සේයා රූ සංස්කරණ.. රිද්මයකින් දෑස් සලන..
අරුමෝසම් රූප මවන අහිංසකාවී...
සංකාවන් පාළු මකන.. ඉතිරී ගිය මුව මදහස..
ආගන්තුක මගේ හිතට සිහින ගෙනේවී....
සිහින ගෙනේවී.....
තෙවෙනි ඇසින් ලොව දකිනා පතිකුලයේ තිඹිරි ගෙදර..
අසුන් අරාගෙන වැඩසිටි සරසවි දේවී....
මවන රූපයේ සිරියෙන්.. සහසකුත් එකක් හදවත්...
තුටු කරමින් රසික දනන් ඔකඳ කරාවී....
සසර පුරා විහිදී ගිය හිතවත්කම් දළුලාගෙන..
ජීවිතයේ සොඳුරු සමය වී පැමිණේවී....
දෙදරා ගිය පැරණි මතක... හිරු දුටු පිණි බිඳු විලසට...
කාන්තිමත් වත අභියස වියැකී යාවී.....
වියැකී යාවී...