Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Today at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Dhamma Padaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊ ළඟට මේ අසත්පුරුෂයා කල්පනා කළේ සඟ පිරිස බිඳවන්නයි. සංඝ භේද පාපකර්මය කරන්න යි. අන්තිමේ දී කරුණු පහක් මුල් කරගෙන අළුත පැවිදි වූ පන්සියයක සඟ පිරිසක් රවටා ගන්නට දේවදත්ත සමත් වුණා. අළුත පැවිදි වූ පන්සියයක් ස්වාමීන් වහන්සේලා කල්*යාණ මිත්*රයෙක් කියලා දේවදත්තට රැවටුනා. තමන් ළඟ හිටියොත් ඉක්මණින් නිවන් දකින මාර්ගය පෙන්වා දෙන්නම් කියලා ඒ භික්ෂූන් වහන්සේලා සියළු දෙනා ම තමන්ට අවනත කරගත්තා. අවනත කරගෙන ගයා .ර්ෂ කියන තැනට ගිහින් ඒ පන්සියයක් භික්ෂූන් වහන්සේලාට බණ කියන්න පටන් ගත්තා. බුදු රජාණන් වහන්සේ සැරියුත් මුගලන් රහතන් වහන්සේලා අමතා වදාළා “සාරිපුත්ත, මොග්ගල්ලාන, ඔබ වහාම යන්න. ඒ අළුත පැවිදි වූ භික්ෂූන් කල්*යාණ මිත්*රයන් හඳූනාගැනීමට අසමර්ථ වුණා. දේවදත්ත ගේ පවිටු අදහස්වලට ඒ භික්ෂූන් ගොදුරු වෙන්න කලින් ඉක්මණින් බේරගන්න.” සැරියුත් මුගලන් රහතන් වහන්සේලා ගයාශීර්ෂය බලා වැඩම කළා. අධික මාන්නයකින් පෙළෙන, ප්*රධානත්වය ලබාගැනීමෙහි විකෘති ආශාවකින් පෙළෙන දේවදත්ත ඈතින් වඩින සැරියුත් මුගලන් රහතන් වහන්සේලා දැක, ප්*රීතියෙන් කෑ ගැසුවා. “පින්වත් මහණෙනි, අන්න බලව්. කවුද හරි? දැන් පැහැදිලියි. මම යි හරි. දැක්ක නේද මා කරා අග්*රශ්*රාවකයන් වහන්සේලා එන ආකාරය. බුදු සසුන තියෙන්නේ කවුරු අතේ ද කියා දැන් මහණෙනි, නුඹලාට පේනවා ද?” සැරියුත් මුගලන් රහතන් වහන්සේලා ළං වන විට දේවදත්ත උන්වහන්සේලා අමතා මෙහෙම පැවසුවා. “එම්බා සාරිපුත්ත, මෙහි එන්න. මාගේ දකුණු පසෙන් වාඩි වෙන්න. එම්බා මොග්ගල්ලාන මාගේ වම්පසින් වාඩි වෙන්න. දැන් මේ සසුනේ නායකයා මමයි. සාරිපුත්ත මොග්ගල්ලාන මා දැන් මෙතෙක් වේලා දහම් දෙසුවා. මගේ පිට ස්වල්පයක් රිදෙනවා. මා ටික වේලාවක් හාන්සි වී සිටින්නම්. මේ භික්ෂූන්ට ඔබ දහම් දෙසන්න.” දේවදත්ත හාන්සි වුණා. ඒ සැණින් ම හොඳට ම නින්ද ගියා. සැරියුත් මහරහතන් වහන්සේ ධර්ම දේශනා කරද්දී, දේවදත්තට රැවටී සිටි අර අළුත පැවිදි වී සිටි ස්වාමීන් වහන්සේලාට ඇත්ත අවබෝධ වුණා. සැබෑ කල්*යාණ මිත්*රයා කවුරුන්ද යන වග අවබෝධ වුණා. චතුරාර්ය සත්*යයත් අවබෝධ වුණා. මුගලන් මහරහතන් වහන්සේ ඍද්ධි ප්*රාතිහාර්ය දක්වමින් දහම් කරුණු පෙන්වා දුන්නා. අන්තිමේ දී ඒ සැරියුත් මුගලන් රහතන් වහන්සේලා ආපසු වඩින විට උන්වහන්සේලා පසුපසින් අර පන්සියයක් භික්ෂූන් වහන්සේලාම බුදු රජාණන් වහන්සේ ළඟට පිටත් වුණා. දේවදත්ත වගේ ම ඔහු ගේ යහළුවා වන කෝකාලිකත් පවිටු කෙනෙක්. ඔහු ඉදිරියට ඇවිත් බලද්දී කවුරුත් නෑ. හැමෝම සැරියුත් මුගලන් රහතන් වහන්සේලා සමඟ පිටත් වෙලා. කෝකාලිකට කේන්ති ගියා. “මහලොකුවට කෑ ගහනවා. හැමෝම බේරගන්න ඕන කියලා. ඔන්න අපිත් එක්ක ආපු පන්සිය දෙනත් අර සැරියුත් මුගලන් දෙන්න ආපහු අරගෙන ගිහිල්ල. මුන්දැ තවමත් ගොරව ගොරව බුදි” කියලා කෝකාලික දේවදත්ත ගේ පපුවට වැළමිටෙන් ඇන්නා. දේවදත්ත ඇහැරුණා. කලබලයට නැගිට්ටා. ඇස් ලොකු කරගෙන වටපිට බැ�වා. කවුරුවත් නැහැ. මේකත් වැරදුනා කියලා හිතද්දී කටින් උණු ලේ පිටවුණා. දේවදත්ත අසනීප වුණා. මාස නවයක් ම දුක් වින්ඳා. එන්න එන්න ම අමාරුයි. තමන් ගේ අතින් සිදු වෙච්ච වැරදි එකින් එක චිත්*රපටියක් වගේ තමන් ඉදිරියේ පේන්න පටන් ගත්තා. මෙතරම්ම විනාශකාරී විදිහට බුදු රජාණන් වහන්සේට විරුද්ධව කටයුතු කරද්දීත් උන්වහන්සේ ඒ කිසිවෙකට විරුද්ධව කිසිවක් නොකළ අයුරු මතක් වුණා. දේවදත්තට බුදු රජාණන් වහන්සේ දැකීමේ ආශාවක් උපන්නා. “අනේ ... මාව කොහොම හරි බුදු රජාණන් වහන්සේව දකින්න එක්කගෙන යන්න. මට මිය යන්න කලින් උන්වහන්සේව දැකගත්තොත් ඇති. දේවදත්තට උපස්ථාන කරපු පිරිස ඔහුව ඇඳක තබා ගෙන සැවැත් නුවර බලා පිටත් වුණා. සැවැත් නුවර ජේතවනය බලා ගමන් කරද්දී අසල පොකුණක් දැක ඔහුට පිපාසයක් ඇති වුණා. බලවත්ව පිපාසයක් ඇති වුණා. ඒ වගේ ම ඇඟපත පුරා මහා දැවිල්ලක් හට ගත්තා. ඔහුට පොකුණට බසින්නට ආශාවක් ඇති වුණා. උපස්ථාන කරන පිරිස ඇඳ බිමින් තිබ්බා. දේවදත්ත අමාරුවෙන් වාඩි වෙල හිටගත්තා විතරයි පොළොවෙන් ගිනිදැල් ඇවිත් දේවදත්ත වෙළාගත්තා. ඒ අවසන් මොහොතේ ජේතවනාරාමය දෙස බලා මම බුදුන් සරණ යමියි කියමින් පොළොවේ කිඳා බැස්සා. මේ සිදු වීම බුදු රජාණන් වහන්සේට සැළවීමෙන් පසු මෙම ගාථාව වදාළා.

[QUOTE="hdgpure, post: 3220639, member: 56825"] [B][SIZE="5"]ඊ ළඟට මේ අසත්පුරුෂයා කල්පනා කළේ සඟ පිරිස බිඳවන්නයි. සංඝ භේද පාපකර්මය කරන්න යි. අන්තිමේ දී කරුණු පහක් මුල් කරගෙන අළුත පැවිදි වූ පන්සියයක සඟ පිරිසක් රවටා ගන්නට දේවදත්ත සමත් වුණා. අළුත පැවිදි වූ පන්සියයක් ස්වාමීන් වහන්සේලා කල්*යාණ මිත්*රයෙක් කියලා දේවදත්තට රැවටුනා. තමන් ළඟ හිටියොත් ඉක්මණින් නිවන් දකින මාර්ගය පෙන්වා දෙන්නම් කියලා ඒ භික්ෂූන් වහන්සේලා සියළු දෙනා ම තමන්ට අවනත කරගත්තා. අවනත කරගෙන ගයා .ර්ෂ කියන තැනට ගිහින් ඒ පන්සියයක් භික්ෂූන් වහන්සේලාට බණ කියන්න පටන් ගත්තා. බුදු රජාණන් වහන්සේ සැරියුත් මුගලන් රහතන් වහන්සේලා අමතා වදාළා “සාරිපුත්ත, මොග්ගල්ලාන, ඔබ වහාම යන්න. ඒ අළුත පැවිදි වූ භික්ෂූන් කල්*යාණ මිත්*රයන් හඳූනාගැනීමට අසමර්ථ වුණා. දේවදත්ත ගේ පවිටු අදහස්වලට ඒ භික්ෂූන් ගොදුරු වෙන්න කලින් ඉක්මණින් බේරගන්න.” සැරියුත් මුගලන් රහතන් වහන්සේලා ගයාශීර්ෂය බලා වැඩම කළා. අධික මාන්නයකින් පෙළෙන, ප්*රධානත්වය ලබාගැනීමෙහි විකෘති ආශාවකින් පෙළෙන දේවදත්ත ඈතින් වඩින සැරියුත් මුගලන් රහතන් වහන්සේලා දැක, ප්*රීතියෙන් කෑ ගැසුවා. “පින්වත් මහණෙනි, අන්න බලව්. කවුද හරි? දැන් පැහැදිලියි. මම යි හරි. දැක්ක නේද මා කරා අග්*රශ්*රාවකයන් වහන්සේලා එන ආකාරය. බුදු සසුන තියෙන්නේ කවුරු අතේ ද කියා දැන් මහණෙනි, නුඹලාට පේනවා ද?” සැරියුත් මුගලන් රහතන් වහන්සේලා ළං වන විට දේවදත්ත උන්වහන්සේලා අමතා මෙහෙම පැවසුවා. “එම්බා සාරිපුත්ත, මෙහි එන්න. මාගේ දකුණු පසෙන් වාඩි වෙන්න. එම්බා මොග්ගල්ලාන මාගේ වම්පසින් වාඩි වෙන්න. දැන් මේ සසුනේ නායකයා මමයි. සාරිපුත්ත මොග්ගල්ලාන මා දැන් මෙතෙක් වේලා දහම් දෙසුවා. මගේ පිට ස්වල්පයක් රිදෙනවා. මා ටික වේලාවක් හාන්සි වී සිටින්නම්. මේ භික්ෂූන්ට ඔබ දහම් දෙසන්න.” දේවදත්ත හාන්සි වුණා. ඒ සැණින් ම හොඳට ම නින්ද ගියා. සැරියුත් මහරහතන් වහන්සේ ධර්ම දේශනා කරද්දී, දේවදත්තට රැවටී සිටි අර අළුත පැවිදි වී සිටි ස්වාමීන් වහන්සේලාට ඇත්ත අවබෝධ වුණා. සැබෑ කල්*යාණ මිත්*රයා කවුරුන්ද යන වග අවබෝධ වුණා. චතුරාර්ය සත්*යයත් අවබෝධ වුණා. මුගලන් මහරහතන් වහන්සේ ඍද්ධි ප්*රාතිහාර්ය දක්වමින් දහම් කරුණු පෙන්වා දුන්නා. අන්තිමේ දී ඒ සැරියුත් මුගලන් රහතන් වහන්සේලා ආපසු වඩින විට උන්වහන්සේලා පසුපසින් අර පන්සියයක් භික්ෂූන් වහන්සේලාම බුදු රජාණන් වහන්සේ ළඟට පිටත් වුණා. දේවදත්ත වගේ ම ඔහු ගේ යහළුවා වන කෝකාලිකත් පවිටු කෙනෙක්. ඔහු ඉදිරියට ඇවිත් බලද්දී කවුරුත් නෑ. හැමෝම සැරියුත් මුගලන් රහතන් වහන්සේලා සමඟ පිටත් වෙලා. කෝකාලිකට කේන්ති ගියා. “මහලොකුවට කෑ ගහනවා. හැමෝම බේරගන්න ඕන කියලා. ඔන්න අපිත් එක්ක ආපු පන්සිය දෙනත් අර සැරියුත් මුගලන් දෙන්න ආපහු අරගෙන ගිහිල්ල. මුන්දැ තවමත් ගොරව ගොරව බුදි” කියලා කෝකාලික දේවදත්ත ගේ පපුවට වැළමිටෙන් ඇන්නා. දේවදත්ත ඇහැරුණා. කලබලයට නැගිට්ටා. ඇස් ලොකු කරගෙන වටපිට බැ�වා. කවුරුවත් නැහැ. මේකත් වැරදුනා කියලා හිතද්දී කටින් උණු ලේ පිටවුණා. දේවදත්ත අසනීප වුණා. මාස නවයක් ම දුක් වින්ඳා. එන්න එන්න ම අමාරුයි. තමන් ගේ අතින් සිදු වෙච්ච වැරදි එකින් එක චිත්*රපටියක් වගේ තමන් ඉදිරියේ පේන්න පටන් ගත්තා. මෙතරම්ම විනාශකාරී විදිහට බුදු රජාණන් වහන්සේට විරුද්ධව කටයුතු කරද්දීත් උන්වහන්සේ ඒ කිසිවෙකට විරුද්ධව කිසිවක් නොකළ අයුරු මතක් වුණා. දේවදත්තට බුදු රජාණන් වහන්සේ දැකීමේ ආශාවක් උපන්නා. “අනේ ... මාව කොහොම හරි බුදු රජාණන් වහන්සේව දකින්න එක්කගෙන යන්න. මට මිය යන්න කලින් උන්වහන්සේව දැකගත්තොත් ඇති. දේවදත්තට උපස්ථාන කරපු පිරිස ඔහුව ඇඳක තබා ගෙන සැවැත් නුවර බලා පිටත් වුණා. සැවැත් නුවර ජේතවනය බලා ගමන් කරද්දී අසල පොකුණක් දැක ඔහුට පිපාසයක් ඇති වුණා. බලවත්ව පිපාසයක් ඇති වුණා. ඒ වගේ ම ඇඟපත පුරා මහා දැවිල්ලක් හට ගත්තා. ඔහුට පොකුණට බසින්නට ආශාවක් ඇති වුණා. උපස්ථාන කරන පිරිස ඇඳ බිමින් තිබ්බා. දේවදත්ත අමාරුවෙන් වාඩි වෙල හිටගත්තා විතරයි පොළොවෙන් ගිනිදැල් ඇවිත් දේවදත්ත වෙළාගත්තා. ඒ අවසන් මොහොතේ ජේතවනාරාමය දෙස බලා මම බුදුන් සරණ යමියි කියමින් පොළොවේ කිඳා බැස්සා. මේ සිදු වීම බුදු රජාණන් වහන්සේට සැළවීමෙන් පසු මෙම ගාථාව වදාළා. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom