අත්දෙක මම කොහොම දෙමළ,මුස්ලිම්,කතෝලික කියල බෙදල වෙන් කරන්නද..

මං ආදරෙයි..

මට මතක් වෙන්නෙ අපේ රටේ ක්‍රිකට්..

අවුරුදු 15ක්ම මම හිටියෙ අනුන්ගෙ ගෙවල් වල..අවුරුදු 10ක් තිස්සෙ අමාරුවෙන් හදපු අපේම ගෙදර අද සිංහල මම..මට මතක් වෙන්නෙ අපේ ගෙදර හදන්න වැලි ඇද්ද දෙමළ මුරුගේසුව..අලුත්ගම පහු කරද්දි මම දකින්නෙ අවුරුදු ගාණක් මහන්සියෙන් හදපු ගෙවල් පිච්චුන මුස්ලිම් මිනිස්සුන්ව..යාපනයට ගිය හැම වෙලේකම මම දැක්කෙ කූඩාරමක ඉන්න දෙමළ මිනිස්සුන්ව..අවුරුදු 15ක් ගෙදරක් නැතුව අනුන්ගෙ අගුවල උන්නු මට මතක් වෙන්නෙ මගෙ ගෙදර..මම කොහොම දෙමළ,මුස්ලිම් සහෝදර ගෙවල් ගිනි තියන්නද..

මං ආදරෙයි..

මට මතක් වෙන්නෙ මගෙ ගෙදර..

කෝච්චියෙ එද්දි හාමුදුරුවන්ට ආසනය දෙද්දි මම දැක්කෙ හිටගෙන යන ලෝගුව ඇඳපු කතෝලික පියතුමන්ව..අලුත්ගමදි බස් එකට නැග්ග මුස්ලිම් මවුලවිට බස් එකේ මිනිස්සු ඔරවද්දි වැල්ලවත්තෙදි දැක්කෙ වේට්ටිය ඇඳන් බස් එකට නැග්ග හින්දු සාමිට අහක බලන මිනිස්සුන්ව..මට මතක් උනේ අපෙ හාමුදුරුවන්ව..මම කොහොම බයිබලය උගන්වන පියතුමන්ව,ඉස්ලාම් උගන්වන මවුලවිව,හින්ඳු උගන්වන සාමිව වගෙම බුදු දහම උගන්වන හාමුදුරුවන්ව බෙදල වෙන් කරන්නද..

මං ආදරෙයි..

මට මතක් වෙන්නෙ බෞද්ධ දර්ශණය..

මට මතක් වෙන්නෙ ගාල්ලෙ බෙලිගහ හංදියේ මුස්ලිම් හෝටලයෙ මුස්ලිම් අතින් හදපු කොත්තුව.බොරැල්ලට ඇවිත් ආරිය භවන් එකෙ දෙමළ අතින් හදපු තෝසෙ කද්දි මට මතක් උනේ මීගමුවෙ පෙරියමුල්ලෙ මුස්ලිම් හෝටලයෙ මුස්ලිම් අතින් හදන කොත්තුව..මට මතක් වෙන්නෙ යාපනයේ ඥානම්ස් හෝටලයෙ දෙමළ අතින් හදල කෑව තෝසෙ රොටියෙ රහ..මාතර සිංහල බත් කඩෙන් වගෙම මුස්ලිම්,දෙමළ කඩෙන් කාල මගේ ඇඟේ වැඩුන ලේ ධාතුව මම කොහොම සිංහල,මුස්ලිම්,දෙමළ කියල බෙදල වෙන් කරන්නද..

මං ආදරෙයි..

මට මතක් වෙන්නෙ කුස පුරවපු ඒ මිනිස්සුන්ව..

ජනමාධ්‍ය විද්යාලයදි මට ජනමාධ්‍ය ආචාරධර්ම උගන්නපු මුස්ලිම් යහිය ගුරුතුමන්ව මට මතකයි.වීඩියෝකරණය උගන්නපු දෙමළ මනී ගුරුතුමන්ව වගෙම මාධ්‍යවේදියෙක් විදියට ලියන්න උගන්නපු සිංහල මෙත්ලාල් ගුරුතුමන්ව මට මතකයි..මම කොහොම මගේ ජනමාධ්‍ය දැනුම සිංහල,මුස්ලිම්,දෙමළ කියල බෙදල වෙන් කරන්නද..

මං ආදරෙයි..

මට මතක් වෙන්නෙ මගෙ ජනමාධ්‍යකරණයේ ආරම්භය..

එතනදි මට හමු උන මුස්ලිම් සුල්ෆර් සහෝදරය එක්ක,දෙමළ ජයසූරියන් සහෝදරය එක්ක,කතෝලික ශ්‍රී සහෝදරිය එක්ක එකට ජනමාධ්‍යට පා තිබ්බ මතකයි.. සහෝරියන් නැති මම යුගාන්තිනී,රිශාන්තිනී,සුජිතා එක්ක දෙමළ කාර්තික් සහෝදරය දුන්න වේට්ටිය ඇඳන් මුස්ලිම් සලීම්,අර්හම් සහෝදරවරු වගෙම සිංහල නුවන්ති,අමන්ද,නුවන්ත,සජිත්,රජිත සහෝදරවරු එක්ක කෙසෙල් කොලේ උඩ පොන්ගල් බත් කෑව මතකයි..මම කොහොම සිංහල,දෙමළ,මුස්ලිම් කතෝලික සහෝදරවරු බෙදල වෙන් කරන්නද..

මං ආදරෙයි..

මට මතක් වෙන්නෙ මගෙ සහෝදරයව..

කොළඹ සරසවියට ආවම නීති පීඨයෙ දෙමළ සර්වේස් ඇදුරුතුමන් උගන්වන නීතිය,දෙමළ අමිර්තලිංගම් ඇදුරුතුමන් උගන්වන ගැටුම් හා සාමය,මුස්ලිම් හකීම් ඇදුරුතුමන් උගන්වන පාරිසරික සාධක විෂය වගෙම සිංහල ප්‍රේමරත්න ඇදුරුතුමන් උගන්වන මානව හිමිකම් දැනුම මම කොහොම සිංහල,දෙමළ,මුස්ලිම් කියල බෙදල වෙන් කරන්නද..

මං ආදරෙයි..

මට මතක් වෙන්නෙ මම ඉගෙන ගන්න දැනුම..

රිජ්වේ ඉස්පිරිතාලෙ පහළ උප්පැන්න ලියාපදිංචි කාමරය ලඟ මනුස්සයෙක් මොකද්දෝ මහා බරකක් ඔලුවෙ තියාගෙන දහ අතේ කල්පනා කරනව දැක්කම මට මතක් වුනේ මගෙ තාත්තව..සිංහල අකුරෙන් තියෙන උප්පැන්න කොලටික පුරවගන්න බැරුව රාජසේකර් දෙමළ තාත්තා මගේ දිහා කඳුළු පුරෝගෙන අසරණව බලද්දි මට මතක් වුනේ මගෙ සිංහල තාත්තගෙ ඇස් දෙක.දෙමළ වෙලා ඉපදුන රාජසේකර් තාත්තා තමන්ගෙ දරුවට ජාතකේ දෙන්න බැරුව සිංහල අපි ගැන කොහොම හිතනව ඇත්ද..ඒ දරුව සිංහල අපි ගැන කොහොම හිතාවිද.. මම ඉපදුන වෙලාවෙ මගෙ තාත්තා දෙමළ වුනා නම් මමත් මගේ තාත්තත් කොච්චර අසරන වේවිද..

මං ආදරෙයි..

මට මතක් වෙන්නෙ මගේ තාත්තව..

කලු ෆර්දාවෙන් මූන වහපු ෆාතිමා අම්ම අත දරුවත් වඩන් බේරුවලදි බස් එකට නැග්ග වෙලාවෙ බස් එකේ උන් ඔක්කොම අහක බැලුවම මට මතක් වුනේ මගෙ සිංහල අම්මව..ෆාතිමා අම්ම හිටගෙන එක අතකින් දරුව වාත්තන් කරන් අනිත් අතෙන් සීට් එක අල්ලන් දූවිලි වැදුනු වීදුරුවෙන් ඈත බලන් හූල්ලද්දි ඒ ඇස් දෙකෙන් මම දැක්කෙ මගෙ අම්මව..මම ඉපදුන වෙලාවෙ මගෙ අම්ම මුස්ලිම් වුණා නම් මමත්,මගෙ අම්මත් කොච්චර අසරණ වේවිද..ඒ දරුව සිංහල අපි ගැන කොහොම හිතාවිද..

මං ආදරෙයි..

මට මතක් වෙන්නෙ මගෙ අම්මව..

බෙදල වෙන්කරන්න බැරි දේවල් තව ගොඩයි..

සිංහල මහ ජාතිය විදියට කවුදෝ අපිව බෙදල වෙන් කරල..දෙමළ මිනිස්සු උතුර ඉල්ලන කොටි විදියට අපිව බෙදල වෙන් කරල..මුස්ලිම් මිනිස්සු නැගෙනහිර ඉල්ලන ජාතිවාදියො විදියට බෙදල වෙන කරල..අපිට හැමදාම ඇහන්නෙ දෙමළ මනුස්සය කොටිය විදියට..කොහෙන්දෝ ආව කට්ටියක් මුස්ලිම් මිනිස්සු හලාල් කරල..එකම රටක සහෝදර අපිව බෙදල වෙන්කරල ලංසු තියල හැමදාම එකම පිරිසක් මාරුවෙන් මාරුවට් රජ වෙනව.මට මතක් වෙන්නෙ මාරුවෙන් මාරුවට අපිව උගසට තියල කාලෙන් කාලෙට රජ උන උදවිය අපි එකතු උන දවසට දුවන හැටි..මම කොහොම සහෝදර අපිව බෙදල වෙන් කරන්නද..

කවදද අපි අපිට ආදරේ කරන්නෙ..කවදද අපි එකතු වෙන්නෙ..කවදද අපි අපේම සහෝදර දෙමළ,මුස්ලිම්,කතෝලික මිනිස්සු එක්ක සංහිඳෙන්නෙ..

එන්න..එකතු වෙන්න..ආදරේ කරන්න..වෙනස් වෙන්න..

මං ආදරෙයි..

මට මතක් වෙන්නෙ අපි ආදරෙන් වෙලිල ඉන්න අනාගතයක්.!

[QUOTE="adidaz, post: 22510349, member: 562614"] [img]https://i.imgur.com/VQop97u.jpg[/img] [SIZE="3"]ඇයි මම සිංහලයට,තම්බියට,දෙමළට, කතෝලිකයට ආදරේ??? මං ආදරෙයි.... මතකයි ගාල්ලෙ ගෙව්ව මගෙ පුංචි කාළෙ..මට ලෙඩක් හැදුන හැම වෙලේම ඒ තරම් මුදලක් අතේ නොතිබිච්ච මගේ තාත්ත මාව පුට් සයිකලේ තියාගෙන බෙහෙත් ගන්න එක්කන් ගියේ සරෙන්තු කඩේ හංදියෙ සුල්තාන් මුස්ලිම් දොස්තර මහත්තය ලඟට..ඊට අමාරු වෙලාවල් වලදි මාව එක්කන් ගියේ ගාල්ලෙ කවුරුත් දන්න රගුනාදන් දෙමළ දොස්තර නෝනයි මහත්තයි ලඟට.. මහමෝදර ඉස්පිරිතාලෙදි මම මේ ලෝකෙට එද්දි මාව පරිස්සමට ගන්න සිංහල පුංචිහේවා දොස්තර නෝන ආවෙ මගේ ලඟට..මාව පරිස්සමට මේ ලෝකෙට ගෙනත් ලොකු වෙනකම් මාව රැකපු මුස්ලිම් සුල්තාන් මහත්තයව,රගුනාදන් දෙමළ මිනිස්සු දෙන්නව සිංහල පුංචිහේවා දොස්තර නෝනව මම කොහොම බෙදල වෙන් කරන්නද.. මං ආදරෙයි.. මට මතක් වෙන්නෙ මගෙ පුංචි කාළය.. පහු කාලෙක ඩෙංගු හැදිල කරාපිටිය ඉස්පිරිතාලෙ ජීවිතයත් මරණයත් අතර ඉද්දි මාව බේරාගත්තෙ මුස්ලිම් රහීමා දොස්තර නෝන..උණ අඩු වෙන්න නිතර නිතර මගෙ ඇඟ උඩ තෙත ගෝස් තිබ්බෙ සිංහල නර්ස් නෝනල..ලඟකදි මීගමුවේ ආවේ මරිය ඉස්පිරිතාලෙදි අසාධ්‍ය වෙන්න කලින් මගෙ උදර අමාරුව හොයා ගත්තෙ කතෝලික රංජන් දොස්තර මහත්තය.. මම හලාල්ද,බෞද්ධද,බෞතීස්මද කියල නොබල මගේ ජීවිතය රැක්ක මුස්ලිම් රහීමා දොස්තර නෝනව,සිංහල නර්ස් නොන්නලව වගෙම කතෝලික රංජන් දොස්තර මහත්තයව මම කොහොම බෙදල වෙන් කරන්නද.. මං ආදරෙයි.. මට මතක් වෙන්නෙ මරණෙන් බේරුන මගෙ ජීවිතය.. පාසලේ මගෙ මුල්ම ගුරුතුමිය පියසීලි ගුරුතුමිය..අදටත් මට මතකයි.. මගෙ සිංහල දැනුම හැදුවෙ තිලකරත්න ගුරුතුමා..පාසලේදි මගෙ ඉංග්‍රීසි දැනුම හැදුවෙ ෆර්දාවෙන් ඔලුව වහන් ආව මුස්ලිම් ජාබීර් ගුරුතුමිය..මම එදා දෙමළ විෂය ගැන උනන්දු නොවුනත් මට දෙමළ දැනුම දුන්නෙ චන්ද්‍රිකා ගුරුතුමිය..මගෙ ඔලුව ඇතුලෙ තියෙන සිංහල,ඉංග්‍රීසි වගෙම දෙමළ දැනුම සිංහල,මුස්ලිම්, දෙමළ කියල මම කොහොම බෙදල වෙන් කරන්නද.. මං ආදරෙයි.. මට මතක් වෙන්නෙ මගෙ ගුරුවරු.. මාත් එක්ක පාසලේ අකුරු කරන්න දෙමළ සහෝදරවරු නොහිටියට මට හිටිය සහෝදරවරු ගොඩක්..කතෝලිකයෙක් උන අදීශ එක්ක මොන තරම් විකාර කළාද..ෆර්හාන්,ෂක්මි,මුනාජ් මුස්ලිම් සහෝදරවරු එක්ක මොන තරම් පිස්සු නැටුවද..එක බත් පත කෑවෙ අපි.. කතෝලික,මුස්ලිම් සිංහල කියල පාසල් සහෝදරවරු මම කොහොම බෙදල වෙන් කරන්නද.. මං ආදරෙයි.. මට මතක් වෙන්නෙ පාසල් සහෝදරවරු.. මගේ අයිය පාසල් ක්‍රිකට් ගහද්දි මම දැක්කෙ ලස්සනට බෝලෙට ගහපු මුස්ලිම් ෆයිසර් අයියව..මම පාසල් ක්‍රිකට් ගහද්දි මම දැක්කෙ ලස්සනට බෝලෙට ගහපු මුස්ලිම් රුසාන් අයියව..මම කඩුලු රකිද්දි වැඩිපුරම උඩ පන්දු ගත්තෙ අලුත් බෝලෙ වටේටම පා කරපු මුස්ලිම් ෆවුසාන්ගෙ..පාසල් ක්‍රිකට් කන්ඩායමේ ෆයිසර් අයිය,රුසාන් අයිය වගෙම ෆවුසාන්ව මුස්ලිම් කියල මම කොහොම බෙදල වෙන් කරන්නද.. මං ආදරෙයි.. මට මතක් වෙන්නෙ මගෙ පාසලේ ක්‍රිකට්.. ක්‍රිකට් පිස්සුවෙන් උන්නු මම දෙමළ මුරලි ගාල්ලෙ පිට්ටනියෙදි සමුගද්දි කඳුලු පුරවන් අත්පුඩි ගැහුව මතකයි..ඉස්කොලේ ආරම්භක පිතිකරු උන මම මුස්ලිම් දිලශාන් රටේ ආරම්භක පිතිකරු විදියට පිටියට එද්දි උඩ පැන පැන අත්පුඩි ගැහුව මතකයි..කාළෙකට පස්සෙ ලෝක කුසලානෙ කතෝලික ඇන්ජලෝ අතින් ලංකාවට ගෙනෙද්දි පුටුව උඩට නැගල අත්පුඩි ගැහුව මතකයි..දෙමළ මුරලිට,මුස්ලිම් දිල්ශාන්ට,කතෝලික ඇන්ජිට අත්පුඩි ගහපු මගෙ අත්දෙක මම කොහොම දෙමළ,මුස්ලිම්,කතෝලික කියල බෙදල වෙන් කරන්නද.. මං ආදරෙයි.. මට මතක් වෙන්නෙ අපේ රටේ ක්‍රිකට්.. අවුරුදු 15ක්ම මම හිටියෙ අනුන්ගෙ ගෙවල් වල..අවුරුදු 10ක් තිස්සෙ අමාරුවෙන් හදපු අපේම ගෙදර අද සිංහල මම..මට මතක් වෙන්නෙ අපේ ගෙදර හදන්න වැලි ඇද්ද දෙමළ මුරුගේසුව..අලුත්ගම පහු කරද්දි මම දකින්නෙ අවුරුදු ගාණක් මහන්සියෙන් හදපු ගෙවල් පිච්චුන මුස්ලිම් මිනිස්සුන්ව..යාපනයට ගිය හැම වෙලේකම මම දැක්කෙ කූඩාරමක ඉන්න දෙමළ මිනිස්සුන්ව..අවුරුදු 15ක් ගෙදරක් නැතුව අනුන්ගෙ අගුවල උන්නු මට මතක් වෙන්නෙ මගෙ ගෙදර..මම කොහොම දෙමළ,මුස්ලිම් සහෝදර ගෙවල් ගිනි තියන්නද.. මං ආදරෙයි.. මට මතක් වෙන්නෙ මගෙ ගෙදර.. කෝච්චියෙ එද්දි හාමුදුරුවන්ට ආසනය දෙද්දි මම දැක්කෙ හිටගෙන යන ලෝගුව ඇඳපු කතෝලික පියතුමන්ව..අලුත්ගමදි බස් එකට නැග්ග මුස්ලිම් මවුලවිට බස් එකේ මිනිස්සු ඔරවද්දි වැල්ලවත්තෙදි දැක්කෙ වේට්ටිය ඇඳන් බස් එකට නැග්ග හින්දු සාමිට අහක බලන මිනිස්සුන්ව..මට මතක් උනේ අපෙ හාමුදුරුවන්ව..මම කොහොම බයිබලය උගන්වන පියතුමන්ව,ඉස්ලාම් උගන්වන මවුලවිව,හින්ඳු උගන්වන සාමිව වගෙම බුදු දහම උගන්වන හාමුදුරුවන්ව බෙදල වෙන් කරන්නද.. මං ආදරෙයි.. මට මතක් වෙන්නෙ බෞද්ධ දර්ශණය.. මට මතක් වෙන්නෙ ගාල්ලෙ බෙලිගහ හංදියේ මුස්ලිම් හෝටලයෙ මුස්ලිම් අතින් හදපු කොත්තුව.බොරැල්ලට ඇවිත් ආරිය භවන් එකෙ දෙමළ අතින් හදපු තෝසෙ කද්දි මට මතක් උනේ මීගමුවෙ පෙරියමුල්ලෙ මුස්ලිම් හෝටලයෙ මුස්ලිම් අතින් හදන කොත්තුව..මට මතක් වෙන්නෙ යාපනයේ ඥානම්ස් හෝටලයෙ දෙමළ අතින් හදල කෑව තෝසෙ රොටියෙ රහ..මාතර සිංහල බත් කඩෙන් වගෙම මුස්ලිම්,දෙමළ කඩෙන් කාල මගේ ඇඟේ වැඩුන ලේ ධාතුව මම කොහොම සිංහල,මුස්ලිම්,දෙමළ කියල බෙදල වෙන් කරන්නද.. මං ආදරෙයි.. මට මතක් වෙන්නෙ කුස පුරවපු ඒ මිනිස්සුන්ව.. ජනමාධ්‍ය විද්යාලයදි මට ජනමාධ්‍ය ආචාරධර්ම උගන්නපු මුස්ලිම් යහිය ගුරුතුමන්ව මට මතකයි.වීඩියෝකරණය උගන්නපු දෙමළ මනී ගුරුතුමන්ව වගෙම මාධ්‍යවේදියෙක් විදියට ලියන්න උගන්නපු සිංහල මෙත්ලාල් ගුරුතුමන්ව මට මතකයි..මම කොහොම මගේ ජනමාධ්‍ය දැනුම සිංහල,මුස්ලිම්,දෙමළ කියල බෙදල වෙන් කරන්නද.. මං ආදරෙයි.. මට මතක් වෙන්නෙ මගෙ ජනමාධ්‍යකරණයේ ආරම්භය.. එතනදි මට හමු උන මුස්ලිම් සුල්ෆර් සහෝදරය එක්ක,දෙමළ ජයසූරියන් සහෝදරය එක්ක,කතෝලික ශ්‍රී සහෝදරිය එක්ක එකට ජනමාධ්‍යට පා තිබ්බ මතකයි.. සහෝරියන් නැති මම යුගාන්තිනී,රිශාන්තිනී,සුජිතා එක්ක දෙමළ කාර්තික් සහෝදරය දුන්න වේට්ටිය ඇඳන් මුස්ලිම් සලීම්,අර්හම් සහෝදරවරු වගෙම සිංහල නුවන්ති,අමන්ද,නුවන්ත,සජිත්,රජිත සහෝදරවරු එක්ක කෙසෙල් කොලේ උඩ පොන්ගල් බත් කෑව මතකයි..මම කොහොම සිංහල,දෙමළ,මුස්ලිම් කතෝලික සහෝදරවරු බෙදල වෙන් කරන්නද.. මං ආදරෙයි.. මට මතක් වෙන්නෙ මගෙ සහෝදරයව.. කොළඹ සරසවියට ආවම නීති පීඨයෙ දෙමළ සර්වේස් ඇදුරුතුමන් උගන්වන නීතිය,දෙමළ අමිර්තලිංගම් ඇදුරුතුමන් උගන්වන ගැටුම් හා සාමය,මුස්ලිම් හකීම් ඇදුරුතුමන් උගන්වන පාරිසරික සාධක විෂය වගෙම සිංහල ප්‍රේමරත්න ඇදුරුතුමන් උගන්වන මානව හිමිකම් දැනුම මම කොහොම සිංහල,දෙමළ,මුස්ලිම් කියල බෙදල වෙන් කරන්නද.. මං ආදරෙයි.. මට මතක් වෙන්නෙ මම ඉගෙන ගන්න දැනුම.. රිජ්වේ ඉස්පිරිතාලෙ පහළ උප්පැන්න ලියාපදිංචි කාමරය ලඟ මනුස්සයෙක් මොකද්දෝ මහා බරකක් ඔලුවෙ තියාගෙන දහ අතේ කල්පනා කරනව දැක්කම මට මතක් වුනේ මගෙ තාත්තව..සිංහල අකුරෙන් තියෙන උප්පැන්න කොලටික පුරවගන්න බැරුව රාජසේකර් දෙමළ තාත්තා මගේ දිහා කඳුළු පුරෝගෙන අසරණව බලද්දි මට මතක් වුනේ මගෙ සිංහල තාත්තගෙ ඇස් දෙක.දෙමළ වෙලා ඉපදුන රාජසේකර් තාත්තා තමන්ගෙ දරුවට ජාතකේ දෙන්න බැරුව සිංහල අපි ගැන කොහොම හිතනව ඇත්ද..ඒ දරුව සිංහල අපි ගැන කොහොම හිතාවිද.. මම ඉපදුන වෙලාවෙ මගෙ තාත්තා දෙමළ වුනා නම් මමත් මගේ තාත්තත් කොච්චර අසරන වේවිද.. මං ආදරෙයි.. මට මතක් වෙන්නෙ මගේ තාත්තව.. කලු ෆර්දාවෙන් මූන වහපු ෆාතිමා අම්ම අත දරුවත් වඩන් බේරුවලදි බස් එකට නැග්ග වෙලාවෙ බස් එකේ උන් ඔක්කොම අහක බැලුවම මට මතක් වුනේ මගෙ සිංහල අම්මව..ෆාතිමා අම්ම හිටගෙන එක අතකින් දරුව වාත්තන් කරන් අනිත් අතෙන් සීට් එක අල්ලන් දූවිලි වැදුනු වීදුරුවෙන් ඈත බලන් හූල්ලද්දි ඒ ඇස් දෙකෙන් මම දැක්කෙ මගෙ අම්මව..මම ඉපදුන වෙලාවෙ මගෙ අම්ම මුස්ලිම් වුණා නම් මමත්,මගෙ අම්මත් කොච්චර අසරණ වේවිද..ඒ දරුව සිංහල අපි ගැන කොහොම හිතාවිද.. මං ආදරෙයි.. මට මතක් වෙන්නෙ මගෙ අම්මව.. බෙදල වෙන්කරන්න බැරි දේවල් තව ගොඩයි.. සිංහල මහ ජාතිය විදියට කවුදෝ අපිව බෙදල වෙන් කරල..දෙමළ මිනිස්සු උතුර ඉල්ලන කොටි විදියට අපිව බෙදල වෙන් කරල..මුස්ලිම් මිනිස්සු නැගෙනහිර ඉල්ලන ජාතිවාදියො විදියට බෙදල වෙන කරල..අපිට හැමදාම ඇහන්නෙ දෙමළ මනුස්සය කොටිය විදියට..කොහෙන්දෝ ආව කට්ටියක් මුස්ලිම් මිනිස්සු හලාල් කරල..එකම රටක සහෝදර අපිව බෙදල වෙන්කරල ලංසු තියල හැමදාම එකම පිරිසක් මාරුවෙන් මාරුවට් රජ වෙනව.මට මතක් වෙන්නෙ මාරුවෙන් මාරුවට අපිව උගසට තියල කාලෙන් කාලෙට රජ උන උදවිය අපි එකතු උන දවසට දුවන හැටි..මම කොහොම සහෝදර අපිව බෙදල වෙන් කරන්නද.. කවදද අපි අපිට ආදරේ කරන්නෙ..කවදද අපි එකතු වෙන්නෙ..කවදද අපි අපේම සහෝදර දෙමළ,මුස්ලිම්,කතෝලික මිනිස්සු එක්ක සංහිඳෙන්නෙ.. එන්න..එකතු වෙන්න..ආදරේ කරන්න..වෙනස් වෙන්න.. මං ආදරෙයි.. මට මතක් වෙන්නෙ අපි ආදරෙන් වෙලිල ඉන්න අනාගතයක්.![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom