Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
:D පැණි වළලු ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාතික රූපවාහිනියේ සභාපතිතුමාට

හිතවත් සභාපතිතුමනි,

එදා 2003 අවුරුද්දෙ අප්‍රේල් මාසෙ දවසක්. දවස් ගාණක් අකුණු ගගහ මොර සූරපු මහ වැස්ස හෙමිහිට තුරල් වෙවී තිබුණ... අටේ ප්රවෘත්ති යන වෙලාව. එතකොට මං රූපවාහිනියෙ සභාපති. ඒ වෙලාවෙ සභාපති කාමරේ හිටියෙ. ලියුම් වගේකට අත්සන් කර කර ප්රවෘත්ති බලනව. එතකොට ප්‍රවෘත්තියක් ගියා ගම්පහ වැලිවේරිය දනව්කන්දෙ ගෙදරකට අකුණු සැර වැදිල තරුණ සැමියත් බිරිඳත් එතනම මියගියා කියල.

ඒ දෙන්නට හිටිය කුඩා දරුවන් දෙන්න කන්ද පාමුල ආච්චිගෙ ගෙදරට ඒ වෙලාවෙ සෙල්ලම් කරන්න ගිහින් හිටිය හින්ද බේරුණා කියලත් ඒ ප්‍රවෘත්තියේ කිව්ව.

ඒක සාමාන්යප ප්‍රවෘත්තියක් හැටියටයි ගියේ. වර්ෂා කාලෙට අකුණුවලින් මිනිස්සු මැරෙන එක අමුත්තක් නෙමෙයි. ඒත් මට ඒකෙ මහ අමුත්තක් දැනුණ. වායු සමීකරණ යන්ත්‍රය එකපාරටම නැවතිලා ඇඟ රත්වේගෙන යනව වගේ දැනුණ.

මං මගේ පුංචි කාලෙ දිහාට හරියට දිය සුළියකට අහුවෙලා ගහගෙන යනව වගේ දැනුණා. මට යන්තම් වයස අවුරුදු හතරක් වෙනකොට මගේ අම්මා මියගියා. මාත් අවුරුදු දෙකක් වයස නංගිත් අවුරුද්දක්වත් නැති මල්ලිව බදාගෙන හෙණ පුපුරන වරුසාවෙ තුරුළුවෙලා ඉන්නවා වගේ දැනුණා. ඊට පස්සෙ එතන ඉඳන් ගිනි කන්දක ලෝදිය උතුරන කුහරයකින් අහසට විසිකරනව වගේ වීසි වෙලා ඇවිත් සභාපති කාමරයට වැටුණා. එතකොටම කාමරය ඇතුළෙ අකුණක් පුපුරල මාව අළුවෙලා දුමාරයක් වගේ අහසට ගිහින් අපේ ගෙදර මිදුලෙ අහසෙ නැවතුණා. වහිනව, වහිනව, හෙණ පුපුරනව. මං දැක්ක කාමරයක් ඇතුළෙ මගෙ පොඩි උන් දෙන්න සකි,රුචි කිටි කිටියෙ බදාගෙන ඇස් පියාගෙන ඉන්නව. එවෙලෙත් සකි වම් අතේ මාපටැඟිල්ල උර උරා හිටියෙ. එතකොටම මට පියවි සිහිය ආව. මං හිටිය සභාපති කාමරේ ඒ පුටුවෙ ඒ විදිහටම හිටියා. පෑන විතරක් රතු පාට කාපට් එක උඩට වැටිල තිබුණ. ඒත් රූපවාහිනී යන්ත්‍රය ක්‍රියා විරහිත වෙලා තිබුණ. මං රූපවාහිනියෙ ප්රවෘත්ති අධ්යතක්ෂ ෂර්ලිට කතා කරල ”නිෂ්පාදකවරයෙක් යවල වැලිවේරිය දනව්කන්ද අකුණු සැර වැදුණු ප්‍රවෘත්තිය ගැන සම්පූර්ණ වාර්තාවක් හෙට ඉදිරිපත් කරන්න” කියල කිව්ව. ඒ අනුව පහුවදා ලාල් හේමන්ත මාවලගේ ඒ වැඬේට පිටත්කරල තිබුණ. හවස් වෙද්දි පටිගත කරපු දර්ශනත් එක්ක මාවලගේ ඇවිත් මාව හම්බවුණා. මං ඒ පටිගත කරපු රූප බැලූවෙ නෑ. ඒත් මාවලගේගෙන් කතාව ඇහුවා. මේ ඔහුගෙ කතාව.

”සර්, මං මේ රූපවාහිනී ජීවිතයේ මිනිස්සු මැරෙනව, මරනව දැකල තියෙනව. ගින්දර, ගංවතුර, නායයෑම් දැකල තියෙනව අනන්තව. ඒව දැකල පදම්වෙලා. අපේ ඇස්වල කඳුළුවත් හිතේ තෙතමනයවත් නෑ සර්. ඒත් මේ සිද්ධිය දැකල මට ජීවිතේ එපාවුණා. අපි මොකට ජීවත්වෙනවද කියා හිතුණා. ඒක මහ ඛේදවාචකයක් ඇත්තටම. ඒ පවුලම ඉඳල තියෙන්නෙ කන්ද මුදුනෙ පැලක් අටවගෙන. මං එතනට ගියා බලන්න. කන්ද පල්ලෙහා ඉඳන් මුදුනට යන්න පාරක් නෑ. වහලෙ පොල්අතුත් නෑ හරියට ඒ පැලේ. යන්තමින් ඉටි රෙද්දක් වහල තිබුණෙ. ඇතුළත් හොඳටම තෙමෙනවා. ඒක ඇතුළෙ දෙන්නෙකුට ඉන්නත් ඉඩ මඳි. එළියෙ ලිපක් තිබුණ. වළං දෙක තුනකුයි රෙදි කෑලි දෙක තුනකුයි තිබුණා. ගේ හරියෙ කිසිම බඩුවක් මුට්ටුවක් නෑ. කෑමක් බීමක් නෑ. අම්මයි තාත්තයි ළමයි දෙන්නයි එක පැදුරෙ නිදාගෙන තියෙන්නෙ. ගෑනු ළමයට අවුරුදු හතයි. බාල පොඩි එකාට අවුරුදු දෙකයි. අම්මටයි තාත්තටයි දෙන්නටම රස්සාවක් නෑ. තාත්ත කුලී වැඩක් කරල ජීවත්වෙලා තියෙන්නෙ. පහුගිය ටිකේම වරුසාව නිසා වැඩක් තිබිල නෑ. බඩගින්නෙ ඉඳල තියෙන්නෙ. ඒ ස්වාමිපුරුෂයගෙ අම්ම කන්ද පාමුල පැලක් අටවගෙන ඉන්නව. උන්දැ හොඳටම වයසයි. වැඩක් පලක් කරගන්න බෑ. හවස හතරට විතර අකුණ කෙළින්ම කන්ද මුදුනට ඇවිත් තියෙන්නෙ. දෙන්නම එතනම මැරිල. හොඳ වෙලාවට ළමයි දෙන්න පල්ලෙහා ආච්චිගෙ ගෙදරට ගිහින් සෙල්ලම් කරන්න. වැස්ස හන්ද එන්න බැරුව එතනම ඉඳල. ගමේ මිනිස්සු එකතුවෙලා ලෑලි ඉරවල පෙට්ටි දෙක හදල දීල තියෙන්නෙ. මිනී දෙක කන්ද මුදුනට ගෙනියන්න පාරක් නෑ. ඇරත් ගෙනිච්චත් තියන්න තැනක් නෑ. ආච්චිගෙ පැලෙත් තියන්න ඉඩ නෑ. මිනිස්සු කන්ද පාමුල මඩුවක් ගහල ඒකෙ තමයි තිබ්බෙ.මිනී වළ දැම්මෙත් අමාරුවෙන්, වැස්ස හන්ද. පොඩි එවුන්ට තේරුමක් නෑ ඔහෙ බලාගෙන ඉන්නව. උන් දෙන්නත් උඩ හිටියනම් හතර දෙනාම එක පාර යනව. උන්ගෙ වාසනාව. ඒත් ඒක වාසනාව වෙන්නෙ කොහොමද? ඒක අවාසනාව. දැන් ඉතින් උන්ගෙ ජීවිත ඉවරයිනෙ. පවු කරල ඉපදුන නිසා දුක් විඳින්න ඉතුරුවෙන්න ඇති සර්.” මාවලගේ දිග හුස්මක් ඇරල කතාව නවත්තල ජනේලෙන් එපිට පේන රූපවාහිනී කුළුණ දිහා බලාගත්වනම හිටියා. මං එයාගෙ මූණෙ අඳුරත් ඇස්වල කඳුළුත් දැක්කා.

”ඔක්කොම කතාව එකතු කරල ප්රවෘත්ති විශේෂාංගයක් හැටියට හදන්න. ඒක සෙනසුරාදා නිවුස් ස්ටේෂන් එකට ගන්න. මගෙ ජීවිතෙත් ඔයිට වැඩිය ටිකයි වෙනස්. අපි ඒ ළමයින්ගෙ ඉරණම වෙනස් කරමු මාවලගේ” මං ඔහුට කිව්වා.

මාවලගේ මුළු කතාවම එකතු කරල හද කම්පාකරවන ප්රවෘත්ති අංගයක් හැදුවා. ඒක සෙනසුරාදා අටේ නිවුස් ස්ටේෂන් ප්රවෘත්ති වැඩසටහනට ඇතුළත් කළා. අපි ඒ දරු දෙන්නා මලිතා, මලිත් රූපවාහිනියට ගෙන්නා ගත්තා. දුරකථන සූදානම් කළා. අපිට ඕනවුණේ මේ කතාව රටට කියලා ඒ දරු දෙන්නට සුරක්ෂිත අනාගතයක් ඇතිකරල දෙන්න. ප්රවෘත්ති ප්‍රකාශය ආරම්භ වුණා. නිවේදිකාව හිටියෙ සඳමාලි. එයා හරි හැඟීම්බරව ප්‍රවෘත්තිය ආරම්භ කළා.

”මේ කතාව අහල බලන්න” කියල කිව්ව.

ඊළඟට මාවලගේ හදපු අකුණු සැර නිසා අතරමං වූ දනව්කන්දේ දරු පැටියන් දෙන්නාගේ කතාව මුල ඉඳල පෙන්නුව. අන්තිමට, මිනී පෙට්ටිවලට පස් වැටෙන සද්දෙත් එක්ක මහා දුක්බර සංගීතයක් යටින් ඇහෙනව. ඊළඟට සඳමාලි ප්රවෘත්ති මේසේ ඉන්නව. අවුරුදු දෙකක් වයස මලිත් උකුලෙ තියාගෙන. පොඩි එකා පුංචි සෙල්ලම් බඩුවක් පෙරළ පෙරළ සඳමාලිගෙ අතේ ඉන්නව. ඒ වෙලාවෙ ඇත්තටම සඳමාලිගෙ ඇස්වලින් කඳුළු කැට ප්රවෘත්ති මේසයට වැටුණ. මේක ලක්ෂ ගාණක් නරඹන්නන් සජීවීව දැක්කා.

එයා දරුව පෙන්නල නරඹන්නන්ගෙන් ඇහුව ”මේ බලන්න. ඔබේ ඇස්වල අඬන්න කඳුළු බිඳුවක් හරි තියෙනවද? එහෙම තියෙනවනම් මේ පැටවුන්ට අතරමං වෙන්න දෙන්න එපා”

අපි දුරකථන මාර්ග විවෘත කළා. ලංකාවෙ දස දෙසින් අති විශාල පිරිසක් පරිත්යා්ග කරන්න, ඒ ළමයින්ගෙ අනාගතය බාරගන්න ඉදිරිපත් වුණා. ලලිත් කොතලාවල මහතා ළමයින්ගෙ අනාගතය සම්පූර්ණයෙන් බාරගන්න ඉදිරිපත් වුණා. සමස්ත ලංකා හෙද සංගමය වෙනුවෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අංග සම්පූර්ණ නිවසක් හදා දෙන්න ඉදිරිපත් වුණා.

ඞී. පී. රූපසිංහ දේපල වෙළෙදාම් සමාගම කැමැති තැනකින් ඉඩමක් දෙන්න ඉදිරිපත් වුණා. තවත් සමාගමක් තේක්ක අක්කරය බැගින් දෙන්න ඉදිරිපත් වුණා. නුවරඑළියේ නිවාඩු නිකේතනයක් හැම නිවාඩු කාලයටම ඒ ළමයි දෙන්න නුවරඑළියේ විවේකය ගත කිරීමට කැටුව යන්න ඉදිරිපත් වුණා. අධ්‍යාපන ඇමැතිතුමා දරුවන් කැමැති පාසලකට ඇතුළත් කර දීමට ඉදිරිපත් වුණා. මහා භාරකාරතුමාටත් කතා කළා. මුදල් ආධාර, පොත් පත් ලබාදෙන්න ඉදිරිපත් වුණ පිරිස එමටයි. මේ මට මතක ස්වල්පයක් විතරයි.

අන්තිමට අපි තීරණය කළා මුදල් ආධාර දෙන්න ඉදිරිපත් වුණ හැමෝම රූපවාහිනියට ගෙන්නල ඒ ආධාර සියල්ල ඒ මොහොතෙම මහා භාරකාර තුමාට බාරදීල අරමුදලක් ඇති කරල ඒ පොලියෙන් මාස් පතා ළමයි දෙන්නට ජීවත් වෙන්න දීමනාවක් ලැබෙන පිළිවෙළක් හදන්න.

මිනිස්සු ආව. පොඩි ළමයි තමන්ගෙ කැටත් අරන් ආව. සංස්ථාවේ සේවක සේවිකාවොත් හැකි පමණින් මුදල් ආධාර කළා. අපි මලිතා, මලිත් අරමුදල පිහිටෙව්ව.

මාස කීපයක් ගත වෙද්දි මට සභාපතිකමෙන් ඉවත් වෙන්න සිදුවුණා. මම ආපහු සරසවියට ආවා. ඔය අතරතුරේ සමස්ත ලංකා හෙද සංගමය, ඞී. පී. රූපසිංහ සමාගම පරිත්යාඅග කළ ඉඩමේ අංග සම්පූර්ණ නිවසක් හැදුවා. ඒක දරුවන්ට බාරදෙන උත්සවයට මටත් එන්න කියල තිබුණ. මං ගියා. දනව්කන්දෙ ඉටි රෙදි වහපු පැලක හිටිය මලිතාටයි මලිත්ටයි වැලිවේරිය ටවුමෙ මද්දුම බණ්ඩාර විද්‍යාලය අත ළඟ සුන්දර පරිසරයක ජල විදුලිය ඇති කාමර තුනයි සාලෙයි මුළුතැන්ගෙයයි ඉස්තෝප්පුවයි ඇති අංග සම්පූර්ණ සුන්දර නිවසක් ඇඳ, පුටු, මේස, විසිත්ත කාමර කට්ටල, මුළුතැන්ගෙයි උපකරණත් එක්ක බාර දෙන හැටි පැත්තක ඉඳන් බලා සිටි මට නිරාමිස සතුටක් ලැබුණා.

කාලය ගෙවිල ගියා අවුරුදු ගණනක්. ඉඳහිට මට හම්බ වෙන රූපවාහිනියෙ හිටපු ලේකම් මාලතී, කෑම බීමත් අරන් පුළුවන් පුළුවන් වෙලාවට ඒ ළමයි දෙන්න බලන්න යන බව කිව්ව. රූපවාහිනිය ඒ ළමයි දෙන්නව බලාගන්නව ඇතැයි මං හිතුව. ඒ නිසා වැඩි විස්තර හොයන්න ගියේ නෑ.ඒත් පසුගියදා කැලණිය සරසවියේ තිබුණ ජාතික ජන මාධ්‍ය සමුළුවට ආපු රූපවාහිනියේ වැලිවේරියේ වාර්තාකරු මට කියූ කතාවෙන් මගේ හිත කීරී ගැහුණා. දනව්කන්ද අකුණු සැර වැදුණු පරලිවවෘත්තිය එදා මුලින්ම වාර්තා කළේ ඔහු.

”ඒ ගෑනු ළමය දැන් ලොකු ළමයෙක්. ඇහැට කනට පේනව වැඩියි. පාටයි. ආච්චි ඒ ළමයි රැකගන්න වීරිය කරනව. ගෙදර ජනෙල් රෙදි දාගන්න බැරිව කාලයක් හිටිය. ග්‍රිල් නැති නිසා ආච්චි රෑට ඇහැරගෙන ඉන්නෙ. පිරිමියෙක් ගෙයි නෑනෙ. යන්තම් ළඟදි ග්‍රිල් ගහගත්තා. පොඩි ළමයට අකුණු ගහනකොට තවම කම්පනය. දැන් කාගෙන්වත් පිළිසරණක් නෑ. ඒ ළමයි දෙන්න බේරගන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ සර්.”

මම ඒ ගේ හොයාගෙන වැලිවේරියට ගියා. වටාපිටාව වෙනස් වෙලා. ගෙවල් හැදිලා. ආච්චිටත් මා අඳුනගන්න බැරිවුණා. ළමයි දෙන්නට මහා භාරකාර අරමුදලින් ලැබෙන මුදලින් අද ජීවත්වෙන්න බෑ. ගේ ජරාවාස වෙලා. කිලූටු වෙලා. ආච්චිත් හොඳටම මහළු වෙලා. කවුරුත් යන්නෙ එන්නෙවත් හොයල බලන්නෙවත් නෑ කිව්ව. මලිතාත් මලිතුත් ආච්චිත් අසරණ වෙලා හිටියා. බඩගින්නත් අගහිඟකමත් බියත් ඒ ජීවිතවලට ඇතුළුවෙලා තිබුණා. වැලිවේරිය වාර්තාකරු කියූ කතාව ඇත්ත. ඒ ඔක්කොටමත් වඩා මගෙ හිත ගැස්සුනේ එකකින්. මලිතා දුටු දුටුවන් නෙත් පැහැර ගන්නා රුවැත්තියක් වෙලා හිටියා. එතරම් රුවැත්තියක් රූපවාහිනී තිරයේවත් නැතැයි මට හිතුණා. ඇගේ දෛවය ඇයට මේ තාක් කල් හොඳට හිටියා. මහළු ආච්චි කෙනෙකුගේ දුබල රැකවරණයක් පමණක් ලබන ඇයට මෙතරම් රූප සම්පත්තියක් ලැබී ඇත්තේ ඇගේ වාසනාවටද, අවාසනාවටද? ඇය මේ පාර සාමාන්‍ය පෙළ විභාගයට ලියනවා. ඇයට ඉගෙනගන්න අනුබල දෙන්නෙ කවුද? ඥාතීන් අරක්ගත් ඒ ගෙදර ඇයට පාඩම් කරන්න ඉස්පාසුවක් තියෙයිද? මලිතාගේ අනාගතය ඇඟලූම් කර්මාන්ත ශාලාවකිනුත් මලිත්ගේ අනාගතය පදික වේදිකාවකිනුත් අවසන් වෙයිද? මලිතා පිපුණු සුවඳ හමන සුන්දර පිවිතුරු මලක්. ඒ මල පුබුදු කළේ ඔබතුමා සභාපතිත්වය දරන ජාතික රූපවාහිනිය. එදා මිනිස්සු මලිතා මලිත් වෙනුවෙන් ඉදිරිපත් වුණේ ජාතික රූපවාහිනිය ඔවුන් රැුකගනී කියන විශ්වාසෙට. අසරණකම නිසාම හවුහරණක් නැති කම නිසාම ඒ මල කවුරුන්ගේ අතින් තැලී පොඩිවී පරවී යාවිද? එහෙම වුණොත් මේ රටේ මහජනයට දෙන්න උත්තර අපට තියෙයිද?

සිත උණුවූ මං ඒ තුන්දෙනා එක්ක වැලිවේරිය ෆුඞ් සිටි එකට ගිහින්, සීනි, පරිප්පු, කිරිපිටි, චොක්ලට්, බිස්කට්, ජෑම්, අයිස්කරීසිටම්, සොසේජස්, මලිතාට ෂැම්පු, සනීපාරක්ෂක තුවා, මලිත්ට පාසල් උපකරණ අරං දුන්නා. මලිත්ට බැට් එකකුත් ඕන කළත් අන්තිමේදී මගේ අතේ සල්ලිත් ඉවර වුණ නිසා අරන් දෙන්න උනේ නෑ. ඒත් උන්ගෙ නිල්පාට ඇස් සන්තෝසෙ වැඩිකමට නටනව මං දැක්ක. මං ආපසු එද්දි මලිතායි මලිතුයි මගෙ කකුල් දෙක අල්ලල වැඳල නැගිටින්නෙ නැතිව ටික වෙලාවක් හිටිය. ඔක්කොම පුළු පුළුවන් විදිහට තනි තනිව හරි කරන්න පුළුවන් වෙයි. ඒත් දරුවන්ගෙ ආරක්ෂාවත් අනාගතයත් සලස්සන්න මට හයිය මඳි. ඒක කරන්න පුළුවන් ඔබතුමාට විතරයි. ජාතික රූපවාහිනියෙ සභාපතිට ඇති සිවිල් බලයට කරන්න බැරි දෙයක් නෑ. ඒ බලය රූපවාහිනිය විසින් බේරාගනු ලැබූ දරු දෙදෙනාගේ අනාගතය රැක දීමේ සමාජ සත්කාරය සඳහා යොදවන්න. මලිතා මලිත්ට අම්මාත් තාත්තාත් නෑ. උන්ගෙ අම්මාත් තාත්තාත් ජාතික රූපවාහිනියයි. උන් රූපවාහිනියේ දරුවෝ.

උණුවන හිතක් ඇති ඔබතුමාට මේ කතාව ටෙලිෆෝන් කරල කිව්වත් ලියුමකින් ලිව්වත් ඇති කියල මම දන්නව. ඒත් මේ කතාව පැණි වළලූවලට ලිව්වෙ පැණි වළලූ කියවන ලක්ෂ ගණනක් පාඨකයින්ගෙ සිතේ කරුණාවක් මෛතරියක් මොහොතකට හරි මතු කරල කුසල් සිත් පහළ කරවන්න හිතාගෙන. අද පෝය. මලිතාත් මලිතුත් රැකබලාගන්න. පින්සිද්ධ වෙයි.

[QUOTE="JaaduWixx, post: 15217744, member: 479262"] [IMG]https://profile-a.xx.fbcdn.net/hprofile-frc1/372772_318143051595650_1209283318_n.jpg[/IMG] ජාතික රූපවාහිනියේ සභාපතිතුමාට හිතවත් සභාපතිතුමනි, එදා 2003 අවුරුද්දෙ අප්‍රේල් මාසෙ දවසක්. දවස් ගාණක් අකුණු ගගහ මොර සූරපු මහ වැස්ස හෙමිහිට තුරල් වෙවී තිබුණ... අටේ ප්රවෘත්ති යන වෙලාව. එතකොට මං රූපවාහිනියෙ සභාපති. ඒ වෙලාවෙ සභාපති කාමරේ හිටියෙ. ලියුම් වගේකට අත්සන් කර කර ප්රවෘත්ති බලනව. එතකොට ප්‍රවෘත්තියක් ගියා ගම්පහ වැලිවේරිය දනව්කන්දෙ ගෙදරකට අකුණු සැර වැදිල තරුණ සැමියත් බිරිඳත් එතනම මියගියා කියල. ඒ දෙන්නට හිටිය කුඩා දරුවන් දෙන්න කන්ද පාමුල ආච්චිගෙ ගෙදරට ඒ වෙලාවෙ සෙල්ලම් කරන්න ගිහින් හිටිය හින්ද බේරුණා කියලත් ඒ ප්‍රවෘත්තියේ කිව්ව. ඒක සාමාන්යප ප්‍රවෘත්තියක් හැටියටයි ගියේ. වර්ෂා කාලෙට අකුණුවලින් මිනිස්සු මැරෙන එක අමුත්තක් නෙමෙයි. ඒත් මට ඒකෙ මහ අමුත්තක් දැනුණ. වායු සමීකරණ යන්ත්‍රය එකපාරටම නැවතිලා ඇඟ රත්වේගෙන යනව වගේ දැනුණ. මං මගේ පුංචි කාලෙ දිහාට හරියට දිය සුළියකට අහුවෙලා ගහගෙන යනව වගේ දැනුණා. මට යන්තම් වයස අවුරුදු හතරක් වෙනකොට මගේ අම්මා මියගියා. මාත් අවුරුදු දෙකක් වයස නංගිත් අවුරුද්දක්වත් නැති මල්ලිව බදාගෙන හෙණ පුපුරන වරුසාවෙ තුරුළුවෙලා ඉන්නවා වගේ දැනුණා. ඊට පස්සෙ එතන ඉඳන් ගිනි කන්දක ලෝදිය උතුරන කුහරයකින් අහසට විසිකරනව වගේ වීසි වෙලා ඇවිත් සභාපති කාමරයට වැටුණා. එතකොටම කාමරය ඇතුළෙ අකුණක් පුපුරල මාව අළුවෙලා දුමාරයක් වගේ අහසට ගිහින් අපේ ගෙදර මිදුලෙ අහසෙ නැවතුණා. වහිනව, වහිනව, හෙණ පුපුරනව. මං දැක්ක කාමරයක් ඇතුළෙ මගෙ පොඩි උන් දෙන්න සකි,රුචි කිටි කිටියෙ බදාගෙන ඇස් පියාගෙන ඉන්නව. එවෙලෙත් සකි වම් අතේ මාපටැඟිල්ල උර උරා හිටියෙ. එතකොටම මට පියවි සිහිය ආව. මං හිටිය සභාපති කාමරේ ඒ පුටුවෙ ඒ විදිහටම හිටියා. පෑන විතරක් රතු පාට කාපට් එක උඩට වැටිල තිබුණ. ඒත් රූපවාහිනී යන්ත්‍රය ක්‍රියා විරහිත වෙලා තිබුණ. මං රූපවාහිනියෙ ප්රවෘත්ති අධ්යතක්ෂ ෂර්ලිට කතා කරල ”නිෂ්පාදකවරයෙක් යවල වැලිවේරිය දනව්කන්ද අකුණු සැර වැදුණු ප්‍රවෘත්තිය ගැන සම්පූර්ණ වාර්තාවක් හෙට ඉදිරිපත් කරන්න” කියල කිව්ව. ඒ අනුව පහුවදා ලාල් හේමන්ත මාවලගේ ඒ වැඬේට පිටත්කරල තිබුණ. හවස් වෙද්දි පටිගත කරපු දර්ශනත් එක්ක මාවලගේ ඇවිත් මාව හම්බවුණා. මං ඒ පටිගත කරපු රූප බැලූවෙ නෑ. ඒත් මාවලගේගෙන් කතාව ඇහුවා. මේ ඔහුගෙ කතාව. ”සර්, මං මේ රූපවාහිනී ජීවිතයේ මිනිස්සු මැරෙනව, මරනව දැකල තියෙනව. ගින්දර, ගංවතුර, නායයෑම් දැකල තියෙනව අනන්තව. ඒව දැකල පදම්වෙලා. අපේ ඇස්වල කඳුළුවත් හිතේ තෙතමනයවත් නෑ සර්. ඒත් මේ සිද්ධිය දැකල මට ජීවිතේ එපාවුණා. අපි මොකට ජීවත්වෙනවද කියා හිතුණා. ඒක මහ ඛේදවාචකයක් ඇත්තටම. ඒ පවුලම ඉඳල තියෙන්නෙ කන්ද මුදුනෙ පැලක් අටවගෙන. මං එතනට ගියා බලන්න. කන්ද පල්ලෙහා ඉඳන් මුදුනට යන්න පාරක් නෑ. වහලෙ පොල්අතුත් නෑ හරියට ඒ පැලේ. යන්තමින් ඉටි රෙද්දක් වහල තිබුණෙ. ඇතුළත් හොඳටම තෙමෙනවා. ඒක ඇතුළෙ දෙන්නෙකුට ඉන්නත් ඉඩ මඳි. එළියෙ ලිපක් තිබුණ. වළං දෙක තුනකුයි රෙදි කෑලි දෙක තුනකුයි තිබුණා. ගේ හරියෙ කිසිම බඩුවක් මුට්ටුවක් නෑ. කෑමක් බීමක් නෑ. අම්මයි තාත්තයි ළමයි දෙන්නයි එක පැදුරෙ නිදාගෙන තියෙන්නෙ. ගෑනු ළමයට අවුරුදු හතයි. බාල පොඩි එකාට අවුරුදු දෙකයි. අම්මටයි තාත්තටයි දෙන්නටම රස්සාවක් නෑ. තාත්ත කුලී වැඩක් කරල ජීවත්වෙලා තියෙන්නෙ. පහුගිය ටිකේම වරුසාව නිසා වැඩක් තිබිල නෑ. බඩගින්නෙ ඉඳල තියෙන්නෙ. ඒ ස්වාමිපුරුෂයගෙ අම්ම කන්ද පාමුල පැලක් අටවගෙන ඉන්නව. උන්දැ හොඳටම වයසයි. වැඩක් පලක් කරගන්න බෑ. හවස හතරට විතර අකුණ කෙළින්ම කන්ද මුදුනට ඇවිත් තියෙන්නෙ. දෙන්නම එතනම මැරිල. හොඳ වෙලාවට ළමයි දෙන්න පල්ලෙහා ආච්චිගෙ ගෙදරට ගිහින් සෙල්ලම් කරන්න. වැස්ස හන්ද එන්න බැරුව එතනම ඉඳල. ගමේ මිනිස්සු එකතුවෙලා ලෑලි ඉරවල පෙට්ටි දෙක හදල දීල තියෙන්නෙ. මිනී දෙක කන්ද මුදුනට ගෙනියන්න පාරක් නෑ. ඇරත් ගෙනිච්චත් තියන්න තැනක් නෑ. ආච්චිගෙ පැලෙත් තියන්න ඉඩ නෑ. මිනිස්සු කන්ද පාමුල මඩුවක් ගහල ඒකෙ තමයි තිබ්බෙ.මිනී වළ දැම්මෙත් අමාරුවෙන්, වැස්ස හන්ද. පොඩි එවුන්ට තේරුමක් නෑ ඔහෙ බලාගෙන ඉන්නව. උන් දෙන්නත් උඩ හිටියනම් හතර දෙනාම එක පාර යනව. උන්ගෙ වාසනාව. ඒත් ඒක වාසනාව වෙන්නෙ කොහොමද? ඒක අවාසනාව. දැන් ඉතින් උන්ගෙ ජීවිත ඉවරයිනෙ. පවු කරල ඉපදුන නිසා දුක් විඳින්න ඉතුරුවෙන්න ඇති සර්.” මාවලගේ දිග හුස්මක් ඇරල කතාව නවත්තල ජනේලෙන් එපිට පේන රූපවාහිනී කුළුණ දිහා බලාගත්වනම හිටියා. මං එයාගෙ මූණෙ අඳුරත් ඇස්වල කඳුළුත් දැක්කා. ”ඔක්කොම කතාව එකතු කරල ප්රවෘත්ති විශේෂාංගයක් හැටියට හදන්න. ඒක සෙනසුරාදා නිවුස් ස්ටේෂන් එකට ගන්න. මගෙ ජීවිතෙත් ඔයිට වැඩිය ටිකයි වෙනස්. අපි ඒ ළමයින්ගෙ ඉරණම වෙනස් කරමු මාවලගේ” මං ඔහුට කිව්වා. මාවලගේ මුළු කතාවම එකතු කරල හද කම්පාකරවන ප්රවෘත්ති අංගයක් හැදුවා. ඒක සෙනසුරාදා අටේ නිවුස් ස්ටේෂන් ප්රවෘත්ති වැඩසටහනට ඇතුළත් කළා. අපි ඒ දරු දෙන්නා මලිතා, මලිත් රූපවාහිනියට ගෙන්නා ගත්තා. දුරකථන සූදානම් කළා. අපිට ඕනවුණේ මේ කතාව රටට කියලා ඒ දරු දෙන්නට සුරක්ෂිත අනාගතයක් ඇතිකරල දෙන්න. ප්රවෘත්ති ප්‍රකාශය ආරම්භ වුණා. නිවේදිකාව හිටියෙ සඳමාලි. එයා හරි හැඟීම්බරව ප්‍රවෘත්තිය ආරම්භ කළා. ”මේ කතාව අහල බලන්න” කියල කිව්ව. ඊළඟට මාවලගේ හදපු අකුණු සැර නිසා අතරමං වූ දනව්කන්දේ දරු පැටියන් දෙන්නාගේ කතාව මුල ඉඳල පෙන්නුව. අන්තිමට, මිනී පෙට්ටිවලට පස් වැටෙන සද්දෙත් එක්ක මහා දුක්බර සංගීතයක් යටින් ඇහෙනව. ඊළඟට සඳමාලි ප්රවෘත්ති මේසේ ඉන්නව. අවුරුදු දෙකක් වයස මලිත් උකුලෙ තියාගෙන. පොඩි එකා පුංචි සෙල්ලම් බඩුවක් පෙරළ පෙරළ සඳමාලිගෙ අතේ ඉන්නව. ඒ වෙලාවෙ ඇත්තටම සඳමාලිගෙ ඇස්වලින් කඳුළු කැට ප්රවෘත්ති මේසයට වැටුණ. මේක ලක්ෂ ගාණක් නරඹන්නන් සජීවීව දැක්කා. එයා දරුව පෙන්නල නරඹන්නන්ගෙන් ඇහුව ”මේ බලන්න. ඔබේ ඇස්වල අඬන්න කඳුළු බිඳුවක් හරි තියෙනවද? එහෙම තියෙනවනම් මේ පැටවුන්ට අතරමං වෙන්න දෙන්න එපා” අපි දුරකථන මාර්ග විවෘත කළා. ලංකාවෙ දස දෙසින් අති විශාල පිරිසක් පරිත්යා්ග කරන්න, ඒ ළමයින්ගෙ අනාගතය බාරගන්න ඉදිරිපත් වුණා. ලලිත් කොතලාවල මහතා ළමයින්ගෙ අනාගතය සම්පූර්ණයෙන් බාරගන්න ඉදිරිපත් වුණා. සමස්ත ලංකා හෙද සංගමය වෙනුවෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අංග සම්පූර්ණ නිවසක් හදා දෙන්න ඉදිරිපත් වුණා. ඞී. පී. රූපසිංහ දේපල වෙළෙදාම් සමාගම කැමැති තැනකින් ඉඩමක් දෙන්න ඉදිරිපත් වුණා. තවත් සමාගමක් තේක්ක අක්කරය බැගින් දෙන්න ඉදිරිපත් වුණා. නුවරඑළියේ නිවාඩු නිකේතනයක් හැම නිවාඩු කාලයටම ඒ ළමයි දෙන්න නුවරඑළියේ විවේකය ගත කිරීමට කැටුව යන්න ඉදිරිපත් වුණා. අධ්‍යාපන ඇමැතිතුමා දරුවන් කැමැති පාසලකට ඇතුළත් කර දීමට ඉදිරිපත් වුණා. මහා භාරකාරතුමාටත් කතා කළා. මුදල් ආධාර, පොත් පත් ලබාදෙන්න ඉදිරිපත් වුණ පිරිස එමටයි. මේ මට මතක ස්වල්පයක් විතරයි. අන්තිමට අපි තීරණය කළා මුදල් ආධාර දෙන්න ඉදිරිපත් වුණ හැමෝම රූපවාහිනියට ගෙන්නල ඒ ආධාර සියල්ල ඒ මොහොතෙම මහා භාරකාර තුමාට බාරදීල අරමුදලක් ඇති කරල ඒ පොලියෙන් මාස් පතා ළමයි දෙන්නට ජීවත් වෙන්න දීමනාවක් ලැබෙන පිළිවෙළක් හදන්න. මිනිස්සු ආව. පොඩි ළමයි තමන්ගෙ කැටත් අරන් ආව. සංස්ථාවේ සේවක සේවිකාවොත් හැකි පමණින් මුදල් ආධාර කළා. අපි මලිතා, මලිත් අරමුදල පිහිටෙව්ව. මාස කීපයක් ගත වෙද්දි මට සභාපතිකමෙන් ඉවත් වෙන්න සිදුවුණා. මම ආපහු සරසවියට ආවා. ඔය අතරතුරේ සමස්ත ලංකා හෙද සංගමය, ඞී. පී. රූපසිංහ සමාගම පරිත්යාඅග කළ ඉඩමේ අංග සම්පූර්ණ නිවසක් හැදුවා. ඒක දරුවන්ට බාරදෙන උත්සවයට මටත් එන්න කියල තිබුණ. මං ගියා. දනව්කන්දෙ ඉටි රෙදි වහපු පැලක හිටිය මලිතාටයි මලිත්ටයි වැලිවේරිය ටවුමෙ මද්දුම බණ්ඩාර විද්‍යාලය අත ළඟ සුන්දර පරිසරයක ජල විදුලිය ඇති කාමර තුනයි සාලෙයි මුළුතැන්ගෙයයි ඉස්තෝප්පුවයි ඇති අංග සම්පූර්ණ සුන්දර නිවසක් ඇඳ, පුටු, මේස, විසිත්ත කාමර කට්ටල, මුළුතැන්ගෙයි උපකරණත් එක්ක බාර දෙන හැටි පැත්තක ඉඳන් බලා සිටි මට නිරාමිස සතුටක් ලැබුණා. කාලය ගෙවිල ගියා අවුරුදු ගණනක්. ඉඳහිට මට හම්බ වෙන රූපවාහිනියෙ හිටපු ලේකම් මාලතී, කෑම බීමත් අරන් පුළුවන් පුළුවන් වෙලාවට ඒ ළමයි දෙන්න බලන්න යන බව කිව්ව. රූපවාහිනිය ඒ ළමයි දෙන්නව බලාගන්නව ඇතැයි මං හිතුව. ඒ නිසා වැඩි විස්තර හොයන්න ගියේ නෑ.ඒත් පසුගියදා කැලණිය සරසවියේ තිබුණ ජාතික ජන මාධ්‍ය සමුළුවට ආපු රූපවාහිනියේ වැලිවේරියේ වාර්තාකරු මට කියූ කතාවෙන් මගේ හිත කීරී ගැහුණා. දනව්කන්ද අකුණු සැර වැදුණු පරලිවවෘත්තිය එදා මුලින්ම වාර්තා කළේ ඔහු. ”ඒ ගෑනු ළමය දැන් ලොකු ළමයෙක්. ඇහැට කනට පේනව වැඩියි. පාටයි. ආච්චි ඒ ළමයි රැකගන්න වීරිය කරනව. ගෙදර ජනෙල් රෙදි දාගන්න බැරිව කාලයක් හිටිය. ග්‍රිල් නැති නිසා ආච්චි රෑට ඇහැරගෙන ඉන්නෙ. පිරිමියෙක් ගෙයි නෑනෙ. යන්තම් ළඟදි ග්‍රිල් ගහගත්තා. පොඩි ළමයට අකුණු ගහනකොට තවම කම්පනය. දැන් කාගෙන්වත් පිළිසරණක් නෑ. ඒ ළමයි දෙන්න බේරගන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ සර්.” මම ඒ ගේ හොයාගෙන වැලිවේරියට ගියා. වටාපිටාව වෙනස් වෙලා. ගෙවල් හැදිලා. ආච්චිටත් මා අඳුනගන්න බැරිවුණා. ළමයි දෙන්නට මහා භාරකාර අරමුදලින් ලැබෙන මුදලින් අද ජීවත්වෙන්න බෑ. ගේ ජරාවාස වෙලා. කිලූටු වෙලා. ආච්චිත් හොඳටම මහළු වෙලා. කවුරුත් යන්නෙ එන්නෙවත් හොයල බලන්නෙවත් නෑ කිව්ව. මලිතාත් මලිතුත් ආච්චිත් අසරණ වෙලා හිටියා. බඩගින්නත් අගහිඟකමත් බියත් ඒ ජීවිතවලට ඇතුළුවෙලා තිබුණා. වැලිවේරිය වාර්තාකරු කියූ කතාව ඇත්ත. ඒ ඔක්කොටමත් වඩා මගෙ හිත ගැස්සුනේ එකකින්. මලිතා දුටු දුටුවන් නෙත් පැහැර ගන්නා රුවැත්තියක් වෙලා හිටියා. එතරම් රුවැත්තියක් රූපවාහිනී තිරයේවත් නැතැයි මට හිතුණා. ඇගේ දෛවය ඇයට මේ තාක් කල් හොඳට හිටියා. මහළු ආච්චි කෙනෙකුගේ දුබල රැකවරණයක් පමණක් ලබන ඇයට මෙතරම් රූප සම්පත්තියක් ලැබී ඇත්තේ ඇගේ වාසනාවටද, අවාසනාවටද? ඇය මේ පාර සාමාන්‍ය පෙළ විභාගයට ලියනවා. ඇයට ඉගෙනගන්න අනුබල දෙන්නෙ කවුද? ඥාතීන් අරක්ගත් ඒ ගෙදර ඇයට පාඩම් කරන්න ඉස්පාසුවක් තියෙයිද? මලිතාගේ අනාගතය ඇඟලූම් කර්මාන්ත ශාලාවකිනුත් මලිත්ගේ අනාගතය පදික වේදිකාවකිනුත් අවසන් වෙයිද? මලිතා පිපුණු සුවඳ හමන සුන්දර පිවිතුරු මලක්. ඒ මල පුබුදු කළේ ඔබතුමා සභාපතිත්වය දරන ජාතික රූපවාහිනිය. එදා මිනිස්සු මලිතා මලිත් වෙනුවෙන් ඉදිරිපත් වුණේ ජාතික රූපවාහිනිය ඔවුන් රැුකගනී කියන විශ්වාසෙට. අසරණකම නිසාම හවුහරණක් නැති කම නිසාම ඒ මල කවුරුන්ගේ අතින් තැලී පොඩිවී පරවී යාවිද? එහෙම වුණොත් මේ රටේ මහජනයට දෙන්න උත්තර අපට තියෙයිද? සිත උණුවූ මං ඒ තුන්දෙනා එක්ක වැලිවේරිය ෆුඞ් සිටි එකට ගිහින්, සීනි, පරිප්පු, කිරිපිටි, චොක්ලට්, බිස්කට්, ජෑම්, අයිස්කරීසිටම්, සොසේජස්, මලිතාට ෂැම්පු, සනීපාරක්ෂක තුවා, මලිත්ට පාසල් උපකරණ අරං දුන්නා. මලිත්ට බැට් එකකුත් ඕන කළත් අන්තිමේදී මගේ අතේ සල්ලිත් ඉවර වුණ නිසා අරන් දෙන්න උනේ නෑ. ඒත් උන්ගෙ නිල්පාට ඇස් සන්තෝසෙ වැඩිකමට නටනව මං දැක්ක. මං ආපසු එද්දි මලිතායි මලිතුයි මගෙ කකුල් දෙක අල්ලල වැඳල නැගිටින්නෙ නැතිව ටික වෙලාවක් හිටිය. ඔක්කොම පුළු පුළුවන් විදිහට තනි තනිව හරි කරන්න පුළුවන් වෙයි. ඒත් දරුවන්ගෙ ආරක්ෂාවත් අනාගතයත් සලස්සන්න මට හයිය මඳි. ඒක කරන්න පුළුවන් ඔබතුමාට විතරයි. ජාතික රූපවාහිනියෙ සභාපතිට ඇති සිවිල් බලයට කරන්න බැරි දෙයක් නෑ. ඒ බලය රූපවාහිනිය විසින් බේරාගනු ලැබූ දරු දෙදෙනාගේ අනාගතය රැක දීමේ සමාජ සත්කාරය සඳහා යොදවන්න. මලිතා මලිත්ට අම්මාත් තාත්තාත් නෑ. උන්ගෙ අම්මාත් තාත්තාත් ජාතික රූපවාහිනියයි. උන් රූපවාහිනියේ දරුවෝ. උණුවන හිතක් ඇති ඔබතුමාට මේ කතාව ටෙලිෆෝන් කරල කිව්වත් ලියුමකින් ලිව්වත් ඇති කියල මම දන්නව. ඒත් මේ කතාව පැණි වළලූවලට ලිව්වෙ පැණි වළලූ කියවන ලක්ෂ ගණනක් පාඨකයින්ගෙ සිතේ කරුණාවක් මෛතරියක් මොහොතකට හරි මතු කරල කුසල් සිත් පහළ කරවන්න හිතාගෙන. අද පෝය. මලිතාත් මලිතුත් රැකබලාගන්න. පින්සිද්ධ වෙයි. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom