Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
BREAKING: IMF ශ්‍රි ලංකාවට ණය දීමට එකග වෙයි.👍
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

https://economatta.blogspot.com/2023/01/blog-post_20.html

ලංකාව ආර්ථික අර්බුදයකට ගියේ කාලයක් තිස්සේ සිදු කළ ප්‍රතිපත්ති වැරදි නිසා. කෙසේ වුවත්, ආසන්න වශයෙන් පසුගිය අප්‍රේල් මාසයේ සිට රටේ ප්‍රතිපත්ති දිශානතිය නිවැරදි පැත්තට හැරවුණා. ඒ ලොකු වන්දියක් ගෙවීමෙන් පසුවයි. ඒ වන විට සිදුව තිබුණු ප්‍රතිපත්ති වැරදි පහසුවෙන් නිවැරදි කළ හැකි වැරදි නෙමෙයි.

විණිමය අනුපාතය සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වන්නට ඉඩ හරිනු ලැබූ අතර ඉන්පසු අවශ්‍ය මට්ටමේදී එය ස්ථාවර කරනු ලැබුවා. මේ අවශ්‍ය මට්ටම පිළිබඳව මගේ අදහස තරමක් වෙනස් වුනත්, සමස්තයක් ලෙස මේ ක්‍රියාමාර්ගය නිවැරදි ක්‍රියාමාර්ගයක්.

පොලී අනුපාතික ඉහළ යන්නට ඉඩ හරිමින් මුදල් සැපයුම දැඩි ලෙස පාලනය කෙරුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට උද්ධමනය පාලනය වී තිබෙනවා. වසර මැද වන විට උද්ධමනය විශාල ලෙස පහත වැටීමට නියමිතයි. එයට සමාන්තරව පොලී අනුපාතිකද පහළ යනු ඇති.

ඉහත වෙනස්කම් සිදුවුනේ මහ බැංකුව මුල් වීමෙන්. මහ බැංකුව පැත්තෙන් එම වෙනස්කම් සිදු වෙද්දී රජය පැත්තෙන් දැඩි මූල්‍ය විනයක් පවත්වා ගත යුතු වුනා. රජය විසින්ද අවශ්‍ය නිවැරදි තීරණ ගනිමින් බදු වැඩි කිරීම, වියදම් සීමා කිරීම, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය වල වියදම් හා ගලපමින් මිල වැඩි කිරීම ඇතුළු බොහෝ දේවල් කළා. මේ හා අදාළව තවත් කළ යුතු දේවල් තිබෙනවා. අනෙකුත් අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ කිරීම වෙනුවෙන්ද රජය පෙනී සිටිනවා.

ඉහත සියළු දේවල් වල ප්‍රතිඵලයක් ලෙස මේ වන විට රටේ සාපේක්ෂ ආර්ථික ස්ථාවරත්වයක් දැකිය හැකියි. ඒ සමසකට පමණ පෙර පැවති තත්ත්වයට සාපේක්ෂවයි. එහෙත්, මෙය ඉතා පහළ මට්ටමක ස්ථාවරත්වයක්. මේ ස්ථාවරත්වය මෙලෙස පවත්වා ගත හැකිව තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වී ඇති සාර්ව ආර්ථික වැඩ පිළිවෙළක් යටතේයි. මහ බැංකුව මෙන්ම රජයද කටයුතු කර තිබෙන්නේත්, කටයුතු කරන්නේත් එම වැඩ පිළිවෙළ තුළයි.

අදාළ සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ දිගටම සාර්ථකව ක්‍රියාත්මක වීම සඳහා ඉතා ඉක්මණින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය හිමි විය යුතුයි. වැඩ පිළිවෙළ හදා තිබුණේම ගෙවුණු වසර අවසන් වෙද්දී එම සහාය ලැබෙනු ඇතැයි යන පදනම මතයි. අපගේ පෞද්ගලික මතය වූයේනම් මෙය අසීරු ඉලක්කයක් බවයි. අප එසේ කීවේ මෙවැනි තත්ත්වයන්ට මුහුණ දුන් අනෙකුත් රටවලට ඒ සඳහා ගත වූ කාලය මත පදනම්වයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය නොමැතිව දැනට පවතින සාපේක්ෂ ස්ථාවරත්වය යම් කාලයක් පවත්වා ගත හැකි වුවත් දිගින් දිගටම මේ විදිහට යද්දී ආර්ථිකය සංකෝචනය වීම ඇතුළු හේතු ගණනාවක් නිසා විවිධ අභියෝග වලට මුහුණ දෙන්නට සිදුවීම නොවැලැක්විය හැකියි. එක් ප්‍රධානම අභියෝගයක් වන්නේ බැංකු පද්ධතියේ ස්ථාවරත්වය පවත්වා ගැනීමයි. කෙසේ වුවත්, අවම වශයෙන් වසර මැද දක්වා අමාරුවෙන් හෝ මේ විදිහට ඇදගෙන යන්න බැරිකමක් නැහැ. ඊට පෙර, බොහෝ විට පළමු කාර්තුව තුළම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබිය හැකියි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබීම සඳහා ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ එකඟතාවයකට පැමිණිය යුතුයි. කිසිසේත්ම කළ නොහැක්කක් නොවුණත්, මෙය පසුගිය වසර අවසානයේදී සාක්ෂාත් කර ගැනීම ඉතාම අසීරු වූ ඉලක්කයක්. ජනවාරි මාසයේ දෙසතියක් ගත වෙද්දී, ලංකාව මේ ඉලක්කය ආසන්නයටම පැමිණ තිබෙනවා. නගින්න තියෙන්නේ තවත් එක් පඩියක් පමණයි. හැබැයි මේ පඩිය උස පඩියක්. ඒ චීනය එකඟ කර ගැනීම.

ණය ප්‍රතිව්‍යුගත කිරීමේ කාර්යය තුළ මේ දක්වා පෙන්වා ඇති ප්‍රගතිය පිළිබඳව අදාළ නිලධාරීන්ගේ කාර්ය සාධනය අගය කළ යුතුයි. දැඩි කැපවීමක් නොවන්නට මේ සඳහා මීට වඩා කල් ගත විය හැකිව තිබුණා. කෙසේ වුවත්, මෙම කටයුත්ත තුළ භූ දේශපාලනයේ බලපෑම ඉතා ප්‍රබලයි.

පසුගිය ජූනි අවසානයේදී පැවති තත්ත්වය අනුව, ශ්‍රී ලංකා රජයේ සෘජු ද්විපාර්ශ්වීය ණය ප්‍රමාණය ඩොලර් මිලියන 9,917ක්. රජය ඇප වී ඇති රාජ්‍ය ව්‍යවසාය වල ද්විපාර්ශ්වීය ණය ප්‍රමාණය ඩොලර් මිලියන 1,278ක්. එකතුව ඩොලර් මිලියන 11,195ක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබීම සඳහා මෙම ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. රජයේ සමස්ත විදේශ ණය ප්‍රමාණය මීට වඩා වැඩි වුවත්, ස්වෛරීත්ව බැඳුම්කර ණය ඇතුළු අනෙකුත් විදේශ ණය හෝ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අරමුදලේ පළමු ණය වාරිකය ලබා ගැනීම සඳහා කොන්දේසියක් නෙමෙයි.

ඉහත එකඟතාවය ඇති කර ගත යුතුව තිබෙන්නේ කා සමඟද?

ලංකාවේ ද්විපාර්ශ්වික ණයහිමියන් අතර රටවල් 23ක් සිටිනවා. මෙම රටවල් අතරින් රටවල් 16ක් පැරිස් සංසදයේ රටවල්. පැරිස් සංසදය තුළ සිටින්නේ සම්ප්‍රදායිකව දිළිඳු රටවල් වලට ණය දුන් සල්ලි තිබෙන රටවල්. ඇමරිකාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව, ඕස්ට්‍රේලියාව වැනි බටහිර රටවල් මෙන්ම රුසියාව, දකුණු කොරියාව, ජපානය වැනි රටවල්ද පැරිස් සංසදය තුළ සිටිනවා. කෙසේ වුවත්, ලංකාවට විශාල ලෙස ණය දී තිබෙන චීනය, ඉන්දියාව හා මැදපෙරදිග රටවල් පැරිස් සංසදය තුළ නැහැ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී පැරිස් සංගමයේ භූමිකාව ඉතා ප්‍රබලයි. ඔවුන් මෙහිදී කණ්ඩායමක් ලෙස කටයුතු කරනවා. පැරිස් සංගමයේ රටවල් අතරින් ලංකාවට විශාල ලෙස ණය ලබා දී තිබුණු එකම රට ජපානයයි. ජපානය විසින් ලංකාවට ඩොලර් මිලියන 2,720ක ණය ලබා දී තිබෙනවා. එය සමස්ත ද්විපාර්ශ්වික ණය ප්‍රමාණයෙන් 24.3%ක්. අනෙකුත් රටවල් 15ක් විසින් ලබා දී ඇති ද්විපාර්ශ්වික ණය ප්‍රමාණය ඩොලර් මිලියන 1,953ක්. මුළු එකතුව ඩොලර් මිලියන 4,673ක් හෙවත් සමස්ත ද්විපාර්ශ්වික ණය ප්‍රමාණයෙන් 41.7%ක්.

පැරිස් සංගමය සමඟ සාකච්ඡා මුලින්ම සාර්ථකව අවසන් වූ බව මාධ්‍ය වාර්තා කර තිබුණා. ඉන්පසුව ඉතිරිව සිටි ප්‍රධාන ණයකරුවන් වූයේ ඉන්දියාව හා චීනයයි. ඩොලර් මිලියන 1,683ක (15.0%ක) ඉන්දියානු ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඔවුන් මේ වන විට එකඟ වී ඇති අතර ඒ බව මූල්‍ය අරමුදල වෙත නිල වශයෙන්ම දැනුම් දී තිබෙනවා. එහෙත්, චීනයේ එකඟත්වය තවමත් ලැබී නැහැ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනයේ එකඟත්වය ලැබුණහොත්, තව දුරටත් ඉතිරි වන්නේ සවුදි අරාබිය, කුවේට්, ඉරානය, හංගේරියාව සහ පකිස්ථානය යන රටවල් පහ පමණයි. එම රටවලට ගෙවිය යුතුව තිබෙන්නේ ඩොලර් මිලියන 354ක්, එනම් සමස්ත ද්විපාර්ශ්වික ණය ප්‍රමාණයෙන් 3.1%ක කොටසක් පමණයි. මෙය ප්‍රශ්නයක් වීමට ඉඩක් නැහැ. බොහෝ විට මෙම එකඟතාවයන් මේ වන විටද ලැබී තිබෙනවා විය හැකියි.

චීනයට ගෙවන්නට තිබෙන ද්විපාර්ශ්වික ණය ප්‍රමාණය ඩොලර් මිලියන 4,483ක්. එය ලංකාවේ සමස්ත ද්විපාර්ශ්වික ණය ප්‍රමාණයෙන් 40.1%ක් තරම් වන ලොකු කොටසක්. ඒ නිසා, චීනයේ එකඟත්වය නැතිව ලංකාවට මින් ඉදිරියට සිය සැලසුම්ගත සාර්ව ආර්ථික වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා නොහැකියි. මේ වන විට වැඩ පිළිවෙළෙහි ප්‍රගතිය රැඳී තිබෙන්නේ තනිකරම චීනය අතේ.

චීනය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වෙන එකක් නැද්ද?

මගේ අදහසනම් අනිවාර්යයෙන්ම එකඟ වෙනවා කියන එකයි. මම එහෙම කියන්නේ හේතු කිහිපයක් මත.

පළමුව, ඩොලර් බිලියන 4.4ක් කියා කියන්නේ ලංකාවට විශාල මුදලක් වුනත් චීනයට ලොකු මුදලක් නෙමෙයි. දෙවනුව, මාධ්‍ය වාර්තා අනුව සහ බොහෝ දුරට සිදු විය හැකි පරිදි, දැනට පවතින එකඟතාවය අනුව ණය කපා හැරීමක් සිදු වෙන්නේ නැහැ. ණය ආපසු ගෙවන කාලය වැඩි වීමක් හා පොලියෙන් කොටසක් කපා හැරීමක් පමණයි සිදු වෙන්නේ. ඒ නිසා, මේ වැඩෙන් චීනයට ලොකු පාඩුවක් වෙන්නේ නැහැ. අවසාන වශයෙන් දුන්න සල්ලි ටික ආපසු ලැබෙනවා. සැලකිය යුතු පොලියකුත් ලැබෙනවා. තෙවනුව, ණය ප්‍රතිව්‍යුහගත කරන්න අනෙක් හැම රටක්ම කැමති වෙලා තියෙද්දී චීනය විතරක් අකැමැති වෙලා ඒ හේතුව මත රටේ ජනතාවට විශාල ලෙස පීඩා විඳින්න සිදු වුනොත්, ලාංකිකයින්ට චීනය සතුරු රාජ්‍යයක් විදිහට පෙනෙන්න පුළුවන්. චීනය ඒකට කැමති වෙන්නේ නැහැ. මේ හේතු නිසා, චීනය කොයි වෙලාවේ හෝ ණය ප්‍රතිව්‍යුහගත කරන්න කැමති වෙනවා.

හැබැයි මෙතැන පැරිස් සංසදය හරහා බටහිර රටවල් විසින් චීනයට දමපු දඟ පන්දුවක් තිබෙනවා. පැරිස් සංසදයේ රටවල් ණය කපා හැරලා නැහැ. කපා හරින්න කැමති වෙලා තියෙන්නේ පොලියෙන් කොටසක් පමණයි. නමුත්, පැරිස් සංසදයේ රටවල් ණය දීලා තිබෙන්නේ ගොඩක් අඩු පොලියකට නිසා පොලියෙන් කොටසක් නෙමෙයි සම්පූර්ණයෙන්ම කැපුවත් ඒ රටවල් වලට ලොකු පාඩුවක් වෙන්නේ නැහැ. සාපේක්ෂව ලොකු පොලී අනුපාතිකයකට ණය දීලා තිබෙන චීනයට මේ වැඩෙන් රිදෙනවා. ඒ නිසා, මේක චීනයම ඉලක්ක කරලා කරපු යොන් මැරිල්ලක් වගේ වැඩක්. භූ දේශපාලනික ගේම් ඔහොම තමයි.

මේ තත්ත්වය තුළ වුවත්, චීනයට පොලී කපා හරින එකට එරෙහිව දිගින් දිගටම හෙට්ටු කරන්නත් බැහැ. එහෙම කරන්න ගියොත් මස් රාත්තලම ඉල්ලන ශයිලොක්ගේ මට්ටමට වැටෙනවා. චීනය ඒකටත් කැමති වෙන එකක් නැහැ. චීනයට අවසාන වශයෙන් වැඩේට කැමති වෙන්න වෙනවා.

කොයි වෙලේ හෝ ණය ප්‍රතිව්‍යුහගත කරන්න කැමති වෙන්න වෙනවා කියලා චීනය දන්නවානම් වැඩේ පරක්කු කරන්නේ ඇයි? මම හිතන්නේ ඒ තමයි චීනය මේ සෙල්ලම කරන විදිහ.

ආණ්ඩුවේ පැත්තෙන් මේ වෙලාවේ සැලසුම කුමක්ද? පළාත් පාලන මැතිවරණ කල් දැමීමේ ඉඩකඩ ගැන කතාවක් ගියත් මගේ අදහසනම් මැතිවරණ නොතියා ඉන්න බැරිවෙයි කියලා.

ආණ්ඩුවට පක්ෂපාත අය පවා ආණ්ඩුවේ මැතිවරණ ජයග්‍රහණයක් ගැන ලොකුවට විශ්වාස කරන්නේ නැහැ. මැතිවරණය නොපවත්වා බැරි පසුබිමකදී ආණ්ඩුවේ උත්සාහය වනු ඇත්තේ මැතිවරණය හොඳටම කිට්ටු වෙද්දී අරමුදලේ සල්ලි ලැබෙන එක ගැන නිවේදනය කරලා ඒ ප්‍රවෘත්තියට ලොකු ප්‍රචාරයක් දෙන එක. ඒ නිසා, මේ වැඩේ මැතිවරණය කිට්ටු වෙලා සිදු වෙන තරමට ආණ්ඩුවට වාසියි.

ඇත්තටම කියනවානම් අරමුදලේ පළමු වාරිකය ලැබුණා කියලා රට ඇතුළේ ක්ෂණිකව කිසිම දැනෙන වෙනසක් වෙන්නේ නැහැ. නමුත්, සල්ලි ආපු ගමන්ම මිනිස්සුන්ට ලොකු බලාපොරොත්තුවක් ඇති වෙනවා. වැඩිපුර කල් ගියොත් වෙන්නේ ඔය බලාපොරොත්තුවත් කඩා වැටෙන එක. ඕක ආණ්ඩුව දන්නවා. ඒ නිසා, ආණ්ඩුව කැමති වනු ඇත්තේ අන්තිම මොහොතේ ඔය වැඩේ වෙනවටයි. මැතිවරණ නීති වලට අහු නොවී වක්‍ර ලෙස ආණ්ඩුවට වාසිදායක ප්‍රචාරණයක් කරන්නත් පුළුවන්. මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලින් ඉවත් වෙලා ඉන්න ජනාධිපති රනිල් ඔය දැනුම් දීම කළාම කොහෙත්ම අවුලක් නැහැ.

ආණ්ඩුවට මේ අවස්ථාව දෙනවද නැද්ද කියන තීරණය තියෙන්නේ චීනය අතේ. මැතිවරණයට කලින් අරමුදලේ සල්ලි ලැබුණා කියලා ආණ්ඩුවට විශාල පිම්මක් පනින්න පුළුවන් වෙන එකක් නැහැ. නමුත්, ඒකවත් නැත්නම් ආණ්ඩුවට බඩටම වදිනවා. චීනයට ආණ්ඩුව වට්ටන්න අවශ්‍යනම්, චීනයට හිතවත් ආණ්ඩුවක් ඉක්මණින් පත් කර ගන්න අවශ්‍යනම්, චීනය මැතිවරණ පැවැත්වෙන තුරු ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩේ අදින්න පුළුවන්. එහෙම උවමනාවක් ලොකුවට නැත්නම්, කලින්ම වැඩේට එකඟ වෙලා ආණ්ඩුවට චූටි ගැම්මක් ගන්න ඉඩ දෙන්න පුළුවන්.

ඉන්දියාව හා බටහිර රටවල් විසින්නම් ආණ්ඩුවට මේ ගැම්ම කලින්ම දීලා තිබෙනවා. එයින් අදහස් වන්නේ මේ ආණ්ඩුව දිගටම බලයේ ඉන්න එක පිළිබඳව ඒ රටවල් වලට අවුලක් නැහැ කියන එක. හැබැයි අවුලක් නැහැ කියන්නේ ආණ්ඩුව තියාගන්න සක්‍රිය ලෙස කටයුතු කරනවා කියන එක හෝ එහෙම කිරීමේ හැකියාවක් තියෙනවා කියන එක නෙමෙයි. ආණ්ඩුව තියාගන්න අවශ්‍යතාවයක් තියෙනවා කියන එකත් නෙමෙයි.

අරමුදලේ සල්ලි ලැබුණු පමණින් ලංකාව ගොඩ යන්නේ නැති බව ඔය හැම රටක්ම දන්නවා. බලාපොරොත්තු වෙන විදිහට රට ගොඩ දාන්නම් තව ඩොලර් බිලියන ගණනක ණය රටට ආ යුතුයි. ඒ නිසා, අරමුදලේ සල්ලි ලැබුණු පමණින් බටහිර රටවලට, ඉන්දියාවට වගේම චීනයටත් ලංකාවට බලපෑම් කිරීමේ හැකියාව අහෝසි වෙන්නේ නැහැ.

අරමුදලේ සල්ලි ලැබුණත්, ඔය ඉතුරු සල්ලි හිතන විදිහටම නොඑන්න පුළුවන්. ඔය වගේ ගණන් හිලවු හිටපු මහ බැංකු අධිපතිවරයා විසිනුත් ඉදිරිපත් කළා. යම් මුදලක් ලැබෙයි. හැබැයි ඒ ලැබෙන්නේ දේශපාලන ස්ථාවරභාවය තහවුරු වුනාට පස්සේ. තේරෙන විදිහට කිවුවොත්, මේ ආණ්ඩුවට හරි වෙන ආණ්ඩුවකට හරි, අවශ්‍ය ප්‍රතිසංස්කරණ කිරීමේ අධිෂ්ඨානය එක්ක ඒ සඳහා අවශ්‍ය මහජන සහයෝගයත් තියෙනවා කියලා පෙනුනට පස්සේ. ඔය දෙකම වෙන්නේ නැතුව දිගුකාලීනව ආර්ථිකය ස්ථාවර වෙන්නේ නැහැ.

[QUOTE="KadawathaKolla, post: 28533076, member: 461732"] [URL]https://economatta.blogspot.com/2023/01/blog-post_20.html[/URL] ලංකාව ආර්ථික අර්බුදයකට ගියේ කාලයක් තිස්සේ සිදු කළ ප්‍රතිපත්ති වැරදි නිසා. කෙසේ වුවත්, ආසන්න වශයෙන් පසුගිය අප්‍රේල් මාසයේ සිට රටේ ප්‍රතිපත්ති දිශානතිය නිවැරදි පැත්තට හැරවුණා. ඒ ලොකු වන්දියක් ගෙවීමෙන් පසුවයි. ඒ වන විට සිදුව තිබුණු ප්‍රතිපත්ති වැරදි පහසුවෙන් නිවැරදි කළ හැකි වැරදි නෙමෙයි. විණිමය අනුපාතය සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වන්නට ඉඩ හරිනු ලැබූ අතර ඉන්පසු අවශ්‍ය මට්ටමේදී එය ස්ථාවර කරනු ලැබුවා. මේ අවශ්‍ය මට්ටම පිළිබඳව මගේ අදහස තරමක් වෙනස් වුනත්, සමස්තයක් ලෙස මේ ක්‍රියාමාර්ගය නිවැරදි ක්‍රියාමාර්ගයක්. පොලී අනුපාතික ඉහළ යන්නට ඉඩ හරිමින් මුදල් සැපයුම දැඩි ලෙස පාලනය කෙරුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට උද්ධමනය පාලනය වී තිබෙනවා. වසර මැද වන විට උද්ධමනය විශාල ලෙස පහත වැටීමට නියමිතයි. එයට සමාන්තරව පොලී අනුපාතිකද පහළ යනු ඇති. ඉහත වෙනස්කම් සිදුවුනේ මහ බැංකුව මුල් වීමෙන්. මහ බැංකුව පැත්තෙන් එම වෙනස්කම් සිදු වෙද්දී රජය පැත්තෙන් දැඩි මූල්‍ය විනයක් පවත්වා ගත යුතු වුනා. රජය විසින්ද අවශ්‍ය නිවැරදි තීරණ ගනිමින් බදු වැඩි කිරීම, වියදම් සීමා කිරීම, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය වල වියදම් හා ගලපමින් මිල වැඩි කිරීම ඇතුළු බොහෝ දේවල් කළා. මේ හා අදාළව තවත් කළ යුතු දේවල් තිබෙනවා. අනෙකුත් අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ කිරීම වෙනුවෙන්ද රජය පෙනී සිටිනවා. ඉහත සියළු දේවල් වල ප්‍රතිඵලයක් ලෙස මේ වන විට රටේ සාපේක්ෂ ආර්ථික ස්ථාවරත්වයක් දැකිය හැකියි. ඒ සමසකට පමණ පෙර පැවති තත්ත්වයට සාපේක්ෂවයි. එහෙත්, මෙය ඉතා පහළ මට්ටමක ස්ථාවරත්වයක්. මේ ස්ථාවරත්වය මෙලෙස පවත්වා ගත හැකිව තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වී ඇති සාර්ව ආර්ථික වැඩ පිළිවෙළක් යටතේයි. මහ බැංකුව මෙන්ම රජයද කටයුතු කර තිබෙන්නේත්, කටයුතු කරන්නේත් එම වැඩ පිළිවෙළ තුළයි. අදාළ සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ දිගටම සාර්ථකව ක්‍රියාත්මක වීම සඳහා ඉතා ඉක්මණින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය හිමි විය යුතුයි. වැඩ පිළිවෙළ හදා තිබුණේම ගෙවුණු වසර අවසන් වෙද්දී එම සහාය ලැබෙනු ඇතැයි යන පදනම මතයි. අපගේ පෞද්ගලික මතය වූයේනම් මෙය අසීරු ඉලක්කයක් බවයි. අප එසේ කීවේ මෙවැනි තත්ත්වයන්ට මුහුණ දුන් අනෙකුත් රටවලට ඒ සඳහා ගත වූ කාලය මත පදනම්වයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය නොමැතිව දැනට පවතින සාපේක්ෂ ස්ථාවරත්වය යම් කාලයක් පවත්වා ගත හැකි වුවත් දිගින් දිගටම මේ විදිහට යද්දී ආර්ථිකය සංකෝචනය වීම ඇතුළු හේතු ගණනාවක් නිසා විවිධ අභියෝග වලට මුහුණ දෙන්නට සිදුවීම නොවැලැක්විය හැකියි. එක් ප්‍රධානම අභියෝගයක් වන්නේ බැංකු පද්ධතියේ ස්ථාවරත්වය පවත්වා ගැනීමයි. කෙසේ වුවත්, අවම වශයෙන් වසර මැද දක්වා අමාරුවෙන් හෝ මේ විදිහට ඇදගෙන යන්න බැරිකමක් නැහැ. ඊට පෙර, බොහෝ විට පළමු කාර්තුව තුළම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබිය හැකියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබීම සඳහා ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ එකඟතාවයකට පැමිණිය යුතුයි. කිසිසේත්ම කළ නොහැක්කක් නොවුණත්, මෙය පසුගිය වසර අවසානයේදී සාක්ෂාත් කර ගැනීම ඉතාම අසීරු වූ ඉලක්කයක්. ජනවාරි මාසයේ දෙසතියක් ගත වෙද්දී, ලංකාව මේ ඉලක්කය ආසන්නයටම පැමිණ තිබෙනවා. නගින්න තියෙන්නේ තවත් එක් පඩියක් පමණයි. හැබැයි මේ පඩිය උස පඩියක්. ඒ චීනය එකඟ කර ගැනීම. ණය ප්‍රතිව්‍යුගත කිරීමේ කාර්යය තුළ මේ දක්වා පෙන්වා ඇති ප්‍රගතිය පිළිබඳව අදාළ නිලධාරීන්ගේ කාර්ය සාධනය අගය කළ යුතුයි. දැඩි කැපවීමක් නොවන්නට මේ සඳහා මීට වඩා කල් ගත විය හැකිව තිබුණා. කෙසේ වුවත්, මෙම කටයුත්ත තුළ භූ දේශපාලනයේ බලපෑම ඉතා ප්‍රබලයි. පසුගිය ජූනි අවසානයේදී පැවති තත්ත්වය අනුව, ශ්‍රී ලංකා රජයේ සෘජු ද්විපාර්ශ්වීය ණය ප්‍රමාණය ඩොලර් මිලියන 9,917ක්. රජය ඇප වී ඇති රාජ්‍ය ව්‍යවසාය වල ද්විපාර්ශ්වීය ණය ප්‍රමාණය ඩොලර් මිලියන 1,278ක්. එකතුව ඩොලර් මිලියන 11,195ක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබීම සඳහා මෙම ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. රජයේ සමස්ත විදේශ ණය ප්‍රමාණය මීට වඩා වැඩි වුවත්, ස්වෛරීත්ව බැඳුම්කර ණය ඇතුළු අනෙකුත් විදේශ ණය හෝ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අරමුදලේ පළමු ණය වාරිකය ලබා ගැනීම සඳහා කොන්දේසියක් නෙමෙයි. ඉහත එකඟතාවය ඇති කර ගත යුතුව තිබෙන්නේ කා සමඟද? ලංකාවේ ද්විපාර්ශ්වික ණයහිමියන් අතර රටවල් 23ක් සිටිනවා. මෙම රටවල් අතරින් රටවල් 16ක් පැරිස් සංසදයේ රටවල්. පැරිස් සංසදය තුළ සිටින්නේ සම්ප්‍රදායිකව දිළිඳු රටවල් වලට ණය දුන් සල්ලි තිබෙන රටවල්. ඇමරිකාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව, ඕස්ට්‍රේලියාව වැනි බටහිර රටවල් මෙන්ම රුසියාව, දකුණු කොරියාව, ජපානය වැනි රටවල්ද පැරිස් සංසදය තුළ සිටිනවා. කෙසේ වුවත්, ලංකාවට විශාල ලෙස ණය දී තිබෙන චීනය, ඉන්දියාව හා මැදපෙරදිග රටවල් පැරිස් සංසදය තුළ නැහැ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී පැරිස් සංගමයේ භූමිකාව ඉතා ප්‍රබලයි. ඔවුන් මෙහිදී කණ්ඩායමක් ලෙස කටයුතු කරනවා. පැරිස් සංගමයේ රටවල් අතරින් ලංකාවට විශාල ලෙස ණය ලබා දී තිබුණු එකම රට ජපානයයි. ජපානය විසින් ලංකාවට ඩොලර් මිලියන 2,720ක ණය ලබා දී තිබෙනවා. එය සමස්ත ද්විපාර්ශ්වික ණය ප්‍රමාණයෙන් 24.3%ක්. අනෙකුත් රටවල් 15ක් විසින් ලබා දී ඇති ද්විපාර්ශ්වික ණය ප්‍රමාණය ඩොලර් මිලියන 1,953ක්. මුළු එකතුව ඩොලර් මිලියන 4,673ක් හෙවත් සමස්ත ද්විපාර්ශ්වික ණය ප්‍රමාණයෙන් 41.7%ක්. පැරිස් සංගමය සමඟ සාකච්ඡා මුලින්ම සාර්ථකව අවසන් වූ බව මාධ්‍ය වාර්තා කර තිබුණා. ඉන්පසුව ඉතිරිව සිටි ප්‍රධාන ණයකරුවන් වූයේ ඉන්දියාව හා චීනයයි. ඩොලර් මිලියන 1,683ක (15.0%ක) ඉන්දියානු ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඔවුන් මේ වන විට එකඟ වී ඇති අතර ඒ බව මූල්‍ය අරමුදල වෙත නිල වශයෙන්ම දැනුම් දී තිබෙනවා. එහෙත්, චීනයේ එකඟත්වය තවමත් ලැබී නැහැ. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනයේ එකඟත්වය ලැබුණහොත්, තව දුරටත් ඉතිරි වන්නේ සවුදි අරාබිය, කුවේට්, ඉරානය, හංගේරියාව සහ පකිස්ථානය යන රටවල් පහ පමණයි. එම රටවලට ගෙවිය යුතුව තිබෙන්නේ ඩොලර් මිලියන 354ක්, එනම් සමස්ත ද්විපාර්ශ්වික ණය ප්‍රමාණයෙන් 3.1%ක කොටසක් පමණයි. මෙය ප්‍රශ්නයක් වීමට ඉඩක් නැහැ. බොහෝ විට මෙම එකඟතාවයන් මේ වන විටද ලැබී තිබෙනවා විය හැකියි. චීනයට ගෙවන්නට තිබෙන ද්විපාර්ශ්වික ණය ප්‍රමාණය ඩොලර් මිලියන 4,483ක්. එය ලංකාවේ සමස්ත ද්විපාර්ශ්වික ණය ප්‍රමාණයෙන් 40.1%ක් තරම් වන ලොකු කොටසක්. ඒ නිසා, චීනයේ එකඟත්වය නැතිව ලංකාවට මින් ඉදිරියට සිය සැලසුම්ගත සාර්ව ආර්ථික වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා නොහැකියි. මේ වන විට වැඩ පිළිවෙළෙහි ප්‍රගතිය රැඳී තිබෙන්නේ තනිකරම චීනය අතේ. චීනය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වෙන එකක් නැද්ද? මගේ අදහසනම් අනිවාර්යයෙන්ම එකඟ වෙනවා කියන එකයි. මම එහෙම කියන්නේ හේතු කිහිපයක් මත. පළමුව, ඩොලර් බිලියන 4.4ක් කියා කියන්නේ ලංකාවට විශාල මුදලක් වුනත් චීනයට ලොකු මුදලක් නෙමෙයි. දෙවනුව, මාධ්‍ය වාර්තා අනුව සහ බොහෝ දුරට සිදු විය හැකි පරිදි, දැනට පවතින එකඟතාවය අනුව ණය කපා හැරීමක් සිදු වෙන්නේ නැහැ. ණය ආපසු ගෙවන කාලය වැඩි වීමක් හා පොලියෙන් කොටසක් කපා හැරීමක් පමණයි සිදු වෙන්නේ. ඒ නිසා, මේ වැඩෙන් චීනයට ලොකු පාඩුවක් වෙන්නේ නැහැ. අවසාන වශයෙන් දුන්න සල්ලි ටික ආපසු ලැබෙනවා. සැලකිය යුතු පොලියකුත් ලැබෙනවා. තෙවනුව, ණය ප්‍රතිව්‍යුහගත කරන්න අනෙක් හැම රටක්ම කැමති වෙලා තියෙද්දී චීනය විතරක් අකැමැති වෙලා ඒ හේතුව මත රටේ ජනතාවට විශාල ලෙස පීඩා විඳින්න සිදු වුනොත්, ලාංකිකයින්ට චීනය සතුරු රාජ්‍යයක් විදිහට පෙනෙන්න පුළුවන්. චීනය ඒකට කැමති වෙන්නේ නැහැ. මේ හේතු නිසා, චීනය කොයි වෙලාවේ හෝ ණය ප්‍රතිව්‍යුහගත කරන්න කැමති වෙනවා. හැබැයි මෙතැන පැරිස් සංසදය හරහා බටහිර රටවල් විසින් චීනයට දමපු දඟ පන්දුවක් තිබෙනවා. පැරිස් සංසදයේ රටවල් ණය කපා හැරලා නැහැ. කපා හරින්න කැමති වෙලා තියෙන්නේ පොලියෙන් කොටසක් පමණයි. නමුත්, පැරිස් සංසදයේ රටවල් ණය දීලා තිබෙන්නේ ගොඩක් අඩු පොලියකට නිසා පොලියෙන් කොටසක් නෙමෙයි සම්පූර්ණයෙන්ම කැපුවත් ඒ රටවල් වලට ලොකු පාඩුවක් වෙන්නේ නැහැ. සාපේක්ෂව ලොකු පොලී අනුපාතිකයකට ණය දීලා තිබෙන චීනයට මේ වැඩෙන් රිදෙනවා. ඒ නිසා, මේක චීනයම ඉලක්ක කරලා කරපු යොන් මැරිල්ලක් වගේ වැඩක්. භූ දේශපාලනික ගේම් ඔහොම තමයි. මේ තත්ත්වය තුළ වුවත්, චීනයට පොලී කපා හරින එකට එරෙහිව දිගින් දිගටම හෙට්ටු කරන්නත් බැහැ. එහෙම කරන්න ගියොත් මස් රාත්තලම ඉල්ලන ශයිලොක්ගේ මට්ටමට වැටෙනවා. චීනය ඒකටත් කැමති වෙන එකක් නැහැ. චීනයට අවසාන වශයෙන් වැඩේට කැමති වෙන්න වෙනවා. කොයි වෙලේ හෝ ණය ප්‍රතිව්‍යුහගත කරන්න කැමති වෙන්න වෙනවා කියලා චීනය දන්නවානම් වැඩේ පරක්කු කරන්නේ ඇයි? මම හිතන්නේ ඒ තමයි චීනය මේ සෙල්ලම කරන විදිහ. ආණ්ඩුවේ පැත්තෙන් මේ වෙලාවේ සැලසුම කුමක්ද? පළාත් පාලන මැතිවරණ කල් දැමීමේ ඉඩකඩ ගැන කතාවක් ගියත් මගේ අදහසනම් මැතිවරණ නොතියා ඉන්න බැරිවෙයි කියලා. ආණ්ඩුවට පක්ෂපාත අය පවා ආණ්ඩුවේ මැතිවරණ ජයග්‍රහණයක් ගැන ලොකුවට විශ්වාස කරන්නේ නැහැ. මැතිවරණය නොපවත්වා බැරි පසුබිමකදී ආණ්ඩුවේ උත්සාහය වනු ඇත්තේ මැතිවරණය හොඳටම කිට්ටු වෙද්දී අරමුදලේ සල්ලි ලැබෙන එක ගැන නිවේදනය කරලා ඒ ප්‍රවෘත්තියට ලොකු ප්‍රචාරයක් දෙන එක. ඒ නිසා, මේ වැඩේ මැතිවරණය කිට්ටු වෙලා සිදු වෙන තරමට ආණ්ඩුවට වාසියි. ඇත්තටම කියනවානම් අරමුදලේ පළමු වාරිකය ලැබුණා කියලා රට ඇතුළේ ක්ෂණිකව කිසිම දැනෙන වෙනසක් වෙන්නේ නැහැ. නමුත්, සල්ලි ආපු ගමන්ම මිනිස්සුන්ට ලොකු බලාපොරොත්තුවක් ඇති වෙනවා. වැඩිපුර කල් ගියොත් වෙන්නේ ඔය බලාපොරොත්තුවත් කඩා වැටෙන එක. ඕක ආණ්ඩුව දන්නවා. ඒ නිසා, ආණ්ඩුව කැමති වනු ඇත්තේ අන්තිම මොහොතේ ඔය වැඩේ වෙනවටයි. මැතිවරණ නීති වලට අහු නොවී වක්‍ර ලෙස ආණ්ඩුවට වාසිදායක ප්‍රචාරණයක් කරන්නත් පුළුවන්. මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලින් ඉවත් වෙලා ඉන්න ජනාධිපති රනිල් ඔය දැනුම් දීම කළාම කොහෙත්ම අවුලක් නැහැ. ආණ්ඩුවට මේ අවස්ථාව දෙනවද නැද්ද කියන තීරණය තියෙන්නේ චීනය අතේ. මැතිවරණයට කලින් අරමුදලේ සල්ලි ලැබුණා කියලා ආණ්ඩුවට විශාල පිම්මක් පනින්න පුළුවන් වෙන එකක් නැහැ. නමුත්, ඒකවත් නැත්නම් ආණ්ඩුවට බඩටම වදිනවා. චීනයට ආණ්ඩුව වට්ටන්න අවශ්‍යනම්, චීනයට හිතවත් ආණ්ඩුවක් ඉක්මණින් පත් කර ගන්න අවශ්‍යනම්, චීනය මැතිවරණ පැවැත්වෙන තුරු ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩේ අදින්න පුළුවන්. එහෙම උවමනාවක් ලොකුවට නැත්නම්, කලින්ම වැඩේට එකඟ වෙලා ආණ්ඩුවට චූටි ගැම්මක් ගන්න ඉඩ දෙන්න පුළුවන්. ඉන්දියාව හා බටහිර රටවල් විසින්නම් ආණ්ඩුවට මේ ගැම්ම කලින්ම දීලා තිබෙනවා. එයින් අදහස් වන්නේ මේ ආණ්ඩුව දිගටම බලයේ ඉන්න එක පිළිබඳව ඒ රටවල් වලට අවුලක් නැහැ කියන එක. හැබැයි අවුලක් නැහැ කියන්නේ ආණ්ඩුව තියාගන්න සක්‍රිය ලෙස කටයුතු කරනවා කියන එක හෝ එහෙම කිරීමේ හැකියාවක් තියෙනවා කියන එක නෙමෙයි. ආණ්ඩුව තියාගන්න අවශ්‍යතාවයක් තියෙනවා කියන එකත් නෙමෙයි. අරමුදලේ සල්ලි ලැබුණු පමණින් ලංකාව ගොඩ යන්නේ නැති බව ඔය හැම රටක්ම දන්නවා. බලාපොරොත්තු වෙන විදිහට රට ගොඩ දාන්නම් තව ඩොලර් බිලියන ගණනක ණය රටට ආ යුතුයි. ඒ නිසා, අරමුදලේ සල්ලි ලැබුණු පමණින් බටහිර රටවලට, ඉන්දියාවට වගේම චීනයටත් ලංකාවට බලපෑම් කිරීමේ හැකියාව අහෝසි වෙන්නේ නැහැ. අරමුදලේ සල්ලි ලැබුණත්, ඔය ඉතුරු සල්ලි හිතන විදිහටම නොඑන්න පුළුවන්. ඔය වගේ ගණන් හිලවු හිටපු මහ බැංකු අධිපතිවරයා විසිනුත් ඉදිරිපත් කළා. යම් මුදලක් ලැබෙයි. හැබැයි ඒ ලැබෙන්නේ දේශපාලන ස්ථාවරභාවය තහවුරු වුනාට පස්සේ. තේරෙන විදිහට කිවුවොත්, මේ ආණ්ඩුවට හරි වෙන ආණ්ඩුවකට හරි, අවශ්‍ය ප්‍රතිසංස්කරණ කිරීමේ අධිෂ්ඨානය එක්ක ඒ සඳහා අවශ්‍ය මහජන සහයෝගයත් තියෙනවා කියලා පෙනුනට පස්සේ. ඔය දෙකම වෙන්නේ නැතුව දිගුකාලීනව ආර්ථිකය ස්ථාවර වෙන්නේ නැහැ. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom