Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Corona එක්ක උඹලගෙ jobs වලට මොකද වෙන්නෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරෝනා වෛරසය: රැකියා මිලියන ගණනක් අනතුරේ - කෝටි පනහක් පුද්ගලයන් දරිද්‍රතාවයට ඇද වැටීමේ ඉඩ කඩ

කොරෝනාවෛරසයෙන් ඇති වන අහිතකර ආර්ථික ප්‍රතිඵල හේතුවෙන් ගෝලීය දරිද්‍රතාව බිලියන භාගයක් දක්වා ඉහළ යා හැකි බවට ඔක්ස්ෆෑම් ආයතනය අනතුරු අඟවා තිබේ.

'ඔස්ට්‍රේලියන් නැෂනල් යුනිවර්සිටි' සහ ලන්ඩනයේ 'කිංග්ස් කොලේජ්' යන විශ්වවිද්‍යාල විසින් සිදු කරන ලද පර්යේෂණ මත පදනම්ව ඔක්ස්ෆෑම් ශුභසාධන ආයතනය පවසන්නේ වසර 30 ක් තුළ දරිද්‍රතාවය, ගෝලීය මට්ටමින් ඉහළ ගිය පළමු අවස්ථාව මෙය වනු ඇති බවය.

"සෞඛ්‍ය අර්බුදයටත් වඩා, ආර්ථික අර්බුදය දරුණු වීමට ඇති හැකියාව ඉතාමත් වැඩියි" යනුවෙන් එම වාර්තාවේ සඳහන් වේ.

ගෝලීය වශයෙන් දරිද්‍රතාව ලක්ෂ 4,000-6,000 ත් අතර සංඛ්‍යාවකින් කින් ඉහළ යනු ඇතැයි තක්සේරු කර තිබේ.

ඉහත කී දත්ත ප්‍රකාශයට පත් වූයේ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ G20 මුදල් ඇමතිවරුන්ගේ ප්‍රධාන රැස්වීම් පැවැත්වීමට නියමිතව තිබියදීය.

කොරෝනාවෛරසයෙන් ඇති විය හැකි බලපෑම 2030 වන විට දරිද්‍රතාවය තුරන් කිරීමේ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කයට සැබෑ අභියෝගයක් වනු ඇති බව වාර්තාවේ දක්වා ඇත.

වසංගතය අවසන් වන විට බිලියන 7.8 (කෝටි 780) ක ලෝක ජනගහනයෙන් අඩකට වැඩි සංඛාවක් දරිද්‍රතාවයෙන් පීඩා විඳීමට ඉඩ තිබේ.

එළෙස අලුතින් දුගීභාවයට පත් වන පුද්ගලයන්ගෙන් 40% ක් පමණ නැගෙනහිර ආසියාව සහ ශාන්තිකර කලාපය වටා ගොනු විය හැකි අතර, තුනෙන් එකක පමණ කොටසක් උප-සහරාන් අප්‍රිකා සහ දකුණු ආසියානු කලාපයට අයත් වනු ඇත.

"ඉතාමත් සුළු මුදලකින් යැපුණු දුගී රටවල කෝටි සංඛාත කම්කරුවන්ට, වැටුප් සහිත ලෙඩ නිවාඩු හෝ ආණ්ඩුවේ ආධාර වැනි ආරක්ෂිත දැලක් නැහැ" යනුවෙන් 'ඔක්ස්ෆෑම් GB'හි ප්‍රධාන විධායක නිලධාරී ඩැනී ශ්‍රීස්කන්දරාජා පැවසීය.

"වඩාත් අවදානමට ලක් විය හැකි පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා වන ඒකාබද්ධ ආර්ථික සහන පැකේජයක් සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීම සඳහා, ලෝක බැංකුව සහ G20 රැස්වීම් මගින් ලෝක නායකයන්ට වැදගත් අවස්ථාවක් උදා කර දෙනවා,"

සංවර්ධනය වෙමින් පවතින රටවල් මේ වසරේ ණය ගෙවීම්වලින් නිදහස් කර එමඟින් ඔවුන්ගේ ආර්ථිකයට සහය දක්වන ලෙස ගෝලීය සංවිධාන සියයකට වැඩි සංඛ්‍යාවක් ඉල්ලා තිබිණි.

එවැනි පියවරකට එළඹෙන්නේ නම් ඩොලර් කෝටි 2500 ක පමණ ණය මුදලක් නිදහස් වනු ඇත.

දස ලක්ෂ ගණනකට රැකියා අහිමි වේද?

කෝටි 330 ක ගෝලීය ශ්‍රම බලකායෙන් 81% ක සේවා ස්ථාන සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් වසා දමා ඇත.

එදිනෙදා දිවියට සීමා පැනවීම හේතුවෙන් බොහෝ සමාගම් වසා දැමීමට සහ ස්ථිර හෝ තාවකාලික ලෙස කාර්ය මණ්ඩලය සේවයෙන් ඉවත් කිරීමට සිදු වී තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයක් වන,ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) මෙම ගෝලීය බලපෑම පිළිබඳව සොයා බලමින් සිටී.

කොරෝනා වෛරසය සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය: 'කබලෙන් ලිපට' වැටෙයි ද?

"සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි සේවකයන් සහ ව්‍යාපාර ද දරුණු ව්‍යසනයකට මුහුණ දෙමින් සිටිනවා" යැයි ජාත්‍යන්තර කම්කරු සංවිධානය අධ්යක්ෂ ජෙනරාල් ගයි රයිඩර් පැවසීය.

"අපි වේගයෙන්, තීරණාත්මකව, එකට ගමන් කළ යුතුයි. නිවැරදි, හදිසි පියවර ගැනීමෙන් පැවැත්ම සහ බිඳවැටීම අතර වෙනසක් ඇති කළ හැකියි."

ලක්ෂ 2000 කට ආසන්න පිරිසකට රැකියා අහිමි විය හැකියි

කොරෝනාවෛරස් වසංගතය හේතුවෙන් 2020 වසරේ දෙවන කාර්තු තුළ දී ලොව පුරා, වැඩ කරන පැය ගණනෙන් 6.7% ක් නැති වී යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එය පූර්ණ කාලීන සේවකයන් ලක්ෂ 1950 කට රැකියා අහිමි වීම හා සමාන වේ.

සේවයේ නිරත වන මුළු පැය ගණන 8.1% කින් (පූර්ණ කාලීන සේවකයින් ලක්ෂ පනහක්) පහත වැටීම හේතුවෙන් වැඩි වශයෙන් පීඩාවට පත් වනු ඇත්තේ අරාබි රාජ්‍යයන් යැයි පුරෝකථනය කර ඇත.

දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇති වූ "වඩාත් දරුණුතම අර්බුදය" මෙය බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසයි.

2020 වසර තුළ ක්‍රමයෙන් ගෝලීය විරැකියාව ඉහළ යාම විශාල වශයෙන් සාධක දෙකක් මත රඳා පවතිනු ඇති බව එම සංවිධානය පවසයි.

එනම්:

වසරේ දෙවන භාගයේදී ලෝක ආර්ථිකය කෙතරම් ඉක්මනින් යථා තත්ත්වයට පත් වේද යන්න

කෙතරම් සාර්ථකව ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග මඟින් ශ්‍රම ඉල්ලුම ඉහළ නැංවේද යන්න

ලෝක ව්‍යාප්ත විරැකියාව ලක්ෂ 25 ක් විය හැකි බවට වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මූලික ප්රක්ෂේපණයට වඩා වසර අවසානයේ දී විරැකියාව බෙහෙවින් වැඩි වීමේ ඉහළ අවදානමක් ඇත.

නවාතැන් සේවා සහ නිෂ්පාදන කර්මාන්තයට දැඩි බලපෑම්

අනපේක්ෂිත ලෙස සේවා පහත වැටීම නිසා ආර්ථිකයේ නොයෙක් ක්ෂේත්රවලට විවිධාකාරයෙන් බලපෑම් එල්ල වී ඇත.

භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත, තොග සහ සිල්ලර වෙළඳාම, දේපළ වෙළඳාම්, ව්‍යාපාර මෙන්ම, සාමාන්‍යය දිවි පෙවතට සීමා පැනවීමත් සමඟ නවාතැන් සහ ආහාර සේවා බොහෝ දුරට අඩාල වීම පුදුමයට කරුණක් ද නොවේ.

ගෝලීය ශ්‍රම බලකායෙන් 38% කට ආසන්න ප්‍රමාණයක් ඔවුන් නියෝජනය කරන අතර, ලොව පුරා කෝටි 125 ක පිරිසක් මෙම කර්මාන්තවල සේවය කරති.

වැඩි අවදානම් සහිත සේවකයින් පිරිසක් සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපයේ

දැඩි අවදානම් සහිත රැකියාවල නිරත ලොව පුරා සිටින පුද්ගලයින්ගේ ප්‍රතිශතය සැලකිය යුතු ලෙස වෙනස් වේ.

ඇමරිකානු ජනතාවගෙන් 43.2% ක් සහ යුරෝපයේ සහ මධ්‍යම ආසියාවේ 42.1% ක් දැඩි අවදානම් අංශවල සේවය කරති.

අප්‍රිකාව, අරාබි රාජ්‍ය, ආසියාව සහ ශාන්තිකර කලාපයේ මෙන් ශ්‍රම බලකායෙන් බහුතරයක් අනියම් සේවාවල නිරතවීම ඇමරිකානු සහ යුරෝපා කලාපවල බෙහෙවින් අඩුය.

විශේෂයෙන්ම ඉන්දියාව, නයිජීරියාව සහ බ්‍රසීලය වැනි රටවල ආර්ථිකය තුළ අනියම් සේවකයන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන නමුත්, අනෙක් පසින් ස්ථිර කම්කරුවන්ට ඇති සමාජ ආරක්ෂාව වැනි දේ ඔවුන්ට අහිමි වී තිබේ.

Source: https://www.bbc.com/sinhala/world-52244227

[QUOTE="Kolama, post: 25459221, member: 125149"] [SIZE=7][B]කොරෝනා වෛරසය: රැකියා මිලියන ගණනක් අනතුරේ - කෝටි පනහක් පුද්ගලයන් දරිද්‍රතාවයට ඇද වැටීමේ ඉඩ කඩ[/B][/SIZE] කොරෝනාවෛරසයෙන් ඇති වන අහිතකර ආර්ථික ප්‍රතිඵල හේතුවෙන් ගෝලීය දරිද්‍රතාව බිලියන භාගයක් දක්වා ඉහළ යා හැකි බවට ඔක්ස්ෆෑම් ආයතනය අනතුරු අඟවා තිබේ. 'ඔස්ට්‍රේලියන් නැෂනල් යුනිවර්සිටි' සහ ලන්ඩනයේ 'කිංග්ස් කොලේජ්' යන විශ්වවිද්‍යාල විසින් සිදු කරන ලද පර්යේෂණ මත පදනම්ව ඔක්ස්ෆෑම් ශුභසාධන ආයතනය පවසන්නේ වසර 30 ක් තුළ දරිද්‍රතාවය, ගෝලීය මට්ටමින් ඉහළ ගිය පළමු අවස්ථාව මෙය වනු ඇති බවය. "සෞඛ්‍ය අර්බුදයටත් වඩා, ආර්ථික අර්බුදය දරුණු වීමට ඇති හැකියාව ඉතාමත් වැඩියි" යනුවෙන් එම වාර්තාවේ සඳහන් වේ. ගෝලීය වශයෙන් දරිද්‍රතාව ලක්ෂ 4,000-6,000 ත් අතර සංඛ්‍යාවකින් කින් ඉහළ යනු ඇතැයි තක්සේරු කර තිබේ. ඉහත කී දත්ත ප්‍රකාශයට පත් වූයේ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ G20 මුදල් ඇමතිවරුන්ගේ ප්‍රධාන රැස්වීම් පැවැත්වීමට නියමිතව තිබියදීය. කොරෝනාවෛරසයෙන් ඇති විය හැකි බලපෑම 2030 වන විට දරිද්‍රතාවය තුරන් කිරීමේ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කයට සැබෑ අභියෝගයක් වනු ඇති බව වාර්තාවේ දක්වා ඇත. වසංගතය අවසන් වන විට බිලියන 7.8 (කෝටි 780) ක ලෝක ජනගහනයෙන් අඩකට වැඩි සංඛාවක් දරිද්‍රතාවයෙන් පීඩා විඳීමට ඉඩ තිබේ. එළෙස අලුතින් දුගීභාවයට පත් වන පුද්ගලයන්ගෙන් 40% ක් පමණ නැගෙනහිර ආසියාව සහ ශාන්තිකර කලාපය වටා ගොනු විය හැකි අතර, තුනෙන් එකක පමණ කොටසක් උප-සහරාන් අප්‍රිකා සහ දකුණු ආසියානු කලාපයට අයත් වනු ඇත. "ඉතාමත් සුළු මුදලකින් යැපුණු දුගී රටවල කෝටි සංඛාත කම්කරුවන්ට, වැටුප් සහිත ලෙඩ නිවාඩු හෝ ආණ්ඩුවේ ආධාර වැනි ආරක්ෂිත දැලක් නැහැ" යනුවෙන් 'ඔක්ස්ෆෑම් GB'හි ප්‍රධාන විධායක නිලධාරී ඩැනී ශ්‍රීස්කන්දරාජා පැවසීය. "වඩාත් අවදානමට ලක් විය හැකි පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා වන ඒකාබද්ධ ආර්ථික සහන පැකේජයක් සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීම සඳහා, ලෝක බැංකුව සහ G20 රැස්වීම් මගින් ලෝක නායකයන්ට වැදගත් අවස්ථාවක් උදා කර දෙනවා," සංවර්ධනය වෙමින් පවතින රටවල් මේ වසරේ ණය ගෙවීම්වලින් නිදහස් කර එමඟින් ඔවුන්ගේ ආර්ථිකයට සහය දක්වන ලෙස ගෝලීය සංවිධාන සියයකට වැඩි සංඛ්‍යාවක් ඉල්ලා තිබිණි. එවැනි පියවරකට එළඹෙන්නේ නම් ඩොලර් කෝටි 2500 ක පමණ ණය මුදලක් නිදහස් වනු ඇත. [B]දස ලක්ෂ ගණනකට රැකියා අහිමි වේද?[/B] කෝටි 330 ක ගෝලීය ශ්‍රම බලකායෙන් 81% ක සේවා ස්ථාන සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් වසා දමා ඇත. එදිනෙදා දිවියට සීමා පැනවීම හේතුවෙන් බොහෝ සමාගම් වසා දැමීමට සහ ස්ථිර හෝ තාවකාලික ලෙස කාර්ය මණ්ඩලය සේවයෙන් ඉවත් කිරීමට සිදු වී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයක් වන,ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) මෙම ගෝලීය බලපෑම පිළිබඳව සොයා බලමින් සිටී. කොරෝනා වෛරසය සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය: 'කබලෙන් ලිපට' වැටෙයි ද? "සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි සේවකයන් සහ ව්‍යාපාර ද දරුණු ව්‍යසනයකට මුහුණ දෙමින් සිටිනවා" යැයි ජාත්‍යන්තර කම්කරු සංවිධානය අධ්යක්ෂ ජෙනරාල් ගයි රයිඩර් පැවසීය. "අපි වේගයෙන්, තීරණාත්මකව, එකට ගමන් කළ යුතුයි. නිවැරදි, හදිසි පියවර ගැනීමෙන් පැවැත්ම සහ බිඳවැටීම අතර වෙනසක් ඇති කළ හැකියි." ලක්ෂ 2000 කට ආසන්න පිරිසකට රැකියා අහිමි විය හැකියි කොරෝනාවෛරස් වසංගතය හේතුවෙන් 2020 වසරේ දෙවන කාර්තු තුළ දී ලොව පුරා, වැඩ කරන පැය ගණනෙන් 6.7% ක් නැති වී යනු ඇතැයි අපේක්ෂා කෙරේ. එය පූර්ණ කාලීන සේවකයන් ලක්ෂ 1950 කට රැකියා අහිමි වීම හා සමාන වේ. සේවයේ නිරත වන මුළු පැය ගණන 8.1% කින් (පූර්ණ කාලීන සේවකයින් ලක්ෂ පනහක්) පහත වැටීම හේතුවෙන් වැඩි වශයෙන් පීඩාවට පත් වනු ඇත්තේ අරාබි රාජ්‍යයන් යැයි පුරෝකථනය කර ඇත. දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇති වූ "වඩාත් දරුණුතම අර්බුදය" මෙය බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසයි. 2020 වසර තුළ ක්‍රමයෙන් ගෝලීය විරැකියාව ඉහළ යාම විශාල වශයෙන් සාධක දෙකක් මත රඳා පවතිනු ඇති බව එම සංවිධානය පවසයි. එනම්: වසරේ දෙවන භාගයේදී ලෝක ආර්ථිකය කෙතරම් ඉක්මනින් යථා තත්ත්වයට පත් වේද යන්න කෙතරම් සාර්ථකව ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග මඟින් ශ්‍රම ඉල්ලුම ඉහළ නැංවේද යන්න ලෝක ව්‍යාප්ත විරැකියාව ලක්ෂ 25 ක් විය හැකි බවට වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මූලික ප්රක්ෂේපණයට වඩා වසර අවසානයේ දී විරැකියාව බෙහෙවින් වැඩි වීමේ ඉහළ අවදානමක් ඇත. නවාතැන් සේවා සහ නිෂ්පාදන කර්මාන්තයට දැඩි බලපෑම් අනපේක්ෂිත ලෙස සේවා පහත වැටීම නිසා ආර්ථිකයේ නොයෙක් ක්ෂේත්රවලට විවිධාකාරයෙන් බලපෑම් එල්ල වී ඇත. භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත, තොග සහ සිල්ලර වෙළඳාම, දේපළ වෙළඳාම්, ව්‍යාපාර මෙන්ම, සාමාන්‍යය දිවි පෙවතට සීමා පැනවීමත් සමඟ නවාතැන් සහ ආහාර සේවා බොහෝ දුරට අඩාල වීම පුදුමයට කරුණක් ද නොවේ. ගෝලීය ශ්‍රම බලකායෙන් 38% කට ආසන්න ප්‍රමාණයක් ඔවුන් නියෝජනය කරන අතර, ලොව පුරා කෝටි 125 ක පිරිසක් මෙම කර්මාන්තවල සේවය කරති. වැඩි අවදානම් සහිත සේවකයින් පිරිසක් සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපයේ දැඩි අවදානම් සහිත රැකියාවල නිරත ලොව පුරා සිටින පුද්ගලයින්ගේ ප්‍රතිශතය සැලකිය යුතු ලෙස වෙනස් වේ. ඇමරිකානු ජනතාවගෙන් 43.2% ක් සහ යුරෝපයේ සහ මධ්‍යම ආසියාවේ 42.1% ක් දැඩි අවදානම් අංශවල සේවය කරති. අප්‍රිකාව, අරාබි රාජ්‍ය, ආසියාව සහ ශාන්තිකර කලාපයේ මෙන් ශ්‍රම බලකායෙන් බහුතරයක් අනියම් සේවාවල නිරතවීම ඇමරිකානු සහ යුරෝපා කලාපවල බෙහෙවින් අඩුය. විශේෂයෙන්ම ඉන්දියාව, නයිජීරියාව සහ බ්‍රසීලය වැනි රටවල ආර්ථිකය තුළ අනියම් සේවකයන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන නමුත්, අනෙක් පසින් ස්ථිර කම්කරුවන්ට ඇති සමාජ ආරක්ෂාව වැනි දේ ඔවුන්ට අහිමි වී තිබේ. Source: [URL]https://www.bbc.com/sinhala/world-52244227[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom