Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bom Jesus .අතුරුදන්වුනු මහා රුවල් නෞකාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Bom Jesus .

වසර පන්සීයකට කලින් අතුරුදන්වුනු මහා රුවල් නෞකාවක් කාන්තාර කලාපයකින් එක්වරම මතුවුණු බව අහන්න ලැබුනොත් … අපිට ඒ ප්‍රවෘත්තිය දැනෙන්නෙ කොහොමද.?

ලෝකය දකින්න නම් මහද්වීප හරහා ඇවිදින්න ඕනෙ. මහ කැලෑ කඳු හරහා ... ගම් නියම් ගම් හරහා ඇවිදිනකොට.. අළුත් භාශාවක් කතාකරනකොට ... අළුත් සංස්කෘතියක තාලවලට ඇහුම්කන් දෙනකොට ලෝකය ගැන හිතන විදිහ වෙනස්වෙනවා ඉබේටම.

මේ විදිහට ගොඩබිම හරහා ඇවිදගිය මිනිස්සු නැවතුනු එක තැනක් වෙරළ. වෙරළෙන් එහා .. සාගරයෙන් එහා ලෝකය කොහොම වෙන්න පුළුවන්ද.?

එහෙම හිතපු මිනිස්සු සාගර මුහුදු හරහා ගියේ කුණාටු සුලි සුළං ගැන නොදැන වෙන්න බැහැ.

ෆිනීසියානුවන් මධ්‍යධරණී මුහුදෙ බලය පතුරුවරනවා අදින් අවුරුදු හාරදාහකට පමණ කලින්. ( Phoenician Culture 2500 BC - 64 BC)

මෞරි මිනිසුන් ( Māori culture) පොලිනීසියානි දූපත් .. නවසීලන්ත දූපත් හරහා යාත්‍රා කරනවා අවුරුදු දාස් ගාණකට කලින්.

රෝම අධිරාජ්‍ය බිඳවැටෙනවත් එක්කම වයිකින්ග්වරු උතුරු මුහුද හරහා වගේම යුරෝපයේ ගංඟා දිගේත් මග හොයාගෙන ගමන්කරනවා.

ඩැනියුබ්.. අංගාරා ගංගා හරහා ගමන් කරපු වයිකින්ග්වරු කියෙවාන් රුස් හෙවත් යුක්රේණයත්.. ඉන්පසුව රුසියාවත් නිර්මාණය කරන්න මග පාදනවා. අයිස්ලන්තය.. ග්‍රීන්ලන්තය හරහා උතුරු ඇමරිකාවට ලඟාවුනු වයිකින්ග්වරුන්ගෙන් පස්සෙ නාවික ගමනාගමනය ගැන අහන්න ලැබෙන්න විරාමයකින් පස්සෙ. ඒ කියන්නෙ පහලොස්වෙනි දාසයවෙනි සියවසේ වගේ කාලයේදී.

ක්ර්ස්ටෝපර් කොලම්බස් උතුරු ඇමරිකානු බිම් පෙදෙස් දෙසටත් ඇමරිගෝ වෙස්පුචි දකුණු ඇමරිකාවත් ලඟාවෙද්දි ඕලන්ද.. ස්පාඥ්ඥ.. පෘතුගීසී නාවිකයන් ආසියාව හා ඉන්දියාව දෙසට යාත්‍රාකරනවා.

මේ නාවික බලය කොයිතරම් නම් වැදගත්ද කියලා වටහා ගන්නා බ්‍රිත්‍යාන්‍යයේ පලවෙනි එලිසබෙත් රැජිණ ස්පාඥ්ඥ ආර්මදා නැව් සමූහය පරාජය කරන්න සියළුම බලය යොදවනවා. අළුත් ලෝකයක් බිහිවෙන්න මග පාදන්නෙ මේ නොනවතින නාවික ගමන් කියලා කීවොත් ඒක පුදුමයක් නෙවෙයි.

අපි ආපහු යමු 15 වෙනි ශතවර්ශයට. මේ යුරෝපයේ පුනරුදයේ ආරම්භය. සාගර මුහුදු හරහා යාත්‍රා කරන්න මූලිකවෙන ජාතියක් පෘතුගීසීන් කියන්නෙ.

ඕලන්ද.. ඉතාලි.. බ්‍රිතාන්‍ය.. ස්පාඥ්ඥ හා පෲතුගීසී නාවිකයන් අතර .. අළුත් මහාද්වීප හොයාගෙන යෑම සඳහා නිර්මාණයවෙන්නෙ බොහොම තියුණු නාවික තරඟයක්.

අපි මීට කලින් කතාකලා හෙන්රි නම් නාවිකයා ( Henry the Navigator) යටතේ සංවිධානය වෙන පෘතුගීසී නාවිකයන් ඉන්දියාව දක්වා ගමන් කරපු ආකාරය. සිනිය නම් කුඩා පෘතුගීසී ධීවර ගම්මානයක ඉපදුනු වස්කෝද ගාමා ඕඩර් ඔෆ් සනිතියාගෝ ( Order of Santiago ) නාවික කන්ඩායම යටතේ ඉන්දියානු කලාපය හොයාගෙන යාත්‍රා කරන්නෙ පහලොස්වෙනි සියවසේ අවසාන භාගයේදී.

වසර ගණනාවක උත්සාහයන්ගෙන් පස්සෙ 1498 මැයි මාසෙ 20 වෙනිදා ඉන්දියාවේ කැලිකට් වෙරළට ලඟාවෙන්න වස්කෝද ගාමා සමත්වෙන්නෙ ඉන්දියාව දක්වා ගමන්කරපු පලමු යුරෝපීය නාවිකයා බවට පත්වෙමින්.

ආසියානු කුළුබඩු.. මුතු මැණික්.. කලා කෘති යුරෝපය පුරා ප්‍රසිද්ධ කරන්න මගපාදපන මේ නාවික ගමන් වහල් වෙලඳාම වගේම යටත්විජිත නිර්මාණයටත් මග පාදවපු බව රහසක් නෙවේ.

ලිස්බන් නගරයෙන් පිටත්වෙලා දකුණු අප්‍රිකාවේ සුභපැත්මේ තුඩුව පහුකරමින් ඉන්දියාව දක්වා ගමන් කරන්න මාස හයත් මාස අටත් අතර කාලයක් ගතවෙනවා මේ කාලයේ රුවල් නැවකට හෝ රුවල් නැව් සමූහයකට. මේ හැම දෙයක්ම රදාපවතින්නෙ නාවිකයන්ගෙ දක්ශතා අත්දැකීම් මත පමණක්ම නෙවෙයි. යාත්‍රාකරන්න තරම් සුදුසු කාලගුණයක් නොතිබුනොත් ගතවෙන කාලය දෙගුණවෙන්න පුළුවන් පහසුවෙන්ම.

කෙලවරක් නොපෙනෙන මහා සාගරය හරහා යන්න කුතුහලය වගේම ලොකු ධෛර්යකුත් තියෙන්න ඕනෙ.

මේ විදිහට මග හොයාගෙන ගියපු සමහරක් නැව් කිසිම දවසක ආපහු එන්නෙ නෑ.

සමහර නැව් අතුරුදන්වෙනවා කිසිදු සලකුණක් ඉතිරි නොකර.

ඉන්දියාවට ලඟාවෙලා වසර හතකට පස්සෙ.. ලොරෙන්සෝද අල්මේදා නම් පෘතුගීසි නාවිකයා සිලෝන් හෙවත් ශ්‍රී ලංකාවට ලඟාවෙන්නෙ මේ දූපතට ලඟාවුනු පලමුවෙනි යුරෝපීය දේශගවේශකයා විදිහට.

මේ වෙනකොට ලංකාව පාලනයවෙන්නෙ කෝට්ටේ රාජධානිය හරහා. හතරවන විජයභාහු.. හත්වන භුවනෙකභාහු රජවරුන් පෘතුගීසී වෙළඳ නාවිකයන් හා ගණුදෙණු කරන මේ කාලය මේ දෙපිරිසටම ඉතාම වැදගත් කාලයක්.

1533 මාර්තු 7 වෙනිදා පෘතුගාලයේ ලිස්බන් වරායෙන් පිටත්වෙනවා විශේෂ රුවල් නැව් සමූහයක් ඉන්දියානු කලාපය දක්වා.

බොම් ජේසුස් ( Bom Jesus) කියන්නෙ මේ කාලයේ පෘතුගීසී නැව් ඛාන්ඩයේ තිබුනු විශාලතම හා වඩාත් විශ්වාසවන්තම නෞකාව.

බොම් ජේසුස් පිරිවරාගත් පරිවාර නෞකා ලිස්බන් නගරයෙන් පිටත්වෙන්නෙ කැලිකට් හා සිලෝන් දක්වා යාත්‍රා කිරීමේ අරමුණින්.

වෙඩි බෙහෙත්.. තුවක්කු.. කඩු.. පිහි හා විවිධ ආයුධ.. පෝසිලේන් භාන්ඩ… පිඟන් ගඩොල්.. රන් හා රිදී කාසි.. තඹ හා ලෝහ.. රෙදි පිලි ආදී විශාල බඩු භාන්ඩ තොගයක් රැගත් බොම් ජේසුස් නෞකාව එක්තරා ආකාරයකට පාවෙන නිධානයක් වගේ.

විශේෂයෙන්ම යුරෝපයේ ප්‍රසිද්ධම බැංකු කරුවන් වූ ෆුගර් පවුලට අයත් (House of Fugger) අති විශාල තඹ තොගය නිසා බෝම් ජේසු නෞකාව විශේෂ ලේඛණගත කිරීමකට යටත්වෙනවා.

මේ විදිහට පිටත්වෙන බෝම් ජේසු නෞකාව මොරිටේනියා.. ලයිබීරියා හා ඇන්ගෝලාව වැනි අප්‍රිකානු රටවලින් විශාල ඇත්දල තොගයක්ද නැවට පටවාගත් බවයි සඳහන්වෙන්නෙ.

ඒ කොහොම වුනත් බොම් ජේසුස් නෞකාව හෝ ඒ සමග පිටත්වූ කිසිම නෞකාවක් ඉන්දියාව දක්වා ගමන් කරන්නේ නැහැ.

කිසිදු සලකුණක් ඉතිරි නොකරම මේ නෞකා නාවිකයන් සමගම අතුරුදන්වෙලා යනවා.

එවකට පෘතුගාලයේ රජකරන තුන්වන ජෝන් රජු යටතේ විශේෂ නාවික මෙහෙයුම් රාශියක් දියත්වෙනවා බෝම් ජේසුස් නෞකාවට සිදුවුනු දේ දැනගන්න. නමුත් ඒ හැම මෙහෙයුමක්ම අවසන්වෙන්නෙ ජේසුස් නෞකාව ගැන කිසිදු තොරතුරක් නැතුවයි.

යුරෝපයට පුනරුදය ලඟාවෙනවා... රාජාණ්ඩු වෙනස්වෙනවා.. අළුත් රාජධානි බිහිවෙනවා. බ්රිත්යන්යයන් ලොව පුරා යටත් විජිත ගොඩ නැගීමත්... යටත් විජිත බිඳවැටීම හා අළුත් රාජ්‍ය නිර්මාණයත් සටහන් වෙනවා.

තාක්ශණය දියුණුවීම... ඇමරිකානු බලය ව්‍යාප්තවීම.. ලෝක යුද්ධ ඇරඹීම වගේම ලෝක යුද්ධ අවසන්වීම.... චීනය ලෝකයට තම බලය හඳුන්වාදීම... ආදී දහසක් දේ සිදුවෙනවා සියවස් ගණනාවක් තුල.

විශාල ධන නිධානයක් රැගෙන යාත්‍රා කරපු බොම් ජේසුස් නෞකාව ගැන මතකයත් අමතක වෙලාම යනවා මේ හැම වෙනස්වීමක්ම මැද්දෙ.

අපි දැන් ඇවිත් ඉන්නෙ 2017 වර්ශයට. දකුණු අප්‍රිකානු රාජ්‍යයක් වූ නැමිබීයාවේ කාන්තාර ප්‍රදේශයක දියමන්ති ආකරයක වැඩ කරමින් උන්නු කම්කරුවන්ට දකින්න ලැබෙනවා වැල්ලෙන් යටවෙලා තියන පරණ දැව රාමුවක්.

ඒ අවට වැලි තට්ටු ඉවත්කරද්දි මතුවෙන රන් කාසි.. කඩු හා පිහි ආදිය නිසා හැමෝගෙම අවධානය යොමුවෙනවා අපි මේ කතාකරන ඔරෙන්ජෙමුන්ඩ් ( Oranjemund ) නම් කුඩා නගරය දෙසට.

පුරාවිද්‍යා පරීක්ශණ ගණනාවකින් පස්සෙ හොයා ගන්නවා මේ හමුවෙන්නෙ වසර 484කට කලින් අතුරුදන් වූ බොම් ජේසුස් නෞකාව බව.

බොම් ජේසුස් ලිස්බන් නගරයෙන් පිටත්වෙන්නෙ 1533 අවුරුද්දෙ. නැමීබියානු කාන්තාරයෙන් නෞකාව අපිට හමුවෙන්නෙ 2017 වර්ශයේ.

වසර පන්සීයකට කිට්ටු කාලයක් අතුරුදන්වෙලා තිබුනු නෞකාවක් කාන්තාරයකින් හමුවීම කොයිතරම් පුදුම උපදවන කාරණයක්ද.?

බටහිර නැමීබියානු කාන්තාරය අවට අත්ලාන්තික් මුහුද සුලි කුණාටු සහිත අවධානම් කලාපයක්.

මේ සුලි කුණාටුවකට අහුවුනු බොම් ජේසුස් නැමීබියානු කාන්තාර දෙසට ගසාගෙන ආවාට සැකයක් නැහැ.

අද වගේ චන්ද්‍රිකා හෝ ජී පී එස් තාක්ශණය පමණක් නෙවෙයි .. අඩුම තරමෙ රේඩියෝ උපාංගවත් නැතුව කුණාටුවකට අහුවුනු රුවල් නෞකාවක් ගැන අනුමාන කලහැකි දේ බොහොමයි.

ගිලීගිය නැව් අතරින් වඩාත්ම වටිනාකමක් සහිත නෞකාව ලෙස.. එහෙමත් නැතිනම් ගිලීගිය නෞකාවකින් සොයාගත් භාන්ඩ අතර වටිනාකමින් වැඩිම ඛාන්ඩයේ අංක එකට පත්වෙන්නෙ බොම් ජේසුස් නෞකාව.

ලිස්බන් නගරයෙන් පැටවූ රන් රිදී වගේම බටහිර අප්‍රිකාවෙන් පැටවූ ඇත් දළ ටොන් ගනනාවකුත් මේ පැරනි නෞකාවෙන් සොයාගනු ලබනවා.

කොටින්ම නැමීබියානු කාන්තාරයෙන් මතුවෙන්නෙ මිළකල නොහැකි ධන නිධානයක්.

මේ සිද්ධිය හරහා අහන්න වටින ප්‍රශ්ණ කීපයක් අපිට ඉතිරිවෙනවා.

මේ තරම් විශාල ධන නිධානයක් වගේම අති විශාල ආයුධ තොගයක් එක්ක ඉන්දියානු කලාපයට යාත්‍රා කරපු බොම් ජේසුස් නෞකාවේ අරමුණ කුමක් විය හැකිද.? බොම් ජේසුස් නැව ඉන්දියාවට හා ලංකාවට ලඟාවුනානම් ලැබිය හැකි ප්රථිඵලය කොයිවගේ එකක් වේවිද.?

මේ තරම් විශාල ධනයකින් ඉන්දියානු කලාපයේ දේශපාලනයේ කුමණාකාරයේ වෙනස්වීම් කරන්නට ඉඩ ලැබෙනවාද හෝ ඉඩ තිබුනාද.?

සමහරවිට මුළු ඉතිහාසයම වෙනස්වෙන්න ඉඩ තිබුනා. සමහරවිට ලන්දේසීන් ලංකාවේ බලය ලබානොගන්න ඉඩ තිබුනා.

සමහරවිට ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කොලනියක් නොවන්න ඉඩ තිබුනා. ඒ සරල අනුමාන විතරයි.

ඒ කෙසේවෙතත් ඉතිහාසය නැවත වෙනස්කරන්න බැහැ.

මේ සිද්ධියේදී මතක්වෙන තවත් කතාවක් තියනවා.. තමන්ගෙ ගමනාන්තයට ලඟාවුනු විශ්වාසවන්ත නෞකා අපි අමතකකරලා දානවා පහසුවෙන්ම.

නමුත් ගමනාන්තයට ලංවෙන්න බැරිව ගිලීගිය හෝ අතුරුදන්වුනූ නෞකා ගැන අපි කතාකරනවා ඉතිහාසය පුරාවටම.

[MEDIA=facebook]malcolm.sang.3/posts/28382154274716340[/MEDIA]

[QUOTE="හෙළයෙක්, post: 30440077, member: 503645"] Bom Jesus . වසර පන්සීයකට කලින් අතුරුදන්වුනු මහා රුවල් නෞකාවක් කාන්තාර කලාපයකින් එක්වරම මතුවුණු බව අහන්න ලැබුනොත් … අපිට ඒ ප්‍රවෘත්තිය දැනෙන්නෙ කොහොමද.? ලෝකය දකින්න නම් මහද්වීප හරහා ඇවිදින්න ඕනෙ. මහ කැලෑ කඳු හරහා ... ගම් නියම් ගම් හරහා ඇවිදිනකොට.. අළුත් භාශාවක් කතාකරනකොට ... අළුත් සංස්කෘතියක තාලවලට ඇහුම්කන් දෙනකොට ලෝකය ගැන හිතන විදිහ වෙනස්වෙනවා ඉබේටම. මේ විදිහට ගොඩබිම හරහා ඇවිදගිය මිනිස්සු නැවතුනු එක තැනක් වෙරළ. වෙරළෙන් එහා .. සාගරයෙන් එහා ලෝකය කොහොම වෙන්න පුළුවන්ද.? එහෙම හිතපු මිනිස්සු සාගර මුහුදු හරහා ගියේ කුණාටු සුලි සුළං ගැන නොදැන වෙන්න බැහැ. ෆිනීසියානුවන් මධ්‍යධරණී මුහුදෙ බලය පතුරුවරනවා අදින් අවුරුදු හාරදාහකට පමණ කලින්. ( Phoenician Culture 2500 BC - 64 BC) මෞරි මිනිසුන් ( Māori culture) පොලිනීසියානි දූපත් .. නවසීලන්ත දූපත් හරහා යාත්‍රා කරනවා අවුරුදු දාස් ගාණකට කලින්. රෝම අධිරාජ්‍ය බිඳවැටෙනවත් එක්කම වයිකින්ග්වරු උතුරු මුහුද හරහා වගේම යුරෝපයේ ගංඟා දිගේත් මග හොයාගෙන ගමන්කරනවා. ඩැනියුබ්.. අංගාරා ගංගා හරහා ගමන් කරපු වයිකින්ග්වරු කියෙවාන් රුස් හෙවත් යුක්රේණයත්.. ඉන්පසුව රුසියාවත් නිර්මාණය කරන්න මග පාදනවා. අයිස්ලන්තය.. ග්‍රීන්ලන්තය හරහා උතුරු ඇමරිකාවට ලඟාවුනු වයිකින්ග්වරුන්ගෙන් පස්සෙ නාවික ගමනාගමනය ගැන අහන්න ලැබෙන්න විරාමයකින් පස්සෙ. ඒ කියන්නෙ පහලොස්වෙනි දාසයවෙනි සියවසේ වගේ කාලයේදී. ක්ර්ස්ටෝපර් කොලම්බස් උතුරු ඇමරිකානු බිම් පෙදෙස් දෙසටත් ඇමරිගෝ වෙස්පුචි දකුණු ඇමරිකාවත් ලඟාවෙද්දි ඕලන්ද.. ස්පාඥ්ඥ.. පෘතුගීසී නාවිකයන් ආසියාව හා ඉන්දියාව දෙසට යාත්‍රාකරනවා. මේ නාවික බලය කොයිතරම් නම් වැදගත්ද කියලා වටහා ගන්නා බ්‍රිත්‍යාන්‍යයේ පලවෙනි එලිසබෙත් රැජිණ ස්පාඥ්ඥ ආර්මදා නැව් සමූහය පරාජය කරන්න සියළුම බලය යොදවනවා. අළුත් ලෝකයක් බිහිවෙන්න මග පාදන්නෙ මේ නොනවතින නාවික ගමන් කියලා කීවොත් ඒක පුදුමයක් නෙවෙයි. අපි ආපහු යමු 15 වෙනි ශතවර්ශයට. මේ යුරෝපයේ පුනරුදයේ ආරම්භය. සාගර මුහුදු හරහා යාත්‍රා කරන්න මූලිකවෙන ජාතියක් පෘතුගීසීන් කියන්නෙ. ඕලන්ද.. ඉතාලි.. බ්‍රිතාන්‍ය.. ස්පාඥ්ඥ හා පෲතුගීසී නාවිකයන් අතර .. අළුත් මහාද්වීප හොයාගෙන යෑම සඳහා නිර්මාණයවෙන්නෙ බොහොම තියුණු නාවික තරඟයක්. අපි මීට කලින් කතාකලා හෙන්රි නම් නාවිකයා ( Henry the Navigator) යටතේ සංවිධානය වෙන පෘතුගීසී නාවිකයන් ඉන්දියාව දක්වා ගමන් කරපු ආකාරය. සිනිය නම් කුඩා පෘතුගීසී ධීවර ගම්මානයක ඉපදුනු වස්කෝද ගාමා ඕඩර් ඔෆ් සනිතියාගෝ ( Order of Santiago ) නාවික කන්ඩායම යටතේ ඉන්දියානු කලාපය හොයාගෙන යාත්‍රා කරන්නෙ පහලොස්වෙනි සියවසේ අවසාන භාගයේදී. වසර ගණනාවක උත්සාහයන්ගෙන් පස්සෙ 1498 මැයි මාසෙ 20 වෙනිදා ඉන්දියාවේ කැලිකට් වෙරළට ලඟාවෙන්න වස්කෝද ගාමා සමත්වෙන්නෙ ඉන්දියාව දක්වා ගමන්කරපු පලමු යුරෝපීය නාවිකයා බවට පත්වෙමින්. ආසියානු කුළුබඩු.. මුතු මැණික්.. කලා කෘති යුරෝපය පුරා ප්‍රසිද්ධ කරන්න මගපාදපන මේ නාවික ගමන් වහල් වෙලඳාම වගේම යටත්විජිත නිර්මාණයටත් මග පාදවපු බව රහසක් නෙවේ. ලිස්බන් නගරයෙන් පිටත්වෙලා දකුණු අප්‍රිකාවේ සුභපැත්මේ තුඩුව පහුකරමින් ඉන්දියාව දක්වා ගමන් කරන්න මාස හයත් මාස අටත් අතර කාලයක් ගතවෙනවා මේ කාලයේ රුවල් නැවකට හෝ රුවල් නැව් සමූහයකට. මේ හැම දෙයක්ම රදාපවතින්නෙ නාවිකයන්ගෙ දක්ශතා අත්දැකීම් මත පමණක්ම නෙවෙයි. යාත්‍රාකරන්න තරම් සුදුසු කාලගුණයක් නොතිබුනොත් ගතවෙන කාලය දෙගුණවෙන්න පුළුවන් පහසුවෙන්ම. කෙලවරක් නොපෙනෙන මහා සාගරය හරහා යන්න කුතුහලය වගේම ලොකු ධෛර්යකුත් තියෙන්න ඕනෙ. මේ විදිහට මග හොයාගෙන ගියපු සමහරක් නැව් කිසිම දවසක ආපහු එන්නෙ නෑ. සමහර නැව් අතුරුදන්වෙනවා කිසිදු සලකුණක් ඉතිරි නොකර. ඉන්දියාවට ලඟාවෙලා වසර හතකට පස්සෙ.. ලොරෙන්සෝද අල්මේදා නම් පෘතුගීසි නාවිකයා සිලෝන් හෙවත් ශ්‍රී ලංකාවට ලඟාවෙන්නෙ මේ දූපතට ලඟාවුනු පලමුවෙනි යුරෝපීය දේශගවේශකයා විදිහට. මේ වෙනකොට ලංකාව පාලනයවෙන්නෙ කෝට්ටේ රාජධානිය හරහා. හතරවන විජයභාහු.. හත්වන භුවනෙකභාහු රජවරුන් පෘතුගීසී වෙළඳ නාවිකයන් හා ගණුදෙණු කරන මේ කාලය මේ දෙපිරිසටම ඉතාම වැදගත් කාලයක්. 1533 මාර්තු 7 වෙනිදා පෘතුගාලයේ ලිස්බන් වරායෙන් පිටත්වෙනවා විශේෂ රුවල් නැව් සමූහයක් ඉන්දියානු කලාපය දක්වා. බොම් ජේසුස් ( Bom Jesus) කියන්නෙ මේ කාලයේ පෘතුගීසී නැව් ඛාන්ඩයේ තිබුනු විශාලතම හා වඩාත් විශ්වාසවන්තම නෞකාව. බොම් ජේසුස් පිරිවරාගත් පරිවාර නෞකා ලිස්බන් නගරයෙන් පිටත්වෙන්නෙ කැලිකට් හා සිලෝන් දක්වා යාත්‍රා කිරීමේ අරමුණින්. වෙඩි බෙහෙත්.. තුවක්කු.. කඩු.. පිහි හා විවිධ ආයුධ.. පෝසිලේන් භාන්ඩ… පිඟන් ගඩොල්.. රන් හා රිදී කාසි.. තඹ හා ලෝහ.. රෙදි පිලි ආදී විශාල බඩු භාන්ඩ තොගයක් රැගත් බොම් ජේසුස් නෞකාව එක්තරා ආකාරයකට පාවෙන නිධානයක් වගේ. විශේෂයෙන්ම යුරෝපයේ ප්‍රසිද්ධම බැංකු කරුවන් වූ ෆුගර් පවුලට අයත් (House of Fugger) අති විශාල තඹ තොගය නිසා බෝම් ජේසු නෞකාව විශේෂ ලේඛණගත කිරීමකට යටත්වෙනවා. මේ විදිහට පිටත්වෙන බෝම් ජේසු නෞකාව මොරිටේනියා.. ලයිබීරියා හා ඇන්ගෝලාව වැනි අප්‍රිකානු රටවලින් විශාල ඇත්දල තොගයක්ද නැවට පටවාගත් බවයි සඳහන්වෙන්නෙ. ඒ කොහොම වුනත් බොම් ජේසුස් නෞකාව හෝ ඒ සමග පිටත්වූ කිසිම නෞකාවක් ඉන්දියාව දක්වා ගමන් කරන්නේ නැහැ. කිසිදු සලකුණක් ඉතිරි නොකරම මේ නෞකා නාවිකයන් සමගම අතුරුදන්වෙලා යනවා. එවකට පෘතුගාලයේ රජකරන තුන්වන ජෝන් රජු යටතේ විශේෂ නාවික මෙහෙයුම් රාශියක් දියත්වෙනවා බෝම් ජේසුස් නෞකාවට සිදුවුනු දේ දැනගන්න. නමුත් ඒ හැම මෙහෙයුමක්ම අවසන්වෙන්නෙ ජේසුස් නෞකාව ගැන කිසිදු තොරතුරක් නැතුවයි. යුරෝපයට පුනරුදය ලඟාවෙනවා... රාජාණ්ඩු වෙනස්වෙනවා.. අළුත් රාජධානි බිහිවෙනවා. බ්රිත්යන්යයන් ලොව පුරා යටත් විජිත ගොඩ නැගීමත්... යටත් විජිත බිඳවැටීම හා අළුත් රාජ්‍ය නිර්මාණයත් සටහන් වෙනවා. තාක්ශණය දියුණුවීම... ඇමරිකානු බලය ව්‍යාප්තවීම.. ලෝක යුද්ධ ඇරඹීම වගේම ලෝක යුද්ධ අවසන්වීම.... චීනය ලෝකයට තම බලය හඳුන්වාදීම... ආදී දහසක් දේ සිදුවෙනවා සියවස් ගණනාවක් තුල. විශාල ධන නිධානයක් රැගෙන යාත්‍රා කරපු බොම් ජේසුස් නෞකාව ගැන මතකයත් අමතක වෙලාම යනවා මේ හැම වෙනස්වීමක්ම මැද්දෙ. අපි දැන් ඇවිත් ඉන්නෙ 2017 වර්ශයට. දකුණු අප්‍රිකානු රාජ්‍යයක් වූ නැමිබීයාවේ කාන්තාර ප්‍රදේශයක දියමන්ති ආකරයක වැඩ කරමින් උන්නු කම්කරුවන්ට දකින්න ලැබෙනවා වැල්ලෙන් යටවෙලා තියන පරණ දැව රාමුවක්. ඒ අවට වැලි තට්ටු ඉවත්කරද්දි මතුවෙන රන් කාසි.. කඩු හා පිහි ආදිය නිසා හැමෝගෙම අවධානය යොමුවෙනවා අපි මේ කතාකරන ඔරෙන්ජෙමුන්ඩ් ( Oranjemund ) නම් කුඩා නගරය දෙසට. පුරාවිද්‍යා පරීක්ශණ ගණනාවකින් පස්සෙ හොයා ගන්නවා මේ හමුවෙන්නෙ වසර 484කට කලින් අතුරුදන් වූ බොම් ජේසුස් නෞකාව බව. බොම් ජේසුස් ලිස්බන් නගරයෙන් පිටත්වෙන්නෙ 1533 අවුරුද්දෙ. නැමීබියානු කාන්තාරයෙන් නෞකාව අපිට හමුවෙන්නෙ 2017 වර්ශයේ. වසර පන්සීයකට කිට්ටු කාලයක් අතුරුදන්වෙලා තිබුනු නෞකාවක් කාන්තාරයකින් හමුවීම කොයිතරම් පුදුම උපදවන කාරණයක්ද.? බටහිර නැමීබියානු කාන්තාරය අවට අත්ලාන්තික් මුහුද සුලි කුණාටු සහිත අවධානම් කලාපයක්. මේ සුලි කුණාටුවකට අහුවුනු බොම් ජේසුස් නැමීබියානු කාන්තාර දෙසට ගසාගෙන ආවාට සැකයක් නැහැ. අද වගේ චන්ද්‍රිකා හෝ ජී පී එස් තාක්ශණය පමණක් නෙවෙයි .. අඩුම තරමෙ රේඩියෝ උපාංගවත් නැතුව කුණාටුවකට අහුවුනු රුවල් නෞකාවක් ගැන අනුමාන කලහැකි දේ බොහොමයි. ගිලීගිය නැව් අතරින් වඩාත්ම වටිනාකමක් සහිත නෞකාව ලෙස.. එහෙමත් නැතිනම් ගිලීගිය නෞකාවකින් සොයාගත් භාන්ඩ අතර වටිනාකමින් වැඩිම ඛාන්ඩයේ අංක එකට පත්වෙන්නෙ බොම් ජේසුස් නෞකාව. ලිස්බන් නගරයෙන් පැටවූ රන් රිදී වගේම බටහිර අප්‍රිකාවෙන් පැටවූ ඇත් දළ ටොන් ගනනාවකුත් මේ පැරනි නෞකාවෙන් සොයාගනු ලබනවා. කොටින්ම නැමීබියානු කාන්තාරයෙන් මතුවෙන්නෙ මිළකල නොහැකි ධන නිධානයක්. මේ සිද්ධිය හරහා අහන්න වටින ප්‍රශ්ණ කීපයක් අපිට ඉතිරිවෙනවා. මේ තරම් විශාල ධන නිධානයක් වගේම අති විශාල ආයුධ තොගයක් එක්ක ඉන්දියානු කලාපයට යාත්‍රා කරපු බොම් ජේසුස් නෞකාවේ අරමුණ කුමක් විය හැකිද.? බොම් ජේසුස් නැව ඉන්දියාවට හා ලංකාවට ලඟාවුනානම් ලැබිය හැකි ප්රථිඵලය කොයිවගේ එකක් වේවිද.? මේ තරම් විශාල ධනයකින් ඉන්දියානු කලාපයේ දේශපාලනයේ කුමණාකාරයේ වෙනස්වීම් කරන්නට ඉඩ ලැබෙනවාද හෝ ඉඩ තිබුනාද.? සමහරවිට මුළු ඉතිහාසයම වෙනස්වෙන්න ඉඩ තිබුනා. සමහරවිට ලන්දේසීන් ලංකාවේ බලය ලබානොගන්න ඉඩ තිබුනා. සමහරවිට ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කොලනියක් නොවන්න ඉඩ තිබුනා. ඒ සරල අනුමාන විතරයි. ඒ කෙසේවෙතත් ඉතිහාසය නැවත වෙනස්කරන්න බැහැ. මේ සිද්ධියේදී මතක්වෙන තවත් කතාවක් තියනවා.. තමන්ගෙ ගමනාන්තයට ලඟාවුනු විශ්වාසවන්ත නෞකා අපි අමතකකරලා දානවා පහසුවෙන්ම. නමුත් ගමනාන්තයට ලංවෙන්න බැරිව ගිලීගිය හෝ අතුරුදන්වුනූ නෞකා ගැන අපි කතාකරනවා ඉතිහාසය පුරාවටම. [MEDIA=facebook]malcolm.sang.3/posts/28382154274716340[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom