Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
!!Creationism!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දේව නිර්මාණවාදය යනුවෙන් අදහස් වන්නේ කුමක්ද? දේව නිර්මාණවාදය යනුවෙන් දක්වා ඇත්තේ දෙවිකෙනෙකුන් විසින් විශ්වය සහ මිනිසා මවන ලද බවයි. මෙම විශ්වාසය අද ඊයේ ඇතිවූවාක් නොවන බව කරුණු විමසීමෙන් පෙනෙයි. දේව නිර්මාණවාදී මෙම අදහස බොහෝ ඈත ඉතිහාසයක් ඇති එකක් බව ඉතිහාසය පරීක්ෂා කිරීමෙන් පෙනේ. එසේම නොයෙක් රටවල විශ්වය නිර්මාණය කළ බව පැවසෙන විවිධ දෙවිවරුන් ඇදහූ බවද සඳහන් වෙයි.

පැරණි භාරතයේ බහු දේව වාදයක් පැවැති බව කරුණු පරීක්ෂා කිරීමෙන් පෙනෙයි. නමුත් මෙම බහු දේව වාදය උපනිෂද් යුගය වන විට ඒක දේව වාදය තෙක් අඩු වූ බව පෙනෙයි. ඒක දේව වාදය හෙවත් සියල්ලටම ප්‍රධාන විශ්ව නිර්මිත බ්‍රහ්මයෙකු පිළිබඳ අදහස පසුකාලයේ දී ඇතිවිය. මුලදී ප්‍රජාපතී නමින් හැඳින් වූ නමුත් පසුකාලීනව ඔහු මහා බ්‍රහ්ම නමින් හැඳින්විනි. මෙම කරුණු මෙසේ පවතිද්දී පැරැණි ගී්රසියේ ද, ඉරානයේ ද, සියල්ලටම ප්‍රධාන වූ එක දෙවි කෙනෙකු ගැන හැඟීම පැවතිණි.

මිනිසා දෙවියන් වහන්සේගේ පැවැත්ම කෙරෙහි විශ්වාසය තැබුවේ මොන හේතු නිසාද යන්න විමසා බැලීම, සුදුසු ය. මෙයට හේතු දක්වන මෑත කාලීන විද්‍යාඥයෝ මෙසේ සඳහන් කරති. විශ්වයේ විශාලත්වයේ අනත්ත බවත්, එහි තමන්ට හිමි අසරණ තත්ත්වයත් කල්පනා කර බැලූ මිනිසා එම තත්ත්වයට විසඳුමක් අවශ්‍ය විය. එහිදී හෙතෙම තමාට වඩා බල පුළුවන්කාරයකු කෙරෙහි ඔහු විශ්වාසය තැබීය. මිනිසා විසින් නිර්මාණය කරගත් දෙවි කෙනෙකු වූ ඔහුට භෞතික හා මානසික බලවේග වල කර්තව්‍ය පැවරු බව භාරතීය ඉතිහාසයේ එන කරුණු අධ්‍යයනය කිරීමෙන් පෙනෙයි.

බටහිර දර්ශනය අප විමසා බැලුවහොත් එහිදී අපට වැදගත් වන්නේ මධ්‍යතන යුගයයි. මධ්‍යතන යුගයේ දී ද විශ්ව නිර්මාණ දෙවි කෙනෙකු ගැන සඳහන් වෙයි. ක්‍රිස්තියානි ආගමික පරිසරයක ජීවත් වූ එකල බටහිර දාර්ශනිකයන්ද මෙම ඊශ්වර සංකල්පය සනාථ කිරීමට කරුණු ඉදිරිපත් කළ බව පෙනේ. මේ ලෝකයේ ක්‍රමවත් භාවයට හා පැවැත්මට එකම හේතුව ඊශ්වරයා හෙවත් දෙවියන් වහන්සේ බව ඔවුහු පිළිගත්හ. දෙවියන් වහන්සේ සර්වඥය, සර්ව බලධාරිය, සර්ව ව්‍යාපිය, අනන්ත ගුණ සමුදායෙන් යුක්ත යැයි ද ඔවුහු පැවසූහ.

නූතන බටහිර දාර්ශනිකයන්ද මෙම කරුණු කෙතරම් දුරට සත්‍යය දැයි විමසා බලා ඇත. මේ පිළිබඳව අදහස් දක්වන බටහිර දාර්ශනිකයෝ දෙවියන් වහන්සේගේ පැවැත්ම ගැන කථා කිරීම අර්ථශූන්‍ය ක්‍රියාවක් වශයෙන් ප්‍රතික්ෂේප කර තිබේ.බෞද්ධ දර්ශනයේ දේව නිර්මාණවාදයට හිමි තැන පරීක්ෂා කිරීමේ දී අපට පෙනී යන්නේ එය බුදු සමය විසින් ප්‍රතික්ෂේප කරන බවයි. බෞද්ධ දර්ශනයේ කිසිම තැනක ඊශ්වර සංකල්පය සනාථ කරනු දක්නට නොලැබේ. පසු කාලීනව බෞද්ධ දර්ශන සම්ප්රදාය කිහිපයක් ඇති වූ ඇති වූ නමුත්, ඒ සෑම එකක්ම විශ්ව නිර්මාතෘ දෙවිකෙනෙක් ප්‍රතික්ෂේප කර තිබේ. බුදුන් වහන්සේ දෙවියන් වහන්සේගේ පැවැත්ම ගැන කථා කිරීම අර්ථශූන්‍ය දෙයක් වශයෙන්, එසේ නැතිනම් නැති දෙයක් හැටියට හඳුන්වා තිබේ. මේ ගැන දීඝ නිකායේ කේවට්ට සූත්‍රයෙහි සඳහන් කරුණු වලින් ඊශ්වර යැයි සැලකෙන දෙවියන් වහන්සේගේ සර්වඥ බව විචාරයට ලක් කැරේ. එසේම එහි සඳහන් ආකාරයට බ්‍රහ්ම සියල්ල දනී යැයි වෛදිකයෝ විශ්වාස කළහ. එහෙත් බ්‍රහ්ම, මිනිසෙකු වූ බුදුරදුන් තරමට ලෝකයේ යථාර්ථය නොදන්නා බව එහි සඳහන් වෙයි. බුදුරජාණන් වහන්සේ දීඝ නිකායේ තේවිජ්ජ සූත්‍රයේ දී මැවුම්කාර බ්‍රහ්මයකු පිළිබඳ පිළිගැනීම විවේචනයට ලක් කරමින් එම සිද්ධීන් ද ප්‍රතික්ෂේප කර තිබේ. බෞද්ධ විචාරයට අනුව මැව්ම්කාර දෙවියකු ගැන කථා කිරීම මුලාවක් බව පෙනෙයි. ඒ බව බුදුන් වහන්සේ පාටික සූත්‍රයේ දී මැනවින් පෙන්වා දෙති. එහි සඳහන් ආකාරයට එම කථාව මෙසේ ය. ‘බොහෝ කාලයක් ඇවෑමෙන් ලෝකය විනාශ වන අවස්ථාවක් එළඹෙයි. නැවත ලෝකයේ ආරම්භයත් සමග අභස්සර බ්‍රහ්ම ලොවට ගොස් සිටි සත්වයෝ මෙලොව පහළ වන බවත් මුලින්ම පැමිණි කෙනාගේ වුමනාවට පිට එසේ නැතිනම් ඔහු පතන ආකාරයටම අනික් සත්වයෝ ද මෙහි වරින්වර පහළ වන බවත් මෙසේ තමන්ගේ අපේක්ෂාව අනුව පැමිණි හෙයින්, තමා ඔවුන් ගේ මැවුම්කරුවා යන විශ්වාසය ඔහු තුළ ඇති වූ බවත් එහි සඳහන් වෙයි.එසේම පසුව පැමිණි සත්වයෝ ද තමන්ට කලින් පැමිණි සත්වයා තමන්ගේ මැවුම්කරුවා යැයි විශ්වාස කළහ. මේ ආකාරයට මැවුම්කාර දෙවිකෙනකු ගැන හැඟීම මිනිසුන් තුළ ඇති වූ බව, එම සූත්‍රය අපට පෙන්වා දෙයි.

මැවුම්කාර දෙවිකෙනකු ගැන අදහස මිනිසුන් තුළ මේ ආකාරයට ඇති වූ බව බුදුන් වහන්සේ පෙන්වා දෙමින් එබඳු දෙවි කෙනෙකු තුළ ඇති අනන්ත සාධුත්වය විවේචනයට ලක් කර තිබේ. ආචාර විද්‍යාත්මකව දෙවියන් වහන්සේ සහ බ්‍රහ්මයාගේ පැවැත්ම තුළින් පෙන්වීමට උත්සාහ කරන එම අනත්ත වූ ගුණ භුරිදත්ත ජාතකයේ දී උන්වහන්සේගේ විවේචනයට ලක් වී තිබේ. භූරිදත්ත ජාතකයේ දී බෝධිසත්වයන් වෙත එන කණාරිට්ඨයෝ යාගයෙහි ගිනි පිදුම වැනි බමුණු පිළිවෙත් වර්ණනා කරති. බ්‍රහ්ම විසින් සතර කුලයෙහි ජනයා මනාකොට මැවූ බවද පවසති. මේ කරුණු මෙසේ වුවත් ලෝකයාට ඊශ්වරයා වූ මහා බ්‍රහ්ම සතුන් මැරීම සොරකම් කිරීම, කාමමිථ්‍යාචාරය, මුසාවාදය, සුරාපානය, මායා, සාඨෙය්‍ය, ථම්හ, සාරම්භ ඊර්ෂ්‍යාව, මාත්සර්යය, මක්ඛ ඵලාසය, මදය, ප්‍රමාදය යන මේ අධර්ම සමග ලෝවැස්සන් කුමක් සඳහා මැවී දැයි යන ප්රශ්නය මතුවේ. එසේම මෙලොව ඇති කළ මහා බ්‍රහ්මයා සත්වයන්ද ඇති කළ බව සඳහන් වේ. එසේ වුවත් ඒ මහා බ්‍රහ්ම දස කුසල් තිබියදී දස අකුසල් ඇති කළේ ඇයි ද යන පැනය මෙහිදී මතුවේ. මෙනිසා ඔහු අධර්මිෂ්ඨ යැයි හැඳින්වීමට සිදුවේ. එසේම සතුන් මරා නිවන් දකිති පිරිසුදු වෙතියි කියන්නා වූ සත්වයින්ද නොපෙනේ. මේ, නිසාද බුදුන් වහන්සේ සර්වබලධාරි මැවුම්කරුවකුගේ පැවැත්ම ප්‍රතික්ෂේප කර තිබේ. දෙවියන් වහන්සේගේ පැවැත්ම ප්රතික්ක්ෂේප කරවන හේතු තවත් ඇත. ඒවා නම් එතුමා මහා කාරුණික නම් විසමතා ලෝකයක් මවන ලද්දේ ඇයිද යන ප්රශ්නයයි. සියල්ල එතුමන් මැවීනම් දුරාචාරයන්ද දෙවියන් වහන්සේ විසින් මවන ලදී. එතුමා අදැහැමි බවද මවා ඇති බව මින් පෙනී යයි. මේ නිසා එතුමා මහා කාරුණික යැයි කිව නොහැකි ය.

[QUOTE="ela_eluwa120, post: 6039813, member: 193664"] [SIZE=4]දේව නිර්මාණවාදය යනුවෙන් අදහස් වන්නේ කුමක්ද? දේව නිර්මාණවාදය යනුවෙන් දක්වා ඇත්තේ දෙවිකෙනෙකුන් විසින් විශ්වය සහ මිනිසා මවන ලද බවයි. මෙම විශ්වාසය අද ඊයේ ඇතිවූවාක් නොවන බව කරුණු විමසීමෙන් පෙනෙයි. දේව නිර්මාණවාදී මෙම අදහස බොහෝ ඈත ඉතිහාසයක් ඇති එකක් බව ඉතිහාසය පරීක්ෂා කිරීමෙන් පෙනේ. එසේම නොයෙක් රටවල විශ්වය නිර්මාණය කළ බව පැවසෙන විවිධ දෙවිවරුන් ඇදහූ බවද සඳහන් වෙයි. පැරණි භාරතයේ බහු දේව වාදයක් පැවැති බව කරුණු පරීක්ෂා කිරීමෙන් පෙනෙයි. නමුත් මෙම බහු දේව වාදය උපනිෂද් යුගය වන විට ඒක දේව වාදය තෙක් අඩු වූ බව පෙනෙයි. ඒක දේව වාදය හෙවත් සියල්ලටම ප්‍රධාන විශ්ව නිර්මිත බ්‍රහ්මයෙකු පිළිබඳ අදහස පසුකාලයේ දී ඇතිවිය. මුලදී ප්‍රජාපතී නමින් හැඳින් වූ නමුත් පසුකාලීනව ඔහු මහා බ්‍රහ්ම නමින් හැඳින්විනි. මෙම කරුණු මෙසේ පවතිද්දී පැරැණි ගී්රසියේ ද, ඉරානයේ ද, සියල්ලටම ප්‍රධාන වූ එක දෙවි කෙනෙකු ගැන හැඟීම පැවතිණි.[/SIZE] [SIZE=4]මිනිසා දෙවියන් වහන්සේගේ පැවැත්ම කෙරෙහි විශ්වාසය තැබුවේ මොන හේතු නිසාද යන්න විමසා බැලීම, සුදුසු ය. මෙයට හේතු දක්වන මෑත කාලීන විද්‍යාඥයෝ මෙසේ සඳහන් කරති. විශ්වයේ විශාලත්වයේ අනත්ත බවත්, එහි තමන්ට හිමි අසරණ තත්ත්වයත් කල්පනා කර බැලූ මිනිසා එම තත්ත්වයට විසඳුමක් අවශ්‍ය විය. එහිදී හෙතෙම තමාට වඩා බල පුළුවන්කාරයකු කෙරෙහි ඔහු විශ්වාසය තැබීය. [B]මිනිසා විසින් නිර්මාණය කරගත් දෙවි කෙනෙකු වූ ඔහුට භෞතික හා මානසික බලවේග වල කර්තව්‍ය පැවරු බව භාරතීය ඉතිහාසයේ එන කරුණු අධ්‍යයනය කිරීමෙන් පෙනෙයි.[/B][/SIZE] [SIZE=4]බටහිර දර්ශනය අප විමසා බැලුවහොත් එහිදී අපට වැදගත් වන්නේ මධ්‍යතන යුගයයි. මධ්‍යතන යුගයේ දී ද විශ්ව නිර්මාණ දෙවි කෙනෙකු ගැන සඳහන් වෙයි. ක්‍රිස්තියානි ආගමික පරිසරයක ජීවත් වූ එකල බටහිර දාර්ශනිකයන්ද මෙම ඊශ්වර සංකල්පය සනාථ කිරීමට කරුණු ඉදිරිපත් කළ බව පෙනේ. මේ ලෝකයේ ක්‍රමවත් භාවයට හා පැවැත්මට එකම හේතුව ඊශ්වරයා හෙවත් දෙවියන් වහන්සේ බව ඔවුහු පිළිගත්හ. දෙවියන් වහන්සේ සර්වඥය, සර්ව බලධාරිය, සර්ව ව්‍යාපිය, අනන්ත ගුණ සමුදායෙන් යුක්ත යැයි ද ඔවුහු පැවසූහ. නූතන බටහිර දාර්ශනිකයන්ද මෙම කරුණු කෙතරම් දුරට සත්‍යය දැයි විමසා බලා ඇත. මේ පිළිබඳව අදහස් දක්වන බටහිර දාර්ශනිකයෝ දෙවියන් වහන්සේගේ පැවැත්ම ගැන කථා කිරීම අර්ථශූන්‍ය ක්‍රියාවක් වශයෙන් ප්‍රතික්ෂේප කර තිබේ.බෞද්ධ දර්ශනයේ දේව නිර්මාණවාදයට හිමි තැන පරීක්ෂා කිරීමේ දී අපට පෙනී යන්නේ එය බුදු සමය විසින් ප්‍රතික්ෂේප කරන බවයි. බෞද්ධ දර්ශනයේ කිසිම තැනක ඊශ්වර සංකල්පය සනාථ කරනු දක්නට නොලැබේ. පසු කාලීනව බෞද්ධ දර්ශන සම්ප්රදාය කිහිපයක් ඇති වූ ඇති වූ නමුත්, ඒ සෑම එකක්ම විශ්ව නිර්මාතෘ දෙවිකෙනෙක් ප්‍රතික්ෂේප කර තිබේ. බුදුන් වහන්සේ දෙවියන් වහන්සේගේ පැවැත්ම ගැන කථා කිරීම අර්ථශූන්‍ය දෙයක් වශයෙන්, එසේ නැතිනම් නැති දෙයක් හැටියට හඳුන්වා තිබේ. මේ ගැන දීඝ නිකායේ කේවට්ට සූත්‍රයෙහි සඳහන් කරුණු වලින් ඊශ්වර යැයි සැලකෙන දෙවියන් වහන්සේගේ සර්වඥ බව විචාරයට ලක් කැරේ. එසේම එහි සඳහන් ආකාරයට බ්‍රහ්ම සියල්ල දනී යැයි වෛදිකයෝ විශ්වාස කළහ. එහෙත් බ්‍රහ්ම, මිනිසෙකු වූ බුදුරදුන් තරමට ලෝකයේ යථාර්ථය නොදන්නා බව එහි සඳහන් වෙයි. බුදුරජාණන් වහන්සේ දීඝ නිකායේ තේවිජ්ජ සූත්‍රයේ දී මැවුම්කාර බ්‍රහ්මයකු පිළිබඳ පිළිගැනීම විවේචනයට ලක් කරමින් එම සිද්ධීන් ද ප්‍රතික්ෂේප කර තිබේ. බෞද්ධ විචාරයට අනුව මැව්ම්කාර දෙවියකු ගැන කථා කිරීම මුලාවක් බව පෙනෙයි. ඒ බව බුදුන් වහන්සේ පාටික සූත්‍රයේ දී මැනවින් පෙන්වා දෙති. එහි සඳහන් ආකාරයට එම කථාව මෙසේ ය. ‘බොහෝ කාලයක් ඇවෑමෙන් ලෝකය විනාශ වන අවස්ථාවක් එළඹෙයි. නැවත ලෝකයේ ආරම්භයත් සමග අභස්සර බ්‍රහ්ම ලොවට ගොස් සිටි සත්වයෝ මෙලොව පහළ වන බවත් මුලින්ම පැමිණි කෙනාගේ වුමනාවට පිට එසේ නැතිනම් ඔහු පතන ආකාරයටම අනික් සත්වයෝ ද මෙහි වරින්වර පහළ වන බවත් මෙසේ තමන්ගේ අපේක්ෂාව අනුව පැමිණි හෙයින්, තමා ඔවුන් ගේ මැවුම්කරුවා යන විශ්වාසය ඔහු තුළ ඇති වූ බවත් එහි සඳහන් වෙයි.එසේම පසුව පැමිණි සත්වයෝ ද තමන්ට කලින් පැමිණි සත්වයා තමන්ගේ මැවුම්කරුවා යැයි විශ්වාස කළහ. මේ ආකාරයට මැවුම්කාර දෙවිකෙනකු ගැන හැඟීම මිනිසුන් තුළ ඇති වූ බව, එම සූත්‍රය අපට පෙන්වා දෙයි. මැවුම්කාර දෙවිකෙනකු ගැන අදහස මිනිසුන් තුළ මේ ආකාරයට ඇති වූ බව බුදුන් වහන්සේ පෙන්වා දෙමින් එබඳු දෙවි කෙනෙකු තුළ ඇති අනන්ත සාධුත්වය විවේචනයට ලක් කර තිබේ. ආචාර විද්‍යාත්මකව දෙවියන් වහන්සේ සහ බ්‍රහ්මයාගේ පැවැත්ම තුළින් පෙන්වීමට උත්සාහ කරන එම අනත්ත වූ ගුණ භුරිදත්ත ජාතකයේ දී උන්වහන්සේගේ විවේචනයට ලක් වී තිබේ. භූරිදත්ත ජාතකයේ දී බෝධිසත්වයන් වෙත එන කණාරිට්ඨයෝ යාගයෙහි ගිනි පිදුම වැනි බමුණු පිළිවෙත් වර්ණනා කරති. බ්‍රහ්ම විසින් සතර කුලයෙහි ජනයා මනාකොට මැවූ බවද පවසති. මේ කරුණු මෙසේ වුවත් ලෝකයාට ඊශ්වරයා වූ මහා බ්‍රහ්ම [B]සතුන් මැරීම සොරකම් කිරීම, කාමමිථ්‍යාචාරය, මුසාවාදය, සුරාපානය, මායා, සාඨෙය්‍ය, ථම්හ, සාරම්භ ඊර්ෂ්‍යාව, මාත්සර්යය, මක්ඛ ඵලාසය, මදය, ප්‍රමාදය යන මේ අධර්ම සමග ලෝවැස්සන් කුමක් සඳහා මැවී දැයි යන ප්රශ්නය මතුවේ.[/B] එසේම මෙලොව ඇති කළ මහා බ්‍රහ්මයා සත්වයන්ද ඇති කළ බව සඳහන් වේ. එසේ වුවත් [B]ඒ මහා බ්‍රහ්ම දස කුසල් තිබියදී දස අකුසල් ඇති කළේ ඇයි ද යන පැනය මෙහිදී මතුවේ. මෙනිසා ඔහු අධර්මිෂ්ඨ යැයි හැඳින්වීමට සිදුවේ.[/B] එසේම සතුන් මරා නිවන් දකිති පිරිසුදු වෙතියි කියන්නා වූ සත්වයින්ද නොපෙනේ. මේ, නිසාද බුදුන් වහන්සේ සර්වබලධාරි මැවුම්කරුවකුගේ පැවැත්ම ප්‍රතික්ෂේප කර තිබේ. දෙවියන් වහන්සේගේ පැවැත්ම ප්රතික්ක්ෂේප කරවන හේතු තවත් ඇත. [B]ඒවා නම් එතුමා මහා කාරුණික නම් විසමතා ලෝකයක් මවන ලද්දේ ඇයිද යන ප්රශ්නයයි.[/B] [B]සියල්ල එතුමන් මැවීනම් දුරාචාරයන්ද දෙවියන් වහන්සේ විසින් මවන ලදී.[/B] එතුමා අදැහැමි බවද මවා ඇති බව මින් පෙනී යයි. මේ නිසා එතුමා මහා කාරුණික යැයි කිව නොහැකි ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom