Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
buddhism help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදු දහමේ සඳහන් මූල්‍ය කළමනාකරණය

විරාගීව හැසිරෙන වීතරාගීන් හැර සියල්ලටම සමාජය හා නොගැටී ජීවත් වීම අසීරුය. බුදු දහම විරාගී දර්ශනයක් මත පදනම් වුව ද දෙලොව දියුණුව සදහා ම කරුණු දක්වන දහමකි. පුද්ගලයාගේ මෙලොව දියුණුව සදහා ධනය උපයා ආර්ථික දියුණුවක් ලැබිය යුතු බව පිළිගනී. එසේම මෙලොව ජීවිතය සුඛිත මුදිත කර ගැනීමට ධනය මූලික අවශ්යතාවයකැයි බුදු දහමින් පෙන්වා දේ.

ධනය ඉපයීම, ධන විසර්ජනය, ධනය ආරක්ෂා කර ගැනීම පිළිබඳ උපදෙස් අඩංගු බෞද්ධ සූත්‍ර රාශියකි. සිඟාලෝවාද සූත්‍රය, අණන සූත්‍රය, වේලුද්වාර සූත්‍රය, වසල සූත්‍රය, ව්යග්ඝපජ්ජ සූත්‍රය, පරාභව සූත්‍රය හා පත්තකම්ම යන සූත්‍රවලින් ඒ බව කියැවේ.

‘ තමා ආර්ථික වශයෙන් ස්ථාවර බවත්, ඉන් පිරිහීමට පත් නොවේ’යැයි යමෙකුට පවසන්නට ලැබීම සතුටට කරුණකැයි අණන සූත්‍රයෙන් කියැවේ. අංගුත්තර නිකාය අනුව දිළිඳුකම ගිහියාට දුකකි. සමාජයේ ජීවත් වීමේදි අන්‍යෝන්‍ය ලෙසින් ඉටුවිය යුතු යුතුකම් හා වගකීම් සමුදායක් වේ. මිනිස් ප්‍රජාව තෘප්තිමත් වන්නේ යහපත් සමාජ සම්බන්ධතා පවතින විට ය. තමාගේත් තම අඹු දරුවන්ගේත් යුතුකම් ඉටු කිරීම ගිහියා සතු වගකීමකි. එසේ කළ නොහැකි වූ විට ඔහු දුකට පත් වේ.අසහනයට පත් වේ.එසේම දන්දීම, පරිත්‍යාගය සඳහා මුදල් අවශ්‍ය වේ. ධනය නැත්තාට දන් දිය නොහැක. මේ නිසා මෙලොව පරලොව වැඩ සඳහාද ධනය අවශ්‍ය බව බුදු සමය පිළිගනී.

බුදු දහමින් ධන පරිහරණයට තහනමක් නොවු බව වේලුද්වාර සූත්‍රය සාක්ෂි දරයි. “ ගිහි කාම භෝගීන් වු අපට ගැළපෙන ධර්මයක් දෙසන්න “ යැයි වේලුද්වාර වැසියන් බුදුන් වහන්සේගෙන් කළ ඉල්ලීමට අනුව බුදුන් වහන්සේ ස්වයං විනය සහිත අත්තුපනායක ධර්මයක් ඔවුන්ට දේශනා කළහ. ධනය එක් රැස් කර ගොඩ ගසා ගැනීම බුදු දහම අනුව අනුමත නොකරයි. ඉන් සතුටක්, සැනසීමක් ලැබිය නොහැකිව තවත් දුකට පත් වේ. දෙමාපියන් අඹු දරුවන් සමඟ කා බී සතුටු වීමටත් සැප සඳහාත් දානාදී කුසල් කර්ම කිරීමටත්, සමාජ සේවය සඳහාත්, දෙලොව දියුණුව සඳහාත් යෙදවීම යන පරමාර්ථ ඉටුකර ගැනීමට ධනය අවශ්‍ය බව පිළිගන්නා බුදු දහම එයට අනුබල ලබා දේ. ධනය ඉපැයීම ධාර්මිකව කළ යුතු බව බුදු සමයේ මූලික ඉගැන්වීමය.

ධනය මිනිසාගේ උපකරණයකි, සේවකයෙකි. මිනිසා එහි ස්වාමියා ය. ධනයට ගැති වීම, ධනකාමීව සමාජයට අහිතකර වීම, බුදු සමය හෙළා දකී. පුද්ගලයා ධාර්මිකව රැස්කර ගන්නා ධනය පවිටු මිතුරන්ගෙන් වෙන්ව කල්‍යාණ මිත්‍ර ඇසුරෙන් යුතුව අය වැය සමතුලනය කරමින් භෝග විනාශ මුඛ හයෙන් වෙන්ම අනුන්ට ණය නොවී පරිහරණය කිරීමෙන්, ධනය ඉපැයීමෙන් සාර්ථක ජීවිතයක් ගත කළ හැකි බව බුදු සමයේ පිළිගැනීම ය.

“භෝගා මේ අත්ථි උට්ඨාන වීරියාධිගතා බාහාබල පරිචිතා සේදා වක්ඛිත්තා ධම්මිකා ධම්මලද්දා ඉති අධිගච්චති සුඛං අධිගච්චති සෝමනස්සං “ මෙලොව සැප ගැන දේශනා කිරීමේදි බුදුන් වහන්සේ පළමුව දක්වා ඇත්තේ තමාට ධනයක් ඇතැයි සිතීම පවා සැපයක් බව ය.

බුදු දහම අනුව ධනය ඉපැයීම කළ යුත්තේ අවිහිංසාව පදනම් කරගෙන ය. කිසිවෙකුට කිසිම අයුරකින් හිංසා පීඩාවක් නොකර ධනය ඉපැයිය යුතුය. තමාගේ් වාසිය ගැන පමණක් සිතා අන්‍යයන් තළා පෙළා හිංසා පීඩාකර ශ්‍රමය සූරා ධනය හරිහම්බ කර ගොඩගසා ගැනීම බුදු සමය හෙළා දකී.

[CODE]“මනො පුබ්බංගමා ධම්මා

මනෝ සෙට්ඨා මනෝමයා

මනසා මේ පසන්නේන

භාසතීවා කරෝති වා

තතෝනං සුඛ මං වේති

ඡායාව අනපායිනි “[/CODE]

ධර්මයෝ සිත පෙරටුව ගමන් කරයි. මනස උතුම්කොට පවතියි. සිතුවිලි සිතින්ම උපදින්නේ ය. ප්‍රසන්න (යහපත් ) සිතින් යුතුව යමක් කියයි හෝ කරයි නම් ඒ හේතුවෙන් සැපය ඔහු අනුව යන්නේ තමා පසුපස යන සෙවණැල්ල මෙන් යැයි සැවැත්නුවර “ අදින්න පුබ්බක “ නම් තෘෂ්ණාධික පුද්ගලයාගේ මට්ටකුණ්ඩලී නම් පුත්‍රයා මිය යාමට ආසන්න අවස්ථාවේ බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලදහ.

“බඹරා මල නොතළා රොන් ගන්නා මෙන් “ කිසිවෙකුට හිංසාවක් පීඩාවක් නොකර ධනය රැස්් කළ යුතු බව සිඟාලෝවාද සූත්‍රයේ මෙසේ දක්වේ.

[CODE]“භෝගේ සංහර මානස්ස

භමරස්සේව ඉරියතෝ

භෝගා සන්නිචයං යන්ති

චම්මි නෝච පවුච්චති

ඒවං භෝගේ සමාගත්වා

අලමතේථා කුලේ ගිහි “[/CODE]

මේ අනුව බඹරා රොන් ගන්නා මෙන් ධනය රැස් කිරීම ධාර්මිකව කළ යුතු බව අවධාරණය කරන බුදුදහම ධාර්මිකව ධනය හම්බ කළ යුතු ආකාරය විස්තර කරයි එනම්

[CODE]1. බාහාබල පරිචිතා (බාහු බලය යෙදවීමෙන්)

2. සේදා චක්ඛිත්තා (දහදිය හෙළීමෙන්)

3. සම්මාජීව (ධාර්මික ජීවිකාවලින්)

4. ධම්මිකා ධම්ම ලද්දා (ධාර්මික රැකියාවලින්)[/CODE]

මෙපරිද්දෙන් ධනය රැස් කළ යුතු බවකි. ධනය හරි හම්බ කිරීමේදි මේ අනුව එය ධාර්මිකව කළ හැකි ද යන්න තීරණය කළ යුතුය.

ව්යග්ඝපජ්ජ සූත්‍රයේ බුද්ධ කාලීන භාරතයේ ධාර්මික රැකියා පිළිබඳව මතු දැක්වෙන අයුරින් විස්තර කරයි.

[CODE]1. කසී (කෘෂිකර්මය )

2. වණිජ්ජ (වෙළඳාම)

3. ගෝරක්ඛ (පශු පාලනය)

4. ධනුර්ධර (දුනු ශිල්පය )

5. රාජපෝරිස (රාජ්‍ය සේවය)

6. සිප්පඤ්ඤත්තර (වෙනත් ශිල්ප කලා)

7. ඉස්සත්ථ (හමුදා සේවය)[/CODE]

මේ රැකියා ධාර්මික රැකියා ලෙස බුදු දහම පිළිගනු ලබන්නේ” සියල්ලෝම සැපයට කැමති වෙති. මරණයට අකමැති වෙති. දඬුවමට බිය වෙති” යන පදනමේ පිහිටා ය.

[CODE]“සබ්බේ තසන්ති දණ්ඩස්ස

සබ්බේ භායන්ති මච්ඡුනෝ

අත්තානං උපමං කත්වා

නහන්යෙයන නඝාතයේ “[/CODE]

පංචශීල ප්‍රතිපත්තිය කොට ධාර්මිකව ධනය ඉපැයීම මෙහි දී වැදගත් බවත් ඒ නිසාම අධාර්මික වෙළඳාම් පහක් නම් කොට ඒවායේ නොයෙදිය යුතු බවත් බුදුන් වහන්සේ පෙන්වා දුන්හ.

[CODE]1. වහලුන් හෝ සතුන් වෙළඳාම

2. ආයුධ වෙළෙඳාම

3. විෂ වර්ග වෙළෙඳාම

4. මස් වෙළෙඳාම

5. මත් ද්‍රව්‍ය වෙළෙඳාම[/CODE]

ධනෝපායනයේ දී ධාර්මික බව ආරක්ෂා වීමට නම් වෙළඳාමෙහි,

[CODE]1. තුලා කූට (හොර තරාදි)

2. කංස කූට (හොර මැනීම්)

3. මාන කූට (හොර මිනුම් )[/CODE]

ආදී වංචනික ක්‍රමවලින් බැහැර විය යුතු බව දැක්වේ. වෙළෙඳාම හෝ කවර ධාර්මික වෘත්තියක නියුතු පුද්ගලයෙක් වුව ද උත්සාහයෙන් ධනය ඉපැයිය යුතු බවත් එය “වේයා තුඹස බඳින්නා “ මෙන් ද “ මී මැස්සා රොන් ගන්නා “ මෙන් ද වන ලෙසින් ධනය ඉපැයීම කළ යුතු බවත් බුදුන් වහන්සේ උපමා මඟින් දක්වා ඇති සේක.

ධනය උත්සාහයෙන් වෙහෙස මහන්සි වී උපයාගත් පමණින් ආර්ථික සුරක්ෂිත භාවයක් ඇති නොවේ. ධනය සිහියෙන් යුතුව භාවිතා නොකළහොත් ඒවා වියදම් වී දිළින්දකු වනවා පමණක් නොව මානසිකව පිරිහීමටද ඉඩ තිබේ. මෙයින් අදහස් කරන්නේ මසුරු කමින් ධනය ගොඩ ගසා තැබිය යුතු බව නොවේ. ගිහියන් ගිහි සැප ලබා ගැනීමේ අරමුණින් නැණවත්ව වියදම් කිරීමෙන් “භෝග සුඛ “ භුක්ති විඳීමෙන් සැප ලැබිය හැකි බවකි. ධන පරිහරණයේදී බුදුන් වහන්සේ අනුගමනය කළ යුතු ප්‍රතිපත්තිය දක්වා ඇත්තේ “ සමජීවිකතාවය “ යනුවෙනි.

ආදායම හා වියදම සැලකිල්ලට ගෙන එය පාලනය කරමින් වියදම් කිරීම “ සමජීවිකතාව “ අදහස් වේ. අණන සුඛ (ණය නොවී සිටීම) සැපයක් ලෙස බුදුන් වහන්සේ දක්වා ඇති සේක. ණය ගැනීමෙන් සිදුවන විපාක හතරක් බුදුන් වහන්සේ පෙන්වා දෙති.

[CODE]1. පොලී ගෙවන්නට සිදුවේ

2. ලෝකාපවාදයට ලක් වේ

3. අනාරක්ෂිත වේ

4 . දඬුවම් වලට ලක් වේ[/CODE]

බුදුන් වහන්සේ විසින් සමජීවිකතාවයෙන් අය වැය පවත්වා ගැනීම ද උපමා තුනක් මඟින් පෙන්වා දෙන ලදහ.

[CODE]1. තුලාධාරොපමාව

2. උදුම්බරඛාදී කොපමාව

3. තලාකොපමාව[/CODE]

තරාදියෙන් බඩු කිරීමේ දී මේ පැත්ත උස්වේය, මේ පැත්ත පාත්වේය යයි කල්පනා කරමින් දෙපැත්ත සමතුලනය කරගැනීමට දරනා උත්සාහය මෙන් බව තුලාධාරොපමාව මඟින් විද්‍යාමාන කෙරේ.

සුළු ආදායමක් ඇතිව බොහෝ වියදම් කිරීම , දිවුල් ගසකට නැග දිවුල් ගස සොලවා ඉදුණු හා අමුගෙඩි බිම හෙළා ඉඳුණු ගෙඩි කෑමට ගැනීම හා සමාන බව පැහැදිලි කෙරෙනුයේ උදුම්බරඛාදී කොපමාව මඟිනි.

තලාකොපමාව මඟින් නිරූපණය කරනුයේ දිය නෑමට ගොස් දිය ගලා එන දොරටු හතර වසා දමා දිය පිටවෙන දොරටු හතර හැර දමන පුද්ගලයින්ගේ තටාකවල වැසි නොවසින විට තටාකයේ ජලය අඩුවෙනවා මිස වැඩි නොවන බවයි.

ජලය පිටවෙන දොරටු මෙන් ධනය විනාශ වන දොරටු හතර ලෙස දැක්වූයේ ,

[CODE]1. ස්ත්‍රී ධූර්ත වීම

2. සුරා ධූර්ත වීම

3. දූ කෙළියේ ධූර්ත වීම

4. පවිටු මිතුරු ඇසුර[/CODE]

යන ඒවාය. යථෝක්ත උපමා ත්‍රිත්වය මඟින්ම බුදුන් වහන්සේ ධනය විනාශ වීමට ඍජුවම බලපාන හේතු පැහැදිලි කර දෙති. පුද්ගලයා වෙහෙස මහන්සි වී උපයන ධනය රජයෙන්, ගින්නෙන්, ජලයෙන් හා සොර සතුරන්ගෙන් ආරක්ෂා කරගත යුතු බව ද බුදු දහම අවධාරණය කරයි. රජයේ අසීමිත බලය අනුව ඕනෑම පුද්ගලයෙකු සිතු ධනය රාජ සන්තක කළ හැකිය. අධර්මිෂ්ට ලෙසින් ධනය ඉපැයිම කළේ නම් එවන් දේ සිදුවීමට ඇති අවකාශය වැඩිය. ශ්‍රමය වැය කර අසීරුවෙන් උපයා ගන්නා ධනය එසේ විපත් වලින් ආරක්ෂා වීමට වග බලා ගත යුතුය. සිඟාලෝවාද සූත්‍රයේ දී ධනය විනාශ වන අපාය මුඛ හය නිසා පුද්ගලයා දිළින්දෙකු බවට පත්වන අයුරු කියැවේ.

[CODE]1. මත් ද්‍රව්‍ය භාවිතය

2. දූ කෙළියේ යෙදීම

3. සමජ්ඡාභිචරණය

4. පාප මිත්‍ර සේවනය

5.අවේලාවේ වීදි සංචාරය

6. අලසකම[/CODE]

මෙසේ ධනය විනාශ වී යාම තුළින් ධන පරිහානිය මෙන්ම පවුල් සංස්ථාවේ විනාශය ද එමඟින් සමාජයේ විනාශය ද කායික, මානසික වශයෙන් පිරිහීමට පත්වන බවද බුදු සමයේ සඳහන් වේ.

පුද්ගලයා ඉපැයිය යුතු ධනය ගොඩ ගසා ගෙන මසුරු ජීවිතයක් ගත කිරීම බුදු දහම අනුමත නොකරයි. තමා දහඩිය මහන්සියෙන් උපයාගන්නා ලද ධනය සමාජයේ යහපත වෙනුවෙන්, තමා හා තම පවුලේ යහපත වෙනුවෙන්, ඥාති හිත මිත්‍රාදීන් වෙනුවෙන් වැය කළ යුතු බව දක්වයි.

[CODE]“ඒකේන භෝගේ භුංජ්යෙය

ද්විහි කම්මං පයෝජයේ

චතුත්ථංච නිධාපෙය්‍ය

ආපදාසු භවිස්සති “[/CODE]

(දීඝ නිකාය - සිඟාල සූත්‍රය) එක් කොටසක් පරිභෝජනය වෙනුවෙන්ද, කොටස් දෙකක් ප්‍රයෝජනවත් කර්මාන්ත සඳහාද, ඉතිරි කොටස කරදරයකදී විපතකදී ගැනීම සඳහා තැන්පත් කොට ආරක්ෂා කොට තබා ගත යුතු බව සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් වේ. ඒ අයුරින් ධනය වියදම් කරන්නා දෙලොවදීම සැපයට පත්වන බව බුදුන් වහන්සේ දේශනා කළහ.

ධනයෙන් කළ යුතු කාර්යයන් හතරක් බුදු දහමින් පෙන්වා දේ. එනම,

[CODE]1. යුතුකම් ඉටු කිරීම

2. දානමානාදිය සඳහා

3. තමන් හා නෑදෑයන් , මිත්‍රයන් සුවපත් කිරීම

4. විපත් වලින් ආරක්ෂා වීම සඳහා[/CODE]

ව්යග්ඝපජ්ජ සූත්‍රයේ දී අය වැය සමව පරිභෝජනය කිරීමට උපදෙස් ලබා දී ඇත. ඒ අනුව පුද්ගලයා විසින් උපයන ධනය අර්ථවත් වීමට පංචබලි පැවැත්විය යුතු බව බුදු දහමේ විග්රහ කොට ඇත.

එම පංච බලි මෙසේය

[CODE]1. ඥාති බලි (නෑදෑයන්ට සැළකීම )

2. අත්ථී බල (ආගන්තුකයන්ට සැළකීම )

3. පුබ්බපේත බලි (මළ ගිය අයට පින්පෙත් දීම)

4. රාජ බලි (රජයට ගෙවිය යුතු බදු)

5. දේවතා බලි (දෙවි දේවතාවුන් ට පිදීම )[/CODE]

තමා උපයා ගත් ධනය ගොඩගසාගෙන ඉල්ලීස, මච්ඡරිය , අදින්න පුබ්බක සිටුවරු මෙන් මසුරුකමින් ජීවත්වීම අගය නොකරන බුදු දහම ධනයෙන් කළ යුතු අර්ථවත් කාර්යයන් රැසක් පෙන්වා දේ.

[CODE]තම පවුලේ පරිභෝජනය සඳහා යෙදවීම .

මව්පිය සහෝදර සහෝදරියන් පෝෂණය

පංච බලි පැවැත්වීම

විපත්වලදී වියදම් කිරීම

සිල්වතුන්ට දානමානාදිය ලබා දීම

පරලොව යහපත පිණිස කටයුතු කිරීම[/CODE]

මිනිසාට ධනය අවශ්‍ය වන්නේ තමාගේ ප්‍රයෝජනයට හා සමාජීය යුතුකම් නො පිරිහෙලා ඉටු කිරීම සඳහාය. පරාභව සූත්‍රයේ දැක්වෙනුයේ ධනය නියම අයුරින් නොයෙදු විට පිරිහීමට පත් වන බව ය. මහලු දෙමාපියන්ට නො සලකයි ද, පොහොසත් වූ යමෙක් තනිව මිහිරි භෝජන වැළඳීම ද, ස්ත්‍රීන් කෙරෙහි වියදම් කිරීම ද එවැනි ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට නිවස බාරදීම ද පිරිහීමට හේතුවන බව වැඩි දුරටත් දැක්වේ.

[CODE]“ජීවිතංච අධම්මේන

ධම්මේන මරණංච යං

මරණං ධම්මිකං සෙය්යො

යං චෙ ජීවෙ අධම්මිකං “[/CODE]

අධාර්මික ජීවිකාවය, ධාර්මික මරණය යන මේ දෙකින් අධාර්මික ජීවිකාවට වඩා ධාර්මික මරණයම උතුමැයි වදාළේත් නො දැහැමින් ජීවත් වීමෙන් පසුව මෙලොවදී හා පරලොව දී මහත් දුකට පත්වන හෙයිනි. එහෙයින් කෙබඳු අපහසුවකින් වුවත් දැහැමින්ම ධනය සැපයිය යුතුය. එය ඒ මොහොතට අපහසු කාර්යයක් වුවද අනතුරුව මෙලොවදී හා පරලොව දී සැනසිල්ලට හා සැපයට හේතු වේ. බෞද්ධ ආර්ථික පිළිවෙතෙහි සැලසුම් මේ අයුරින් වුව ද ඇතැම් පුද්ගලයාගේ චිත්ත සන්තානය නිරන්තරව ලෝභය , ආශාව වැනි කෙලෙස් දමින් බැඳී තිබේ. බුදු දහමේ ඉගැන්වෙන “ මය්හක ජාතකය “ ලෝභයාගේ ධනය පිළිබඳව මනා අයුරින් විග්රහ කරයි.

මදුරන්කුලිය ආදර්ශ මහ විදුහලේ

ඩබ්ලිව්. ඒ. නදීශා ආසිරි කුසුම්

බුදුසරණ පුවත්පත, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අනුග්‍රහයෙන් පැවැත් වූ දීප ව්‍යාප්ත රචනා තරගයේ ප්‍රථම ස්ථානය හිමිකර ගත් නිර්මාණය

[QUOTE="K_ZONE, post: 18641236, member: 207562"] [CENTER][SIZE="3"][SIZE="5"][COLOR="Red"][U]බුදු දහමේ සඳහන් මූල්‍ය කළමනාකරණය[/U][/COLOR] [/SIZE] විරාගීව හැසිරෙන වීතරාගීන් හැර සියල්ලටම සමාජය හා නොගැටී ජීවත් වීම අසීරුය. බුදු දහම විරාගී දර්ශනයක් මත පදනම් වුව ද දෙලොව දියුණුව සදහා ම කරුණු දක්වන දහමකි. පුද්ගලයාගේ මෙලොව දියුණුව සදහා ධනය උපයා ආර්ථික දියුණුවක් ලැබිය යුතු බව පිළිගනී. එසේම මෙලොව ජීවිතය සුඛිත මුදිත කර ගැනීමට ධනය මූලික අවශ්යතාවයකැයි බුදු දහමින් පෙන්වා දේ. ධනය ඉපයීම, ධන විසර්ජනය, ධනය ආරක්ෂා කර ගැනීම පිළිබඳ උපදෙස් අඩංගු බෞද්ධ සූත්‍ර රාශියකි. සිඟාලෝවාද සූත්‍රය, අණන සූත්‍රය, වේලුද්වාර සූත්‍රය, වසල සූත්‍රය, ව්යග්ඝපජ්ජ සූත්‍රය, පරාභව සූත්‍රය හා පත්තකම්ම යන සූත්‍රවලින් ඒ බව කියැවේ. ‘ තමා ආර්ථික වශයෙන් ස්ථාවර බවත්, ඉන් පිරිහීමට පත් නොවේ’යැයි යමෙකුට පවසන්නට ලැබීම සතුටට කරුණකැයි අණන සූත්‍රයෙන් කියැවේ. අංගුත්තර නිකාය අනුව දිළිඳුකම ගිහියාට දුකකි. සමාජයේ ජීවත් වීමේදි අන්‍යෝන්‍ය ලෙසින් ඉටුවිය යුතු යුතුකම් හා වගකීම් සමුදායක් වේ. මිනිස් ප්‍රජාව තෘප්තිමත් වන්නේ යහපත් සමාජ සම්බන්ධතා පවතින විට ය. තමාගේත් තම අඹු දරුවන්ගේත් යුතුකම් ඉටු කිරීම ගිහියා සතු වගකීමකි. එසේ කළ නොහැකි වූ විට ඔහු දුකට පත් වේ.අසහනයට පත් වේ.එසේම දන්දීම, පරිත්‍යාගය සඳහා මුදල් අවශ්‍ය වේ. ධනය නැත්තාට දන් දිය නොහැක. මේ නිසා මෙලොව පරලොව වැඩ සඳහාද ධනය අවශ්‍ය බව බුදු සමය පිළිගනී. බුදු දහමින් ධන පරිහරණයට තහනමක් නොවු බව වේලුද්වාර සූත්‍රය සාක්ෂි දරයි. “ ගිහි කාම භෝගීන් වු අපට ගැළපෙන ධර්මයක් දෙසන්න “ යැයි වේලුද්වාර වැසියන් බුදුන් වහන්සේගෙන් කළ ඉල්ලීමට අනුව බුදුන් වහන්සේ ස්වයං විනය සහිත අත්තුපනායක ධර්මයක් ඔවුන්ට දේශනා කළහ. ධනය එක් රැස් කර ගොඩ ගසා ගැනීම බුදු දහම අනුව අනුමත නොකරයි. ඉන් සතුටක්, සැනසීමක් ලැබිය නොහැකිව තවත් දුකට පත් වේ. දෙමාපියන් අඹු දරුවන් සමඟ කා බී සතුටු වීමටත් සැප සඳහාත් දානාදී කුසල් කර්ම කිරීමටත්, සමාජ සේවය සඳහාත්, දෙලොව දියුණුව සඳහාත් යෙදවීම යන පරමාර්ථ ඉටුකර ගැනීමට ධනය අවශ්‍ය බව පිළිගන්නා බුදු දහම එයට අනුබල ලබා දේ. ධනය ඉපැයීම ධාර්මිකව කළ යුතු බව බුදු සමයේ මූලික ඉගැන්වීමය. ධනය මිනිසාගේ උපකරණයකි, සේවකයෙකි. මිනිසා එහි ස්වාමියා ය. ධනයට ගැති වීම, ධනකාමීව සමාජයට අහිතකර වීම, බුදු සමය හෙළා දකී. පුද්ගලයා ධාර්මිකව රැස්කර ගන්නා ධනය පවිටු මිතුරන්ගෙන් වෙන්ව කල්‍යාණ මිත්‍ර ඇසුරෙන් යුතුව අය වැය සමතුලනය කරමින් භෝග විනාශ මුඛ හයෙන් වෙන්ම අනුන්ට ණය නොවී පරිහරණය කිරීමෙන්, ධනය ඉපැයීමෙන් සාර්ථක ජීවිතයක් ගත කළ හැකි බව බුදු සමයේ පිළිගැනීම ය. “භෝගා මේ අත්ථි උට්ඨාන වීරියාධිගතා බාහාබල පරිචිතා සේදා වක්ඛිත්තා ධම්මිකා ධම්මලද්දා ඉති අධිගච්චති සුඛං අධිගච්චති සෝමනස්සං “ මෙලොව සැප ගැන දේශනා කිරීමේදි බුදුන් වහන්සේ පළමුව දක්වා ඇත්තේ තමාට ධනයක් ඇතැයි සිතීම පවා සැපයක් බව ය. බුදු දහම අනුව ධනය ඉපැයීම කළ යුත්තේ අවිහිංසාව පදනම් කරගෙන ය. කිසිවෙකුට කිසිම අයුරකින් හිංසා පීඩාවක් නොකර ධනය ඉපැයිය යුතුය. තමාගේ් වාසිය ගැන පමණක් සිතා අන්‍යයන් තළා පෙළා හිංසා පීඩාකර ශ්‍රමය සූරා ධනය හරිහම්බ කර ගොඩගසා ගැනීම බුදු සමය හෙළා දකී. [CODE]“මනො පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා මනසා මේ පසන්නේන භාසතීවා කරෝති වා තතෝනං සුඛ මං වේති ඡායාව අනපායිනි “[/CODE] ධර්මයෝ සිත පෙරටුව ගමන් කරයි. මනස උතුම්කොට පවතියි. සිතුවිලි සිතින්ම උපදින්නේ ය. ප්‍රසන්න (යහපත් ) සිතින් යුතුව යමක් කියයි හෝ කරයි නම් ඒ හේතුවෙන් සැපය ඔහු අනුව යන්නේ තමා පසුපස යන සෙවණැල්ල මෙන් යැයි සැවැත්නුවර “ අදින්න පුබ්බක “ නම් තෘෂ්ණාධික පුද්ගලයාගේ මට්ටකුණ්ඩලී නම් පුත්‍රයා මිය යාමට ආසන්න අවස්ථාවේ බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලදහ. “බඹරා මල නොතළා රොන් ගන්නා මෙන් “ කිසිවෙකුට හිංසාවක් පීඩාවක් නොකර ධනය රැස්් කළ යුතු බව සිඟාලෝවාද සූත්‍රයේ මෙසේ දක්වේ. [CODE]“භෝගේ සංහර මානස්ස භමරස්සේව ඉරියතෝ භෝගා සන්නිචයං යන්ති චම්මි නෝච පවුච්චති ඒවං භෝගේ සමාගත්වා අලමතේථා කුලේ ගිහි “[/CODE] මේ අනුව බඹරා රොන් ගන්නා මෙන් ධනය රැස් කිරීම ධාර්මිකව කළ යුතු බව අවධාරණය කරන බුදුදහම ධාර්මිකව ධනය හම්බ කළ යුතු ආකාරය විස්තර කරයි එනම් [CODE]1. බාහාබල පරිචිතා (බාහු බලය යෙදවීමෙන්) 2. සේදා චක්ඛිත්තා (දහදිය හෙළීමෙන්) 3. සම්මාජීව (ධාර්මික ජීවිකාවලින්) 4. ධම්මිකා ධම්ම ලද්දා (ධාර්මික රැකියාවලින්)[/CODE] මෙපරිද්දෙන් ධනය රැස් කළ යුතු බවකි. ධනය හරි හම්බ කිරීමේදි මේ අනුව එය ධාර්මිකව කළ හැකි ද යන්න තීරණය කළ යුතුය. ව්යග්ඝපජ්ජ සූත්‍රයේ බුද්ධ කාලීන භාරතයේ ධාර්මික රැකියා පිළිබඳව මතු දැක්වෙන අයුරින් විස්තර කරයි. [CODE]1. කසී (කෘෂිකර්මය ) 2. වණිජ්ජ (වෙළඳාම) 3. ගෝරක්ඛ (පශු පාලනය) 4. ධනුර්ධර (දුනු ශිල්පය ) 5. රාජපෝරිස (රාජ්‍ය සේවය) 6. සිප්පඤ්ඤත්තර (වෙනත් ශිල්ප කලා) 7. ඉස්සත්ථ (හමුදා සේවය)[/CODE] මේ රැකියා ධාර්මික රැකියා ලෙස බුදු දහම පිළිගනු ලබන්නේ” සියල්ලෝම සැපයට කැමති වෙති. මරණයට අකමැති වෙති. දඬුවමට බිය වෙති” යන පදනමේ පිහිටා ය. [CODE]“සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්ඡුනෝ අත්තානං උපමං කත්වා නහන්යෙයන නඝාතයේ “[/CODE] පංචශීල ප්‍රතිපත්තිය කොට ධාර්මිකව ධනය ඉපැයීම මෙහි දී වැදගත් බවත් ඒ නිසාම අධාර්මික වෙළඳාම් පහක් නම් කොට ඒවායේ නොයෙදිය යුතු බවත් බුදුන් වහන්සේ පෙන්වා දුන්හ. [CODE]1. වහලුන් හෝ සතුන් වෙළඳාම 2. ආයුධ වෙළෙඳාම 3. විෂ වර්ග වෙළෙඳාම 4. මස් වෙළෙඳාම 5. මත් ද්‍රව්‍ය වෙළෙඳාම[/CODE] ධනෝපායනයේ දී ධාර්මික බව ආරක්ෂා වීමට නම් වෙළඳාමෙහි, [CODE]1. තුලා කූට (හොර තරාදි) 2. කංස කූට (හොර මැනීම්) 3. මාන කූට (හොර මිනුම් )[/CODE] ආදී වංචනික ක්‍රමවලින් බැහැර විය යුතු බව දැක්වේ. වෙළෙඳාම හෝ කවර ධාර්මික වෘත්තියක නියුතු පුද්ගලයෙක් වුව ද උත්සාහයෙන් ධනය ඉපැයිය යුතු බවත් එය “වේයා තුඹස බඳින්නා “ මෙන් ද “ මී මැස්සා රොන් ගන්නා “ මෙන් ද වන ලෙසින් ධනය ඉපැයීම කළ යුතු බවත් බුදුන් වහන්සේ උපමා මඟින් දක්වා ඇති සේක. ධනය උත්සාහයෙන් වෙහෙස මහන්සි වී උපයාගත් පමණින් ආර්ථික සුරක්ෂිත භාවයක් ඇති නොවේ. ධනය සිහියෙන් යුතුව භාවිතා නොකළහොත් ඒවා වියදම් වී දිළින්දකු වනවා පමණක් නොව මානසිකව පිරිහීමටද ඉඩ තිබේ. මෙයින් අදහස් කරන්නේ මසුරු කමින් ධනය ගොඩ ගසා තැබිය යුතු බව නොවේ. ගිහියන් ගිහි සැප ලබා ගැනීමේ අරමුණින් නැණවත්ව වියදම් කිරීමෙන් “භෝග සුඛ “ භුක්ති විඳීමෙන් සැප ලැබිය හැකි බවකි. ධන පරිහරණයේදී බුදුන් වහන්සේ අනුගමනය කළ යුතු ප්‍රතිපත්තිය දක්වා ඇත්තේ “ සමජීවිකතාවය “ යනුවෙනි. ආදායම හා වියදම සැලකිල්ලට ගෙන එය පාලනය කරමින් වියදම් කිරීම “ සමජීවිකතාව “ අදහස් වේ. අණන සුඛ (ණය නොවී සිටීම) සැපයක් ලෙස බුදුන් වහන්සේ දක්වා ඇති සේක. ණය ගැනීමෙන් සිදුවන විපාක හතරක් බුදුන් වහන්සේ පෙන්වා දෙති. [CODE]1. පොලී ගෙවන්නට සිදුවේ 2. ලෝකාපවාදයට ලක් වේ 3. අනාරක්ෂිත වේ 4 . දඬුවම් වලට ලක් වේ[/CODE] බුදුන් වහන්සේ විසින් සමජීවිකතාවයෙන් අය වැය පවත්වා ගැනීම ද උපමා තුනක් මඟින් පෙන්වා දෙන ලදහ. [CODE]1. තුලාධාරොපමාව 2. උදුම්බරඛාදී කොපමාව 3. තලාකොපමාව[/CODE] තරාදියෙන් බඩු කිරීමේ දී මේ පැත්ත උස්වේය, මේ පැත්ත පාත්වේය යයි කල්පනා කරමින් දෙපැත්ත සමතුලනය කරගැනීමට දරනා උත්සාහය මෙන් බව තුලාධාරොපමාව මඟින් විද්‍යාමාන කෙරේ. සුළු ආදායමක් ඇතිව බොහෝ වියදම් කිරීම , දිවුල් ගසකට නැග දිවුල් ගස සොලවා ඉදුණු හා අමුගෙඩි බිම හෙළා ඉඳුණු ගෙඩි කෑමට ගැනීම හා සමාන බව පැහැදිලි කෙරෙනුයේ උදුම්බරඛාදී කොපමාව මඟිනි. තලාකොපමාව මඟින් නිරූපණය කරනුයේ දිය නෑමට ගොස් දිය ගලා එන දොරටු හතර වසා දමා දිය පිටවෙන දොරටු හතර හැර දමන පුද්ගලයින්ගේ තටාකවල වැසි නොවසින විට තටාකයේ ජලය අඩුවෙනවා මිස වැඩි නොවන බවයි. ජලය පිටවෙන දොරටු මෙන් ධනය විනාශ වන දොරටු හතර ලෙස දැක්වූයේ , [CODE]1. ස්ත්‍රී ධූර්ත වීම 2. සුරා ධූර්ත වීම 3. දූ කෙළියේ ධූර්ත වීම 4. පවිටු මිතුරු ඇසුර[/CODE] යන ඒවාය. යථෝක්ත උපමා ත්‍රිත්වය මඟින්ම බුදුන් වහන්සේ ධනය විනාශ වීමට ඍජුවම බලපාන හේතු පැහැදිලි කර දෙති. පුද්ගලයා වෙහෙස මහන්සි වී උපයන ධනය රජයෙන්, ගින්නෙන්, ජලයෙන් හා සොර සතුරන්ගෙන් ආරක්ෂා කරගත යුතු බව ද බුදු දහම අවධාරණය කරයි. රජයේ අසීමිත බලය අනුව ඕනෑම පුද්ගලයෙකු සිතු ධනය රාජ සන්තක කළ හැකිය. අධර්මිෂ්ට ලෙසින් ධනය ඉපැයිම කළේ නම් එවන් දේ සිදුවීමට ඇති අවකාශය වැඩිය. ශ්‍රමය වැය කර අසීරුවෙන් උපයා ගන්නා ධනය එසේ විපත් වලින් ආරක්ෂා වීමට වග බලා ගත යුතුය. සිඟාලෝවාද සූත්‍රයේ දී ධනය විනාශ වන අපාය මුඛ හය නිසා පුද්ගලයා දිළින්දෙකු බවට පත්වන අයුරු කියැවේ. [CODE]1. මත් ද්‍රව්‍ය භාවිතය 2. දූ කෙළියේ යෙදීම 3. සමජ්ඡාභිචරණය 4. පාප මිත්‍ර සේවනය 5.අවේලාවේ වීදි සංචාරය 6. අලසකම[/CODE] මෙසේ ධනය විනාශ වී යාම තුළින් ධන පරිහානිය මෙන්ම පවුල් සංස්ථාවේ විනාශය ද එමඟින් සමාජයේ විනාශය ද කායික, මානසික වශයෙන් පිරිහීමට පත්වන බවද බුදු සමයේ සඳහන් වේ. පුද්ගලයා ඉපැයිය යුතු ධනය ගොඩ ගසා ගෙන මසුරු ජීවිතයක් ගත කිරීම බුදු දහම අනුමත නොකරයි. තමා දහඩිය මහන්සියෙන් උපයාගන්නා ලද ධනය සමාජයේ යහපත වෙනුවෙන්, තමා හා තම පවුලේ යහපත වෙනුවෙන්, ඥාති හිත මිත්‍රාදීන් වෙනුවෙන් වැය කළ යුතු බව දක්වයි. [CODE]“ඒකේන භෝගේ භුංජ්යෙය ද්විහි කම්මං පයෝජයේ චතුත්ථංච නිධාපෙය්‍ය ආපදාසු භවිස්සති “[/CODE] (දීඝ නිකාය - සිඟාල සූත්‍රය) එක් කොටසක් පරිභෝජනය වෙනුවෙන්ද, කොටස් දෙකක් ප්‍රයෝජනවත් කර්මාන්ත සඳහාද, ඉතිරි කොටස කරදරයකදී විපතකදී ගැනීම සඳහා තැන්පත් කොට ආරක්ෂා කොට තබා ගත යුතු බව සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් වේ. ඒ අයුරින් ධනය වියදම් කරන්නා දෙලොවදීම සැපයට පත්වන බව බුදුන් වහන්සේ දේශනා කළහ. ධනයෙන් කළ යුතු කාර්යයන් හතරක් බුදු දහමින් පෙන්වා දේ. එනම, [CODE]1. යුතුකම් ඉටු කිරීම 2. දානමානාදිය සඳහා 3. තමන් හා නෑදෑයන් , මිත්‍රයන් සුවපත් කිරීම 4. විපත් වලින් ආරක්ෂා වීම සඳහා[/CODE] ව්යග්ඝපජ්ජ සූත්‍රයේ දී අය වැය සමව පරිභෝජනය කිරීමට උපදෙස් ලබා දී ඇත. ඒ අනුව පුද්ගලයා විසින් උපයන ධනය අර්ථවත් වීමට පංචබලි පැවැත්විය යුතු බව බුදු දහමේ විග්රහ කොට ඇත. එම පංච බලි මෙසේය [CODE]1. ඥාති බලි (නෑදෑයන්ට සැළකීම ) 2. අත්ථී බල (ආගන්තුකයන්ට සැළකීම ) 3. පුබ්බපේත බලි (මළ ගිය අයට පින්පෙත් දීම) 4. රාජ බලි (රජයට ගෙවිය යුතු බදු) 5. දේවතා බලි (දෙවි දේවතාවුන් ට පිදීම )[/CODE] තමා උපයා ගත් ධනය ගොඩගසාගෙන ඉල්ලීස, මච්ඡරිය , අදින්න පුබ්බක සිටුවරු මෙන් මසුරුකමින් ජීවත්වීම අගය නොකරන බුදු දහම ධනයෙන් කළ යුතු අර්ථවත් කාර්යයන් රැසක් පෙන්වා දේ. [CODE]තම පවුලේ පරිභෝජනය සඳහා යෙදවීම . මව්පිය සහෝදර සහෝදරියන් පෝෂණය පංච බලි පැවැත්වීම විපත්වලදී වියදම් කිරීම සිල්වතුන්ට දානමානාදිය ලබා දීම පරලොව යහපත පිණිස කටයුතු කිරීම[/CODE] මිනිසාට ධනය අවශ්‍ය වන්නේ තමාගේ ප්‍රයෝජනයට හා සමාජීය යුතුකම් නො පිරිහෙලා ඉටු කිරීම සඳහාය. පරාභව සූත්‍රයේ දැක්වෙනුයේ ධනය නියම අයුරින් නොයෙදු විට පිරිහීමට පත් වන බව ය. මහලු දෙමාපියන්ට නො සලකයි ද, පොහොසත් වූ යමෙක් තනිව මිහිරි භෝජන වැළඳීම ද, ස්ත්‍රීන් කෙරෙහි වියදම් කිරීම ද එවැනි ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට නිවස බාරදීම ද පිරිහීමට හේතුවන බව වැඩි දුරටත් දැක්වේ. [CODE]“ජීවිතංච අධම්මේන ධම්මේන මරණංච යං මරණං ධම්මිකං සෙය්යො යං චෙ ජීවෙ අධම්මිකං “[/CODE] අධාර්මික ජීවිකාවය, ධාර්මික මරණය යන මේ දෙකින් අධාර්මික ජීවිකාවට වඩා ධාර්මික මරණයම උතුමැයි වදාළේත් නො දැහැමින් ජීවත් වීමෙන් පසුව මෙලොවදී හා පරලොව දී මහත් දුකට පත්වන හෙයිනි. එහෙයින් කෙබඳු අපහසුවකින් වුවත් දැහැමින්ම ධනය සැපයිය යුතුය. එය ඒ මොහොතට අපහසු කාර්යයක් වුවද අනතුරුව මෙලොවදී හා පරලොව දී සැනසිල්ලට හා සැපයට හේතු වේ. බෞද්ධ ආර්ථික පිළිවෙතෙහි සැලසුම් මේ අයුරින් වුව ද ඇතැම් පුද්ගලයාගේ චිත්ත සන්තානය නිරන්තරව ලෝභය , ආශාව වැනි කෙලෙස් දමින් බැඳී තිබේ. බුදු දහමේ ඉගැන්වෙන “ මය්හක ජාතකය “ ලෝභයාගේ ධනය පිළිබඳව මනා අයුරින් විග්රහ කරයි. ------------------------------------------------ මදුරන්කුලිය ආදර්ශ මහ විදුහලේ ඩබ්ලිව්. ඒ. නදීශා ආසිරි කුසුම් බුදුසරණ පුවත්පත, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අනුග්‍රහයෙන් පැවැත් වූ දීප ව්‍යාප්ත රචනා තරගයේ ප්‍රථම ස්ථානය හිමිකර ගත් නිර්මාණය[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom