Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Chanda Mendis
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෂර්ලොක් හෝම්ස් ගැන මෙම ත්‍රෙඩයේ පවතින දුර්මත

මෙම ත්‍රෙඩය කියවීමට මට සිත් වූයේ මම ද ෂර්ලොක් හෝම්ස් කතා මාලාවක් පරිවර්තනය කිරීමට පටන් ගත් බැවිනි. එම කතා මාලාව මම එලකිරියේ ම වෙනත් post එකක පළ කරමි. ඒවා පරිවර්තනය කර අවසන් වූ පසු අදාල නෛතික කටයුතු වලින් අනතුරුව පොත් පෙළක් වශයෙන් මුද්‍රණය කිරීමට මම බලාපොරොත්තු වෙමි.

මෙම ත්‍රෙඩය සම්පූර්ණයෙන් ම කියැවීමෙන් පසු මට අවබෝධ වූයේ ඔබ සියල්ලන් ම අතර ෂර්ලොක් හෝම්ස්, චන්දන මෙන්ඩිස් සහ පරිවර්තන පිළිබඳ ඇත්තේ විශාල වැරදි වැටහීම් බව ය. ඒවා එකින් එක මම නිවැරදි කිරීමට මෙම පෝස්ටුව තුළින් උත්සාහ කරමි.

1. ෂර්ලොක් හෝම්ස් කතා කීයක් තිබේ ද? ඒවා මොනවා ද?

ෂර්ලොක් හෝම්ස් චරිතය නිර්මාණය කළ ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් නයිට් තුමා විසින් රචිත ෂර්ලොක් හෝම්ස් නවකතා 4කි.

• ලෝහිත පරීක්ෂණය (Study in Scarlet)

• සිව් රහස් සලකුණ (Sign of Four)

• බිහිසුණු නිම්නය (Valley of Fear)

• සුනඛ ශාපය/බැස්කවිල් රුදුරු බල්ලාගේ වික්‍රමය (Hound of the Baskervilles)

මෙහි සිංහල නම් චන්දන මෙන්ඩිස් මහතා ඒවා සිංහලට පරිවර්තනය කිරීමේ දී ඔහු විසින් නිර්මාණය කරන ලද නාමකරණයන් වේ. වරහන් තුළ ඇත්තේ ඩොයිල් තුමා යොදන ලද ඉංග්‍රීසි නම් ය.

මේ නවකතා 4ට අමතර ව ඩොයිල් තුමා ෂර්ලොක් කෙටිකතා 56ක් ලියා තිබේ. ඒවායේ ඉංග්‍රිසි නම් සහ සිංහල නම් "ඔබෙන් සමුගනිමි" පරිවර්තන කෘතියේ අවසානයට ලැයිස්තුවක් ලෙස සඳහන් කර ඇත. (මා සතුව එම පොත නොමැති බැවින් එම ලැයිස්තුව පළ කිරීමට නොහැක. හැකි අයෙක් මෙහි පළ කරන්නේ නම් මැනැවි.)

ඒ අනුව ආතර් කොනන් ඩොයිල් තුමා විසින් ලියන ලද ෂර්ලොක් හෝම්ස් කතා සම්පූර්ණ ගණන 60කි. මෙය ඩොයිලියානු පිටකය නොහොත් Doylean Canon ලෙස හඳුන්වයි. Original Sherlock Holmes Stories ලෙස ද මෙය හැඳින්වේ.

2. චන්දන මෙන්ඩිස් මහතා ඩොයිලියානු පිටකය සිංහලයට පරිවර්තනය කර තිබේ ද?

ඔව්.

ඔබෙන් සමුගනිමි පොතෙන් ඩොයිලියානු පිටකය පරිවර්තනය වී අවසාන විය.

3. ඩොයිලියානු පිටකයට අමතර ෂර්ලොක් හෝම්ස් කථා තවත් තිබේ ද?

ඔව්.

ඒවා විවිධ කෘති රචකයන් විසින් ලියන ලද ඒවා ය. මේවාට Pastiches හෙවත් "ආනීත කතා" ලෙස හැඳින්වේ. උදාහරණයක් ලෙස Loren D. Estleman විසින් ලියන ලද Dr Jekyll and Mr Holmes සහ Sherlock Holmes vs. Dracula - A Sanguinary Count නැමැති පොත් දෙක හැඳින්විය හැකි ය. එම පොත් දෙක චන්දන මෙන්ඩිස් මහතා විසින් පිළිවෙළින් "අබිරහස් දොස්තර සහ ෂර්ලොක් හෝම්ස්" හා "ඩ්රැකියුලාට එරෙහිව ෂර්ලොක් හෝම්ස්" ලෙස පරිවර්තනය විය.

4. චන්දන මෙන්ඩිස් මහතා ඔහු විසින් ම ෂර්ලොක් හෝම්ස් කතාවක් ලියා ඇත් ද?

නැත.

ඔහු විසින් ලියන ලද සියලු ම ෂර්ලොක් කෘති වෙනත් ඉංග්‍රීසි කතුවරුන් විසින් ලියන ලද පොත් වල පරිවර්තන හෙවත් ආනීත කතා පරිවර්තන වේ. ෂර්ලොක් හෝම්ස් කෘතියක් නිර්මාණය කිරීම ඔබ සිතන තරම් පහසු කටයුත්තක් නොවේ. එයට බ්‍රිතාන්‍ය සහ වික්ටෝරියනු යුගයේ ඉතිහාසය, ෂර්ලොක් හෝම්ස් වුසූ 1850 තරම් ඈත කාලයේ සමාජයීය භූගෝලීය සාධක, ඩොයිලියානු පිටකය පිලිබ්ඳ හසල දැනුම (මෙය නම් චන්දන මෙන්ඩිස් මහතා සතුව ඇතැයි මම විශ්වාස කරමි.) මෙන්ම අතිශය තාක්ෂණික සහ කලාත්මක පරිචයක් තිබිය යුතු ය. එයට මට නම් "අඩුම වශයෙන්" වසරක් වත් ගත වන ක්‍රියාවකි. නමුත් පරිවර්තනයක් කිරීම සාපේක්ෂ වශයෙන් අතිශයින් පහසු ය. එබැවින් මම සිතන ආකාරයට "ෂර්ලොක් හෝම්ස් ආපසු එයි" කෘතියේ සිට මෙපමණ කලක් ඔහු කර ඇත්තේ ආනීත කෘති පරිවර්තනය කිරීම ය. ඔහු තම සියලු ම ෂර්ලොක් කෘතීන්හි "පරිවර්තන" නම් ප්‍රත්‍යය යෙදීමෙන් මෙය සනාථ වේ.

4. වෙනත් රචකයන්ට ආනීත හෝම්ස් කෘති තම හිතු මනාපයට නිර්මාණය කළ හැකි ද?

එය තීරණය වන්නේ අදාල කතාව ලාබ ලබන නිර්මාණයක් ද නැද්ද යන කරුණ මතයි. ලාබ නොලබන තාක් pastiche කෘතියක් Fair Usage නම් ඇමරිකානු නීතිය යටතේ ලිවිය හැක. එංගලන්තය තුළ (ෂර්ලොක් ගේ රට) මීට සමාන වෙනත් නීතියක් යටතේ ලිවිය හැක. නමුත් Defamation හෙවත් කීර්ති නාමය නීතිය යටතේ රචකයාට විරුද්ධව ඩොයිල් භාරකාරත්වයට (Estate of Conan Doyle) අදාල ආනීත රචකයාට විරුද්ධව නඩු පැවරීම හැකි ය.

Copyright හෙවත් බුද්ධිමය දේපල නීතිය යටතේ තත්ත්වය මෙසේ ය. මුල් රචකයාගේ (ඩොයිල්) මරණින් වසර 70කට පසු copyright බලය ඕස්ට්‍රෙලියාවේ හැර ලොව පුරා නිශ්ක්‍රීය වන්නේ ය. දැනට මුල් ෂර්ලොක් හෝම්ස් කතා, එනම් ඩොයිලියානු පිටකයේ copyright ඉහත නීතියට අනුව අහෝසි වී ඇත. එයින් සිදු වන්නේ පිටකය ඒ අයුරින් ම පිටපත් කිරීමේ නිදහස් අයිතිය ඕනෑම අයකුට ලැබීම ය.

නමුත් Estate of Conan Doyle සතුව Moral Rights පවතී. Moral rights නිසා ඩොයිල් නිර්මාණය කළ චරිත භාවිතා කිරීමට ඔවුන්ගෙන් අවසරයක් ගැනීමට Pastiche රචකයන්ට සිදු වේ. මෙසේ අවසර ගන්නේ Lisence කිරීම නම් ක්‍රියාවලිය මගිනි. ඔබ ලයිසන්ස් කර නොගන්නේ නම් එය නීති විරෝධී නොවුන ද එයට විරුද්ධව කීර්ති නාමය නීතිය යටතේ නඩු පැවරීමට Estate of Doyle හට හැකි ය. එබැවින් ෂර්ලොක් කතාවක් ලියන්නේ නම් ලයිසන්ස් කර ගැනීම මැනවි. එසේ ලයිසන්ස් කරගත් කෘතියක Copyright සහ හිමිකාරත්වය එවිට අදාල රචකයාට හිමි වෙයි.

පරිවර්තනයක තත්ත්වය මෙසේ ය.

ඔබ කිසියම් පරිවර්තනයක් කරන්නේ නම් එය ද ලයිසන්ස් කරගත යුතු ය. එසේ ලයිසන්ස් අවසරය ඉල්ලිය යුත්තේ ඩොයිලියානු පිටකයේ කතාවක් නම් Estate of Doyle වෙතින් ද, ආනීත කතාවක් නම් අදාල Pastiche ලේඛකයා හෝ අදාල ප්‍රකාශන සමාගමෙනි. උදාහරණයක් ලෙස Dr Jekyll and Mr Holmes යන කෘතිය මට පරිවර්තනය කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා අවසර ගත යුත්තේ Titan Books පොත් ප්‍රකාශන ආයතනයෙනි.

5. චන්දන මෙන්ඩිස් මහතා ඔහුගේ ආනීත කතා වල පරිවර්තන ලයිසන්ස් කර තිබේ ද?

අයිසෙ! ඒක මගෙන් අහන්න එපා. ගිහින් චන්දන මෙන්ඩිස් ගෙන් අහනවා!

ඔහු ලයිසන්ස් කර තිබේ නම් ඔහුගේ කෘති වලට නෛතික බලතල තිබෙන අතර ඔහුගේ අවසරයකින් තොරව එම පොතක් මුද්‍රිත හෝ ඩිජිටල් මාධ්‍යයෙන් කොටසක් හෝ පිටපත් කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.

6. චන්දන මෙන්ඩිස් නිර්මාණ මෙතරම් ජනප්‍රිය වූයේ ඇයි?

(මෙම පිළිතුර පසන් ඉරෝෂණ බණ්ඩාර වන මාගේ පෞද්ගලික මතය පිළිබිඹු කරන්නක් බව කරුණාවෙන් සලකන්න.)

මෙයට හේතු ගණනාවකි. ප්‍රධානතම හේතුව වන්නේ ඔහුගේ වෙනස් රචනා ශෛලියයි. මෙම රචනා ශෛලිය ෂර්ලොක් කථා වලට ම උචිත වූ ශෛලියකි. එය ආකස්මික, අසාමාන්‍ය හා එදිනෙදා භාවිතයෙන් බැහැර වූ ක්‍රමයක් වුව ද එහි eccentric, sarcastic, brilliant, sly යන ෂර්ලොකියානු චරිත ලක්ෂණ මොනවට කියාපායි.

එසේ ම ඔහුගේ සරල බස් වහර ද මීට මනා රුකුලකි. බරසාර වචන දහසකින් කියන පණිවිඩයට වඩා වචන දහයක සරල වැකිය ශක්තිමත් ය.

කෙසේ නමුත් මෑත කාලීනව ඔහු පෙර තරම් මහන්සි වී තම පරිවර්තන කාර්යය නොකරන බව මට ඉතා මෑතක දී පළවූ පොත් කියැවීමේ දී පෙනී ගියේ ය. පහු පහු වෙනකොට කොහු කොහු කියන්නේ මේවාට විය හැක. චින්තන ලොක්කාටත් සිද්ධ වෙලා තියෙන්නෙ මේක ම තමා ලු.  lol lol lol

මෙම ත්‍රෙඩයේ එක් පෝස්ටුවක K.G. කරුණාතිලකයන් සහ චන්දන මෙන්ඩිස් සසඳන්නට දැරූ තැතක් මම දුටිමි. මෙය ඉතා වැරදි දෙයක් බව මගේ පෞද්ගලික අදහසයි.

කේ ජී කරුණාතිලකයෝ ටාර්සන්, මොන්ත ක්‍රිස්තෝ, පෝ හා අයේෂා වැනි කෘති පරිවර්තනය කළ අයෙක්හු ය. එහෙත් එතුමා මා දන්නා තරමින් ෂර්ලොක් නවකතා පරිවර්තනය කළේ නැත. එසේ කළානම් ඔහුගෙත් චන්දන මහතාගේත් ලේඛන ශෛලීන් සංසන්දනය කර බලන්නට ඉඩ තිබිණ. අනිත් කරුණ නම් ඔවුන් යුග දෙකකට අයත් පරිවර්තකයන් වීමයි.

පරිවර්තන කෘතියකදී පරිවර්තකයාගේ ශෛලිය නොව ඔහු පරිවර්තනය කරන කෘතියේ ශෛලිය ආරක්ෂා කිරීමට සිදුවීම නිසා වෙනස් කතුවරු දෙදෙනෙකුගේ වෙනස් කෘති මාලා දෙකක් සංසන්දනය කරන්නට යාම අහස සහ පොලොව යන දෙකෙන් වඩාත් වටින්නේ කුමක්දැයි සෙවීම වැනි නිසරු ක්‍රියාවකි. ඒ අහසත් පොලොවත් යන දෙකම, ඒවායේ ඒවාට ම ආවේනික සුවිශේෂීතා නිසා එක ලෙස වටිනා බැවිනි.

චන්දන මෙන්ඩිස් douche bag (පඩ ෂෝ කාරයකු) බව මෙම ත්‍රෙඩය තුළ සඳහන් ව තිබිණි. මින් ඔහුගේ පෞද්ගලික දිවි චර්යාව පිළිබඳ අදහස් වී දැයි මම නොදනිමි. චන්දන මෙන්ඩිස් කලු ද සුදු ද කියාවත් දැක නොමැති බැවින් මම ඒ පිළිබඳ අදහස් නොදක්වමි.

ඉහත කියමනෙන් ඔහුගේ ෂර්ලොකියානු ලේඛන ශෛලිය පිලිබඳ අදහස් විනි නම්, ඊට මිත්‍රශීලී ලෙස විරුද්ධ වන්නට මට සිදු වේ. එයට හේතු මෙසේ ය.

"Sherlock Holmes is a persona who is full of douchebaggery." මෙය ජේම්ස් බොන්ඩ් නවකතා මාලාව රචනා කළ ඉයන් ෆ්ලෙමින්ග් එක්තරා ජේම්ස් බොන්ඩ් කෘතියක ලියන ලද්දකි. මෙහි සිංහල අර්ථය වන්නේ "ෂර්ලොක් හෝම්ස් කියන්නේ මහා පඩ ෂෝ කාරයෙක්" යන්නයි.

ඩොයිල් එලිපිට නොපැවසුව ද ෂර්ලොක් ගේ නිද්‍රාශීලී චරිත ලකෂණයක් ලෙස පඩ ෂෝ දැමීම හඳුන්වා දිය හැක. හෝම්ස් විසින් තම පරීක්ෂණ වලට අසනීප ලෙඩෙකුට සාත්තු කිරීමට හැකි වීම ඇරෙන්නට වෙන පිච්චියකින්වත් වැඩක් නැති වොට්සන් කැඳවාගෙන යන්නේ ඇයි? (වොට්සන් අවශ්‍ය වූ අවස්ථා ද නැත්තේ නොවේ. ඇඩෙල්බර්ට් ගෲනර් සිද්ධිය එවන් එක් අවස්ථාවකි.)

නිසැකව ම ෂර්ලොක් ගේ පට්ටන්දරය වොට්සන් ලවා රචනා කරගැනීම උදෙසා ය. හෝම්ස් තමාට ප්‍රසිද්ධිය අනවශ්‍ය මුහුණට ප්‍රකාශ කළත් ඔහු හැසිරෙන්නේ ඊට හාත්පසින් ම විරුද්ධ අයුරිනි.

ෂර්ලොක් හැසිරෙන්නේ තමාට වඩා දන්නා අයකු නැති පරිද්දෙනි. මෙසේ සිතන්නට ගොස් ස්ටැන්ලි හොප්කින්ස්, අයිරින් ඇඩ්ලර් හා තවත් තිදෙනෙකු හමුවේ අපේ ලොක්කා පජාත විය. මේ ෂර්ලොකියානු පිටකය තුළ douchebaggy බවක් තිබේ යන්නට උදාහරණ දෙක තුනක් පමණි.

මෙසේ වන විට ෂර්ලොක් කතා පරිවර්තනය කරන ඕනෑම අයකුගේ රචනාවක් තුළ douchebaggery ඇතුලත් වීම නොවැලැක්විය හැකි ය.

7. චන්දන මෙන්ඩිස් ෂර්ලොක් හෝම්ස් පොත් ඒ ආකාරයෙන් ම පරිවර්තනය කරන්නේ ද?

නැත.

ඔහු බොහෝ පොත් වල අපගේ සංස්කෘතියට නොගැලපෙන ඇතැම් දේ ඕනෑකමින් ම මඟ හරියි. නැත්නම් වෙනස් කරයි. උදාහරණයක් ලෙස වොට්සන් සහ ෂර්ලොක් අතර මිත්‍ර කමට එහා ගිය ලිංගික gay බැඳීමක් ගැන ඇතැම් පොත් පවසයි. එම කරුණ සිංහල පරිවර්තන වල දකින්නට ලැබුනේ නැත.

මම "ටාර්සන් සහ ෂර්ලොක් හෝම්ස් කෘතිය" පරිවර්තනය කිරීමේ දී මෙවැනි අවස්ථා දෙක තුනක් මට හමු විය. එකක් නම් වොට්සන් අමු නිරුවත් කතක් දෙස බලමින් ස්වයං වින්දනය ලබන අවස්ථාවකි. තවත් වරෙක ෂර්ලොක් හෝම්ස් නිරුවතින් නැටුමක යෙදෙන අවස්ථාවක් විය. මේවා සුදුසු ලෙස සංස්කරණය කිරීමට මට සිදු විය.

කේ ජී කරුණාතිලක මහතා යනු හොඳ ම පරිවර්තකයා බව එම අදහසට සමාන පෝස්ටුවක් මෙම ත්‍රෙඩයේ මම දැක්කෙමි. ඉවාන් තුර්ගිනෙෆ්, ෆ්යෝදර් දොස්තයෙවුස්කි, ලෙර්මෙන්තොෆ්, මිහයිල් ශොලහොව්, අකුතගවා ර්යොනොසුකෙ, චාර්ල්ස් ඩිකන්ස්, ටයිසන්, ශේක්ස්පියර් වැන්නන්ගේ පොත් පරිවර්තනය කළ මහා කලාකරුවන් අමුඩ ගසා ගොඩ පීනූ කල්ලතෝනි පදු දැයි විමසීම නොතරම් නොවේ යැයි මම සිතමි.

ඔබට මෙම පොස්ටුවෙන් ඇතිවී තුබූ ගැටලු රැසක් මඟ හැරුනා යැයි මම සිතමි. මෙමගින් තවත් ප්‍රශ්න පැන නැංගේ නම් මට PM කරන්න.

මගේ ෂර්ලොක් හෝම්ස් ත්‍රෙඩ් එකට ඔබ සියල්ලන්ගේ ම සහයෝගය අවශ්‍ය ය.

ස්තූතියි.

[QUOTE="Mens Rea, post: 15184763, member: 380215"] [SIZE=7]ෂර්ලොක් හෝම්ස් ගැන මෙම ත්‍රෙඩයේ පවතින දුර්මත [/SIZE] [SIZE=6]මෙම ත්‍රෙඩය කියවීමට මට සිත් වූයේ මම ද ෂර්ලොක් හෝම්ස් කතා මාලාවක් පරිවර්තනය කිරීමට පටන් ගත් බැවිනි. එම කතා මාලාව මම එලකිරියේ ම වෙනත් post එකක පළ කරමි. ඒවා පරිවර්තනය කර අවසන් වූ පසු අදාල නෛතික කටයුතු වලින් අනතුරුව පොත් පෙළක් වශයෙන් මුද්‍රණය කිරීමට මම බලාපොරොත්තු වෙමි. මෙම ත්‍රෙඩය සම්පූර්ණයෙන් ම කියැවීමෙන් පසු මට අවබෝධ වූයේ ඔබ සියල්ලන් ම අතර ෂර්ලොක් හෝම්ස්, චන්දන මෙන්ඩිස් සහ පරිවර්තන පිළිබඳ ඇත්තේ විශාල වැරදි වැටහීම් බව ය. ඒවා එකින් එක මම නිවැරදි කිරීමට මෙම පෝස්ටුව තුළින් උත්සාහ කරමි. 1. ෂර්ලොක් හෝම්ස් කතා කීයක් තිබේ ද? ඒවා මොනවා ද? ෂර්ලොක් හෝම්ස් චරිතය නිර්මාණය කළ ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් නයිට් තුමා විසින් රචිත ෂර්ලොක් හෝම්ස් නවකතා 4කි. • ලෝහිත පරීක්ෂණය (Study in Scarlet) • සිව් රහස් සලකුණ (Sign of Four) • බිහිසුණු නිම්නය (Valley of Fear) • සුනඛ ශාපය/බැස්කවිල් රුදුරු බල්ලාගේ වික්‍රමය (Hound of the Baskervilles) මෙහි සිංහල නම් චන්දන මෙන්ඩිස් මහතා ඒවා සිංහලට පරිවර්තනය කිරීමේ දී ඔහු විසින් නිර්මාණය කරන ලද නාමකරණයන් වේ. වරහන් තුළ ඇත්තේ ඩොයිල් තුමා යොදන ලද ඉංග්‍රීසි නම් ය. මේ නවකතා 4ට අමතර ව ඩොයිල් තුමා ෂර්ලොක් කෙටිකතා 56ක් ලියා තිබේ. ඒවායේ ඉංග්‍රිසි නම් සහ සිංහල නම් "ඔබෙන් සමුගනිමි" පරිවර්තන කෘතියේ අවසානයට ලැයිස්තුවක් ලෙස සඳහන් කර ඇත. (මා සතුව එම පොත නොමැති බැවින් එම ලැයිස්තුව පළ කිරීමට නොහැක. හැකි අයෙක් මෙහි පළ කරන්නේ නම් මැනැවි.) ඒ අනුව ආතර් කොනන් ඩොයිල් තුමා විසින් ලියන ලද ෂර්ලොක් හෝම්ස් කතා සම්පූර්ණ ගණන 60කි. මෙය ඩොයිලියානු පිටකය නොහොත් Doylean Canon ලෙස හඳුන්වයි. Original Sherlock Holmes Stories ලෙස ද මෙය හැඳින්වේ. 2. චන්දන මෙන්ඩිස් මහතා ඩොයිලියානු පිටකය සිංහලයට පරිවර්තනය කර තිබේ ද? ඔව්. ඔබෙන් සමුගනිමි පොතෙන් ඩොයිලියානු පිටකය පරිවර්තනය වී අවසාන විය. 3. ඩොයිලියානු පිටකයට අමතර ෂර්ලොක් හෝම්ස් කථා තවත් තිබේ ද? ඔව්. ඒවා විවිධ කෘති රචකයන් විසින් ලියන ලද ඒවා ය. මේවාට Pastiches හෙවත් "ආනීත කතා" ලෙස හැඳින්වේ. උදාහරණයක් ලෙස Loren D. Estleman විසින් ලියන ලද Dr Jekyll and Mr Holmes සහ Sherlock Holmes vs. Dracula - A Sanguinary Count නැමැති පොත් දෙක හැඳින්විය හැකි ය. එම පොත් දෙක චන්දන මෙන්ඩිස් මහතා විසින් පිළිවෙළින් "අබිරහස් දොස්තර සහ ෂර්ලොක් හෝම්ස්" හා "ඩ්රැකියුලාට එරෙහිව ෂර්ලොක් හෝම්ස්" ලෙස පරිවර්තනය විය. 4. චන්දන මෙන්ඩිස් මහතා ඔහු විසින් ම ෂර්ලොක් හෝම්ස් කතාවක් ලියා ඇත් ද? නැත. ඔහු විසින් ලියන ලද සියලු ම ෂර්ලොක් කෘති වෙනත් ඉංග්‍රීසි කතුවරුන් විසින් ලියන ලද පොත් වල පරිවර්තන හෙවත් ආනීත කතා පරිවර්තන වේ. ෂර්ලොක් හෝම්ස් කෘතියක් නිර්මාණය කිරීම ඔබ සිතන තරම් පහසු කටයුත්තක් නොවේ. එයට බ්‍රිතාන්‍ය සහ වික්ටෝරියනු යුගයේ ඉතිහාසය, ෂර්ලොක් හෝම්ස් වුසූ 1850 තරම් ඈත කාලයේ සමාජයීය භූගෝලීය සාධක, ඩොයිලියානු පිටකය පිලිබ්ඳ හසල දැනුම (මෙය නම් චන්දන මෙන්ඩිස් මහතා සතුව ඇතැයි මම විශ්වාස කරමි.) මෙන්ම අතිශය තාක්ෂණික සහ කලාත්මක පරිචයක් තිබිය යුතු ය. එයට මට නම් "අඩුම වශයෙන්" වසරක් වත් ගත වන ක්‍රියාවකි. නමුත් පරිවර්තනයක් කිරීම සාපේක්ෂ වශයෙන් අතිශයින් පහසු ය. එබැවින් මම සිතන ආකාරයට "ෂර්ලොක් හෝම්ස් ආපසු එයි" කෘතියේ සිට මෙපමණ කලක් ඔහු කර ඇත්තේ ආනීත කෘති පරිවර්තනය කිරීම ය. ඔහු තම සියලු ම ෂර්ලොක් කෘතීන්හි "පරිවර්තන" නම් ප්‍රත්‍යය යෙදීමෙන් මෙය සනාථ වේ. 4. වෙනත් රචකයන්ට ආනීත හෝම්ස් කෘති තම හිතු මනාපයට නිර්මාණය කළ හැකි ද? එය තීරණය වන්නේ අදාල කතාව ලාබ ලබන නිර්මාණයක් ද නැද්ද යන කරුණ මතයි. ලාබ නොලබන තාක් pastiche කෘතියක් Fair Usage නම් ඇමරිකානු නීතිය යටතේ ලිවිය හැක. එංගලන්තය තුළ (ෂර්ලොක් ගේ රට) මීට සමාන වෙනත් නීතියක් යටතේ ලිවිය හැක. නමුත් Defamation හෙවත් කීර්ති නාමය නීතිය යටතේ රචකයාට විරුද්ධව ඩොයිල් භාරකාරත්වයට (Estate of Conan Doyle) අදාල ආනීත රචකයාට විරුද්ධව නඩු පැවරීම හැකි ය. Copyright හෙවත් බුද්ධිමය දේපල නීතිය යටතේ තත්ත්වය මෙසේ ය. මුල් රචකයාගේ (ඩොයිල්) මරණින් වසර 70කට පසු copyright බලය ඕස්ට්‍රෙලියාවේ හැර ලොව පුරා නිශ්ක්‍රීය වන්නේ ය. දැනට මුල් ෂර්ලොක් හෝම්ස් කතා, එනම් ඩොයිලියානු පිටකයේ copyright ඉහත නීතියට අනුව අහෝසි වී ඇත. එයින් සිදු වන්නේ පිටකය ඒ අයුරින් ම පිටපත් කිරීමේ නිදහස් අයිතිය ඕනෑම අයකුට ලැබීම ය. නමුත් Estate of Conan Doyle සතුව Moral Rights පවතී. Moral rights නිසා ඩොයිල් නිර්මාණය කළ චරිත භාවිතා කිරීමට ඔවුන්ගෙන් අවසරයක් ගැනීමට Pastiche රචකයන්ට සිදු වේ. මෙසේ අවසර ගන්නේ Lisence කිරීම නම් ක්‍රියාවලිය මගිනි. ඔබ ලයිසන්ස් කර නොගන්නේ නම් එය නීති විරෝධී නොවුන ද එයට විරුද්ධව කීර්ති නාමය නීතිය යටතේ නඩු පැවරීමට Estate of Doyle හට හැකි ය. එබැවින් ෂර්ලොක් කතාවක් ලියන්නේ නම් ලයිසන්ස් කර ගැනීම මැනවි. එසේ ලයිසන්ස් කරගත් කෘතියක Copyright සහ හිමිකාරත්වය එවිට අදාල රචකයාට හිමි වෙයි. පරිවර්තනයක තත්ත්වය මෙසේ ය. ඔබ කිසියම් පරිවර්තනයක් කරන්නේ නම් එය ද ලයිසන්ස් කරගත යුතු ය. එසේ ලයිසන්ස් අවසරය ඉල්ලිය යුත්තේ ඩොයිලියානු පිටකයේ කතාවක් නම් Estate of Doyle වෙතින් ද, ආනීත කතාවක් නම් අදාල Pastiche ලේඛකයා හෝ අදාල ප්‍රකාශන සමාගමෙනි. උදාහරණයක් ලෙස Dr Jekyll and Mr Holmes යන කෘතිය මට පරිවර්තනය කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා අවසර ගත යුත්තේ Titan Books පොත් ප්‍රකාශන ආයතනයෙනි. 5. චන්දන මෙන්ඩිස් මහතා ඔහුගේ ආනීත කතා වල පරිවර්තන ලයිසන්ස් කර තිබේ ද? අයිසෙ! ඒක මගෙන් අහන්න එපා. ගිහින් චන්දන මෙන්ඩිස් ගෙන් අහනවා! ඔහු ලයිසන්ස් කර තිබේ නම් ඔහුගේ කෘති වලට නෛතික බලතල තිබෙන අතර ඔහුගේ අවසරයකින් තොරව එම පොතක් මුද්‍රිත හෝ ඩිජිටල් මාධ්‍යයෙන් කොටසක් හෝ පිටපත් කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. 6. චන්දන මෙන්ඩිස් නිර්මාණ මෙතරම් ජනප්‍රිය වූයේ ඇයි? (මෙම පිළිතුර පසන් ඉරෝෂණ බණ්ඩාර වන මාගේ පෞද්ගලික මතය පිළිබිඹු කරන්නක් බව කරුණාවෙන් සලකන්න.) මෙයට හේතු ගණනාවකි. ප්‍රධානතම හේතුව වන්නේ ඔහුගේ වෙනස් රචනා ශෛලියයි. මෙම රචනා ශෛලිය ෂර්ලොක් කථා වලට ම උචිත වූ ශෛලියකි. එය ආකස්මික, අසාමාන්‍ය හා එදිනෙදා භාවිතයෙන් බැහැර වූ ක්‍රමයක් වුව ද එහි eccentric, sarcastic, brilliant, sly යන ෂර්ලොකියානු චරිත ලක්ෂණ මොනවට කියාපායි. එසේ ම ඔහුගේ සරල බස් වහර ද මීට මනා රුකුලකි. බරසාර වචන දහසකින් කියන පණිවිඩයට වඩා වචන දහයක සරල වැකිය ශක්තිමත් ය. කෙසේ නමුත් මෑත කාලීනව ඔහු පෙර තරම් මහන්සි වී තම පරිවර්තන කාර්යය නොකරන බව මට ඉතා මෑතක දී පළවූ පොත් කියැවීමේ දී පෙනී ගියේ ය. පහු පහු වෙනකොට කොහු කොහු කියන්නේ මේවාට විය හැක. චින්තන ලොක්කාටත් සිද්ධ වෙලා තියෙන්නෙ මේක ම තමා ලු. :p lol lol lol මෙම ත්‍රෙඩයේ එක් පෝස්ටුවක K.G. කරුණාතිලකයන් සහ චන්දන මෙන්ඩිස් සසඳන්නට දැරූ තැතක් මම දුටිමි. මෙය ඉතා වැරදි දෙයක් බව මගේ පෞද්ගලික අදහසයි. කේ ජී කරුණාතිලකයෝ ටාර්සන්, මොන්ත ක්‍රිස්තෝ, පෝ හා අයේෂා වැනි කෘති පරිවර්තනය කළ අයෙක්හු ය. එහෙත් එතුමා මා දන්නා තරමින් ෂර්ලොක් නවකතා පරිවර්තනය කළේ නැත. එසේ කළානම් ඔහුගෙත් චන්දන මහතාගේත් ලේඛන ශෛලීන් සංසන්දනය කර බලන්නට ඉඩ තිබිණ. අනිත් කරුණ නම් ඔවුන් යුග දෙකකට අයත් පරිවර්තකයන් වීමයි. පරිවර්තන කෘතියකදී පරිවර්තකයාගේ ශෛලිය නොව ඔහු පරිවර්තනය කරන කෘතියේ ශෛලිය ආරක්ෂා කිරීමට සිදුවීම නිසා වෙනස් කතුවරු දෙදෙනෙකුගේ වෙනස් කෘති මාලා දෙකක් සංසන්දනය කරන්නට යාම අහස සහ පොලොව යන දෙකෙන් වඩාත් වටින්නේ කුමක්දැයි සෙවීම වැනි නිසරු ක්‍රියාවකි. ඒ අහසත් පොලොවත් යන දෙකම, ඒවායේ ඒවාට ම ආවේනික සුවිශේෂීතා නිසා එක ලෙස වටිනා බැවිනි. චන්දන මෙන්ඩිස් douche bag (පඩ ෂෝ කාරයකු) බව මෙම ත්‍රෙඩය තුළ සඳහන් ව තිබිණි. මින් ඔහුගේ පෞද්ගලික දිවි චර්යාව පිළිබඳ අදහස් වී දැයි මම නොදනිමි. චන්දන මෙන්ඩිස් කලු ද සුදු ද කියාවත් දැක නොමැති බැවින් මම ඒ පිළිබඳ අදහස් නොදක්වමි. ඉහත කියමනෙන් ඔහුගේ ෂර්ලොකියානු ලේඛන ශෛලිය පිලිබඳ අදහස් විනි නම්, ඊට මිත්‍රශීලී ලෙස විරුද්ධ වන්නට මට සිදු වේ. එයට හේතු මෙසේ ය. "Sherlock Holmes is a persona who is full of douchebaggery." මෙය ජේම්ස් බොන්ඩ් නවකතා මාලාව රචනා කළ ඉයන් ෆ්ලෙමින්ග් එක්තරා ජේම්ස් බොන්ඩ් කෘතියක ලියන ලද්දකි. මෙහි සිංහල අර්ථය වන්නේ "ෂර්ලොක් හෝම්ස් කියන්නේ මහා පඩ ෂෝ කාරයෙක්" යන්නයි. ඩොයිල් එලිපිට නොපැවසුව ද ෂර්ලොක් ගේ නිද්‍රාශීලී චරිත ලකෂණයක් ලෙස පඩ ෂෝ දැමීම හඳුන්වා දිය හැක. හෝම්ස් විසින් තම පරීක්ෂණ වලට අසනීප ලෙඩෙකුට සාත්තු කිරීමට හැකි වීම ඇරෙන්නට වෙන පිච්චියකින්වත් වැඩක් නැති වොට්සන් කැඳවාගෙන යන්නේ ඇයි? (වොට්සන් අවශ්‍ය වූ අවස්ථා ද නැත්තේ නොවේ. ඇඩෙල්බර්ට් ගෲනර් සිද්ධිය එවන් එක් අවස්ථාවකි.) නිසැකව ම ෂර්ලොක් ගේ පට්ටන්දරය වොට්සන් ලවා රචනා කරගැනීම උදෙසා ය. හෝම්ස් තමාට ප්‍රසිද්ධිය අනවශ්‍ය මුහුණට ප්‍රකාශ කළත් ඔහු හැසිරෙන්නේ ඊට හාත්පසින් ම විරුද්ධ අයුරිනි. ෂර්ලොක් හැසිරෙන්නේ තමාට වඩා දන්නා අයකු නැති පරිද්දෙනි. මෙසේ සිතන්නට ගොස් ස්ටැන්ලි හොප්කින්ස්, අයිරින් ඇඩ්ලර් හා තවත් තිදෙනෙකු හමුවේ අපේ ලොක්කා පජාත විය. මේ ෂර්ලොකියානු පිටකය තුළ douchebaggy බවක් තිබේ යන්නට උදාහරණ දෙක තුනක් පමණි. මෙසේ වන විට ෂර්ලොක් කතා පරිවර්තනය කරන ඕනෑම අයකුගේ රචනාවක් තුළ douchebaggery ඇතුලත් වීම නොවැලැක්විය හැකි ය. 7. චන්දන මෙන්ඩිස් ෂර්ලොක් හෝම්ස් පොත් ඒ ආකාරයෙන් ම පරිවර්තනය කරන්නේ ද? නැත. ඔහු බොහෝ පොත් වල අපගේ සංස්කෘතියට නොගැලපෙන ඇතැම් දේ ඕනෑකමින් ම මඟ හරියි. නැත්නම් වෙනස් කරයි. උදාහරණයක් ලෙස වොට්සන් සහ ෂර්ලොක් අතර මිත්‍ර කමට එහා ගිය ලිංගික gay බැඳීමක් ගැන ඇතැම් පොත් පවසයි. එම කරුණ සිංහල පරිවර්තන වල දකින්නට ලැබුනේ නැත. මම "ටාර්සන් සහ ෂර්ලොක් හෝම්ස් කෘතිය" පරිවර්තනය කිරීමේ දී මෙවැනි අවස්ථා දෙක තුනක් මට හමු විය. එකක් නම් වොට්සන් අමු නිරුවත් කතක් දෙස බලමින් ස්වයං වින්දනය ලබන අවස්ථාවකි. තවත් වරෙක ෂර්ලොක් හෝම්ස් නිරුවතින් නැටුමක යෙදෙන අවස්ථාවක් විය. මේවා සුදුසු ලෙස සංස්කරණය කිරීමට මට සිදු විය. කේ ජී කරුණාතිලක මහතා යනු හොඳ ම පරිවර්තකයා බව එම අදහසට සමාන පෝස්ටුවක් මෙම ත්‍රෙඩයේ මම දැක්කෙමි. ඉවාන් තුර්ගිනෙෆ්, ෆ්යෝදර් දොස්තයෙවුස්කි, ලෙර්මෙන්තොෆ්, මිහයිල් ශොලහොව්, අකුතගවා ර්යොනොසුකෙ, චාර්ල්ස් ඩිකන්ස්, ටයිසන්, ශේක්ස්පියර් වැන්නන්ගේ පොත් පරිවර්තනය කළ මහා කලාකරුවන් අමුඩ ගසා ගොඩ පීනූ කල්ලතෝනි පදු දැයි විමසීම නොතරම් නොවේ යැයි මම සිතමි. ඔබට මෙම පොස්ටුවෙන් ඇතිවී තුබූ ගැටලු රැසක් මඟ හැරුනා යැයි මම සිතමි. මෙමගින් තවත් ප්‍රශ්න පැන නැංගේ නම් මට PM කරන්න. මගේ ෂර්ලොක් හෝම්ස් ත්‍රෙඩ් එකට ඔබ සියල්ලන්ගේ ම සහයෝගය අවශ්‍ය ය. ස්තූතියි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom