Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Today at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
E-bike
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලස්සනට ලියල තියෙනව..

- රනිල් ජයනෙත්ති - 2022.07.24

EUROBIKE, Frankfurt, Germany - 2: ASiA BiKE

පානදුරෙන් ලෝකෙට!

බයිසිකල් කර්මාන්තය පිළිබඳව ලෝකයේ විශාලතම වෙළඳ ප්‍රදර්ශනය වන "යුරෝ බයික්" ප්‍රදර්ශනය පසුගියදා ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් නගරයේදී පැවැත්වුනා.

ලංකාව නියෝජනය කරමින් සමාගම් තුනක් මෙම ප්‍රදර්ශනයට සහභාගි වීමට පැමිණ සිටියා. DSI සමාගමේ විස්තරේ පසුගිය සතියේ මා ලාංකීය පාපැදි ලෝලී ඔබට ලියා එව්වා.

අද මේ කියන්න යන්නේ ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් නගරයට පැමිණ සිටි තවත් සුවිශේෂී ලාංකීය සමාගමක් ගැන. ඒ පානදුරේ ඉඳන් ඇවිත් තිබුන ඒෂියා බයික් සමාගම. ඉස්කෝලේ යන කාලේ මටත් අලුත්ම අලුත් ඒෂියා බයික් එකක් මගේ අම්මායි තාත්තායි මට අරන් දීලා තිබුණා. ඒ නිසා ඒෂියා බයික් එකට මටත් යම් බැඳීමක් තිබුණා. ඒ 1980 මැද භාගයේ. අද සමාගම ගොඩාක් දියුණු වෙලා.

ඉතාම ආකර්ෂණීය ලෙසට සකස් කර තිබුණු Asia Bike ප්‍රදර්ශන කුටිය ඔබට මේ සමඟ දකින්නට පුළුවන්. එහි Asia Bike කියන එක යටින් ලියා තිබුණා "Sri Lanka's largest e-bike exporting company" (ලංකාවේ ලොකුම ඊපැදි අපනයන සමාගම) කියලා. ඊපැදි කිව්වේ පදිනකොට විදුලිය ආධාරයෙන් තල්ලුවක් දෙන බයිසිකල් කියන එක. එහෙම ඒවා කඳු වල එහෙම පදින්න ලේසියි. පෙට්ටියක් හයි කර ගත්තම සිමෙන්ති කොට්ට දෙකක බර දාගෙන සුරුස් ගාලා කන්දක් අදින්න පුළුවන්. මේවාට ඊපැදි, ඊ-බයික්, Pedelec නැත්නම් විදුලි බයිසිකල් කියලාත් කියන්න පුළුවන්.

ඇතිවෙලා තියෙන්නේ ඉන්ධන අර්බුදය සහ පෙට්‍රල්, ඩීසල් පාවිච්චිය නිසා ඉදිරියේදී අපි හැමෝටම අනිවාර්යෙන් මුහුණ දෙන්න වෙන පරිසර අර්බුදය නිසා ඉක්මනින්ම කවුරුහරි ලංකාවේ ඊපැදි නිෂ්පාදනය පටන් ගන්න ඕන නේද කියලා හිත හිත ඉන්නකොට, මේ වන කොටත් යුරෝපීය වෙළඳ පලට අවශ්‍ය ප්‍රමිතියට ලංකාවෙන් බයිසිකල් හදලා එවනවා කියලා දැන ගත්තම මම පුදුමයෙන් පුදුමයට පත් වුණා.

ප්‍රදර්ශනයට පැමිණ සිටි ඒෂියා බයික් සමාගමේ සභාපති ෆාරුක් මහතා සමඟ කතා කිරීමට මට අවස්ථාවක් ලැබුණා.

වසර 75 කට පෙර තම දෙමාපියන් පානදුරේදී බයිසිකල් කර්මාන්තයට පිවිසුණු බවත්, තමාගේ ඤාතීන් ලුමාලා ලේබලය යටතේ බයිසිකල් නිපදවන බවත්, තමා දිගටම ඒෂියා බයික් සන්නාමය කරගෙන යන බවත් ෆාරුක් මහතා මට කීවා.

කාලයක් තිස්සේ තම සමාගම එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය, නෙදර්ලන්තය, චෙක් රට ඇතුළු ලෝකයේ රටවල් ගණනාවකට සාමාන්‍ය පාපැදි මෙන්ම e-bike ද අපනයනය කරන බව ෆාරුක් මහතා මා සමඟ කියා සිටියා.

තම ඊපැදි වල මෝටරය පිටරටින් ගෙනෙන බවත්, බැටරිය, ඒවායේ කෝෂ (cells) පිටරටින් ආනයනය කර, ලංකාවේම එකලස් කරන බවත් එතුමා කීවා. තමුන්ම හදන බැටරි සහිත බයිසිකල් යුරෝපයට විකුණන්නට හැකිවීම සුවිශේෂී කාරණයක්. යුරෝපීය ඊ-බයිසිකල් නිෂ්පාදකයන් තම බයිසිකල් වල බැටරි ලබාගන්නේ Bosch, Panasonic, AEG වගේ ප්‍රකට සමාගම් වලින්. ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබූ සියළු ඊපැදි "Rook"ලේබලය යටතේ ඉදිරිපත් කර තිබූ නිසා, ඒ කොයි රටේ නමක්දැයි මා විමසූ විට, "ඒ තමයි අපේ බ්‍රෑන්ඩ් එක. මගේ නම ෆාරුක් (Farook) කියන එකෙන් තමයි Rook කියන එක අරන් තියෙන්නෙ" සභාපතිතුමා කියා සිටියා.

ප්‍රදර්ශන කුටිය තුල විදේශිකයන් කීපදෙනෙකුත් සිටියා. මම මුලින් සිතුවේ මේ අය ප්‍රදර්ශන කුටිය බලන්න ආපු අය කියායි. ටික වෙලාවක් ඉන්නකොට ප්‍රදර්ශන කුටිය බලන්න එන අයට මේ විදේශිකයන්, කුටියේ ඇති බයිසිකල් ගැන බොහොම උද්යෝගයෙන් විස්තර ඉදිරිපත් කරනවා බලා සිටි මට ඇතිවූ කුකුස නිසා මේ අය කවුද යයි මා ෆාරුක් මහතාගෙන් විමසුවෙමි. "අරයා නෙදර්ලන්ත ජාතිකයෙක්. එයා තමා යුරෝපයේ විකුණන අපේ බයිසිකල් වලට කොහෙ හරි ප්‍රශ්ණයක් ආවොත් ගිහින් සර්විස් කරන්නෙ. එයා අපේ නෙදර්ලන්තෙ පාට්නර් ගාව ඉන්නේ. අනිත් කෙනා අපි ළඟ ලංකාවෙ වැඩ කරන චීන ඉංජිනේරුවෙක්. අපිට චීනෙත් ඔෆිස් එකක් තියෙනවා" එතුමා කියා සිටියේය. මාරයිනෙ! මට සිතිණි!

ඉතිං මේ බයිසිකල් ලංකාවෙ විකුණන්න බැරිද? මා ෆාරුක් මහතා ගෙන් ඇසුවෙමි.

"අපි BOI project එකක්නේ. අපිට 10% යි විකුණන්න පුළුවන්. ඒත් එහෙම කරන්න ගොඩක් approval ගන්න ඕන. අපේ තියෙන්නේ bonded warehouses. ආනයනය කරපු කොටස් වලින් අවසන් නිෂ්පාදන හැටියට කොච්චරක් පිටරට යැව්වද කියන එක අපි ආණ්ඩුවට පෙන්නන්න ඕන. ලංකාවේ ඇතුලේ බයිසිකල් විකුණුවත් අර බදු සහන ලබාගෙන ආනයනය කරපු කොටස්වලට අදාල බදු ප්‍රමාණය අපි ආණ්ඩුවට ආපහු ගෙවන්න ඕන. ටිකක් කරදර කාරණයක්", යි එතුමා කියා සිටියේය.

"මේ පෙට්‍රල් ප්‍රශ්නෙත් එක්ක දොස්තර මහත්තුරුන්ට වැඩට යන්න බැරි එක ලොකු ප්‍රශ්ණයක්නේ. අඳුරන දොස්තර මහත්තුරු කීප දෙනෙකුට බයිසිකල් කීපයක් දුන්නා. ඔවුන් තවත් බයිසිකල් ඉල්ලුවා. ඒත් දෙන්න විදිහක් නෑ. මොකද, ඒ දෙන්න වෙන්නේ අපිට පිටරටින් ඕඩර් ඇවිල්ලා තියන බඩුනේ. ලංකාව ඇතුලේ විකුණන්න ගියපුම පිටරට එක්කෙනා 100 ක් ඉල්ලුවම දෙන්න වෙන්නේ 90 යි. එතකොට ඒගොල්ලන්ට බඩු මදි වෙන නිසා ඒකට ඒ ගොල්ලෝ කැමති නෑ. ඒකයි ප්‍රශ්නේ". ඇත්තෙන්ම අද යුරෝපයේ ඊපැදි ඉල්ලුම ඉතා ඉහළ ගොස් ඇත. සමහර මොඩල් ලබාගැනීමට ඕඩර් කර වසරක් පමණ බලා සිටිය යුතුය.

ඉතිං දැන් ලංකාවෙ බයිසිකල් ඉල්ලුම වැඩි වෙලා තියෙන නිසා ලංකාවෙ මාර්කට් එකට ඊ-බයික් හදන්න බැරිද? මා ඇසුවා.

"ඒක ලොකු වැඩක්. ලොකු ආයෝජනයක් කරන්න ඕන. අපි දන්නෙ නෑනෙ මේ ඉල්ලුම තාවකාලිකද කියලා. අපි මාකට් එක ඇනලයිස් කරලා වැඩක් තියෙනවා කියලා පැහැදිලි නම් අපිට ඒ වැඩේට ඉස්සරහට බහින්න පුළුවන්" එතුමා කීය.

වෙළඳ කුටියෙ තිබුණු ඊ-බයික් දිහා බැලුවම ඒවා යුරෝපයේ යුරෝ 2000 ට 3000 ට විකුණන්න තියෙන බයිසිකල් වලට වෙනසක් නැති බව මට හැඟී ගියා. යුරෝපය වගේ තාක්ෂණිකව සංකීර්ණ වෙළඳපලකට අද ලංකාවෙන් ඊ- බයික් අපනයනය කරන්න පුළුවන් වන මට්ටමට ලංකාවෙ සමාගමක් තම තාක්ෂණ හැකියා දියුණු කරගෙන තිබීම මොන තරම් වටින කරුණක්ද? මොන තරම් ආඩම්බරයක්ද? දක්ෂ මිනිස්සු! නිහඬ වැඩ කරුවො! ඒ වගේම යුරෝපීය ප්රමිතීන් වලට කාර්මික නිෂ්පාදන නිපදවිය හැකි සේවක පිරිසක් ලංකාව තුල සිටීම අපට කෙතරම් සම්පතක්ද? එය අනාගතය ගැන යහපත් බලාපොරොත්තු දනවන කරුණක්.

මා කලින් ලිපියේ සඳහන් කල, DSI සමාගමේ රාජපක්ෂ මහතා කියූ ලෙසම, ලංකාවේ ආරක්ෂා සහිත පාපැදි මංතීරු නොතිබීම ලංකාවේ පාපැදි ප්‍රවාහනය ප්‍රවර්ධනයට මෙන්ම කර්මාන්තයේ ප්‍රවර්ධනයටද බාධකයක් බව Asia Bike හි ෆාරුක් මහතාද පැවසූවා.

සුව දිවියට පාපැදිය (Ride for Life) සමූහය විසින්, ලාංකීය පාපැදි ලෝලීන් සමග එක්ව, ලංකාව තුල ආරක්ෂා සහිත පාපැදි මංතීරු බිහි කර ගැනීම උදෙසා අදාල රාජ්‍ය ආයතන සහ සංවිධාන සමග කරගෙන යන වැඩපිළිවෙළ ගැන මා ෆාරුක් මහතාව දැනුවත් කළා. දේශීය වෙළෙඳපොළට ඊ-බයික් නිකුත් කරන්නේ නම් ජනතාව ඉතා සතුටට පත් වනු ඇති බවත්, ඒ සඳහා ඇති යම් බාධක ඉවත් කර ගැනීමට පාපැදි ප්‍රවර්ධනයට කැප වී සිටින සිවිල් සංවිධානයක් ලෙසට Ride for Life සංවිධානයට ඒ සඳහා මැදිහත් විය හැකි බවත්, අප දැනටමත් ඒ ගැන කර්මාන්ත අමාත්‍යාංශය දැනුවත් කර ඇති බවත් මා එතුමාට පැවසුවා. එතුමා සුව දිවියට පාපැදිය සංවිධානය විසින් කරගෙන යන වැඩ පිලිවෙල අගය කලා.

අපි Asia Bike සමාගමට සුභ පතමු!

සාකච්ඡාව නිම කර ජර්මනිය, නෙදර්ලන්තය, තායිවානය, චීනය ආදී ලෝකයේ විවිධ රටවල වෙළඳ කුටි නරඹමින් හෙමිහිට ඉදිරියට යන විට Asia Bike සමාගම ගැන මට දැනුනේ මහත් ආඩම්බරයක්!

ලාංකීය අප, දේශයේ අභිවෘද්ධිය උදෙසා ජාත්‍යන්තරයේ සටනක් දෙන මෙවන් සමාගම් ආරක්ෂා කර ගත යුතුයි!

- රනිල් ජයනෙත්ති - 2022.07.24

[QUOTE="Tharaka25, post: 28001701, member: 566222"] ලස්සනට ලියල තියෙනව.. - රනිල් ජයනෙත්ති - 2022.07.24 EUROBIKE, Frankfurt, Germany - 2: ASiA BiKE පානදුරෙන් ලෝකෙට! බයිසිකල් කර්මාන්තය පිළිබඳව ලෝකයේ විශාලතම වෙළඳ ප්‍රදර්ශනය වන "යුරෝ බයික්" ප්‍රදර්ශනය පසුගියදා ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් නගරයේදී පැවැත්වුනා. ලංකාව නියෝජනය කරමින් සමාගම් තුනක් මෙම ප්‍රදර්ශනයට සහභාගි වීමට පැමිණ සිටියා. DSI සමාගමේ විස්තරේ පසුගිය සතියේ මා ලාංකීය පාපැදි ලෝලී ඔබට ලියා එව්වා. අද මේ කියන්න යන්නේ ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් නගරයට පැමිණ සිටි තවත් සුවිශේෂී ලාංකීය සමාගමක් ගැන. ඒ පානදුරේ ඉඳන් ඇවිත් තිබුන ඒෂියා බයික් සමාගම. ඉස්කෝලේ යන කාලේ මටත් අලුත්ම අලුත් ඒෂියා බයික් එකක් මගේ අම්මායි තාත්තායි මට අරන් දීලා තිබුණා. ඒ නිසා ඒෂියා බයික් එකට මටත් යම් බැඳීමක් තිබුණා. ඒ 1980 මැද භාගයේ. අද සමාගම ගොඩාක් දියුණු වෙලා. ඉතාම ආකර්ෂණීය ලෙසට සකස් කර තිබුණු Asia Bike ප්‍රදර්ශන කුටිය ඔබට මේ සමඟ දකින්නට පුළුවන්. එහි Asia Bike කියන එක යටින් ලියා තිබුණා "Sri Lanka's largest e-bike exporting company" (ලංකාවේ ලොකුම ඊපැදි අපනයන සමාගම) කියලා. ඊපැදි කිව්වේ පදිනකොට විදුලිය ආධාරයෙන් තල්ලුවක් දෙන බයිසිකල් කියන එක. එහෙම ඒවා කඳු වල එහෙම පදින්න ලේසියි. පෙට්ටියක් හයි කර ගත්තම සිමෙන්ති කොට්ට දෙකක බර දාගෙන සුරුස් ගාලා කන්දක් අදින්න පුළුවන්. මේවාට ඊපැදි, ඊ-බයික්, Pedelec නැත්නම් විදුලි බයිසිකල් කියලාත් කියන්න පුළුවන්. ඇතිවෙලා තියෙන්නේ ඉන්ධන අර්බුදය සහ පෙට්‍රල්, ඩීසල් පාවිච්චිය නිසා ඉදිරියේදී අපි හැමෝටම අනිවාර්යෙන් මුහුණ දෙන්න වෙන පරිසර අර්බුදය නිසා ඉක්මනින්ම කවුරුහරි ලංකාවේ ඊපැදි නිෂ්පාදනය පටන් ගන්න ඕන නේද කියලා හිත හිත ඉන්නකොට, මේ වන කොටත් යුරෝපීය වෙළඳ පලට අවශ්‍ය ප්‍රමිතියට ලංකාවෙන් බයිසිකල් හදලා එවනවා කියලා දැන ගත්තම මම පුදුමයෙන් පුදුමයට පත් වුණා. ප්‍රදර්ශනයට පැමිණ සිටි ඒෂියා බයික් සමාගමේ සභාපති ෆාරුක් මහතා සමඟ කතා කිරීමට මට අවස්ථාවක් ලැබුණා. වසර 75 කට පෙර තම දෙමාපියන් පානදුරේදී බයිසිකල් කර්මාන්තයට පිවිසුණු බවත්, තමාගේ ඤාතීන් ලුමාලා ලේබලය යටතේ බයිසිකල් නිපදවන බවත්, තමා දිගටම ඒෂියා බයික් සන්නාමය කරගෙන යන බවත් ෆාරුක් මහතා මට කීවා. කාලයක් තිස්සේ තම සමාගම එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය, නෙදර්ලන්තය, චෙක් රට ඇතුළු ලෝකයේ රටවල් ගණනාවකට සාමාන්‍ය පාපැදි මෙන්ම e-bike ද අපනයනය කරන බව ෆාරුක් මහතා මා සමඟ කියා සිටියා. තම ඊපැදි වල මෝටරය පිටරටින් ගෙනෙන බවත්, බැටරිය, ඒවායේ කෝෂ (cells) පිටරටින් ආනයනය කර, ලංකාවේම එකලස් කරන බවත් එතුමා කීවා. තමුන්ම හදන බැටරි සහිත බයිසිකල් යුරෝපයට විකුණන්නට හැකිවීම සුවිශේෂී කාරණයක්. යුරෝපීය ඊ-බයිසිකල් නිෂ්පාදකයන් තම බයිසිකල් වල බැටරි ලබාගන්නේ Bosch, Panasonic, AEG වගේ ප්‍රකට සමාගම් වලින්. ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබූ සියළු ඊපැදි "Rook"ලේබලය යටතේ ඉදිරිපත් කර තිබූ නිසා, ඒ කොයි රටේ නමක්දැයි මා විමසූ විට, "ඒ තමයි අපේ බ්‍රෑන්ඩ් එක. මගේ නම ෆාරුක් (Farook) කියන එකෙන් තමයි Rook කියන එක අරන් තියෙන්නෙ" සභාපතිතුමා කියා සිටියා. ප්‍රදර්ශන කුටිය තුල විදේශිකයන් කීපදෙනෙකුත් සිටියා. මම මුලින් සිතුවේ මේ අය ප්‍රදර්ශන කුටිය බලන්න ආපු අය කියායි. ටික වෙලාවක් ඉන්නකොට ප්‍රදර්ශන කුටිය බලන්න එන අයට මේ විදේශිකයන්, කුටියේ ඇති බයිසිකල් ගැන බොහොම උද්යෝගයෙන් විස්තර ඉදිරිපත් කරනවා බලා සිටි මට ඇතිවූ කුකුස නිසා මේ අය කවුද යයි මා ෆාරුක් මහතාගෙන් විමසුවෙමි. "අරයා නෙදර්ලන්ත ජාතිකයෙක්. එයා තමා යුරෝපයේ විකුණන අපේ බයිසිකල් වලට කොහෙ හරි ප්‍රශ්ණයක් ආවොත් ගිහින් සර්විස් කරන්නෙ. එයා අපේ නෙදර්ලන්තෙ පාට්නර් ගාව ඉන්නේ. අනිත් කෙනා අපි ළඟ ලංකාවෙ වැඩ කරන චීන ඉංජිනේරුවෙක්. අපිට චීනෙත් ඔෆිස් එකක් තියෙනවා" එතුමා කියා සිටියේය. මාරයිනෙ! මට සිතිණි! ඉතිං මේ බයිසිකල් ලංකාවෙ විකුණන්න බැරිද? මා ෆාරුක් මහතා ගෙන් ඇසුවෙමි. "අපි BOI project එකක්නේ. අපිට 10% යි විකුණන්න පුළුවන්. ඒත් එහෙම කරන්න ගොඩක් approval ගන්න ඕන. අපේ තියෙන්නේ bonded warehouses. ආනයනය කරපු කොටස් වලින් අවසන් නිෂ්පාදන හැටියට කොච්චරක් පිටරට යැව්වද කියන එක අපි ආණ්ඩුවට පෙන්නන්න ඕන. ලංකාවේ ඇතුලේ බයිසිකල් විකුණුවත් අර බදු සහන ලබාගෙන ආනයනය කරපු කොටස්වලට අදාල බදු ප්‍රමාණය අපි ආණ්ඩුවට ආපහු ගෙවන්න ඕන. ටිකක් කරදර කාරණයක්", යි එතුමා කියා සිටියේය. "මේ පෙට්‍රල් ප්‍රශ්නෙත් එක්ක දොස්තර මහත්තුරුන්ට වැඩට යන්න බැරි එක ලොකු ප්‍රශ්ණයක්නේ. අඳුරන දොස්තර මහත්තුරු කීප දෙනෙකුට බයිසිකල් කීපයක් දුන්නා. ඔවුන් තවත් බයිසිකල් ඉල්ලුවා. ඒත් දෙන්න විදිහක් නෑ. මොකද, ඒ දෙන්න වෙන්නේ අපිට පිටරටින් ඕඩර් ඇවිල්ලා තියන බඩුනේ. ලංකාව ඇතුලේ විකුණන්න ගියපුම පිටරට එක්කෙනා 100 ක් ඉල්ලුවම දෙන්න වෙන්නේ 90 යි. එතකොට ඒගොල්ලන්ට බඩු මදි වෙන නිසා ඒකට ඒ ගොල්ලෝ කැමති නෑ. ඒකයි ප්‍රශ්නේ". ඇත්තෙන්ම අද යුරෝපයේ ඊපැදි ඉල්ලුම ඉතා ඉහළ ගොස් ඇත. සමහර මොඩල් ලබාගැනීමට ඕඩර් කර වසරක් පමණ බලා සිටිය යුතුය. ඉතිං දැන් ලංකාවෙ බයිසිකල් ඉල්ලුම වැඩි වෙලා තියෙන නිසා ලංකාවෙ මාර්කට් එකට ඊ-බයික් හදන්න බැරිද? මා ඇසුවා. "ඒක ලොකු වැඩක්. ලොකු ආයෝජනයක් කරන්න ඕන. අපි දන්නෙ නෑනෙ මේ ඉල්ලුම තාවකාලිකද කියලා. අපි මාකට් එක ඇනලයිස් කරලා වැඩක් තියෙනවා කියලා පැහැදිලි නම් අපිට ඒ වැඩේට ඉස්සරහට බහින්න පුළුවන්" එතුමා කීය. වෙළඳ කුටියෙ තිබුණු ඊ-බයික් දිහා බැලුවම ඒවා යුරෝපයේ යුරෝ 2000 ට 3000 ට විකුණන්න තියෙන බයිසිකල් වලට වෙනසක් නැති බව මට හැඟී ගියා. යුරෝපය වගේ තාක්ෂණිකව සංකීර්ණ වෙළඳපලකට අද ලංකාවෙන් ඊ- බයික් අපනයනය කරන්න පුළුවන් වන මට්ටමට ලංකාවෙ සමාගමක් තම තාක්ෂණ හැකියා දියුණු කරගෙන තිබීම මොන තරම් වටින කරුණක්ද? මොන තරම් ආඩම්බරයක්ද? දක්ෂ මිනිස්සු! නිහඬ වැඩ කරුවො! ඒ වගේම යුරෝපීය ප්රමිතීන් වලට කාර්මික නිෂ්පාදන නිපදවිය හැකි සේවක පිරිසක් ලංකාව තුල සිටීම අපට කෙතරම් සම්පතක්ද? එය අනාගතය ගැන යහපත් බලාපොරොත්තු දනවන කරුණක්. මා කලින් ලිපියේ සඳහන් කල, DSI සමාගමේ රාජපක්ෂ මහතා කියූ ලෙසම, ලංකාවේ ආරක්ෂා සහිත පාපැදි මංතීරු නොතිබීම ලංකාවේ පාපැදි ප්‍රවාහනය ප්‍රවර්ධනයට මෙන්ම කර්මාන්තයේ ප්‍රවර්ධනයටද බාධකයක් බව Asia Bike හි ෆාරුක් මහතාද පැවසූවා. සුව දිවියට පාපැදිය (Ride for Life) සමූහය විසින්, ලාංකීය පාපැදි ලෝලීන් සමග එක්ව, ලංකාව තුල ආරක්ෂා සහිත පාපැදි මංතීරු බිහි කර ගැනීම උදෙසා අදාල රාජ්‍ය ආයතන සහ සංවිධාන සමග කරගෙන යන වැඩපිළිවෙළ ගැන මා ෆාරුක් මහතාව දැනුවත් කළා. දේශීය වෙළෙඳපොළට ඊ-බයික් නිකුත් කරන්නේ නම් ජනතාව ඉතා සතුටට පත් වනු ඇති බවත්, ඒ සඳහා ඇති යම් බාධක ඉවත් කර ගැනීමට පාපැදි ප්‍රවර්ධනයට කැප වී සිටින සිවිල් සංවිධානයක් ලෙසට Ride for Life සංවිධානයට ඒ සඳහා මැදිහත් විය හැකි බවත්, අප දැනටමත් ඒ ගැන කර්මාන්ත අමාත්‍යාංශය දැනුවත් කර ඇති බවත් මා එතුමාට පැවසුවා. එතුමා සුව දිවියට පාපැදිය සංවිධානය විසින් කරගෙන යන වැඩ පිලිවෙල අගය කලා. අපි Asia Bike සමාගමට සුභ පතමු! සාකච්ඡාව නිම කර ජර්මනිය, නෙදර්ලන්තය, තායිවානය, චීනය ආදී ලෝකයේ විවිධ රටවල වෙළඳ කුටි නරඹමින් හෙමිහිට ඉදිරියට යන විට Asia Bike සමාගම ගැන මට දැනුනේ මහත් ආඩම්බරයක්! ලාංකීය අප, දේශයේ අභිවෘද්ධිය උදෙසා ජාත්‍යන්තරයේ සටනක් දෙන මෙවන් සමාගම් ආරක්ෂා කර ගත යුතුයි! - රනිල් ජයනෙත්ති - 2022.07.24 [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom