Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
doctor salary lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුවතක පසුබිම

වැටුප් සහ ආදායම් විෂමතා -DIVAINA puwathpatha

ශ්‍රී ලාංකිකයන් වන අප, ප්රජාතන්ත්රවාදය සහ සමාජවාදය අගයන මෙන්ම අපේක්ෂා කරන ජාතියකි. එමෙන්ම කාලාන්තරයක සිටම එම නාමපුවරුව එල්ලාගෙන ඒ වෙනුවෙන් හඬා වැටෙන ජාතියකි. එහෙත් කවදාවත්ම එහි සැබෑ හැඩ රුව දැකගන්නට හෝ එහි පහස විඳින්නට ද නොලැබුණ ජාතියකි. එපමණක් නොව, සමාජවාදයෙන් තොර ප්රජාතන්ත්රවාදයක් ද ප්රජාතන්ත්රවාදයෙන් තොර සමාජවාදයක් ද නොමැති බව නොදන්නා ජාතියකි.

මේ දිනවල අපගේ දොස්තර මහත්වරුන් විසින් ඔවුන්ගේ වැටුප රුපියල් 180,000/} ක් දක්වා වැඩිකර දෙන ලෙස බලකරන්නේද එනිසාම වන්නට පිළිවන. ඒ අනුව ඔවුන් විසින් වැඩිදුරටත් පවසන්නේ, මේ වනවිට අපේ රටේ පවතින අවම සේවක වැටුප වන රු. 11,750/ } මෙන් හතර ගුණයක් පමණක් ඔවුන්ට ලැබෙන බවය. එමෙන්ම එය ඔවුන්ට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවය. සෘජුවම නොකීවත් ඔවුන්ගේ ක්‍රියාකලාපයන් අනුව පැහැදිලි වන්නේය. එය ඔවුන්ගේ තත්ත්වයටද හොඳ මදි බවය. එපමණක් නොව, ඔවුන් විසින් තම ඉල්ලීම දිනාගැනීම පිණිස උදාහරණ ලෙස ගෙන පෙන්වන්නේ ද වෙනත් රටවල් මෙම පරතරය එකට විස්සක් පමණ වන බවය. එයින් අදහස් කෙරෙන්නේ ද ඊට සාපේක්ෂව ඔවුන්ට ලැබිය යුතු සාධාරණ වැටුප විය යුතු වන්නේ, රු. 235,000/} ක් පමණ ද වන බවයි. එහෙත් මේ පිළිබඳව අපට විශාල ගැටලුවක් ඇත. එනම් මේ රටේ පවතින ජීවන වියදමට ඔරොත්තු දෙන පරිදි, සාධාරණව ගෙවිය යුතු වන අවම සේවක වැටුප ලෙස රු. 30,000/} ක් පමණ ගෙවන්නට රජය සානුකම්පිතව බලා පියවර ගතහොත්. දොස්තර මහත්මයලා අපේක්ෂා කරන පරිදි ඔවුන්ට කීයක් ගෙවිය යුතු ද යන්න පිළිබඳවය. එමෙන්ම එම දොස්තර මහත්මයලාට පැහැදිලි කර දෙන්නට ද කරුණු ගණනාවක්ම තිබේ.

ඒ අනුව පවසන්නට ඇත්තේ, එතුමන්ලාගෙන් බහුතරයක් මේ රටේ ගොවි කම්කරු වැනි අහිංසක දෙමාපියන්ගේ දරුවන් බවත්, නිදහස් අධ්‍යාපනයේ වරප්‍රසාද සහ ප්රතිලාභ භුක්ති විඳිමින් එතුමන්ලා අද සිටින තැනට පැමිණි බවත්, මේ රටේ පවතින තත්ත්වය අනුව, එතුමන්ලා වැනි තවත් උගතුන් සහ දක්ෂයන් අති විශාල පිරිසකට එම අවස්ථාව අහිමි වී ඇති බවත්, එයින්ද විශාල පිරිසකට හරිහමන් රැකියාවක් පවා අහිමිව ඇති බවත්, ඔබතුමන්ලාට වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන අවධියේ ඔවුන් වෙනුවෙන්, සමාජ සාධාරණය වෙනුවෙන් සහ විමුක්තිය වෙනුවෙන් සටන් කළ අය වන බවත්, මතක තබා ගත යුතු වන බවයි. එපමණක් නොව, එතුමන්ලාට යථාවබෝධ කරදිය යුතු තවත් කරුණු ගණනාවක්ම ඇත. මේ රට මනුස්සයින් වෙසෙන රටකි. මිනිසුන් විසින්ම පාලනය කරන රටකි. එනිසාම සමාජ සාධාරණයක්ද මෙහි තිබිය යුතුය. ඒ සඳහා සෑම පුරවැසියකුටම යහපත් රැකියාවක් ද තිබිය යුතුය. රට තුළ යහපත් සංවර්ධනයක් සහිත ශක්තිමත් ආර්ථිකයක් ද තිබිය යුතුය. එම ආර්ථිකය ද සාධාරණව බෙදී යා යුතුය.

රටේ සංවර්ධනය සඳහා සියලුම වෘත්තීය ක්ෂේත්රයන් මෙන්ම එම පුරවැසියන්ද අත්‍යවශ්‍යමය. ඒ සියලු දෙනාම අවතක්සේරුවකින් තොරව දායක කර ගත යුතුමය. එම වෘත්තිකයන් සහ වෘත්තීය ක්ෂේත්රයන් සියල්ල එකසේම වැදගත් සහ වලංගු විය යුතුය. එහෙයින්, එවන් කිසිවෙකු හෝ කිසිදු ක්ෂේත්රයක් බැහැර කර, රටක් සංවර්ධනය කරන්නට ද නොහැකියි. එමෙන්ම සංවර්ධනය සඳහා මුහුණ දෙන්නට සිදුවන අභියෝග සහ අර්බුද ජයගන්නට නොහැකි වන බව ද කිව යුතුය. එනිසාම, මේ රටට වැදගත් වන එකම පුරවැසියන් මෙන්ම වෘත්තීය ක්ෂේත්රය වන්නේ ද ඔබතුමන්ලා සහ වෛද්‍ය ක්ෂේත්රය පමණක්ම නොවන වගද ඔබතුමන්ලා විසින් පළමුව සිහිපත් කර ගත යුතුය. එමෙන්ම ඔබතුමන්ලා මෙන්ම අනෙකුත් සේවකයන්ද යහතින් ජීවත් විය යුතුය යන වගද මනුෂ්‍යත්වයේ නාමයෙන් තේරුම් ගත යුතුය. එපමණක් නොව, තම මූලික අවශ්‍යතාවන් සපුරා ගන්නටද, යුතුකම් සහ වගකීම් ඉටු කරනු පිණිසද, ලියලන සාධාරණ ආශාවන් සපුරා ගන්නටද, ඔබලාට මෙන්ම ආර්ථික ශක්තියක් සහ හැකියාවක් ලේ මස් නහර වලින් නිර්මිත අන් සියලු දෙනාටමත් තිබිය යුතුය.

එමෙන්ම මෙම දොස්තර මහත්වරුන්ට යථාවබෝධ කර දිය යුතු වන තවත් වැදගත් කරුණක් ඇත. එනම් මැද පෙර දිග සහ ඉන්දියාව වැනි ප්රජාතන්ත්රවාදයක් සහ සමාජවාදයක් සඳහා වන සාධාරණ සමාජ සමානාත්මතාවක් අවශ්‍ය නැති වෙනත් රටක හැරෙන්නට, සාධාරණ සමාජ සමානාත්මතාවය පදනම් කරගෙන යහපාලනය රැක ගන්නට කටයුතු කරන, අනෙකුත් රටවල පවත්වාගෙන යනු ලබන අවම සහ උපරිම වැටුප් පරතරය අතර වෙනස වන්නේ, එකට විස්සක් නොව, එකට දෙකක්වත් නොමැති තරමින්ය. ඒ බව උදාහරණ සහිතව පෙන්වනවානම්, ජපානය, කොරියාව, සයිප්‍රසය, ඇමරිකාව මෙන්ම එංගලන්තය සහ ඉතාලිය ඇතුළු අනෙකුත් යුරෝපීය රටවල් ඇතුළු තවත් රටවල් ගණනාවක් පෙන්වන්නට හැකි වනවා ඇත. ඒ බව තවදුරටත් තහවුරු කරනවා නම්. එම රටවල කම්කරු වෘත්තියෙහි යෙදෙමින් සිටින අපේ ශ්‍රමිකයින් මේ වනවිටත් ලබන වැටුප් පරිමාණයන් ඒ සඳහා ප්රමාණවත්ය. එපමණක් නොව ජපානය උදාහරණයට ගෙන පෙන්වනවා නම්, වැඩියෙන් සහ වැඩි කාල පරාසයක් ගෙවමින් වැඩකරන කම්කරුවෙකුගේ වැටුපක් මෙන් සමාන වැටුපක් පවා ලැබීමට දොස්තර මහත්මයෙකුට ඉතාමත් අසීරුය. එමෙන්ම ඔවුන්ට රැකියාව කරන ගමන් පුද්ගලික සායන (private chanelling centers) පවත්වාගෙන යැමටද අවකාශ නැත. කෙටියෙන් සඳහන් කරනවා නම්. වයිට් කොලර් රැකියාවක (white collar job) නියෑළෙන්නෙකුට කිසිසේත්ම කම්කරුවකුගේ. ගොවියකුගේ සහ කාර්මිකයකුගේ මෙන්ම වෙනත් නිෂ්පාදන ක්ෂේත්රයක නියෑළෙන්නකුගේ පුද්ගල ආදායමක් හෝ වැටුපක් ඉක්මවා තම වැටුප ලැබීම තරමක අපහසු කාර්යයකි. ඒ අනුව තවදුරටත් පැහැදිලි කරනවානම්. මහා පරිමාණ ව්‍යාපාරිකයන් සහ ගොවියන් හැරෙන්නට අනෙකුත් සියලුම වෘත්තිකයන් ගැන විමසා බැලුව ද වටහා ගන්නට හැකි වන්නේ, ජපන් වෘත්තිකයන් සියලු දෙනාම සමාන වැටුප් සහ ආදායම් ලබන බවයි.

එපමණක් නොව, දොස්තර මහත්වරුන්ගේ මෙම ඉල්ලීම පිළිබඳව රජයටද යමක් පැවසිය යුතුව ඇත. මේ රට තුළ යහපාලනය ස්ථාපිත කර ගැනීමට නම් යහපත් ආකල්ප වලින් පිරිපුන් සමාජයක් අවශ්‍යයි. එම සමාජය තුළ යහපත් ආකල්ප පෝෂණය වන්නට නම් ඔවුන්ව අසහනයෙන් මුදවා ගත යුතුය. අසහනයෙන් මුදවා ගන්නට නම් සාධාරණ සමාජ වටපිටාවක් නිර්මාණය කළ යුතුය. ඒ සඳහා සමාජය තුළ පවතින විවිධ අසමතා සහ විෂමතා ද දුරුකළ යුතුය. එසේ නොමැතිව ඉහත සඳහන් කළ පරිදි "වයිට් කොලර්" වෘත්තිකයන්ගේ හඬට කන් දීමෙන් හෝ ඔවුන්ව සැනසීමෙන් පමණක් රටේ ප්‍රශ්න විසඳන්නටද නොහැකිය. එහෙයින් ඉදිරි අයවැයේදී හෝ වැටුප් වැඩි කිරීමක අවශ්‍යතාව ගැන සලකා බලනවා නම්, එසේ කළ යුතු වන්නේ ද අවම පඩිපත් ලාභීන්ගේ පමණක් වැටුප්a උපරිම තලයකට ගෙන ඒම සඳහා පමණි.

ප්රජාතන්ත්රවාදය සහ සමාජවාදය යන්න ඉදිරියේදීවත් අප රට තුළ රැක ගැනීමේ අවශ්‍යතාව රජයට තිබෙනවා නම්, වක්‍ර බදු හරහා පීඩිතයන්ගේ බත් පතට සහ කහට කෝප්පයට නොගැසිය යුතුය. ඒ වෙනුවට දොස්තර මහත්මයලා මෙන්ම තවත් වැඩි පඩි සහ විවිධ සායන වැනි දේ හරහා වැඩි ආදායම්ලාභීන් ද කොටු කරගෙන සෘජු බදු අය කළ යුතු වනු ඇත. එපමණක් නොව පෞද්ගලික අංශයේ ද විවිධාකාරයේ වැඩි ආදායම් ලබන්නන් කොටුකරගෙන ඔවුන්ගෙන්ද සෘජු බදු අයකර ගත යුතුය. එමෙන්ම ප්රජාතන්ත්රවාදය සහ සමාජවාදය අගයන අනෙකුත් රටවල් විසින් සිදු කරනු ලබන්නේද ඒක පුද්ගලිකව වැඩියෙන් ලියලන ශුද්ධ ආදායම් දල්ල මුලින්ම කඩාගෙන සෘජු බදු ලෙස අයකර ගැනීමය. එපමණක් ද නොව සමාජය යහපාලනයකට නතුකර ගැනීමේ උපාය මාර්ගයක් ලෙස ද එම රටවල් විසින් මෙම ක්‍රමවේදය අනුගමනය කරමින් ඇත.

ඇත්ත වශයෙන්ම මේ රටේ අණපනත්වලට යටත්වූ බදු ක්‍රමයක් ද ඇත. මේ වනවිට ක්‍රියාත්මක කෙරෙන එම ක්‍රමවේදය අනුව, වාර්ෂික ඒක පුද්ගල ශුද්ධ ආදායමද රු. ලක්ෂ තුනකට සීමා කර ඇත. එපමණක් නොව ධන බදු ගෙවා අවසන් වන විට එය ද රු. 1,005,000/} ට සීමා කර ඇත. එය අප රටේ එක් පුද්ගලයෙකු වාර්ෂිකව ලබන්නට හැකි උපරිම ලාභය ද වන්නේය. එතැනින් එහාට උපයන ශුද්ධ ආදායමක් වේනම්, ඒ සියල්ලම සෘජු බදු ලෙස රජයට ගෙවන්නට ද සිදුවන්නේය. ඒ අනුව මේ මොහොතේ දොස්තර මහත්වරුන් විසින් ඉල්ලන පරිදි ඔවුන්ගේ වැටුප මසක රු. 180,000/} පරිදි වසරකට එය රු. 2,160,000/} ක් බවට ද පත්වනු ඇත. එහෙයින් ඔවුන් විසින් මෙම වැඩි වැටුප් ඉල්ලා සිටින්නෙත් රජයට බදු ගෙවීම පිණිසම ද යන්න ගැටලුවකි.

එහෙයින් අප විසින් තවදුරටත් රජයෙන් ඉල්ලා සිටින්නේ, දොස්තර මහත්වරු පමණක් නොව තව තවත් ලොකු මහත්වරුන්ගේ එවන් අසාධාරණ ඉල්ලීම්වලට කන් දෙනවා වෙනුවට, මේ රටේ පීඩිතයන් බවට පත්ව ඇති ගොවියන්ගේ කම්කරුවන්ගේ මෙන්ම අවම වශයෙන් වැටුප් ලබන්නන්ගේ අඳෝනාවන්ට සවන් දී කටයුතු කරන ලෙසටයි. එමෙන්ම ඉහළ වැටුප් ලබන්නන් මේ වනවිට මේ රටේ සුදු අලියන්ගේ ගණනට පත්ව ඇති බවත්. ගොවියන්, කම්කරුවන් ඇතුළු අඩු වැටුප් සහ අඩු ආදායම් ලබන්නන් මේ රටේ ජීවනාලිය නොහොත් ආර්ථිකයේ උල්පත්ද වන බවයි. එමෙන්ම තවදුරටත් පැහැදිලි කර දිය යුතු වන්නේ, මේ වන විටත් ස්ථාවර ලෙස දියුණු යෑයි සැලකෙන රටවල් වැටුප් සහ ආදායම් පරතරයන් අතර පවතින අසමතාවයන් සහ විෂමතාවන් ඉතාමත්ම අඩුවෙන් පවත්වාගෙන යන බවයි. එමෙන්ම එවන් තත්ත්වයක් පවත්වාගෙන යැම යනු, රටකට අවශ්‍ය සැබෑ ප්රජාතන්ත්රවාදයේ සහ සමාජවාදයේ පැවැත්මට බලපාන ඉතාමත්ම තීරණාත්මක කරුණක් ද වන බවයි. එමෙන්ම එම රටවල යම් තරමකට හෝ ප්රජාතන්ත්රවාදය සහ සමාජවාදය ආරක්ෂා කරගන්නට ලැබී ඇත්තේ ද මෙම ආදායම් සහ වැටුප් විෂමතාවන් අවම තත්ත්වයන්ගෙන් පවත්වාගෙන යැමට එම රටවල් සමත්ව ඇති නිසාමය.

එහෙයින්, අප විසින් තවදුරටත් රජයෙන් ඉල්ලා සිටින්නේ රජය විසින්ම පවත්වාගෙන යා යුතු සේවාවන් යහපත්ව පවත්වාගෙන යනු වෙනුවට, ඒවා පෞද්ගලික අංශයට භාරකර ජනතාව ගසාකන්නට අවකාශ නොතබන ලෙසටය. එමෙන්ම, හාල්මැස්සන් සහ කූනිස්සන් කොටුකර ගන්නවා වෙනුවට තෝරුන් සහ මෝරුන් කොටුකරගෙන සෘජු බදු පමණක් වැඩියෙන් අයකර ගන්නා මෙන්ද, එසේ අය කර ගන්නා බදු මුදල් මගින් රාජ්‍ය සේවාවන් පූර්ණ මෙන්ම යහපත් සේවාව ලෙසට පවත්වාගෙන යන ලෙටසයි. එසේ නොමැතිව සමාජ සමබරතාව රැක නොගෙන, ඒ සඳහා කිසිදු දැක්මක් ද නොමැතිව, එක් එක් පුද්ගලයින් සහ කණ්ඩායම් විසින් විවිධ බලපෑම් කරමින් කන්ඩ හිතුනහම කබරගොයා තලගොයා බවට පත්කරගෙන කන්ඩ හදන කල, ඊට ද කිසිසේත්ම ප්‍රතිචාර නොදැක්විය යුතුය. එමෙන්ම එවන් සෘජු බදු අයකර ගැනීම හේතුවෙන් මහා පරිමාණ නිෂ්පාදන කටයුතු ඇනහිටින බවටත්. සමස්ත ආර්ථිකය කඩා වැටීමේ අවදානම් තත්ත්වයක් ඇති විය හැකි බවටත්. නිර්මාණය කරන ගෝනි බිල්ලෙකුටද බය විය යුතු නැති බව ද සඳහන් කළ යුතුය.

එමෙන්ම යහපත් රාජ්‍ය බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නම්, දේශීය ඵලදායිතාවය වැඩිකර ගැනීම සඳහා වැඩිපුර ශ්‍රමිකයන් පොළඹවා ගැනීමට ද, පෞද්ගලික අංශය ශක්තිමත් කර, ආයාසයකින් තොරව, රජය ආදායම ආවරණය කර ගැනීමට අවශ්‍ය පරිදි ප්‍රමාණවත් බදු අයකර ගැනීමටද ආර්ථිකයේ ප්රතිලාභ සියලුම පුරවැසියන් අතර සාධාරණව බෙදී යැමටද, සියලුම සමාජ අසමානතාවන් සහ විෂමතාවන් පහකර යෑවීමටද විරැකියාව, ආර්ථිකය, මානව හිමිකම් සහ සමාජ අරගල වැනි ප්‍රධාන අභියෝග සහ අනෙකුත් අර්බුද ජයගැනීමට ද හැකිවන අතර, යහපත් මෙන්ම ශක්තිමත් රාජ්‍යයක් ගොඩනැඟීමටද හේතු වනවා ඇත.

බී. එම්. එස්. බලසූරිය

[QUOTE="BINGU_PUTHA, post: 16640826, member: 469273"] [SIZE="4"][COLOR="Red"]පුවතක පසුබිම වැටුප් සහ ආදායම් විෂමතා -DIVAINA puwathpatha [/COLOR] ශ්‍රී ලාංකිකයන් වන අප, ප්රජාතන්ත්රවාදය සහ සමාජවාදය අගයන මෙන්ම අපේක්ෂා කරන ජාතියකි. එමෙන්ම කාලාන්තරයක සිටම එම නාමපුවරුව එල්ලාගෙන ඒ වෙනුවෙන් හඬා වැටෙන ජාතියකි. එහෙත් කවදාවත්ම එහි සැබෑ හැඩ රුව දැකගන්නට හෝ එහි පහස විඳින්නට ද නොලැබුණ ජාතියකි. එපමණක් නොව, සමාජවාදයෙන් තොර ප්රජාතන්ත්රවාදයක් ද ප්රජාතන්ත්රවාදයෙන් තොර සමාජවාදයක් ද නොමැති බව නොදන්නා ජාතියකි. මේ දිනවල අපගේ දොස්තර මහත්වරුන් විසින් ඔවුන්ගේ වැටුප රුපියල් 180,000/} ක් දක්වා වැඩිකර දෙන ලෙස බලකරන්නේද එනිසාම වන්නට පිළිවන. ඒ අනුව ඔවුන් විසින් වැඩිදුරටත් පවසන්නේ, මේ වනවිට අපේ රටේ පවතින අවම සේවක වැටුප වන රු. 11,750/ } මෙන් හතර ගුණයක් පමණක් ඔවුන්ට ලැබෙන බවය. එමෙන්ම එය ඔවුන්ට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවය. සෘජුවම නොකීවත් ඔවුන්ගේ ක්‍රියාකලාපයන් අනුව පැහැදිලි වන්නේය. එය ඔවුන්ගේ තත්ත්වයටද හොඳ මදි බවය. එපමණක් නොව, ඔවුන් විසින් තම ඉල්ලීම දිනාගැනීම පිණිස උදාහරණ ලෙස ගෙන පෙන්වන්නේ ද වෙනත් රටවල් මෙම පරතරය එකට විස්සක් පමණ වන බවය. එයින් අදහස් කෙරෙන්නේ ද ඊට සාපේක්ෂව ඔවුන්ට ලැබිය යුතු සාධාරණ වැටුප විය යුතු වන්නේ, රු. 235,000/} ක් පමණ ද වන බවයි. එහෙත් මේ පිළිබඳව අපට විශාල ගැටලුවක් ඇත. එනම් මේ රටේ පවතින ජීවන වියදමට ඔරොත්තු දෙන පරිදි, සාධාරණව ගෙවිය යුතු වන අවම සේවක වැටුප ලෙස රු. 30,000/} ක් පමණ ගෙවන්නට රජය සානුකම්පිතව බලා පියවර ගතහොත්. දොස්තර මහත්මයලා අපේක්ෂා කරන පරිදි ඔවුන්ට කීයක් ගෙවිය යුතු ද යන්න පිළිබඳවය. එමෙන්ම එම දොස්තර මහත්මයලාට පැහැදිලි කර දෙන්නට ද කරුණු ගණනාවක්ම තිබේ. ඒ අනුව පවසන්නට ඇත්තේ, එතුමන්ලාගෙන් බහුතරයක් මේ රටේ ගොවි කම්කරු වැනි අහිංසක දෙමාපියන්ගේ දරුවන් බවත්, නිදහස් අධ්‍යාපනයේ වරප්‍රසාද සහ ප්රතිලාභ භුක්ති විඳිමින් එතුමන්ලා අද සිටින තැනට පැමිණි බවත්, මේ රටේ පවතින තත්ත්වය අනුව, එතුමන්ලා වැනි තවත් උගතුන් සහ දක්ෂයන් අති විශාල පිරිසකට එම අවස්ථාව අහිමි වී ඇති බවත්, එයින්ද විශාල පිරිසකට හරිහමන් රැකියාවක් පවා අහිමිව ඇති බවත්, ඔබතුමන්ලාට වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන අවධියේ ඔවුන් වෙනුවෙන්, සමාජ සාධාරණය වෙනුවෙන් සහ විමුක්තිය වෙනුවෙන් සටන් කළ අය වන බවත්, මතක තබා ගත යුතු වන බවයි. එපමණක් නොව, එතුමන්ලාට යථාවබෝධ කරදිය යුතු තවත් කරුණු ගණනාවක්ම ඇත. මේ රට මනුස්සයින් වෙසෙන රටකි. මිනිසුන් විසින්ම පාලනය කරන රටකි. එනිසාම සමාජ සාධාරණයක්ද මෙහි තිබිය යුතුය. ඒ සඳහා සෑම පුරවැසියකුටම යහපත් රැකියාවක් ද තිබිය යුතුය. රට තුළ යහපත් සංවර්ධනයක් සහිත ශක්තිමත් ආර්ථිකයක් ද තිබිය යුතුය. එම ආර්ථිකය ද සාධාරණව බෙදී යා යුතුය. රටේ සංවර්ධනය සඳහා සියලුම වෘත්තීය ක්ෂේත්රයන් මෙන්ම එම පුරවැසියන්ද අත්‍යවශ්‍යමය. ඒ සියලු දෙනාම අවතක්සේරුවකින් තොරව දායක කර ගත යුතුමය. එම වෘත්තිකයන් සහ වෘත්තීය ක්ෂේත්රයන් සියල්ල එකසේම වැදගත් සහ වලංගු විය යුතුය. එහෙයින්, එවන් කිසිවෙකු හෝ කිසිදු ක්ෂේත්රයක් බැහැර කර, රටක් සංවර්ධනය කරන්නට ද නොහැකියි. එමෙන්ම සංවර්ධනය සඳහා මුහුණ දෙන්නට සිදුවන අභියෝග සහ අර්බුද ජයගන්නට නොහැකි වන බව ද කිව යුතුය. එනිසාම, මේ රටට වැදගත් වන එකම පුරවැසියන් මෙන්ම වෘත්තීය ක්ෂේත්රය වන්නේ ද ඔබතුමන්ලා සහ වෛද්‍ය ක්ෂේත්රය පමණක්ම නොවන වගද ඔබතුමන්ලා විසින් පළමුව සිහිපත් කර ගත යුතුය. එමෙන්ම ඔබතුමන්ලා මෙන්ම අනෙකුත් සේවකයන්ද යහතින් ජීවත් විය යුතුය යන වගද මනුෂ්‍යත්වයේ නාමයෙන් තේරුම් ගත යුතුය. එපමණක් නොව, තම මූලික අවශ්‍යතාවන් සපුරා ගන්නටද, යුතුකම් සහ වගකීම් ඉටු කරනු පිණිසද, ලියලන සාධාරණ ආශාවන් සපුරා ගන්නටද, ඔබලාට මෙන්ම ආර්ථික ශක්තියක් සහ හැකියාවක් ලේ මස් නහර වලින් නිර්මිත අන් සියලු දෙනාටමත් තිබිය යුතුය. එමෙන්ම මෙම දොස්තර මහත්වරුන්ට යථාවබෝධ කර දිය යුතු වන තවත් වැදගත් කරුණක් ඇත. එනම් මැද පෙර දිග සහ ඉන්දියාව වැනි ප්රජාතන්ත්රවාදයක් සහ සමාජවාදයක් සඳහා වන සාධාරණ සමාජ සමානාත්මතාවක් අවශ්‍ය නැති වෙනත් රටක හැරෙන්නට, සාධාරණ සමාජ සමානාත්මතාවය පදනම් කරගෙන යහපාලනය රැක ගන්නට කටයුතු කරන, අනෙකුත් රටවල පවත්වාගෙන යනු ලබන අවම සහ උපරිම වැටුප් පරතරය අතර වෙනස වන්නේ, එකට විස්සක් නොව, එකට දෙකක්වත් නොමැති තරමින්ය. ඒ බව උදාහරණ සහිතව පෙන්වනවානම්, ජපානය, කොරියාව, සයිප්‍රසය, ඇමරිකාව මෙන්ම එංගලන්තය සහ ඉතාලිය ඇතුළු අනෙකුත් යුරෝපීය රටවල් ඇතුළු තවත් රටවල් ගණනාවක් පෙන්වන්නට හැකි වනවා ඇත. ඒ බව තවදුරටත් තහවුරු කරනවා නම්. එම රටවල කම්කරු වෘත්තියෙහි යෙදෙමින් සිටින අපේ ශ්‍රමිකයින් මේ වනවිටත් ලබන වැටුප් පරිමාණයන් ඒ සඳහා ප්රමාණවත්ය. එපමණක් නොව ජපානය උදාහරණයට ගෙන පෙන්වනවා නම්, වැඩියෙන් සහ වැඩි කාල පරාසයක් ගෙවමින් වැඩකරන කම්කරුවෙකුගේ වැටුපක් මෙන් සමාන වැටුපක් පවා ලැබීමට දොස්තර මහත්මයෙකුට ඉතාමත් අසීරුය. එමෙන්ම ඔවුන්ට රැකියාව කරන ගමන් පුද්ගලික සායන (private chanelling centers) පවත්වාගෙන යැමටද අවකාශ නැත. කෙටියෙන් සඳහන් කරනවා නම්. වයිට් කොලර් රැකියාවක (white collar job) නියෑළෙන්නෙකුට කිසිසේත්ම කම්කරුවකුගේ. ගොවියකුගේ සහ කාර්මිකයකුගේ මෙන්ම වෙනත් නිෂ්පාදන ක්ෂේත්රයක නියෑළෙන්නකුගේ පුද්ගල ආදායමක් හෝ වැටුපක් ඉක්මවා තම වැටුප ලැබීම තරමක අපහසු කාර්යයකි. ඒ අනුව තවදුරටත් පැහැදිලි කරනවානම්. මහා පරිමාණ ව්‍යාපාරිකයන් සහ ගොවියන් හැරෙන්නට අනෙකුත් සියලුම වෘත්තිකයන් ගැන විමසා බැලුව ද වටහා ගන්නට හැකි වන්නේ, ජපන් වෘත්තිකයන් සියලු දෙනාම සමාන වැටුප් සහ ආදායම් ලබන බවයි. එපමණක් නොව, දොස්තර මහත්වරුන්ගේ මෙම ඉල්ලීම පිළිබඳව රජයටද යමක් පැවසිය යුතුව ඇත. මේ රට තුළ යහපාලනය ස්ථාපිත කර ගැනීමට නම් යහපත් ආකල්ප වලින් පිරිපුන් සමාජයක් අවශ්‍යයි. එම සමාජය තුළ යහපත් ආකල්ප පෝෂණය වන්නට නම් ඔවුන්ව අසහනයෙන් මුදවා ගත යුතුය. අසහනයෙන් මුදවා ගන්නට නම් සාධාරණ සමාජ වටපිටාවක් නිර්මාණය කළ යුතුය. ඒ සඳහා සමාජය තුළ පවතින විවිධ අසමතා සහ විෂමතා ද දුරුකළ යුතුය. එසේ නොමැතිව ඉහත සඳහන් කළ පරිදි "වයිට් කොලර්" වෘත්තිකයන්ගේ හඬට කන් දීමෙන් හෝ ඔවුන්ව සැනසීමෙන් පමණක් රටේ ප්‍රශ්න විසඳන්නටද නොහැකිය. එහෙයින් ඉදිරි අයවැයේදී හෝ වැටුප් වැඩි කිරීමක අවශ්‍යතාව ගැන සලකා බලනවා නම්, එසේ කළ යුතු වන්නේ ද අවම පඩිපත් ලාභීන්ගේ පමණක් වැටුප්a උපරිම තලයකට ගෙන ඒම සඳහා පමණි. ප්රජාතන්ත්රවාදය සහ සමාජවාදය යන්න ඉදිරියේදීවත් අප රට තුළ රැක ගැනීමේ අවශ්‍යතාව රජයට තිබෙනවා නම්, වක්‍ර බදු හරහා පීඩිතයන්ගේ බත් පතට සහ කහට කෝප්පයට නොගැසිය යුතුය. ඒ වෙනුවට දොස්තර මහත්මයලා මෙන්ම තවත් වැඩි පඩි සහ විවිධ සායන වැනි දේ හරහා වැඩි ආදායම්ලාභීන් ද කොටු කරගෙන සෘජු බදු අය කළ යුතු වනු ඇත. එපමණක් නොව පෞද්ගලික අංශයේ ද විවිධාකාරයේ වැඩි ආදායම් ලබන්නන් කොටුකරගෙන ඔවුන්ගෙන්ද සෘජු බදු අයකර ගත යුතුය. එමෙන්ම ප්රජාතන්ත්රවාදය සහ සමාජවාදය අගයන අනෙකුත් රටවල් විසින් සිදු කරනු ලබන්නේද ඒක පුද්ගලිකව වැඩියෙන් ලියලන ශුද්ධ ආදායම් දල්ල මුලින්ම කඩාගෙන සෘජු බදු ලෙස අයකර ගැනීමය. එපමණක් ද නොව සමාජය යහපාලනයකට නතුකර ගැනීමේ උපාය මාර්ගයක් ලෙස ද එම රටවල් විසින් මෙම ක්‍රමවේදය අනුගමනය කරමින් ඇත. ඇත්ත වශයෙන්ම මේ රටේ අණපනත්වලට යටත්වූ බදු ක්‍රමයක් ද ඇත. මේ වනවිට ක්‍රියාත්මක කෙරෙන එම ක්‍රමවේදය අනුව, වාර්ෂික ඒක පුද්ගල ශුද්ධ ආදායමද රු. ලක්ෂ තුනකට සීමා කර ඇත. එපමණක් නොව ධන බදු ගෙවා අවසන් වන විට එය ද රු. 1,005,000/} ට සීමා කර ඇත. එය අප රටේ එක් පුද්ගලයෙකු වාර්ෂිකව ලබන්නට හැකි උපරිම ලාභය ද වන්නේය. එතැනින් එහාට උපයන ශුද්ධ ආදායමක් වේනම්, ඒ සියල්ලම සෘජු බදු ලෙස රජයට ගෙවන්නට ද සිදුවන්නේය. ඒ අනුව මේ මොහොතේ දොස්තර මහත්වරුන් විසින් ඉල්ලන පරිදි ඔවුන්ගේ වැටුප මසක රු. 180,000/} පරිදි වසරකට එය රු. 2,160,000/} ක් බවට ද පත්වනු ඇත. එහෙයින් ඔවුන් විසින් මෙම වැඩි වැටුප් ඉල්ලා සිටින්නෙත් රජයට බදු ගෙවීම පිණිසම ද යන්න ගැටලුවකි. එහෙයින් අප විසින් තවදුරටත් රජයෙන් ඉල්ලා සිටින්නේ, දොස්තර මහත්වරු පමණක් නොව තව තවත් ලොකු මහත්වරුන්ගේ එවන් අසාධාරණ ඉල්ලීම්වලට කන් දෙනවා වෙනුවට, මේ රටේ පීඩිතයන් බවට පත්ව ඇති ගොවියන්ගේ කම්කරුවන්ගේ මෙන්ම අවම වශයෙන් වැටුප් ලබන්නන්ගේ අඳෝනාවන්ට සවන් දී කටයුතු කරන ලෙසටයි. එමෙන්ම ඉහළ වැටුප් ලබන්නන් මේ වනවිට මේ රටේ සුදු අලියන්ගේ ගණනට පත්ව ඇති බවත්. ගොවියන්, කම්කරුවන් ඇතුළු අඩු වැටුප් සහ අඩු ආදායම් ලබන්නන් මේ රටේ ජීවනාලිය නොහොත් ආර්ථිකයේ උල්පත්ද වන බවයි. එමෙන්ම තවදුරටත් පැහැදිලි කර දිය යුතු වන්නේ, මේ වන විටත් ස්ථාවර ලෙස දියුණු යෑයි සැලකෙන රටවල් වැටුප් සහ ආදායම් පරතරයන් අතර පවතින අසමතාවයන් සහ විෂමතාවන් ඉතාමත්ම අඩුවෙන් පවත්වාගෙන යන බවයි. එමෙන්ම එවන් තත්ත්වයක් පවත්වාගෙන යැම යනු, රටකට අවශ්‍ය සැබෑ ප්රජාතන්ත්රවාදයේ සහ සමාජවාදයේ පැවැත්මට බලපාන ඉතාමත්ම තීරණාත්මක කරුණක් ද වන බවයි. එමෙන්ම එම රටවල යම් තරමකට හෝ ප්රජාතන්ත්රවාදය සහ සමාජවාදය ආරක්ෂා කරගන්නට ලැබී ඇත්තේ ද මෙම ආදායම් සහ වැටුප් විෂමතාවන් අවම තත්ත්වයන්ගෙන් පවත්වාගෙන යැමට එම රටවල් සමත්ව ඇති නිසාමය. එහෙයින්, අප විසින් තවදුරටත් රජයෙන් ඉල්ලා සිටින්නේ රජය විසින්ම පවත්වාගෙන යා යුතු සේවාවන් යහපත්ව පවත්වාගෙන යනු වෙනුවට, ඒවා පෞද්ගලික අංශයට භාරකර ජනතාව ගසාකන්නට අවකාශ නොතබන ලෙසටය. එමෙන්ම, හාල්මැස්සන් සහ කූනිස්සන් කොටුකර ගන්නවා වෙනුවට තෝරුන් සහ මෝරුන් කොටුකරගෙන සෘජු බදු පමණක් වැඩියෙන් අයකර ගන්නා මෙන්ද, එසේ අය කර ගන්නා බදු මුදල් මගින් රාජ්‍ය සේවාවන් පූර්ණ මෙන්ම යහපත් සේවාව ලෙසට පවත්වාගෙන යන ලෙටසයි. එසේ නොමැතිව සමාජ සමබරතාව රැක නොගෙන, ඒ සඳහා කිසිදු දැක්මක් ද නොමැතිව, එක් එක් පුද්ගලයින් සහ කණ්ඩායම් විසින් විවිධ බලපෑම් කරමින් කන්ඩ හිතුනහම කබරගොයා තලගොයා බවට පත්කරගෙන කන්ඩ හදන කල, ඊට ද කිසිසේත්ම ප්‍රතිචාර නොදැක්විය යුතුය. එමෙන්ම එවන් සෘජු බදු අයකර ගැනීම හේතුවෙන් මහා පරිමාණ නිෂ්පාදන කටයුතු ඇනහිටින බවටත්. සමස්ත ආර්ථිකය කඩා වැටීමේ අවදානම් තත්ත්වයක් ඇති විය හැකි බවටත්. නිර්මාණය කරන ගෝනි බිල්ලෙකුටද බය විය යුතු නැති බව ද සඳහන් කළ යුතුය. එමෙන්ම යහපත් රාජ්‍ය බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නම්, දේශීය ඵලදායිතාවය වැඩිකර ගැනීම සඳහා වැඩිපුර ශ්‍රමිකයන් පොළඹවා ගැනීමට ද, පෞද්ගලික අංශය ශක්තිමත් කර, ආයාසයකින් තොරව, රජය ආදායම ආවරණය කර ගැනීමට අවශ්‍ය පරිදි ප්‍රමාණවත් බදු අයකර ගැනීමටද ආර්ථිකයේ ප්රතිලාභ සියලුම පුරවැසියන් අතර සාධාරණව බෙදී යැමටද, සියලුම සමාජ අසමානතාවන් සහ විෂමතාවන් පහකර යෑවීමටද විරැකියාව, ආර්ථිකය, මානව හිමිකම් සහ සමාජ අරගල වැනි ප්‍රධාන අභියෝග සහ අනෙකුත් අර්බුද ජයගැනීමට ද හැකිවන අතර, යහපත් මෙන්ම ශක්තිමත් රාජ්‍යයක් ගොඩනැඟීමටද හේතු වනවා ඇත. බී. එම්. එස්. බලසූරිය[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom