එහෙනම් පවර්සප්ලයි එකේ අවුලක් වෙන්න තියෙන ඉඩ අඩුයි, පවර් සප්ලයි ටෙස්ට් කරන්නේ මල්ටිමීටර් එකකින්, එකේ ATX සහ 12V auxiliary පවර් කනෙක්ටර් වෙනම ටෙස්ට් කර බලන්න ඕන.
ගෙදර මල්ටිමීටර් එකක් නැත්නම්, මට හිතෙන්නේ කරන්න තියෙන දෙය බෝඩ් එකත් පවර්සප්ලයි එකත් දෙකම කඩේ ට අරං ගිහිං ටෙස්ට් කරලා බලන එක. මේ G31 බෝඩ් එක සෑහෙන්න පරණයි. 2007 වගේ කාලේ ආපු එකක්. ඉතිං කඩේ දි වැඩ කලත් පස්සේ වෙන අවුලක් ඉක්මණට එන්න පුළුවං කමක් තියෙනවා.
වීඩියෝ නැතිවෙන්න හේතු
මොනිටර් එකේ අවුළක්, ප්‍රොසෙසර් එකේ අවුළක්, මදර්බෝඩ් එකේ අවුළක්, මෙමරි අවුළක්, පවර් සප්ලයි අවුළක්, මොනිටර් කේබල් අවුළක්, මේ ඔක්කොම හෝ එකක් වෙන්න පුළුවං.
මොනිටර් එක නිකං ON කර බැලුවාම ඔන් ස්ක්‍රීන් ඩිස්ප්ලේ මැසේජ් එකක් එහෙම වැටෙනවා නම් මොනිටර් සහ කේබල් අවුළක් නෑ. ඊළඟට පවර් සප්ලයි එකේ ඉඳල එන කේබල් බලන්න. ATX සහ 12V auxiliary පවර් කනෙක්ටර් කනෙක්ට් කරලද බලන්න. ඔක්සයිඩ් බැඳිලද බුරුල් වගේද, හරි දිශාවට හයිකරලද බලන්න. සාමාන්‍යයෙන් ඔය බෝඩ් එකට ඉන් බිල්ට් ස්පීකර් එකක් හෝ පෝට් එකක් තියෙනවා, ස්පීකර් එහෙම නැත්නම් යූසර් මැනුවල් එක බලල ස්පීකර් පෝට් එක හොයාගෙන පරණ ඔරලෝසුවක කලුපාට ස්පීකර් එක පූට්ටු කරගන්න, හැබැයි ගැලවිලා ෂෝට් නොවෙන්න වග බලාගන්න ඕන. කඩවල් වල ස්පීකර් ගන්නත් තියෙනවා.
ඊළඟට කූලර් එක ගලවල ප්‍රොසෙසර් එක අරගෙන බලන්න සාමාන්‍ය මතුපිටේ වෙනස්කම් පිළිස්සුනු ලකුණු එහෙම තියෙනවද කියල එහෙම නැති නම් ආපහු සවි කරන්න, කූලර් එකත් සවි කරන්න. මෙමරි මොඩියුල් ඔක්කොම ගලවල ඔන් කරන්න බීප් ඇහෙන්න ඕන. බීප් ඇහෙන්නේ නැත්නම් මදබෝඩ් එකේ අවුළක්. බීප් ඇහෙනවා නම් මෙමරි මොඩියුල් එකක් විතරක් සවි කර බලන්න.
මේ ටෙස්ට් එකෙන් පස්සේ හොඳට වැඩ කරන මෙමරි මදබෝඩ් සහ වීඩියෝ කාඩ් තියෙනවා කියන්න පුළුවං. ඊළඟට වින්ඩෝස් ලෝඩ් වෙද්දී හිරවෙනවා නම් හාඩ් ඩිස්ක් එක, කූලින් ඉශු එකක් හෝ ප්‍රොසෙසර් ෆෝල්ට් එකක් කියන මේ 3ම, හෝ එකක් වෙන්න පුළුවං. බයෝස් රීසෙට් කරලා බලන්න, හාඩ් ඩිස්ක් එක අයින් කරලා බූටබල් ඩිස්ක් එකකින් බූට් කරන්න බලන්න. ඉතිං මේ ටික තමා ගෙදරදී කර බලන්න පුළුවං ඒවා, ඒවා කරලත් හරි යන්නේ නැත්නං මදබෝඩ් එක්ක පවර්සප්ලයි එක කඩේට අරගෙන ගිහින් ටෙස්ට් කරගන්න.