Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
E-NIC
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විද්‍යුත් ජාතික හැඳුනුම්පත, කෙටියෙන් කිව්වොත් E – NIC එක ලෝකයේ ඇතැම් රටවල මේ වන විට සාර්ථකව භාවිතා කෙරෙමින් පවතිනවා. ඒ තත්වය කොහොම වුණත් ශ්‍රී ලංකාවෙ නම් මේ විද්‍යුත් ජාතික හැඳුනුපත කියන්නෙ කාලෙන් කාලෙට ඉස්මතු වෙන, සෑහෙන කතා බහට ලක්වෙන, හැබැයි සති දෙක තුනකට පස්සෙ නිකන්ම යටපත් වෙන මාතෘකාවක්. මේ අවුරුද්දේ ආයෙත් මේ මාතෘකාව මතුවුනේ පහුගිය ජුනි 21 වෙනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනතට කෙරුණ සංශෝධනයත් සමඟයි.

පුරවැසියන් සඳහා විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් කඩිනමින් ලබා දෙන බවට රජය විසින් කළ ප්‍රකාශයට පක්ෂව හා විපක්ෂව කෙරුණු බොහෝ අදහස් දැක්වීම් දක්නට ලැබුනත් බොහෝ දෙනෙක්ට ඒ ගැන තවමත් ඇත්තේ එතරම් පැහැදිලි අදහසක් නෙවෙයි. ඒ නිසා අපි කල්පනා කළා මේ හඳුන්වාදීමට යන විද්‍යුත් ජාතික හැඳුනුම්පත සහ එහි පසුබිම පිලිබඳ විස්තරාත්මක ලිපියක් ඔබ වෙත ගෙන එන්නට.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය සහ එහි අරමුණු

විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් ලංකාවටත් හඳුන්වාදෙන්න යන ප්‍රවෘත්තිය වසර කිහිපයක් පැරණියි. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට අනුව මෙම ව්‍යාපෘතිය පිලිබඳ සැලසුම් සකස් කෙරුණේ 2008 වසරේ සිටයි. ඒ අනුව ඔවුන් 2011 වසරේ මුල්වරට ආරම්භ කර වසර 3ක් ඇතුලත ව්‍යාපෘතිය නිම කිරීමටයි අදහස් කළේ. නමුත් පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමේ දුෂ්කරතා, විවිධ පාර්ශ්වවලින් එල්ල වූ විරෝධතා, නීතිමය ගැටළු ආදී විවිධ හේතු නිසා එම සැලසුම් සිතූ පරිදි සාර්ථක වූවේ නැහැ.

එම දෙපාර්තමේන්තුවට අනුව මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණු පහත පරිදියි.

පවුල් ඒකකයක් ලෙස පවුලේ සියළු පුද්ගලයන්ගේ පුද්ගල දත්ත එක්රැස් කිරීම හා වයස අවුරුදු 15 හෝ ඊට වැඩි සියළුම ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ජීව දත්ත, ජීවමිතික ලක්ෂණ හා ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතියට අනුකූල ඡායාරූප (International Civil Aviation Organization-ICAO) ඇතුළත් ජාතික පුද්ගල නාමලේඛනයක්, මධ්‍ය දත්ත පද්ධතියක් ලෙස ස්ථාපිත කිරීම.

පුද්ගලයාගේ අනන්‍යතාවය නිවැරදිව තහවුරුකරගත හැකි වන ආකාරයට විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් අවුරුදු 15 හෝ ඊට වැඩි සියළුම ශ්‍රි ලාංකික පුරවැසියන්ට නිකුත් කිරිම.

නෛතික දත්ත හුවමාරු ප්‍රතිපත්තියක් ස්ථාපිත කර මධ්‍යම දත්ත ගබඩාවේ තොරතුරු අත්‍යවශ්‍ය ආයතන සමග හුවමාරු කර ගැනීම.

ජාතික ආරක්ෂාව හා රටේ ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය වන්නාවූ සැලසුම් සඳහා පහසුකම් සැලසීම.

(මූලාශ්‍රය : http://www.rpd.gov.lk/)

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනතට කෙරුණු සංශෝධනය

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත මුල්වරට සම්මත වෙන්නේ 1968 වසරෙදි. නමුත් 1971 වසරේ සිදුවුණ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රථම කැරැල්ලෙන් පසුව මේ පනත වෙනුවෙන් යම් යම් රෙගුලාසි සහ ඒවාට අදාලවන පරිදි සංශෝධන එක් කෙරෙනවා. අවුරුදු 18ට වැඩි සියලුම ශ්‍රී ලාංකීය පුරවැසියන් සතුව ජාතික හැඳුනුම්පතක් තිබීම අනිවාර්ය සාධකයක් බවට පත්වෙන්නේ ඒ අනුවයි.

ඉතින් මේ පනතට අනුව කෙනෙකුගේ අනන්‍යතාවය තහවුරු කරන්න ලබාගත හැක්කේ පුද්ගලයන්ගේ ජීව දත්ත පමණයි (උපන් ස්ථානය, උපන් දිනය, විවාහක අවිවාහක බව, ලිපිනය ආදී වශයෙන්). පසුගිය ජුනි 21 වෙනිදා කල සංශෝධනයට අනුව ජීව දත්ත එක්රැස් කිරීමෙන් පමණක් නොනැවතී කෙනෙකුගේ ජෛවමිතික ලක්ෂණ (biometric data), ඒ කියන්නේ ශරීරයේ අංගෝපාංග පිලිබඳ විස්තර සහ පවුලේ සාමාජිකයන්ගේ විස්තර ද මෙම විද්‍යුත් ජාතික හැඳුනුම්පත වෙනුවෙන් ලබා ගත හැකියි.

මෙම සංශෝධනය 2014 වසරේ අගෝස්තු මස 21 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් එවකට විපක්ෂය එයට විරුද්ධව ඡන්දය භාවිතා කළා .

විද්‍යුත් ජාතික හැඳුනුම්පතේ ස්වභාවය

යෝජිත හැඳුනුම්පත (The Sunday Times)

යෝජිත හැඳුනුම්පත (The Sunday Times)

මෙම යෝජනා වී ඇති විද්‍යුත් ජාතික හැඳුනුම්පත අපි භාවිතා කරන නවීන රියදුරු හැඳුනුම්පතක්, එහෙමත් නැතිනම් බැංකුවකින් ලබා දෙන බැංකු කාඩ් පතක ස්වරූපය උසුලනවා.මේ ප්ලාස්ටික් කාඩ් පත මත ඔබේ වාසගම, නම්, ස්ත්‍රී පුරුශ භාවය යන මූලික තොරතුරු සිංහල, දෙමළ සහ ඉංග්‍රිසි භාශා තුනෙන්ම සඳහන් වනවා. ඊට අමතරව ඔබේ ඩිජිටල් ඡායාරූපයක්, අත්සන සහ ඉලක්කම් 12කින් සමන්විත ජාතික හැඳුනුම්පත් අංකයද ඒ මත තිබෙනවා.

බාර් කේතයක් (bar code) සහ ඔබේ ලිපිනය, ඇඟිලි සලකුණු, පවුලේ විස්තර සහ වෙනත් එකතු කරගත් ජෛවමිතික දත්ත ඇතුලත් චිප් එකක්ද යෝජනා වී ඇති මෙම විද්‍යුත් ජාතික හැඳුනුම්පතෙහි අඩංගු වෙනවා.

මේ සියල්ල දැනට ලොව පිළිගත් ප්‍රමිතීන්ට අනුවයි ඇතුලත් කෙරෙනු ලබන්නේ. මීට පෙර 2014 දී මෙම හැඳුනුම්පත පිලිබඳ යෝජනා ඉදිරිපත් වීමේදී පැවසුණේ මෙය නිර්මාණය කිරීමේ කටයුතු සඳහා පාකිස්තානු ජාතික දත්ත එකතු කිරීමේ හා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ (National Database and Registration Authority in Pakistan – NADRA) සහය ඒ වෙනුවෙන් ලැබෙනු ඇති බවයි.

විද්‍යුත් ජාතික හැඳුනුම්පතකින් ලබාගත හැකි ප්‍රයෝජන

තමන්ගේ අනන්‍යතාව ඉතා පහසුවෙන් තහවුරු කළ හැකි වීම, රජය මගින් සපයන සේවාවන් කඩිනමින් හා පහසුවෙන් ලබා ගැනීමට ඉවහල් වීම, ආරක්ෂාව තහවුරු කිරීමට උපකාරී වීම, පවුලේ තොරතුරු සනාථ කිරීමට අවශ්‍ය වූ විට හැඳුනුම්පත හරහා එය කළ හැකි වීම ආදිය මෙම විද්‍යුත් ජාතික හැඳුනුම්පතකින් පුරවැසියන්ට ලබා ප්‍රයෝජන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය පවසනවා.

ඉහත සඳහන් දේවල්වලට අමතරව රටේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී කාර්යක්ෂමව, විනිවිදභාවයෙන් යුතුව, ඵලදායීව සිදු කිරීමට මෙන්ම ජාතික ආරක්ෂාව තහවුරු කිරිම උදෙසා අවශ්‍ය වන්නා වූ පහසුකම් සැලසිමත් මෙම හැඳුනුම්පතෙන් ලබා ගත හැකි ප්‍රයෝජනයක් ලෙසට එම වෙබ් අඩවිය සඳහන් කරනවා.

යෝජිත හැඳුනුම්පත කෙරෙහි එල්ලවන විවේචන

මේකට විරෝධතාත් නැතුවම නෙවෙයි. (IUSF/ Inter University Students’ Federation - Facebook page)

ඉහත ප්‍රයෝජනයක් ලෙස දක්වා ඇති ‘ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම’ යන කොටස මෙම විද්‍යුත් ජාතික හැඳුනුම්පත වෙත එල්ලවන පහසුවෙන් බැහැර කළ නොහැකි, ප්‍රබල චෝදනාවකට පසුබිම සකසා දෙනවා. ඒ ජාතික ආරක්ෂාවේ නාමයෙන් රජයේ අභිමතාර්තවලට විරුද්ධ ලෙස අදහස් ප්‍රකාශ කරන විපක්ෂයේ සාමාජිකයන්, මාධ්‍යවේදීන්, මානව හිමිකම් ක්‍රියාධරයන්, සිවිල් පුරවැසියන් ආදී විවිධ පාර්ශවයන් මර්ධනය කිරීමට මෙසේ දත්ත එකතු කිරීම මගින් රජයට පහසුවෙන් හැකිවන බවයි. එමෙන්ම පුරවැසියන්ගේ ජෛවමිතික තොරතුරු එක් රැස් කර දත්ත ගබඩාවල් සෑදීමෙන් ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානිවන බවටත්, එමගින් ඔවුන්ගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් උල්ලංඝනය විය හැකි බවටත් චෝදනාවක් නැගෙනවා.

පැහැදිලි හා ස්ථාවර නීති රාමුවක් ඇති විදේශික රටවල්වල මෙන් නොව සියලුම දේට දේශපාලන ඇඟිලි ගැසීම් වැනි රටක මෙසේ එකතු කරන දත්ත පිලිබඳ සහතිකයන් දිය නොහැකි බවටයි හැඳුනුම්පතට විරුද්ධව අදහස් දක්වන පාර්ශවයන් පවසන්නේ. ජෛවමිතික ලක්ෂණ ලෙස ඇඟිලි සලකුණු පමණක් ලබා ගන්නා බවට ප්‍රකාශ කෙරුණත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනතට කෙරුණු නව සංශෝධනයට අනුව එසේ ලබාගත හැකි තොරතුරුවල සීමාවක් දක්වා නොතිබීම බරපතල ලෙස සැකයට තුඩු දෙන්නක් බවත් පැවසෙනවා.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනත (සංශෝධන)/Act/ parliament.lk)

ඊට අමතරව අවධානය යොමු කළ යුතු වඩාත් වැඩගත්ම දෙයක් ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ එකතු කරගන්නා ජනතාවගේ අතිශය රහසිගත තොරතුරු, පවතින රාමුවේ අඩු පාඩු නිසා අලෙවිකරණ හා වාණිජ අරමුණු උදෙසා ක්‍රියාකරන පෞද්ගලික සමාගම් අතට පත්වීමේ අවදානමයි.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් භාවිතා කරන ලොව වෙනත් රටවල්

බල්ගේරියාව, ක්‍රොයේෂියාව, එස්තෝනියාව, ගෝතමාලාව, මෝල්ටාව, මොරිෂශ්, මෙක්සිකෝව, නෙදර්ලන්තය, නයිජීරියාව, නෝර්වේ, ස්පාඤ්ඤය හා ස්වීඩනය යන රටවල පුරවැසියන් සඳහා දැනට විද්‍යුත් ජාතික හැඳුනුම්පත් නිකුත් කර තිබෙනවා.

ලෝකයේ වෙනත් රටවලින් විද්‍යුත් හැඳුනුම්පතට එරෙහිව නැගුණු විරෝධතා

ඉන්දියාවේ පුරවැසියන්ට විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය මගින් එරට පුරවැසියන්ගේ ජෛවමිතික තොරතුරු එක්කිරීමට එරෙහිව එරට සමාජ ක්‍රියාකාරීන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පවා ගියා.එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවධාරණය කරන්නේ කිසිදු පුරවැසියකුගේ ජෛවමිතික තොරතුරු එම පුද්ගලයාගේ කැමැත්තෙන් තොරව එකතු කිරීම නොකළ යුතු බවයි.

ඉන්දියාවට අමතරව මෙවන් විරෝධතා මතුවූ සහ ඒ නිසාම විද්‍යුත් ජාතික හැඳුනුපත් බලාපොරොත්තු වූ ලෙස නිකුත් කිරීමට නොහැකි වූ වෙනත් රටවල් ලෙස ප්‍රංශය, පින්ලන්තය, ඉතාලිය හා ඇමරිකා එක්සත් ජනපදය දැක්විය හැකියි.

ඉතින් ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට යෝජනා වී ඇති විද්‍යුත් ජාතික හැඳුනුම්පත පිළිබඳ දැන සිටිය යුතු මූලික කරුණු කාරණා ගැන දළ අවබෝධයක් මෙම ලිපිය මගින් ඔබට ලැබෙන්නට ඇතැයි කියා අපි විශ්වාස කරනවා. මෙයට එක්විය යුතු කියා ඔබ සිතන, එහෙත් මෙහි සඳහන් නොවෙන වෙනත් කරුණු ඇත්නම් ඒවා අපිට මතක් කරලා දෙන්නත් අමතක කරන්න එපා.

උපුටා ගැනීම - http://sinhala.roar.lk/science-tech/e-nic-whats-the-story/

[QUOTE="sanumadu, post: 20578959, member: 151858"] [CENTER][COLOR="Blue"][SIZE="5"]විද්‍යුත් ජාතික හැඳුනුම්පත, කෙටියෙන් කිව්වොත් E – NIC එක ලෝකයේ ඇතැම් රටවල මේ වන විට සාර්ථකව භාවිතා කෙරෙමින් පවතිනවා. ඒ තත්වය කොහොම වුණත් ශ්‍රී ලංකාවෙ නම් මේ විද්‍යුත් ජාතික හැඳුනුපත කියන්නෙ කාලෙන් කාලෙට ඉස්මතු වෙන, සෑහෙන කතා බහට ලක්වෙන, හැබැයි සති දෙක තුනකට පස්සෙ නිකන්ම යටපත් වෙන මාතෘකාවක්. මේ අවුරුද්දේ ආයෙත් මේ මාතෘකාව මතුවුනේ පහුගිය ජුනි 21 වෙනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනතට කෙරුණ සංශෝධනයත් සමඟයි. පුරවැසියන් සඳහා විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් කඩිනමින් ලබා දෙන බවට රජය විසින් කළ ප්‍රකාශයට පක්ෂව හා විපක්ෂව කෙරුණු බොහෝ අදහස් දැක්වීම් දක්නට ලැබුනත් බොහෝ දෙනෙක්ට ඒ ගැන තවමත් ඇත්තේ එතරම් පැහැදිලි අදහසක් නෙවෙයි. ඒ නිසා අපි කල්පනා කළා මේ හඳුන්වාදීමට යන විද්‍යුත් ජාතික හැඳුනුම්පත සහ එහි පසුබිම පිලිබඳ විස්තරාත්මක ලිපියක් ඔබ වෙත ගෙන එන්නට. විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය සහ එහි අරමුණු විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් ලංකාවටත් හඳුන්වාදෙන්න යන ප්‍රවෘත්තිය වසර කිහිපයක් පැරණියි. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට අනුව මෙම ව්‍යාපෘතිය පිලිබඳ සැලසුම් සකස් කෙරුණේ 2008 වසරේ සිටයි. ඒ අනුව ඔවුන් 2011 වසරේ මුල්වරට ආරම්භ කර වසර 3ක් ඇතුලත ව්‍යාපෘතිය නිම කිරීමටයි අදහස් කළේ. නමුත් පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමේ දුෂ්කරතා, විවිධ පාර්ශ්වවලින් එල්ල වූ විරෝධතා, නීතිමය ගැටළු ආදී විවිධ හේතු නිසා එම සැලසුම් සිතූ පරිදි සාර්ථක වූවේ නැහැ. එම දෙපාර්තමේන්තුවට අනුව මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණු පහත පරිදියි. පවුල් ඒකකයක් ලෙස පවුලේ සියළු පුද්ගලයන්ගේ පුද්ගල දත්ත එක්රැස් කිරීම හා වයස අවුරුදු 15 හෝ ඊට වැඩි සියළුම ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ජීව දත්ත, ජීවමිතික ලක්ෂණ හා ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතියට අනුකූල ඡායාරූප (International Civil Aviation Organization-ICAO) ඇතුළත් ජාතික පුද්ගල නාමලේඛනයක්, මධ්‍ය දත්ත පද්ධතියක් ලෙස ස්ථාපිත කිරීම. පුද්ගලයාගේ අනන්‍යතාවය නිවැරදිව තහවුරුකරගත හැකි වන ආකාරයට විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් අවුරුදු 15 හෝ ඊට වැඩි සියළුම ශ්‍රි ලාංකික පුරවැසියන්ට නිකුත් කිරිම. නෛතික දත්ත හුවමාරු ප්‍රතිපත්තියක් ස්ථාපිත කර මධ්‍යම දත්ත ගබඩාවේ තොරතුරු අත්‍යවශ්‍ය ආයතන සමග හුවමාරු කර ගැනීම. ජාතික ආරක්ෂාව හා රටේ ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය වන්නාවූ සැලසුම් සඳහා පහසුකම් සැලසීම. (මූලාශ්‍රය : [url]http://www.rpd.gov.lk/[/url]) පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනතට කෙරුණු සංශෝධනය පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත මුල්වරට සම්මත වෙන්නේ 1968 වසරෙදි. නමුත් 1971 වසරේ සිදුවුණ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රථම කැරැල්ලෙන් පසුව මේ පනත වෙනුවෙන් යම් යම් රෙගුලාසි සහ ඒවාට අදාලවන පරිදි සංශෝධන එක් කෙරෙනවා. අවුරුදු 18ට වැඩි සියලුම ශ්‍රී ලාංකීය පුරවැසියන් සතුව ජාතික හැඳුනුම්පතක් තිබීම අනිවාර්ය සාධකයක් බවට පත්වෙන්නේ ඒ අනුවයි. ඉතින් මේ පනතට අනුව කෙනෙකුගේ අනන්‍යතාවය තහවුරු කරන්න ලබාගත හැක්කේ පුද්ගලයන්ගේ ජීව දත්ත පමණයි (උපන් ස්ථානය, උපන් දිනය, විවාහක අවිවාහක බව, ලිපිනය ආදී වශයෙන්). පසුගිය ජුනි 21 වෙනිදා කල සංශෝධනයට අනුව ජීව දත්ත එක්රැස් කිරීමෙන් පමණක් නොනැවතී කෙනෙකුගේ ජෛවමිතික ලක්ෂණ (biometric data), ඒ කියන්නේ ශරීරයේ අංගෝපාංග පිලිබඳ විස්තර සහ පවුලේ සාමාජිකයන්ගේ විස්තර ද මෙම විද්‍යුත් ජාතික හැඳුනුම්පත වෙනුවෙන් ලබා ගත හැකියි. මෙම සංශෝධනය 2014 වසරේ අගෝස්තු මස 21 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් එවකට විපක්ෂය එයට විරුද්ධව ඡන්දය භාවිතා කළා . විද්‍යුත් ජාතික හැඳුනුම්පතේ ස්වභාවය [IMG]http://sinhala.roar.lk/wp-content/uploads/sites/2/2016/08/proposed-ID.jpg[/IMG] යෝජිත හැඳුනුම්පත (The Sunday Times) යෝජිත හැඳුනුම්පත (The Sunday Times) මෙම යෝජනා වී ඇති විද්‍යුත් ජාතික හැඳුනුම්පත අපි භාවිතා කරන නවීන රියදුරු හැඳුනුම්පතක්, එහෙමත් නැතිනම් බැංකුවකින් ලබා දෙන බැංකු කාඩ් පතක ස්වරූපය උසුලනවා.මේ ප්ලාස්ටික් කාඩ් පත මත ඔබේ වාසගම, නම්, ස්ත්‍රී පුරුශ භාවය යන මූලික තොරතුරු සිංහල, දෙමළ සහ ඉංග්‍රිසි භාශා තුනෙන්ම සඳහන් වනවා. ඊට අමතරව ඔබේ ඩිජිටල් ඡායාරූපයක්, අත්සන සහ ඉලක්කම් 12කින් සමන්විත ජාතික හැඳුනුම්පත් අංකයද ඒ මත තිබෙනවා. බාර් කේතයක් (bar code) සහ ඔබේ ලිපිනය, ඇඟිලි සලකුණු, පවුලේ විස්තර සහ වෙනත් එකතු කරගත් ජෛවමිතික දත්ත ඇතුලත් චිප් එකක්ද යෝජනා වී ඇති මෙම විද්‍යුත් ජාතික හැඳුනුම්පතෙහි අඩංගු වෙනවා. මේ සියල්ල දැනට ලොව පිළිගත් ප්‍රමිතීන්ට අනුවයි ඇතුලත් කෙරෙනු ලබන්නේ. මීට පෙර 2014 දී මෙම හැඳුනුම්පත පිලිබඳ යෝජනා ඉදිරිපත් වීමේදී පැවසුණේ මෙය නිර්මාණය කිරීමේ කටයුතු සඳහා පාකිස්තානු ජාතික දත්ත එකතු කිරීමේ හා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ (National Database and Registration Authority in Pakistan – NADRA) සහය ඒ වෙනුවෙන් ලැබෙනු ඇති බවයි. විද්‍යුත් ජාතික හැඳුනුම්පතකින් ලබාගත හැකි ප්‍රයෝජන තමන්ගේ අනන්‍යතාව ඉතා පහසුවෙන් තහවුරු කළ හැකි වීම, රජය මගින් සපයන සේවාවන් කඩිනමින් හා පහසුවෙන් ලබා ගැනීමට ඉවහල් වීම, ආරක්ෂාව තහවුරු කිරීමට උපකාරී වීම, පවුලේ තොරතුරු සනාථ කිරීමට අවශ්‍ය වූ විට හැඳුනුම්පත හරහා එය කළ හැකි වීම ආදිය මෙම විද්‍යුත් ජාතික හැඳුනුම්පතකින් පුරවැසියන්ට ලබා ප්‍රයෝජන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය පවසනවා. ඉහත සඳහන් දේවල්වලට අමතරව රටේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී කාර්යක්ෂමව, විනිවිදභාවයෙන් යුතුව, ඵලදායීව සිදු කිරීමට මෙන්ම ජාතික ආරක්ෂාව තහවුරු කිරිම උදෙසා අවශ්‍ය වන්නා වූ පහසුකම් සැලසිමත් මෙම හැඳුනුම්පතෙන් ලබා ගත හැකි ප්‍රයෝජනයක් ලෙසට එම වෙබ් අඩවිය සඳහන් කරනවා. යෝජිත හැඳුනුම්පත කෙරෙහි එල්ලවන විවේචන [IMG]http://sinhala.roar.lk/wp-content/uploads/sites/2/2016/08/IUSF-e1470060555307.jpg[/IMG] මේකට විරෝධතාත් නැතුවම නෙවෙයි. (IUSF/ Inter University Students’ Federation - Facebook page) ඉහත ප්‍රයෝජනයක් ලෙස දක්වා ඇති ‘ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම’ යන කොටස මෙම විද්‍යුත් ජාතික හැඳුනුම්පත වෙත එල්ලවන පහසුවෙන් බැහැර කළ නොහැකි, ප්‍රබල චෝදනාවකට පසුබිම සකසා දෙනවා. ඒ ජාතික ආරක්ෂාවේ නාමයෙන් රජයේ අභිමතාර්තවලට විරුද්ධ ලෙස අදහස් ප්‍රකාශ කරන විපක්ෂයේ සාමාජිකයන්, මාධ්‍යවේදීන්, මානව හිමිකම් ක්‍රියාධරයන්, සිවිල් පුරවැසියන් ආදී විවිධ පාර්ශවයන් මර්ධනය කිරීමට මෙසේ දත්ත එකතු කිරීම මගින් රජයට පහසුවෙන් හැකිවන බවයි. එමෙන්ම පුරවැසියන්ගේ ජෛවමිතික තොරතුරු එක් රැස් කර දත්ත ගබඩාවල් සෑදීමෙන් ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානිවන බවටත්, එමගින් ඔවුන්ගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් උල්ලංඝනය විය හැකි බවටත් චෝදනාවක් නැගෙනවා. පැහැදිලි හා ස්ථාවර නීති රාමුවක් ඇති විදේශික රටවල්වල මෙන් නොව සියලුම දේට දේශපාලන ඇඟිලි ගැසීම් වැනි රටක මෙසේ එකතු කරන දත්ත පිලිබඳ සහතිකයන් දිය නොහැකි බවටයි හැඳුනුම්පතට විරුද්ධව අදහස් දක්වන පාර්ශවයන් පවසන්නේ. ජෛවමිතික ලක්ෂණ ලෙස ඇඟිලි සලකුණු පමණක් ලබා ගන්නා බවට ප්‍රකාශ කෙරුණත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනතට කෙරුණු නව සංශෝධනයට අනුව එසේ ලබාගත හැකි තොරතුරුවල සීමාවක් දක්වා නොතිබීම බරපතල ලෙස සැකයට තුඩු දෙන්නක් බවත් පැවසෙනවා. [IMG]http://sinhala.roar.lk/wp-content/uploads/sites/2/2016/08/Act.jpg[/IMG] පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනත (සංශෝධන)/Act/ parliament.lk) ඊට අමතරව අවධානය යොමු කළ යුතු වඩාත් වැඩගත්ම දෙයක් ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ එකතු කරගන්නා ජනතාවගේ අතිශය රහසිගත තොරතුරු, පවතින රාමුවේ අඩු පාඩු නිසා අලෙවිකරණ හා වාණිජ අරමුණු උදෙසා ක්‍රියාකරන පෞද්ගලික සමාගම් අතට පත්වීමේ අවදානමයි. විද්‍යුත් ජාතික හැඳුනුම්පත් භාවිතා කරන ලොව වෙනත් රටවල් බල්ගේරියාව, ක්‍රොයේෂියාව, එස්තෝනියාව, ගෝතමාලාව, මෝල්ටාව, මොරිෂශ්, මෙක්සිකෝව, නෙදර්ලන්තය, නයිජීරියාව, නෝර්වේ, ස්පාඤ්ඤය හා ස්වීඩනය යන රටවල පුරවැසියන් සඳහා දැනට විද්‍යුත් ජාතික හැඳුනුම්පත් නිකුත් කර තිබෙනවා. ලෝකයේ වෙනත් රටවලින් විද්‍යුත් හැඳුනුම්පතට එරෙහිව නැගුණු විරෝධතා ඉන්දියාවේ පුරවැසියන්ට විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය මගින් එරට පුරවැසියන්ගේ ජෛවමිතික තොරතුරු එක්කිරීමට එරෙහිව එරට සමාජ ක්‍රියාකාරීන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පවා ගියා.එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවධාරණය කරන්නේ කිසිදු පුරවැසියකුගේ ජෛවමිතික තොරතුරු එම පුද්ගලයාගේ කැමැත්තෙන් තොරව එකතු කිරීම නොකළ යුතු බවයි. ඉන්දියාවට අමතරව මෙවන් විරෝධතා මතුවූ සහ ඒ නිසාම විද්‍යුත් ජාතික හැඳුනුපත් බලාපොරොත්තු වූ ලෙස නිකුත් කිරීමට නොහැකි වූ වෙනත් රටවල් ලෙස ප්‍රංශය, පින්ලන්තය, ඉතාලිය හා ඇමරිකා එක්සත් ජනපදය දැක්විය හැකියි. ඉතින් ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට යෝජනා වී ඇති විද්‍යුත් ජාතික හැඳුනුම්පත පිළිබඳ දැන සිටිය යුතු මූලික කරුණු කාරණා ගැන දළ අවබෝධයක් මෙම ලිපිය මගින් ඔබට ලැබෙන්නට ඇතැයි කියා අපි විශ්වාස කරනවා. මෙයට එක්විය යුතු කියා ඔබ සිතන, එහෙත් මෙහි සඳහන් නොවෙන වෙනත් කරුණු ඇත්නම් ඒවා අපිට මතක් කරලා දෙන්නත් අමතක කරන්න එපා. උපුටා ගැනීම - [url]http://sinhala.roar.lk/science-tech/e-nic-whats-the-story/[/url] [/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom