️
මෙන්න අපේ නත්තල් තෑග්ගක්. ආසම සෙල්ලම් බඩු අරගන්න, හැමෝම එන්න හැරින්ටන් සහ පුත්‍රයෝ ආයතනයට. කුඩා දරුවන්ට ආපහු ගෙදර යන්න හිතෙන්නේ නැති තැනක්. හැරින්ටන් මහතාගේ වියෝවෙන් පස්සේ එයාගේ පුතාට, ඩෙරික්ට තමයි මේක බාර වෙන්නේ. පරිපාලනය. නත්තල් දවසේ සිදුවන්නේ හරිම අනපේක්‍ෂිත සිදුවීමක්. ඩෙරික්ව ප්‍රාණ ඇපයට තියාගෙන, ඩොලර් ලක්ෂ තුනක කප්පමක් ඉල්ලගෙන අපරාධකාරයෝ දෙන්නෙක් කඩා පනිනවා. මේකෙන් බේරෙන්නේ කොහොමද? ඇත්තටම නත්තල් දවසේ මේ තරම් ලොකු මුදලක් හොයාගන්න පුළුවන්ද?මේ අවුරුද්දේ නිකුත් කෙරුණු නත්තල් චිත්‍රපටියක් තමයි Christmas Ransom (2022). Adele Vuko විසින් අධ්‍යක්‍ෂණය කරපු චිත්‍රපටියක් තමයි මේ. නිර්මාණය ඇත්තටම ඕස්ට්‍රේලියානු එකක්. ඒ නිසා ලොකු අවධානයක් මේකට යොමු වෙලා නෑ වගේ පේන්නේ.
රඟපෑමෙන් දායක වෙන්නේ Matt Okine (ඩෙරික්), Tahlia Sturzaker (බ්‍රැඩී), Evan Stanhope (වොම්බැට්), Bridie McKim (ෂෙස්) ඇතුළු පිරිසක්. මේ ළමා රංගන ශිල්පීන් තමන්ගේ රාජකාරිය හොඳින් කරලා තියෙනවා. ඒ නිසාමදෝ ආසාවෙන් බලන්න පුළුවන් නත්තල් චිත්‍රපටියක් මේක.
එහෙනම්, මේ සිංහල උපසිරැසියත් එක්ක චිත්‍රපටිය නරඹලා රස විඳින්න. හොඳ නරක, අඩුපාඩු, මල් ගල් අපිට දෙන්න. ආසාවෙන් බාරගන්නවා. ජයවේවා!!
Watch Now - Click Here (Popup ads enawanam ewa cut karanna. Click here to continue obanna)