Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
credit card
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්‍රෙඩිට් කාඩ් භාවිතයේදී හිතන්න යමක්...

එදිනෙදා ජීවිතයේ මුදල් ගණුදෙනු වලට ඉතාම පහසුවක් වෙලා තියන එක හේතුවක් තමයි ණය පත. අපි සිංහලෙන් ලේසියට “ක්‍රෙඩිට් කාඩ්“ කියල කියන එක ගැන තමයි මම කතා කරන්නේ. අපි වගේ තුන්වෙනි ලෝකෙ දියුණු වෙමින් පවතින රටවල් වල මේක සුලබ දෙයක් වුනාට හුගක් බටහිර රටවල් වල මිනිස්සු මේවා පාවිච්චි කරන්නේම නැති තරම්. වොරන් බුෆේ තරුණයන්ට දෙන්න කියල දීපු උපදෙස් වලත් මේ ගැන කියල තියනවා. ඒත් මුලින්ම කියන්න ඕනෙ ක්‍රෙඩිට් කාඩ් කියන්නෙ යකෙක් නෙමෙයි කියන එක. ඒකත් දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග වගේ දෙයක්.

ක්‍රෙඩිට් කාඩ් වලට මිනිස්සු ඇදිල යන්න හේතු ගොඩක් තියනවා. ආරක්ෂාව සහ පහසුව ඉන් ප්‍රධානයි.

ඉතින් මම මේ කතා කරන්නෙ ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනකොට අපි සැලකිය යුතු කරුණු ටිකක් ගැනයි. හුඟක් දෙනා දන්නවා ඇති. ඒත් නොදන්න අයට දැනගන්නත් ක්‍රෙඩිට් කාඩ් එකක් අළුතින් ගන්න අයට උදව්වක් වෙන්නත් හිතාගෙන තමයි මම මේ පෝස්ට් එක සෑහෙන කාලෙකට පස්සෙ ලියන්නෙ.

ඉස්සෙල්ලම මම ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න ගියහම මට වෙච්ච අතීත සිදුවීමක් එක්කම මම කතාව පටන් ගන්නම්.

ඒකාලෙ මම වැඩකලේ ලංකාවෙ ප්‍රසිද්ධ බැංකුවක මානව සම්පත් කලමනාකරන දෙපාර්තමේන්තුවෙ. (තේරෙන සිංහලෙන් කියන්නෙ එච්. ආර් ඩිපාර්ට්මන්ට්). මේ මම කියන්නෙ 2005 විතර සිද්ධියක්. නමුත් ඒ කාලෙ දැන් තරම් ක්‍රෙඩිටි කාඩ්වලට ප්‍රසිද්ධ නෑ.බැංකුවෙ වැඩ කලත් මට ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න හය මාසයක් වැඩකරන්න වුනා. ඉතින් අවසානයේ මම කාඩ් සෙන්ටර් එකේ ඉන්න මගෙ යාළුවෙකුට කියල කාඩ් එකක් හදාගත්තා. නමුත් මේ කාඩ් එක එන්නෙ මගෙ කළමනාකාරතුමිය හරහා. ඒක මම දැනගෙන හිටියෙ නෑ. කාඩ් එක ආවට පස්සෙ කාඩ් එක මට දෙන්න කලින් කළමනාකාරතුමිය පැය බාගෙක විතර දේශනයක් දීල ඒ කොන්දේසිවලට එකඟ වුනාට පස්සෙ තමයි මට කාඩ් එක හම්බවුනේ.

ඒ කියා දුන්න දේවල් අදටත් මම පිළිපදිනවා. ඒක අතඇරිච්ච වෙලාවල් වල මම සෑහෙන්න දුක් විඳල තියනවා. ඒ කියා දුන්න දේවලුත් ඔයාල එක්ක බෙදාගන්නම්.

මුලින්ම කියන්න ඕනෙ බැංකුවකින් අපිට ක්‍රෙඩිට් කාඩ් එකක් දෙන්නෙ අපිට තියන ආදරේට නොවෙන බව. කාඩ් එකක් දෙනකොට අපිට හිතෙනවා ණයට දෙන විදිහට බැංකුවට ආදායමක් නෑනෙ කියලා. ඒත් ක්‍රෙඩිට් කාඩ් එකකින් තරම් බැංකුවට ලාබ එන්නෙ නෑ වෙන කොහෙන්වත් (මම හිතන්නෙ) . සාමාන්‍යය බැංකු ණයක් ගන්න ගියොත් බැංකුවෙන් අපිට හම්බ වෙන්නෙ සාමාන්‍යයෙන් 20% කට අඩු පොලී අනුපාතයක්. ඒත් ක්‍රෙඩිට් කාඩ් එකක වාර්ෂික අනුපාතය 24%ක් විතර වෙනවා. (ඉස්සර මේක තිබ්බෙ 28%ට. පස්සෙ අඩුවුනා) ඒත් මාකටිං පැත්තෙන් පෙන්නන්නෙ මාසෙට 2%ක් තරම් අඩු මුදලක් කියල. මිනිස්සු ක්‍රෙඩිට් කාඩ් වලට අහුවෙන තැනක් මේක. මාසෙට 2% ගානෙ අවුරුද්දට 24% බව මතක තියාගන්න.

බැංකුවකින් කෙනෙක්ට ආවට ගියාට ක්‍රෙඩිට් කාඩ් එකක් දෙන්නෙ නෑ. දෙන්න කලින් පස්මහ බැළුම් බලනවා. මාස 3 පඩි වාර්තා, බැංකු ප්‍රකාශන, නිවැරදි ලිපිනයන්, රෙකමදාරු කරන්න තවත් අය ආදී වශයෙන්. හේතුව තමයි මේ ණය ගෙවන්න පුළුවන්ද කියල බලන එක. (ඇපේට කිසිම දෙයක් ලඟ තියා ගන්නෙ නැති හන්දා). ඒ වගේම පොඩි පඩියක් ගන්න කෙනෙක්ටත් මේවා දෙන්නෙ නෑ. (දැනට මං හිතන්නෙ අඩුම තරමෙ රුපියල් 20000ක් වත් පඩි තියෙන්න ඕනෙ)

ඊලඟට ගත්තහම ක්‍රෙඩිට් කාඩ් එකේ ණය ප්‍රමාණය වෙන්නෙ තමන්ගෙ පඩිය වගේ දෙගුණයක්. ඒ ගෙවාගන්න පුළුවන් උපරිම ප්‍රමාණය කියල සලකලා. මේ ප්‍රමාණය නම් හුඟක් බැංකු වෙනස් කරන්නෙ නෑ. ඉල්ලුවොත් ඇරෙන්න. මොකද ඒක බැංකුව පැත්තෙන් ආරක්ෂක උපක්‍රමයක් හන්දා. මේ ණය සීමාව වැඩි කරන්න ඒගොල්ලො අමතර මුදලකුත් අය කරනවා. ඒත් සමහර බැංකු නොකියම ප්‍රමාණය වැඩිකරනවා. ඒකත් එක උපක්‍රමයක් වියදම් කරන්න තියන ප්‍රමාණෙ වැඩිකරන්න.

තවත් අය අහුවෙන මාකටිං පොයින්ට් එකක් තමයි ගෙවන්න දවස් 51ක් හම්බ වෙනවා කියන එක. ඔව් එහෙම හම්බ වෙනවා තමයි. ඒත් මිලදී ගන්න හැම දේටම නෙමෙයි. ඒක තීරණය වෙන්නෙ අපි භාන්ඩයක් මිලදී ගන්න දවසයි, අපේ මාසික ප්රකාශනය නිකුත් කරන දවසයි අපිට ඒ ප්රකාශනයට මුදල් ගෙවන්න තියන දවයි එක්ක.

උදාහරණයක් විදිහට ගත්තොත් කෙනෙක්ගෙ මාසික ගිණුම් ප්රකාශනය හදන්නෙ කිසියම් මාසෙක 25 වෙනිදාට කියල හිතමු(උදා. සැප්තැම්බර් 25). එයාට ඒකට මුදල් ගෙවන්න තියන අන්තිම දවස ඊලඟ මාසෙ 15 වෙනිදා කියල හිතමු (උදා. ඔක්තෝම්බර් 15). එතකොට එයා භාන්ඩය මිලට ගන්නෙ මේ මාසෙ 26 වෙනිදා (සැප්තැම්බර් 26) නම් ඒක මේ මාසෙ ප්රකාශනයට අදාල වෙන්නෙ නෑ. ඒක අයිති වෙන්නෙ ඊලඟ මාසෙ ප්රකාශනයට (ඔක්තෝම්බර් ප්රකාශනය). එතකොට එයාට ඒ සඳහා සල්ලි ගෙවන්න මාසෙකුත් දවස් 20ත් විතර හම්බ වෙනවා (නොවැම්බර් 15). සැප්තැම්බර් 26 ඉඳන් නොවැම්බර් 15 අතර කාලය තමයි දවස් 51 වෙන්නෙ. ඒක ඉතින් උපරිම කාලය. එන්න එන්න කාලය අඩුවෙනවා.

අපි ලබාගන්න හැම ක්‍රෙඩිට් කාඩ් එකටම ගන්න කලින් වාර්ෂික සාමාජික ගාස්තුවක් (Annual Fee) ගෙවන්න ඕනෙ. ඒක බැංකුව - කාඩ් වර්ගය මත වෙනස් වෙනවා. මේ මුදල සාමාන්‍යයෙන් රුපියල් 750 ඉඳල 5000ක් හෝ ඊට වැඩි වෙන්න පුළුවනි. ඒත් සමහර මාකටින් කැම්පේන් වලදි මේ සාමාජික ගාස්තුව නැතුව කාඩ් එක පිරිනමනවා. මතක තියාගන්න ඕනෙ මෙහෙම පිරි නමන කාඩ් එක වලංගු කරල දෙන්නෙ අවුරුද්දකට නොවන වග. පළවෙනි අවුරුද්ද නිකන් වුනාට දෙවනි අවුරුද්දෙ මේ ගාස්තුව කපා ගන්නෙ කියල නෙමෙයි. ඒ බව දන්නෙ ගිණුම් ප්රකාශනය ආවහම තමයි.

ඊළඟට වෙන්නෙ ඔබ ගැන විමසිල්ලෙන් ඉන්න බැංකුව ඔබට අමතර කාඩ් පතක් පිරිනමනවා. ඒ ඔබේ සහකරුට හරි සහකාරියට හරි. හුඟක් වෙලාවට සාමාජික ගාස්තු නැතිවම. ඔබේ ණය සීමාවෙන් අඩක් පමණ. සාමාන්‍යෙයන් අපි නිකන් ලැබෙන ඕනෑම දෙයක් ගන්න සූදානම් නිසා දෙපාරක් හිතන්නෙ නැතුව මේ කාඩ් එක ගන්නවා.ඉතින් දෙවනි අවුරුද්දෙ ඉඳන් සාමාජික ගාස්තු එක්ක අමතර වියදම් ගොඩක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

හිතන්න මට මගේ ගිණුම් ප්රකාශනයට අදාල මුදල් ගෙවන්න තියෙන්නෙ මාසෙ 15 කියල. මට ගෙවන්න තියන අවම ප්‍රමාණය (සාමාන්‍යයයෙන් මුළු මුදලින් 5%ක් විතර) මම ගෙවනවා කියල. එතකොට මම 16 වෙනිදා මුළු මුදලම ගෙව්වත් ඒ මාසෙටම පොලිය (2%) හැදිල අවසන්. මේ දේ සිද්ධවෙන්නෙ මුළු මුදලටමයි. ඉතිරි කිරීමේ ගිණුමක පොලිය හැදෙන්නෙ දවසින් දවසට වුනාට ක්‍රෙඩිට් කාඩ් වල දවසක් ගියත් මාසෙකටම පොලිය හදනවා. (මේක හුඟක් බැංකු කරන දෙයක්. බැංකුවෙන් බැංකුවට වෙනස් වෙන දෙයක් )

හැම ගිණුම් ප්‍රකාශනේම ගෙවිය යුතු අවම මුදලක් තියනවා. හැබැයි ඒක ගෙවන්න තියන දවසට ගෙව්වෙ නැත්තම් ප්‍රමාද ගාස්තු (Late Payment Fee) හැටියට අමතර ගාස්තුවක් ගන්නවා. මේක මුළු මුදලින් 5%ක් හරි ස්ථීර ගාස්තුවක් හරි (දෙකෙන් ලොකු එක මිස පොඩි එක නෙමෙයි). ඒ වගේම තමන්ගෙ ණය සීමාව පැන්නහමත් මේ වගේ මුදලක් ගෙවන්න වෙනවා.

මාසයක් අවසානයෙදි තමන්ගෙ අතට එන ගිණුම් ප්රකාශනය බලන්න. තමන්ට අදාල නැති අයිතම කීයක් තියනවද? තැපැල් ගාස්තු, මේ මාසයට පොලිය, ලබන මාසයට පොලිය, ගැලපුම් ගාස්තු, බදු, ප්‍රමාද ගාස්තු... මේවා නම් ඉතින් දැනගන්න වෙන්නෙ බැංකුවෙ හොට් ලයින් එකට කතා කරල එතන ඉන්න අක්ක කෙනෙක් එක්ක වලියක් දාගෙන තමයි.

හුඟ දෙනෙක් ක්‍රෙඩිට් කාඩ් ගන්නෙ ඒවාට හම්බවෙන ආකර්ශනීය ප්‍රවර්ධන ව්‍යාපාර හන්දයි. (Promotion) අපි මතක තියාගන්න ඕනෙ මේ ප්‍රමෝෂන් නැතිනම් බැංකු වලට පාඩු විඳින්න සිද්ධ වෙන බව. ඔවුන්ට අවශ්‍යය වෙන්නෙ කොහොම හරි අපේ කාඩ් එකෙන් සල්ලි වියදම් කරවන එකයි. නැත්තම් බැංකු වලට කෝ සල්ලි? ඒ සඳහා කරන්න තියන ලේසිම දේ තමයි බිස්නස් ප්‍රමෝෂන්.

ක්‍රෙඩිට් කාඩ් වලින් වෙන්නෙ ආවේගශීලී මිලට ගැනීම්. ඒ කියන්නෙ මිනිස්සුන්ට අවශ්‍යය නැති දෙයක් වුනත් ගන්න හිතෙන එක. කෙනෙක් මුදල් වලින් ගෙවීම් කරනකොට මෙහෙම දෙයක් වෙන්නෙ නෑ. ක්‍රෙඩිට් කාඩ් මගින් ගණුදෙනු කරන කොට ඒ අවස්ථාවෙම මුදල් වියදම් වීමක් සිද්ධ නොවෙන නිසා කෙනෙක්ට මේ භාන්ඩය මිලදී ගන්න හිතක් පහල වෙනවා. (මනුස්ස සොබාවය නෙ) හුඟක් වෙලාවට සුපිරි වෙළද සැල් වල සහ හෝටල් වෙන්නෙත් මේ දේම තමයි. ඉතින් මේ දෙකම එකතු වුනහම ලේසියෙන් වැඩේ කරගන්න පුළුවන් හන්දා හුඟක් බැංකු අලෙවි ප්‍රවර්ධනයට යොදාගන්නෙ සුපිරි වෙළඳ සැල් සහ හෝටල්ම තමයි. 5% ඉඳන් 50% වෙනකන් දීමනා දුන්නත් හැම දීමනාවක්ම කොන්දේසිවලට යටත්ව තමයි හම්බවෙන්නෙ.

ඒවගේම හැම දීමනාවක්ම වගේ සුපිරි සුඛෝපභෝගී ජීවිත ගෙවන්න මිසක් සාමාන්‍යෙයන් එදිනෙදා මිලදී ගැනීම් වලට අදාල දීමනා අලෙවි ප්‍රවර්ධන සිද්ධවෙන්නෙ නැති බවත් මතක තියාගන්න ඕනෙ. තරු පන්තියේ හෝටලේකින් 50%ක් අඩුවට වේලක් කන්න මිසක් සුපර් මාකට් එකෙන් පරිප්පු 500ක් ගන්න ක්‍රෙඩිට් කාඩ් ප්‍රමෝෂන් අදාල වෙන්නෙ නෑ. සුපිරි ඇඳුම් වෙලඳ සැලකින් 25%ක් අඩුවට ඇඳුම් ලැබුනට පොඩි කඩේකින් චීත්ත රෙදි කෑල්ලක් ගන්න මේ ප්‍රමෝෂන් වලංගු නැත.

ඒ කියන්නෙ මේ ඔක්කොම ප්‍රමෝෂන් කාඩ් හිමියාගෙන් කුට්ටිය පිටින්ම වියදම් කිරීම උදෙසා පමණක් බව මතක තියාගන්න.

තවත් වෙළඳ ප්‍රවර්ධන අංගයක් වෙන්නෙ පොළී රහිත වාරික ගෙවීම් ක්‍රම. උඩින් බැළුවොත් මේකෙන් බැංකුවට කිසිම ලාබයක් නෑ වගේ. නමුත් මේකෙදි වෙන්නෙ මුලින්ම කිසියම් මුදලක් (මිලදී ගන්නා භාන්ඩය මත වෙනස්වෙන) ලියකියවිලි ගාස්තු / බැංකු ගාස්තු විදිහට බැංකුව අයකරගන්න එක. ඊට පස්සෙ භාන්ඩයේ වටිනාකම ක්‍රෙඩිට් කාඩ් එකේ ණය සීමාවෙන් අඩු කරල මාසිකව ගෙවන ගානත් එක්ක ණය සීමාව වැඩි කරන එක. බැංකුවෙ ගාස්තුව භාන්ඩය මිලට ගන්න කොටම බැංකුව අයකරගෙන ඉවරයි. මේකෙන් බැංකුවට වෙන අමතර වාසියක් තියනවා. ඒ ණය සීමාවේ උපරිමේටම ආපු පාරිභෝගිකයට ණය සීමාව වැඩි කරල දීල තවත් ඔරොත්තු නොදෙන තරමේ වියදම් ඇතිකරන එක.

මේ ඔක්කොටම වඩා කරදරේ සල්ලි ගෙවන්නෙ නැතුව දවස් දෙක තුනක් ගියහම දවසට දෙතුන්වරක් කෝල් එකක් දීල අපිට ඒක මතක් කරල දෙන එක.

මම මෙතන සඳහන් කරල තියෙන්නෙ මතක් වෙච්ච ටිකක් විතරයි. මෙන්න මේ කරුණු ටික ටිකක් සිහියෙ තියාගත්තහම (මේවා මට හම්බවෙච්ච උපදෙස්) ක්‍රෙඩිට් කාඩ් වලින් ගණුදෙනු කරන ටිකක් ලේසි වෙයි.

ණය සීමාව තමන්ගෙ පඩිය වගේ දෙගුණයක් වුනාට උපරිම විදියට පඩියෙන් බාගයක් ක්‍රෙඩිට් කාඩ් එකෙන් වියදම් කරන්න පුළුවන් නම් හුඟත් හොඳයි. තව පුළුවන් නම් ණය සීමාව ටිකක් අඩුකරගත්තට කමක් නෑ.

ණය පියවන දිනය ඔබේ අතේ මුදල් රැඳෙන දිනයකට යොදාගන්න. (25 පඩි හම්බ වෙනව නම් 28 විතර)

ක්‍රෙඩිට් කාඩ් එකේ උපරිම වාසිය ලැබෙන්නේ ණය පියවන දිනයටම මුදල් ගෙවනවානම් විතරයි. ඒ දිනය හිතේ තියාගෙන වැඩ කරන්න.

කවදාවත් අඩුම මුදල ගෙවන්න එපා. හැකි හැම විටම මුළු මුදලම ගෙවන්න. අමතර පොලී වලින් වැලකෙන්න පුළුවන් එතකොට.

මිළදී ගැනීම් වලදී හැමවිටම උපරිම දින සීමාව ගැන මතක තබා ගන්න.

හැකි හැමවිටම මුදල් භාවිතා කරන්න.

http://achiralk.blogspot.com/

[QUOTE="AnuradhaRa, post: 19545697, member: 325076"] [SIZE="4"][COLOR="Teal"][CENTER]ක්‍රෙඩිට් කාඩ් භාවිතයේදී හිතන්න යමක්... එදිනෙදා ජීවිතයේ මුදල් ගණුදෙනු වලට ඉතාම පහසුවක් වෙලා තියන එක හේතුවක් තමයි ණය පත. අපි සිංහලෙන් ලේසියට “ක්‍රෙඩිට් කාඩ්“ කියල කියන එක ගැන තමයි මම කතා කරන්නේ. අපි වගේ තුන්වෙනි ලෝකෙ දියුණු වෙමින් පවතින රටවල් වල මේක සුලබ දෙයක් වුනාට හුගක් බටහිර රටවල් වල මිනිස්සු මේවා පාවිච්චි කරන්නේම නැති තරම්. වොරන් බුෆේ තරුණයන්ට දෙන්න කියල දීපු උපදෙස් වලත් මේ ගැන කියල තියනවා. ඒත් මුලින්ම කියන්න ඕනෙ ක්‍රෙඩිට් කාඩ් කියන්නෙ යකෙක් නෙමෙයි කියන එක. ඒකත් දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග වගේ දෙයක්. ක්‍රෙඩිට් කාඩ් වලට මිනිස්සු ඇදිල යන්න හේතු ගොඩක් තියනවා. ආරක්ෂාව සහ පහසුව ඉන් ප්‍රධානයි. ඉතින් මම මේ කතා කරන්නෙ ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනකොට අපි සැලකිය යුතු කරුණු ටිකක් ගැනයි. හුඟක් දෙනා දන්නවා ඇති. ඒත් නොදන්න අයට දැනගන්නත් ක්‍රෙඩිට් කාඩ් එකක් අළුතින් ගන්න අයට උදව්වක් වෙන්නත් හිතාගෙන තමයි මම මේ පෝස්ට් එක සෑහෙන කාලෙකට පස්සෙ ලියන්නෙ. ඉස්සෙල්ලම මම ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න ගියහම මට වෙච්ච අතීත සිදුවීමක් එක්කම මම කතාව පටන් ගන්නම්. ඒකාලෙ මම වැඩකලේ ලංකාවෙ ප්‍රසිද්ධ බැංකුවක මානව සම්පත් කලමනාකරන දෙපාර්තමේන්තුවෙ. (තේරෙන සිංහලෙන් කියන්නෙ එච්. ආර් ඩිපාර්ට්මන්ට්). මේ මම කියන්නෙ 2005 විතර සිද්ධියක්. නමුත් ඒ කාලෙ දැන් තරම් ක්‍රෙඩිටි කාඩ්වලට ප්‍රසිද්ධ නෑ.බැංකුවෙ වැඩ කලත් මට ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න හය මාසයක් වැඩකරන්න වුනා. ඉතින් අවසානයේ මම කාඩ් සෙන්ටර් එකේ ඉන්න මගෙ යාළුවෙකුට කියල කාඩ් එකක් හදාගත්තා. නමුත් මේ කාඩ් එක එන්නෙ මගෙ කළමනාකාරතුමිය හරහා. ඒක මම දැනගෙන හිටියෙ නෑ. කාඩ් එක ආවට පස්සෙ කාඩ් එක මට දෙන්න කලින් කළමනාකාරතුමිය පැය බාගෙක විතර දේශනයක් දීල ඒ කොන්දේසිවලට එකඟ වුනාට පස්සෙ තමයි මට කාඩ් එක හම්බවුනේ. ඒ කියා දුන්න දේවල් අදටත් මම පිළිපදිනවා. ඒක අතඇරිච්ච වෙලාවල් වල මම සෑහෙන්න දුක් විඳල තියනවා. ඒ කියා දුන්න දේවලුත් ඔයාල එක්ක බෙදාගන්නම්. මුලින්ම කියන්න ඕනෙ බැංකුවකින් අපිට ක්‍රෙඩිට් කාඩ් එකක් දෙන්නෙ අපිට තියන ආදරේට නොවෙන බව. කාඩ් එකක් දෙනකොට අපිට හිතෙනවා ණයට දෙන විදිහට බැංකුවට ආදායමක් නෑනෙ කියලා. ඒත් ක්‍රෙඩිට් කාඩ් එකකින් තරම් බැංකුවට ලාබ එන්නෙ නෑ වෙන කොහෙන්වත් (මම හිතන්නෙ) . සාමාන්‍යය බැංකු ණයක් ගන්න ගියොත් බැංකුවෙන් අපිට හම්බ වෙන්නෙ සාමාන්‍යයෙන් 20% කට අඩු පොලී අනුපාතයක්. ඒත් ක්‍රෙඩිට් කාඩ් එකක වාර්ෂික අනුපාතය 24%ක් විතර වෙනවා. (ඉස්සර මේක තිබ්බෙ 28%ට. පස්සෙ අඩුවුනා) ඒත් මාකටිං පැත්තෙන් පෙන්නන්නෙ මාසෙට 2%ක් තරම් අඩු මුදලක් කියල. මිනිස්සු ක්‍රෙඩිට් කාඩ් වලට අහුවෙන තැනක් මේක. මාසෙට 2% ගානෙ අවුරුද්දට 24% බව මතක තියාගන්න. බැංකුවකින් කෙනෙක්ට ආවට ගියාට ක්‍රෙඩිට් කාඩ් එකක් දෙන්නෙ නෑ. දෙන්න කලින් පස්මහ බැළුම් බලනවා. මාස 3 පඩි වාර්තා, බැංකු ප්‍රකාශන, නිවැරදි ලිපිනයන්, රෙකමදාරු කරන්න තවත් අය ආදී වශයෙන්. හේතුව තමයි මේ ණය ගෙවන්න පුළුවන්ද කියල බලන එක. (ඇපේට කිසිම දෙයක් ලඟ තියා ගන්නෙ නැති හන්දා). ඒ වගේම පොඩි පඩියක් ගන්න කෙනෙක්ටත් මේවා දෙන්නෙ නෑ. (දැනට මං හිතන්නෙ අඩුම තරමෙ රුපියල් 20000ක් වත් පඩි තියෙන්න ඕනෙ) ඊලඟට ගත්තහම ක්‍රෙඩිට් කාඩ් එකේ ණය ප්‍රමාණය වෙන්නෙ තමන්ගෙ පඩිය වගේ දෙගුණයක්. ඒ ගෙවාගන්න පුළුවන් උපරිම ප්‍රමාණය කියල සලකලා. මේ ප්‍රමාණය නම් හුඟක් බැංකු වෙනස් කරන්නෙ නෑ. ඉල්ලුවොත් ඇරෙන්න. මොකද ඒක බැංකුව පැත්තෙන් ආරක්ෂක උපක්‍රමයක් හන්දා. මේ ණය සීමාව වැඩි කරන්න ඒගොල්ලො අමතර මුදලකුත් අය කරනවා. ඒත් සමහර බැංකු නොකියම ප්‍රමාණය වැඩිකරනවා. ඒකත් එක උපක්‍රමයක් වියදම් කරන්න තියන ප්‍රමාණෙ වැඩිකරන්න. තවත් අය අහුවෙන මාකටිං පොයින්ට් එකක් තමයි ගෙවන්න දවස් 51ක් හම්බ වෙනවා කියන එක. ඔව් එහෙම හම්බ වෙනවා තමයි. ඒත් මිලදී ගන්න හැම දේටම නෙමෙයි. ඒක තීරණය වෙන්නෙ අපි භාන්ඩයක් මිලදී ගන්න දවසයි, අපේ මාසික ප්රකාශනය නිකුත් කරන දවසයි අපිට ඒ ප්රකාශනයට මුදල් ගෙවන්න තියන දවයි එක්ක. උදාහරණයක් විදිහට ගත්තොත් කෙනෙක්ගෙ මාසික ගිණුම් ප්රකාශනය හදන්නෙ කිසියම් මාසෙක 25 වෙනිදාට කියල හිතමු(උදා. සැප්තැම්බර් 25). එයාට ඒකට මුදල් ගෙවන්න තියන අන්තිම දවස ඊලඟ මාසෙ 15 වෙනිදා කියල හිතමු (උදා. ඔක්තෝම්බර් 15). එතකොට එයා භාන්ඩය මිලට ගන්නෙ මේ මාසෙ 26 වෙනිදා (සැප්තැම්බර් 26) නම් ඒක මේ මාසෙ ප්රකාශනයට අදාල වෙන්නෙ නෑ. ඒක අයිති වෙන්නෙ ඊලඟ මාසෙ ප්රකාශනයට (ඔක්තෝම්බර් ප්රකාශනය). එතකොට එයාට ඒ සඳහා සල්ලි ගෙවන්න මාසෙකුත් දවස් 20ත් විතර හම්බ වෙනවා (නොවැම්බර් 15). සැප්තැම්බර් 26 ඉඳන් නොවැම්බර් 15 අතර කාලය තමයි දවස් 51 වෙන්නෙ. ඒක ඉතින් උපරිම කාලය. එන්න එන්න කාලය අඩුවෙනවා. අපි ලබාගන්න හැම ක්‍රෙඩිට් කාඩ් එකටම ගන්න කලින් වාර්ෂික සාමාජික ගාස්තුවක් (Annual Fee) ගෙවන්න ඕනෙ. ඒක බැංකුව - කාඩ් වර්ගය මත වෙනස් වෙනවා. මේ මුදල සාමාන්‍යයෙන් රුපියල් 750 ඉඳල 5000ක් හෝ ඊට වැඩි වෙන්න පුළුවනි. ඒත් සමහර මාකටින් කැම්පේන් වලදි මේ සාමාජික ගාස්තුව නැතුව කාඩ් එක පිරිනමනවා. මතක තියාගන්න ඕනෙ මෙහෙම පිරි නමන කාඩ් එක වලංගු කරල දෙන්නෙ අවුරුද්දකට නොවන වග. පළවෙනි අවුරුද්ද නිකන් වුනාට දෙවනි අවුරුද්දෙ මේ ගාස්තුව කපා ගන්නෙ කියල නෙමෙයි. ඒ බව දන්නෙ ගිණුම් ප්රකාශනය ආවහම තමයි. ඊළඟට වෙන්නෙ ඔබ ගැන විමසිල්ලෙන් ඉන්න බැංකුව ඔබට අමතර කාඩ් පතක් පිරිනමනවා. ඒ ඔබේ සහකරුට හරි සහකාරියට හරි. හුඟක් වෙලාවට සාමාජික ගාස්තු නැතිවම. ඔබේ ණය සීමාවෙන් අඩක් පමණ. සාමාන්‍යෙයන් අපි නිකන් ලැබෙන ඕනෑම දෙයක් ගන්න සූදානම් නිසා දෙපාරක් හිතන්නෙ නැතුව මේ කාඩ් එක ගන්නවා.ඉතින් දෙවනි අවුරුද්දෙ ඉඳන් සාමාජික ගාස්තු එක්ක අමතර වියදම් ගොඩක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හිතන්න මට මගේ ගිණුම් ප්රකාශනයට අදාල මුදල් ගෙවන්න තියෙන්නෙ මාසෙ 15 කියල. මට ගෙවන්න තියන අවම ප්‍රමාණය (සාමාන්‍යයයෙන් මුළු මුදලින් 5%ක් විතර) මම ගෙවනවා කියල. එතකොට මම 16 වෙනිදා මුළු මුදලම ගෙව්වත් ඒ මාසෙටම පොලිය (2%) හැදිල අවසන්. මේ දේ සිද්ධවෙන්නෙ මුළු මුදලටමයි. ඉතිරි කිරීමේ ගිණුමක පොලිය හැදෙන්නෙ දවසින් දවසට වුනාට ක්‍රෙඩිට් කාඩ් වල දවසක් ගියත් මාසෙකටම පොලිය හදනවා. (මේක හුඟක් බැංකු කරන දෙයක්. බැංකුවෙන් බැංකුවට වෙනස් වෙන දෙයක් ) හැම ගිණුම් ප්‍රකාශනේම ගෙවිය යුතු අවම මුදලක් තියනවා. හැබැයි ඒක ගෙවන්න තියන දවසට ගෙව්වෙ නැත්තම් ප්‍රමාද ගාස්තු (Late Payment Fee) හැටියට අමතර ගාස්තුවක් ගන්නවා. මේක මුළු මුදලින් 5%ක් හරි ස්ථීර ගාස්තුවක් හරි (දෙකෙන් ලොකු එක මිස පොඩි එක නෙමෙයි). ඒ වගේම තමන්ගෙ ණය සීමාව පැන්නහමත් මේ වගේ මුදලක් ගෙවන්න වෙනවා. මාසයක් අවසානයෙදි තමන්ගෙ අතට එන ගිණුම් ප්රකාශනය බලන්න. තමන්ට අදාල නැති අයිතම කීයක් තියනවද? තැපැල් ගාස්තු, මේ මාසයට පොලිය, ලබන මාසයට පොලිය, ගැලපුම් ගාස්තු, බදු, ප්‍රමාද ගාස්තු... මේවා නම් ඉතින් දැනගන්න වෙන්නෙ බැංකුවෙ හොට් ලයින් එකට කතා කරල එතන ඉන්න අක්ක කෙනෙක් එක්ක වලියක් දාගෙන තමයි. හුඟ දෙනෙක් ක්‍රෙඩිට් කාඩ් ගන්නෙ ඒවාට හම්බවෙන ආකර්ශනීය ප්‍රවර්ධන ව්‍යාපාර හන්දයි. (Promotion) අපි මතක තියාගන්න ඕනෙ මේ ප්‍රමෝෂන් නැතිනම් බැංකු වලට පාඩු විඳින්න සිද්ධ වෙන බව. ඔවුන්ට අවශ්‍යය වෙන්නෙ කොහොම හරි අපේ කාඩ් එකෙන් සල්ලි වියදම් කරවන එකයි. නැත්තම් බැංකු වලට කෝ සල්ලි? ඒ සඳහා කරන්න තියන ලේසිම දේ තමයි බිස්නස් ප්‍රමෝෂන්. ක්‍රෙඩිට් කාඩ් වලින් වෙන්නෙ ආවේගශීලී මිලට ගැනීම්. ඒ කියන්නෙ මිනිස්සුන්ට අවශ්‍යය නැති දෙයක් වුනත් ගන්න හිතෙන එක. කෙනෙක් මුදල් වලින් ගෙවීම් කරනකොට මෙහෙම දෙයක් වෙන්නෙ නෑ. ක්‍රෙඩිට් කාඩ් මගින් ගණුදෙනු කරන කොට ඒ අවස්ථාවෙම මුදල් වියදම් වීමක් සිද්ධ නොවෙන නිසා කෙනෙක්ට මේ භාන්ඩය මිලදී ගන්න හිතක් පහල වෙනවා. (මනුස්ස සොබාවය නෙ) හුඟක් වෙලාවට සුපිරි වෙළද සැල් වල සහ හෝටල් වෙන්නෙත් මේ දේම තමයි. ඉතින් මේ දෙකම එකතු වුනහම ලේසියෙන් වැඩේ කරගන්න පුළුවන් හන්දා හුඟක් බැංකු අලෙවි ප්‍රවර්ධනයට යොදාගන්නෙ සුපිරි වෙළඳ සැල් සහ හෝටල්ම තමයි. 5% ඉඳන් 50% වෙනකන් දීමනා දුන්නත් හැම දීමනාවක්ම කොන්දේසිවලට යටත්ව තමයි හම්බවෙන්නෙ. ඒවගේම හැම දීමනාවක්ම වගේ සුපිරි සුඛෝපභෝගී ජීවිත ගෙවන්න මිසක් සාමාන්‍යෙයන් එදිනෙදා මිලදී ගැනීම් වලට අදාල දීමනා අලෙවි ප්‍රවර්ධන සිද්ධවෙන්නෙ නැති බවත් මතක තියාගන්න ඕනෙ. තරු පන්තියේ හෝටලේකින් 50%ක් අඩුවට වේලක් කන්න මිසක් සුපර් මාකට් එකෙන් පරිප්පු 500ක් ගන්න ක්‍රෙඩිට් කාඩ් ප්‍රමෝෂන් අදාල වෙන්නෙ නෑ. සුපිරි ඇඳුම් වෙලඳ සැලකින් 25%ක් අඩුවට ඇඳුම් ලැබුනට පොඩි කඩේකින් චීත්ත රෙදි කෑල්ලක් ගන්න මේ ප්‍රමෝෂන් වලංගු නැත. ඒ කියන්නෙ මේ ඔක්කොම ප්‍රමෝෂන් කාඩ් හිමියාගෙන් කුට්ටිය පිටින්ම වියදම් කිරීම උදෙසා පමණක් බව මතක තියාගන්න. තවත් වෙළඳ ප්‍රවර්ධන අංගයක් වෙන්නෙ පොළී රහිත වාරික ගෙවීම් ක්‍රම. උඩින් බැළුවොත් මේකෙන් බැංකුවට කිසිම ලාබයක් නෑ වගේ. නමුත් මේකෙදි වෙන්නෙ මුලින්ම කිසියම් මුදලක් (මිලදී ගන්නා භාන්ඩය මත වෙනස්වෙන) ලියකියවිලි ගාස්තු / බැංකු ගාස්තු විදිහට බැංකුව අයකරගන්න එක. ඊට පස්සෙ භාන්ඩයේ වටිනාකම ක්‍රෙඩිට් කාඩ් එකේ ණය සීමාවෙන් අඩු කරල මාසිකව ගෙවන ගානත් එක්ක ණය සීමාව වැඩි කරන එක. බැංකුවෙ ගාස්තුව භාන්ඩය මිලට ගන්න කොටම බැංකුව අයකරගෙන ඉවරයි. මේකෙන් බැංකුවට වෙන අමතර වාසියක් තියනවා. ඒ ණය සීමාවේ උපරිමේටම ආපු පාරිභෝගිකයට ණය සීමාව වැඩි කරල දීල තවත් ඔරොත්තු නොදෙන තරමේ වියදම් ඇතිකරන එක. මේ ඔක්කොටම වඩා කරදරේ සල්ලි ගෙවන්නෙ නැතුව දවස් දෙක තුනක් ගියහම දවසට දෙතුන්වරක් කෝල් එකක් දීල අපිට ඒක මතක් කරල දෙන එක. මම මෙතන සඳහන් කරල තියෙන්නෙ මතක් වෙච්ච ටිකක් විතරයි. මෙන්න මේ කරුණු ටික ටිකක් සිහියෙ තියාගත්තහම (මේවා මට හම්බවෙච්ච උපදෙස්) ක්‍රෙඩිට් කාඩ් වලින් ගණුදෙනු කරන ටිකක් ලේසි වෙයි. ණය සීමාව තමන්ගෙ පඩිය වගේ දෙගුණයක් වුනාට උපරිම විදියට පඩියෙන් බාගයක් ක්‍රෙඩිට් කාඩ් එකෙන් වියදම් කරන්න පුළුවන් නම් හුඟත් හොඳයි. තව පුළුවන් නම් ණය සීමාව ටිකක් අඩුකරගත්තට කමක් නෑ. ණය පියවන දිනය ඔබේ අතේ මුදල් රැඳෙන දිනයකට යොදාගන්න. (25 පඩි හම්බ වෙනව නම් 28 විතර) ක්‍රෙඩිට් කාඩ් එකේ උපරිම වාසිය ලැබෙන්නේ ණය පියවන දිනයටම මුදල් ගෙවනවානම් විතරයි. ඒ දිනය හිතේ තියාගෙන වැඩ කරන්න. කවදාවත් අඩුම මුදල ගෙවන්න එපා. හැකි හැම විටම මුළු මුදලම ගෙවන්න. අමතර පොලී වලින් වැලකෙන්න පුළුවන් එතකොට. මිළදී ගැනීම් වලදී හැමවිටම උපරිම දින සීමාව ගැන මතක තබා ගන්න. හැකි හැමවිටම මුදල් භාවිතා කරන්න.[/CENTER][/COLOR][/SIZE] [url]http://achiralk.blogspot.com/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom