Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Budget speech
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙය ජනතාව රවටන ව්‍යාජ අයවැයක් , පාර්ලිමේන්තුව රවටන ව්‍යාජ අයවැයක් - විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා PDF Print E-mail

Written by Administrator

Wednesday, 27 November 2013 16:47

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා අයවැය විවාදය අරඹමින් 2013.11.22 වන දා කළ කතාව හෙවත් සැබෑ අයවැය කතාව

ඊයේ (21) අයවැය කතාවෙන් රාජ්‍ය ආදායම හා වියදම පිළිබඳ 2014 වර්ෂය සඳහා ආණ්ඩුවේ සැලසුම් ඉදිරිපත් කෙරුවා. අයවැය වාර්තාව මේ ගරු සභාවට ඉදිරිපත් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවයි. ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තියේ රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු වන්නේය යනුවෙන් සඳහන් වෙනවා. නමුත් පසුගිය වසර කීපය තිස්සේ සිදුවූ සැබෑ තත්වය මෙනෙහි කරද්දී එය එසේ සිදු වී නැති බව කණගාටුවෙන් වුවත් සඳහන් කරන්නට වෙනවා.

පසුගිය වතාවල පාර්ලිමේන්තුවට අයවැය ලේඛණය හැටියට ඉදිරිපත් වූ ලියවිලිවලට වඩා සහමුලින් වෙනස් තත්ත්වයක් රජයේ ආදායම් සහ වියදම් වශයෙන් නිරූපණය වී තිබෙනවා. මේ අනුව යථා චිත්‍රය මේ සභාවට ඉදිරිපත් වන්නේ නෑ. මේ සභාවට ඉදිරිපත් වන ලේඛනයට වඩා වෙනස් මූල්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට මෙහි ඉදිරිපත් කරන යෝජනා අවසානයේ හිස් ඉලක්කම් ගොඩක් සහ බර කඩදාසි මිටියකට සීමා වී තිබෙනවා.

නීතියේ හැටියට අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට පෙරාතුව මධ්‍ය වාර්ෂික මූල්‍ය පාලනය පිළිබඳ ලේඛනයක් මේ සභාවට ඉදිරිපත් කළ යුතුයි. 2013 වර්ෂය සඳහා ඉදිරිපත් කෙරුණු ලේඛනය කල් ඇතිව ලැබුණේ නෑ. ඒ විතරක් නෙවෙයි, එහි ජුනි මාසය දක්වා වූ තොරතුරු ඉදිරිපත් කරලත් නෑ.

අයවැය කතාවේ දී ඡේද 101 ක් කියෙව්වා. එහෙත් ජනතාවට කිසිඳු සහනයක් ලැබුණේ නැහැ. ජීවන වියදම අඩු කිරීමට කිසිඳු සැලැස්මක් තිබුණේ නැහැ. රජයේ සේවකයින්ගේ පඩි වැඩි කළේ නෑ. ඒ වෙනුවට අපේ රටේ කෘෂිකර්ම, පශු සම්පත්, වාරිමාර්ග, වන ජීවී හා සෞඛ්‍ය ක්ෂේත්රවල කටයුතු කරන නිලධාරීන්ට අවුරුදු 5 ක කල් බදු ක්‍රමයක් යටතේ පාපැදියක් බැගින් ලබාදීමට මේ අයවැයෙන් යෝජනා කර තිබෙනවා. එහෙම කරන්නේ රට හූරා කන උදවිය ලැම්බෝගිනි, ෆෙරාරේ වැනි ලොව මිල අධිකතම වාහන තීරු බදු රහිතව ගෙන්වා ගනිද්දීයි. ලැම්බෝගිනි වලිනුත් කොමිස් මුදල් ගසා කනවා. පාපැදි වලිනුත් කොමිස් මුදල් ගසා කනවා. ජනතාවට කන් හැන්දෙන් බෙදන, ඔවුන් රවටන නිරර්ථක යෝජනා මිස හරවත් දැක්මක් මේ අයවැයට අඩංගු නෑ.

2013 අයවැය කතාවත් මෙහෙමමයි. ජනතාවට සහන නෑ. හැබැයි අයවැයෙන් පසුව හිටි අඩියේම බදු වැඩි කළා. ඒ නිසා ලොකුම පහර වැදුණේ විදුලි බිලටයි. දැන් ලබන ජනවාරි මාසයේ සිට ඒ හා සමානවම බදු වැඩි කිරීමට සූදානම් වෙනවා. චෝගම් මඟුල් කෑම වෙනුවෙන් අපට බිල ගෙවන්න සිද්ධ වෙනවා. ජනතාවට ජීවත් වන එක තවදුරටත් අමාරු වෙනවා. ආර්ථිකය කඩා වැටෙනවා.

ඒ කරණු සියල්ල සලකා බලන කල ඊයේ ඉදිරිපත් කළ අයවැය පසුගිය වසරේ මෙන්ම තවත් ව්‍යාජ අයවැයක් ලෙස හැඳින්වීමට කැමතියි. සම්පූර්යෙන්ම පුස්සක්. එයින් රටේ සැබෑ ආර්ථික තත්වය නිරූපණය වන්නේ නෑ. එලෙසම එමගින් ඉදිරිපත් කර ඇති සංඛ්‍යා ලේඛන, යෝජනා ආදිය ගැන කිසිදු විශ්වාසයක් තියන්නත් බෑ. මෙය ජනතා මිතුරු අයවැයක් නොව, ජනතා සතුරු අයවැයක්.

මෙය ජනතාව රවටන ව්‍යාජ අයවැයක්. පාර්ලිමේන්තුව රවටන ව්‍යාජ අයවැයක්.

එසේ නම් සැබෑ අයවැය කුමක්ද? අප රටේ ආදායම සහ වියදම සිදුවන ආකාරයට එහි ප්‍රතිඵල පිළිබඳ සැබෑ චිත්‍රය කුමක්ද? අප ගමන් කරන්නේ කවර දිශානතියකටද? යහපත් අනාගතයකටද? නැත්නම් වල පල්ලටද? ඒ සැබෑ චිත්‍රය ඔබ ඉදිරියේ ඉදිරිපත් කිරීමට මා කැමතියි. එයයි සත්‍ය අයවැය කතාව.

2009 යුද්ධය අවසාන වූ විට රජය ප්‍රකාශ කළේ එතැන් පටන් ආරක්ෂක වියදම් අඩු වී ඒ සඳහා වියදම් වූ මුදල් සංවර්ධනය සඳහා යෙදවීමෙන් රට විශාල වශයෙන් දියුණු වීමට අවකාශ සැලසෙන බවයි. එහෙත් යුද්ධයෙන් පසුව ආර්ථිකය සීඝ්රයෙන් සංවර්ධනය වූයේ නැහැ. ඊයේ ඉදිරිපත් කළ

අයවැය මගින් හෝ එවැනි සංවර්ධනයක් ඇති වෙන්නේ නෑ. අද පවතින්නේ එදා ප්‍රකාශ කළ තත්ත්වයට වඩා හාත්පසින් වෙනස් තත්ත්වයක්.

මේ රට ආසියාවේ පංච බල කේන්ද්‍රය බවට පත් කරනවා කියා එදා ප්‍රකාශ කළා. ඒ වෙනුවට අපේ රට කොමිස්, කුඩු හා කැසිනෝවලින් සමන්විත ත්‍රිත්ව බල කේන්ද්‍රයක් බවට අද පත් කර තිබෙනවා.

අද අපේ රටේ ආර්ථික හා සමාජ සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වෙනවාද? සාමාන්‍ය ජනතාවගේ ජීවිතවල දියුණුවක් තිබෙනවාද? පාරවල් නම් හදනවා. ඉදිකිරීම් සිදු කරනවා. නමුත් ඒ එකකින්වත් හොඳ රැකියා වැඩි වුණාද? තරුණ තරුණියන්ට අනාගතයක් නිර්මාණය වුණාද? අලූත් ආදායම් මාර්ග ඇතිවුණාද? රටේ ණය බර අඩු වුණාද? සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවුණාද? රජයේ සේවකයන්ගේ එදිනෙදා වියදම් වලට සරිලන ආකාරයටවත් පඩි වැඩි වුණාද? විශ්‍රාමිකයන්ට සහන සැලසුණාද? ගොවියාගේ, ව්‍යාපාරිකයාගේ ආදායම් ඉහළ ගියාද? මේ අවුරුදු 4 තුළ ඒ කිසිවක් සිදු වී නෑ. රට දවසින් දවස ණය උගුලේ සිරවීම හැරෙන්නට වෙනත් කිසිදු ප්‍රගතියක් සිදු වී නෑ.

දිගින් දිගටම ණය ගැනීම් වැඩි වී තිබෙනවා. රජයේ මූල්‍ය මෙහෙයුම් මේ වැඩි වන රාජ්‍ය ණය මත රඳා පවතින අතර ඒවාට විදේශ වාණිජ ණයත් ඇතුළත්. ගෙවීමට ඇති රාජ්‍ය ණය ප්‍රමාණය පිළිබඳ මෙහි දක්වන සංඛ්‍යා ලේඛන දශකයක කාලයක් තිස්සේ එය වර්ධනය වී තිබෙන වේගය පෙන්නුම් කරනවා.

වර්ෂය ගෙවීමට ඇති ගෙවීමට ඇතිරාජ්ය ණය ප්‍රමාණය විදේශ ණය ප්‍රමාණය රුපියල් රුපියල්

2003 (එජාප රජය කාලේ) ට්‍රිලියන 1.86 බිලියන 843

2008 ට්‍රිලියන 3.58 ට්‍රිලියන 1.44

2013 ට්‍රිලියන 6.63 ට්‍රිලියන 3

රුපියල් බිලියනයක් කියන්නේ කෝටි 100 ක්. ට්‍රිලියනයක් කියන්නේ බිලියන 1000 ක්. ඒ කියන්නේ කෝටි ලක්ෂයක්. අප කොයි තරම් විශාල ණය උගුලක පැටලී සිටිනවා දැයි මෙයින් සිතා ගැනීමට පුලූවන්.

2003 – 2008 අතර යුද්ධය පැවැති කාල සීමාව තුළ රාජ්‍ය ණය ප්‍රමාණය ටි්රලියන 1.72 කින් වැඩි වුණා. යුද්ධය අවසාන වූ පසු එය ට්‍රිලියන 3 කින් වැඩි වී තිබෙනවා. යුද්ධය අවසාන වන විට විදේශ ණය ප්‍රමාණය බිලියන 600 කින් වැඩි වී තිබුණා. යුද්ධයෙන් පසු විදේශ ණය ප්‍රමාණය ට්‍රිලියන 1.56 කින් වැඩි වුණා. 2009 දී රජය අභිමානයෙන් ප්‍රකාශ කළේ යුද්ධය අවසාන වී ඇති හෙයින් තවදුරටත් විශාල වශයෙන් ණය ගැනීම් අවශ්‍ය නැති බවයි. එහෙත් එය එසේ වුණේ නැහැ.

සිදු වූයේ කුමක්ද?

යුද්ධය අවසාන වුවත් වියදම් අඩු වුණේ නැහැ. යුද්ධය සඳහා වෙන් කර තිබූ මුදල්, සංවර්ධනයට යොදවන්නේ නැතිව තම තමන්ගේ ආදායම් මාර්ග බවට පත් කර ගත්තා. ඒ මුදල් වලින් කොමිස් ගහන්න අලූත් මාර්ග සොයා ගත්තා.

රටක් තමාගේ දියුණුව සඳහා වෙනත් රටවලින් ආධාර උපකාර ලබා ගැනීම ස්වභාවිකයි. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විදේශීය රටවලින් ආධාර ලබා ගෙන රට සංවර්ධනය කළා. එහිදී දීර්ඝ කාලීන ණය ගත්තේ ඉතා සුළු පොළියටයි. අවුරුදු 30 ක් හෝ ඊට වැඩි කාලයක් වන ආපසු ගෙවීමේ පදනම මත. සියයට දශම ගණනක පොලියකට.

නමුත් මේ රජය විදේශ ආධාරවලින් නොනැවතී වාණිජ ණය විශාල පොලියකට ලබා ගෙන තිබෙනවා. මහ බැංකු වාර්තාවලට අනුව අද විදේශීය පුද්ගලික ආයෝජකයින්ගෙන් වැඩි පොලියකට කෙටි කාලීන පදනම මත භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර මාර්ගයෙන් ජාතික ණය ලබාගෙන තියෙනවා. ඒ විදේශීය පුද්ගලික ආයෝජකයින්ගේ පරමාර්ථය වැඩි පොළියකට කෙටි කාලයකින් ලාභයක් ලබා ගැනීමයි.

2001 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ ජාතික ණය සඳහා විදේශීය පුද්ගලික ආයෝජකයින්ගෙන් බලපෑමක් තිබුණේ නෑ. ඔවුන්ගේ කෑදරකම තුළ අප සිරකරුවන් වුණේ නෑ. ශ්‍රී ලංකාව හැම විටම ජාතික ණය ලබා ගත්තේ රටේ ක්‍රියාත්මක බංකු වලින්. ආයතන වලින්. සේවක භාරකාර අරමුදලෙන් හෝ සේවක අර්ථ සාධක අරමුදලෙන්.

නමුත් අද තත්වය කුමක්ද? මහ බැංකු වාර්තාවට අනුව රුපියල් බිලියන 80 ක භාණ්ඩාගාර බිල්පතුත්, බිලියන 317 ක භාණ්ඩාගාර බැඳුම්කරත් විදේශීය පුද්ගලික ආයෝජකයින් අයිති කර ගෙන තිබෙනවා. ණයවලින් 12% ක් මේ විදේශීය පුද්ගලික ආයෝජකයින් පාලනය කරනවා. මෙය එක අතකින් විදේශීය ෂයිලොක්ලාට රට උකස් කිරීමක්. අනෙක් අතින්, අපේ රටේ ස්වෛරී භාවය විදේශීය ෂයිලොක්ලාට පාවා දීමක්. මෙය සිදු කරන්නේ රටේ පරමාධිපත්‍යය ගැන පම්පෝරි ගහන උදවියමයි. මේකද ඔබේ ජාතිකත්වය? දේශානුරාගය?

රට පාවා දී තිබෙන්නේ කවුද කියා මෙයින් පැහැදිලියි. එදා දොන් ජුවන් ධර්මපාල රජු රටේ කොටසින් කොටස පෘතුගාලයට පාවා දුන්නා වගේ අපේ ජාතික ණයෙන් කොටසින් කොටස විදේශීය පුද්ගලික ආයෝජකයින්ට පාවා දී තිබෙනවා.

රජය වැඩි වැඩියෙන් විදේශීය පුද්ගලික ආයෝජකයින්ගෙන් ණය ලබා ගැනීම මත රඳා පැවතීම නිසා මේ ප්‍රතිශතය ඉදිරි වසරවලදී 50% ක් තරම් ඉහළ නැංවීමට ඉඩ තිබෙනවා. එසේ වර්ධනය වුවහොත් ඇති වන බලපෑම කෙබඳුද? ග්‍රීසියේ ඇති වූ තත්ත්වය හා සමාන තත්ත්වයක් ලංකාවේත් ඇති වීමයි. ග්‍රීසියේ ණය ගෙවා ගත නොහැකිව රජයේ සේවකයින් සේවයෙන් ඉවත් කළා. පුද්ගලික අංශයට ණය දීමට නොහැකි වුණා. හැම ක්ෂේත්රයකම වැටුප් අඩු කළා. ජනතාවගේ ජීවන තත්ත්වය 50% කින් පහළට වැටුණා. ඇත්ත වශයෙන්ම රට සම්පූර්ණයෙන්ම බංකොලත් වුණා.

2012 සඳහා රජය බලාපොරොත්තු වූ අනුමත ආදායම රුපියල් බිලියන 1,149. නමුත් යාවකාලීන ආදායම රුපියල් බිලියන 1,030 ක් පමණක් වුණා. අයවැය හිඟය ඇස්තමේන්තු කර තිබුණේ රුපියල් බිලියන 1,043 ක් හැටියට. එහෙත් යාවකාලීන හිඟය රුපියල් බිලියන 1,160 ක් වුණා. 2013 ජනවාරි සිට අප්‍රේල් දක්වා රජය ඇස්තමේන්තු කළ ආදායම රුපියල් බිලියන 365 ක් වුණත්, සත්‍ය වශයෙන් ලැබුණේ බිලියන 314 ක් පමණයි. එම කාලයට ඇස්තමේන්තු කළ වියදම බිලියන 642 ක් වුණත්, සැබෑ වියදම බිලියන 658 කටත් වැඩියි. මේ අනුව එහි අයවැය පරතරය රුපියල් බිලියන 67 ක්.

2012 රජයේ වියදම් ලේඛනය පෙන්වන්නේ මේ ණය ගෙවා දැමීම සඳහා භාණ්ඩ හා සේවාවන් වෙනුවෙන් කරන වියදම් කපා හරින බවයි. මේ පාර්ලිමේන්තුව බිලියන 509 ක් භාණ්ඩ හා සේවා වියදම් වශයෙන් අනුමත කළත් රජය වියදම් කර ඇත්තේ බිලියන 470 ක් පමණයි. ණය පොලී ගෙවීම බිලියන 370 සිට බිලියන 408 දක්වා වැඩි වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට පාර්ලිමේන්තුව අනුමත කළ ප්‍රාග්ධන වියදම් කපා දමා, ඒ මුදල් ණය පොලී ගෙවීම සඳහා යොදා ගෙන තිබෙනවා. සෞඛ්‍යයට වෙන් කළ ප්‍රාග්ධන මුදලින් 30% ක්, අධ්‍යාපනයට වෙන් කළ ප්‍රාග්ධන මුදලින් 29% ක්, උසස් අධ්‍යාපනයට වෙන් කළ ප්‍රාග්ධන මුදලින් 38% ක් උදුරා ගෙන තිබෙනවා. පාසැල් ගොඩනැගිලි ඉදිකිරීමට, රෝහල් ඉදිකිරීමට, විශ්ව විද්‍යාල ඉදිකිරීමට, තරුණ පරපුරට පරිගණක ලබාදීමට වෙන් කළ මුදල් ෂයිලොක්ලාට ගෙවීම සඳහා යොදා ගන්නවා. අධ්‍යාපනයට වෙන් කළ මුදල් කප්පාදු කරනවා කියන්නේ දැනුම ලබා ගැනීමට ඇති මාර්ගය ඇහිරීමක්. එහි ප්‍රතිඵලය වන්නේ දැනුමින් සන්නද්ධ ආනාගත පරම්පරාවක් බිහි නොවීමයි. ලෝකය සමග තරග කිරීමට, ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර ඉහළින් ඔසවා තැබීමට ශක්තිය ඇති පරම්පරාවක් බිහි වීම මේ අධ්‍යාපන කප්පාදුව ඔස්සේ සම්පූර්ණයෙන්ම වළක්වා දමා තිබෙනවා. මෙතෙක් කල් අප ලෝකය සමග තරග කළේ එජාප ආණ්ඩු නිදහස් අධ්‍යාපනය දියුණු කිරීමට ක්‍රියා කළ නිසා බව මෙතනදී මා අවධාරණය කරන්නට කැමතියි.

මේ නිසා අද තරුණ පරපුරට අනාගතයක් නෑ. අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් නෑ. ඔවුන් පහසුවෙන්ම මත්ද්‍රව්‍ය වල ගොදුරු බවට පත් වෙනවා. ඔවුන්ට අනාගතය නැති කළ අයම මත්ද්‍රව්‍ය ගෙන්වා බෙදා හැර එයිනුත් හම්බ කරනවා. මේ නිසාම අද, මත්ද්‍රව්‍ය ආර්ථිකයේ කොටසක් බවට පත්වී හමාරයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලංකාවට ඒවා කන්ටේනර් ගණන් මහා පරිමාණයෙන් ගෙන්වනවා. අමෙරිකාවේ නම් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් දෙකක ප්‍රමාණයක් වුවත් දැඩි දඬුවම්වලට ලක්වීමට කාරණාවක්. එහෙත් මේ රටේ මත්ද්‍රව්‍ය කන්ටේනරයක් ගෙන්වූ කෙනාත් රජයේ සාක්ෂිකරුවෙකු කොට නිදහස් කරනවා.

අලූත්ම වාර්තා අනුව ශ්‍රී ලංකාවේ යම් යම් පාසල් ආශ්‍රීතව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මත්ද්‍රව්‍ය ව්‍යාපාර පවත්වාගෙන යන බවට ද තොරතුරු හෙළි වී තිබෙනවා. පාසල් දරුවන්ට කුඩු විකිණීමෙන් එම ජාවාරම්කරුවන්ට මුදල් හම්බ කිරීමට අවස්ථාව සැලසී තිබෙනවා. කොමිස්, කුඩු, කැසිනෝ ආර්ථිකය මගින් අධ්‍යාපනයට ඇති කර දී තිබෙන දියුණුව එයයි.

ආණ්ඩුවට අලූත් ආදායම් මාර්ග නැති නිසා ණය ගෙවීම සඳහා මුදල් එකතු කර ගැනීමට වක්‍ර බදු වැඩි කරනවා. මෙවර ද අයවැයෙන් තොග හා සිල්ලර වෙළෙඳ කටයුතුවලට අදාළ එකතු කළ අගය මත බද්ද ද, විදුලි සංදේශ බද්ද ද, රේගු බදු හා විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ද වැඩි කොට වක්‍ර බදු හැටියට මහජනයාගෙන් මුදල් අයකර ගැනීමට යෝජනා කර තිබෙනවා. 80% ක් වක්‍ර බදු හැටියට ගෙවීමට සිදුවීම නිසා දුප්පත්, පොහොසත් භේදයකින් තොරව හැම කෙනෙකු පිටම බදු බර පැටවී තිබෙනවා. මෙය වැඩ කරන පන්තියේ සාමාන්‍ය පවුල්වලට දරා ගැනීමට නොහැකි තරම් වන බරක් බවට පත්වී තිබෙනවා.

මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ වැඩ කරන ජනතාවට, මැද පන්තියේ ජීවත් වන ජනතාවට තමන්ගේ අතට ලැබෙන ආදායමින් වියහියදම් පියවා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවීමයි. මේ ආණ්ඩුවේම කොටස්කරුවන් වූ ඩිව් ගුණසේකර, වාසුදේව නානායක්කාර සහ තිස්ස විතාරණ යන ඇමතිවරුන් පසුගියදා පුවත් පත් සාකච්ඡාවක් පවත්වමින් මේ පිළිබඳව පෙන්වා දුන්නා. "ජනතාවගෙන් සියයට 70 ක් ලබා ගන්නේ රුපියල් 30,000 කට අඩු වැටුපකැයි පැවසූ නානායක්කාර මහතා, හතර දෙනෙකුගෙන් යුත් පවුලකට මාසික වියදම රුපියල් 47,000 ක් වැය වෙතැයි ගණන් බලා ඇති නම්, ජනතාවගෙන් සියයට 70 ක් අඩු ආදායම් ලාභීන් වන බවද ප්‍රකාශ කළේය."

ඔන්න අපේ රටේ සැබෑ තත්වය. සියයට 70 ක් අඩු ආදායම් ලාභීන්. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ද ඒ බව සනාථ කර තිබෙනවා. මේ අයගේ ආදායම් මට්ටම ඉහළ නැංවීමට රජයට වැඩසටහනක් නෑ. මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ 9 වන අයවැයයි. අයවැය 8 පුරාම මේ අඩු ආදායම් ලබන ජනතාවගේ ආදායම් තත්ත්වය ඉහළ ගියේ නෑ.

මෙම අඩු ආදායම් තත්ත්වය නිසා රුපියල් තිස් හතළිස් දහසක මුදලකට මැදපෙරදිග හෝ වෙනත් විදේශයකට ගොස් සේවයේ යෙදීමට ජනතාවට සිදුව තිබෙනවා. ඔවුන් එම ගමන යන්නේ තමාගේ අඹුදරුවන්, පවුල් ජීවිතය, ඔවුන්ගේ අනාගතය පරදුවට තියලයි.

ශ්‍රී ලංකාව පමණක් නොව බොහෝ රටවල් ද විදේශ සේවා නියුක්තිකයන් එවන මුදල් මත විශ්වාසය තබා සිටිනවා. ඉන්දියාව, චීනය, මෙක්සිකෝව වැනි රටවල් තමන්ගේ ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා විදේශ සේවා නියුක්තිකයන් එවන මුදල් යොදා ගෙන තිබෙනවා. එමගින් ආර්ථික සංවර්ධනයේ ඊළඟ මට්ටම වෙත ළඟා වීමට හැකියාව උදා කර ගත යුතුයි. ඒ මට්ටම බොහෝ විට නව තාක්ෂණය, පුහුණු ශ්‍රම බලකාය හා ඉහළ වැටුප් මට්ටම් සහිත ස්ථාවර අදියරක්. එහෙත් රාජපක්ෂ රෙජීමය බලන්නේ පුලූවන් තරම් තම ජනතාව රට පටවා එයින් ණය ගෙවීම සඳහා විදේශ විනිමය ගෙන්වා ගැනීමයි.

මේ සංඛ්‍යාව වසරකට 275,000 ක්. වසරකට අපේ රටේ ජනතාව 275,000 ක් රැකියා පතා පිටරට යනවා කියන්නේ අපේ රටේ රැකියා බිහිකිරීම අතපසු කර තිබෙනවා කියන එකයි.

විදේශ සේවා නියුක්තිකයින් එවන මුදල් වලින් තෘප්තියට පත්ව එයින් ජීවත් වීමට ආණ්ඩුව කල්පනා කරනවා. 2004 වසරේ සිට මේ ආණ්ඩුව තරගකාරී ලෝක වෙළෙඳපොලේ ඉල්ලූමට සරිලන නව තාක්ෂණික නිෂ්පාදන, කර්මාන්ත දියුණු කිරීමට කිසිදු පියවරක් ගත්තේ නෑ. මේ නිසා විරැකියාව වැඩි

වී ආදායම් මාර්ග අඩු වී අතට ලැබෙන මුදල සීමාසහිත වුණා. අපනයන අඩුවී රුපියලේ අගය පහළ වැටී බඩු මිල ඉහළ යාමට මුහුණදීමට සිදු වුණා.

අද රටේ ආර්ථිකයට ප්‍රධාන දායකත්වය සැපයෙන්නේ ඉදිකිරීම් කර්මාන්තයෙන්. එහි වැඩි දායකත්වය ලැබෙන්නේ රජයේ ආයෝජන මගින්. ඉදිකිරීම් කර්මාන්තය සහ රජයේ වියදම් දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 15 ක්. මේවා රජය විසින් ලබා දෙන මුදල්. ආර්ථිකයෙන් බිහිවන මුදල් නොවෙයි. එයින් අදහස් කෙරෙන්නේ කෘෂිකර්ම, කර්මාන්ත සහ සේවා අංශවලින් ආර්ථිකය දුවන්නේවත්, රැකියා සැපයෙන්නේවත් නැති බවයි.

මේ නිසා අද අප පත්ව සිටින්නේ ඉතා අවදානම් තත්වයකටයි. මේ අවදානම් තත්වයෙන් ගොඩ එන්නට නම්, ආර්ථිකයේ විශාල පිම්මක් අරන් එය නවීකරණය කිරීම තුළින් කෘෂිකර්ම, කර්මාන්ත හා සේවා අංශවල වේගවත් දියුණුවක් කරා ළඟාවිය යුතුයි. මේ ආණ්ඩුවට එසේ කිරීමට දැක්මක්, වැඩ පිලිවෙලක් හෝ ශක්තියක් නැති බව ඊයේ අයවැය ලේඛනයෙන් යළිත් තහවුරු වුණා. අපි ඉදිරි එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ ඒ වේගවත් දියුණුව රටට ලබා දෙනවා. ජනතාව අතට මුදල් දෙනවා. තරුණ පරපුරට අනාගතයක් ඇති කරනවා.

අපේ රටේ ආර්ථික ව්‍යුහය තුළ නිෂ්පාදන, සේවා හා කෘෂිකර්ම අංශ විමසා බලන කල අද දක්වා එහි කිසිදු පරිවර්තනයක් සිදු වී නැහැ. ඇඟළුම් නිෂ්පාදනවලට අමතරව රබර් භාණ්ඩ නිෂ්පාදනය පමණයි සිදු වන්නේ. පසුගිය වසර 10 පුරාම ඊට අමතරව කැපී පෙනෙන සංවර්ධනාත්මක වෙනසක් සිදු වී නැහැ. විදුලි උපකරණ හා වාහන උපාංග නිෂ්පාදනය හෝ තොරතුරු තාක්ෂණ හා දැනුම් ක්ෂේත්රය හෝ වර්ධනය වෙලා නැහැ. අපේ සැලැස්ම අනුව ආර්ථිකය නිසි පරිදි මෙහෙයවූවා නම් 2013 වන විට අමෙරිකානු ඩොලර් බිලියන 20 ක විදේශ විනිමය ඉපයීමට අපිට පුලූවන්කම තිබුණා. එවිට ලංකාවට ගෙවුම් ශේෂයක් ඉතිරි වන්නේ නෑ. අවාසනාවට එබඳු ඉලක්කයක් බලාපොරොත්තු වෙන්නේ 2020 දී බව ඊයේ අයවැය කතාවේ දී ප්‍රකාශ වුණා. එයයි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සහ රාජපක්ෂ රෙජීම ආණ්ඩුව අතර පවතින වෙනස.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු යටතේ අප කර්මාන්ත, සේවා, කෘෂිකර්මය දියුණු කළා. එමගින් රැකියා ආදායම් මාර්ග ඇති කළා. මහවැලිය, වෙළෙඳ කලාප, හෝටල්, උදාගම් ඇති කළා. මානව සම්පත දියුණු කර පාසල්, විශ්ව විද්‍යාල, රෝහල් ඇති කර මේවා එකතු කිරීමට මාර්ග ඉදිකළා. ආර්ථික දියුණුව ඇති කර ඒවා සම්බන්ධ කිරීමට මාර්ග ඇති කළා. මේ දියුණුව මාර්ගයෙන් ජනතාවගේ අතේ ඇති මුදලත්, අගයත් වැඩි වුණා.

මේ ආණ්ඩුව විදේශ ණයවලින් මානව සම්පත, කෘෂිකර්මය, නිෂ්පාදන කර්මාන්ත දියුණු කිරීම වෙනුවට පාරවල් පමණක් හදනවා. එම පාරවල්වලින් අප යන්නේ කොහාටද? ඉස්කෝලෙට යාමට පාර තිබෙනවා. නමුත් ඉස්කෝලේ ගුරුවරු නෑ. පහසුකම් නෑ. පුටු බංකු නෑ. රෝහලට යාමට පාර තිබෙනවා. එහෙත් රෝහලේ බෙහෙත් නෑ. ඇඳන් නෑ. වෛද්‍ය රසායනාගර පහසුකම් නෑ. නවීන උපකරණ නෑ. කොළඹමහ රෝහළේ හෘද සැත්කමක් සඳහා අවුරුදු පහලොවකටත් වඩා වැඩි කාලයකටත් වූ පොරොත්තු ලේඛනයේ සිටිය යුතුයි. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රෝහලේ තත්වය එය නම් අනෙක් රෝහල් වල තත්වය අපට හිතා ගන්නට පුළුවන්. වෙළෙඳපොළට යාමට පාර තිබෙනවා. එහෙත් එහි බඩු ගOඡ්නි ගණන්. බඩු ගන්න සල්ලි නැතුව පාරිභෝලිකයා අමාරුවේ. බඩු විකිනෙන්නනේ නැති නිසා ව්‍යාපාරිකයාත් අමාරුවේ. නගරයට යාමට පාර තිබෙනවා. එහෙත් එහි ජීවත්වීමට රක්ෂාවල් නෑ. ගෙදරට යාමට පාර තිබෙනවා. එහෙත් කුස්සියේ ලිප ගිනි මෙලවෙන්නේ නෑ. ලයිට් බිල්, වතුර බිල් ගෙවා ගන්න විදියක් නෑ.

පාරවල් ඉදිවිය යුත්තේ ආර්ථික දියුණුවට සමගාමීවයි. කර්මාන්ත නිෂ්පාදන දියුණු කිරීමකින් තොරව, මහාමාර්ග, දුම්රිය මාර්ග, වරාය හා ගුවන් තොටුපලවල් ඉදි කිරීමෙන් පලක් නෑ. අනික මේ ඉදි කිරීම් සඳහා සාමාන්‍යයෙන් වැය වන මුදලට වඩා දෙතුන් ගුණයක් වැය කරනවා. මේ සියලූ ණය ගෙවීමට සිදු වන්නේ ජනතාවටයි. මේ තත්ත්වය යටතේ ජනතාවගේ අතේ ඇති මුදලත්, අගයත් අඩු වී තිබෙනවා. ආණ්ඩුවේ මේ ක්‍රියා කලාපය නිසා ජනතාවට සෙතක් නෑ. රටට පලක් නෑ. කොමිස් ගහන උදවියගේ සාක්කු නම් තරවෙනවා.

අද ශ්‍රී ලංකන් ගුවන් සේවාව ලාබ ලබන්නේ නෑ. මිහින් එයාර් පාඩුවත් ශ්‍රී ලංකන් ගුවන් සේවාව පිට පටවා තිබෙනවා. මේ ආකරයෙන් කෝටි ප්‍රකෝටි ගණන් පාඩු ලබද්දීත්, එයාර් බස් 6 ක් මිලදී ගැනීමටත්, ඒවාට රෝල්ස් රොයිස් එන්ජින් මිලදී ගැනීමටත් පියවර ගෙන තිබෙනවා. මේ සඳහා රෝල්ස් රොයිස් එන්ජින් මිලදී ගැනීමට පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 800 ක ණයක් ගත්තා. ආණ්ඩුව බලාපොරොත්තු වුණේ බ්‍රිතාන්‍ය සමාගම් සමග මේ ආකාරයට ගිවිසුම් අත්සන් කිරීම නිසා බි්රතාන්ය අගමැති ඩේවිඩ් කැමරන් හීලෑ කර ගැනීමට පුළුවන් වේවි කියලයි. ලංකාවේ වගේ මුදලට හීලෑ වෙන රාජ්‍ය නායකයින් වෙනත් රටවලත් ඇති කියලයි ඔවුන් සිතුවේ.

නමුත් අන්තිමට වුණේ මොකද්ද? කැමරන් අගමැති පැමිණ ඔහුගේ කාර්යයන් ඔහුට රිසි සේ ඉටු කර ගෙන ගියා. ශ්‍රී ලංකාවට කැමරන් අගමැතිගෙන්වත්, ශ්‍රී ලන්කන් ගිවිසුමෙන් වත් කිසිම වාසියක් සිද්ද වුනේ නෑ. ගිවිසුමේ කොමිස් මුදල් වලින් කීප දෙනෙකුගේ සාක්කු පිරුණා. මේ බර ගෙවන්න සිද්ධ වෙනනෙත් ජනතාවටයි. මේ සියල්ලගෙන්ම පෙනෙන්නේ 1% ක පමණ ස්වල්ප දෙනෙකුගේ දියුණුව උදෙසා රටේ ජනතාවගෙන් 99% කට බර ඇදීමට සිදු වී ඇති බවයි.

ආණ්ඩුව කර්මාන්ත, සේවා, මානව සම්පත දියුණු නොකර ආදායම ඉහළ නංවා ගැනීම සඳහා පහසු මාර්ගයක් හැටියට කැසිනෝ සූදුව තෝරා ගෙන තිබෙනවා. ආණ්ඩුව කියන්නේ කැසිනෝ වලින් ආදායම් ලැබෙන බවයි. අප කැසිනෝ සූදුවට විරුද්ධයි. කැසිනෝ සූදුව නිසා ලංකාව ආසියාවේ දුරාචාර්ය බවට පත් කරනවාටත් විරුද්ධයි.

මේ ආණ්ඩුව කොළඹ නගරය තුළ ක්‍රවුන් ශ්‍රී ලංකා, වෝටර් ෆ්රන්ට් ප්‍රොපර්ටි ප්‍රයිවෙට් ලිමිටඩ්, ක්වින්ස්බරි වශයෙන් කැසිනෝ මධ්‍යස්ථාන 3 ක් පිහිටුවීමට කටයුතු සම්පාදනය කර තියෙනවා. කටාන සිටි යටතේ තවත් විශාල කැසිනෝ රිසෝර්ට් 5 ක් ඇතුළත් විශාල කැසිනෝ කලාපයක් සිංගප්පූරු සමාගමක් වන ආසියානු රිසෝර්ට් ඇන්ඩ් කැසිනෝස් පුද්ගලික සමාගම මගින් පිහිටුවීමට යනවා. මේ කැසිනෝ කලාපය ආරම්භ කිරීම සඳහා මුතුරාජවෙල වටිනා පාරිසරික අගයකින් යුතු ඉඩම් බදු සහන යටතේ සොච්චම් මුදලකට ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

වෙනත් රටවල කැසිනෝ සඳහා බලපත්‍ර ලබා දීමේදී අනුගමනය කරන ක්‍රමවේදයන් තියෙනවා. සිංගප්පූරුව කළේ කැසිනෝ බලපත්‍රය වෙන්දේසි කිරීමයි. එය ලබා දෙන්නේ ඉහළම ඉල්ලූම් කරුටයි. ඊට අමතරව බදු මුදල් ද ලබා ගන්නවා. ලංකාවේ අවුරුදු 5 ක් වලංගු එක් බලපත්‍රයක වටිනාකම අමෙරිකන් ඩොලර් මිලියන 100 ක් පමණ විය හැකි බවයි ව්‍යාපාරිකයින් ඇස්තමේන්තු කරන්නේ. අඩු තරමින් ඒ ක්‍රමය අනුගමනය කළා නම් ලංකාවේ මධ්‍යස්ථාන 8 ක් පිහිටුවීම මගින් බලපත්‍ර ගාස්තුව හැටියට ඩොලර් මිලියන 800 ක් ලැබෙනවා. එහෙත් ලංකාවේ ආණ්ඩුව මේ කැසිනෝ ආරම්භ කිරීමට අවසර දෙන්නේ බලපත්‍ර ගාස්තුවක් අය කිරීමෙන් තොරවයි. බලපත්‍ර ගාස්තු ගෙවීමක් නැති නිසා කැසිනෝ හිමිකරුවාට ඩොලර් මිලියන 100 ක වාසියක් තිබෙනවා. මීට අමතරව බදු සහනත් ලබා දෙනවා.

කැසිනෝ ජාවාරම්කරුවා මෙම වාසියෙන් කොටසක් කොමිස් හැටියට ආණ්ඩුවේ බලවතුන්ගේ සාක්කුවට දමන්නේ වෙන්දේසියකින් තොරව බලපත්‍රය ලබා දීම වෙනුවෙන් කෘතගුණ දක්වන්නයි. රටට නොගැලපෙන ව්‍යාපාර සඳහා අවසර දීමේදී අඩු තරමින් රටට විශාල ආදායමක් ලැබෙනවා කියා ටිකක් හරි හිත හදා ගන්න විදියක් වත් මෙතන නෑ.

තෝරා ගත් කැසිනෝවලට බදු සහන දෙනවා. බලපත්‍ර ගාස්තුවලින් නිදහස් කරනවා. රටට අය විය යුතු බලපත්‍ර ගාස්තු සාක්කුවට දමා ගන්නවා. ජනතාවට සිදුවන සෙතක් නෑ.

මේ සියල්ලේම ප්‍රතිඵලය වී ඇත්තේ අසීමිත ණය කන්දරාවත්, ඒවා විනිවිදභාවයකින් තොරව හිතුමතේ වියදම් කිරීමෙන් ඇති වන අලාභයත්, රටේ සංවර්ධනය ඇණහිටීමෙන් සිදුවන පාඩුවත් ඇතුලූ සියලූම බර ජනගහනයෙන් 99% ක් කරපිට පැටවීමයි. කැසිනෝ, කුඩු සහ කොමිස්වලින් හම්බ කරපු කලූ සල්ලි වලින් සැප වාහනවල යන එන, තරු පහේ හෝටල්වල කන බොන, නයිට් ක්ලබ් යන එන, කැසිනෝ සෙල්ලම් කරන 1% ක් පමණ වන ස්වල්ප දෙනෙක්ගේ ආර්ථිකය සංවර්ධනය වී තිබීමයි.

අද ශ්‍රී ලංකාවේ සැබෑ අයවැය තත්වය මෙයයි. රට සූරා කන 1% කගේ බර 99% ක් දෙනාට පටවන මේ ක්‍රමයට අප එකඟ නෑ. අපි මේ ක්‍රමයට විරුද්ධයි. ජනතාව පෙළන, ජනතාවට බදු බර පටවන, මේ සමස්ත ක්රමයම බිඳ දැමීම සඳහා අප කැප වෙනවා.

21 වැනි සියවසේ දියුණු රටක් හැටියට ඉදිරියට යාමට නම් ජනතාව දැනුමින්, නිදහසින්, සහ ආර්ථික ශක්තියෙන් සන්නද්ධ කළ යුතුයි. සමාජ සාධාරණත්වය පදනම් කරගත් වෙළෙඳපොළ ආර්ථිකයක් (Social Market Economy)වෙත මාරු විය යුතුයි. ඩෙන්මාර්කය, ස්වීඩනය, ජර්මනිය, ජපානය වැනි රටවල් මේ මාර්ගයේ ගමන් කරනවා. ඒ ආර්ථිකයේදී ප්රතිලාභ ලබන්නේ සියයට එකක් වූ වරප්‍රසාද ලාභීන් නෙවෙයි. මුළු මහත් සමස්ත ජනතාවමයි. ඒ ආර්ථිකයේ ප්රතිලාභ විඳින්නේ ජාවාරම් කරුවන් නොව වැඩකරන ජනතාවයි. එවන් යහපත් රටක් නිර්මාණය කළ හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණයි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අයවැය 9 ක් ඉදිරිපත් කළා. දැනෙන ආදායම් වැඩි වීමක් සිදු වුණේ නෑ. ඒ හැම එකකින්ම 1% ක පිරිසක් පොහොසත් වුණා. 99% ක් ජනතාව දුප්පත් වුණා. මේ අයවැය සාමාන්‍ය ජනතාව විදුලි පුටුවට යවන අයවැයක්. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය මේ අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනවා.

[QUOTE="jabos, post: 15952156, member: 467005"] මෙය ජනතාව රවටන ව්‍යාජ අයවැයක් , පාර්ලිමේන්තුව රවටන ව්‍යාජ අයවැයක් - විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා PDF Print E-mail Written by Administrator Wednesday, 27 November 2013 16:47 විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා අයවැය විවාදය අරඹමින් 2013.11.22 වන දා කළ කතාව හෙවත් සැබෑ අයවැය කතාව ඊයේ (21) අයවැය කතාවෙන් රාජ්‍ය ආදායම හා වියදම පිළිබඳ 2014 වර්ෂය සඳහා ආණ්ඩුවේ සැලසුම් ඉදිරිපත් කෙරුවා. අයවැය වාර්තාව මේ ගරු සභාවට ඉදිරිපත් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවයි. ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තියේ රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු වන්නේය යනුවෙන් සඳහන් වෙනවා. නමුත් පසුගිය වසර කීපය තිස්සේ සිදුවූ සැබෑ තත්වය මෙනෙහි කරද්දී එය එසේ සිදු වී නැති බව කණගාටුවෙන් වුවත් සඳහන් කරන්නට වෙනවා. පසුගිය වතාවල පාර්ලිමේන්තුවට අයවැය ලේඛණය හැටියට ඉදිරිපත් වූ ලියවිලිවලට වඩා සහමුලින් වෙනස් තත්ත්වයක් රජයේ ආදායම් සහ වියදම් වශයෙන් නිරූපණය වී තිබෙනවා. මේ අනුව යථා චිත්‍රය මේ සභාවට ඉදිරිපත් වන්නේ නෑ. මේ සභාවට ඉදිරිපත් වන ලේඛනයට වඩා වෙනස් මූල්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට මෙහි ඉදිරිපත් කරන යෝජනා අවසානයේ හිස් ඉලක්කම් ගොඩක් සහ බර කඩදාසි මිටියකට සීමා වී තිබෙනවා. නීතියේ හැටියට අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට පෙරාතුව මධ්‍ය වාර්ෂික මූල්‍ය පාලනය පිළිබඳ ලේඛනයක් මේ සභාවට ඉදිරිපත් කළ යුතුයි. 2013 වර්ෂය සඳහා ඉදිරිපත් කෙරුණු ලේඛනය කල් ඇතිව ලැබුණේ නෑ. ඒ විතරක් නෙවෙයි, එහි ජුනි මාසය දක්වා වූ තොරතුරු ඉදිරිපත් කරලත් නෑ. අයවැය කතාවේ දී ඡේද 101 ක් කියෙව්වා. එහෙත් ජනතාවට කිසිඳු සහනයක් ලැබුණේ නැහැ. ජීවන වියදම අඩු කිරීමට කිසිඳු සැලැස්මක් තිබුණේ නැහැ. රජයේ සේවකයින්ගේ පඩි වැඩි කළේ නෑ. ඒ වෙනුවට අපේ රටේ කෘෂිකර්ම, පශු සම්පත්, වාරිමාර්ග, වන ජීවී හා සෞඛ්‍ය ක්ෂේත්රවල කටයුතු කරන නිලධාරීන්ට අවුරුදු 5 ක කල් බදු ක්‍රමයක් යටතේ පාපැදියක් බැගින් ලබාදීමට මේ අයවැයෙන් යෝජනා කර තිබෙනවා. එහෙම කරන්නේ රට හූරා කන උදවිය ලැම්බෝගිනි, ෆෙරාරේ වැනි ලොව මිල අධිකතම වාහන තීරු බදු රහිතව ගෙන්වා ගනිද්දීයි. ලැම්බෝගිනි වලිනුත් කොමිස් මුදල් ගසා කනවා. පාපැදි වලිනුත් කොමිස් මුදල් ගසා කනවා. ජනතාවට කන් හැන්දෙන් බෙදන, ඔවුන් රවටන නිරර්ථක යෝජනා මිස හරවත් දැක්මක් මේ අයවැයට අඩංගු නෑ. 2013 අයවැය කතාවත් මෙහෙමමයි. ජනතාවට සහන නෑ. හැබැයි අයවැයෙන් පසුව හිටි අඩියේම බදු වැඩි කළා. ඒ නිසා ලොකුම පහර වැදුණේ විදුලි බිලටයි. දැන් ලබන ජනවාරි මාසයේ සිට ඒ හා සමානවම බදු වැඩි කිරීමට සූදානම් වෙනවා. චෝගම් මඟුල් කෑම වෙනුවෙන් අපට බිල ගෙවන්න සිද්ධ වෙනවා. ජනතාවට ජීවත් වන එක තවදුරටත් අමාරු වෙනවා. ආර්ථිකය කඩා වැටෙනවා. ඒ කරණු සියල්ල සලකා බලන කල ඊයේ ඉදිරිපත් කළ අයවැය පසුගිය වසරේ මෙන්ම තවත් ව්‍යාජ අයවැයක් ලෙස හැඳින්වීමට කැමතියි. සම්පූර්යෙන්ම පුස්සක්. එයින් රටේ සැබෑ ආර්ථික තත්වය නිරූපණය වන්නේ නෑ. එලෙසම එමගින් ඉදිරිපත් කර ඇති සංඛ්‍යා ලේඛන, යෝජනා ආදිය ගැන කිසිදු විශ්වාසයක් තියන්නත් බෑ. මෙය ජනතා මිතුරු අයවැයක් නොව, ජනතා සතුරු අයවැයක්. මෙය ජනතාව රවටන ව්‍යාජ අයවැයක්. පාර්ලිමේන්තුව රවටන ව්‍යාජ අයවැයක්. එසේ නම් සැබෑ අයවැය කුමක්ද? අප රටේ ආදායම සහ වියදම සිදුවන ආකාරයට එහි ප්‍රතිඵල පිළිබඳ සැබෑ චිත්‍රය කුමක්ද? අප ගමන් කරන්නේ කවර දිශානතියකටද? යහපත් අනාගතයකටද? නැත්නම් වල පල්ලටද? ඒ සැබෑ චිත්‍රය ඔබ ඉදිරියේ ඉදිරිපත් කිරීමට මා කැමතියි. එයයි සත්‍ය අයවැය කතාව. 2009 යුද්ධය අවසාන වූ විට රජය ප්‍රකාශ කළේ එතැන් පටන් ආරක්ෂක වියදම් අඩු වී ඒ සඳහා වියදම් වූ මුදල් සංවර්ධනය සඳහා යෙදවීමෙන් රට විශාල වශයෙන් දියුණු වීමට අවකාශ සැලසෙන බවයි. එහෙත් යුද්ධයෙන් පසුව ආර්ථිකය සීඝ්රයෙන් සංවර්ධනය වූයේ නැහැ. ඊයේ ඉදිරිපත් කළ අයවැය මගින් හෝ එවැනි සංවර්ධනයක් ඇති වෙන්නේ නෑ. අද පවතින්නේ එදා ප්‍රකාශ කළ තත්ත්වයට වඩා හාත්පසින් වෙනස් තත්ත්වයක්. මේ රට ආසියාවේ පංච බල කේන්ද්‍රය බවට පත් කරනවා කියා එදා ප්‍රකාශ කළා. ඒ වෙනුවට අපේ රට කොමිස්, කුඩු හා කැසිනෝවලින් සමන්විත ත්‍රිත්ව බල කේන්ද්‍රයක් බවට අද පත් කර තිබෙනවා. අද අපේ රටේ ආර්ථික හා සමාජ සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වෙනවාද? සාමාන්‍ය ජනතාවගේ ජීවිතවල දියුණුවක් තිබෙනවාද? පාරවල් නම් හදනවා. ඉදිකිරීම් සිදු කරනවා. නමුත් ඒ එකකින්වත් හොඳ රැකියා වැඩි වුණාද? තරුණ තරුණියන්ට අනාගතයක් නිර්මාණය වුණාද? අලූත් ආදායම් මාර්ග ඇතිවුණාද? රටේ ණය බර අඩු වුණාද? සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවුණාද? රජයේ සේවකයන්ගේ එදිනෙදා වියදම් වලට සරිලන ආකාරයටවත් පඩි වැඩි වුණාද? විශ්‍රාමිකයන්ට සහන සැලසුණාද? ගොවියාගේ, ව්‍යාපාරිකයාගේ ආදායම් ඉහළ ගියාද? මේ අවුරුදු 4 තුළ ඒ කිසිවක් සිදු වී නෑ. රට දවසින් දවස ණය උගුලේ සිරවීම හැරෙන්නට වෙනත් කිසිදු ප්‍රගතියක් සිදු වී නෑ. දිගින් දිගටම ණය ගැනීම් වැඩි වී තිබෙනවා. රජයේ මූල්‍ය මෙහෙයුම් මේ වැඩි වන රාජ්‍ය ණය මත රඳා පවතින අතර ඒවාට විදේශ වාණිජ ණයත් ඇතුළත්. ගෙවීමට ඇති රාජ්‍ය ණය ප්‍රමාණය පිළිබඳ මෙහි දක්වන සංඛ්‍යා ලේඛන දශකයක කාලයක් තිස්සේ එය වර්ධනය වී තිබෙන වේගය පෙන්නුම් කරනවා. වර්ෂය ගෙවීමට ඇති ගෙවීමට ඇතිරාජ්ය ණය ප්‍රමාණය විදේශ ණය ප්‍රමාණය රුපියල් රුපියල් 2003 (එජාප රජය කාලේ) ට්‍රිලියන 1.86 බිලියන 843 2008 ට්‍රිලියන 3.58 ට්‍රිලියන 1.44 2013 ට්‍රිලියන 6.63 ට්‍රිලියන 3 රුපියල් බිලියනයක් කියන්නේ කෝටි 100 ක්. ට්‍රිලියනයක් කියන්නේ බිලියන 1000 ක්. ඒ කියන්නේ කෝටි ලක්ෂයක්. අප කොයි තරම් විශාල ණය උගුලක පැටලී සිටිනවා දැයි මෙයින් සිතා ගැනීමට පුලූවන්. 2003 – 2008 අතර යුද්ධය පැවැති කාල සීමාව තුළ රාජ්‍ය ණය ප්‍රමාණය ටි්රලියන 1.72 කින් වැඩි වුණා. යුද්ධය අවසාන වූ පසු එය ට්‍රිලියන 3 කින් වැඩි වී තිබෙනවා. යුද්ධය අවසාන වන විට විදේශ ණය ප්‍රමාණය බිලියන 600 කින් වැඩි වී තිබුණා. යුද්ධයෙන් පසු විදේශ ණය ප්‍රමාණය ට්‍රිලියන 1.56 කින් වැඩි වුණා. 2009 දී රජය අභිමානයෙන් ප්‍රකාශ කළේ යුද්ධය අවසාන වී ඇති හෙයින් තවදුරටත් විශාල වශයෙන් ණය ගැනීම් අවශ්‍ය නැති බවයි. එහෙත් එය එසේ වුණේ නැහැ. සිදු වූයේ කුමක්ද? යුද්ධය අවසාන වුවත් වියදම් අඩු වුණේ නැහැ. යුද්ධය සඳහා වෙන් කර තිබූ මුදල්, සංවර්ධනයට යොදවන්නේ නැතිව තම තමන්ගේ ආදායම් මාර්ග බවට පත් කර ගත්තා. ඒ මුදල් වලින් කොමිස් ගහන්න අලූත් මාර්ග සොයා ගත්තා. රටක් තමාගේ දියුණුව සඳහා වෙනත් රටවලින් ආධාර උපකාර ලබා ගැනීම ස්වභාවිකයි. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විදේශීය රටවලින් ආධාර ලබා ගෙන රට සංවර්ධනය කළා. එහිදී දීර්ඝ කාලීන ණය ගත්තේ ඉතා සුළු පොළියටයි. අවුරුදු 30 ක් හෝ ඊට වැඩි කාලයක් වන ආපසු ගෙවීමේ පදනම මත. සියයට දශම ගණනක පොලියකට. නමුත් මේ රජය විදේශ ආධාරවලින් නොනැවතී වාණිජ ණය විශාල පොලියකට ලබා ගෙන තිබෙනවා. මහ බැංකු වාර්තාවලට අනුව අද විදේශීය පුද්ගලික ආයෝජකයින්ගෙන් වැඩි පොලියකට කෙටි කාලීන පදනම මත භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර මාර්ගයෙන් ජාතික ණය ලබාගෙන තියෙනවා. ඒ විදේශීය පුද්ගලික ආයෝජකයින්ගේ පරමාර්ථය වැඩි පොළියකට කෙටි කාලයකින් ලාභයක් ලබා ගැනීමයි. 2001 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ ජාතික ණය සඳහා විදේශීය පුද්ගලික ආයෝජකයින්ගෙන් බලපෑමක් තිබුණේ නෑ. ඔවුන්ගේ කෑදරකම තුළ අප සිරකරුවන් වුණේ නෑ. ශ්‍රී ලංකාව හැම විටම ජාතික ණය ලබා ගත්තේ රටේ ක්‍රියාත්මක බංකු වලින්. ආයතන වලින්. සේවක භාරකාර අරමුදලෙන් හෝ සේවක අර්ථ සාධක අරමුදලෙන්. නමුත් අද තත්වය කුමක්ද? මහ බැංකු වාර්තාවට අනුව රුපියල් බිලියන 80 ක භාණ්ඩාගාර බිල්පතුත්, බිලියන 317 ක භාණ්ඩාගාර බැඳුම්කරත් විදේශීය පුද්ගලික ආයෝජකයින් අයිති කර ගෙන තිබෙනවා. ණයවලින් 12% ක් මේ විදේශීය පුද්ගලික ආයෝජකයින් පාලනය කරනවා. මෙය එක අතකින් විදේශීය ෂයිලොක්ලාට රට උකස් කිරීමක්. අනෙක් අතින්, අපේ රටේ ස්වෛරී භාවය විදේශීය ෂයිලොක්ලාට පාවා දීමක්. මෙය සිදු කරන්නේ රටේ පරමාධිපත්‍යය ගැන පම්පෝරි ගහන උදවියමයි. මේකද ඔබේ ජාතිකත්වය? දේශානුරාගය? රට පාවා දී තිබෙන්නේ කවුද කියා මෙයින් පැහැදිලියි. එදා දොන් ජුවන් ධර්මපාල රජු රටේ කොටසින් කොටස පෘතුගාලයට පාවා දුන්නා වගේ අපේ ජාතික ණයෙන් කොටසින් කොටස විදේශීය පුද්ගලික ආයෝජකයින්ට පාවා දී තිබෙනවා. රජය වැඩි වැඩියෙන් විදේශීය පුද්ගලික ආයෝජකයින්ගෙන් ණය ලබා ගැනීම මත රඳා පැවතීම නිසා මේ ප්‍රතිශතය ඉදිරි වසරවලදී 50% ක් තරම් ඉහළ නැංවීමට ඉඩ තිබෙනවා. එසේ වර්ධනය වුවහොත් ඇති වන බලපෑම කෙබඳුද? ග්‍රීසියේ ඇති වූ තත්ත්වය හා සමාන තත්ත්වයක් ලංකාවේත් ඇති වීමයි. ග්‍රීසියේ ණය ගෙවා ගත නොහැකිව රජයේ සේවකයින් සේවයෙන් ඉවත් කළා. පුද්ගලික අංශයට ණය දීමට නොහැකි වුණා. හැම ක්ෂේත්රයකම වැටුප් අඩු කළා. ජනතාවගේ ජීවන තත්ත්වය 50% කින් පහළට වැටුණා. ඇත්ත වශයෙන්ම රට සම්පූර්ණයෙන්ම බංකොලත් වුණා. 2012 සඳහා රජය බලාපොරොත්තු වූ අනුමත ආදායම රුපියල් බිලියන 1,149. නමුත් යාවකාලීන ආදායම රුපියල් බිලියන 1,030 ක් පමණක් වුණා. අයවැය හිඟය ඇස්තමේන්තු කර තිබුණේ රුපියල් බිලියන 1,043 ක් හැටියට. එහෙත් යාවකාලීන හිඟය රුපියල් බිලියන 1,160 ක් වුණා. 2013 ජනවාරි සිට අප්‍රේල් දක්වා රජය ඇස්තමේන්තු කළ ආදායම රුපියල් බිලියන 365 ක් වුණත්, සත්‍ය වශයෙන් ලැබුණේ බිලියන 314 ක් පමණයි. එම කාලයට ඇස්තමේන්තු කළ වියදම බිලියන 642 ක් වුණත්, සැබෑ වියදම බිලියන 658 කටත් වැඩියි. මේ අනුව එහි අයවැය පරතරය රුපියල් බිලියන 67 ක්. 2012 රජයේ වියදම් ලේඛනය පෙන්වන්නේ මේ ණය ගෙවා දැමීම සඳහා භාණ්ඩ හා සේවාවන් වෙනුවෙන් කරන වියදම් කපා හරින බවයි. මේ පාර්ලිමේන්තුව බිලියන 509 ක් භාණ්ඩ හා සේවා වියදම් වශයෙන් අනුමත කළත් රජය වියදම් කර ඇත්තේ බිලියන 470 ක් පමණයි. ණය පොලී ගෙවීම බිලියන 370 සිට බිලියන 408 දක්වා වැඩි වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට පාර්ලිමේන්තුව අනුමත කළ ප්‍රාග්ධන වියදම් කපා දමා, ඒ මුදල් ණය පොලී ගෙවීම සඳහා යොදා ගෙන තිබෙනවා. සෞඛ්‍යයට වෙන් කළ ප්‍රාග්ධන මුදලින් 30% ක්, අධ්‍යාපනයට වෙන් කළ ප්‍රාග්ධන මුදලින් 29% ක්, උසස් අධ්‍යාපනයට වෙන් කළ ප්‍රාග්ධන මුදලින් 38% ක් උදුරා ගෙන තිබෙනවා. පාසැල් ගොඩනැගිලි ඉදිකිරීමට, රෝහල් ඉදිකිරීමට, විශ්ව විද්‍යාල ඉදිකිරීමට, තරුණ පරපුරට පරිගණක ලබාදීමට වෙන් කළ මුදල් ෂයිලොක්ලාට ගෙවීම සඳහා යොදා ගන්නවා. අධ්‍යාපනයට වෙන් කළ මුදල් කප්පාදු කරනවා කියන්නේ දැනුම ලබා ගැනීමට ඇති මාර්ගය ඇහිරීමක්. එහි ප්‍රතිඵලය වන්නේ දැනුමින් සන්නද්ධ ආනාගත පරම්පරාවක් බිහි නොවීමයි. ලෝකය සමග තරග කිරීමට, ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර ඉහළින් ඔසවා තැබීමට ශක්තිය ඇති පරම්පරාවක් බිහි වීම මේ අධ්‍යාපන කප්පාදුව ඔස්සේ සම්පූර්ණයෙන්ම වළක්වා දමා තිබෙනවා. මෙතෙක් කල් අප ලෝකය සමග තරග කළේ එජාප ආණ්ඩු නිදහස් අධ්‍යාපනය දියුණු කිරීමට ක්‍රියා කළ නිසා බව මෙතනදී මා අවධාරණය කරන්නට කැමතියි. මේ නිසා අද තරුණ පරපුරට අනාගතයක් නෑ. අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් නෑ. ඔවුන් පහසුවෙන්ම මත්ද්‍රව්‍ය වල ගොදුරු බවට පත් වෙනවා. ඔවුන්ට අනාගතය නැති කළ අයම මත්ද්‍රව්‍ය ගෙන්වා බෙදා හැර එයිනුත් හම්බ කරනවා. මේ නිසාම අද, මත්ද්‍රව්‍ය ආර්ථිකයේ කොටසක් බවට පත්වී හමාරයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලංකාවට ඒවා කන්ටේනර් ගණන් මහා පරිමාණයෙන් ගෙන්වනවා. අමෙරිකාවේ නම් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් දෙකක ප්‍රමාණයක් වුවත් දැඩි දඬුවම්වලට ලක්වීමට කාරණාවක්. එහෙත් මේ රටේ මත්ද්‍රව්‍ය කන්ටේනරයක් ගෙන්වූ කෙනාත් රජයේ සාක්ෂිකරුවෙකු කොට නිදහස් කරනවා. අලූත්ම වාර්තා අනුව ශ්‍රී ලංකාවේ යම් යම් පාසල් ආශ්‍රීතව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මත්ද්‍රව්‍ය ව්‍යාපාර පවත්වාගෙන යන බවට ද තොරතුරු හෙළි වී තිබෙනවා. පාසල් දරුවන්ට කුඩු විකිණීමෙන් එම ජාවාරම්කරුවන්ට මුදල් හම්බ කිරීමට අවස්ථාව සැලසී තිබෙනවා. කොමිස්, කුඩු, කැසිනෝ ආර්ථිකය මගින් අධ්‍යාපනයට ඇති කර දී තිබෙන දියුණුව එයයි. ආණ්ඩුවට අලූත් ආදායම් මාර්ග නැති නිසා ණය ගෙවීම සඳහා මුදල් එකතු කර ගැනීමට වක්‍ර බදු වැඩි කරනවා. මෙවර ද අයවැයෙන් තොග හා සිල්ලර වෙළෙඳ කටයුතුවලට අදාළ එකතු කළ අගය මත බද්ද ද, විදුලි සංදේශ බද්ද ද, රේගු බදු හා විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ද වැඩි කොට වක්‍ර බදු හැටියට මහජනයාගෙන් මුදල් අයකර ගැනීමට යෝජනා කර තිබෙනවා. 80% ක් වක්‍ර බදු හැටියට ගෙවීමට සිදුවීම නිසා දුප්පත්, පොහොසත් භේදයකින් තොරව හැම කෙනෙකු පිටම බදු බර පැටවී තිබෙනවා. මෙය වැඩ කරන පන්තියේ සාමාන්‍ය පවුල්වලට දරා ගැනීමට නොහැකි තරම් වන බරක් බවට පත්වී තිබෙනවා. මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ වැඩ කරන ජනතාවට, මැද පන්තියේ ජීවත් වන ජනතාවට තමන්ගේ අතට ලැබෙන ආදායමින් වියහියදම් පියවා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවීමයි. මේ ආණ්ඩුවේම කොටස්කරුවන් වූ ඩිව් ගුණසේකර, වාසුදේව නානායක්කාර සහ තිස්ස විතාරණ යන ඇමතිවරුන් පසුගියදා පුවත් පත් සාකච්ඡාවක් පවත්වමින් මේ පිළිබඳව පෙන්වා දුන්නා. "ජනතාවගෙන් සියයට 70 ක් ලබා ගන්නේ රුපියල් 30,000 කට අඩු වැටුපකැයි පැවසූ නානායක්කාර මහතා, හතර දෙනෙකුගෙන් යුත් පවුලකට මාසික වියදම රුපියල් 47,000 ක් වැය වෙතැයි ගණන් බලා ඇති නම්, ජනතාවගෙන් සියයට 70 ක් අඩු ආදායම් ලාභීන් වන බවද ප්‍රකාශ කළේය." ඔන්න අපේ රටේ සැබෑ තත්වය. සියයට 70 ක් අඩු ආදායම් ලාභීන්. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ද ඒ බව සනාථ කර තිබෙනවා. මේ අයගේ ආදායම් මට්ටම ඉහළ නැංවීමට රජයට වැඩසටහනක් නෑ. මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ 9 වන අයවැයයි. අයවැය 8 පුරාම මේ අඩු ආදායම් ලබන ජනතාවගේ ආදායම් තත්ත්වය ඉහළ ගියේ නෑ. මෙම අඩු ආදායම් තත්ත්වය නිසා රුපියල් තිස් හතළිස් දහසක මුදලකට මැදපෙරදිග හෝ වෙනත් විදේශයකට ගොස් සේවයේ යෙදීමට ජනතාවට සිදුව තිබෙනවා. ඔවුන් එම ගමන යන්නේ තමාගේ අඹුදරුවන්, පවුල් ජීවිතය, ඔවුන්ගේ අනාගතය පරදුවට තියලයි. ශ්‍රී ලංකාව පමණක් නොව බොහෝ රටවල් ද විදේශ සේවා නියුක්තිකයන් එවන මුදල් මත විශ්වාසය තබා සිටිනවා. ඉන්දියාව, චීනය, මෙක්සිකෝව වැනි රටවල් තමන්ගේ ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා විදේශ සේවා නියුක්තිකයන් එවන මුදල් යොදා ගෙන තිබෙනවා. එමගින් ආර්ථික සංවර්ධනයේ ඊළඟ මට්ටම වෙත ළඟා වීමට හැකියාව උදා කර ගත යුතුයි. ඒ මට්ටම බොහෝ විට නව තාක්ෂණය, පුහුණු ශ්‍රම බලකාය හා ඉහළ වැටුප් මට්ටම් සහිත ස්ථාවර අදියරක්. එහෙත් රාජපක්ෂ රෙජීමය බලන්නේ පුලූවන් තරම් තම ජනතාව රට පටවා එයින් ණය ගෙවීම සඳහා විදේශ විනිමය ගෙන්වා ගැනීමයි. මේ සංඛ්‍යාව වසරකට 275,000 ක්. වසරකට අපේ රටේ ජනතාව 275,000 ක් රැකියා පතා පිටරට යනවා කියන්නේ අපේ රටේ රැකියා බිහිකිරීම අතපසු කර තිබෙනවා කියන එකයි. විදේශ සේවා නියුක්තිකයින් එවන මුදල් වලින් තෘප්තියට පත්ව එයින් ජීවත් වීමට ආණ්ඩුව කල්පනා කරනවා. 2004 වසරේ සිට මේ ආණ්ඩුව තරගකාරී ලෝක වෙළෙඳපොලේ ඉල්ලූමට සරිලන නව තාක්ෂණික නිෂ්පාදන, කර්මාන්ත දියුණු කිරීමට කිසිදු පියවරක් ගත්තේ නෑ. මේ නිසා විරැකියාව වැඩි වී ආදායම් මාර්ග අඩු වී අතට ලැබෙන මුදල සීමාසහිත වුණා. අපනයන අඩුවී රුපියලේ අගය පහළ වැටී බඩු මිල ඉහළ යාමට මුහුණදීමට සිදු වුණා. අද රටේ ආර්ථිකයට ප්‍රධාන දායකත්වය සැපයෙන්නේ ඉදිකිරීම් කර්මාන්තයෙන්. එහි වැඩි දායකත්වය ලැබෙන්නේ රජයේ ආයෝජන මගින්. ඉදිකිරීම් කර්මාන්තය සහ රජයේ වියදම් දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 15 ක්. මේවා රජය විසින් ලබා දෙන මුදල්. ආර්ථිකයෙන් බිහිවන මුදල් නොවෙයි. එයින් අදහස් කෙරෙන්නේ කෘෂිකර්ම, කර්මාන්ත සහ සේවා අංශවලින් ආර්ථිකය දුවන්නේවත්, රැකියා සැපයෙන්නේවත් නැති බවයි. මේ නිසා අද අප පත්ව සිටින්නේ ඉතා අවදානම් තත්වයකටයි. මේ අවදානම් තත්වයෙන් ගොඩ එන්නට නම්, ආර්ථිකයේ විශාල පිම්මක් අරන් එය නවීකරණය කිරීම තුළින් කෘෂිකර්ම, කර්මාන්ත හා සේවා අංශවල වේගවත් දියුණුවක් කරා ළඟාවිය යුතුයි. මේ ආණ්ඩුවට එසේ කිරීමට දැක්මක්, වැඩ පිලිවෙලක් හෝ ශක්තියක් නැති බව ඊයේ අයවැය ලේඛනයෙන් යළිත් තහවුරු වුණා. අපි ඉදිරි එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ ඒ වේගවත් දියුණුව රටට ලබා දෙනවා. ජනතාව අතට මුදල් දෙනවා. තරුණ පරපුරට අනාගතයක් ඇති කරනවා. අපේ රටේ ආර්ථික ව්‍යුහය තුළ නිෂ්පාදන, සේවා හා කෘෂිකර්ම අංශ විමසා බලන කල අද දක්වා එහි කිසිදු පරිවර්තනයක් සිදු වී නැහැ. ඇඟළුම් නිෂ්පාදනවලට අමතරව රබර් භාණ්ඩ නිෂ්පාදනය පමණයි සිදු වන්නේ. පසුගිය වසර 10 පුරාම ඊට අමතරව කැපී පෙනෙන සංවර්ධනාත්මක වෙනසක් සිදු වී නැහැ. විදුලි උපකරණ හා වාහන උපාංග නිෂ්පාදනය හෝ තොරතුරු තාක්ෂණ හා දැනුම් ක්ෂේත්රය හෝ වර්ධනය වෙලා නැහැ. අපේ සැලැස්ම අනුව ආර්ථිකය නිසි පරිදි මෙහෙයවූවා නම් 2013 වන විට අමෙරිකානු ඩොලර් බිලියන 20 ක විදේශ විනිමය ඉපයීමට අපිට පුලූවන්කම තිබුණා. එවිට ලංකාවට ගෙවුම් ශේෂයක් ඉතිරි වන්නේ නෑ. අවාසනාවට එබඳු ඉලක්කයක් බලාපොරොත්තු වෙන්නේ 2020 දී බව ඊයේ අයවැය කතාවේ දී ප්‍රකාශ වුණා. එයයි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සහ රාජපක්ෂ රෙජීම ආණ්ඩුව අතර පවතින වෙනස. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු යටතේ අප කර්මාන්ත, සේවා, කෘෂිකර්මය දියුණු කළා. එමගින් රැකියා ආදායම් මාර්ග ඇති කළා. මහවැලිය, වෙළෙඳ කලාප, හෝටල්, උදාගම් ඇති කළා. මානව සම්පත දියුණු කර පාසල්, විශ්ව විද්‍යාල, රෝහල් ඇති කර මේවා එකතු කිරීමට මාර්ග ඉදිකළා. ආර්ථික දියුණුව ඇති කර ඒවා සම්බන්ධ කිරීමට මාර්ග ඇති කළා. මේ දියුණුව මාර්ගයෙන් ජනතාවගේ අතේ ඇති මුදලත්, අගයත් වැඩි වුණා. මේ ආණ්ඩුව විදේශ ණයවලින් මානව සම්පත, කෘෂිකර්මය, නිෂ්පාදන කර්මාන්ත දියුණු කිරීම වෙනුවට පාරවල් පමණක් හදනවා. එම පාරවල්වලින් අප යන්නේ කොහාටද? ඉස්කෝලෙට යාමට පාර තිබෙනවා. නමුත් ඉස්කෝලේ ගුරුවරු නෑ. පහසුකම් නෑ. පුටු බංකු නෑ. රෝහලට යාමට පාර තිබෙනවා. එහෙත් රෝහලේ බෙහෙත් නෑ. ඇඳන් නෑ. වෛද්‍ය රසායනාගර පහසුකම් නෑ. නවීන උපකරණ නෑ. කොළඹමහ රෝහළේ හෘද සැත්කමක් සඳහා අවුරුදු පහලොවකටත් වඩා වැඩි කාලයකටත් වූ පොරොත්තු ලේඛනයේ සිටිය යුතුයි. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රෝහලේ තත්වය එය නම් අනෙක් රෝහල් වල තත්වය අපට හිතා ගන්නට පුළුවන්. වෙළෙඳපොළට යාමට පාර තිබෙනවා. එහෙත් එහි බඩු ගOඡ්නි ගණන්. බඩු ගන්න සල්ලි නැතුව පාරිභෝලිකයා අමාරුවේ. බඩු විකිනෙන්නනේ නැති නිසා ව්‍යාපාරිකයාත් අමාරුවේ. නගරයට යාමට පාර තිබෙනවා. එහෙත් එහි ජීවත්වීමට රක්ෂාවල් නෑ. ගෙදරට යාමට පාර තිබෙනවා. එහෙත් කුස්සියේ ලිප ගිනි මෙලවෙන්නේ නෑ. ලයිට් බිල්, වතුර බිල් ගෙවා ගන්න විදියක් නෑ. පාරවල් ඉදිවිය යුත්තේ ආර්ථික දියුණුවට සමගාමීවයි. කර්මාන්ත නිෂ්පාදන දියුණු කිරීමකින් තොරව, මහාමාර්ග, දුම්රිය මාර්ග, වරාය හා ගුවන් තොටුපලවල් ඉදි කිරීමෙන් පලක් නෑ. අනික මේ ඉදි කිරීම් සඳහා සාමාන්‍යයෙන් වැය වන මුදලට වඩා දෙතුන් ගුණයක් වැය කරනවා. මේ සියලූ ණය ගෙවීමට සිදු වන්නේ ජනතාවටයි. මේ තත්ත්වය යටතේ ජනතාවගේ අතේ ඇති මුදලත්, අගයත් අඩු වී තිබෙනවා. ආණ්ඩුවේ මේ ක්‍රියා කලාපය නිසා ජනතාවට සෙතක් නෑ. රටට පලක් නෑ. කොමිස් ගහන උදවියගේ සාක්කු නම් තරවෙනවා. අද ශ්‍රී ලංකන් ගුවන් සේවාව ලාබ ලබන්නේ නෑ. මිහින් එයාර් පාඩුවත් ශ්‍රී ලංකන් ගුවන් සේවාව පිට පටවා තිබෙනවා. මේ ආකරයෙන් කෝටි ප්‍රකෝටි ගණන් පාඩු ලබද්දීත්, එයාර් බස් 6 ක් මිලදී ගැනීමටත්, ඒවාට රෝල්ස් රොයිස් එන්ජින් මිලදී ගැනීමටත් පියවර ගෙන තිබෙනවා. මේ සඳහා රෝල්ස් රොයිස් එන්ජින් මිලදී ගැනීමට පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 800 ක ණයක් ගත්තා. ආණ්ඩුව බලාපොරොත්තු වුණේ බ්‍රිතාන්‍ය සමාගම් සමග මේ ආකාරයට ගිවිසුම් අත්සන් කිරීම නිසා බි්රතාන්ය අගමැති ඩේවිඩ් කැමරන් හීලෑ කර ගැනීමට පුළුවන් වේවි කියලයි. ලංකාවේ වගේ මුදලට හීලෑ වෙන රාජ්‍ය නායකයින් වෙනත් රටවලත් ඇති කියලයි ඔවුන් සිතුවේ. නමුත් අන්තිමට වුණේ මොකද්ද? කැමරන් අගමැති පැමිණ ඔහුගේ කාර්යයන් ඔහුට රිසි සේ ඉටු කර ගෙන ගියා. ශ්‍රී ලංකාවට කැමරන් අගමැතිගෙන්වත්, ශ්‍රී ලන්කන් ගිවිසුමෙන් වත් කිසිම වාසියක් සිද්ද වුනේ නෑ. ගිවිසුමේ කොමිස් මුදල් වලින් කීප දෙනෙකුගේ සාක්කු පිරුණා. මේ බර ගෙවන්න සිද්ධ වෙනනෙත් ජනතාවටයි. මේ සියල්ලගෙන්ම පෙනෙන්නේ 1% ක පමණ ස්වල්ප දෙනෙකුගේ දියුණුව උදෙසා රටේ ජනතාවගෙන් 99% කට බර ඇදීමට සිදු වී ඇති බවයි. ආණ්ඩුව කර්මාන්ත, සේවා, මානව සම්පත දියුණු නොකර ආදායම ඉහළ නංවා ගැනීම සඳහා පහසු මාර්ගයක් හැටියට කැසිනෝ සූදුව තෝරා ගෙන තිබෙනවා. ආණ්ඩුව කියන්නේ කැසිනෝ වලින් ආදායම් ලැබෙන බවයි. අප කැසිනෝ සූදුවට විරුද්ධයි. කැසිනෝ සූදුව නිසා ලංකාව ආසියාවේ දුරාචාර්ය බවට පත් කරනවාටත් විරුද්ධයි. මේ ආණ්ඩුව කොළඹ නගරය තුළ ක්‍රවුන් ශ්‍රී ලංකා, වෝටර් ෆ්රන්ට් ප්‍රොපර්ටි ප්‍රයිවෙට් ලිමිටඩ්, ක්වින්ස්බරි වශයෙන් කැසිනෝ මධ්‍යස්ථාන 3 ක් පිහිටුවීමට කටයුතු සම්පාදනය කර තියෙනවා. කටාන සිටි යටතේ තවත් විශාල කැසිනෝ රිසෝර්ට් 5 ක් ඇතුළත් විශාල කැසිනෝ කලාපයක් සිංගප්පූරු සමාගමක් වන ආසියානු රිසෝර්ට් ඇන්ඩ් කැසිනෝස් පුද්ගලික සමාගම මගින් පිහිටුවීමට යනවා. මේ කැසිනෝ කලාපය ආරම්භ කිරීම සඳහා මුතුරාජවෙල වටිනා පාරිසරික අගයකින් යුතු ඉඩම් බදු සහන යටතේ සොච්චම් මුදලකට ලබාදීමට පියවර ගෙන තිබෙනවා. වෙනත් රටවල කැසිනෝ සඳහා බලපත්‍ර ලබා දීමේදී අනුගමනය කරන ක්‍රමවේදයන් තියෙනවා. සිංගප්පූරුව කළේ කැසිනෝ බලපත්‍රය වෙන්දේසි කිරීමයි. එය ලබා දෙන්නේ ඉහළම ඉල්ලූම් කරුටයි. ඊට අමතරව බදු මුදල් ද ලබා ගන්නවා. ලංකාවේ අවුරුදු 5 ක් වලංගු එක් බලපත්‍රයක වටිනාකම අමෙරිකන් ඩොලර් මිලියන 100 ක් පමණ විය හැකි බවයි ව්‍යාපාරිකයින් ඇස්තමේන්තු කරන්නේ. අඩු තරමින් ඒ ක්‍රමය අනුගමනය කළා නම් ලංකාවේ මධ්‍යස්ථාන 8 ක් පිහිටුවීම මගින් බලපත්‍ර ගාස්තුව හැටියට ඩොලර් මිලියන 800 ක් ලැබෙනවා. එහෙත් ලංකාවේ ආණ්ඩුව මේ කැසිනෝ ආරම්භ කිරීමට අවසර දෙන්නේ බලපත්‍ර ගාස්තුවක් අය කිරීමෙන් තොරවයි. බලපත්‍ර ගාස්තු ගෙවීමක් නැති නිසා කැසිනෝ හිමිකරුවාට ඩොලර් මිලියන 100 ක වාසියක් තිබෙනවා. මීට අමතරව බදු සහනත් ලබා දෙනවා. කැසිනෝ ජාවාරම්කරුවා මෙම වාසියෙන් කොටසක් කොමිස් හැටියට ආණ්ඩුවේ බලවතුන්ගේ සාක්කුවට දමන්නේ වෙන්දේසියකින් තොරව බලපත්‍රය ලබා දීම වෙනුවෙන් කෘතගුණ දක්වන්නයි. රටට නොගැලපෙන ව්‍යාපාර සඳහා අවසර දීමේදී අඩු තරමින් රටට විශාල ආදායමක් ලැබෙනවා කියා ටිකක් හරි හිත හදා ගන්න විදියක් වත් මෙතන නෑ. තෝරා ගත් කැසිනෝවලට බදු සහන දෙනවා. බලපත්‍ර ගාස්තුවලින් නිදහස් කරනවා. රටට අය විය යුතු බලපත්‍ර ගාස්තු සාක්කුවට දමා ගන්නවා. ජනතාවට සිදුවන සෙතක් නෑ. මේ සියල්ලේම ප්‍රතිඵලය වී ඇත්තේ අසීමිත ණය කන්දරාවත්, ඒවා විනිවිදභාවයකින් තොරව හිතුමතේ වියදම් කිරීමෙන් ඇති වන අලාභයත්, රටේ සංවර්ධනය ඇණහිටීමෙන් සිදුවන පාඩුවත් ඇතුලූ සියලූම බර ජනගහනයෙන් 99% ක් කරපිට පැටවීමයි. කැසිනෝ, කුඩු සහ කොමිස්වලින් හම්බ කරපු කලූ සල්ලි වලින් සැප වාහනවල යන එන, තරු පහේ හෝටල්වල කන බොන, නයිට් ක්ලබ් යන එන, කැසිනෝ සෙල්ලම් කරන 1% ක් පමණ වන ස්වල්ප දෙනෙක්ගේ ආර්ථිකය සංවර්ධනය වී තිබීමයි. අද ශ්‍රී ලංකාවේ සැබෑ අයවැය තත්වය මෙයයි. රට සූරා කන 1% කගේ බර 99% ක් දෙනාට පටවන මේ ක්‍රමයට අප එකඟ නෑ. අපි මේ ක්‍රමයට විරුද්ධයි. ජනතාව පෙළන, ජනතාවට බදු බර පටවන, මේ සමස්ත ක්රමයම බිඳ දැමීම සඳහා අප කැප වෙනවා. 21 වැනි සියවසේ දියුණු රටක් හැටියට ඉදිරියට යාමට නම් ජනතාව දැනුමින්, නිදහසින්, සහ ආර්ථික ශක්තියෙන් සන්නද්ධ කළ යුතුයි. සමාජ සාධාරණත්වය පදනම් කරගත් වෙළෙඳපොළ ආර්ථිකයක් (Social Market Economy)වෙත මාරු විය යුතුයි. ඩෙන්මාර්කය, ස්වීඩනය, ජර්මනිය, ජපානය වැනි රටවල් මේ මාර්ගයේ ගමන් කරනවා. ඒ ආර්ථිකයේදී ප්රතිලාභ ලබන්නේ සියයට එකක් වූ වරප්‍රසාද ලාභීන් නෙවෙයි. මුළු මහත් සමස්ත ජනතාවමයි. ඒ ආර්ථිකයේ ප්රතිලාභ විඳින්නේ ජාවාරම් කරුවන් නොව වැඩකරන ජනතාවයි. එවන් යහපත් රටක් නිර්මාණය කළ හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අයවැය 9 ක් ඉදිරිපත් කළා. දැනෙන ආදායම් වැඩි වීමක් සිදු වුණේ නෑ. ඒ හැම එකකින්ම 1% ක පිරිසක් පොහොසත් වුණා. 99% ක් ජනතාව දුප්පත් වුණා. මේ අයවැය සාමාන්‍ය ජනතාව විදුලි පුටුවට යවන අයවැයක්. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය මේ අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනවා. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom