Copied from facebook. Data update Sep 2022.
eth meke top 1 ewa choose karanna.
Industry එකේ වැඩිපුර demand මොනවද? React? Angular? Java?
මේ කාරණාව ගැන මම පහුගිය ටිකේ දාපු පෝස්ට් කිහිපයක සහ inbox ආපු messages කිහිපයක අහලා තිබුණා... මම React developer කෙනෙක් වුණාට මට ඒකට හරි උත්තරයක් දෙන්න බැරිවුණා මම ඒ ගැන research එකක් කරලා හොයලා බලලා තිබුණේ නැති නිසා.... ඉතින් සරලවම Research එකක් කරන්න හිතුවා, ඒක කළා, මෙන්න Result එක. මේ Research එකට අදාල Survey එකට මම ගත්තේ විවිධ රටවල Projects කරන ලංකාවේ Software Companies 55ක, ලංකාවේ වැඩ කරන Software Engineersලා 100 කගේ තොරතුරු. මේ Companies 55 ඇතුළේ හැමෝම නම දන්න ප්‍රසිද්ධ companies වල ඉදන් අප්‍රසිද්ධ comapnies දක්වා සියලු මට්ටමේ ආයතන නිරූපණය වෙනවා. ඒ නිසා Research Sample distribution එක bias නොවී තියෙනවා කියලා උපකල්පනය කරන්න පුළුවන්. ඒ අනුව මේක සාධාරණ research එකක් කියලා උපකල්පනය කරන්න පුළුවන්.
මේක මම කළේ ලංකාවේ companies 55ක වුණාට ලෝකයේ අනිත් රටවල තත්වය මේකමයි හෝ මේක නෙමෙයි කියලා හරියට ම කියන්න හැකියාවක් නෑ ඒකටත් සාධාරණ research එකක් නොකර. නමුත් උපකල්පනයක් කරන්න පුළුවන් සාධක දෙකක් මත.
- ලංකාවේ බොහොමයක් මෘදුකාංග ආයතන, ලෝකයේ වෙනත් රටවල ව්‍යාපෘති සිදුකරන ආයතන වීම
- පෞද්ගලිකව මා හට විදේශ රටවලින් අවස්ථාව ලැබුණු රැකියා අවස්ථාවල ඉල්ලුම් කර තිබූ තාක්ෂණයන්
මේ සාධක දෙකට අනුව නම් යම් දුරකට ලෝකයේ වෙනත් රටවල තත්වයත් මේ ප්‍රතිඵලය ම බව උපකල්පනය කරන්න පුළුවන්. නැවතත් කියනවා, ඒක හරියට ම කියන්න නම් Survey එකක් කරන්න ම ඕනේ.
Survey එක ගැන කියනවා නම්, මම ගත්තේ Industry එකේ අවුරුදු 5ක් පමණ රැකියාව කරන, පළපුරුදු, Software Engineering field එකේ 100 දෙනෙක්. එයාලා නිරූපණය කළේ මෘදුකාංග සමාගම් 55ක්. මම Survey එක කලේ domains 6කින්. ඒ Frontend, Backend, Mobile, Cloud, Databases සහ AI/ML and Data Science
එක් එක් Domain එකට අදාල Top 3 Results
Frontend
- React(JS) (78%)
- Angular (52%)
- React(TS) (43%)
Backend
- Java (65%)
- .NET (50%)
- NodeJS (43%)
Mobile
- React Native (63%)
- Flutter (43%)
- Java (40%)
Cloud
- AWS (78%)
- MS Azure (63%)
- GCP (21%)
Databases
- Relational (Ex. MySQL) (90%)
- Document DB (Ex. MongoDB) (56%)
- Object Relational (Ex. Postgresql) (49%)
AI/ML and Data Science Developments
- No (58%)
- Yes (42%)
Results සහ මම හිතන් හිටපු තත්වය අකර ලොකු gap එකක් නැති වුණත්, Mobile Development වල Flutter Top එයි කියලා මම හිතුවේ.... නමුත් තවමත් ලංකාවේ Mobile developments dominate කරන්නේ React Native. පහතින් 4to එකේ දාලා තියනවා Full Result Summary එක. දැන් අලුතින් එන්න ඉන්න හැමෝමට idea එකක් ඇති මොනවටද priority එක දෙන්න ඕන කියලා. දැනට industry එකේ ඉන්න අයටත් වැදගත් වෙයි කියලා හිතනවා. හිතේ තව Survey එකක් ගැන අදහසක් තියනවා... ඒකත් කරල ම කියන්නම්. Survey එකට දායක වුණ සියලු දෙනාට ස්තුතියි!