company එක මොනවා කරත් උබට මොකුත් කරන්න බැහැ.
salary ගෙවුවේ නැහැ කියමු. උබ අදිකරනෙට ගියොත් උන් letter එකක් පෙන්නයි උබේ service terminate කරා කියලා mail එකක් යැවුවා කියලා.
එහෙම කොහොමද කරන්නෙ? Contract එකේ තියෙනවනේ terminate කරන conditions. ඒකෙන් පිට දේවල් කරලා උසාවියෙදි අනං මනං කියවන්න පුලුවන් නං ඒ උත්තෙ රටේ ඉඳල වැඩක් තියෙනවද බන්?
EPF /ETF ගෙවන්නේ නැතුව ඉන්න පුළුවන් උබ training කියල.
මොකක් හරි case එකක් උනොත් ඊලග දවසෙම උබ ව ගෙදර යවන්න පුළුවන්. (උබට වඩා වැඩ කරන එකෙක් උන්ට සෙට් උනොත් )
EPF, ETF නොගෙව ඉන්නෙ කොහොමද contract කියලා?
Labour law එකට contract ද permanent ද කියල අදාළ නැහැනෙ.
අයින් කරන එක නං කරන්න පුළුවන් කියපු ගානට notice දීලා නැත්තම් වැඩිපුර පඩි දීලා.
මම ඔහොම එකකට ගිහින් හෙන කට්ටක් කැවා.
ඔක්කොම හරි resignation Letter එකේ දෙන්නේ මේද ඉදන් මෙදා ට වැඩ කරා කියලා. පේලි දෙකයි තියෙන්නේ එකේ.
රට යන්න Skill assessment ඕක දාන්න බැහැ.
මේක වැරදියි. Skills assessment එකට දාන්න පුළුවන්. Contract උනා කියල ප්‍රශ්නයක් නෑ. Contract උනත් නැතත් වැඩ කරපු තැනින් දෙන letter එකේ assessment එක කරන institute එකෙන් request කරන දේවල් තියෙන්න ඕන. ඒවා නැත්නම් ඒවා එක්ක අලුත් letter එකක් ගන්න ඕන.
එහෙම කරන්න බැරි, letter එකක් නොදී ඉන්න දාහක් හේතු කියන දෙකයි පනහේ ගූ කොම්පැනි වලට යන්න එපා.
උදා : කන්ස්ට්‍රක්ෂන් වල නං Maga
අනේ මන්දා බන් , ගැප්ස්ටාර්ස් එහෙම ගන්නෙ මෙහෙමනෙ
ඔව් ඉතින්, අයින් කරනවනම් අඩුයි ඒ උනාට
අඩෝ සිරාවට, අපි අවුරුදු දෙකකට කන්ට්‍රැක්ට් සයින් කලත් එහෙම උන්ට පුලුවන්ද මගෙ සර්විස් ටර්මිනේට් කියලා
------ Post added on Oct 28, 2021 at 4:02 PM
ඕන වෙලාවක අයින් කරන්න පුළුවන් කියන්නෙ අද කියන්න බෑ හෙට එන්න එපා කියලා. එහෙම කියනව නං ඒකට වැඩිපුර වන්දියක් දෙන්න ඕන. ඒක කොච්චරද කියන එක agreement එකේ කියලා තියෙන්න ඕන. (උදා : මාස 2ක පඩි)
ඒ වගේම තමයි employee ටත්. එකපාර අද අයින් වෙලා යන්න බැහැනෙ. එහෙම උනොත් ඒකටත් වන්දියක් කොම්පැණියට ගෙවන්න ඕන.
ඕක ඇරුණාම contract එකේ දෙගොල්ලොටම පුළුවන් අවුරුදු 2 යන්න කලින් contract එක terminate කරන්න.
හරි written agreement එකක් නැතුව යන්න එපා. Contract එකේ conditions දැනන් ඉන්න.
------
Post added on Oct 28, 2021 at 7:32 PM