Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Discussion with Prime Land Founder
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔහු බ්‍රාහ්මණගේ ප්‍රේමලාල්ය. ඇය සඳමිණි පෙරේරාය. මේ දෙදෙනාගේ නාමයන්ට වඩා අද ලෝකයේ වඩා ප්රකටව ඇත්තේ මේ දෙදෙනා විසින් නිර්මාණය කරන ලද සමාගමය. ප්‍රයිම් PRIME යනු එහි නාමය වේ. ප්‍රයිම් ලෑන්ඩ්ස් යනුවෙන් හැඳින්වීම ඊටත් වඩා හොඳය. අද එය ව්‍යාපාර ලෝකයේ බැබළෙන නාමයකි.

ආසියාවේ දේපල වෙළඳාම් අංශයේ විශිෂ්ටතමයින් සඳහා වූ සම්මාන උළෙල පසුගියදා සිංගප්පූරුවේදී පැවැත්විණ.

එහිදී ශ්‍රී ලංකාවේ මෙම ප්‍රයිම් ව්‍යාපාර සමූහය ඉහළින්ම අගැයීමට ලක්විය. බ්‍රාහ්මණගේ ප්‍රේමලාල් නොඑසේ නම් මෙම ව්‍යාපාර සමූහයේ ප්‍රධානියා හට විශිෂ්ටතම නායකත්වය උදෙසා ද ප්‍රයිම් (PRIME) නාමය වෙනුවෙන් ආසියාවේ විශිෂ්ටතම වෙළෙඳනාම සියය අතර වූ විශිෂ්ටතම වෙළෙඳ නාමය සඳහා ද එහිදී සම්මාන ප්රදානය විණි. පසුගිය මාසයේදී ඉන්දියාවේ පැවැත් වූ දේපළ වෙළෙඳාම් අංශයේ සුපිරි හෙවත් විශිෂ්ටත්වය මුදුන්පත් කරගත් වසරේ කාන්තාව ලෙස ද සඳමිණි සම්මාන ලැබුවාය.

මෙලෙසින් දශක දෙකකට එහා අතීතයේ සිට දෙස් විදෙස් වශයෙන් මෙම ආයතනය හිමිකරගත් සම්මාන බොහෝය. මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරික ආයතන සඳහා වූ සම්මාන ප්රදානයේදී සේවය කිරීමට වඩාත් සුදුසු තැනක් යන්න තේමා වූ ආයතන සඳහා වන සම්මාන ප්රදානයේදී වසර තුනකදී අඛණ්ඩව ඔවුනට සම්මාන හිමිව තිබේ.

මෙලෙසින් ව්‍යාපාරික ලෝකයේ සම්මානනීය ගමනකට අද උරුමය දැරුවද මෙම ආයතනය එදා පටන් ගෙන ඇත්තේ පුංචි කාමරයක පුංචි මේස දෙකක හිමිකම් පමණක් ඇතිවය. නමුත් ප්‍රයිම් ලෑන්ඩ්ස් කී පමණින් අද නොදන්නා කෙනෙක් නැති තරම්ය. අභියෝගවලට මුහුණ දෙමින් ඒවා ජයගනිමින් ප්‍රයිම් ලෑන්ඩ් ඇතුළු ව්‍යාපාර සමූහය ගොඩ නැංවූ බ්‍රාහ්මණගේ ප්‍රේමලාල් සහ සඳමිණි පෙරේරාගේ ධෛර්යවන්ත කතාවයි මේ.

“ළමා කාලයේ දී මම ටිකක් දඟකාර චරිතයක් වුණා. පාසල් කාලයේදී සමහරදාට කට්ටි පැනලා පික්චර් බලන්නත් ගියා. මුහුදේ නාන්න ගියා. යාළුවෝ එක්ක ට්‍රිප් ගියා. හැබැයි ඉතින් ඒ වගේ වැඩ නිසා ෙගදරින් ගුටි කාලත් තියෙනවා. කිරිබත්ගොඩ අපි හැදී වැඩුණ පළාතයි. මම මුලින්ම ගියේ මහානාම විද්‍යාලයට. පසු තර්ස්ටන් විද්‍යාලයට ගියා. අපේ පවුලේ එක් සහෝදරයෙක් සහ සහෝදරියන් තිදෙනයි. තාත්තා පුද්ගලික අංශයේ සේවය කළේ. අම්මා නම් රැකියාවක් කළේ නැහැ. බොහොම සාමාන්‍ය පවුලක්. පාසල් කාලයේදී මගේ පළමු අභියෝගය වුණේ පංතියේ පළමු තිදෙනා අතරට ඒමයි. ඒ අභිප්‍රාය සපුරා ගත්තා. හැබැයි ව්‍යාපාර කිරීමේ අදහසක් හිතකවත් තිබුණෙ නැහැ. උසස් පෙළ පෙනී සිටියේ ගණිත අංශයෙන්. ඒත් සරසවියට තේරුණේ නැහැ. ගෙදරින් කළ උනන්දුව නිසා පසුව ගණකාධිකරණ අංශයෙන් ඉගෙනීමට යොමු වුණා.”

ජීවිතයේ වෙනස්වීම හරි පුදුම දෙයකි. විටෙක සිතූ දේ නොම වන නොසිතුෙද්ම වෙන ස්වභාවයකදී බ්‍රාහ්මණගේ ප්‍රේමලාල් වෘත්තිය ජීවිතයට අවතීරණ වූවේ ‘ද ෆිනෑන්ස්’ සමාගමේ ගණකාධිකාරිවරයකු ලෙසය. එහි සේවය කරන අතරේ තමාගේ රාජකාරි වෙනුවෙන් උපරිමයෙන් කැපවී කටයුතු කළ ද තමාගේම ව්‍යාපාරයක් ඇරඹීම ඔහුගේ අභිප්‍රාය විය. සඳමිණි පෙරේරා හමුවූයේ මෙකී කාල සමයේදී. පාසල් විභාග අවසන් කොට සිටියදී විගණන අංශයේ පළපුරුද්ද සඳහා යොමුව සිටි අතර, එක් වතාවක වාර්තාවක් සකස් කිරීමේ වගකීම පැවරී තිබිණි. ඒ වෙනුවෙන් වූ සම්මුඛ පරීක්ෂණයට අැයට ලැබුණේ ප්‍රේමලාල් රාජකාරි කළ ස්ථානයයි.

“මගේ ගම බෙන්තොට පවුලේ අක්කා අයියා සහ මම. තාත්තා සේවය කළේ පොලිස් නිලධාරියකු ලෙසයි. අම්මා තමාගේම බතික් ව්‍යාපාරයක් පුංචියට කරගෙන ගියා. බොෙහාම සාමාන්‍ය පවුලක්. මම ගියේ මහරගම විද්‍යාකර විද්‍යාලයට. අපේ තාත්තා මියයන විට මට වයස අවුරුදු 13 යි. තාත්තාගේ මරණයෙන් පසුව අම්මා සහ පවුලේ අය ගමට ගියා. පාසල් ජීවිතය නිසා මම ලොකු අම්මලගෙ ගෙදර නතර වුණා. හැබැයි පවුලේ අය නැතුව ගෙවන ජීවිතය මට ගෙන දුන්නේ විශාල පාළුවක්, දුකක්. ඒ කාල සීමාව ඒ නිසාම හරිම කටුක වුණා. අක්කලා ගණකාධිකරණ අංශයෙන් ඉහළටම ගිය නිසා ගෙදරින් මට කිව්වෙ ඒ අංශයෙන් ඉදිරියට යන්න කියලයි.

ඒ විදියට කටයුතු කරමින් සිටියදී තමයි පාසල් හැරගිය පුහුණු වන ශිෂ්‍යාවක ලෙස මට වාර්තාවක් සකස් කරන්න තිබුණෙ. මේ අවස්ථාවේදී තමයි ප්‍රේමලාල් මහතා මට හමුවුණේ. තවත් මාස කීපයක් ගිය පසු අපි ව්‍යාපාරයක් කරමු කියන අදහස එතුමා කිව්වා. මගේ වැඩ කටයුතු ගැන පැහැදීමක් තිබෙන්නට ඇති.”

“ප්‍රේමලාල් සහ සඳමිණි” සුසංයෝගයෙන් ‘ප්‍රයිම්’ ආයතනය බිහිවීමේ මූලාරම්භය ඇතිවූයේ එලෙසිනි. ගණකාධිකරණ අංශයේ දැනුම - පළපුරුද්ද සමඟ උපාධියටද ප්‍රේමලාල් ඒ වෙන විට හිමිකම් ලබා තිබිණි. වෙසෙසින්ම ගණකාධිකාරවරයකු ලෙස ඔහුගේ රාජකාරිය වූයේ ව්‍යාපාරික ප්‍රජාවට උපදෙස් ලබාදීමය. ඔහු සතු සංකල්ප ඔහු වෙනුවෙන්ම ප්‍රායෝගික කර ගැනීමේ අදහස ඇති වූයේ එවැනි පරිසරයකදීය. අද මෙලෙසින් දැවැන්ත ව්‍යාපාර සමූහයකට හිමිකම් කීවද එදා ‘ප්‍රයිම් ලෑන්ඩ්’ ආරම්භය ධෛර්යයෙන් ව්‍යාපාර ගොඩනැංවීමට උත්සාහ ගන්නා තාරුණ්‍යයට බෙහෙවින් ආදර්ශවත් වේවි.

“එදා අපට නිශ්චිත ප්‍රාග්ධනයක් තිබුණෙ නැහැ. 1995 දී අපි මේ නව ව්‍යවසායකත්ව ගමනට මුල පිරුවෙ පුංචිම ස්ථානයකින්. තැන් හොය හොයා ගියත් අපට ඒ තැන්වලට ගෙවන මාසික කුලී ගණන දරාගන්න හැකි වුණේ නැහැ. ඒ අතරවාරයේදී බොරැල්ල එලියට් පෙදෙසේ අංක 16ට අයත් ගොඩනැගිල්ලෙ පුංචි ස්ථානයක් අපේ මුදලට ගැළපෙන විදියට ලැබුණා. මේස දෙකක් විතරයි අපට තිබුණෙ. මම, සඳමිණි සහ තවත් දෙදෙනෙක් පසුව සේවයට එක්වුණා. එවකට දේපල වෙළදාම් ක්ෂේත්රයේ ඉහළින්ම වැජඹුණු සෙලින්කෝ ද ෆිනෑන්ස් වගේ ආයතන මෙන්ම තවත් දැවැන්ත ආයතන කීපයක් තිබුණා. ඒක හරියට කළුගලේ ඔළුව ගහගන්නවා වගේ වැඩක්. අපි ෙම් මොනවද කරන්න හදන පිස්සු වැඩේ කියලා සමහර විට අප අවට සිටි අයට හිතෙන්න ඇති. ඒත් අපි කිසිවිටෙකත් ඉදිරියට තැබූ පියවර ආපස්සට හරවන්න ගියේ නැහැ. මෙම අංශයේ පතාක යෝධයින් මෙන් වූ සමාගම් පුවත්පත්වල සම්පූර්ණ පිටු සහිත දැන්වීම් පළකරද්දී අපි පුංචි ලුහුඬු දැන්වීම් කෑල්ලක් දාගත්තෙත් බොහොම අමාරුවෙන්. ඉන්පසුව තව බැනර් දෙකක් තුනකුත් හදා ගත්තා.”

ප්‍රේමලාල් සතු වූ මුදල් වෙනුවට තිබූ සංකල්ප එදා ප්‍රායෝගික කළේ එලෙසින් වූ ගමනකට මුල පුරමිනි. සඳමිණි සහ ප්‍රේමලාල් දෙදෙනාම ගණකාධිකරණ අංශයේ උසස් අධ්‍යාපනය ලැබූවන් වුවද ඔවුන් ඊට වඩා ප්‍රායෝගික කළේ ඔවුන් සතුවූ දර්ශනය බව සඳහන් කළ හැකිය.

“ඇත්තටම අපට දිශාවක් තිබුණා. කොහේටද අපි යන්නෙ? මොනවද අපි කරන්නෙ? ආදී වශයෙන්. ඒ වගේම මිනිස් හැඟීම් ගැනත් අපට හොඳ හැඟීමක් තිබුණා. ඒ සියලු දේ එක්ක අපි දිවා රාත්‍රී නොබලා මහන්සි වුණා. මුලින්ම කලගෙඩිහේන ප්‍රදේශයෙන් ගත් ඉඩමක් අපි සංවර්ධනය කර විකිණීමට සැලැස්වූවා. ඒ ව්‍යාපෘතිය අලෙවි කර අවසන් කිරීමට වසරකට වඩා බලා සිටීමට අපට සිදුවුණා.”

ස්වකීය ගමනේ ප්‍රථම කඩඉම පැන්න හැටි ප්‍රේමලාල් ආවර්ජනය කරද්දී ඒ ප්‍රථම ව්‍යාපෘතියෙන් ලාභාංශ වශයෙන් මුදල් කොපමණ ලැබුණද? ඒවාට මොනවද කළේ? අපි සඳමිණිට පැනයක් යොමු කළෙමු.

“වසරක ව්‍යාපෘතිය අවසන අපට ලක්ෂ තුන - හතරක් ලැබෙන්න ඇති. අපි මේ මුදල් පරිහරණය කළේ ඉතාම පරිස්සමින්. මුල්ම පඩිය ලෙස අපේම සමාගමේ ලාභාංශවලින් ඕනෑනම් මම රුපියල් හාරදහසක් විතර ගන්න ඇති. මුල් කාලයේදී මට ගෙදරින් සහයෝගය ලැබුණා. ඒ නිසා අමතර වියදම් කියලා අවශ්‍ය වුණෙත් නැහැ. මම ආවේ ගියේ බස් එකේ.

ප්‍රේමලාල් මහතාට මූල්‍ය අංශයේ හොඳ විනයක් තිබුණා. ඒ විනය සහ පාලනය අැතිව අපි කටයුතු කළා. පුද්ගලික පරිහරණයට මුදල් පාවිච්චි කළේ නැහැ.”

එලෙසින් ආ ගමනේදී ‘ප්‍රයිම් ලෑන්ඩ්’ කියන නාමය ජනගත වෙන්න පටන් ගත්තෙ කොහොමද? අපි සඳමිණිට තවත් අතුරු පැනයක් යොමු කළෙමු.

ජනතාවට වංචා කළොත් ඒක හරියන ව්‍යාපාරයක් නෙවෙයි. අදටත් අපි විශ්වාස කරන්නෙ ඒ දහමයි. ඉතින් එදා අපි අනුගමනය කළ ඒ පිළිවෙත් සහ සාරධර්ම නිසා අපෙන් ඉඩම් මිලදී ගත් ජනතාව අතර ඉහළ විශ්වාසයක් ගොඩනැංවුණා. ඒ ජනතාවම දම්වැලක් සේ බැඳී ඔවුනගේ විශ්වාසයේ ප්‍රචාරණය ඔවුන් විසින්ම අපට නිරායාසයෙන්ම ලබා දුන්නා. හොඳ කළොත් හොඳම තමයි ලැබෙන්නේ.”

“ප්‍රධානම දේ වුණේ අපි ලබාදුන් සේවාවයි. ඔවුන් ගන්නා ඉඩමේ වටිනාකමට ඔවුන් ඊට වැය කරන මුදලට වඩා තිබෙන විදියට කිසිදු අඩුපාඩුවක් නැතුව ලබාදීමට කටයුතු සැලැස්වූවා. අෙප් තාත්තා පොලිස් නිලධාරියකුව සිට විශ්‍රාම ගියාම අපට අලුතින්ම ගෙයකට යන්න සිදුවුණා. ඉතින් ගෙයක් තනන්න මොනතරම් නම් මහන්සි වෙන්න ඕනෑද? මනුෂ්‍යයකු තමාගේ ජීවිත කාලයේදී දකින අගනාම සිහිනය එයයි. ජීවිත කාලය පුරාම හරි හම්බ කරගත් දේ වැය කරලා ගෙයක් තනන්නට හදන්නේ බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳගෙන. ඒ හැරත් ඉස්සර නිවසක් තැනීමට බැංකු ණයක් ගැනීමත් හරිම අසීරු වුණා. කෙටියෙන්ම කිව්වොත්, ගෙයක් තැනීමට කෙසේ වෙතත් සමාගමක් ලෙස අපි ඉඩම් මිලදී ගැනීමේදී එය ලබා ගැනීමට බැංකුවෙන් ණයක් ගැනීම පවා අපට ඉතා අසීරු වුණා. අපේ සමාගම ඒ වනවිට දැවැන්ත ප්‍රාග්ධනයක් සහිත එකක් නොවීම ඊට හේතුවයි.

එවැනි පරිසරයක් යටතේ ඒ අත්දැකීම් අපටත් තිබුණා. එනිසා අහිංසක මිනිසුන්ගෙ සුන්දර කැදැල්ල තනන සිහිනය අපි ප්‍රායෝගික කිරීමට වගබලා ගත්තා. කිසි දිනෙක ඔවුනගේ මුදල් සමඟ සෙල්ලම් කරන්න ගියේ නැහැ. ඒවා අනවශ්‍ය ලෙස පරිහරණය කරන්න ගියේ නැහැ. පුංචි ලාභයක් තබාගෙන අනර්ඝ සේවාවක් අපි සම්පාදනය කළා. පසු කලෙක ඔවුනට බැංකුවට ගොස් රස්තියාදු නොවී ණය ලබා ගැනීමේ කටයුතුවලදී පවා අපි සහාය වුණා. නැත්නම් සිද්ධ වෙන්නෙ විසි තිස් වතාවක් බැංකු ගානේ ඔවුනට රස්තියාදු වීමටයි.

ජනතාවට වංචා කළොත් ඒක හරියන ව්‍යාපාරයක් නෙවෙයි. අදටත් අපි විශ්වාස කරන්නෙ ඒ දහමයි. ඉතින් එදා අපි අනුගමනය කළ ඒ පිළිවෙත් සහ සාරධර්ම නිසා අපෙන් ඉඩම් මිලදී ගත් ජනතාව අතර ඉහළ විශ්වාසයක් ගොඩනැංවුණා. ඒ ජනතාවම දම්වැලක් සේ බැඳී ඔවුනගේ විශ්වාසයේ ප්‍රචාරණය ඔවුන් විසින්ම අපට නිරායාසයෙන්ම ලබා දුන්නා. හොඳ කළොත් හොඳම තමයි ලැබෙන්නේ.”

සඳමිණි කතාව තීව්ර කරන්නීය. ප්‍රේමලාල් නිහඬව ඒ කතාව අසාගෙන සිටියේය. දර්ශනයකට අනුව යමින් එදා ඇරැඹි ඒ ප්‍රයිම් ව්‍යාපාරය අද සමූහ ව්‍යාපාරයක් බවට පත්ව තිබේ. එහි සභාපති හෙවත් නියමුවා බ්‍රාහ්මණගේ ප්‍රේමලාල් වන අතර සඳමිණි එහි උපසභාපතිනිය වන්නීය. මේ දෙදෙනා නිරන්තරයෙන් විශ්වාසය තබා අැත්තේ ප්‍රායෝගික කළ හැකි දර්ශනයකට හැර නොපෙනෙන නොදකින ඇදැහිලිවලට නොවේ. මෙම ව්‍යාපාර අරඹද්දී වෙලාව බලා හඳහන් බලා කිසිවක් කිරීම කර නැත. ඔවුන්ගේ විශ්වාසය වන්නේ ආත්මවිශ්වාසයයි.

“ප්‍රයිම් (PRIME) කිව්වාම නිතැතින්ම කියැවෙන්නෙ ඉතා හොඳ, අගනා, සෑම දෙයකටම පහසු යන අදහසයි. ඒ අනුව අපි මේ නම යොදා ගත්තා. හැබැයි ඒ නාමයට සැබෑ ලෙස අරුතක් ගෙනදීම අපේ ඒකායන අරමුණ වුණා. අපට මම ප්‍රේමලාල් කියා ඉස්මතු වීමටවත් සඳමිණිට - සඳමිණි කියා ඉස්මතු වීමටත් අවශ්‍ය වුණේ නැහැ. අපේ ප්‍රයිම් (PRIME) නාමය බැබළවීමටයි අපි උත්සාහ ගත්තේ.”

ශික්ෂණයත් විනයත් ඇති ප්‍රේමලාල් එලෙසින් පවසන්නේ තම සමාගම ලබාදෙන සේවය ගැන වූ අපිරිමිත ආදරයෙනි. ඔහු කතාවට වඩා නිහඬතාවට වඩා කැමතිය. සඳමිණි ඒ නිහඬතාව බිඳ ආදරණීය කතාවකට ප්‍රවේශ වූවාය. ඒ ආදර කතාව ටිකක් වෙනස් එකකි.

“ව්‍යාපාරයක් කරන්නේ නම්, ප්‍රධානව බලපාන කාරණා තුනක් මා දකිනවා. ප්‍රධාන දේ අප ළඟට පැමිණෙන පාරිභෝගිකයා වැයකරන මුදලට වටිනාකමක් ලබාදීමයි. අපි මේ වැය කළ මුදලට වඩා මේ ඉඩම මේ නිවස වටිනවා යැයි යන හැඟීම ඔවුන්ට දැනිය යුතුයි. ඊළඟට සේවය කරන සේවකයා සතුටු විය යුතුයි.

‘ෂිහ්.. අදත් වැඩට යන්න ඕනෑ. මළ වධයක්’ යන හැඟීමට වඩා ‘ආඩම්බරයෙන් මම වැඩ කරන්නෙ මගේ සමාගමේ’ කියන හැඟීම තිබෙන්නට ඕනෑ.

තමුන්ගෙ සේවා ස්ථානය ගැන වූ අභිමානයෙන් සමාජයේදී ඔවුනට කතා කිරීමේ වාතාවරණය තිබිය යුතුයි. ඊට පසුව තමයි ව්‍යාපාරයේ ලාභාංශ ගැන හිතන්න වෙන්නෙ. එහෙම නැතුව ව්‍යාපාරයක් ගෙන යා නොහැකියි. ඒ වගේම මුදල්වලට පමණක් තැන දී ව්‍යාපාර කිරීම අපේ අරමුණ නෙවෙයි.

‘අයියෝ වැඩැක් නැහැ. මාකට් එක හොඳ නැහැ’

අපි මේ කරනවාට ඔන්න ඔහේ කරනවා කියලා ව්‍යාපාර කරන්න හොඳ නැහැ. එහෙම නම් වෙන රස්සාවක් කරගෙන සිටීම ඊට වඩා හොඳයි. මිනිස්සු ගෙයක් දොරක් හදාගන්න ඉඩමක් ගන්නෙ මුළු ජීවිතේම හරි හම්බ කළ දෙයින්. ඒ සල්ලි පාලනය කිරීමේ සහ නිවැරදි මූල්‍ය පරිහරණයක් අප සභාපතිතුමා අනුගමනය කරනවා. ප්‍රයිම් නාමයට මිනිස්සු ආදරය කරන්නෙ ප්‍රායෝගිකව ඔවුන් එය අත්විඳින නිසයි.”

තම සමාගමට සමාජයෙන් ලැබුණු ආදර ගෞරවය ගැන සඳමිණි ගෞරවයෙන් පවසන්නේ ඒ අයුරිනි. සමාගමක සභාපති හෝ උපසභාපති යනු සියලු දෙනාට නිරන්තරයෙන් හමුවිය හැකි චරිත නොවේ. නමුත් මෙහි ස්වභාවය ඊට හාත්පසින් වෙනස්ය. ප්‍රේමලාල් යන ජයග්‍රාහී ව්‍යවසායකයා යනු අතිශය මානුෂීය චරිතයකැයි සඳහන් කළ හැකිය. ප්‍රයිම් ආයතනයේ සේවය කරන සේවකයින්ට නිබඳවම සභාපතිගේ කාමරයේ දොර විවෘතය. සේවකයින්ගේ දරුවන්ට පවා එතැනට ඒමට අවකාශය තිබේ. ඒ දරුවෝ පැමිණි අවස්ථාවල සභාපති පුටුවේ මේසයේ පවා නැග දුව පැන සෙල්ලම් කරති. තෑගි සෙල්ලම් බඩු තිබේ නම් ඒවා අරගෙන යන්නේ ඔවුනට රිසි පරිදිය. ප්‍රයිම් ස්වභාවයේ හැටි එහෙමය. සේවයට වඩාත් සුදුසු සම්මානය නිරන්තරයෙන් ඔවුනට ලැබීම සැබැවින්ම අරුමයක් නොවන්නේ මෙකී පරිසරය එහි ඇති නිසාමය.

කෙසේ වෙතත් සමාගමක් දියුණු වෙද්දී ප්‍රශ්න ඇතිවුණේ නැද්ද? අපි සඳමිණිගෙන් විමසීමු.

“ව්‍යාපාරයේ අලුත් සංකල්ප අලුත් ව්‍යාපෘති හමුවේ සභාපතිතුමා සහ මම වාද කරගන්නා අවස්ථා එමටයි. එහිදී අපි අවසන ප්‍රායෝගික කරන්නෙ ඔහුගේ හොඳම දේ සහ මා වෙතින් ගත හැකි හොඳම දේ පමණයි. අපි කවදාවත් මට මෙච්චරක් දෙන්න කියලා එදා ඉඳලා අද දක්වා අහලා නැහැ. දියුණුවත් සමඟ ලාභාංශ බෙදා ගෙන වෙන්වීම නෙවෙයි අපේ පරමාර්ථය වුණේ. සමගියෙන් එකට සිටිනතාක් අපිට ව්‍යවසායකත්වයේ සාර්ථක ගමනක් යා හැකියි.”

ව්‍යවසායකත්වයට ඒමට අදහස් කරන බොහෝ දෙනාට සඳමිණි සහ ප්‍රේමලාල් යන ව්‍යවසායකත්වයට නව අරුතක් දුන් සභාපති සහ උපසභාපතිනියගේ ඒ දැක්ම බොහෝ ප්‍රායෝගික වේවි. එදා කලගෙඩිහේනෙන් පටන් ගෙන පසුව දීපව්‍යාප්ත කළ ප්‍රයිම් ලෑන්ඩ් අැතුළු ඔවුනගේ ව්‍යාපාර ජාලය සමූහයක් දක්වා විහිදී යමින් තිබේ. වත්මනෙහි කොළඹ හත දක්වා ඔවුනෙග් ව්‍යාපෘති දිගහැරී හමාරය. එපමණක් නොව ජාත්‍යන්තරයට ද විහිදී ගොස් අවසන්ය. ඕස්ට්‍රේලියාවේ මෙලිබර්න් නගරය ඔවුනගේ ව්‍යාපාර අංශයේ තවත් ගමනාන්තයක් වෙයි. සෙලින්කෝ ප්‍රයිම් ග්‍රාමීන් යන අපූරු සංකල්පයේ කොටස් හිමිකරුවන් ද වෙයි. කොළඹට පමණක් සීමා වූ සුපිරි මහල් නිවාස නිර්මාණය ගමට ගෙන ගිය සංකල්පයේ මූලිකත්වය ද තම සමාගමට හිමිවිය යුතු බව ඔවුහු සඳහන් කරති.

ප්‍රයිම් ගැන මෙලෙසින් තවත් බොහෝ දේ කතා කළ හැකිය. නමුත් ඉතා අගනා වටිනා අනර්ඝ දෙයක් ගැන ඕනෑවට වඩා කතා කිරීම කළ යුතු නොවේ. මක්නිසාද යත් එය අනර්ඝ වූ නිසාමය. එනිසා අභියෝග ජයගත් ඒ මිනිසා ‘ජීවිතය’ දකින්නේ කෙසේද? ඇය ජීවිතය දකින්නේ කෙසේද? අපි විමසීමු.

සඳමිණි පෙරේරා (ප්‍රයිම් උපසභාපතිනිය):

“මම රස්සාවක් කරලා විතරක් ජීවත් වුණේ නම් එහි ප්‍රතිලාභය මට සහ මගේ පවුලට පමණයි. ඒත් අද ඊට එහා ගිය මහා විශාල සතුටක් මම ලබන්නෙ. විශාල පිරිසක් අද මේ සමාගමේ සේවය කරනවා. ඒ නිසා ඒ අය ඔවුන්ගේ පවුලට කළ සේවය දරුවනට කළ සේවය ඔවුනගේ දියුණුව ගැන අපට කියද්දි ඇතිවෙන සතුට මුදලට ගත නොහැකියි. ඔවුනගේ ජීවිතවල සාර්ථකත්වය හමුවේ නිතැතින්ම මගේ ඇසට සතුටු කඳුළක් පූදිනවා. සල්ලි හම්බ කරලා කාලා බීලා ජීවත් වුණාට වැඩිය ඒ ලබන සතුට අපමණයි. සත්තයි. සහතිකමයි. එය මා ප්‍රකාශ කරන්නේ මගේ මුළු ආත්මයෙන්මයි.”

බ්‍රාහ්මණගේ ප්‍රේමලාල් (ප්‍රයිම් සමූහයේ සභාපති):

“ජීවිතයේ අපි බලාපොරොත්තු වෙන සෑම දෙයක්ම නොලැබෙන්න පුළුවනි. නමුත් නොලැබුණ දේට පසුතැවිය යුතු නැහැ. ලැබුණු දේට ගරු කිරීම පරමාර්ථය කර ගත යුතුයි. ඉදිරියට ලබා ගත යුතු දේ අරමුණු කරගෙන ඒ වෙනුවෙන් කැපවීම වැදගත්. එමෙන්ම මේක තිබුණා නම් හොඳයි, අරක තිබුණා නම් හොඳයි කියලා ලත නොවී තිබෙන දේ වෙතින් උපරිම ප්‍රයෝජන ගැනීම ජීවිතයට අත්‍යවශ්‍යයි. එමෙන්ම තමා ගැන නොවී අනුන් කෙරෙහි නම්‍යශීලී වීම අතිශයින්ම වැදගත්. තමුන්ගෙ හැකියාව අනුව තමයි ජීවිතය පෙළ ගස්වා ගත යුත්තේ.

ව්‍යවසායකත්වයේ මේ ගමන අප යන්නේ ලාභාලාභ පිපාසයෙන් නෙවෙයි. සංකල්ප වගේම නිර්මාණශීලීත්වයක් හඳුනාගෙන ජීවිතය තමා විසින්ම අවබෝධකර ගැනීම වැදගත්. මිනිස්සු වෙනුවෙන් මිනිසුන්ට යමක් කර ජීවිතයෙන් සමුගෙන යාම වඩාත් අර්ථාන්විතයි.

ජීවිතය කියන්නෙ ඇත්තටම හිස් දෙයක් නොවේ. යාම් ඊම් පමණක්ම නොවේ. තමුන්ගේ විෂයයට අදාළව තමාට තමා හඳුනාගත හැකි නම් ජීවිතය දැනේවි. හැඟේවි. එවිට සමාජයට ආදරණීය මිනිසකු වේවි. අභියෝගශීලියි සිතුවොත් අපට කිසිවක් කළ නොහැකි වේවි. ව්‍යවසායකත්වයට නතු වූ ජීවිතයේදී පාරිභෝගිකයා, සේවකයා යන දෙපාර්ශ්වයම තෘප්තිමත්ව ජීවත්වනු දැකීම සැබැවින්ම අපේ මේ ව්‍යාපාර ජීවිතයේ සැබෑ දර්ශනයයි.”

https://www.facebook.com/groups/359203971246713/permalink/359415757892201/

[QUOTE="banda065, post: 23016469, member: 27834"] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/29570984_2012801578974904_8681627615514669427_n.jpg?_nc_cat=0&oh=f7e459123155153dd9f32dd39b2004cd&oe=5B70822B[/IMG] ඔහු බ්‍රාහ්මණගේ ප්‍රේමලාල්ය. ඇය සඳමිණි පෙරේරාය. මේ දෙදෙනාගේ නාමයන්ට වඩා අද ලෝකයේ වඩා ප්රකටව ඇත්තේ මේ දෙදෙනා විසින් නිර්මාණය කරන ලද සමාගමය. ප්‍රයිම් PRIME යනු එහි නාමය වේ. ප්‍රයිම් ලෑන්ඩ්ස් යනුවෙන් හැඳින්වීම ඊටත් වඩා හොඳය. අද එය ව්‍යාපාර ලෝකයේ බැබළෙන නාමයකි. ආසියාවේ දේපල වෙළඳාම් අංශයේ විශිෂ්ටතමයින් සඳහා වූ සම්මාන උළෙල පසුගියදා සිංගප්පූරුවේදී පැවැත්විණ. එහිදී ශ්‍රී ලංකාවේ මෙම ප්‍රයිම් ව්‍යාපාර සමූහය ඉහළින්ම අගැයීමට ලක්විය. බ්‍රාහ්මණගේ ප්‍රේමලාල් නොඑසේ නම් මෙම ව්‍යාපාර සමූහයේ ප්‍රධානියා හට විශිෂ්ටතම නායකත්වය උදෙසා ද ප්‍රයිම් (PRIME) නාමය වෙනුවෙන් ආසියාවේ විශිෂ්ටතම වෙළෙඳනාම සියය අතර වූ විශිෂ්ටතම වෙළෙඳ නාමය සඳහා ද එහිදී සම්මාන ප්රදානය විණි. පසුගිය මාසයේදී ඉන්දියාවේ පැවැත් වූ දේපළ වෙළෙඳාම් අංශයේ සුපිරි හෙවත් විශිෂ්ටත්වය මුදුන්පත් කරගත් වසරේ කාන්තාව ලෙස ද සඳමිණි සම්මාන ලැබුවාය. මෙලෙසින් දශක දෙකකට එහා අතීතයේ සිට දෙස් විදෙස් වශයෙන් මෙම ආයතනය හිමිකරගත් සම්මාන බොහෝය. මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරික ආයතන සඳහා වූ සම්මාන ප්රදානයේදී සේවය කිරීමට වඩාත් සුදුසු තැනක් යන්න තේමා වූ ආයතන සඳහා වන සම්මාන ප්රදානයේදී වසර තුනකදී අඛණ්ඩව ඔවුනට සම්මාන හිමිව තිබේ. මෙලෙසින් ව්‍යාපාරික ලෝකයේ සම්මානනීය ගමනකට අද උරුමය දැරුවද මෙම ආයතනය එදා පටන් ගෙන ඇත්තේ පුංචි කාමරයක පුංචි මේස දෙකක හිමිකම් පමණක් ඇතිවය. නමුත් ප්‍රයිම් ලෑන්ඩ්ස් කී පමණින් අද නොදන්නා කෙනෙක් නැති තරම්ය. අභියෝගවලට මුහුණ දෙමින් ඒවා ජයගනිමින් ප්‍රයිම් ලෑන්ඩ් ඇතුළු ව්‍යාපාර සමූහය ගොඩ නැංවූ බ්‍රාහ්මණගේ ප්‍රේමලාල් සහ සඳමිණි පෙරේරාගේ ධෛර්යවන්ත කතාවයි මේ. “ළමා කාලයේ දී මම ටිකක් දඟකාර චරිතයක් වුණා. පාසල් කාලයේදී සමහරදාට කට්ටි පැනලා පික්චර් බලන්නත් ගියා. මුහුදේ නාන්න ගියා. යාළුවෝ එක්ක ට්‍රිප් ගියා. හැබැයි ඉතින් ඒ වගේ වැඩ නිසා ෙගදරින් ගුටි කාලත් තියෙනවා. කිරිබත්ගොඩ අපි හැදී වැඩුණ පළාතයි. මම මුලින්ම ගියේ මහානාම විද්‍යාලයට. පසු තර්ස්ටන් විද්‍යාලයට ගියා. අපේ පවුලේ එක් සහෝදරයෙක් සහ සහෝදරියන් තිදෙනයි. තාත්තා පුද්ගලික අංශයේ සේවය කළේ. අම්මා නම් රැකියාවක් කළේ නැහැ. බොහොම සාමාන්‍ය පවුලක්. පාසල් කාලයේදී මගේ පළමු අභියෝගය වුණේ පංතියේ පළමු තිදෙනා අතරට ඒමයි. ඒ අභිප්‍රාය සපුරා ගත්තා. හැබැයි ව්‍යාපාර කිරීමේ අදහසක් හිතකවත් තිබුණෙ නැහැ. උසස් පෙළ පෙනී සිටියේ ගණිත අංශයෙන්. ඒත් සරසවියට තේරුණේ නැහැ. ගෙදරින් කළ උනන්දුව නිසා පසුව ගණකාධිකරණ අංශයෙන් ඉගෙනීමට යොමු වුණා.” ජීවිතයේ වෙනස්වීම හරි පුදුම දෙයකි. විටෙක සිතූ දේ නොම වන නොසිතුෙද්ම වෙන ස්වභාවයකදී බ්‍රාහ්මණගේ ප්‍රේමලාල් වෘත්තිය ජීවිතයට අවතීරණ වූවේ ‘ද ෆිනෑන්ස්’ සමාගමේ ගණකාධිකාරිවරයකු ලෙසය. එහි සේවය කරන අතරේ තමාගේ රාජකාරි වෙනුවෙන් උපරිමයෙන් කැපවී කටයුතු කළ ද තමාගේම ව්‍යාපාරයක් ඇරඹීම ඔහුගේ අභිප්‍රාය විය. සඳමිණි පෙරේරා හමුවූයේ මෙකී කාල සමයේදී. පාසල් විභාග අවසන් කොට සිටියදී විගණන අංශයේ පළපුරුද්ද සඳහා යොමුව සිටි අතර, එක් වතාවක වාර්තාවක් සකස් කිරීමේ වගකීම පැවරී තිබිණි. ඒ වෙනුවෙන් වූ සම්මුඛ පරීක්ෂණයට අැයට ලැබුණේ ප්‍රේමලාල් රාජකාරි කළ ස්ථානයයි. “මගේ ගම බෙන්තොට පවුලේ අක්කා අයියා සහ මම. තාත්තා සේවය කළේ පොලිස් නිලධාරියකු ලෙසයි. අම්මා තමාගේම බතික් ව්‍යාපාරයක් පුංචියට කරගෙන ගියා. බොෙහාම සාමාන්‍ය පවුලක්. මම ගියේ මහරගම විද්‍යාකර විද්‍යාලයට. අපේ තාත්තා මියයන විට මට වයස අවුරුදු 13 යි. තාත්තාගේ මරණයෙන් පසුව අම්මා සහ පවුලේ අය ගමට ගියා. පාසල් ජීවිතය නිසා මම ලොකු අම්මලගෙ ගෙදර නතර වුණා. හැබැයි පවුලේ අය නැතුව ගෙවන ජීවිතය මට ගෙන දුන්නේ විශාල පාළුවක්, දුකක්. ඒ කාල සීමාව ඒ නිසාම හරිම කටුක වුණා. අක්කලා ගණකාධිකරණ අංශයෙන් ඉහළටම ගිය නිසා ගෙදරින් මට කිව්වෙ ඒ අංශයෙන් ඉදිරියට යන්න කියලයි. ඒ විදියට කටයුතු කරමින් සිටියදී තමයි පාසල් හැරගිය පුහුණු වන ශිෂ්‍යාවක ලෙස මට වාර්තාවක් සකස් කරන්න තිබුණෙ. මේ අවස්ථාවේදී තමයි ප්‍රේමලාල් මහතා මට හමුවුණේ. තවත් මාස කීපයක් ගිය පසු අපි ව්‍යාපාරයක් කරමු කියන අදහස එතුමා කිව්වා. මගේ වැඩ කටයුතු ගැන පැහැදීමක් තිබෙන්නට ඇති.” “ප්‍රේමලාල් සහ සඳමිණි” සුසංයෝගයෙන් ‘ප්‍රයිම්’ ආයතනය බිහිවීමේ මූලාරම්භය ඇතිවූයේ එලෙසිනි. ගණකාධිකරණ අංශයේ දැනුම - පළපුරුද්ද සමඟ උපාධියටද ප්‍රේමලාල් ඒ වෙන විට හිමිකම් ලබා තිබිණි. වෙසෙසින්ම ගණකාධිකාරවරයකු ලෙස ඔහුගේ රාජකාරිය වූයේ ව්‍යාපාරික ප්‍රජාවට උපදෙස් ලබාදීමය. ඔහු සතු සංකල්ප ඔහු වෙනුවෙන්ම ප්‍රායෝගික කර ගැනීමේ අදහස ඇති වූයේ එවැනි පරිසරයකදීය. අද මෙලෙසින් දැවැන්ත ව්‍යාපාර සමූහයකට හිමිකම් කීවද එදා ‘ප්‍රයිම් ලෑන්ඩ්’ ආරම්භය ධෛර්යයෙන් ව්‍යාපාර ගොඩනැංවීමට උත්සාහ ගන්නා තාරුණ්‍යයට බෙහෙවින් ආදර්ශවත් වේවි. “එදා අපට නිශ්චිත ප්‍රාග්ධනයක් තිබුණෙ නැහැ. 1995 දී අපි මේ නව ව්‍යවසායකත්ව ගමනට මුල පිරුවෙ පුංචිම ස්ථානයකින්. තැන් හොය හොයා ගියත් අපට ඒ තැන්වලට ගෙවන මාසික කුලී ගණන දරාගන්න හැකි වුණේ නැහැ. ඒ අතරවාරයේදී බොරැල්ල එලියට් පෙදෙසේ අංක 16ට අයත් ගොඩනැගිල්ලෙ පුංචි ස්ථානයක් අපේ මුදලට ගැළපෙන විදියට ලැබුණා. මේස දෙකක් විතරයි අපට තිබුණෙ. මම, සඳමිණි සහ තවත් දෙදෙනෙක් පසුව සේවයට එක්වුණා. එවකට දේපල වෙළදාම් ක්ෂේත්රයේ ඉහළින්ම වැජඹුණු සෙලින්කෝ ද ෆිනෑන්ස් වගේ ආයතන මෙන්ම තවත් දැවැන්ත ආයතන කීපයක් තිබුණා. ඒක හරියට කළුගලේ ඔළුව ගහගන්නවා වගේ වැඩක්. අපි ෙම් මොනවද කරන්න හදන පිස්සු වැඩේ කියලා සමහර විට අප අවට සිටි අයට හිතෙන්න ඇති. ඒත් අපි කිසිවිටෙකත් ඉදිරියට තැබූ පියවර ආපස්සට හරවන්න ගියේ නැහැ. මෙම අංශයේ පතාක යෝධයින් මෙන් වූ සමාගම් පුවත්පත්වල සම්පූර්ණ පිටු සහිත දැන්වීම් පළකරද්දී අපි පුංචි ලුහුඬු දැන්වීම් කෑල්ලක් දාගත්තෙත් බොහොම අමාරුවෙන්. ඉන්පසුව තව බැනර් දෙකක් තුනකුත් හදා ගත්තා.” ප්‍රේමලාල් සතු වූ මුදල් වෙනුවට තිබූ සංකල්ප එදා ප්‍රායෝගික කළේ එලෙසින් වූ ගමනකට මුල පුරමිනි. සඳමිණි සහ ප්‍රේමලාල් දෙදෙනාම ගණකාධිකරණ අංශයේ උසස් අධ්‍යාපනය ලැබූවන් වුවද ඔවුන් ඊට වඩා ප්‍රායෝගික කළේ ඔවුන් සතුවූ දර්ශනය බව සඳහන් කළ හැකිය. “ඇත්තටම අපට දිශාවක් තිබුණා. කොහේටද අපි යන්නෙ? මොනවද අපි කරන්නෙ? ආදී වශයෙන්. ඒ වගේම මිනිස් හැඟීම් ගැනත් අපට හොඳ හැඟීමක් තිබුණා. ඒ සියලු දේ එක්ක අපි දිවා රාත්‍රී නොබලා මහන්සි වුණා. මුලින්ම කලගෙඩිහේන ප්‍රදේශයෙන් ගත් ඉඩමක් අපි සංවර්ධනය කර විකිණීමට සැලැස්වූවා. ඒ ව්‍යාපෘතිය අලෙවි කර අවසන් කිරීමට වසරකට වඩා බලා සිටීමට අපට සිදුවුණා.” ස්වකීය ගමනේ ප්‍රථම කඩඉම පැන්න හැටි ප්‍රේමලාල් ආවර්ජනය කරද්දී ඒ ප්‍රථම ව්‍යාපෘතියෙන් ලාභාංශ වශයෙන් මුදල් කොපමණ ලැබුණද? ඒවාට මොනවද කළේ? අපි සඳමිණිට පැනයක් යොමු කළෙමු. “වසරක ව්‍යාපෘතිය අවසන අපට ලක්ෂ තුන - හතරක් ලැබෙන්න ඇති. අපි මේ මුදල් පරිහරණය කළේ ඉතාම පරිස්සමින්. මුල්ම පඩිය ලෙස අපේම සමාගමේ ලාභාංශවලින් ඕනෑනම් මම රුපියල් හාරදහසක් විතර ගන්න ඇති. මුල් කාලයේදී මට ගෙදරින් සහයෝගය ලැබුණා. ඒ නිසා අමතර වියදම් කියලා අවශ්‍ය වුණෙත් නැහැ. මම ආවේ ගියේ බස් එකේ. ප්‍රේමලාල් මහතාට මූල්‍ය අංශයේ හොඳ විනයක් තිබුණා. ඒ විනය සහ පාලනය අැතිව අපි කටයුතු කළා. පුද්ගලික පරිහරණයට මුදල් පාවිච්චි කළේ නැහැ.” එලෙසින් ආ ගමනේදී ‘ප්‍රයිම් ලෑන්ඩ්’ කියන නාමය ජනගත වෙන්න පටන් ගත්තෙ කොහොමද? අපි සඳමිණිට තවත් අතුරු පැනයක් යොමු කළෙමු. ජනතාවට වංචා කළොත් ඒක හරියන ව්‍යාපාරයක් නෙවෙයි. අදටත් අපි විශ්වාස කරන්නෙ ඒ දහමයි. ඉතින් එදා අපි අනුගමනය කළ ඒ පිළිවෙත් සහ සාරධර්ම නිසා අපෙන් ඉඩම් මිලදී ගත් ජනතාව අතර ඉහළ විශ්වාසයක් ගොඩනැංවුණා. ඒ ජනතාවම දම්වැලක් සේ බැඳී ඔවුනගේ විශ්වාසයේ ප්‍රචාරණය ඔවුන් විසින්ම අපට නිරායාසයෙන්ම ලබා දුන්නා. හොඳ කළොත් හොඳම තමයි ලැබෙන්නේ.” “ප්‍රධානම දේ වුණේ අපි ලබාදුන් සේවාවයි. ඔවුන් ගන්නා ඉඩමේ වටිනාකමට ඔවුන් ඊට වැය කරන මුදලට වඩා තිබෙන විදියට කිසිදු අඩුපාඩුවක් නැතුව ලබාදීමට කටයුතු සැලැස්වූවා. අෙප් තාත්තා පොලිස් නිලධාරියකුව සිට විශ්‍රාම ගියාම අපට අලුතින්ම ගෙයකට යන්න සිදුවුණා. ඉතින් ගෙයක් තනන්න මොනතරම් නම් මහන්සි වෙන්න ඕනෑද? මනුෂ්‍යයකු තමාගේ ජීවිත කාලයේදී දකින අගනාම සිහිනය එයයි. ජීවිත කාලය පුරාම හරි හම්බ කරගත් දේ වැය කරලා ගෙයක් තනන්නට හදන්නේ බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳගෙන. ඒ හැරත් ඉස්සර නිවසක් තැනීමට බැංකු ණයක් ගැනීමත් හරිම අසීරු වුණා. කෙටියෙන්ම කිව්වොත්, ගෙයක් තැනීමට කෙසේ වෙතත් සමාගමක් ලෙස අපි ඉඩම් මිලදී ගැනීමේදී එය ලබා ගැනීමට බැංකුවෙන් ණයක් ගැනීම පවා අපට ඉතා අසීරු වුණා. අපේ සමාගම ඒ වනවිට දැවැන්ත ප්‍රාග්ධනයක් සහිත එකක් නොවීම ඊට හේතුවයි. එවැනි පරිසරයක් යටතේ ඒ අත්දැකීම් අපටත් තිබුණා. එනිසා අහිංසක මිනිසුන්ගෙ සුන්දර කැදැල්ල තනන සිහිනය අපි ප්‍රායෝගික කිරීමට වගබලා ගත්තා. කිසි දිනෙක ඔවුනගේ මුදල් සමඟ සෙල්ලම් කරන්න ගියේ නැහැ. ඒවා අනවශ්‍ය ලෙස පරිහරණය කරන්න ගියේ නැහැ. පුංචි ලාභයක් තබාගෙන අනර්ඝ සේවාවක් අපි සම්පාදනය කළා. පසු කලෙක ඔවුනට බැංකුවට ගොස් රස්තියාදු නොවී ණය ලබා ගැනීමේ කටයුතුවලදී පවා අපි සහාය වුණා. නැත්නම් සිද්ධ වෙන්නෙ විසි තිස් වතාවක් බැංකු ගානේ ඔවුනට රස්තියාදු වීමටයි. ජනතාවට වංචා කළොත් ඒක හරියන ව්‍යාපාරයක් නෙවෙයි. අදටත් අපි විශ්වාස කරන්නෙ ඒ දහමයි. ඉතින් එදා අපි අනුගමනය කළ ඒ පිළිවෙත් සහ සාරධර්ම නිසා අපෙන් ඉඩම් මිලදී ගත් ජනතාව අතර ඉහළ විශ්වාසයක් ගොඩනැංවුණා. ඒ ජනතාවම දම්වැලක් සේ බැඳී ඔවුනගේ විශ්වාසයේ ප්‍රචාරණය ඔවුන් විසින්ම අපට නිරායාසයෙන්ම ලබා දුන්නා. හොඳ කළොත් හොඳම තමයි ලැබෙන්නේ.” සඳමිණි කතාව තීව්ර කරන්නීය. ප්‍රේමලාල් නිහඬව ඒ කතාව අසාගෙන සිටියේය. දර්ශනයකට අනුව යමින් එදා ඇරැඹි ඒ ප්‍රයිම් ව්‍යාපාරය අද සමූහ ව්‍යාපාරයක් බවට පත්ව තිබේ. එහි සභාපති හෙවත් නියමුවා බ්‍රාහ්මණගේ ප්‍රේමලාල් වන අතර සඳමිණි එහි උපසභාපතිනිය වන්නීය. මේ දෙදෙනා නිරන්තරයෙන් විශ්වාසය තබා අැත්තේ ප්‍රායෝගික කළ හැකි දර්ශනයකට හැර නොපෙනෙන නොදකින ඇදැහිලිවලට නොවේ. මෙම ව්‍යාපාර අරඹද්දී වෙලාව බලා හඳහන් බලා කිසිවක් කිරීම කර නැත. ඔවුන්ගේ විශ්වාසය වන්නේ ආත්මවිශ්වාසයයි. “ප්‍රයිම් (PRIME) කිව්වාම නිතැතින්ම කියැවෙන්නෙ ඉතා හොඳ, අගනා, සෑම දෙයකටම පහසු යන අදහසයි. ඒ අනුව අපි මේ නම යොදා ගත්තා. හැබැයි ඒ නාමයට සැබෑ ලෙස අරුතක් ගෙනදීම අපේ ඒකායන අරමුණ වුණා. අපට මම ප්‍රේමලාල් කියා ඉස්මතු වීමටවත් සඳමිණිට - සඳමිණි කියා ඉස්මතු වීමටත් අවශ්‍ය වුණේ නැහැ. අපේ ප්‍රයිම් (PRIME) නාමය බැබළවීමටයි අපි උත්සාහ ගත්තේ.” ශික්ෂණයත් විනයත් ඇති ප්‍රේමලාල් එලෙසින් පවසන්නේ තම සමාගම ලබාදෙන සේවය ගැන වූ අපිරිමිත ආදරයෙනි. ඔහු කතාවට වඩා නිහඬතාවට වඩා කැමතිය. සඳමිණි ඒ නිහඬතාව බිඳ ආදරණීය කතාවකට ප්‍රවේශ වූවාය. ඒ ආදර කතාව ටිකක් වෙනස් එකකි. “ව්‍යාපාරයක් කරන්නේ නම්, ප්‍රධානව බලපාන කාරණා තුනක් මා දකිනවා. ප්‍රධාන දේ අප ළඟට පැමිණෙන පාරිභෝගිකයා වැයකරන මුදලට වටිනාකමක් ලබාදීමයි. අපි මේ වැය කළ මුදලට වඩා මේ ඉඩම මේ නිවස වටිනවා යැයි යන හැඟීම ඔවුන්ට දැනිය යුතුයි. ඊළඟට සේවය කරන සේවකයා සතුටු විය යුතුයි. ‘ෂිහ්.. අදත් වැඩට යන්න ඕනෑ. මළ වධයක්’ යන හැඟීමට වඩා ‘ආඩම්බරයෙන් මම වැඩ කරන්නෙ මගේ සමාගමේ’ කියන හැඟීම තිබෙන්නට ඕනෑ. තමුන්ගෙ සේවා ස්ථානය ගැන වූ අභිමානයෙන් සමාජයේදී ඔවුනට කතා කිරීමේ වාතාවරණය තිබිය යුතුයි. ඊට පසුව තමයි ව්‍යාපාරයේ ලාභාංශ ගැන හිතන්න වෙන්නෙ. එහෙම නැතුව ව්‍යාපාරයක් ගෙන යා නොහැකියි. ඒ වගේම මුදල්වලට පමණක් තැන දී ව්‍යාපාර කිරීම අපේ අරමුණ නෙවෙයි. ‘අයියෝ වැඩැක් නැහැ. මාකට් එක හොඳ නැහැ’ අපි මේ කරනවාට ඔන්න ඔහේ කරනවා කියලා ව්‍යාපාර කරන්න හොඳ නැහැ. එහෙම නම් වෙන රස්සාවක් කරගෙන සිටීම ඊට වඩා හොඳයි. මිනිස්සු ගෙයක් දොරක් හදාගන්න ඉඩමක් ගන්නෙ මුළු ජීවිතේම හරි හම්බ කළ දෙයින්. ඒ සල්ලි පාලනය කිරීමේ සහ නිවැරදි මූල්‍ය පරිහරණයක් අප සභාපතිතුමා අනුගමනය කරනවා. ප්‍රයිම් නාමයට මිනිස්සු ආදරය කරන්නෙ ප්‍රායෝගිකව ඔවුන් එය අත්විඳින නිසයි.” තම සමාගමට සමාජයෙන් ලැබුණු ආදර ගෞරවය ගැන සඳමිණි ගෞරවයෙන් පවසන්නේ ඒ අයුරිනි. සමාගමක සභාපති හෝ උපසභාපති යනු සියලු දෙනාට නිරන්තරයෙන් හමුවිය හැකි චරිත නොවේ. නමුත් මෙහි ස්වභාවය ඊට හාත්පසින් වෙනස්ය. ප්‍රේමලාල් යන ජයග්‍රාහී ව්‍යවසායකයා යනු අතිශය මානුෂීය චරිතයකැයි සඳහන් කළ හැකිය. ප්‍රයිම් ආයතනයේ සේවය කරන සේවකයින්ට නිබඳවම සභාපතිගේ කාමරයේ දොර විවෘතය. සේවකයින්ගේ දරුවන්ට පවා එතැනට ඒමට අවකාශය තිබේ. ඒ දරුවෝ පැමිණි අවස්ථාවල සභාපති පුටුවේ මේසයේ පවා නැග දුව පැන සෙල්ලම් කරති. තෑගි සෙල්ලම් බඩු තිබේ නම් ඒවා අරගෙන යන්නේ ඔවුනට රිසි පරිදිය. ප්‍රයිම් ස්වභාවයේ හැටි එහෙමය. සේවයට වඩාත් සුදුසු සම්මානය නිරන්තරයෙන් ඔවුනට ලැබීම සැබැවින්ම අරුමයක් නොවන්නේ මෙකී පරිසරය එහි ඇති නිසාමය. කෙසේ වෙතත් සමාගමක් දියුණු වෙද්දී ප්‍රශ්න ඇතිවුණේ නැද්ද? අපි සඳමිණිගෙන් විමසීමු. “ව්‍යාපාරයේ අලුත් සංකල්ප අලුත් ව්‍යාපෘති හමුවේ සභාපතිතුමා සහ මම වාද කරගන්නා අවස්ථා එමටයි. එහිදී අපි අවසන ප්‍රායෝගික කරන්නෙ ඔහුගේ හොඳම දේ සහ මා වෙතින් ගත හැකි හොඳම දේ පමණයි. අපි කවදාවත් මට මෙච්චරක් දෙන්න කියලා එදා ඉඳලා අද දක්වා අහලා නැහැ. දියුණුවත් සමඟ ලාභාංශ බෙදා ගෙන වෙන්වීම නෙවෙයි අපේ පරමාර්ථය වුණේ. සමගියෙන් එකට සිටිනතාක් අපිට ව්‍යවසායකත්වයේ සාර්ථක ගමනක් යා හැකියි.” ව්‍යවසායකත්වයට ඒමට අදහස් කරන බොහෝ දෙනාට සඳමිණි සහ ප්‍රේමලාල් යන ව්‍යවසායකත්වයට නව අරුතක් දුන් සභාපති සහ උපසභාපතිනියගේ ඒ දැක්ම බොහෝ ප්‍රායෝගික වේවි. එදා කලගෙඩිහේනෙන් පටන් ගෙන පසුව දීපව්‍යාප්ත කළ ප්‍රයිම් ලෑන්ඩ් අැතුළු ඔවුනගේ ව්‍යාපාර ජාලය සමූහයක් දක්වා විහිදී යමින් තිබේ. වත්මනෙහි කොළඹ හත දක්වා ඔවුනෙග් ව්‍යාපෘති දිගහැරී හමාරය. එපමණක් නොව ජාත්‍යන්තරයට ද විහිදී ගොස් අවසන්ය. ඕස්ට්‍රේලියාවේ මෙලිබර්න් නගරය ඔවුනගේ ව්‍යාපාර අංශයේ තවත් ගමනාන්තයක් වෙයි. සෙලින්කෝ ප්‍රයිම් ග්‍රාමීන් යන අපූරු සංකල්පයේ කොටස් හිමිකරුවන් ද වෙයි. කොළඹට පමණක් සීමා වූ සුපිරි මහල් නිවාස නිර්මාණය ගමට ගෙන ගිය සංකල්පයේ මූලිකත්වය ද තම සමාගමට හිමිවිය යුතු බව ඔවුහු සඳහන් කරති. ප්‍රයිම් ගැන මෙලෙසින් තවත් බොහෝ දේ කතා කළ හැකිය. නමුත් ඉතා අගනා වටිනා අනර්ඝ දෙයක් ගැන ඕනෑවට වඩා කතා කිරීම කළ යුතු නොවේ. මක්නිසාද යත් එය අනර්ඝ වූ නිසාමය. එනිසා අභියෝග ජයගත් ඒ මිනිසා ‘ජීවිතය’ දකින්නේ කෙසේද? ඇය ජීවිතය දකින්නේ කෙසේද? අපි විමසීමු. සඳමිණි පෙරේරා (ප්‍රයිම් උපසභාපතිනිය): “මම රස්සාවක් කරලා විතරක් ජීවත් වුණේ නම් එහි ප්‍රතිලාභය මට සහ මගේ පවුලට පමණයි. ඒත් අද ඊට එහා ගිය මහා විශාල සතුටක් මම ලබන්නෙ. විශාල පිරිසක් අද මේ සමාගමේ සේවය කරනවා. ඒ නිසා ඒ අය ඔවුන්ගේ පවුලට කළ සේවය දරුවනට කළ සේවය ඔවුනගේ දියුණුව ගැන අපට කියද්දි ඇතිවෙන සතුට මුදලට ගත නොහැකියි. ඔවුනගේ ජීවිතවල සාර්ථකත්වය හමුවේ නිතැතින්ම මගේ ඇසට සතුටු කඳුළක් පූදිනවා. සල්ලි හම්බ කරලා කාලා බීලා ජීවත් වුණාට වැඩිය ඒ ලබන සතුට අපමණයි. සත්තයි. සහතිකමයි. එය මා ප්‍රකාශ කරන්නේ මගේ මුළු ආත්මයෙන්මයි.” බ්‍රාහ්මණගේ ප්‍රේමලාල් (ප්‍රයිම් සමූහයේ සභාපති): “ජීවිතයේ අපි බලාපොරොත්තු වෙන සෑම දෙයක්ම නොලැබෙන්න පුළුවනි. නමුත් නොලැබුණ දේට පසුතැවිය යුතු නැහැ. ලැබුණු දේට ගරු කිරීම පරමාර්ථය කර ගත යුතුයි. ඉදිරියට ලබා ගත යුතු දේ අරමුණු කරගෙන ඒ වෙනුවෙන් කැපවීම වැදගත්. එමෙන්ම මේක තිබුණා නම් හොඳයි, අරක තිබුණා නම් හොඳයි කියලා ලත නොවී තිබෙන දේ වෙතින් උපරිම ප්‍රයෝජන ගැනීම ජීවිතයට අත්‍යවශ්‍යයි. එමෙන්ම තමා ගැන නොවී අනුන් කෙරෙහි නම්‍යශීලී වීම අතිශයින්ම වැදගත්. තමුන්ගෙ හැකියාව අනුව තමයි ජීවිතය පෙළ ගස්වා ගත යුත්තේ. ව්‍යවසායකත්වයේ මේ ගමන අප යන්නේ ලාභාලාභ පිපාසයෙන් නෙවෙයි. සංකල්ප වගේම නිර්මාණශීලීත්වයක් හඳුනාගෙන ජීවිතය තමා විසින්ම අවබෝධකර ගැනීම වැදගත්. මිනිස්සු වෙනුවෙන් මිනිසුන්ට යමක් කර ජීවිතයෙන් සමුගෙන යාම වඩාත් අර්ථාන්විතයි. ජීවිතය කියන්නෙ ඇත්තටම හිස් දෙයක් නොවේ. යාම් ඊම් පමණක්ම නොවේ. තමුන්ගේ විෂයයට අදාළව තමාට තමා හඳුනාගත හැකි නම් ජීවිතය දැනේවි. හැඟේවි. එවිට සමාජයට ආදරණීය මිනිසකු වේවි. අභියෝගශීලියි සිතුවොත් අපට කිසිවක් කළ නොහැකි වේවි. ව්‍යවසායකත්වයට නතු වූ ජීවිතයේදී පාරිභෝගිකයා, සේවකයා යන දෙපාර්ශ්වයම තෘප්තිමත්ව ජීවත්වනු දැකීම සැබැවින්ම අපේ මේ ව්‍යාපාර ජීවිතයේ සැබෑ දර්ශනයයි.” [url]https://www.facebook.com/groups/359203971246713/permalink/359415757892201/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom