BREAKING NEWS යමුද? 03 සහ 04 වනදා එන්න

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    BREAKING NEWS යමුද? 03 සහ 04 වනදා එන්න

    මෙය තවත් චන්ද ගුන්ඩුවකි. දැන් ගමේ ඉන්න බයියියෝ ඔක්කොම එයි. අනේ මන්දා.

    port-620x360.jpg



    ගාලු මුවදොර ආසන්නයේ මුහුද ගොඩකරමින් හෙක්ටයාර් 233 ක පමණ භූමියක ඉදිකරන වරාය නගරයේ සහ කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් මහජනතාවට ලබාදී තිබේ.

    මේ අනුව, 2015 ජනවාරි 03 වනදා සහ 04 වනදා පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා මහජනතාවට මෙම අවස්ථාව ලබාදී තිබෙන බව වරාය අධිකාරිය සඳහන් කරයි.

    කොළඹ වරාය පුළුල් කිරීමේ දියකඩනය සමීපයේ සිට ගාලු මුවදොර පිටිය දෙසට පිහිටි මුහුදු ප්‍රදේශය ගොඩ කිරීම මගින් මෙම නව වරාය නගරය ඉදිකරයි.

    මෙහිදී, යෝජිත ව්‍යාපෘතිය මගින් හෙක්ටයාර 233 කට නොඅඩු භූමි භාගයක් මුහුද ගොඩකිරීම මගින් ලබාගන්නා අතර මෙම ව්‍යාපෘතිය සිදුකරන චයිනා කොමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන් සමාගමට මුහුද ගොඩ කිරීමෙන් පසුව හෙක්ටයාර 108 ක භූමි ප්‍රමාණයක් ආදාල ආයෝජන පිරිවැය, අලෙවි ප්‍රවර්ධන වියදම් පියවා ගැනීම සඳහා සහ ලාභ වශයෙන් වෙන්කිරීමට නියමිත බව මහ බැංකුව පවසා ඇත.

    එසේ වෙන්කරන භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර 20 ක ප්‍රමාණයක් නිදහසේ භුක්ති විඳීමේ පදනම මතද ඉතිරි හෙක්ටයාර 88 ක භූමි ප්‍රමාණය වසර 99 ක බදු පදනමක් මතද ලබාදීමට නියමිත බව සඳහන්ය.

    මුළු ගොඩකරන භූමි ප්‍රමාණයෙන් ඉතිරිවන භූමි ප්‍රමාණය වන හෙක්ටයාර 125 ක කොටස ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවතින බව මහ බැංකුව සඳහන් කර තිබේ.

    මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා ඇස්තමේන්තුගත ඇමරිකානු ඩොලර් බිලියන 1.3 ක මුදල ආයෝජකයා වන චයිනා කොමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන් සමාගම විසින් ආයෝජනය කරයි.

    මහ බැංකුව පවසා තිබෙන්නේ මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් යෙදවීම ව්‍යාපෘතියේ ආයෝජකයා විසින් විදේශීය සෘජු ආයෝජනයක් ලෙස සිදුකිරීමට නියමිත නිසා මෙම ව්‍යාපෘතියේ මූල්‍යන කටයුතු සඳහා රජය වෙත කිසිදු වියදමක් හෝ විදේශීය ණය ගැනීමක් නොමැති බවයි.


    MORE අදදෙරන
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඉන්දියන් සාගරේ චීනගේ ඈටේ...... :lol:
    :lol::lol::lol::lol::lol::lol:
    අපිට අපේ නොවෙන අපේ බිමක්..ඕකෙ චීනෙන් වියදම් කරලා චීනෙට හෝටල් හදනව අපි සල්ලි දීල කාල එනවා..මරු නේද නැත්තම් ඉතින් චයිනීස් කන්න චීනෙටම යන්න ඇපැයි
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඕකෙ මොනා බලන්නද බන් බලන්න ලබ්බක් නෑ නෙ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    :lol::lol::lol::lol::lol::lol:
    අපිට අපේ නොවෙන අපේ බිමක්..ඕකෙ චීනෙන් වියදම් කරලා චීනෙට හෝටල් හදනව අපි සල්ලි දීල කාල එනවා..මරු නේද නැත්තම් ඉතින් චයිනීස් කන්න චීනෙටම යන්න ඇපැයි


    දැන් චීනෙ අපේ අල්ලපු රටනෙ බන් ගෝල් ෆේස් එකේ ඉදන් හූ කිව්වම චීනෙට ඇහෙන්නව ආස්චර්ය බොලව් :cool::cool:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    චින්නුන්ගේ ඉඩම් බලන්න යන්න අපට පිස්සුවක් ඇතැ..:lol:
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඕකෙ මොනා බලන්නද බන් බලන්න ලබ්බක් නෑ නෙ

    අපෝ බන් බස් වලින් ඒයි මුහුදට දාලා තියෙන කළුගල් ටික බලලා අප්පුඩි ගහලා දිලා පලාගෙන යන්න. බත් කන:shocked:හරක් ටික.
     

    Similar threads