Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dark World | කෘෂ්ණ ලෝකය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ලියපු විද්‍යා ප්‍රබන්ධයක්. ටිකක් දිගයි. කියවලා කොමෙන්ටුවක් කොටාගෙන යන්න. ස්තූතියි!

අගෝස්තු 16, 2068 - පණස් වසක් පැරණි පිපුරුම

ග්‍රැන් ටෙලෙස්කෝපියෝ දුරේක්ෂය ආලෝක වර්ෂ 50ක් ඈත අභ්‍යවකාෂයේ විශාල පිපිරුමක් නිරීක්ෂණය කරයි!

August 16, 2068, Space.com / AFP / Reuters - ලෝකයේ විශාලම ආලෝක දුරේක්ෂය වන කැනේරි දූපත්වල පිහිටි ග්‍රැන් ටෙලෙස්කෝපියෝ දුරේක්ෂයෙන් අභ්‍යවකාශය නිරීක්ෂනය කරන තාරකා විද්‍යාඥයින්, පෘථිවියට ආලෝක වර්ශ 50ක් ඈතින් අභ්‍යවකාශයේ සිදුවූ දැවැන්ත පිපුරුමක් නිරීක්ෂනය කර තිබෙනවා.

කුමන හේතුවක් නිසා මේ පිපුරුම සිදුවූවදැයි පැහැදිලි කිරීමට තාරකා විද්‍යාඥයින් අසමත්වී ඇති අතර එය ඉතාමත් අත්භූත හා සසම්භාවී පිපිරීමක් බවයි ඔවුන් පවසන්නේ.

පෘථිවියට සමාන ග්‍රහලෝක ඇති තාරකා තිබෙන සෙෆියස් නම් තාරකා මණ්ඩලයේ සිදුවූ මේ පිපුරුම තාරකා විද්‍යාඥයින්ගේ දැඩි කුතුහලයට හේතුවී තිබෙනවා. සෙෆියස් තාරකා මණ්ඩලය පෘථිවියට ආලෝක වර්ශ 50ක් ඈතින් තිබෙන නිසා මේ පිපුරුම මීට වර්ශ 50කට පෙර, එනම් 2018 වර්ශයේ සිදුවී තිබෙනවා.

මෙවැනි පිපිරුම් සුපර්නෝවා නම් තාරකා පිපුරුමක් හෝ කුඩ ක්ෂුද්‍ර කළු කුහරයක් පිපිරීයාමෙන් සිදුවිය හැකි බවට අනුමාන කෙරෙනවා. එහෙත් සමහර තාරකා විද්‍යාඥයින් මේ පිපිරුම ස්වභාවික එකක් නොව, කෘත්‍රිම එකක් බවට මත පලකරනවා.

පෘථිවියට සමාන ජීවය පැවතිය හැකි බවට අනුමාන කෙරෙන ග්‍රහලෝක තිබෙන සෙෆියස් තාරකා මණ්ඩලයේ සිදුවූ මේ පිපිරීම අතිශයින්ම දියුණු පිටසක්වල ශිෂ්ඨාචාරයක ක්‍රියාකාරිත්වයක් නිසා සිදුවිය හැකි බවයි ඔවුන් පවසන්නේ.

"සමහර විට මේ දියුණු පිටසක්වලයින් ග්‍රහලෝකයක් විනාශකල හැකි බෝම්බයක් අත්හදා බැලුවා වෙන්න පුලුවන්.....සමහර විට ඔවුන් සිදුකල භ්‍යානක පර්යේෂණයකදී මොකක් හරි ලොකු වැරදීමක් සිදුවී විශාල අණතුරක් සිද්දවුනාද දන්නේ නෑ...."

වසර පනහකට පෙර; ජූනි16, 2018 අවසානය ඇරඹුමකි (ආදර කතාවක් නොවේ)

තේජන සිය දුරකථනයේ තිරය දෙස බලාගෙන සිටියේ කරකියා ගත හැකි දෙයක් නැතුව. ඊයේ රාත්‍රියේ සිය පවුලේ ඥාති මිතුරෙකුවූ ජනිත් යහළුවන් වෙනුවෙන් පවත්වපු සාදයේ කැබරේ නැටුම් අවස්ථාවේ ඔහු අඩ නිරුවත් තරුණියක් හා යෙදුනු රංගනයේ වීඩියෝ ක්ලිපයක් මුහුණු පොතට වැටුනේ කොහොමදැයි සිතා ගන්නට ඔහුට බැරිවුනා. ඔහු ඒ සාදයට ගියේ ජනිත්ගේ පෙරැත්තය නිසාමයි. තේජන සමග එකට ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසැලට ගිය ජනිත් ලන්ඩන් ඕලෙවල් විභාගයෙන් පසු බ්‍රිතාන්‍යයට ගියේ එහි උපාධිය කරමින් සිටි සිය සොයුරිය සමග එක්වීමටයි.

වසර කිහිපයකට පසුව ලංකාවට පැමිණි ජනිත්ගේ නිවසේ පැවති නිළ උපන්දින සාදයටද සහභාගීවුනු තේජනට මේ සාදයට යන්නට එතරම් උනන්දුවක් තිබුනේ නෑ. යාලුවන්ට කරටි කැඩෙන්නට බොන්න දෙන්න ප්ලෑන් කරපු මේ පාටිය මග අරින්න තේජනට ඕනෑ වුනත් ජනිත්ගේ පෙරත්තය ඊට හරස් වුනා. ඊටත් වඩා ජනිත්ගේ අක්කාගේ පෙරැත්තය ඔහුව වඩාත් පෙළඹවූවා.

"අනේ තේජන ඔයත් යන්න මෙයා එක්ක.....මේ පාටිය ගැන තාත්තා දන්නෙත් නෑ, මට යන්නත් බෑනේ කොල්ලො බොන පාටිවලට.....මෙයා මොකක් හරි පිස්සුවක් නටයිද දන්නේ නෑ....ඔයත් යන්නකො..."

කොහොම වුනත් සාදය කැබරේ සාදයක් බව තේජන දැන ගත්තේ එහි ගියාට පසුවයි. කැබරේ නැටුම් පටන් ගන්නා විටම සාදයෙන් පිටවීමට උත්සහ කලත් ජනිත් ඔහුව නැවැත්වුවා.

"මොකක්ද බං? කොහෙද යන්නේ? ඉඳපන්..., උඹ හරියට ඩ්‍රින්ක් එකක් වත් ගත්තේ නෑ නේද? ඩ්‍රින්ක් එකක් අරගෙන, ඩාන්ස් එකක් බලලා රිලැක්ස් කරලා පලයන් බන්.... කෙල්ලෙක් හිටියා කියලා ඔච්චර බය වෙන්න එපා.....this is twenty first century මචන්....have some fun with us"

ඊට කලින් හමුවූ කතාබස් වලදී ජනිත් කියපු තවත් කතාවකුත් තේජනගේ හිතේ හොල්මන් කලා. ජනිත් කියන්නේ ඇත්තක්ද? උමායා වෙනස්වෙන්න හදනවද? ඔහුගේ හිතට මහා වදයක් දැනුනා...

"මචන් ඔය කැම්පස් ලව් එච්චර සීරියස් ගන්න එපා.......යූ.කේ වල නම් කොල්ලො කෙල්ලෝ ඉස්සෙල්ලා කරන්නේ සෙක්ස්, ඊට පස්සේ තමයි ඒවා ලව් වෙන්නේ......... යුනිවසිටි කාලේ කොල්ලෝ කෙල්ලෝ මැක්සා සෙක්ස් එන්ජොයි කරනවා......අවුරුදු 25 පැන්නට පස්සේ තමයි සීරියස් එකක් පටන් ගන්නේ..උමායා කරන්නේ සොෆ්ට්වෙයා ඉන්ජිනියරිං නේද?....කවුද දන්නේ උඹ ඔය මැරීගෙන ලව් කරාට, එයා සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් වෙලා ලොකු පඩියකට ජොබක් සෙට් කරගත්තට පස්සෙ උඹ වගේ ඩිසයිනර් කෙනෙක් හොඳ මදිවෙලා සොෆ්ට්වෙයාර් ප්‍රොෆෙෂනල් කෙනෙක් බැඳ ගනීද කියලා....?"

උමායා ගැන දැඩි විශ්වාසයක් තිබුණත් මෑතක සිට ඇයගේ හැසිරීම ඔහුටද ප්‍රශ්ණයක් වුනා. ප්‍රශ්ණයට මුල්වුනේ ඔස්ටේලියාවේ ඉඳන් ට්‍රාන්සර් ස්ටුඩන්ට් කෙනෙක් විධිය SLIIT එකට ආපු ලකිත් මලළසේකර. ධනවත් පවුලක එකෙකු වූ ලකිත් ආ දවසේ ඉඳන්ම උමායාට දැල එලන්න ගත්තා. තාත්තාගේ සොරෙන්ටෝ ජීප් එකෙන් කැම්පස් එන ලකිත්, උමායාගේ යෙහෙලියන් ඒකේ පටවාගෙන එහෙ මෙහෙ අරගෙන යමින් ට්‍රීට් දෙන්න පටන් ගත්තේ උමායාවත් ඇද ගන්නා අදහසින්.

උමායාගේ 22වැනි උපන්දිනයට දිනකට පසු තේජනට නුවර යන්නට සිදුවුනේ ෆෝටෝග්‍රැෆි ඇසයිමන්ට් එකකට නුවර ඇම්බැක්කේ දේවාලයේත් සතර මහා දේවාලවලත් ෆෝටෝ ගන්න සිද්දවුනු නිසා. ඇසයින්මන්ට් ගෲප් එකේ අනිත් උන් “ලෝන්ග්.... හොලිඩේ මචන්....ගෙවල්වලින් ට්‍රිප් යන්න කතා කරනවා" කියමින් දිග සති අන්තයක නුවර යන්න අදිමදි කල නිසා තනියම යන්න තේජනට සිද්දවුනා. සති අන්තයේ ලෙක්චර්ස් නොතිබුණත් ඇසයින්මන්ට් එකකට coding කරන්න යාලුවො එක්ක කොම්පියුටර් ලැබ් එකට යන බව උමායා තේජනට කියල තිබුණා.

නුවර ඉන්න අතරේ ලකිත් උමායාට දුන්න සප්‍රයිස් බර්ත්ඩේ පාටි එක ගැන තේජන දැන ගත්තේ මුහුණු පොතේ ෆොටෝවලින්. ෆේස් බුක් එකෙන් දැන ගන්නකන් ඒ ගැන කියන්නවත් උමායා කරදර නොවීම ඔහුට දැඩි වේදනාවක් ගෙන දුන්නා.

දුරකථන ඇමතුමක් දී "ඔයා coding කලේ අරූ එක්ක පිට්සා හට් එකේද?" උමායාගෙන් තරහින් ඇසූ තේජනට;

"මොකක්ද තේජන ඔයාට වෙලා තියෙන්නේ? ඔයාට ඔච්චරම මාව ශුවර් නැද්ද?........ lab එකේ වැඩ ඉවර වෙලා යාලුවෝ එක්ක ගෙදර යන්න හදනකොටයි ඕක වුනේ. හොලිඩේ හින්දා ෂටල් බස් නෑනෙ.... ලිෆ්ට් එකක් දෙන්නම් කියපු නිසයි අපි ජීප් එකට නැග්ගේ....එයාගෙ ප්ලෑන් මම දන්නේ නෑනෙ......එක පාරටම ජීප් එක Pizza Hut එකක් ලඟ නවත්තලා සර්ප්‍රයිස් බර්ත්ඩේ ට්‍රීට් එකක් කිව්වම මම රණ්ඩුවෙලා බෑ කියන්නද? තනියම හිටියා නම් බෑ කියනවා..... මම තෑන්ක්යූ කියලා පිට්සා කෑල්ලක් කෑවා...එච්චයි.....එයා මට පිට්සා කවන්න ආවේ නෑ......"

"තේජන! මොකෝ බන් එකපාරමට සයිලන්ට් වුනේ.......is your chick worrying you now? තේජනගේ සිතුවිලි දාමය බිඳදමමින් ජනිත් ඇසුවා.

"උමායා එහෙම කෙල්ලෙක් නෙමෙයි බන්.......අනික මං ගැන එයාගේ පේරන්ට්ස්ලත් දන්නවා......."

"උඹගේ ඉතිහාසේ ගැනත් දන්නවද?....දන්නේ නැතිනම් දැම්මම කියලා තියපන්......නැත්නම් පස්සේ ඕවා ආරංචිවුනාම කේස් පිට කේස්...."

“දන්නවා බන්.....මගේ ස්ටෝරිය SLIIT එකේ හැමෝම දන්නවා, ස්ටැෆර්ඩ් එකේ උනුයි, ලයිසියම් උනුයි ඉන්නවාගෙ.....මං ගිය ගමන් උන් පැතිරෙව්වා....දැන් ඒක පරණ කතාවක්........උමායා දැනගෙන තමයි සෙට්වුනේ........මගෙන් පොරොන්දුවක් ගත්තා ආයෙ ඒ ලයිෆ් එකට යන්නේ නෑ කියලා....එච්චරයි....."

ස්ටැෆර්ඩ් එකේ ඉන්දැද්දී උසස්පෙල පන්තියේ පලවෙනි වසරේ පලමු වාරයේ නිවාඩු දෙන දවසේ යාලුවෝ එක්ක ගල්කිස්සේ පොඩි හෝටලයක ඉඳගෙන ගන්ජා උරලා පොලීසියට අහුවීම නිසා තේජන හා ඔහුගේ මිතුරන් කිහිපදෙනා පාසැලෙන් නෙරපා දැමුනා. එම හෝටලය ගණිකා මඩමක් බව තේජන දැන ගත්තේ පොලීසියේදී.

ඔහුගේ මව හා පියා වෙන්ව ජීවත්වුනා. මව යලිත් විවාහවූ අතර පියා ඩුබායි රටේ රැකියාවකට පිටත්වුනා. තේජන පාසැල් ගියේ දෙහිවල සිය මිත්තනියගේ නිවසේ සිටයි. අම්මගේත් තාත්තගේත් වෙන්වීම තේජන දරාගත්තේ යාලුවන් එක්ක හැකිතාක් පිස්සු නැටීමෙන්. දඩබ්බර හැසිරීම, යාලුවන් සමග සීමාව ඉක්මවා විනෝදවීම හා පාසැල් වැඩ නිතරම අතපසු කිරීම නිසා ඔහුට සෑම සතියකම පාසැලේ විනය භාර ගුරුවරයා ලබාදුන් දඬුවම් රඳවාගැනීම් (detention) විඳින්නට සිදුවුනා.

පොලීසියේ සිට අම්මා තාත්තාට කතාකොට සිද්දිය පැවසූ අතර දැඩි ලෙස කෝපවුනු ඔහුගේ පියා ඔහුව තමන් සේවය කල ඩුබායි රටට ගෙන යන්නට උත්සහ කලත් මවගේ මැදිහත්වීම නිසා පාසැලෙන් අස්කරාට පස්සේ Multimedia ෆවුන්ඩේෂන් කෝස් එකක් කරන්න SLIIT එකට යන්න අවස්ථාව ලැබුනා. ඒකේ අවසන SLIIT කැම්පස් එකේ BSc in Interactive Media උපාධි පාඨමාලාවට බැඳෙන්නට ඔහුට හැකිවුනත් අතීතය සඟවාගන්න ඔහුට බැරි වුනා.

ඒත් උමායාගේ ආදරය ලැබුනට පස්සේ තමන්ටත් ජීවිතයක් තියෙන බව තේජනට දැනෙන්නට වුනා. හොඳ අනාගතයක් හදාගන්න, උමායා එක්ක එකතුවෙන ලෝකයක් ගැන හිතන්න ඔහු පටන් ගත්තා. ලකිත් මලළසේකර ඒ හීනය විනාශ කරන්නට හදන බවත්, උමායා දැන දැනම ඒ දැලේ පැටලෙන බවටත් ඔහුට හිතෙන්නට වුනා.

“ඉස්සර නම් කොල්ලෙක් නෝට් එකක් ඉල්ලුවත් මට කියනවා, කොල්ලෙක් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් එව්වත් මගෙන් අහලයි ඇක්සෙප්ට් කරන්නේ…..දැන් ලකිතයා සෙවල පෙර පෙර පස්සෙන් එන හින්දා මගේ කබල් වෑන් එකට වඩා උගේ සොරෙන්ටෝ එක හොඳයි කියලා හිතෙනව ඇති එයාට….. ජනිත් කියන එක ඇත්ත……. එයාට ඌත් එක්ක පිට්සා කන්න හොඳනම් මට ටිකක් බීලා ෆන් එකක් ගත්තම මොකද? මම මොකටද මෙච්චර එයාට මාව හොඳ නැතිවේගන යනවානම් මම මොකටද බලෙන් එල්ලිලා ඉන්න හදන්නේ?....”

කැබරේ පාටියේදී බීමතින් නටන්නට ඔහු පෙළඹවූයේ උමායාගේ වෙනස්වීමේ වේදනාව බව දැන සිටියේ ඔහුම පමණයි.

හදිස්සියේම දුරකථනය නාද වෙන්නට ගත් නිසා තේජන ගැස්සුනා.

"Suresh calling….." තිරයේ දිස්වුනා.

"හලෝ?"

"හලෝ තේජන! මොකක්ද හු*** උඹ කරගත්තේ?.....අපිත් චාටර් බන් උඹලගෙ පො*** වැඩ නිසා..... උඹ දැක්කද FB එකේ Insta එකේ යන කොමෙන්ට්ස්?...... .උඹල වගේ පිස්සු හු*** හින්දා අපිටත් ලෙක්චර් හෝල් එකට යන්ඩ වෙන්නේ හූ පාර කාගෙන…...උඹට නම් හෙන ගැහුවත් කමක් නෑ...... උමායා කොහොමද බන් දැන් කැම්පස් එන්නේ?....ආයි උමායා ඉන්න පැත්තකටවත් යන්න එපා...සෙරප්පු පාර තමයි තොට කන්ඩ වෙන්නේ.......ඒකිට මල පැනලා…... මල කියන්නේ මලේ හොඳම එක......තමුන්ගේ කොල්ලා කැබරෙ එකක වල් ගෑණියෙක්ව බදාගෙන නටන හැටි FB, Insta වැටුනම කෙල්ලෙක් කොහොම පාරේ බැහැල යන්නද ඕයි??...."

සුරේෂ් ඇමතුම විසන්ධිකලා

පණිවුඩයක් ලැබුණු බවට සටහන් වුනු නිසා දුරකථනයේ වට්ස් ඇප් එක විවෘත කල තේජන, ඔහු හා උමායා පමණක් ඉන්න "Umayaa & Thejana 4 Ever" චැට් ගෲප් එකෙන් පණිවුඩය ලැබුණු බව දැක්කා.

Three months later…….

වටින් ගොඩින් ඇඳිරි වැටෙද්දී පින්න හා මීදුමෙන් ට්රයිපොඩයේ රඳවා තිබූ සිය වටිනා කැමරාවත්, ඊටත් වඩා වටින මිලිමීටර් 600 ටෙලිෆොටෝ ලෙන්සයත් ආරක්ෂාකරගන්නට තේජන එය පොලිතීන් කොලයකින් ආවරණය කලා. ෂාහීන් ෆැල්කන් නම් උකුසු විශේෂය ඡායාරූපයට ගැනීම සඳහා ඔහු නකල්ස් වලට ආවේ අද පාන්දර. මීට අවුරුද්දකට විතර කලින් සීගිරියේදී ෂාහීන් ෆැල්කන්ලා ඡායාරූපයට නගාගන්නට ආසාවෙන් හිටියත් එය අතහැර දමන්නට වුනා. කැම්පස් සෙට් එකක් එක්ක ආපු ට්‍රිප් එකේ උමායාත් හිටපු නිසා ෂාහීන් ෆැල්කන්ලා ෆෝටෝ ගන්නවාට වඩා උමායාව යි එයාගේ යාලුවන්වයි ෆෝටෝ ගන්න සිද්ධ වුනා.

එතරම් අපහසුවක් නැතුව ෂාහීන්ලා බලාගන්න පුලුවන් තැනක් විධියට, සීගිරිය පක්ෂී ලෝලීන් අතර ප්‍රකට වුනත්, උමායා එක්ක ගිය හොඳම ට්‍රිප් එකේ මතකයන් යලිත් අවදිකරගන්නට ඔහු අකමැති වුනා. ලැබුණු පලමුවෙනි නිවාඩුවේම නකල්ස් එන්න තීරණය වුනේ නකල්ස් රක්ෂිතයේ ඉකෝ ලංකා කෑම්පින් සයිට් එකට ටිකක් ඈතින් තියෙන කඳුගැටයක ෂාහීන් ෆැල්කන්ලා ඉන්න බවට ලක්දසුන් සංචාරක ෆෝරම් එකේ පලවෙලා තිබුණු ලිපියක් නිසායි. ෂාහීන් ෆැල්කන් උකුසු විශේෂය ලෝකයේ වේගවත්ම පක්ෂීන් ලෙස සැලකෙන පෙරිග්‍රීන් ෆැල්කන් උකුස්සන්ට ලඟින්ම නෑකම් කියනවා. ඉතා වේගවත් පියාසැරිය නිසා ඡායාරූප ගැනීම ඉතාමත් අපහසු ෂාහීන් ෆැල්කන් ජීවත් වුනේ මුහුදු මට්ටමේ සිට මීටර් 1200කට වඩා උස ප්‍රදේශවල කඳු ආශ්‍රිතවයි.

ෂාහීන් උකුස්සන් ගැන ලැබුනු ඔත්තුව වගේම ලඟ ගමක තරුණයෙකු වුනු පියතිස්සව තේජනගේ ට්‍රැකර් විධියට සම්බන්ධකලෙත් ලක්දසුන් එකේ යාලුවෙක්. තනිවම ආපු තේජනව කඳවුරු භූමියට රැගෙන ගිහින් කූඩාරම අටවලා සියල්ල සූදානම් කල පියතිස්ස ආපහු යන්න සැරසුනේ අනපේක්ෂිත විධියට සිය බිරිඳ හා කුඩා දරුවා දැඩි වෛරස් උණකට ගොදුරුවීම නිසා. ඉස්සෙල්ලා කතාවෙලා තිබුණේ පියතිස්ස රෑටත් තේජනගේ තනියට ඉන්නවා කියලයි. පාන්දරට ඒ පැත්තේ ගැවසෙනවා කියලා කියන විශාල ගෝනුන් බලාගන්නත්, රෑට ගස් මුදුන්වල ගැවසෙන දුර්ලභ උණහපුලුවන් බලාගන්නත් තේජනට ලොකු ආසාවක් තිබුණා. ගෝනුන් කොහොම වුනත් රෑට ගස් මුදුන්වල ඉන්න උණහපුළුවෝ බලාගන්න නම් හොඳ ට්‍රැකර් කෙනෙක් ඉන්නම ඕනෑ. සාමාන්‍ය අයට නොපෙනෙන ගොඩක් සත්තු හොඳ ට්‍රැකර් කෙනෙක්ගේ පලපුරුදු ඇස්වලට හසුවෙනවා.

"සර් බයවෙන්න එපා.....අර පේන්නේ ඉකෝ ලංකා කෑම්ප් එක,.මෙතන ඉඳන් හරියටම කිලෝමීටර් එකයි.........ෂාහීන්ලා ඉන්නේ අර කන්දේ බෑවුමේ. මේ වෙලාවට නෑ.....හවස පහ හය වෙනකොට දකින්න පුලුවන්.....ආයෙත් උදේ හය හත වෙනකන් දකින්න පුලුවන්.... ...හදිස්සියක් වුනොත් ටෝච් එක අරගෙන ඉකෝ කෑම්ප් එකට යන්න......මේ දවස්වල කට්ටියක් ඉන්න නිසා රෑ එලිවෙනකන් ගිණිමැලේ පත්තු වෙනවා. එහෙ ඉන්න ට්‍රැකර් මගේ නෑයෙක් වෙන අයියා කෙනෙක්. මම සර් ගැන බලන්න කිව්ව...මේ පැත්තේ දිවියෝ නෑ.......ඒ නිසා රෑට බයක් නෑ....ඒත් රෑ ඇවිදින්න යන්න එපා......රෑට මීදුම හරිම ඝණයි.....අතරමං වෙන්න පුලුවන්.....ලොකු හදිස්සියකදි විතරක් ඉකෝ කෑම්ප් එකට යන්න.........මම හෙට උදෙන්ම එනවා.....රෑට පැටියවයි එයාවයි තනිම තියන්න බයයි....අමාරු වුනොත් කවුරුත් නෑනෙ...."

විස්තර කියා, සියල්ල සූදානම් කල පියතිස්ස තේජනගෙන් සමුගෙන ගියේ හවස තුනට විතර. ලොකු තර්මොස් ෆ්ලාස්ක් එකක උණු කෝපි, රෑ කෑමට නූඩ්ල්ස් එක්කම කාන්සියට හප හපා ඉන්න බැදපු මංඤ්ඤොක්කා ලොකු පාර්සලයකුත් පියතිස්සගෙන් ලැබුණා. දවල් කෑම වේල පියතිස්සගේ ගෙදරින්. එයාගේ තරුණ බිරිඳ හොඳටම උණ තියාගෙනත් අමාරුවෙන් උයලා තිබුණා. බොහොම රසට ගමේ ක්‍රමයට උයලා තිබුණු නිසා බත් මහ ගොඩක් කාපු තේජනට නිදිමතක් දැනුනත්, තංගප්පුව තේවතු යාය අසල වූ ජයතිස්සගේ කුඩා නිවසේ සිට පයින් යන්න වුනු නිසා ඒ ගතිය ඇරිලා ගියා.

පියතිස්ස කියපු විධියටම ෂාහීන් ෆැල්කන්ලා හවස පහ විතර වෙනකොට කඳුගැටයේ තනාගෙන තිබූ කූඩුවලින් එලියට ඇවිල්ලා ගොදුරු සොයා පියඹන්න වුනා. තනිවම හිටපු නිසාත් බොහොම නිස්කළංක පරිසරය නිසාත් හොඳ ෆොටෝ සෑහෙන ප්‍රමාණයක් ගන්න තේජනට පුලුවන් වුනා.

"රුපියල් ලක්ෂ තුනක් විතර වියදම් කරලා ගත්ත ටෙලිෆොටෝ ලෙන්ස් එකෙන් හරියටම වැඩ ගන්න ලැබුණේ අද තමයි...." තේජනට හිතුනා. ලෙන්ස් එක ගන්න ලෑස්ති වෙනකොට බොරුවට සල්ලි නාස්තිකරන්න යනවා කියලා උමායා තේජනගේ හිත වෙනස් කරන්න ලොකු උත්සහයක් ගත්තා.

"තාත්තා අමාරුවෙන් එවපු සල්ලිනෙ....අපරාදෙ, බැංකුවෙ දාන්නකො..." ඇය පෙරැත්ත කලා. දැන් එයා නෑ, තියෙන්නේ ලෙන්ස් එක විතරයි. එක දිගටම පැයක් විතර කැමරාව එල්ලකරගෙන වේගෙන් පියාඹන ෂාහීන්ලාව ෆෝකස් කරන්න මහන්සිවුන නිසාත් පැය තුනක් විතර කැලේ මැද්දෙන් ඇවිදගෙන ආපු නිසත් තෙහෙට්ටුවක් දැනුනා. රෑට එන ගෝනුන්ගේ low light ඡායාරූප ගන්න හිතාගෙන කැමරාව ට්‍රයිපොඩ් එකේම තියෙන්නට හැරි තේජන, කැමරාව වහපු පොලිතීන් කොලේ හුළඟෙ යන්නෙ නැතිවෙන්න ගල් කැට කිහිපයක් බරට තිබ්බා. ස්ලීපින් බෑග් එක දිග ඇරලා ඒක උඩින් ඇලවුනේ ටිකක් ඇහැ පියාගන්න. තවම සීතල නැති නිසා ස්ලීපින් බෑග් එක ඇතුලට බැහැගන්න උනන්දුවක් ඇතිවුනේ නෑ.

තෙහෙට්ටු වැඩි නිසාම නිදිමත නොතිබුණත් තේජන දෑස් පියාගෙන කල්පණා ලෝකයක ගිලුනා. කැබරේ නැටුමෙන් පස්සේ ජීවිතය උඩු යටිකුරු වුන හැටි තේජනට මෙනෙහි වුනා. කැබරේ වීඩියෝව මුලු කැම්පස් එකේම පැතිරිලා, ඒක නොදැකපු කෙනෙක් සොයාගන්න බැරිවුන නිසා ලෙක්චර්ස් යන්න බැරි තැනටම වැඩ සිද්දවෙලා තිබුණා. හැමෝම තේජන, උමායාට කරපු අවනම්බුව ගැන කතාකරන්න පටන් ගත්තා.

"මහ වල් යකෙක්....ඕකා ඉස්කෝලෙ යන කාලෙත් බඩු පොට් එකක ඉඳලා පොලීසියට අහුවෙලයි ඉස්කෝලෙන් අස් කලේ...."

උමායා පමණක් නොව ඔහුගේ යහලු යෙහෙලියන් බොහෝ දෙනෙක් ඔහුව පිලිකුල් කරන බව තේජනට දැනුනා. ඔහුගේ හොඳම සගයාවූ සුරේෂ් පවා ඔහුව මගහැරියා. ඔවුන් තමන්ව ලාදුරු රෝගියෙක් මෙන් සැලකීම තේජනට දරාගත නොහැකි වේදනාවක් වුනා.

සතියක් විතර දේශන වලට යන්නේ නැතුව ගෙදරට වෙලා හිටපු තේජන මෙට්‍රොපොලිටන් කැම්පස් එකට ට්‍රාන්සර් එකක් ගන්න හැදුවත් එය ප්‍රතික්ෂේප වුනා. දැඩි සිත් තැවුලට පත් ඔහුට පිහිටක් වුනේ මල්ටිමීඩියා උපාධි පාඨමාළාවේ සම්බන්ධීකරණ නිළධාරිණිය ලෙස කටයුතු කල ආචාර්යවරියක්.

"ඔයා ගිහිල්ලා කැම්පස් කවුන්සලර්ට කතා කරන්න.....ඔයාගේ මානසික තත්වය කියන්න....එයාගෙන් රෙකමෙන්ඩේශන් එකක් ආවොත් රෙජිස්ට්‍රර් ඔෆිස් එකෙන් ඔයාගෙ ට්‍රාන්සර් රික්වෙස්ට් එක පිලිගනී..."

ඇයගේ මග පෙන්වීම අනුව විශ්වවිද්‍යාලයේ මනෝවෛද්‍ය උපදේශකවරයා හමුවී සියල්ල පවසා සිටි තේජනගේ ඉල්ලීම සාධාරණ බවත්, එම ඉල්ලීම ප්රතික්ෂේපකල හොත් ඔහුගේ අධ්‍යාපනය කඩාපප්පල්වී අනාගතය අඳුරු වියහැකි බවටත් කල රෙකමදාරුව නිසා ලේඛකාධීකාර්යාලය තේජනට SLIIT මෙට්‍රොපොලිටන් කැම්පස් එකට මාරුවක් හදා දුන්නා.

යහලුවන් සියල්ලම මගහැරීම නිසා ඔවුන්ගෙන් සම්පූර්ණයෙන්ම වෙන්වීමට ඔහු ඒවන විටත් තීරණය කර තිබුණා. සිය ෆෙස්බුක් ගිණුමේ හා ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ඡායාරූප හා වීඩියෝ සියල්ලම මකා දැමූ තේජන ඒවා ක්‍රියාවිරහිත කලා. සිය දුරකථනයේ මෙමරි කාඩ්පත හා සිම් කාඩ් එක වීසිකොට දැමූ ඔහු, දුරකථනය factory reset කොට එහි තිබූ දත්ත සියල්ලමද මකා දැම්මේ දෙපාරක් හිතන්නේ නැතුව. එයින් නොනැවතුනු ඔහු, අධ්‍යාපන කටයුතු වලට අවශ්‍ය ගොණු පමණක් බැකප් කරගෙන සිය ලැප්ටොප් යන්ත්‍රය හා ග්‍රැෆික් ඩිසයින් වැඩ සඳහා භාවිතා කල ඩෙස්ක්ටොප් යන්ත්රයේද Windows 10 මෙහෙයුම් පද්ධතිය අලුතින්ම ස්ථාපනය කලා.

උමායා එක්කම පරණ ජීවිතයේ මතක සියල්ලම අකා-මකා උපාධියේ ඉතුරු අවුරුදු එකහමාර කෙසේ හෝ අවසන් කරගෙන ජීවිතය ගොඩදාගැනීමට ඔහු අධිෂ්ඨාන කරගත්තා.

ඒ අතර;

"තේජන ලඟ මගේ ෆෝටෝ ගොඩක් තියෙනවා......මාත් එක්ක තරහට ෆොටෝෂොප් කරයිද දන්නේ නෑ….." කියමින් උමායා මැසිවිලි නගන බව කනින් කොණින් ආරංචිවූ නිසා සියල්ලම මකා දැමීමට පෙර ඇය සිටින සියලුම ඡායාරූප මෙමරි කාඩ් පතකට පිටපත් කරපු තේජන එය ඇය වෙත යැව්වේ කුඩා සමුගැනීමේ හසුන්පතක් පතක් සමගයි.

"සුරේෂ්...මචන් මම උඹෙන් ඉල්ලන අන්තිම උදව්ව...මේ මෙමරි චිප් එකයි, මේ කාඩ් එකයි උමායට දීපන්.....?"

"අනේ මේ....උඹට ඕනෑනම් දීපන්.....මට ඔය කේස් වලට පැටලෙන්න බෑ....ඕවාවල මොනවා තියෙනවද දන්නේ නෑ.....මට ලෙඩ දාගන්න බෑ........."

සුසුමක් හෙලූ තේජන.. "ඒකත් එහෙමද? ඒ තරමට මාව එපාවෙලා උඹලට??…..මට එයා ලඟට යන්න බැරි බව උඹ දන්නවානේ……….මේ චිප් එකේ තියෙන්නේ මගෙ ලඟ තිබුණ එයාගෙ ෆෝටෝ ඔක්කොම.....මගෙ ලඟ කිසිම කොපියක් නෑ...මේක මගේ ගුඩ් බයි කාඩ් එක....උඹට ඕනෙ නම් කියවපන්...ඉඳා...."

කාඩ්පත කවරයෙන් ඉවතට ගෙන සුරේෂ්ගේ මුහුණට දිගුකල තේජන සුරේෂ්ට එය කියවන්නට ඉඩ දුන්නා. පෙරපාසැල් වියේ සිටම ස්ටැෆර්ඩ් පාසැලේ ඉගෙන ගත් තේජනට සිංහලට වඩා බොහොම ලස්සනට ඉංග්‍රීසි බස හසුරුවන්නට හැකිවුනු නිසා එය ඉංග්‍රීසියෙන් ලියා තිබුණා.

හදිසියේම ඇහැරුනු තේජන අත් ඔරලෝසුවේ වෙලාව බැලුවා. පාන්දර 1.35 එහි සටහන්වී තිබුණා. ස්ලීපින් බෑගයෙන් එලියේ නිදාගත් නිසා සීතලට ඇඟ ගල්වී තිබුණා. අමාරුවෙන් තර්මෝස් ෆ්ලාස්ක් එක ඇරගත් තේජන කෝපි කෝප්පයක් වත්කර ගත්තා. මීදුම හා ශීතල නිසා උණු කෝපි කෝප්පයෙන් වාෂ්ප එන්ජිමකින් මෙන් දුම්දානවා.

බඩගිණ්නක් දැනුනත් හීතල වුනු නූඩ්ල්ස් කන්න හිත් දුන්නේ නෑ. ඒ වෙනුවට මඤ්ඤොක්කා පෙති අහුරක් කටේ දාගත්තා. අවට පරිසරය පුරා මීදුම ලාවට පැතිර තිබුණා. "පාන්දර වෙනකොට නම් මීදුම වැඩිවෙයි." ඔහු හිතුවා.

කූඩාරමෙන් එලියට පැමිණ වටපිට නැරඹූ ඔහුට ඈතින් ඉකෝ ලංකා කඳවුරේ ගිණි මැළය පෙනුනා. රැහැයියන්ගේ ඝෝෂාව වගේම ඈතින් ඇහෙන අමුතු කුරුල්ලෙකුගේ හඬත් කොළඹ ජීවත්වුනු ඔහුට නුහුරු නුපුරුදු අත්දැකීමක් වුනා. හාත්පස ඝණ අඳුර මකන්නට පුර අටවක හඳෙන් පැතුරුණු එලිය සමත්වුනා.

"ගෝන්නු එනකොට පාන්දර හතර විතර වෙයි..එලාම් එක තියන්න ඕනෑ.........නැතිනම් ඇහැරෙන එකක් නෑ...." සිතූ තේජන සිය දුරකථනය රැගෙන පාන්දර 3.45ට සකස් කලා.

තිරයේ දිස්වුනු "No Service" නිවේදනය ඔහුට අනාරක්ෂිත හැඟීමක් ගෙන දුන්නත් පැය භාගයක ගමණකින් ඉකෝ ලංකා කෑම්ප් එකට යන්නට හැකිවීම එම හැඟීම තුනී කලා.

"දිවියෝ නෑ කිව්වනෙ......මේ පැත්තේ වලස්සුත් නෑ.........මොකටද බය වෙන්නේ? යක්කු එනවා කියලයැ...." ඔහුට හිතුනා. යකුන් ගැන මතක්වන විට කලකට පෙර පැවරුමක් සඳහා අතරින් පතර කියැවූ "Village folk tales of Ceylon" නම් පොතක තිබූ ජනප්‍රවාදයක් මතක් වුනා. එච් පාකර් නම් වාරිමාර්ග ඉන්ජිනේරුවා විසින් 1914දී සම්පාදනය කල මෙම පුරාණ ලාංකික ජනකතා එකතුවේ දුම්බර මිටියාවතේ වාමනයින්ගේ ලෝකයක් ගැන ජනප්‍රවාදයක් විස්තර කර තිබුණා.

දුම්බර මිටියාවතේ නකල්ස් කඳුවැටියේ යම් යම් කඳුවල ඇති කුඩා ගුහාතුලින් සඳ ඇති කාලයට එලියට එන අඩි 4ක් හෝ 5ක් උසැති මිටි මානවරූපී සතුන් පිරිසක් ගැන විස්තරයක් තිබුණා. "පිශාචයින්" ලෙස ගැමියන් හැඳින්වූ මොවුන්, කඳුකර ඝණ කැලෑවල සැඟවී දිවි ගෙවන යම් ආකාරයක අර්ධමානව ගෝත්‍රයක් විය හැකි බවට එකල ලක්දිව පර්යේෂණ සිදුකල යුරෝපීය වියතුන් මතපල කොට තිබුණා.

ගැමියන් පැවසූ අන්දමට මේ පිශාචයින්ගෙන් ගැමියන්ට අණතුරක් වූයේ කලාතුරකින්. සඳ ඇති රාත්‍රීවල එලියට පැමිණෙන ඔවුන් කැලෑවේ පැලෑටි එකතු කිරීම හා යාග පැවැත්වීම සිදුකරන බව ජනකතාවල සඳහන් වුනා. මිනිසුන්ට අණතුරක් නොකලත් ඔවුන් සතුව බලගතු මන්ත්‍ර ඇති බවයි ගැමියන් විශ්වාස කලේ. යමෙක් ඔවුන්ට නොදැනෙන්නට ලං වුවහොත් ඒ පුද්ගලයාව ටික වේලාවකට ගල් කිරීමේ මන්ත්‍ර ඔවුන් ලඟ තිබුණා. ඒ මන්ත්‍රයට හසුවන්නන් පැයක් පමණ යනතෙක් අතපය වාරු නැතිව වැටී සිටිනවා. වාමනයින් දැක බිය පත්වූ සමහරුන් සුව කිරීමට තොවිල් නටා කුකුල් බිලි ලබාදීමටද සිදුවන බව ජනප්‍රවාද වල තිබුණා.

ඔවුන් ජීවත්වුනේ පොලොව යට බවත්, කුඩා ගුහා තුලින් විහිදෙන දෝනා වලින් ඔවුන්ගේ ලෝකයට යා හැකි බවත් පැවසුනා. මිනිසුන් දුටුවිට වහා දිවගොස් තමන් එලියට පැමිණි කුඩා ගුහාවට රිංගා ගන්නා කලු වාමනයින් නැවත කලකට දකින්නට ලැබෙන්නේ නෑ. එමෙන්ම ඔවුන් පසුපස හඹා ගොස් එම දෝනාවලට රිංගූ කිසිවෙකුට යලි ආපසු එන්නට ලැබෙන්නේ නැති බවත් පැවසෙනවා. තමන්ගේ ලෝකයට එන කිසිදු මිනිසෙකුට ඒ ලෝකයේ රහස් දැනගෙන මෙලොවට යලි එන්නට වාමනයින් ඉඩ නොදෙන බවයි පැවසුනේ.

රන්, මිණී මුතු මැණික් වැනි වටිනා දෑ දසත විසිරී ඇති වාමන ලෝකයට පිවිස යලි ආපසු එන්නට වරම් ලැබූ අයද කලාතුරකින් සිටියත් ඔවුන් ජීවිත කාලයම සිහිමද ගතියෙන් පෙලෙන බවයි ගැමි ප්රවාදවල සඳහන් වුනේ. වාමන ලෝකයේ දුටු බිහිසුණු දසුන් ඔවුන්ව සදහටම සිහි විකල් කරවන බව ගැමියන්ගේ විශ්වාසය වුනා.

කතාව ගොඩක් දිගයි! පටන් ගත්තා විතරයි!. ඉතුරුටික මෙතනින් :

https://vidya-gaweshana.blogspot.com/2018/08/science-fiction-dark-world.html

[QUOTE="විද්‍යා ගවේෂණ, post: 23837811, member: 461902"] [SIZE="5"]මම ලියපු විද්‍යා ප්‍රබන්ධයක්. ටිකක් දිගයි. කියවලා කොමෙන්ටුවක් කොටාගෙන යන්න. ස්තූතියි! ;) ;) ;)[/SIZE] [IMG]https://1.bp.blogspot.com/-IcNinrk_KtU/W3-Fc9HBV4I/AAAAAAAAO6k/ak-23jl82wYZ3Fuy8JxFwLt4vufl8VaMACLcBGAs/s640/DARK%2B-%2BWORLD%2B-%2BPROMO%2BBANNER.JPG[/IMG] [B][SIZE="5"] අගෝස්තු 16, 2068 - පණස් වසක් පැරණි පිපුරුම ග්‍රැන් ටෙලෙස්කෝපියෝ දුරේක්ෂය ආලෝක වර්ෂ 50ක් ඈත අභ්‍යවකාෂයේ විශාල පිපිරුමක් නිරීක්ෂණය කරයි![/SIZE][/B] [SIZE="4"]August 16, 2068, Space.com / AFP / Reuters - ලෝකයේ විශාලම ආලෝක දුරේක්ෂය වන කැනේරි දූපත්වල පිහිටි ග්‍රැන් ටෙලෙස්කෝපියෝ දුරේක්ෂයෙන් අභ්‍යවකාශය නිරීක්ෂනය කරන තාරකා විද්‍යාඥයින්, පෘථිවියට ආලෝක වර්ශ 50ක් ඈතින් අභ්‍යවකාශයේ සිදුවූ දැවැන්ත පිපුරුමක් නිරීක්ෂනය කර තිබෙනවා. කුමන හේතුවක් නිසා මේ පිපුරුම සිදුවූවදැයි පැහැදිලි කිරීමට තාරකා විද්‍යාඥයින් අසමත්වී ඇති අතර එය ඉතාමත් අත්භූත හා සසම්භාවී පිපිරීමක් බවයි ඔවුන් පවසන්නේ. පෘථිවියට සමාන ග්‍රහලෝක ඇති තාරකා තිබෙන සෙෆියස් නම් තාරකා මණ්ඩලයේ සිදුවූ මේ පිපුරුම තාරකා විද්‍යාඥයින්ගේ දැඩි කුතුහලයට හේතුවී තිබෙනවා. සෙෆියස් තාරකා මණ්ඩලය පෘථිවියට ආලෝක වර්ශ 50ක් ඈතින් තිබෙන නිසා මේ පිපුරුම මීට වර්ශ 50කට පෙර, එනම් 2018 වර්ශයේ සිදුවී තිබෙනවා. [IMG]https://2.bp.blogspot.com/-lDhkga8oWIE/W3-GAAYmhcI/AAAAAAAAO6s/55rlWNCnkjsLYvrTSEkbf8ULUKzeHaX2QCLcBGAs/s320/TWEET.png[/IMG] මෙවැනි පිපිරුම් සුපර්නෝවා නම් තාරකා පිපුරුමක් හෝ කුඩ ක්ෂුද්‍ර කළු කුහරයක් පිපිරීයාමෙන් සිදුවිය හැකි බවට අනුමාන කෙරෙනවා. එහෙත් සමහර තාරකා විද්‍යාඥයින් මේ පිපිරුම ස්වභාවික එකක් නොව, කෘත්‍රිම එකක් බවට මත පලකරනවා. පෘථිවියට සමාන ජීවය පැවතිය හැකි බවට අනුමාන කෙරෙන ග්‍රහලෝක තිබෙන සෙෆියස් තාරකා මණ්ඩලයේ සිදුවූ මේ පිපිරීම අතිශයින්ම දියුණු පිටසක්වල ශිෂ්ඨාචාරයක ක්‍රියාකාරිත්වයක් නිසා සිදුවිය හැකි බවයි ඔවුන් පවසන්නේ. "සමහර විට මේ දියුණු පිටසක්වලයින් ග්‍රහලෝකයක් විනාශකල හැකි බෝම්බයක් අත්හදා බැලුවා වෙන්න පුලුවන්.....සමහර විට ඔවුන් සිදුකල භ්‍යානක පර්යේෂණයකදී මොකක් හරි ලොකු වැරදීමක් සිදුවී විශාල අණතුරක් සිද්දවුනාද දන්නේ නෑ...." [/SIZE] [SIZE="6"][B] වසර පනහකට පෙර; ජූනි16, 2018 අවසානය ඇරඹුමකි (ආදර කතාවක් නොවේ)[/B][/SIZE] [SIZE="4"]තේජන සිය දුරකථනයේ තිරය දෙස බලාගෙන සිටියේ කරකියා ගත හැකි දෙයක් නැතුව. ඊයේ රාත්‍රියේ සිය පවුලේ ඥාති මිතුරෙකුවූ ජනිත් යහළුවන් වෙනුවෙන් පවත්වපු සාදයේ කැබරේ නැටුම් අවස්ථාවේ ඔහු අඩ නිරුවත් තරුණියක් හා යෙදුනු රංගනයේ වීඩියෝ ක්ලිපයක් මුහුණු පොතට වැටුනේ කොහොමදැයි සිතා ගන්නට ඔහුට බැරිවුනා. ඔහු ඒ සාදයට ගියේ ජනිත්ගේ පෙරැත්තය නිසාමයි. තේජන සමග එකට ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසැලට ගිය ජනිත් ලන්ඩන් ඕලෙවල් විභාගයෙන් පසු බ්‍රිතාන්‍යයට ගියේ එහි උපාධිය කරමින් සිටි සිය සොයුරිය සමග එක්වීමටයි. වසර කිහිපයකට පසුව ලංකාවට පැමිණි ජනිත්ගේ නිවසේ පැවති නිළ උපන්දින සාදයටද සහභාගීවුනු තේජනට මේ සාදයට යන්නට එතරම් උනන්දුවක් තිබුනේ නෑ. යාලුවන්ට කරටි කැඩෙන්නට බොන්න දෙන්න ප්ලෑන් කරපු මේ පාටිය මග අරින්න තේජනට ඕනෑ වුනත් ජනිත්ගේ පෙරත්තය ඊට හරස් වුනා. ඊටත් වඩා ජනිත්ගේ අක්කාගේ පෙරැත්තය ඔහුව වඩාත් පෙළඹවූවා. "අනේ තේජන ඔයත් යන්න මෙයා එක්ක.....මේ පාටිය ගැන තාත්තා දන්නෙත් නෑ, මට යන්නත් බෑනේ කොල්ලො බොන පාටිවලට.....මෙයා මොකක් හරි පිස්සුවක් නටයිද දන්නේ නෑ....ඔයත් යන්නකො..." කොහොම වුනත් සාදය කැබරේ සාදයක් බව තේජන දැන ගත්තේ එහි ගියාට පසුවයි. කැබරේ නැටුම් පටන් ගන්නා විටම සාදයෙන් පිටවීමට උත්සහ කලත් ජනිත් ඔහුව නැවැත්වුවා. "මොකක්ද බං? කොහෙද යන්නේ? ඉඳපන්..., උඹ හරියට ඩ්‍රින්ක් එකක් වත් ගත්තේ නෑ නේද? ඩ්‍රින්ක් එකක් අරගෙන, ඩාන්ස් එකක් බලලා රිලැක්ස් කරලා පලයන් බන්.... කෙල්ලෙක් හිටියා කියලා ඔච්චර බය වෙන්න එපා.....this is twenty first century මචන්....have some fun with us" ඊට කලින් හමුවූ කතාබස් වලදී ජනිත් කියපු තවත් කතාවකුත් තේජනගේ හිතේ හොල්මන් කලා. ජනිත් කියන්නේ ඇත්තක්ද? උමායා වෙනස්වෙන්න හදනවද? ඔහුගේ හිතට මහා වදයක් දැනුනා... "මචන් ඔය කැම්පස් ලව් එච්චර සීරියස් ගන්න එපා.......යූ.කේ වල නම් කොල්ලො කෙල්ලෝ ඉස්සෙල්ලා කරන්නේ සෙක්ස්, ඊට පස්සේ තමයි ඒවා ලව් වෙන්නේ......... යුනිවසිටි කාලේ කොල්ලෝ කෙල්ලෝ මැක්සා සෙක්ස් එන්ජොයි කරනවා......අවුරුදු 25 පැන්නට පස්සේ තමයි සීරියස් එකක් පටන් ගන්නේ..උමායා කරන්නේ සොෆ්ට්වෙයා ඉන්ජිනියරිං නේද?....කවුද දන්නේ උඹ ඔය මැරීගෙන ලව් කරාට, එයා සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් වෙලා ලොකු පඩියකට ජොබක් සෙට් කරගත්තට පස්සෙ උඹ වගේ ඩිසයිනර් කෙනෙක් හොඳ මදිවෙලා සොෆ්ට්වෙයාර් ප්‍රොෆෙෂනල් කෙනෙක් බැඳ ගනීද කියලා....?" උමායා ගැන දැඩි විශ්වාසයක් තිබුණත් මෑතක සිට ඇයගේ හැසිරීම ඔහුටද ප්‍රශ්ණයක් වුනා. ප්‍රශ්ණයට මුල්වුනේ ඔස්ටේලියාවේ ඉඳන් ට්‍රාන්සර් ස්ටුඩන්ට් කෙනෙක් විධිය SLIIT එකට ආපු ලකිත් මලළසේකර. ධනවත් පවුලක එකෙකු වූ ලකිත් ආ දවසේ ඉඳන්ම උමායාට දැල එලන්න ගත්තා. තාත්තාගේ සොරෙන්ටෝ ජීප් එකෙන් කැම්පස් එන ලකිත්, උමායාගේ යෙහෙලියන් ඒකේ පටවාගෙන එහෙ මෙහෙ අරගෙන යමින් ට්‍රීට් දෙන්න පටන් ගත්තේ උමායාවත් ඇද ගන්නා අදහසින්. උමායාගේ 22වැනි උපන්දිනයට දිනකට පසු තේජනට නුවර යන්නට සිදුවුනේ ෆෝටෝග්‍රැෆි ඇසයිමන්ට් එකකට නුවර ඇම්බැක්කේ දේවාලයේත් සතර මහා දේවාලවලත් ෆෝටෝ ගන්න සිද්දවුනු නිසා. ඇසයින්මන්ට් ගෲප් එකේ අනිත් උන් “ලෝන්ග්.... හොලිඩේ මචන්....ගෙවල්වලින් ට්‍රිප් යන්න කතා කරනවා" කියමින් දිග සති අන්තයක නුවර යන්න අදිමදි කල නිසා තනියම යන්න තේජනට සිද්දවුනා. සති අන්තයේ ලෙක්චර්ස් නොතිබුණත් ඇසයින්මන්ට් එකකට coding කරන්න යාලුවො එක්ක කොම්පියුටර් ලැබ් එකට යන බව උමායා තේජනට කියල තිබුණා. නුවර ඉන්න අතරේ ලකිත් උමායාට දුන්න සප්‍රයිස් බර්ත්ඩේ පාටි එක ගැන තේජන දැන ගත්තේ මුහුණු පොතේ ෆොටෝවලින්. ෆේස් බුක් එකෙන් දැන ගන්නකන් ඒ ගැන කියන්නවත් උමායා කරදර නොවීම ඔහුට දැඩි වේදනාවක් ගෙන දුන්නා. දුරකථන ඇමතුමක් දී "ඔයා coding කලේ අරූ එක්ක පිට්සා හට් එකේද?" උමායාගෙන් තරහින් ඇසූ තේජනට; "මොකක්ද තේජන ඔයාට වෙලා තියෙන්නේ? ඔයාට ඔච්චරම මාව ශුවර් නැද්ද?........ lab එකේ වැඩ ඉවර වෙලා යාලුවෝ එක්ක ගෙදර යන්න හදනකොටයි ඕක වුනේ. හොලිඩේ හින්දා ෂටල් බස් නෑනෙ.... ලිෆ්ට් එකක් දෙන්නම් කියපු නිසයි අපි ජීප් එකට නැග්ගේ....එයාගෙ ප්ලෑන් මම දන්නේ නෑනෙ......එක පාරටම ජීප් එක Pizza Hut එකක් ලඟ නවත්තලා සර්ප්‍රයිස් බර්ත්ඩේ ට්‍රීට් එකක් කිව්වම මම රණ්ඩුවෙලා බෑ කියන්නද? තනියම හිටියා නම් බෑ කියනවා..... මම තෑන්ක්යූ කියලා පිට්සා කෑල්ලක් කෑවා...එච්චයි.....එයා මට පිට්සා කවන්න ආවේ නෑ......" ~ / ~ "තේජන! මොකෝ බන් එකපාරමට සයිලන්ට් වුනේ.......is your chick worrying you now? තේජනගේ සිතුවිලි දාමය බිඳදමමින් ජනිත් ඇසුවා. "උමායා එහෙම කෙල්ලෙක් නෙමෙයි බන්.......අනික මං ගැන එයාගේ පේරන්ට්ස්ලත් දන්නවා......." "උඹගේ ඉතිහාසේ ගැනත් දන්නවද?....දන්නේ නැතිනම් දැම්මම කියලා තියපන්......නැත්නම් පස්සේ ඕවා ආරංචිවුනාම කේස් පිට කේස්...." “දන්නවා බන්.....මගේ ස්ටෝරිය SLIIT එකේ හැමෝම දන්නවා, ස්ටැෆර්ඩ් එකේ උනුයි, ලයිසියම් උනුයි ඉන්නවාගෙ.....මං ගිය ගමන් උන් පැතිරෙව්වා....දැන් ඒක පරණ කතාවක්........උමායා දැනගෙන තමයි සෙට්වුනේ........මගෙන් පොරොන්දුවක් ගත්තා ආයෙ ඒ ලයිෆ් එකට යන්නේ නෑ කියලා....එච්චරයි....." ස්ටැෆර්ඩ් එකේ ඉන්දැද්දී උසස්පෙල පන්තියේ පලවෙනි වසරේ පලමු වාරයේ නිවාඩු දෙන දවසේ යාලුවෝ එක්ක ගල්කිස්සේ පොඩි හෝටලයක ඉඳගෙන ගන්ජා උරලා පොලීසියට අහුවීම නිසා තේජන හා ඔහුගේ මිතුරන් කිහිපදෙනා පාසැලෙන් නෙරපා දැමුනා. එම හෝටලය ගණිකා මඩමක් බව තේජන දැන ගත්තේ පොලීසියේදී. ඔහුගේ මව හා පියා වෙන්ව ජීවත්වුනා. මව යලිත් විවාහවූ අතර පියා ඩුබායි රටේ රැකියාවකට පිටත්වුනා. තේජන පාසැල් ගියේ දෙහිවල සිය මිත්තනියගේ නිවසේ සිටයි. අම්මගේත් තාත්තගේත් වෙන්වීම තේජන දරාගත්තේ යාලුවන් එක්ක හැකිතාක් පිස්සු නැටීමෙන්. දඩබ්බර හැසිරීම, යාලුවන් සමග සීමාව ඉක්මවා විනෝදවීම හා පාසැල් වැඩ නිතරම අතපසු කිරීම නිසා ඔහුට සෑම සතියකම පාසැලේ විනය භාර ගුරුවරයා ලබාදුන් දඬුවම් රඳවාගැනීම් (detention) විඳින්නට සිදුවුනා. පොලීසියේ සිට අම්මා තාත්තාට කතාකොට සිද්දිය පැවසූ අතර දැඩි ලෙස කෝපවුනු ඔහුගේ පියා ඔහුව තමන් සේවය කල ඩුබායි රටට ගෙන යන්නට උත්සහ කලත් මවගේ මැදිහත්වීම නිසා පාසැලෙන් අස්කරාට පස්සේ Multimedia ෆවුන්ඩේෂන් කෝස් එකක් කරන්න SLIIT එකට යන්න අවස්ථාව ලැබුනා. ඒකේ අවසන SLIIT කැම්පස් එකේ BSc in Interactive Media උපාධි පාඨමාලාවට බැඳෙන්නට ඔහුට හැකිවුනත් අතීතය සඟවාගන්න ඔහුට බැරි වුනා. ඒත් උමායාගේ ආදරය ලැබුනට පස්සේ තමන්ටත් ජීවිතයක් තියෙන බව තේජනට දැනෙන්නට වුනා. හොඳ අනාගතයක් හදාගන්න, උමායා එක්ක එකතුවෙන ලෝකයක් ගැන හිතන්න ඔහු පටන් ගත්තා. ලකිත් මලළසේකර ඒ හීනය විනාශ කරන්නට හදන බවත්, උමායා දැන දැනම ඒ දැලේ පැටලෙන බවටත් ඔහුට හිතෙන්නට වුනා. “ඉස්සර නම් කොල්ලෙක් නෝට් එකක් ඉල්ලුවත් මට කියනවා, කොල්ලෙක් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් එව්වත් මගෙන් අහලයි ඇක්සෙප්ට් කරන්නේ…..දැන් ලකිතයා සෙවල පෙර පෙර පස්සෙන් එන හින්දා මගේ කබල් වෑන් එකට වඩා උගේ සොරෙන්ටෝ එක හොඳයි කියලා හිතෙනව ඇති එයාට….. ජනිත් කියන එක ඇත්ත……. එයාට ඌත් එක්ක පිට්සා කන්න හොඳනම් මට ටිකක් බීලා ෆන් එකක් ගත්තම මොකද? මම මොකටද මෙච්චර එයාට මාව හොඳ නැතිවේගන යනවානම් මම මොකටද බලෙන් එල්ලිලා ඉන්න හදන්නේ?....” කැබරේ පාටියේදී බීමතින් නටන්නට ඔහු පෙළඹවූයේ උමායාගේ වෙනස්වීමේ වේදනාව බව දැන සිටියේ ඔහුම පමණයි. හදිස්සියේම දුරකථනය නාද වෙන්නට ගත් නිසා තේජන ගැස්සුනා. "Suresh calling….." තිරයේ දිස්වුනා. "හලෝ?" "හලෝ තේජන! මොකක්ද හු*** උඹ කරගත්තේ?.....අපිත් චාටර් බන් උඹලගෙ පො*** වැඩ නිසා..... උඹ දැක්කද FB එකේ Insta එකේ යන කොමෙන්ට්ස්?...... .උඹල වගේ පිස්සු හු*** හින්දා අපිටත් ලෙක්චර් හෝල් එකට යන්ඩ වෙන්නේ හූ පාර කාගෙන…...උඹට නම් හෙන ගැහුවත් කමක් නෑ...... උමායා කොහොමද බන් දැන් කැම්පස් එන්නේ?....ආයි උමායා ඉන්න පැත්තකටවත් යන්න එපා...සෙරප්පු පාර තමයි තොට කන්ඩ වෙන්නේ.......ඒකිට මල පැනලා…... මල කියන්නේ මලේ හොඳම එක......තමුන්ගේ කොල්ලා කැබරෙ එකක වල් ගෑණියෙක්ව බදාගෙන නටන හැටි FB, Insta වැටුනම කෙල්ලෙක් කොහොම පාරේ බැහැල යන්නද ඕයි??...." සුරේෂ් ඇමතුම විසන්ධිකලා පණිවුඩයක් ලැබුණු බවට සටහන් වුනු නිසා දුරකථනයේ වට්ස් ඇප් එක විවෘත කල තේජන, ඔහු හා උමායා පමණක් ඉන්න "Umayaa & Thejana 4 Ever" චැට් ගෲප් එකෙන් පණිවුඩය ලැබුණු බව දැක්කා. [IMG]https://1.bp.blogspot.com/--ukSKi2uVrk/W3-HOg2IcPI/AAAAAAAAO64/YbKvUeC8rrkjcsmeSHtxb4mstUDHc7BjACLcBGAs/s1600/thejana%2B-%2Bumaya%2B-%2Bwhats%2Bapp.JPG[/IMG] Three months later…….[/SIZE] [SIZE="4"]වටින් ගොඩින් ඇඳිරි වැටෙද්දී පින්න හා මීදුමෙන් ට්රයිපොඩයේ රඳවා තිබූ සිය වටිනා කැමරාවත්, ඊටත් වඩා වටින මිලිමීටර් 600 ටෙලිෆොටෝ ලෙන්සයත් ආරක්ෂාකරගන්නට තේජන එය පොලිතීන් කොලයකින් ආවරණය කලා. ෂාහීන් ෆැල්කන් නම් උකුසු විශේෂය ඡායාරූපයට ගැනීම සඳහා ඔහු නකල්ස් වලට ආවේ අද පාන්දර. මීට අවුරුද්දකට විතර කලින් සීගිරියේදී ෂාහීන් ෆැල්කන්ලා ඡායාරූපයට නගාගන්නට ආසාවෙන් හිටියත් එය අතහැර දමන්නට වුනා. කැම්පස් සෙට් එකක් එක්ක ආපු ට්‍රිප් එකේ උමායාත් හිටපු නිසා ෂාහීන් ෆැල්කන්ලා ෆෝටෝ ගන්නවාට වඩා උමායාව යි එයාගේ යාලුවන්වයි ෆෝටෝ ගන්න සිද්ධ වුනා. එතරම් අපහසුවක් නැතුව ෂාහීන්ලා බලාගන්න පුලුවන් තැනක් විධියට, සීගිරිය පක්ෂී ලෝලීන් අතර ප්‍රකට වුනත්, උමායා එක්ක ගිය හොඳම ට්‍රිප් එකේ මතකයන් යලිත් අවදිකරගන්නට ඔහු අකමැති වුනා. ලැබුණු පලමුවෙනි නිවාඩුවේම නකල්ස් එන්න තීරණය වුනේ නකල්ස් රක්ෂිතයේ ඉකෝ ලංකා කෑම්පින් සයිට් එකට ටිකක් ඈතින් තියෙන කඳුගැටයක ෂාහීන් ෆැල්කන්ලා ඉන්න බවට ලක්දසුන් සංචාරක ෆෝරම් එකේ පලවෙලා තිබුණු ලිපියක් නිසායි. ෂාහීන් ෆැල්කන් උකුසු විශේෂය ලෝකයේ වේගවත්ම පක්ෂීන් ලෙස සැලකෙන පෙරිග්‍රීන් ෆැල්කන් උකුස්සන්ට ලඟින්ම නෑකම් කියනවා. ඉතා වේගවත් පියාසැරිය නිසා ඡායාරූප ගැනීම ඉතාමත් අපහසු ෂාහීන් ෆැල්කන් ජීවත් වුනේ මුහුදු මට්ටමේ සිට මීටර් 1200කට වඩා උස ප්‍රදේශවල කඳු ආශ්‍රිතවයි. ෂාහීන් උකුස්සන් ගැන ලැබුනු ඔත්තුව වගේම ලඟ ගමක තරුණයෙකු වුනු පියතිස්සව තේජනගේ ට්‍රැකර් විධියට සම්බන්ධකලෙත් ලක්දසුන් එකේ යාලුවෙක්. තනිවම ආපු තේජනව කඳවුරු භූමියට රැගෙන ගිහින් කූඩාරම අටවලා සියල්ල සූදානම් කල පියතිස්ස ආපහු යන්න සැරසුනේ අනපේක්ෂිත විධියට සිය බිරිඳ හා කුඩා දරුවා දැඩි වෛරස් උණකට ගොදුරුවීම නිසා. ඉස්සෙල්ලා කතාවෙලා තිබුණේ පියතිස්ස රෑටත් තේජනගේ තනියට ඉන්නවා කියලයි. පාන්දරට ඒ පැත්තේ ගැවසෙනවා කියලා කියන විශාල ගෝනුන් බලාගන්නත්, රෑට ගස් මුදුන්වල ගැවසෙන දුර්ලභ උණහපුලුවන් බලාගන්නත් තේජනට ලොකු ආසාවක් තිබුණා. ගෝනුන් කොහොම වුනත් රෑට ගස් මුදුන්වල ඉන්න උණහපුළුවෝ බලාගන්න නම් හොඳ ට්‍රැකර් කෙනෙක් ඉන්නම ඕනෑ. සාමාන්‍ය අයට නොපෙනෙන ගොඩක් සත්තු හොඳ ට්‍රැකර් කෙනෙක්ගේ පලපුරුදු ඇස්වලට හසුවෙනවා. "සර් බයවෙන්න එපා.....අර පේන්නේ ඉකෝ ලංකා කෑම්ප් එක,.මෙතන ඉඳන් හරියටම කිලෝමීටර් එකයි.........ෂාහීන්ලා ඉන්නේ අර කන්දේ බෑවුමේ. මේ වෙලාවට නෑ.....හවස පහ හය වෙනකොට දකින්න පුලුවන්.....ආයෙත් උදේ හය හත වෙනකන් දකින්න පුලුවන්.... ...හදිස්සියක් වුනොත් ටෝච් එක අරගෙන ඉකෝ කෑම්ප් එකට යන්න......මේ දවස්වල කට්ටියක් ඉන්න නිසා රෑ එලිවෙනකන් ගිණිමැලේ පත්තු වෙනවා. එහෙ ඉන්න ට්‍රැකර් මගේ නෑයෙක් වෙන අයියා කෙනෙක්. මම සර් ගැන බලන්න කිව්ව...මේ පැත්තේ දිවියෝ නෑ.......ඒ නිසා රෑට බයක් නෑ....ඒත් රෑ ඇවිදින්න යන්න එපා......රෑට මීදුම හරිම ඝණයි.....අතරමං වෙන්න පුලුවන්.....ලොකු හදිස්සියකදි විතරක් ඉකෝ කෑම්ප් එකට යන්න.........මම හෙට උදෙන්ම එනවා.....රෑට පැටියවයි එයාවයි තනිම තියන්න බයයි....අමාරු වුනොත් කවුරුත් නෑනෙ...." විස්තර කියා, සියල්ල සූදානම් කල පියතිස්ස තේජනගෙන් සමුගෙන ගියේ හවස තුනට විතර. ලොකු තර්මොස් ෆ්ලාස්ක් එකක උණු කෝපි, රෑ කෑමට නූඩ්ල්ස් එක්කම කාන්සියට හප හපා ඉන්න බැදපු මංඤ්ඤොක්කා ලොකු පාර්සලයකුත් පියතිස්සගෙන් ලැබුණා. දවල් කෑම වේල පියතිස්සගේ ගෙදරින්. එයාගේ තරුණ බිරිඳ හොඳටම උණ තියාගෙනත් අමාරුවෙන් උයලා තිබුණා. බොහොම රසට ගමේ ක්‍රමයට උයලා තිබුණු නිසා බත් මහ ගොඩක් කාපු තේජනට නිදිමතක් දැනුනත්, තංගප්පුව තේවතු යාය අසල වූ ජයතිස්සගේ කුඩා නිවසේ සිට පයින් යන්න වුනු නිසා ඒ ගතිය ඇරිලා ගියා. පියතිස්ස කියපු විධියටම ෂාහීන් ෆැල්කන්ලා හවස පහ විතර වෙනකොට කඳුගැටයේ තනාගෙන තිබූ කූඩුවලින් එලියට ඇවිල්ලා ගොදුරු සොයා පියඹන්න වුනා. තනිවම හිටපු නිසාත් බොහොම නිස්කළංක පරිසරය නිසාත් හොඳ ෆොටෝ සෑහෙන ප්‍රමාණයක් ගන්න තේජනට පුලුවන් වුනා. "රුපියල් ලක්ෂ තුනක් විතර වියදම් කරලා ගත්ත ටෙලිෆොටෝ ලෙන්ස් එකෙන් හරියටම වැඩ ගන්න ලැබුණේ අද තමයි...." තේජනට හිතුනා. ලෙන්ස් එක ගන්න ලෑස්ති වෙනකොට බොරුවට සල්ලි නාස්තිකරන්න යනවා කියලා උමායා තේජනගේ හිත වෙනස් කරන්න ලොකු උත්සහයක් ගත්තා. "තාත්තා අමාරුවෙන් එවපු සල්ලිනෙ....අපරාදෙ, බැංකුවෙ දාන්නකො..." ඇය පෙරැත්ත කලා. දැන් එයා නෑ, තියෙන්නේ ලෙන්ස් එක විතරයි. එක දිගටම පැයක් විතර කැමරාව එල්ලකරගෙන වේගෙන් පියාඹන ෂාහීන්ලාව ෆෝකස් කරන්න මහන්සිවුන නිසාත් පැය තුනක් විතර කැලේ මැද්දෙන් ඇවිදගෙන ආපු නිසත් තෙහෙට්ටුවක් දැනුනා. රෑට එන ගෝනුන්ගේ low light ඡායාරූප ගන්න හිතාගෙන කැමරාව ට්‍රයිපොඩ් එකේම තියෙන්නට හැරි තේජන, කැමරාව වහපු පොලිතීන් කොලේ හුළඟෙ යන්නෙ නැතිවෙන්න ගල් කැට කිහිපයක් බරට තිබ්බා. ස්ලීපින් බෑග් එක දිග ඇරලා ඒක උඩින් ඇලවුනේ ටිකක් ඇහැ පියාගන්න. තවම සීතල නැති නිසා ස්ලීපින් බෑග් එක ඇතුලට බැහැගන්න උනන්දුවක් ඇතිවුනේ නෑ. තෙහෙට්ටු වැඩි නිසාම නිදිමත නොතිබුණත් තේජන දෑස් පියාගෙන කල්පණා ලෝකයක ගිලුනා. කැබරේ නැටුමෙන් පස්සේ ජීවිතය උඩු යටිකුරු වුන හැටි තේජනට මෙනෙහි වුනා. කැබරේ වීඩියෝව මුලු කැම්පස් එකේම පැතිරිලා, ඒක නොදැකපු කෙනෙක් සොයාගන්න බැරිවුන නිසා ලෙක්චර්ස් යන්න බැරි තැනටම වැඩ සිද්දවෙලා තිබුණා. හැමෝම තේජන, උමායාට කරපු අවනම්බුව ගැන කතාකරන්න පටන් ගත්තා. "මහ වල් යකෙක්....ඕකා ඉස්කෝලෙ යන කාලෙත් බඩු පොට් එකක ඉඳලා පොලීසියට අහුවෙලයි ඉස්කෝලෙන් අස් කලේ...." උමායා පමණක් නොව ඔහුගේ යහලු යෙහෙලියන් බොහෝ දෙනෙක් ඔහුව පිලිකුල් කරන බව තේජනට දැනුනා. ඔහුගේ හොඳම සගයාවූ සුරේෂ් පවා ඔහුව මගහැරියා. ඔවුන් තමන්ව ලාදුරු රෝගියෙක් මෙන් සැලකීම තේජනට දරාගත නොහැකි වේදනාවක් වුනා. සතියක් විතර දේශන වලට යන්නේ නැතුව ගෙදරට වෙලා හිටපු තේජන මෙට්‍රොපොලිටන් කැම්පස් එකට ට්‍රාන්සර් එකක් ගන්න හැදුවත් එය ප්‍රතික්ෂේප වුනා. දැඩි සිත් තැවුලට පත් ඔහුට පිහිටක් වුනේ මල්ටිමීඩියා උපාධි පාඨමාළාවේ සම්බන්ධීකරණ නිළධාරිණිය ලෙස කටයුතු කල ආචාර්යවරියක්. "ඔයා ගිහිල්ලා කැම්පස් කවුන්සලර්ට කතා කරන්න.....ඔයාගේ මානසික තත්වය කියන්න....එයාගෙන් රෙකමෙන්ඩේශන් එකක් ආවොත් රෙජිස්ට්‍රර් ඔෆිස් එකෙන් ඔයාගෙ ට්‍රාන්සර් රික්වෙස්ට් එක පිලිගනී..." ඇයගේ මග පෙන්වීම අනුව විශ්වවිද්‍යාලයේ මනෝවෛද්‍ය උපදේශකවරයා හමුවී සියල්ල පවසා සිටි තේජනගේ ඉල්ලීම සාධාරණ බවත්, එම ඉල්ලීම ප්රතික්ෂේපකල හොත් ඔහුගේ අධ්‍යාපනය කඩාපප්පල්වී අනාගතය අඳුරු වියහැකි බවටත් කල රෙකමදාරුව නිසා ලේඛකාධීකාර්යාලය තේජනට SLIIT මෙට්‍රොපොලිටන් කැම්පස් එකට මාරුවක් හදා දුන්නා. යහලුවන් සියල්ලම මගහැරීම නිසා ඔවුන්ගෙන් සම්පූර්ණයෙන්ම වෙන්වීමට ඔහු ඒවන විටත් තීරණය කර තිබුණා. සිය ෆෙස්බුක් ගිණුමේ හා ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ඡායාරූප හා වීඩියෝ සියල්ලම මකා දැමූ තේජන ඒවා ක්‍රියාවිරහිත කලා. සිය දුරකථනයේ මෙමරි කාඩ්පත හා සිම් කාඩ් එක වීසිකොට දැමූ ඔහු, දුරකථනය factory reset කොට එහි තිබූ දත්ත සියල්ලමද මකා දැම්මේ දෙපාරක් හිතන්නේ නැතුව. එයින් නොනැවතුනු ඔහු, අධ්‍යාපන කටයුතු වලට අවශ්‍ය ගොණු පමණක් බැකප් කරගෙන සිය ලැප්ටොප් යන්ත්‍රය හා ග්‍රැෆික් ඩිසයින් වැඩ සඳහා භාවිතා කල ඩෙස්ක්ටොප් යන්ත්රයේද Windows 10 මෙහෙයුම් පද්ධතිය අලුතින්ම ස්ථාපනය කලා. උමායා එක්කම පරණ ජීවිතයේ මතක සියල්ලම අකා-මකා උපාධියේ ඉතුරු අවුරුදු එකහමාර කෙසේ හෝ අවසන් කරගෙන ජීවිතය ගොඩදාගැනීමට ඔහු අධිෂ්ඨාන කරගත්තා. ඒ අතර; "තේජන ලඟ මගේ ෆෝටෝ ගොඩක් තියෙනවා......මාත් එක්ක තරහට ෆොටෝෂොප් කරයිද දන්නේ නෑ….." කියමින් උමායා මැසිවිලි නගන බව කනින් කොණින් ආරංචිවූ නිසා සියල්ලම මකා දැමීමට පෙර ඇය සිටින සියලුම ඡායාරූප මෙමරි කාඩ් පතකට පිටපත් කරපු තේජන එය ඇය වෙත යැව්වේ කුඩා සමුගැනීමේ හසුන්පතක් පතක් සමගයි. "සුරේෂ්...මචන් මම උඹෙන් ඉල්ලන අන්තිම උදව්ව...මේ මෙමරි චිප් එකයි, මේ කාඩ් එකයි උමායට දීපන්.....?" "අනේ මේ....උඹට ඕනෑනම් දීපන්.....මට ඔය කේස් වලට පැටලෙන්න බෑ....ඕවාවල මොනවා තියෙනවද දන්නේ නෑ.....මට ලෙඩ දාගන්න බෑ........." සුසුමක් හෙලූ තේජන.. "ඒකත් එහෙමද? ඒ තරමට මාව එපාවෙලා උඹලට??…..මට එයා ලඟට යන්න බැරි බව උඹ දන්නවානේ……….මේ චිප් එකේ තියෙන්නේ මගෙ ලඟ තිබුණ එයාගෙ ෆෝටෝ ඔක්කොම.....මගෙ ලඟ කිසිම කොපියක් නෑ...මේක මගේ ගුඩ් බයි කාඩ් එක....උඹට ඕනෙ නම් කියවපන්...ඉඳා...." කාඩ්පත කවරයෙන් ඉවතට ගෙන සුරේෂ්ගේ මුහුණට දිගුකල තේජන සුරේෂ්ට එය කියවන්නට ඉඩ දුන්නා. පෙරපාසැල් වියේ සිටම ස්ටැෆර්ඩ් පාසැලේ ඉගෙන ගත් තේජනට සිංහලට වඩා බොහොම ලස්සනට ඉංග්‍රීසි බස හසුරුවන්නට හැකිවුනු නිසා එය ඉංග්‍රීසියෙන් ලියා තිබුණා.[/SIZE] [IMG]https://4.bp.blogspot.com/-iUpkLdwgK7w/W3-IHxRcOvI/AAAAAAAAO7A/FkLr1M6PgVkKtcAevwijT8ytMCL0O1edACLcBGAs/s1600/GOODBYE-LETTER2.JPG[/IMG] [SIZE="4"]හදිසියේම ඇහැරුනු තේජන අත් ඔරලෝසුවේ වෙලාව බැලුවා. පාන්දර 1.35 එහි සටහන්වී තිබුණා. ස්ලීපින් බෑගයෙන් එලියේ නිදාගත් නිසා සීතලට ඇඟ ගල්වී තිබුණා. අමාරුවෙන් තර්මෝස් ෆ්ලාස්ක් එක ඇරගත් තේජන කෝපි කෝප්පයක් වත්කර ගත්තා. මීදුම හා ශීතල නිසා උණු කෝපි කෝප්පයෙන් වාෂ්ප එන්ජිමකින් මෙන් දුම්දානවා. බඩගිණ්නක් දැනුනත් හීතල වුනු නූඩ්ල්ස් කන්න හිත් දුන්නේ නෑ. ඒ වෙනුවට මඤ්ඤොක්කා පෙති අහුරක් කටේ දාගත්තා. අවට පරිසරය පුරා මීදුම ලාවට පැතිර තිබුණා. "පාන්දර වෙනකොට නම් මීදුම වැඩිවෙයි." ඔහු හිතුවා. කූඩාරමෙන් එලියට පැමිණ වටපිට නැරඹූ ඔහුට ඈතින් ඉකෝ ලංකා කඳවුරේ ගිණි මැළය පෙනුනා. රැහැයියන්ගේ ඝෝෂාව වගේම ඈතින් ඇහෙන අමුතු කුරුල්ලෙකුගේ හඬත් කොළඹ ජීවත්වුනු ඔහුට නුහුරු නුපුරුදු අත්දැකීමක් වුනා. හාත්පස ඝණ අඳුර මකන්නට පුර අටවක හඳෙන් පැතුරුණු එලිය සමත්වුනා. "ගෝන්නු එනකොට පාන්දර හතර විතර වෙයි..එලාම් එක තියන්න ඕනෑ.........නැතිනම් ඇහැරෙන එකක් නෑ...." සිතූ තේජන සිය දුරකථනය රැගෙන පාන්දර 3.45ට සකස් කලා. තිරයේ දිස්වුනු "No Service" නිවේදනය ඔහුට අනාරක්ෂිත හැඟීමක් ගෙන දුන්නත් පැය භාගයක ගමණකින් ඉකෝ ලංකා කෑම්ප් එකට යන්නට හැකිවීම එම හැඟීම තුනී කලා. "දිවියෝ නෑ කිව්වනෙ......මේ පැත්තේ වලස්සුත් නෑ.........මොකටද බය වෙන්නේ? යක්කු එනවා කියලයැ...." ඔහුට හිතුනා. යකුන් ගැන මතක්වන විට කලකට පෙර පැවරුමක් සඳහා අතරින් පතර කියැවූ "Village folk tales of Ceylon" නම් පොතක තිබූ ජනප්‍රවාදයක් මතක් වුනා. එච් පාකර් නම් වාරිමාර්ග ඉන්ජිනේරුවා විසින් 1914දී සම්පාදනය කල මෙම පුරාණ ලාංකික ජනකතා එකතුවේ දුම්බර මිටියාවතේ වාමනයින්ගේ ලෝකයක් ගැන ජනප්‍රවාදයක් විස්තර කර තිබුණා. දුම්බර මිටියාවතේ නකල්ස් කඳුවැටියේ යම් යම් කඳුවල ඇති කුඩා ගුහාතුලින් සඳ ඇති කාලයට එලියට එන අඩි 4ක් හෝ 5ක් උසැති මිටි මානවරූපී සතුන් පිරිසක් ගැන විස්තරයක් තිබුණා. "පිශාචයින්" ලෙස ගැමියන් හැඳින්වූ මොවුන්, කඳුකර ඝණ කැලෑවල සැඟවී දිවි ගෙවන යම් ආකාරයක අර්ධමානව ගෝත්‍රයක් විය හැකි බවට එකල ලක්දිව පර්යේෂණ සිදුකල යුරෝපීය වියතුන් මතපල කොට තිබුණා. ගැමියන් පැවසූ අන්දමට මේ පිශාචයින්ගෙන් ගැමියන්ට අණතුරක් වූයේ කලාතුරකින්. සඳ ඇති රාත්‍රීවල එලියට පැමිණෙන ඔවුන් කැලෑවේ පැලෑටි එකතු කිරීම හා යාග පැවැත්වීම සිදුකරන බව ජනකතාවල සඳහන් වුනා. මිනිසුන්ට අණතුරක් නොකලත් ඔවුන් සතුව බලගතු මන්ත්‍ර ඇති බවයි ගැමියන් විශ්වාස කලේ. යමෙක් ඔවුන්ට නොදැනෙන්නට ලං වුවහොත් ඒ පුද්ගලයාව ටික වේලාවකට ගල් කිරීමේ මන්ත්‍ර ඔවුන් ලඟ තිබුණා. ඒ මන්ත්‍රයට හසුවන්නන් පැයක් පමණ යනතෙක් අතපය වාරු නැතිව වැටී සිටිනවා. වාමනයින් දැක බිය පත්වූ සමහරුන් සුව කිරීමට තොවිල් නටා කුකුල් බිලි ලබාදීමටද සිදුවන බව ජනප්‍රවාද වල තිබුණා. ඔවුන් ජීවත්වුනේ පොලොව යට බවත්, කුඩා ගුහා තුලින් විහිදෙන දෝනා වලින් ඔවුන්ගේ ලෝකයට යා හැකි බවත් පැවසුනා. මිනිසුන් දුටුවිට වහා දිවගොස් තමන් එලියට පැමිණි කුඩා ගුහාවට රිංගා ගන්නා කලු වාමනයින් නැවත කලකට දකින්නට ලැබෙන්නේ නෑ. එමෙන්ම ඔවුන් පසුපස හඹා ගොස් එම දෝනාවලට රිංගූ කිසිවෙකුට යලි ආපසු එන්නට ලැබෙන්නේ නැති බවත් පැවසෙනවා. තමන්ගේ ලෝකයට එන කිසිදු මිනිසෙකුට ඒ ලෝකයේ රහස් දැනගෙන මෙලොවට යලි එන්නට වාමනයින් ඉඩ නොදෙන බවයි පැවසුනේ. රන්, මිණී මුතු මැණික් වැනි වටිනා දෑ දසත විසිරී ඇති වාමන ලෝකයට පිවිස යලි ආපසු එන්නට වරම් ලැබූ අයද කලාතුරකින් සිටියත් ඔවුන් ජීවිත කාලයම සිහිමද ගතියෙන් පෙලෙන බවයි ගැමි ප්රවාදවල සඳහන් වුනේ. වාමන ලෝකයේ දුටු බිහිසුණු දසුන් ඔවුන්ව සදහටම සිහි විකල් කරවන බව ගැමියන්ගේ විශ්වාසය වුනා. [/SIZE] [SIZE="5"][B][COLOR="Blue"]කතාව ගොඩක් දිගයි! පටන් ගත්තා විතරයි!. ඉතුරුටික මෙතනින් : [/COLOR][/B][/SIZE] [URL="https://vidya-gaweshana.blogspot.com/2018/08/science-fiction-dark-world.html"]https://vidya-gaweshana.blogspot.com/2018/08/science-fiction-dark-world.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom