Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Cholesterol මාරයා මට්ටු karamu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Cholesterol මාරයා මට්ටු karamu

[ATTACH]67696[/ATTACH]

කොලෙස්ටරෝල් – Cholesterol අද දවස වෙනකොට අම්මා- තාත්තා ගානට අපේ කටට දිවට හුරු පුරුදු වචන ගොන්නෙන් එකක්. Blood test එකක් ECG එකක් නොකරපු කෙනෙක් බෙහෙතකටවත් හොයාගන්න බැරි, එහෙම එකකට භාජනය නොවිච්ච කෙනෙක් වදෙන් පොරෙන් බලෙන් හරි පරීක්ෂණාගාරෙකට යවන සමාජයක ඉංග්‍රීසි නමක් තියෙන ලෙඩක් හැදෙන එකත් වාසනාවක් කියල හිතන්න ගොඩක් දෙනා පුරුදු වෙලා. ලෙඩෙක් වුණොත් රජකම ලැබුණත් වැඩක් නෑ කියල හිතපු සමාජයක අපි අරුමෝසම් ලෙඩරෝග පොදිබැදගෙන චැනල් සෙන්ටර් ගානේ නෑගම් යන්නෙ දහසින් බැදි පියලි තෑගිත් අරගෙන. වසරකට ලෝකය පුරා ලක්ෂ 171 ක් බෝ නොවන රෝග වලින් මියැදෙද්දි අපේ රටෙනුත් සැලකිය යුතු පිරිසක් එයට ඇතුළත් වෙනවා. කොලෙස්ටරෝල් වලින් මිය යන පිරිසත් අයත් වෙන්නේ ඒ ගොඩට.

ආයුර්වේද ක්‍රමයට පැහැදිලි කරනවානම් මේක ”මේධෝවෘද්ධි” නමින් හදුන්වන අතීතයේදිත් පැවති රෝගයක්.”මේධෝවෘද්ධි” යන්නෙහි අර්ථය නම් අනවශ්‍ය මේද කොටස් රුධිර නාල වල තැන්පත් වීමක් යන්නයි. මෙයම විවිධ පොත් වල පිත්තාශ්ම, පිත්තස්ථෝල ලෙසත් දක්වලා තියෙනවා. ශරීරයේ පැවැත්මට අවශ්‍ය මූලික සංඝටක වලින් එකක් තමයි මේද. හැම දේහ සෛලයකටම තම තමන්ගේ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යන්න මේද අවශ්‍ය වෙනවා. අපි පොඩ්ඩක්වත් මේද අඩංගු නැති ආහාර විතරක්ම අනුභව කළත් අපේ ශරීරයට අවශ්‍ය මේද ප්‍රමාණයෙන් 65% දක්වා නිපදවා ගන්න අපේ අක්මාවට හැකියාව තියෙනවා. මේද අවශ්‍යතාවයෙන් ඉතිරි 35% පුර්ණය කරගන්න තමයි අපි මේද සහිත ආහාර ගත යුත්තේ.

ඒත් අපේ වැඩි දෙනා උදේ ඉදන් රෑ වෙනකම් කන මේදය අධික ආහාර පාන කන්දරාව දිහා බැලුවාම ශරීරයට දෛනිකව අවශ්‍ය මේද ප්‍රමාණයට වඩා හතරපස් ගුණයක්වත් ආහාරයට ගන්නා බව සත්‍යයක්. මෙහෙම අතිරික්තව ලැබෙන මේද කොටස් කෙලින්ම මුදාහැරෙන්නේ රුධිරයට. ඒත් රුධිරයේ දී මේ මේද කොටස් දියවෙන්නේ නෑ. ඒවා රුධිර නාල වල තැන්පත්වෙනවා.එසේ තැන්පත් වන මේද කොටස් තුනකට බෙදෙනවා. ඒ සංතෘප්ත මේද (LDL) , අසංතෘප්ත මේද (HDL) හා VLDL ලෙස. මෙයින් අසංතෘප්ත මේද තැන්පත් වීමෙන් අපිට හානියක් වෙන්නේ නෑ. හානියක් වෙන්නේ අනෙකුත් දෙවර්ගයේ මේද වැඩිපුර තැන්පත් වීම මත. එමගින් රුධිර නාල අවහිර වී රුධිර සංසරණය අඩාල වීම මත කෙනෙක් “මේධෝවෘද්ධි” රෝගියෙක් බවට පත්වෙනවා. හැබැයි බඩේ ඉඩට දිවේ රසට අවනත නොවී හිතල මතල කෑම ගත්තොත් මේ රෝගයෙන් මිදෙන්න අපි කාටත් පුළුවන්. මතක තියාගන්න- හොදට මහන්සි වෙලා වැඩ කරන හොදින් දහඩිය පිටකරන කෙනෙක් මේද සහිත ආහාර ගත්තට “මේධෝවෘද්ධි” රෝගියෙක් වන්නට ඇති ඉඩකඩ අවම බව.)

මෙම කොලෙස්ටරෝල් අවදානම ට ලක්වෙච්ච බොහෝදෙනා රෝග තත්වය උච්ච ස්ථානයට එනකම් තමා රෝගියෙකු බව දැනගෙන ඉඳල නැතිවීම වෛද්‍යවරු විදියට අපි හොදට දැකල තියෙනවා. අනෙත් බොහෝ භයානක රෝගවලට සාපේක්ෂව “මේධෝවෘද්ධි” වලදි පිටතට දැනෙන ලක්ෂණ එතරම් ප්‍රබල නෑ. ඒ නිසා ඒවා නොතකා හරින අවස්ථා වැඩියි. වැලමිට , පිටි අල්ල, දණහිස, ඇස් යට කහ පැහැ ලප කැලැල් මතුවෙනවානම්- වරින් වර ඇගේ තැනින් තැන හිරිවැටෙනවා නම්, සාමන්‍ය ප්‍රමාණයට වඩා දහදිදිය ගලනවානම්, ඇසේ කළු ඉංගිරියාව වටා සුදු පැහැ රවුමක් ඇති වෙනවානම් ඇගේ තැනින් තැන මේද ගැටිති එනවා නම් ඒ “මේධවෘද්ධි” ලක්ෂණ විය යුතුයි. එසේම හෘදයේ සිට වම් අත දෙසට ගමන්කරන වේදනාව ද “මේධවෘද්ධි” ලක්ෂණයක්. මේ බාහිර ලක්ෂණ වලට අමතරව අක්මාව හා ප්ලීහාව විශාල වීමද සිදුවෙනවා. (ප්ලීහාව යනු සියලුම පෘෂ්ඨවංශිකයන්ගේ පාහේ ඇති අවයවයකි. එය විශාල වසා ගැටිත්තක ව්‍යුහයට සමානකම් කියයි. එය ප්‍රධාන වශයෙන්ම රුධිර පෙරහනක් සේ ක්‍රියා කරයි. මෙම අවයවය ඉවත්කිරීමට අවශ්‍ය වුවහොත් එය ජීවිත අවදානමකින් තොරව සිදු කල හැකිය. මෙය රතු රුධිර සෛල හා සුදු රුධිර සෛල කෙරෙහි විශේෂ කාර්යභාරයක් ඉටු කරයි. ප්ලීහාව පැරණි රතු රුධිර සෛල ඉවත් කර යකඩ ප්‍රතිචක්‍රීකරණය කරයි. එමගින් රුධිරයේ ඔක්සිජන් මට්ටම නියතව තබා ගැනීමට හැකි වේ.) ඊට අමතරව කොලෙස්ටරෝල් නිසා හෘදයාබාධ, අධිරුධිර පීඩනය, ආඝාත තත්වයන් (Stroke) ඇතිවිය හැකියි. දැනටමත් දියවැඩියාවට හෝ වකුගඩු ආසාදනයකට ලක්වූ අයෙකුට කොලෙස්ටරෝල් අවධානම ඉතා වැඩියි.

රෝගයේ මුල් මට්ටම් වලදි වගේම අවධානම් මට්ටමකදි වුණත් ආයුර්වේද ක්‍රමය ගැන විශ්වාසයෙන් ආයුර්වේද වෛද්‍යවරයෙකු ගාවට එන රෝගියෙකු සුවපත් කිරීමේ හැකියාවක් ඇති ප්‍රතිකාර විධි වලින් ආයුර්වේදය පොහොසත්. හැබැයි ආයුර්වේද ප්‍රතිකාර වලට යොමුවෙන රෝගියෙකු තමන්ගේ අවදානම් තත්වයෙන් ගැලවිලා නිට්ටාවට සුව වෙන තෙක් එක හිතින් ප්‍රතිකාර සමග බද්ධ වී සිටිය යුතුයි. ආයුර්වේදයේ දී ප්‍රතිකාර කරන්නේ රෝග නිධානයට මිසෙක රෝග ලක්ෂණ වලට නෙවෙයි. රෝග නිධානය ඉවත් කරල නැවැත රෝගය මතුවීම අත්හිටුවීම වැලැක්වීම තමයි වෛද්‍යවරයාගේ වගකීම. කොලෙස්ටරෝල් වලදි පළමු බෙහෙත් වඩියෙන්ම රෝග පාලනය ආරම්භ කරල එතැන් ඉදල මාස දෙකක් තුළ රෝගියාව සාමාන්‍ය මට්ටමට ගේන්න ආයුර්වේද ක්රමයේ ප්‍රතිකාර වලින් පුළුවන්. ප්‍රතිකාර ගන්න බොහෝ දෙනා කරන වරදක් තමයි මෙන්න මේ අවස්ථාවෙදි ප්‍රතිකාර ගන්න එක නවත්තලා ‘දැන් මට හොදයි’ කියල ආයෙත් පරණ පුරුදු විදියට පාලනයකින් තොරව ආහාර අරන්, නිසි විහරණ පවත්වා නොගනිමින් අන්තනෝමතිකව කටයුතු කිරීම.ඒ නිසා වෙන්නේ නැවත වරක් සතියක් දෙකක් තුළ ප්‍රතිකාර ආරම්භ කරපු අවස්ථාවේ මට්ටමට රෝගය උත්සන්න වීම.අද නිදහස් වුණු ඔබ හෙට දවසෙ ආයෙත් ඒ අගාධයට වැටෙන්න සූදානම් නෑ නේද?

එතැනදි ආයුර්වේදයටවත් වෛද්‍යවරයාටවත් දොස් කියල වැඩක් නෑ. තමන්ට ජීවිත කාලය පුරාවටම විදවන්න වෙන රෝගයකින් මිදිල සාමාන්‍ය මට්ටමට පත්වෙලා ජීවිතය විදින්න ලැබෙන අවස්ථාව අපතේ නොහැර තමන්ගේ ආහාර පාලනය කිරීම සහ නිසි විහරණ පිළිපැදීම තවත් මාස හය හතක් වත් කර ගත්තොත් කොලෙස්ටරෝල් තත්වය නිසා වෙහෙසට පත්ව අඩපණ වුණු අක්මාව, ප්ලීහාව වගේ ඉන්ද්රියයන් නැවත යථා තත්වයට පත්වෙලා නිසි කියාකාරී මට්ටමට ගේන්න පුළුවන්. ඊළගට එම ආහාර පාලනය කිරීම සහ නිසි විහරණ පිළිපැදීම තවත් මාස හය හතක් කරගෙන යනකොට රෝගියාගේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කරල තරමක් ලිහිල් ඇවතුම් පැවතුම් රටාවකට ගියාට වරදක් වෙන එකක් නෑ. කොහොම වුණත් ප්‍රතිකාර නවත්වා වසර දෙකක් තුනක් යනකම් මාස දෙකකට වතාවක් වත් වෛද්‍ය පරීක්ෂණයකින් කොලෙස්ටරෝල් තත්වය මැනගෙන ඔබේ ආයුර්වේද වෛද්‍යවරයාවත් තත්වය පිළිබද දැනුවත් කරන්න. ඔබ ක්‍රමයෙන් නිරෝගී බවට පත්වෙන ක්‍රමාංකයන් දැන හදුනාගන්නා ඔහුත් ප්‍රතිකාර ලබාගන්නා විට ඔබගෙන් ලද මුදලින් ලැබුවාට වඩා සුන්දර නිරාමිස සතුටකින් සංතෘප්ත වේවි.

කොලෙස්ටරෝල් වලදි භාවිතයට හිතකර හා අහිතකර ආහාර ගැන කතා කලොත් එහෙම මෙන්න මෙහෙමයි. මේ අහිතකර ආහාර භාවිතයට නොගැනීම හෝ අවමව භාවිතයට ගැනීම කොලෙස්ටරෝල් අවධානම නැති කෙනෙකුට එයින් මිදීමේ අවස්ථා ඇති කරාවි. අධිකව තෙල්, සීනි, පිටි වෙන වෙනම හෝ මිශ්‍රව සැකසූ ආහාර, ක්ෂණික ආහාර, එළුමස් , ඌරැ මස් හා හරක්මස්, මීකිරි හා යෝගට්, පොල්, රටකජු හා කජු, පීකුදු හා බිත්තර, චීස්, බටර් හා මාගරින්, බිත්තර, එළගි තෙල් හා සෝස්, සොසේජස්, එළවළු තෙල් ආහාර අපත්‍ය ආහාර විදියට දක්වන්න පුළුවන්. පොල් හා පිරිසිදු පොල්තෙල් රෝගය වැළදුනු කෙනෙකුට අහිතකර වුණත් නොවැළදුනු කෙනෙකුට වැළදීමේ අවදානමක් ඇති කරන්නේ නෑ. පත්ය හෙවත් සුදුසු ආහාර විදියට ගන්න පුළුවන් දේවල් අතර නිවුඩු තැම්බූ හාලේ බත්, අළුත් එළවළු හා පළතුරු, පලා වර්ග, කුඩා මාළු හා මේද රහිත කිරි, කුරහන් පිටි සහිත ආහාර, පරළු පාන් ඉදිරියෙන්ම තියෙනවා. ඒවගේම ආහාර පිසීමේදි තිබුණොත් යොදන එහෙමත් නැත්නම් නොදාම ඉන්න බැරි කරපිංච නැට්ටට, ගොරොක් අණ්ඩට රුධිර නාලගත මේදය දියකර හැරීමේ අරුම පුදුම බලයක් තිබෙන බව අමතක කරන්න එපා. ඒ නිසාම ආහාර පිසීමේදි යොදාගන්නා කරපිංචා, සුදුලූණු, රතුළූනු , කුරුදුපොතු, උළුහාල්, කොත්තමල්ලි, ගොරකා වැඩිවැඩියෙන් යොදාගැනීමත් හොදයි. දිනකට සුදුලූණු, රතුළූනු ගෙඩි දෙක තුනක් අනිවාර්යයෙන් කෑමත්, කරපිංචා, ගොරකා, සුදුළූණු, ගම්මිරිස්, ලුණු කැටයක් පමණක් අඹරපු ලුණු මිරිස්, කරපිංචා දළු සම්බෝලය, දෙහි ඇඹුල් දාපු තෙඹු කොළ සම්බෝලයක් දවස ගානේ මාරුවෙන් මාරුවට කෑමත් කොලෙස්ටරෝල් පලවාහැරීමට කියාපු අත්බේත්. වෙල් තම්පලා. මෑ කොළ, දඹල කොළ, ජපන් බටු කොළ (සමහර පැතිවල ආඩිබටු) මැල්ලුමට එකතු කිරීමත් හැදුනු නොහැදුනු දෙගොල්ලටම හොදයි.

ඒ අතරම ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම ක්ෂණිකව අඩු කරගන්න ඕන නම් කලින් සකසා ගත් වියළූ නැටි සහිත කරපිංචා කොල කුඩුකර කෝපි මෙන් බීමත්, බත් සමග ගිරිතිල්ල කොල සම්බෝලය කෑමත් අත්දුටුවයි සත්‍යයයි. පාවට්ටා කොල වියලා කුඩුකර කෝපි මෙන් බීමත්, සතියකට වරක් වෙනිවැල්ගැට තම්බා බීමත් ඔබව අවධානමෙන් ගලවා තබා ගැනීමට අත්බේත් කරගන්න පුළුවන්. දිනපතා පැය දෙකක් වත් දහදිය දමන කය වෙහෙසෙන වැඩක යෙදීමත් , සක්‍රීය හා අක්‍රීය දුම්පානයෙන් මිදීමත් ,මත්පැනින් ඈත්වීමත් කොලෙස්ටරෝල් අවදානම ඔබෙන් පලවාහැරීමට මහත් සේ උපකාරී වේවි. ඊට අමතරව කොලෙස්ටරෝල් නිසා හෘදයාබාධ, අධිරුධිර පීඩනය, ආඝාත තත්වයන් ඇතිවිය හැකියි. දැනටමත් දියවැඩියාවට හෝ වකුගඩු ආසාදනයකට ලක්වූ අයෙකුට කොලෙස්ටරෝල් අවධානම ඉතා වැඩියි. කාන්තා පාර්ශවයට වයස 40න් පමණ සිදුවන ඔසප් නැවතීමෙන් පසු කොලෙස්ටරෝල් මට්ටම ඉහල යාමේ අවධානමක් පවතින බව දැනුවත් වීමත් හොදයි.

කරුණු කාරණා ගොඩක් වගේ වුණාට මේවා බොහොම සරල, සම්ප්‍රදායික, දෛනික ක්‍රමවේදයන්ට පහසුවෙන් අන්තර්ගත කළ හැකි ප්‍රායෝගික ක්‍රියාකාරකම් එකතුවක්. මොහොතින් මොහොත අළුත්වෙන ලෝකය දකින්න තව එක දවසක් හරි වැඩිපුර ජීවත් වෙන්න උත්සහ කරන්න. සම්ප්රදාය රැකීම මිසෙක සම්ප්රදාය බිදීම ජීවිතයට පාර නොකියන බව තෙරුම් ගන්න. ජීවිතය විදින්න. සොබාදහම සමග මිස එය අභිබවා නොයන්න.

උපුටා ගැනීම – වෙද හාමිණේගේ අඩවිය

වර්තමාන සංකීර්ණ ආහාර රටාවන් නිසා වැළඳිය හැකි නිසිසේ හඳුනා ගැනීමට පවා අපහසු වන තීව්ර රෝග තත්වයන්ට යෙදෙන කෘත්‍රීම රසායනික ඖෂධයන් හේතු කොට ඇති විය හැකි කායික සංකූලතාවන් මග හරවා ගැනීමට වඩාත් ප්‍රයෝජන වන්නේ ස්වාභාවික ශාකෞෂධ යන්ය.

ඉහත දක්වා ඇති රෝග හේතු වලින් වැඩි හරියක් මෙම නාගරික සමාජයේ සාමාජිකත්වය තුලින් දැකගත හැකිවේ. ඒ නිසාම ඇතිවන තරබාරු කම නිසා සිරුරේ වැඩි වන බර උසුලා සිරුර නිරෝගීව පවත්වා ගැනීමට දනහිස් සන්ධියට හා වළලූකර සන්ධියට වැඩි ආතතියක් දැරීමට සිදුවේ. රෝග නිධානය පැත්තක තිබියදී සන්ධි ගත රෝග ඉපදීමට එම තත්ත්වය පමණක් වුවද හේතු විය හැකිය. මෙවැනි අවස්ථාවක අපට සිරුරේ බර අඩු කිරීමෙන් පමණක් සන්ධිගතව ඉපිද ඇති රෝග තත්ත්වය සුවවේ යැයි කිසිසේත් අපේක්ෂා කළ නොහැකිය. ඒ සඳහා තරබාරුකම අඩු කිරීම හා සමගමී වන ප්‍රතිකාරයක් අවශ්‍යය.

රුධිරනාලගත මේද (කොලෙස්ටරෝල්) තත්ත්වය ක්රමාණුකූලව අඩු කර ගැනීමට ද රුධිර සංසරණ පද්ධතියේ ඇතිවිය හැකි ව්‍යාකූලතා අවම කර ගැනීමටද රුධිර පීඩනය අඩු හෝ වැඩිවීමේ රෝගී තත්ත්වයන් වළක්වා ගැනීමටද සන්ධිගත වාත රෝගය ජය ගැනීමටද මැදිවිය පෙනි පෙනී අධික තරබාරුව මග හරවා සිරුරේ බර ක්රමාණුකූලව අඩුකර කරදරයක් නැතිව සැහැල්ලූවෙන් සිරුර පවත්වා ගැනීමටද, සිරුරේ අභ්‍යන්තරයේ බැඳෙන තෙල් සහ මේද තට්ටු, සිරුර අවලස්සන වීම, අනවශ්‍ය ලෙස මාංශ පේශී වර්ධනය වීම, සිරුරේ ක්රමානුකූල හැඩය වෙනස් වීම ආදී විවිධ උපද්‍රව වලක්වා සෞඛ්‍යාරක්ෂිතව සිටීමටද, මේදස් රෝගයෙන් වැලකී සිටීමට ලෙඩ ගොඩකට මං සලසන කොලෙස්ටරෝල් තත්වයන්ගෙන් මිදීමට ඒ සියල්ලමත් සමග අලස කමක් නැතිව කායදැශූර කඩිසර දෛනික පැවැත්මට ගතට සිතට එකසේ වද දෙන සන්ධි ගත වාත රෝග පාලනය කිරීමට හා වැළැක්වීමට ඔබට සහාය වීම සඳහා අපේම වන ගහනයෙන් සීරුවෙන් තෝරා බේරාගත් ශාකෞෂධ වලින් යුත් ඉපැරණි අත්දුටු පාරම්පරික වට්ටෝරුවකට අනුව සංයෝග කළ ඉතා විශ්වාසදායි ඖෂධීය පානයක් වන ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් ඹෟෂධීය පානය ඉතා යෝග්‍ය ඔසුවකි. ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් ඹෟෂධීය පානය නියමිත පරිදි නියමිත කාල සීමාවක් නොකඩවා ගැනීමෙන් ඉහත දැක්වුනු සියළු සහනයන් ලබා ගත හැකිවේ. ක්‍රම ක්‍රමයෙන් නහරගත කොලෙස්ටරෝල් – cholesterol දියවීයාමෙන් පටන්ගෙන මාංශපේශීන් දක්වා ඉතා ක්රමාණුකූලව ක්‍රියාත්මකවේ.

ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් ඹෟෂධීය පානය නිපදවා ඇත්තේ ස්ථූලතාවය හෙවත් තරබාරුව අඩු කර ගනිමින්ම සන්ධිගත ප්‍රදාන වේදනා ඉදිමුම් ආදිය සමනය කර සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා එල්ලකෙරෙන ඹෟෂධ සංයෝගයක් වශයෙනි.

ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් ඹෟෂධීය පානය ආයුර්වේද බෙහෙත් වලින්ම පමණක් නිෂ්පාදනය කර ඇත. වියලි කරපිංචා, හීංමිදි මුල්, ගොරකා, නෙල්ලි, කෙලිඳසාල්, මගුල්කරඳ මුල් වලින් පමණක් නිපදවා ඇති මෙම පානය කෘතීම රසකාරක හෝ වර්ණක කිසිවක් යොදා නැත. 100% ස්වාභාවික ඖෂධ පමණි.

කැළණි විශ්ව විද්‍යාලය, වික්‍රමආරච්චි ආයුර්වේද පීඨයේ භාහිර කථිකාචාය්‍යර්, ශ්‍රී ලංකා වෛද්‍ය මහා මණ්ඩලයේ සම්මානණීය ගරු සභාපති,

සීමාසහිත මෙඩිහර්බ්ස් (පෞද්ගලික) සමාගමේ අධ්‍යෂක

වෛද්‍යාචාය්‍යර් එම්. ආර්. වත්තගේ

දුරකථන: 0718285672 / 0382285429

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

[QUOTE="dimuthmike, post: 21289811, member: 264240"] [b]Cholesterol මාරයා මට්ටු karamu[/b] [CENTER][ATTACH]67696._xfImport[/ATTACH][/CENTER] [SIZE="3"][COLOR="Black"]කොලෙස්ටරෝල් – Cholesterol අද දවස වෙනකොට අම්මා- තාත්තා ගානට අපේ කටට දිවට හුරු පුරුදු වචන ගොන්නෙන් එකක්. Blood test එකක් ECG එකක් නොකරපු කෙනෙක් බෙහෙතකටවත් හොයාගන්න බැරි, එහෙම එකකට භාජනය නොවිච්ච කෙනෙක් වදෙන් පොරෙන් බලෙන් හරි පරීක්ෂණාගාරෙකට යවන සමාජයක ඉංග්‍රීසි නමක් තියෙන ලෙඩක් හැදෙන එකත් වාසනාවක් කියල හිතන්න ගොඩක් දෙනා පුරුදු වෙලා. ලෙඩෙක් වුණොත් රජකම ලැබුණත් වැඩක් නෑ කියල හිතපු සමාජයක අපි අරුමෝසම් ලෙඩරෝග පොදිබැදගෙන චැනල් සෙන්ටර් ගානේ නෑගම් යන්නෙ දහසින් බැදි පියලි තෑගිත් අරගෙන. වසරකට ලෝකය පුරා ලක්ෂ 171 ක් බෝ නොවන රෝග වලින් මියැදෙද්දි අපේ රටෙනුත් සැලකිය යුතු පිරිසක් එයට ඇතුළත් වෙනවා. කොලෙස්ටරෝල් වලින් මිය යන පිරිසත් අයත් වෙන්නේ ඒ ගොඩට. ආයුර්වේද ක්‍රමයට පැහැදිලි කරනවානම් මේක ”මේධෝවෘද්ධි” නමින් හදුන්වන අතීතයේදිත් පැවති රෝගයක්.”මේධෝවෘද්ධි” යන්නෙහි අර්ථය නම් අනවශ්‍ය මේද කොටස් රුධිර නාල වල තැන්පත් වීමක් යන්නයි. මෙයම විවිධ පොත් වල පිත්තාශ්ම, පිත්තස්ථෝල ලෙසත් දක්වලා තියෙනවා. ශරීරයේ පැවැත්මට අවශ්‍ය මූලික සංඝටක වලින් එකක් තමයි මේද. හැම දේහ සෛලයකටම තම තමන්ගේ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යන්න මේද අවශ්‍ය වෙනවා. අපි පොඩ්ඩක්වත් මේද අඩංගු නැති ආහාර විතරක්ම අනුභව කළත් අපේ ශරීරයට අවශ්‍ය මේද ප්‍රමාණයෙන් 65% දක්වා නිපදවා ගන්න අපේ අක්මාවට හැකියාව තියෙනවා. මේද අවශ්‍යතාවයෙන් ඉතිරි 35% පුර්ණය කරගන්න තමයි අපි මේද සහිත ආහාර ගත යුත්තේ. ඒත් අපේ වැඩි දෙනා උදේ ඉදන් රෑ වෙනකම් කන මේදය අධික ආහාර පාන කන්දරාව දිහා බැලුවාම ශරීරයට දෛනිකව අවශ්‍ය මේද ප්‍රමාණයට වඩා හතරපස් ගුණයක්වත් ආහාරයට ගන්නා බව සත්‍යයක්. මෙහෙම අතිරික්තව ලැබෙන මේද කොටස් කෙලින්ම මුදාහැරෙන්නේ රුධිරයට. ඒත් රුධිරයේ දී මේ මේද කොටස් දියවෙන්නේ නෑ. ඒවා රුධිර නාල වල තැන්පත්වෙනවා.එසේ තැන්පත් වන මේද කොටස් තුනකට බෙදෙනවා. ඒ සංතෘප්ත මේද (LDL) , අසංතෘප්ත මේද (HDL) හා VLDL ලෙස. මෙයින් අසංතෘප්ත මේද තැන්පත් වීමෙන් අපිට හානියක් වෙන්නේ නෑ. හානියක් වෙන්නේ අනෙකුත් දෙවර්ගයේ මේද වැඩිපුර තැන්පත් වීම මත. එමගින් රුධිර නාල අවහිර වී රුධිර සංසරණය අඩාල වීම මත කෙනෙක් “මේධෝවෘද්ධි” රෝගියෙක් බවට පත්වෙනවා. හැබැයි බඩේ ඉඩට දිවේ රසට අවනත නොවී හිතල මතල කෑම ගත්තොත් මේ රෝගයෙන් මිදෙන්න අපි කාටත් පුළුවන්. මතක තියාගන්න- හොදට මහන්සි වෙලා වැඩ කරන හොදින් දහඩිය පිටකරන කෙනෙක් මේද සහිත ආහාර ගත්තට “මේධෝවෘද්ධි” රෝගියෙක් වන්නට ඇති ඉඩකඩ අවම බව.) මෙම කොලෙස්ටරෝල් අවදානම ට ලක්වෙච්ච බොහෝදෙනා රෝග තත්වය උච්ච ස්ථානයට එනකම් තමා රෝගියෙකු බව දැනගෙන ඉඳල නැතිවීම වෛද්‍යවරු විදියට අපි හොදට දැකල තියෙනවා. අනෙත් බොහෝ භයානක රෝගවලට සාපේක්ෂව “මේධෝවෘද්ධි” වලදි පිටතට දැනෙන ලක්ෂණ එතරම් ප්‍රබල නෑ. ඒ නිසා ඒවා නොතකා හරින අවස්ථා වැඩියි. වැලමිට , පිටි අල්ල, දණහිස, ඇස් යට කහ පැහැ ලප කැලැල් මතුවෙනවානම්- වරින් වර ඇගේ තැනින් තැන හිරිවැටෙනවා නම්, සාමන්‍ය ප්‍රමාණයට වඩා දහදිදිය ගලනවානම්, ඇසේ කළු ඉංගිරියාව වටා සුදු පැහැ රවුමක් ඇති වෙනවානම් ඇගේ තැනින් තැන මේද ගැටිති එනවා නම් ඒ “මේධවෘද්ධි” ලක්ෂණ විය යුතුයි. එසේම හෘදයේ සිට වම් අත දෙසට ගමන්කරන වේදනාව ද “මේධවෘද්ධි” ලක්ෂණයක්. මේ බාහිර ලක්ෂණ වලට අමතරව අක්මාව හා ප්ලීහාව විශාල වීමද සිදුවෙනවා. (ප්ලීහාව යනු සියලුම පෘෂ්ඨවංශිකයන්ගේ පාහේ ඇති අවයවයකි. එය විශාල වසා ගැටිත්තක ව්‍යුහයට සමානකම් කියයි. එය ප්‍රධාන වශයෙන්ම රුධිර පෙරහනක් සේ ක්‍රියා කරයි. මෙම අවයවය ඉවත්කිරීමට අවශ්‍ය වුවහොත් එය ජීවිත අවදානමකින් තොරව සිදු කල හැකිය. මෙය රතු රුධිර සෛල හා සුදු රුධිර සෛල කෙරෙහි විශේෂ කාර්යභාරයක් ඉටු කරයි. ප්ලීහාව පැරණි රතු රුධිර සෛල ඉවත් කර යකඩ ප්‍රතිචක්‍රීකරණය කරයි. එමගින් රුධිරයේ ඔක්සිජන් මට්ටම නියතව තබා ගැනීමට හැකි වේ.) ඊට අමතරව කොලෙස්ටරෝල් නිසා හෘදයාබාධ, අධිරුධිර පීඩනය, ආඝාත තත්වයන් (Stroke) ඇතිවිය හැකියි. දැනටමත් දියවැඩියාවට හෝ වකුගඩු ආසාදනයකට ලක්වූ අයෙකුට කොලෙස්ටරෝල් අවධානම ඉතා වැඩියි. රෝගයේ මුල් මට්ටම් වලදි වගේම අවධානම් මට්ටමකදි වුණත් ආයුර්වේද ක්‍රමය ගැන විශ්වාසයෙන් ආයුර්වේද වෛද්‍යවරයෙකු ගාවට එන රෝගියෙකු සුවපත් කිරීමේ හැකියාවක් ඇති ප්‍රතිකාර විධි වලින් ආයුර්වේදය පොහොසත්. හැබැයි ආයුර්වේද ප්‍රතිකාර වලට යොමුවෙන රෝගියෙකු තමන්ගේ අවදානම් තත්වයෙන් ගැලවිලා නිට්ටාවට සුව වෙන තෙක් එක හිතින් ප්‍රතිකාර සමග බද්ධ වී සිටිය යුතුයි. ආයුර්වේදයේ දී ප්‍රතිකාර කරන්නේ රෝග නිධානයට මිසෙක රෝග ලක්ෂණ වලට නෙවෙයි. රෝග නිධානය ඉවත් කරල නැවැත රෝගය මතුවීම අත්හිටුවීම වැලැක්වීම තමයි වෛද්‍යවරයාගේ වගකීම. කොලෙස්ටරෝල් වලදි පළමු බෙහෙත් වඩියෙන්ම රෝග පාලනය ආරම්භ කරල එතැන් ඉදල මාස දෙකක් තුළ රෝගියාව සාමාන්‍ය මට්ටමට ගේන්න ආයුර්වේද ක්රමයේ ප්‍රතිකාර වලින් පුළුවන්. ප්‍රතිකාර ගන්න බොහෝ දෙනා කරන වරදක් තමයි මෙන්න මේ අවස්ථාවෙදි ප්‍රතිකාර ගන්න එක නවත්තලා ‘දැන් මට හොදයි’ කියල ආයෙත් පරණ පුරුදු විදියට පාලනයකින් තොරව ආහාර අරන්, නිසි විහරණ පවත්වා නොගනිමින් අන්තනෝමතිකව කටයුතු කිරීම.ඒ නිසා වෙන්නේ නැවත වරක් සතියක් දෙකක් තුළ ප්‍රතිකාර ආරම්භ කරපු අවස්ථාවේ මට්ටමට රෝගය උත්සන්න වීම.අද නිදහස් වුණු ඔබ හෙට දවසෙ ආයෙත් ඒ අගාධයට වැටෙන්න සූදානම් නෑ නේද? එතැනදි ආයුර්වේදයටවත් වෛද්‍යවරයාටවත් දොස් කියල වැඩක් නෑ. තමන්ට ජීවිත කාලය පුරාවටම විදවන්න වෙන රෝගයකින් මිදිල සාමාන්‍ය මට්ටමට පත්වෙලා ජීවිතය විදින්න ලැබෙන අවස්ථාව අපතේ නොහැර තමන්ගේ ආහාර පාලනය කිරීම සහ නිසි විහරණ පිළිපැදීම තවත් මාස හය හතක් වත් කර ගත්තොත් කොලෙස්ටරෝල් තත්වය නිසා වෙහෙසට පත්ව අඩපණ වුණු අක්මාව, ප්ලීහාව වගේ ඉන්ද්රියයන් නැවත යථා තත්වයට පත්වෙලා නිසි කියාකාරී මට්ටමට ගේන්න පුළුවන්. ඊළගට එම ආහාර පාලනය කිරීම සහ නිසි විහරණ පිළිපැදීම තවත් මාස හය හතක් කරගෙන යනකොට රෝගියාගේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කරල තරමක් ලිහිල් ඇවතුම් පැවතුම් රටාවකට ගියාට වරදක් වෙන එකක් නෑ. කොහොම වුණත් ප්‍රතිකාර නවත්වා වසර දෙකක් තුනක් යනකම් මාස දෙකකට වතාවක් වත් වෛද්‍ය පරීක්ෂණයකින් කොලෙස්ටරෝල් තත්වය මැනගෙන ඔබේ ආයුර්වේද වෛද්‍යවරයාවත් තත්වය පිළිබද දැනුවත් කරන්න. ඔබ ක්‍රමයෙන් නිරෝගී බවට පත්වෙන ක්‍රමාංකයන් දැන හදුනාගන්නා ඔහුත් ප්‍රතිකාර ලබාගන්නා විට ඔබගෙන් ලද මුදලින් ලැබුවාට වඩා සුන්දර නිරාමිස සතුටකින් සංතෘප්ත වේවි. කොලෙස්ටරෝල් වලදි භාවිතයට හිතකර හා අහිතකර ආහාර ගැන කතා කලොත් එහෙම මෙන්න මෙහෙමයි. මේ අහිතකර ආහාර භාවිතයට නොගැනීම හෝ අවමව භාවිතයට ගැනීම කොලෙස්ටරෝල් අවධානම නැති කෙනෙකුට එයින් මිදීමේ අවස්ථා ඇති කරාවි. අධිකව තෙල්, සීනි, පිටි වෙන වෙනම හෝ මිශ්‍රව සැකසූ ආහාර, ක්ෂණික ආහාර, එළුමස් , ඌරැ මස් හා හරක්මස්, මීකිරි හා යෝගට්, පොල්, රටකජු හා කජු, පීකුදු හා බිත්තර, චීස්, බටර් හා මාගරින්, බිත්තර, එළගි තෙල් හා සෝස්, සොසේජස්, එළවළු තෙල් ආහාර අපත්‍ය ආහාර විදියට දක්වන්න පුළුවන්. පොල් හා පිරිසිදු පොල්තෙල් රෝගය වැළදුනු කෙනෙකුට අහිතකර වුණත් නොවැළදුනු කෙනෙකුට වැළදීමේ අවදානමක් ඇති කරන්නේ නෑ. පත්ය හෙවත් සුදුසු ආහාර විදියට ගන්න පුළුවන් දේවල් අතර නිවුඩු තැම්බූ හාලේ බත්, අළුත් එළවළු හා පළතුරු, පලා වර්ග, කුඩා මාළු හා මේද රහිත කිරි, කුරහන් පිටි සහිත ආහාර, පරළු පාන් ඉදිරියෙන්ම තියෙනවා. ඒවගේම ආහාර පිසීමේදි තිබුණොත් යොදන එහෙමත් නැත්නම් නොදාම ඉන්න බැරි කරපිංච නැට්ටට, ගොරොක් අණ්ඩට රුධිර නාලගත මේදය දියකර හැරීමේ අරුම පුදුම බලයක් තිබෙන බව අමතක කරන්න එපා. ඒ නිසාම ආහාර පිසීමේදි යොදාගන්නා කරපිංචා, සුදුලූණු, රතුළූනු , කුරුදුපොතු, උළුහාල්, කොත්තමල්ලි, ගොරකා වැඩිවැඩියෙන් යොදාගැනීමත් හොදයි. දිනකට සුදුලූණු, රතුළූනු ගෙඩි දෙක තුනක් අනිවාර්යයෙන් කෑමත්, කරපිංචා, ගොරකා, සුදුළූණු, ගම්මිරිස්, ලුණු කැටයක් පමණක් අඹරපු ලුණු මිරිස්, කරපිංචා දළු සම්බෝලය, දෙහි ඇඹුල් දාපු තෙඹු කොළ සම්බෝලයක් දවස ගානේ මාරුවෙන් මාරුවට කෑමත් කොලෙස්ටරෝල් පලවාහැරීමට කියාපු අත්බේත්. වෙල් තම්පලා. මෑ කොළ, දඹල කොළ, ජපන් බටු කොළ (සමහර පැතිවල ආඩිබටු) මැල්ලුමට එකතු කිරීමත් හැදුනු නොහැදුනු දෙගොල්ලටම හොදයි. ඒ අතරම ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම ක්ෂණිකව අඩු කරගන්න ඕන නම් කලින් සකසා ගත් වියළූ නැටි සහිත කරපිංචා කොල කුඩුකර කෝපි මෙන් බීමත්, බත් සමග ගිරිතිල්ල කොල සම්බෝලය කෑමත් අත්දුටුවයි සත්‍යයයි. පාවට්ටා කොල වියලා කුඩුකර කෝපි මෙන් බීමත්, සතියකට වරක් වෙනිවැල්ගැට තම්බා බීමත් ඔබව අවධානමෙන් ගලවා තබා ගැනීමට අත්බේත් කරගන්න පුළුවන්. දිනපතා පැය දෙකක් වත් දහදිය දමන කය වෙහෙසෙන වැඩක යෙදීමත් , සක්‍රීය හා අක්‍රීය දුම්පානයෙන් මිදීමත් ,මත්පැනින් ඈත්වීමත් කොලෙස්ටරෝල් අවදානම ඔබෙන් පලවාහැරීමට මහත් සේ උපකාරී වේවි. ඊට අමතරව කොලෙස්ටරෝල් නිසා හෘදයාබාධ, අධිරුධිර පීඩනය, ආඝාත තත්වයන් ඇතිවිය හැකියි. දැනටමත් දියවැඩියාවට හෝ වකුගඩු ආසාදනයකට ලක්වූ අයෙකුට කොලෙස්ටරෝල් අවධානම ඉතා වැඩියි. කාන්තා පාර්ශවයට වයස 40න් පමණ සිදුවන ඔසප් නැවතීමෙන් පසු කොලෙස්ටරෝල් මට්ටම ඉහල යාමේ අවධානමක් පවතින බව දැනුවත් වීමත් හොදයි. කරුණු කාරණා ගොඩක් වගේ වුණාට මේවා බොහොම සරල, සම්ප්‍රදායික, දෛනික ක්‍රමවේදයන්ට පහසුවෙන් අන්තර්ගත කළ හැකි ප්‍රායෝගික ක්‍රියාකාරකම් එකතුවක්. මොහොතින් මොහොත අළුත්වෙන ලෝකය දකින්න තව එක දවසක් හරි වැඩිපුර ජීවත් වෙන්න උත්සහ කරන්න. සම්ප්රදාය රැකීම මිසෙක සම්ප්රදාය බිදීම ජීවිතයට පාර නොකියන බව තෙරුම් ගන්න. ජීවිතය විදින්න. සොබාදහම සමග මිස එය අභිබවා නොයන්න. උපුටා ගැනීම – වෙද හාමිණේගේ අඩවිය වර්තමාන සංකීර්ණ ආහාර රටාවන් නිසා වැළඳිය හැකි නිසිසේ හඳුනා ගැනීමට පවා අපහසු වන තීව්ර රෝග තත්වයන්ට යෙදෙන කෘත්‍රීම රසායනික ඖෂධයන් හේතු කොට ඇති විය හැකි කායික සංකූලතාවන් මග හරවා ගැනීමට වඩාත් ප්‍රයෝජන වන්නේ ස්වාභාවික ශාකෞෂධ යන්ය. ඉහත දක්වා ඇති රෝග හේතු වලින් වැඩි හරියක් මෙම නාගරික සමාජයේ සාමාජිකත්වය තුලින් දැකගත හැකිවේ. ඒ නිසාම ඇතිවන තරබාරු කම නිසා සිරුරේ වැඩි වන බර උසුලා සිරුර නිරෝගීව පවත්වා ගැනීමට දනහිස් සන්ධියට හා වළලූකර සන්ධියට වැඩි ආතතියක් දැරීමට සිදුවේ. රෝග නිධානය පැත්තක තිබියදී සන්ධි ගත රෝග ඉපදීමට එම තත්ත්වය පමණක් වුවද හේතු විය හැකිය. මෙවැනි අවස්ථාවක අපට සිරුරේ බර අඩු කිරීමෙන් පමණක් සන්ධිගතව ඉපිද ඇති රෝග තත්ත්වය සුවවේ යැයි කිසිසේත් අපේක්ෂා කළ නොහැකිය. ඒ සඳහා තරබාරුකම අඩු කිරීම හා සමගමී වන ප්‍රතිකාරයක් අවශ්‍යය. රුධිරනාලගත මේද (කොලෙස්ටරෝල්) තත්ත්වය ක්රමාණුකූලව අඩු කර ගැනීමට ද රුධිර සංසරණ පද්ධතියේ ඇතිවිය හැකි ව්‍යාකූලතා අවම කර ගැනීමටද රුධිර පීඩනය අඩු හෝ වැඩිවීමේ රෝගී තත්ත්වයන් වළක්වා ගැනීමටද සන්ධිගත වාත රෝගය ජය ගැනීමටද මැදිවිය පෙනි පෙනී අධික තරබාරුව මග හරවා සිරුරේ බර ක්රමාණුකූලව අඩුකර කරදරයක් නැතිව සැහැල්ලූවෙන් සිරුර පවත්වා ගැනීමටද, සිරුරේ අභ්‍යන්තරයේ බැඳෙන තෙල් සහ මේද තට්ටු, සිරුර අවලස්සන වීම, අනවශ්‍ය ලෙස මාංශ පේශී වර්ධනය වීම, සිරුරේ ක්රමානුකූල හැඩය වෙනස් වීම ආදී විවිධ උපද්‍රව වලක්වා සෞඛ්‍යාරක්ෂිතව සිටීමටද, මේදස් රෝගයෙන් වැලකී සිටීමට ලෙඩ ගොඩකට මං සලසන කොලෙස්ටරෝල් තත්වයන්ගෙන් මිදීමට ඒ සියල්ලමත් සමග අලස කමක් නැතිව කායදැශූර කඩිසර දෛනික පැවැත්මට ගතට සිතට එකසේ වද දෙන සන්ධි ගත වාත රෝග පාලනය කිරීමට හා වැළැක්වීමට ඔබට සහාය වීම සඳහා අපේම වන ගහනයෙන් සීරුවෙන් තෝරා බේරාගත් ශාකෞෂධ වලින් යුත් ඉපැරණි අත්දුටු පාරම්පරික වට්ටෝරුවකට අනුව සංයෝග කළ ඉතා විශ්වාසදායි ඖෂධීය පානයක් වන ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් ඹෟෂධීය පානය ඉතා යෝග්‍ය ඔසුවකි. ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් ඹෟෂධීය පානය නියමිත පරිදි නියමිත කාල සීමාවක් නොකඩවා ගැනීමෙන් ඉහත දැක්වුනු සියළු සහනයන් ලබා ගත හැකිවේ. ක්‍රම ක්‍රමයෙන් නහරගත කොලෙස්ටරෝල් – cholesterol දියවීයාමෙන් පටන්ගෙන මාංශපේශීන් දක්වා ඉතා ක්රමාණුකූලව ක්‍රියාත්මකවේ. ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් ඹෟෂධීය පානය නිපදවා ඇත්තේ ස්ථූලතාවය හෙවත් තරබාරුව අඩු කර ගනිමින්ම සන්ධිගත ප්‍රදාන වේදනා ඉදිමුම් ආදිය සමනය කර සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා එල්ලකෙරෙන ඹෟෂධ සංයෝගයක් වශයෙනි. ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් ඹෟෂධීය පානය ආයුර්වේද බෙහෙත් වලින්ම පමණක් නිෂ්පාදනය කර ඇත. වියලි කරපිංචා, හීංමිදි මුල්, ගොරකා, නෙල්ලි, කෙලිඳසාල්, මගුල්කරඳ මුල් වලින් පමණක් නිපදවා ඇති මෙම පානය කෘතීම රසකාරක හෝ වර්ණක කිසිවක් යොදා නැත. 100% ස්වාභාවික ඖෂධ පමණි. කැළණි විශ්ව විද්‍යාලය, වික්‍රමආරච්චි ආයුර්වේද පීඨයේ භාහිර කථිකාචාය්‍යර්, ශ්‍රී ලංකා වෛද්‍ය මහා මණ්ඩලයේ සම්මානණීය ගරු සභාපති, සීමාසහිත මෙඩිහර්බ්ස් (පෞද්ගලික) සමාගමේ අධ්‍යෂක වෛද්‍යාචාය්‍යර් එම්. ආර්. වත්තගේ දුරකථන: 0718285672 / 0382285429 අතර්ජාලයෙන් උපුටා ගැනීමකි [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom