DEAL EKAK THIYANA NISA WENNA ATHI POHOTTUWO LOKKO INDAN SOKKO WENAKAN MEDIA SHOW THIYALA DELA NE KIYANNE

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටි රිෂාඩ් බදූර්දීන් මහතාගේ සහෝදරයාව නිදහස් කිරීම යනු පොලිසිය ලකුණු දමාගැනීමට ගොස් ආණ්ඩුව අපහසුතාවට පත්කිරීමක් වශයෙන් තමන් දකින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා පවසයි.

    "මම විශ්වාස කරන්නෙ රිෂාඩ් බදූර්දීන් මහත්තයා සම්බන්ධයෙන් පොලිසිය අත පුච්චා ගන්නෙ නැතිව හිටියා නම් වඩා හොඳයි. මේ කාරණා වලින් ආණ්ඩුව තමයි අපකීර්තියට පත්වෙන්නෙ. රිෂාඩ් බදූර්දීන් මහත්තයාට මේ වගේ පුංචි සැලකීමක් කළා වගේ, ඩීල් එකක් කියලා වගේ කතාවක් තමයි ජනතාව ආණ්ඩුවට විරුද්ධව ඇඟිල්ල දික් කරන්නෙ.

    මට තේරෙන්නෙ නෑ ඇයි පොලිසිය මෙහෙම ක්‍රියාත්මක වෙන්නෙ කියලා. මේවා මේ කාරණා උසාවියට දාලා උසාවියෙන් තීරණය කළා නම් බොහොම අපූරුයි මේවා සාක්ෂි නෑ කියලා. අපටත් තියෙන ගැටළුව කොහොමද පොලිසිය තීරණය කරන්නෙ සාක්ෂි තියෙනවද නැද්ද කියලා ? පොලිසිය සාමාන්‍ය මිනිස්සුන්ගෙත් ඔය විදියට ඔහොම තීරණය කරනවද ?

    මට තේරෙන්නෙ පොලිසිය ලකුණු දාගන්න ගිහිල්ලා ආණ්ඩුව අපහසුතාවයට පත්කරන තත්වයක් තමයි අපට පේන්න තියෙන්නෙ. එකී ක්‍රියාවලිය පැහැදිලිවම තරයේ හෙළාදකිනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

    ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා මේ බව පැවසුවේ ඊයේ (05) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.