Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BUTAYO........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම පසුගිය අගෝස්තු 21 අඟහරුවාදා සවස් යාමයේ පොත්දොරට වැඩුමේ උළෙලකට සහභාගී වීමි. එය පැවැතියේ කොළඹ 07, මහජන පුස්තකාලයීය ශ්‍රවණාගාරයේදී ය. එදින එහිදී කලඑළි දැක්වුණේ තිලක් සේනාසිංහයන් මීට වසර එකොළහකට පෙර ලියූ ‘ජනකාන්ත මිථ්‍යා මත’ කෘතියේ තුන්වැනි යාවත්කාලීන සංස්කරණයයි.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඇතුලූ විවිධ ක්ෂේත්රයන්ට අයත් විද්වතුන් කිහිප දෙනකු ද මෙම උත්සවය සඳහා විශේෂ ඇරැයුම් ලබා තිබිණ. ‘අමනුෂ්‍ය බලපෑම් හුදු මානසික රෝගම ද?’ යන මැයෙන් විශේෂ ආරාධිත දේශනයක් ද මෙහිදී පවත්වන ලදී. දේශකයා ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් ය.

මෙම දෙසුම අවසානයේ එම මාතෘකාව ඔස්සේ විවෘත සංවාදයක් ඇරඹිණි. සැබැවින්ම එය අතිශය උද්යෝගීමත් අවස්ථාවක් විය. එමෙන්ම එහිදී විශේෂ යමක් ද සිදුවිණි. එනම් රන්වන් දිලිසෙන ජාතික ඇඳුමක් බඳු ඇඳුමක් හැඳ විශේෂයෙන් කැපී පෙනෙන අයුරින් රන් අබරණ පැළැඳි පුද්ගලයකු සභාව අතරින් මතු වී පෙරට එ්මය. යක්ෂයන් භූතයන්ගෙන් වැඩ ගන්නා බලසම්පන්න ඇදුරකු ලෙස තමන් හඳුන්වා ගත් හෙතෙම සෘජුවම මහාචාර්ය කාලෝ ෆොන්සේකා වෙත යොමු විය.

‘‘ඔබතුමා අභියෝග කරලා තියනවා මේ ලෝකේ ගුප්ත බලයක් නෑ කියලා’’ ඔහු කීයේ තමන් අතෙහි වූ ෆොටෝ ඇල්බමයක් මහාචාර්යවරයා හමුවේ දිග හරිමිනි.

‘‘මමත් ඔබතුමාට අභියෝග කරනවා මේ ඇල්බම් එකේ තියෙන්නේ සැබෑ භූතයන්ගේ පින්තූර නෙවෙයි කියලා ඔප්පු කරන්න කියලා. ඔබතුමා එහෙම ඔප්පු කළොත් මම මගේ කාර් එක ඔබතුමාට පරිත්‍යාග කරනවා’’ මෛක්රෆෝනයට මුව ළං කළ හෙතෙම ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් මුලූ සභාවටම ඇසෙන සේ හඬ නඟා කීය. ඔහු ජාතික ධජය නංවාගත් කළු වීදුරු සහිත රථයකින් ආරක්ෂකයන් ද සමග පැමිණි පුද්ගලයකු බව පසුව මට දැන ගත හැකි විය.

‘‘ඔබතුමා ඔය කරන්නේ අන්තිම බාල ප්රචාරක වැඩක්. ඔබතුමාට භූතයන්ගෙන් වැඩ ගන්න පුළුවන් නම් අපි කාටත් පේන්න මෙතන මොකක් හරි භූත බලයක් කි‍්‍රයාවට නංවන්න. එහෙම නැතුව ෆොටෝ ඇල්බම් දිග ඇරගෙන කෑගහලා වැඩක් නෑ. ඕවාට රැවටෙන මිනිස්සු මෙතන නෑ’’ එම පින්තූර පෙන්වීම සම්බන්ධයෙන් සබයේ සිටි අයෙක් කෑගසා කීය.

එහෙත් ඒ කිසිවකට පැහැදිලි ප්‍රතිචාරයක් නොදැක්වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා ‘අනේ අනිච්චං’ කියන්නාක් මෙන් අත්ල නිකටේ හොවාගත් වනම එම ඇදුරා දෙස බලාගත්වනම බලා හිඳිනු මම දුටුවෙමි.

ඉංග්‍රීසියෙන් Ghost නමින් හැඳින්වෙන හොල්මන් අවතාර ආදී වශයෙන් සලකන භෞතිකත්වය ඉක්මවන හෙවත් පාරභෞතික පදාර්ථයන් මෙලොව සැරිසරන බව විශ්වාස කරන්නවුන් බොහෝය. ඔවුන් අතර සම්මත උගත්කමක් නොමැති පිටිසරබද ගැමියන් වැඩිපුර සිටිතැයි බොහෝ දෙනෙක් සිතති. නමුත් සත්‍ය තත්ත්වය එය නොවේ. උගත්, පොහොසත්, ධනවත් ආදී සමාජයීය වශයෙන් ඉහළම පිළිගැනීමක් ඇති බොහෝ නාගරිකයන් තුළ ද එම විශ්වාස එපරිද්දෙන්ම හෝ ඊටත් වැඩි ප්‍රමාණයක් තිබේ.

ලොව පුරා පවතින හොල්මන් අවතාර පිළිබඳ විශ්වාස විමසුමට ලක් කළහොත් එ්වා ආකෘතීන් කිහිපයකට බෙදා වෙන් කළ හැක. විශ්වයේ සැරිසරතැයි සැලකෙන නපුරු දුෂ්ඨ බලවේග ද මෙලෙස හොල්මන් අවතාර ලෙසින් මිනිස් සමාජයට විණ කරන බව සැලකේ. අප සංස්කෘතියෙහි එන මහසෝනා, රීරියකා ඇතුළු යක් පිරිවර, කිතුනු ඉගැන්වීම්වල සඳහන් සාතන්, ඉස්ලාමීය ඉගැන්වීම්වල සඳහන් ෂයිතාන් ඇතුළු ජීන් a (Jinn) වරුන් එබඳු මෙලොවට විණ කරන පාපී බලයන් ලෙස හඳුන්වනු ලැබේ. එමෙන්ම මොවුන් මෙලොව පවත්නා අයහපත නපුර සංකේතනය කරන ආගමික සංකල්ප යැයි සිතන්නෝ ද වෙති.

මේ අතර ලොව පුරා පවතින හොල්මන් අවතාර පිළිබඳ විශ්වාස සම්බන්ධ එක්තරා අතිශය සවිමත් සහ පුළුල් ආකෘතියක් ද තිබේ. ඒ ආකෘතියට අනුව හොල්මන් අවතාර යනු මළවුන්ගේ පිබිදීම් සහ ඉන්පසු ඔවුන් සිදුකරන කි‍්‍රයාකාරකම් ය. නමුදු මෙම හොල්මන් අවතාර පිළිබඳ කරුණු වඩාත් සංවිභාගශීලී ලෙස විමසා බැලීමේ දී පැහැදිලිව පෙනී යන එක් සුවිශේෂ කරුණක් තිබේ. එනම් මෙම හොල්මන් අවතාර හුදු මෙලොව සැරිසරන මළවුන්ගේ ආත්මයන්ට පමණක් සීමා නොවන බවය. නිදසුනක් ලෙස, මීට දශක තුන හතරක් දක්වා පැවැති ජන විශ්වාසයකට අනුව දහඅට වැනි සියවසේ මුල් භාගයේ ලාදුරු රෝගය වැළඳීමෙන් හැඳල ලාදුරු රෝහලේ දී මළ ඕලන්ද රජකුමරුවකුගේ අවතාරයක් වරින් වර ප්‍රදේශවාසීන්ගේ නෙත ගැටී ඇත. ඒ කුමරුවාගේ අද්භූත රූපය දර්ශනය වනුයේ අශ්වයකුගේ පිට නැඟී එන ආකාරයෙනි. ඒ අනුව එම අවතාරය එලෙස මියගිය ඕලන්ද කුමරුවාගේ ආත්මය නම් ඊට අශ්වයකු ද එක්වූයේ කෙසේ ද? ඒ කුමරුවාගේ ආත්මය සමග ඔහු පරිහරණය කළ අශ්වයකු ද අවතාරයක් වීද? එමෙන්ම ඔහු රජ කුමරුවකු බව හඳුනා ගත හැකි පරිදි රාජකීය ඇඳුම් කට්ටලයක් එ් ආත්මයට ලැබුණේ කෙසේද? එසේ නම් මිනිසුන්ගේ සතුන්ගේ සේම ද්‍රව්‍යාත්මක දේවල්වලත් ආත්ම තිබිය යුතුය.

එංගලන්තයේ රජ කළ අටවැනි හෙන්රි රජුගේ නව යොවුන් බිසව කැත්රින් හොවාර්ඞ් 1542 වසරේ පෙබරවාරි 13 දා කුරිරු ඝාතනයකට ලක්ව මිය ගියා ය. ඉන්පසුව ගත වූ වසර හාරසිය හැත්තෑව තූළම වරින් වර ඇගේ අවතාරය බි්රතාන්යයේ හැම්ටන් කෝට්හි දක්නට ලැබෙතැයි කියනු ලැබේ. ඒ ද වික්ටෝරියානු සංස්කෘතියට අයත් රාජකීය ඇඳුම් පැළඳුම් වලින් සැරසී හිඳින අයුරිනි. අපට මරණින් මතු කිනම් හෝ පැවැත්මක් තිබුණ ද ඒ ‘පරලොව ගමන’ සඳහා අප ජීවත්වන සමාජමය ආර්ථිකමය හා සංස්කෘතිකමය සාධක කිසිවක් එක් කර ගත නොහැක. එසේ නම් කැත්රින් හොවාඞ් බිසවගේ අවතාරය මරණින් පසු ද තමන් ජීවත් වූ සමයේ වැළඳගෙන සිටි සංස්කෘතික ලක්ෂණ තවමත් පළ කරන්නේ කෙසේද ?

ඒ හැරුණුකොට දහසය වැනි ඇමෙරිකානු ජනාධිපතිවරයා වූ එ්බ්රහම් ලින්කන්ගේ අවතාරය තවමත් ඉඳහිට ඇමෙරිකානු ධවල මන්දිරයේ දී දර්ශනය වන බවට ලොව පුරා කටකතා පැතිර තිබේ. එක්දහස් අටසිය හැටපහේ අපේ‍්‍රල් පහළොස්වැනිදා සාහසිකයකුගේ වෙඩි පහරකට ලක්ව ඝාතනය වන විට ජනාධිපතිවරයාගේ වයස අවුරුදු පනස් හයකි. එවක සිට අද දක්වා වරින් වර දර්ශනය වන්නේ නම් අද වන විට ඒබ්‍රහම් ලින්කන් අවතාරයට වයස අවුරුදු එකසිය හතළිස් හතක් පමණ වේ. එම අවතාරය පෙනී සිටිනුයේ ද ඔහුගේ සුපුරුදු ඇඳුම් කට්ටලයෙන් යුතුවම වීම ද විශේෂයෙන් විමසිය යුත්තකි.

ලෝකප්‍රකට එංගලන්තයේ ඩයනා, වේල්සයේ කුමරිය පැරීසියේ උමං මාර්ගයක සිදු වූ රිය අනතුරකින් මියගියේ එක්දහස් නවසිය අනූ හතේ සැප්තැම්බර් හත් වැනිදා ය. ඉන්පසු ඇගේ අවතාරය ද වරින් වර දර්ශනය වන බවට ලොව පුරා කට කතා පැතිර තිබිණි. මේ අනුව ඝාතන වලට ලක්වන්නවුන්සේම හදිසි අනතුරුවලට ලක්වන්නවුන් ද හොල්මන් අවතාර වශයෙන් පෙනී සිටීමේ වැඩි සම්භාවිතාවක් ඇති බවට ලොව පුරා පොදු පිළිගැනීමක් තිබේ.

හොල්මන්, අවතාර ආදිය වැඩිපුර ගැවසෙන ඉසව් වශයෙන් ප්‍රසිද්ධියට පත් ස්ථාන ලොව පුරා තිබේ. එ්වා හැඳින්වෙනුයේ අමනුෂ්‍ය පරිගෘහිත ස්ථාන (Haunted Places) වශයෙනි. භාවිතයෙන් ඉවත් කෙරුණු දිගු කොරිඩෝ සහ විශාල ශාලා පරිශ්‍ර සහිත ඇතැම් ගොඩනැගිලි අමනුෂ්‍යයන්ගේ වාස භවනයන් වශයෙන් ප්‍රසිද්ධියට පත්ව තිබේ. අමනුෂ්‍ය පරිගෘහිත ස්ථාන වශයෙන් සලකා මිනිසුන් අතහැර දැමූ නිවහන් පිළිබඳව ලොව නන් දෙසින් සේම අප රටින් ද වාර්තා වී ඇත.

මළවුන්ගෙන් මෙලොවට කිනම් හෝ බලපෑමක් සිදුවිය හැකි බවට දුරාතීතයේ සිට පැවැත එන මානව විශ්වාසය පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන යන සාධක ති‍්‍රත්වය මත පදනම් වූ නවීන විද්‍යාවෙන් මුලූමනින්ම ප්‍රතික්ෂේප වී ඇත. නමුදු එනිසාම මළවුන්ගෙන් මෙලොවට සිදුවන බලපෑම් පිළිබඳ පොදු මානව චින්තාවලියේ එන විශ්වාසයනට නවීන විද්‍යාත්මක චින්තනයෙන් සැලකියයුතු බලපෑමක් සිදු වී ඇති බවක් නොපෙනේ. එංගලන්තය ඇතුළු යුරෝපාකරයේත් ඇමෙරිකාවේත් අමනුෂ්‍ය විශ්වාසයන් පිළිබඳව කෙරුණු සියලූ ජනමත සමීක්ෂණවලින් හෙළිදරව් වී ඇති පොදු නිගමනය නම් වැඩිහිටි පරපුර තුළ පැවැති හොල්මන් අවතාර ආදිය පිළිබඳ විශ්වාස සංනිවේදන තාක්ෂණය ප්‍රධාන පුරුෂාර්ථයක් කොටගත් නූතන පරපුර තුළ එපමණකින්ම හෝ ඊටත් වැඩි ප්‍රමාණයකින් රඳා පවත්නා බව ය. එනිසාම මෙම විෂය පථය තේමාකොට ගත් සිනමාකෘති, ටෙලි නාට්‍ය සේම සාහිත්‍ය කෘතීන් පවා ශීඝ්‍ර ජනපි‍්‍රයත්වයකට පත්වනු දැකිය හැක.

මිනිසුන් එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන අසාමාන්‍ය අත්දැකීම් සහ එබඳු සංවේදීතාවන් මුල්කොට මළවුන්ගෙන් මෙලොවට කිසිදු බලපෑමක් එල්ල නොවේය යන තාර්කික නිගමනයන් හි එල්බ ගැනීමට බොහෝ දෙනෙක් අකමැති වෙති. මිනිසුන් තුළ සහජයෙන් පවත්නා ආත්ම සංජානකත්වය (Self Consciousness)මත එම විශ්වාස කෙරෙහි මිනිසා ස්වභාවිකව යොමුවෙයි.

දහඅට වැනි සියවසේ අගභාගයේ ලොව ඇති වූ කාර්මික විප්ලවයත් සමග ලොවපුරා පැතිර ගිය භෞතික විද්‍යාත්මක දියුණුවට නතු නොවන විශ්වීය බලවේග රැසක් ලොව පුරා සැරිසරන බවත් අනාගතයේ බිහිවන විද්‍යාවේ නව මානයන් ඔස්සේ එ්වා අනාවරණය කර ගත හැකි බවත් විශ්වාස කරන්නෝ ද අප අතර වෙති. එමෙන්ම ඒතාක් නූතන විද්‍යාවේ මානයන් ඔස්සේ හොල්මන් අවතාර ග්‍රහණය කර ගැනීමට වෙර දරන්නවුන් පිළිබඳව ද ලොව නන් දෙසින් අසන්නට ලැබේ.

ජපානයේ අධිවේගී මාර්ගවල රිය අනතුරු බහුල ස්ථාන ආශ්‍රිතව සවිකොට ඇති සීසීටීවී කැමරා වල පැහැදිලිව හඳුනාගත නොහැකි රූප, සටහන් වූ අවස්ථාවන් එ්වා පිළිබඳ අධීක්ෂණය කරන්නවුන්ගේ අවධානයට ලක්ව තිබේ. හඳුනාගත නොහැකි සියලූම පියාසර වස්තූන් පිටසක්වල යානා ලෙසින් සේම හඳුනා ගත නොහැකි මෙබඳු රූප සටහන් හොල්මන් අවතාර ලෙසින් හැඳින්වීම ලොව පුරා බොහෝ විට සිදුවන්නකි. නමුදු මේ සම්බන්ධයෙන් තාර්කිකව කරුණු විමසා සිටින බොහෝ දෙනකු නඟන පැනයක් තිබේ. එ් හඳුනාගත නොහැකි වූ පමණින් මේවා මෙලොවින් බැහැර දේවල් වශයෙන් හඳුන්වනුයේ කුමන පදනමකින් ද යන්න ය. එහෙත් බුද්ධිමය වශයෙන් විසඳා ගත නොහැකි දෙයකට අද්භූතවාදී අර්ථකථනයක් දීම සාමාන්‍ය මිනිස් ස්වභාවයකි. අතීත රෝම ජනයා අකුණු ගැසීම් හඳුනා ගත්තේ ජුපිටර් දෙවියන් එවන ගිනි බෝල ලෙසිනි.

ඒ කෙසේ හෝ අමනුෂ්‍ය පරිගෘහිත ස්ථාන වශයෙන් සැලකෙන තැන් මුල්කොට නවීන විද්‍යාත්මක නිරීක්ෂණයන් සිදු කිරීම ද මිනිසා තුළ පවත්නා මේ සහජත්වය මත පදනම් වූවකි.

විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර මාපක උෂ්ණත්ව මාපක, සූක්ෂම පටිගත කිරීමේ යන්ත්‍ර අධෝරක්ථ කැමරා ආදී විද්‍යාත්මක උපකරණ යොදා ගනිමින් අමනුෂ්‍ය පරිගෘහිත ස්ථානයන් හි භෞතික නියාමයන් ඉක්මවන සංසිද්ධීන් සහ විචල්‍යතාවයන් සිදුවේ දැයි සියුම් නිරීක්ෂණ සිදුකිරීම සඳහා වන නොයෙකුත් වැඩසටහන් ව්‍යාපෘතීන් කි‍්‍රයාත්මක වේ. නමුත් මේ වන විටත් ඉන් සැලකිය යුතු ප්‍රතිඵල අත් වී ඇති බවක් වාර්තා වී නැත. එසේ යමක් වාර්තා වූ පමණින් ලොව ආන්දෝලනයක් ඇති කිරීමට යුහුසුළු වන ජනමාධ්‍යයන් ද තවමත් මුනිවත රකිනුයේ එම ප්‍රතිඵල රහිත තත්ත්වයන් යටතේය.

මගේ වැටහීම අනුව කොළඹ මහජන පුස්තකාලයීය ශ්‍රවණාගාරයේ දී සාමාන්‍ය කැමරාවකට හසු වූ භූත ඡුායාරූප ලෙස යමක් දක්වමින් මහාචාර්ය කාලෝ ෆොන්සේකාට අභියෝග කළ ඇදුරා දෙස මහාචාර්යවරයා ‘අනේ අනිච්චං’ සෙයියාවෙන් බලා හිඳින්නට ඇත්තේ ද ඉහත සඳහන් පසුබිම දන්නා නිසාම විය යුතු ය.

ශී‍්‍ර ලාංකික අපට අරුමයක් අහම්බයක් වුවද භූත දඩයම යුරෝපාකරයේත් ඇමෙරිකාවේත් සමහරුන්ගේ විනෝදාංශයකි. අමනුෂ්‍ය පරිගෘහිත ස්ථාන වශයෙන් සැලකෙන ඉසව් වෙත ගොස් එම අද්භූත අත්දැකීම්වලින් කිසියම් රසයක් විනෝදයක් ලැබීම එහිදී සිදු කෙරේ.

මේ සඳහා ලොව ඇතැම් රටවල භූත දඩයම් සවාරි ද සංවිධානය කෙරේ. ස්කොට්ලන්තයේ සවුත්බි්රජ්වෝල්ට් හි පෞරාණික ගොඩනැගිලි අතීතයේ භූත ගුහා වශයෙන් සැලකුණු අතර කලක් ජනශූන්‍යව පැවැති එ්වා අද වන විට භූත දඩයම්කරුවන්ගේ මාහැඟි දඩමංපෙත් බවට පත්ව තිබේ. හොල්මන් සහ අවතාර ගැවසෙන බවට අතීතයේ පටන් විශ්වාස කෙරුණු එම ගුහා ආශි‍්‍රතව භූත දඩයම් සවාරි සංවිධානය කිරීම අද වන විට මහා පරිමාණයේ ව්‍යාපාරයක්ව පවතී. මෙය අප රටේ වෙසක් පොසොන් ආදී උත්සව සඳහා ගම්බද ප්‍රදේශවල ඉදිකෙරෙන ‘භූත ගුහා’ හොල්මන් ගුහාවලට වඩා අතිශයින් සජීවී ලෙස බිහිසුණු එහෙත් විනෝදාත්මක අත්දැකීම් ලබාගත හැකි ස්ථානයන් ය.

මළවුන්ගේ යළි පිබිදීම් සම්බන්ධ සිදුවීම් වලින් ලොව බොහෝ සාහිත්යයන්සේම අපගේ සිංහල සාහිත්‍යය ද අතිශය පොහොසත් ය. මූලික බුදු දහම වටා ගොඩනැගුණු බෞද්ධ සාහිත්‍ය ග්රන්ථවලට අමතරව මෙබඳු අද්භූත අත්දැකීම් තහවුරු කෙරෙමින් සිංහලයෙන් ලියැවුණු සහ සිංහලයට පරිවර්තනය වූ නූතන කෘතීන් ද බොහොමයක් තිබේ. නමුදු මෙවන් හොල්මන් අවතාර වැනි විශ්වාසයන්වලට මූලික බුදු සමයෙන් සැලකිය යුතු අගැයුමක් හිමිකොට නොමැතිවීම ද වෙසෙසින් සැලකිල්ලට ගත යුතු ය.

එමෙන්ම මෙම විශ්වාස පිළිබඳව හේතුවාදී දෘෂ්ඨියක් පළ කරමින් සිංහලයෙන් පළ වී ඇති පොත පත අතිශය විරල ය.

ශී‍්‍ර ලාංකීය හේතුවාදී ව්‍යාපාරයේ භූත දඩයම් සම්ප්රදායේ පුරෝගාමීයා ශී‍්‍ර ලංකා හේතුවාදී සංගමයේ නිර්මාතෘ ආචාර්ය ඒබ්‍රහම් ටී කොවුර් ය. භූත දඩයම් විෂය කර ගනිමින් ඔහු විසින් ඉංග්‍රීසියෙන් ලියන ලද පොත් පත් කිහිපයක් පසු කලෙක සිංහලයට නංවන ලදී. ඒ පසුව ශී‍්‍ර ලංකා හේතුවාදී සංගමයේ සභාපති ධුරය හෙබවූ එච්.එස්. ධර්මපාල සේනාරත්නයන් විසිනි.

ඒබ්‍රහම් ටී කොවුර් විසින් ප්‍රකාශිත ඉංගී්රසි පොත පතෙහි අනුවාදයන් හැරුණු කොට සිංහලයෙන් ලියා පළ කෙරුණු ප්‍රථම හේතුවාදී කෘතිය තිලක් සේනාසිංහයන් විසින් 2001 වසරේ මුල්වරට එළි දක්වන ලද ‘ජනකාන්ත මිථ්‍යා මත’ කෘතියයි. ඉන්පසුව එම ගවේෂණ මංපෙත් ඔස්සේ තවදුරටත් ගමන් කළ ඔහු 2002 කෙම්මුර තැන්න හා 2009 වසරේ දී මනරංජන මිථ්‍යා කතා යන කෘතීන් ද්විත්වය ලියා තිබේ. විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ විසින් 2002 වසරේ ලියා එළිදැක්වූ ‘දොස්තර විස්තර’ හුදු හේතුවාදී ගවේෂණ කෘතියක් නොවේ. එහෙත් එහි පරිච්ඡේද කිහිපයක් හේතුවාදී ගවේෂණ සඳහා වෙන්කොට තිබීම විශේෂත්වයකි. එ් හැරුණුකොට ධර්මපාල සේනාරත්නයන් විසින් 2009 ලියා පළ කරන ලද ‘එලොවින් ආ ජීවකයා සහ වෙනත් ලිපි’ යන කෘතිය හැරුණු කොට භූත දඩයම් හෙවත් හේතුවාදී ගවේෂණ කෘති වශයෙන් නම් කළ හැකි එකම පොතක් වත් සිංහලයෙන් පළ වී ඇත.

එ් කෙසේ හෝ ඉහත සඳහන් කෘතීන් කිහිපය මගින් ඉදිරිපත් කෙරුනු මතවාද හැරුණුකොට භූත දඩයම මුල්කොට ගත් ප්‍රබල සමාජ කතිකාවක් අද වන තුරුත් අප සමාජයේ ඇරඹී නැත. එසේ ඇතිවූයේ නම් ශ්‍රී ලාංකීය හේතුවාදී ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒබ්‍රහම් ටී කොවුර්ගේ ජ්‍යෙෂ්ඨ අනුගාමිකයකු සහ වත්මන් ශී‍්‍ර ලංකා හේතුවාදී සංගමයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු වන මහාචාර්ය කාලෝ ෆොන්සේකා වෙතට ඉහත සඳහන් අන්දමේ ඊනියා භූත රූප ඇල්බමයක් යොමු වන්නේ නැත, එමෙන්ම එ්වා භූත ඡායාරූප නොවන බව ඔප්පු කළහොත් මම මගේ කාර් එක ඔබතුමන්ට තෑගි කරනවා යැයි කීමට තරම් යකැදුරකුගේ බොළඳ අවිචාරවත් බව මුවහත් වන්නේ ද නැත.

[QUOTE="rm1980, post: 13568957, member: 413392"] මම පසුගිය අගෝස්තු 21 අඟහරුවාදා සවස් යාමයේ පොත්දොරට වැඩුමේ උළෙලකට සහභාගී වීමි. එය පැවැතියේ කොළඹ 07, මහජන පුස්තකාලයීය ශ්‍රවණාගාරයේදී ය. එදින එහිදී කලඑළි දැක්වුණේ තිලක් සේනාසිංහයන් මීට වසර එකොළහකට පෙර ලියූ ‘ජනකාන්ත මිථ්‍යා මත’ කෘතියේ තුන්වැනි යාවත්කාලීන සංස්කරණයයි. මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඇතුලූ විවිධ ක්ෂේත්රයන්ට අයත් විද්වතුන් කිහිප දෙනකු ද මෙම උත්සවය සඳහා විශේෂ ඇරැයුම් ලබා තිබිණ. ‘අමනුෂ්‍ය බලපෑම් හුදු මානසික රෝගම ද?’ යන මැයෙන් විශේෂ ආරාධිත දේශනයක් ද මෙහිදී පවත්වන ලදී. දේශකයා ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් ය. මෙම දෙසුම අවසානයේ එම මාතෘකාව ඔස්සේ විවෘත සංවාදයක් ඇරඹිණි. සැබැවින්ම එය අතිශය උද්යෝගීමත් අවස්ථාවක් විය. එමෙන්ම එහිදී විශේෂ යමක් ද සිදුවිණි. එනම් රන්වන් දිලිසෙන ජාතික ඇඳුමක් බඳු ඇඳුමක් හැඳ විශේෂයෙන් කැපී පෙනෙන අයුරින් රන් අබරණ පැළැඳි පුද්ගලයකු සභාව අතරින් මතු වී පෙරට එ්මය. යක්ෂයන් භූතයන්ගෙන් වැඩ ගන්නා බලසම්පන්න ඇදුරකු ලෙස තමන් හඳුන්වා ගත් හෙතෙම සෘජුවම මහාචාර්ය කාලෝ ෆොන්සේකා වෙත යොමු විය. ‘‘ඔබතුමා අභියෝග කරලා තියනවා මේ ලෝකේ ගුප්ත බලයක් නෑ කියලා’’ ඔහු කීයේ තමන් අතෙහි වූ ෆොටෝ ඇල්බමයක් මහාචාර්යවරයා හමුවේ දිග හරිමිනි. ‘‘මමත් ඔබතුමාට අභියෝග කරනවා මේ ඇල්බම් එකේ තියෙන්නේ සැබෑ භූතයන්ගේ පින්තූර නෙවෙයි කියලා ඔප්පු කරන්න කියලා. ඔබතුමා එහෙම ඔප්පු කළොත් මම මගේ කාර් එක ඔබතුමාට පරිත්‍යාග කරනවා’’ මෛක්රෆෝනයට මුව ළං කළ හෙතෙම ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් මුලූ සභාවටම ඇසෙන සේ හඬ නඟා කීය. ඔහු ජාතික ධජය නංවාගත් කළු වීදුරු සහිත රථයකින් ආරක්ෂකයන් ද සමග පැමිණි පුද්ගලයකු බව පසුව මට දැන ගත හැකි විය. ‘‘ඔබතුමා ඔය කරන්නේ අන්තිම බාල ප්රචාරක වැඩක්. ඔබතුමාට භූතයන්ගෙන් වැඩ ගන්න පුළුවන් නම් අපි කාටත් පේන්න මෙතන මොකක් හරි භූත බලයක් කි‍්‍රයාවට නංවන්න. එහෙම නැතුව ෆොටෝ ඇල්බම් දිග ඇරගෙන කෑගහලා වැඩක් නෑ. ඕවාට රැවටෙන මිනිස්සු මෙතන නෑ’’ එම පින්තූර පෙන්වීම සම්බන්ධයෙන් සබයේ සිටි අයෙක් කෑගසා කීය. එහෙත් ඒ කිසිවකට පැහැදිලි ප්‍රතිචාරයක් නොදැක්වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා ‘අනේ අනිච්චං’ කියන්නාක් මෙන් අත්ල නිකටේ හොවාගත් වනම එම ඇදුරා දෙස බලාගත්වනම බලා හිඳිනු මම දුටුවෙමි. ඉංග්‍රීසියෙන් Ghost නමින් හැඳින්වෙන හොල්මන් අවතාර ආදී වශයෙන් සලකන භෞතිකත්වය ඉක්මවන හෙවත් පාරභෞතික පදාර්ථයන් මෙලොව සැරිසරන බව විශ්වාස කරන්නවුන් බොහෝය. ඔවුන් අතර සම්මත උගත්කමක් නොමැති පිටිසරබද ගැමියන් වැඩිපුර සිටිතැයි බොහෝ දෙනෙක් සිතති. නමුත් සත්‍ය තත්ත්වය එය නොවේ. උගත්, පොහොසත්, ධනවත් ආදී සමාජයීය වශයෙන් ඉහළම පිළිගැනීමක් ඇති බොහෝ නාගරිකයන් තුළ ද එම විශ්වාස එපරිද්දෙන්ම හෝ ඊටත් වැඩි ප්‍රමාණයක් තිබේ. ලොව පුරා පවතින හොල්මන් අවතාර පිළිබඳ විශ්වාස විමසුමට ලක් කළහොත් එ්වා ආකෘතීන් කිහිපයකට බෙදා වෙන් කළ හැක. විශ්වයේ සැරිසරතැයි සැලකෙන නපුරු දුෂ්ඨ බලවේග ද මෙලෙස හොල්මන් අවතාර ලෙසින් මිනිස් සමාජයට විණ කරන බව සැලකේ. අප සංස්කෘතියෙහි එන මහසෝනා, රීරියකා ඇතුළු යක් පිරිවර, කිතුනු ඉගැන්වීම්වල සඳහන් සාතන්, ඉස්ලාමීය ඉගැන්වීම්වල සඳහන් ෂයිතාන් ඇතුළු ජීන් a (Jinn) වරුන් එබඳු මෙලොවට විණ කරන පාපී බලයන් ලෙස හඳුන්වනු ලැබේ. එමෙන්ම මොවුන් මෙලොව පවත්නා අයහපත නපුර සංකේතනය කරන ආගමික සංකල්ප යැයි සිතන්නෝ ද වෙති. මේ අතර ලොව පුරා පවතින හොල්මන් අවතාර පිළිබඳ විශ්වාස සම්බන්ධ එක්තරා අතිශය සවිමත් සහ පුළුල් ආකෘතියක් ද තිබේ. ඒ ආකෘතියට අනුව හොල්මන් අවතාර යනු මළවුන්ගේ පිබිදීම් සහ ඉන්පසු ඔවුන් සිදුකරන කි‍්‍රයාකාරකම් ය. නමුදු මෙම හොල්මන් අවතාර පිළිබඳ කරුණු වඩාත් සංවිභාගශීලී ලෙස විමසා බැලීමේ දී පැහැදිලිව පෙනී යන එක් සුවිශේෂ කරුණක් තිබේ. එනම් මෙම හොල්මන් අවතාර හුදු මෙලොව සැරිසරන මළවුන්ගේ ආත්මයන්ට පමණක් සීමා නොවන බවය. නිදසුනක් ලෙස, මීට දශක තුන හතරක් දක්වා පැවැති ජන විශ්වාසයකට අනුව දහඅට වැනි සියවසේ මුල් භාගයේ ලාදුරු රෝගය වැළඳීමෙන් හැඳල ලාදුරු රෝහලේ දී මළ ඕලන්ද රජකුමරුවකුගේ අවතාරයක් වරින් වර ප්‍රදේශවාසීන්ගේ නෙත ගැටී ඇත. ඒ කුමරුවාගේ අද්භූත රූපය දර්ශනය වනුයේ අශ්වයකුගේ පිට නැඟී එන ආකාරයෙනි. ඒ අනුව එම අවතාරය එලෙස මියගිය ඕලන්ද කුමරුවාගේ ආත්මය නම් ඊට අශ්වයකු ද එක්වූයේ කෙසේ ද? ඒ කුමරුවාගේ ආත්මය සමග ඔහු පරිහරණය කළ අශ්වයකු ද අවතාරයක් වීද? එමෙන්ම ඔහු රජ කුමරුවකු බව හඳුනා ගත හැකි පරිදි රාජකීය ඇඳුම් කට්ටලයක් එ් ආත්මයට ලැබුණේ කෙසේද? එසේ නම් මිනිසුන්ගේ සතුන්ගේ සේම ද්‍රව්‍යාත්මක දේවල්වලත් ආත්ම තිබිය යුතුය. එංගලන්තයේ රජ කළ අටවැනි හෙන්රි රජුගේ නව යොවුන් බිසව කැත්රින් හොවාර්ඞ් 1542 වසරේ පෙබරවාරි 13 දා කුරිරු ඝාතනයකට ලක්ව මිය ගියා ය. ඉන්පසුව ගත වූ වසර හාරසිය හැත්තෑව තූළම වරින් වර ඇගේ අවතාරය බි්රතාන්යයේ හැම්ටන් කෝට්හි දක්නට ලැබෙතැයි කියනු ලැබේ. ඒ ද වික්ටෝරියානු සංස්කෘතියට අයත් රාජකීය ඇඳුම් පැළඳුම් වලින් සැරසී හිඳින අයුරිනි. අපට මරණින් මතු කිනම් හෝ පැවැත්මක් තිබුණ ද ඒ ‘පරලොව ගමන’ සඳහා අප ජීවත්වන සමාජමය ආර්ථිකමය හා සංස්කෘතිකමය සාධක කිසිවක් එක් කර ගත නොහැක. එසේ නම් කැත්රින් හොවාඞ් බිසවගේ අවතාරය මරණින් පසු ද තමන් ජීවත් වූ සමයේ වැළඳගෙන සිටි සංස්කෘතික ලක්ෂණ තවමත් පළ කරන්නේ කෙසේද ? ඒ හැරුණුකොට දහසය වැනි ඇමෙරිකානු ජනාධිපතිවරයා වූ එ්බ්රහම් ලින්කන්ගේ අවතාරය තවමත් ඉඳහිට ඇමෙරිකානු ධවල මන්දිරයේ දී දර්ශනය වන බවට ලොව පුරා කටකතා පැතිර තිබේ. එක්දහස් අටසිය හැටපහේ අපේ‍්‍රල් පහළොස්වැනිදා සාහසිකයකුගේ වෙඩි පහරකට ලක්ව ඝාතනය වන විට ජනාධිපතිවරයාගේ වයස අවුරුදු පනස් හයකි. එවක සිට අද දක්වා වරින් වර දර්ශනය වන්නේ නම් අද වන විට ඒබ්‍රහම් ලින්කන් අවතාරයට වයස අවුරුදු එකසිය හතළිස් හතක් පමණ වේ. එම අවතාරය පෙනී සිටිනුයේ ද ඔහුගේ සුපුරුදු ඇඳුම් කට්ටලයෙන් යුතුවම වීම ද විශේෂයෙන් විමසිය යුත්තකි. ලෝකප්‍රකට එංගලන්තයේ ඩයනා, වේල්සයේ කුමරිය පැරීසියේ උමං මාර්ගයක සිදු වූ රිය අනතුරකින් මියගියේ එක්දහස් නවසිය අනූ හතේ සැප්තැම්බර් හත් වැනිදා ය. ඉන්පසු ඇගේ අවතාරය ද වරින් වර දර්ශනය වන බවට ලොව පුරා කට කතා පැතිර තිබිණි. මේ අනුව ඝාතන වලට ලක්වන්නවුන්සේම හදිසි අනතුරුවලට ලක්වන්නවුන් ද හොල්මන් අවතාර වශයෙන් පෙනී සිටීමේ වැඩි සම්භාවිතාවක් ඇති බවට ලොව පුරා පොදු පිළිගැනීමක් තිබේ. හොල්මන්, අවතාර ආදිය වැඩිපුර ගැවසෙන ඉසව් වශයෙන් ප්‍රසිද්ධියට පත් ස්ථාන ලොව පුරා තිබේ. එ්වා හැඳින්වෙනුයේ අමනුෂ්‍ය පරිගෘහිත ස්ථාන (Haunted Places) වශයෙනි. භාවිතයෙන් ඉවත් කෙරුණු දිගු කොරිඩෝ සහ විශාල ශාලා පරිශ්‍ර සහිත ඇතැම් ගොඩනැගිලි අමනුෂ්‍යයන්ගේ වාස භවනයන් වශයෙන් ප්‍රසිද්ධියට පත්ව තිබේ. අමනුෂ්‍ය පරිගෘහිත ස්ථාන වශයෙන් සලකා මිනිසුන් අතහැර දැමූ නිවහන් පිළිබඳව ලොව නන් දෙසින් සේම අප රටින් ද වාර්තා වී ඇත. මළවුන්ගෙන් මෙලොවට කිනම් හෝ බලපෑමක් සිදුවිය හැකි බවට දුරාතීතයේ සිට පැවැත එන මානව විශ්වාසය පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන යන සාධක ති‍්‍රත්වය මත පදනම් වූ නවීන විද්‍යාවෙන් මුලූමනින්ම ප්‍රතික්ෂේප වී ඇත. නමුදු එනිසාම මළවුන්ගෙන් මෙලොවට සිදුවන බලපෑම් පිළිබඳ පොදු මානව චින්තාවලියේ එන විශ්වාසයනට නවීන විද්‍යාත්මක චින්තනයෙන් සැලකියයුතු බලපෑමක් සිදු වී ඇති බවක් නොපෙනේ. එංගලන්තය ඇතුළු යුරෝපාකරයේත් ඇමෙරිකාවේත් අමනුෂ්‍ය විශ්වාසයන් පිළිබඳව කෙරුණු සියලූ ජනමත සමීක්ෂණවලින් හෙළිදරව් වී ඇති පොදු නිගමනය නම් වැඩිහිටි පරපුර තුළ පැවැති හොල්මන් අවතාර ආදිය පිළිබඳ විශ්වාස සංනිවේදන තාක්ෂණය ප්‍රධාන පුරුෂාර්ථයක් කොටගත් නූතන පරපුර තුළ එපමණකින්ම හෝ ඊටත් වැඩි ප්‍රමාණයකින් රඳා පවත්නා බව ය. එනිසාම මෙම විෂය පථය තේමාකොට ගත් සිනමාකෘති, ටෙලි නාට්‍ය සේම සාහිත්‍ය කෘතීන් පවා ශීඝ්‍ර ජනපි‍්‍රයත්වයකට පත්වනු දැකිය හැක. මිනිසුන් එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන අසාමාන්‍ය අත්දැකීම් සහ එබඳු සංවේදීතාවන් මුල්කොට මළවුන්ගෙන් මෙලොවට කිසිදු බලපෑමක් එල්ල නොවේය යන තාර්කික නිගමනයන් හි එල්බ ගැනීමට බොහෝ දෙනෙක් අකමැති වෙති. මිනිසුන් තුළ සහජයෙන් පවත්නා ආත්ම සංජානකත්වය (Self Consciousness)මත එම විශ්වාස කෙරෙහි මිනිසා ස්වභාවිකව යොමුවෙයි. දහඅට වැනි සියවසේ අගභාගයේ ලොව ඇති වූ කාර්මික විප්ලවයත් සමග ලොවපුරා පැතිර ගිය භෞතික විද්‍යාත්මක දියුණුවට නතු නොවන විශ්වීය බලවේග රැසක් ලොව පුරා සැරිසරන බවත් අනාගතයේ බිහිවන විද්‍යාවේ නව මානයන් ඔස්සේ එ්වා අනාවරණය කර ගත හැකි බවත් විශ්වාස කරන්නෝ ද අප අතර වෙති. එමෙන්ම ඒතාක් නූතන විද්‍යාවේ මානයන් ඔස්සේ හොල්මන් අවතාර ග්‍රහණය කර ගැනීමට වෙර දරන්නවුන් පිළිබඳව ද ලොව නන් දෙසින් අසන්නට ලැබේ. ජපානයේ අධිවේගී මාර්ගවල රිය අනතුරු බහුල ස්ථාන ආශ්‍රිතව සවිකොට ඇති සීසීටීවී කැමරා වල පැහැදිලිව හඳුනාගත නොහැකි රූප, සටහන් වූ අවස්ථාවන් එ්වා පිළිබඳ අධීක්ෂණය කරන්නවුන්ගේ අවධානයට ලක්ව තිබේ. හඳුනාගත නොහැකි සියලූම පියාසර වස්තූන් පිටසක්වල යානා ලෙසින් සේම හඳුනා ගත නොහැකි මෙබඳු රූප සටහන් හොල්මන් අවතාර ලෙසින් හැඳින්වීම ලොව පුරා බොහෝ විට සිදුවන්නකි. නමුදු මේ සම්බන්ධයෙන් තාර්කිකව කරුණු විමසා සිටින බොහෝ දෙනකු නඟන පැනයක් තිබේ. එ් හඳුනාගත නොහැකි වූ පමණින් මේවා මෙලොවින් බැහැර දේවල් වශයෙන් හඳුන්වනුයේ කුමන පදනමකින් ද යන්න ය. එහෙත් බුද්ධිමය වශයෙන් විසඳා ගත නොහැකි දෙයකට අද්භූතවාදී අර්ථකථනයක් දීම සාමාන්‍ය මිනිස් ස්වභාවයකි. අතීත රෝම ජනයා අකුණු ගැසීම් හඳුනා ගත්තේ ජුපිටර් දෙවියන් එවන ගිනි බෝල ලෙසිනි. ඒ කෙසේ හෝ අමනුෂ්‍ය පරිගෘහිත ස්ථාන වශයෙන් සැලකෙන තැන් මුල්කොට නවීන විද්‍යාත්මක නිරීක්ෂණයන් සිදු කිරීම ද මිනිසා තුළ පවත්නා මේ සහජත්වය මත පදනම් වූවකි. විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර මාපක උෂ්ණත්ව මාපක, සූක්ෂම පටිගත කිරීමේ යන්ත්‍ර අධෝරක්ථ කැමරා ආදී විද්‍යාත්මක උපකරණ යොදා ගනිමින් අමනුෂ්‍ය පරිගෘහිත ස්ථානයන් හි භෞතික නියාමයන් ඉක්මවන සංසිද්ධීන් සහ විචල්‍යතාවයන් සිදුවේ දැයි සියුම් නිරීක්ෂණ සිදුකිරීම සඳහා වන නොයෙකුත් වැඩසටහන් ව්‍යාපෘතීන් කි‍්‍රයාත්මක වේ. නමුත් මේ වන විටත් ඉන් සැලකිය යුතු ප්‍රතිඵල අත් වී ඇති බවක් වාර්තා වී නැත. එසේ යමක් වාර්තා වූ පමණින් ලොව ආන්දෝලනයක් ඇති කිරීමට යුහුසුළු වන ජනමාධ්‍යයන් ද තවමත් මුනිවත රකිනුයේ එම ප්‍රතිඵල රහිත තත්ත්වයන් යටතේය. මගේ වැටහීම අනුව කොළඹ මහජන පුස්තකාලයීය ශ්‍රවණාගාරයේ දී සාමාන්‍ය කැමරාවකට හසු වූ භූත ඡුායාරූප ලෙස යමක් දක්වමින් මහාචාර්ය කාලෝ ෆොන්සේකාට අභියෝග කළ ඇදුරා දෙස මහාචාර්යවරයා ‘අනේ අනිච්චං’ සෙයියාවෙන් බලා හිඳින්නට ඇත්තේ ද ඉහත සඳහන් පසුබිම දන්නා නිසාම විය යුතු ය. ශී‍්‍ර ලාංකික අපට අරුමයක් අහම්බයක් වුවද භූත දඩයම යුරෝපාකරයේත් ඇමෙරිකාවේත් සමහරුන්ගේ විනෝදාංශයකි. අමනුෂ්‍ය පරිගෘහිත ස්ථාන වශයෙන් සැලකෙන ඉසව් වෙත ගොස් එම අද්භූත අත්දැකීම්වලින් කිසියම් රසයක් විනෝදයක් ලැබීම එහිදී සිදු කෙරේ. මේ සඳහා ලොව ඇතැම් රටවල භූත දඩයම් සවාරි ද සංවිධානය කෙරේ. ස්කොට්ලන්තයේ සවුත්බි්රජ්වෝල්ට් හි පෞරාණික ගොඩනැගිලි අතීතයේ භූත ගුහා වශයෙන් සැලකුණු අතර කලක් ජනශූන්‍යව පැවැති එ්වා අද වන විට භූත දඩයම්කරුවන්ගේ මාහැඟි දඩමංපෙත් බවට පත්ව තිබේ. හොල්මන් සහ අවතාර ගැවසෙන බවට අතීතයේ පටන් විශ්වාස කෙරුණු එම ගුහා ආශි‍්‍රතව භූත දඩයම් සවාරි සංවිධානය කිරීම අද වන විට මහා පරිමාණයේ ව්‍යාපාරයක්ව පවතී. මෙය අප රටේ වෙසක් පොසොන් ආදී උත්සව සඳහා ගම්බද ප්‍රදේශවල ඉදිකෙරෙන ‘භූත ගුහා’ හොල්මන් ගුහාවලට වඩා අතිශයින් සජීවී ලෙස බිහිසුණු එහෙත් විනෝදාත්මක අත්දැකීම් ලබාගත හැකි ස්ථානයන් ය. මළවුන්ගේ යළි පිබිදීම් සම්බන්ධ සිදුවීම් වලින් ලොව බොහෝ සාහිත්යයන්සේම අපගේ සිංහල සාහිත්‍යය ද අතිශය පොහොසත් ය. මූලික බුදු දහම වටා ගොඩනැගුණු බෞද්ධ සාහිත්‍ය ග්රන්ථවලට අමතරව මෙබඳු අද්භූත අත්දැකීම් තහවුරු කෙරෙමින් සිංහලයෙන් ලියැවුණු සහ සිංහලයට පරිවර්තනය වූ නූතන කෘතීන් ද බොහොමයක් තිබේ. නමුදු මෙවන් හොල්මන් අවතාර වැනි විශ්වාසයන්වලට මූලික බුදු සමයෙන් සැලකිය යුතු අගැයුමක් හිමිකොට නොමැතිවීම ද වෙසෙසින් සැලකිල්ලට ගත යුතු ය. එමෙන්ම මෙම විශ්වාස පිළිබඳව හේතුවාදී දෘෂ්ඨියක් පළ කරමින් සිංහලයෙන් පළ වී ඇති පොත පත අතිශය විරල ය. ශී‍්‍ර ලාංකීය හේතුවාදී ව්‍යාපාරයේ භූත දඩයම් සම්ප්රදායේ පුරෝගාමීයා ශී‍්‍ර ලංකා හේතුවාදී සංගමයේ නිර්මාතෘ ආචාර්ය ඒබ්‍රහම් ටී කොවුර් ය. භූත දඩයම් විෂය කර ගනිමින් ඔහු විසින් ඉංග්‍රීසියෙන් ලියන ලද පොත් පත් කිහිපයක් පසු කලෙක සිංහලයට නංවන ලදී. ඒ පසුව ශී‍්‍ර ලංකා හේතුවාදී සංගමයේ සභාපති ධුරය හෙබවූ එච්.එස්. ධර්මපාල සේනාරත්නයන් විසිනි. ඒබ්‍රහම් ටී කොවුර් විසින් ප්‍රකාශිත ඉංගී්රසි පොත පතෙහි අනුවාදයන් හැරුණු කොට සිංහලයෙන් ලියා පළ කෙරුණු ප්‍රථම හේතුවාදී කෘතිය තිලක් සේනාසිංහයන් විසින් 2001 වසරේ මුල්වරට එළි දක්වන ලද ‘ජනකාන්ත මිථ්‍යා මත’ කෘතියයි. ඉන්පසුව එම ගවේෂණ මංපෙත් ඔස්සේ තවදුරටත් ගමන් කළ ඔහු 2002 කෙම්මුර තැන්න හා 2009 වසරේ දී මනරංජන මිථ්‍යා කතා යන කෘතීන් ද්විත්වය ලියා තිබේ. විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ විසින් 2002 වසරේ ලියා එළිදැක්වූ ‘දොස්තර විස්තර’ හුදු හේතුවාදී ගවේෂණ කෘතියක් නොවේ. එහෙත් එහි පරිච්ඡේද කිහිපයක් හේතුවාදී ගවේෂණ සඳහා වෙන්කොට තිබීම විශේෂත්වයකි. එ් හැරුණුකොට ධර්මපාල සේනාරත්නයන් විසින් 2009 ලියා පළ කරන ලද ‘එලොවින් ආ ජීවකයා සහ වෙනත් ලිපි’ යන කෘතිය හැරුණු කොට භූත දඩයම් හෙවත් හේතුවාදී ගවේෂණ කෘති වශයෙන් නම් කළ හැකි එකම පොතක් වත් සිංහලයෙන් පළ වී ඇත. එ් කෙසේ හෝ ඉහත සඳහන් කෘතීන් කිහිපය මගින් ඉදිරිපත් කෙරුනු මතවාද හැරුණුකොට භූත දඩයම මුල්කොට ගත් ප්‍රබල සමාජ කතිකාවක් අද වන තුරුත් අප සමාජයේ ඇරඹී නැත. එසේ ඇතිවූයේ නම් ශ්‍රී ලාංකීය හේතුවාදී ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒබ්‍රහම් ටී කොවුර්ගේ ජ්‍යෙෂ්ඨ අනුගාමිකයකු සහ වත්මන් ශී‍්‍ර ලංකා හේතුවාදී සංගමයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු වන මහාචාර්ය කාලෝ ෆොන්සේකා වෙතට ඉහත සඳහන් අන්දමේ ඊනියා භූත රූප ඇල්බමයක් යොමු වන්නේ නැත, එමෙන්ම එ්වා භූත ඡායාරූප නොවන බව ඔප්පු කළහොත් මම මගේ කාර් එක ඔබතුමන්ට තෑගි කරනවා යැයි කීමට තරම් යකැදුරකුගේ බොළඳ අවිචාරවත් බව මුවහත් වන්නේ ද නැත. [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/09/15-Page16-M4.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom