Elakiri_Fragrance_Guide

ramesh_jaya

Member
Mar 5, 2017
3,714
1,108
0
ඔටුවගෙ පිට උඩ
Elakiri_Perfume_Guide

Elakiri Fragrance Guide
වරෙන් ඇතුලට



hwxTsE9.jpg


මේ ටිකේ පොඩ්ඩක් නිදහසේ ඉන්න නිසා හිතුව ත්‍රෙඩ් එකක් දැම්මනම් හොදයි කියල...මේ මාතෘකාව නම් කෙල්ලන්ට කොල්ලන්ට අමුතු ටොපික් එකක් නෙවෙයිනෙ...ඒත් මන් දැකල තියෙනව අනන්තවත් කොල්ලො, කොච්චර සල්ලි වියදම් කරලා perfume use කරත් වැඩේ හරියටම ගොඩ දා ගෙන නැහැ කියල අන්න එහෙම උබලට නොවෙන්නයි මෙහෙම ත්‍රෙඩ් එකක් කිරියේ වැටෙන්නේ...එහෙනම් නමෝ විත්තියෙන් වැඩේට එන්ටර් වෙමු...

හරි මොනාද මේ fragrance (සුවඳ විලවුන් / perfume) කියල කියන්නෙ? කොටින්ම කියනවනම් fragrance කියල කියන්නෙ ස්වභවිකව හරි කෘතිමව හරි හදා ගත්ත සුවඳවත් තෙලක් (pure perfume essence) තව වාශ්පශීලී රසායනික අමුද්‍රව්‍ය (alcohol / spirit) ටිකක් එක්ක මිශ්‍ර කරල, යම් ක්‍රියාවලියක් යටතේ හදපු සුවඳවත් ද්‍රවානයක්...ඔන්න දැන් තමා වදගත්ම කොටස මෙන්න මේ මුලින්ම කියපු සුවඳවත් තෙල අර රසායනික අමුද්‍රව්‍ය ටිකත් එක්ක මිශ්‍ර කරන අනුපාත එක්ක පොඩි වර්ග ටිකකට වෙන් කරනව Pafume, EDP, EDT, EDC, Eau Fraiche කියල...මෙන්න මේ උඩ කියපු සෙට් එකෙන් එකක් උබල ඔය ගහන් යන Perfume එකේ ගහල ඇති.


ZwjxoIq.png



Eau Fraiche - මේ තමා අඩුම perfume concentration ප්‍රමානයක් අඩංගු වෙන කාණ්ඩය....perfume concentration ප්‍රමාණය 1% - 3% වගේ. ගොඩක් වෙලාවට මේ කාණ්ඩෙත් එක්ක කලවං වෙන්නෙ chemical spirit / water වර්ග ටිකක්...සුවඳ ගොඩක් ඉක්මනටම නැතුව යනව පැයක් වගේ යන්න කලින්...ඔය තියෙන mist , after shave වගේ ඒව අහු වෙන්නෙ මෙන්න මේ කාණ්ඩෙට...​


EDC - අර කලින් කිව්ව එකට වඩා perfume concentration එක පොඩ්ඩක් වැඩි, ඒ කියන්නෙ perfume concentration එක 2% -4% අතර වගේ ගානක් තියෙන cologne තමා මේ වර්ගෙට අහු වෙන්නෙ...මේ ජාතියෙ ඒව ගාල පැයක් දෙකක් යද්දිම සුවඳ කොහෙන් ගියාද කියල හොයන්න නැහැ...ගාන අඩුවෙන් perfume cologne කියල ඔය විකුණන්න තියෙන්නේ ඕව තමා...​


EDT - මේ වර්ගෙට අයිති වෙන perfume තමා ගොඩක් වෙලාවට කට්ටිය use කරන්නෙ...5%-15% වගේ perfume concentration එකක් තියෙනව මෙන්න මේ වර්ගෙට අයිති වෙන perfume ඇතුලෙ...ගොඩක්වෙලාවට පැය 3 - පැය 4ක් වගේ තමා මේ කාණ්ඩෙ perfume වල projection time එක...ඊට පස්සෙ නිකන්ම සුවඳ නැතුව යනව හරි එහෙමත් නැත්නම් නිකන් ඇඳුම උඩ සුවඳ හිටල තියෙන එක තමා වෙන්නෙ...ඒත් ඉතින් බ්‍රෑන්ඩඩ් perfume කම්පැණි මේව හදද්දි දාන perfume concentration එකයි, අනිත් alcohol / spirit / ingredients වල තියෙන කොලිටි එකත් එක්ක මේ perfume වල projection time / sillage එක වෙනස් වෙනව example විදිහට Tom ford / Dior / Channel / Giorgio Armani වගේ බ්‍රෑන්ඩඩ් පෙර්ෆුම් ගන්න පුලුවන්...​


EDP - මේ වර්ගීකරණයෙ දෙවෙනියට වැඩිම perfume concentration එකක් තියෙන කාණ්ඩෙ තමා මේක...ගොඩක් වෙලාවට perfume essence 15% - 20% වගේ තමා මේවල තියෙන්නෙ perfume essence ප්‍රමානෙ වැඩි හින්දම පොඩි oil ගතියක් පේනව හමට apply කරාට පස්සෙ...ඉතින් මේ දැනට මම කිව්ව සෙට් එකට වඩා perfume essence තියෙන ප්‍රමාණය වැඩි නිසා පැය 5 - 8ත් අතර ටයිම් එකක් හොද projection time / sillage එකක් මේවගේ perfume එකකින් ලැබෙනව...මේ EDP සෙට් එකේ Perfume නම් පොඩ්ඩක් ගනන් වැඩී මේ මන් උඩ කියපු අනිත් සෙට් තුනටම වැඩිය.​


Pafume - මේ තමා ඉතින් උඩින්ම තියෙන කාණ්ඩෙ, උඩින් තියෙනව වගේ තමා ගානත් සෑහෙන්න උඩින්...කලින් කිව්ව සෙට් එකටම වැඩිය perfume essence වැඩිම ප්‍රමාණයක් තියෙන්නෙ මෙන්න මේ ජාතියෙ ඒවල තමා...සාමාන්‍යයෙන් perfume essence 20% - 40% වගේ, හමට apply කරහමත් oil ගතියක් පේනව ටික වෙලාවකින්...ඉතින් මේ perfume essence ප්‍රමානෙ හින්දම පැය 8ක් - 12ක් හරි මුලු දවසම වගේ හරි හොඳ projection time / sillage එකකුත් මේ කාණ්ඩෙ perfume වලින් බලා ගන්න පුලුවන්. ගොඩක් වෙලාවට මේව එන්නෙ 20ml - 30ml වගේ පොඩි බෝතල් වල male perfume වලට වඩා female perfume තමා මේ කාණ්ඩෙ තියෙන්නෙ...middle east රටවල් වල මේ කාණ්ඩෙ perfume සෑහෙන්න තියෙනව...


මේ perfume වල තියෙනව life circle එකක් ඒ කියන්නෙ perfume එකක් අපි spray කරාට පස්සෙ ඒකෙන් දැනෙන්න ගන්න notes ටික කොටස් 3කට වෙන් කරන්න පුලුවන් top notes , middle notes, base notes කියල...ඔය පහලින් තියෙන fragrance pyramid එක බලුව මේක ලේසියෙන්ම තේරුම් ගන්න පුලුවන්.


9GiVS9t.jpg


Top notes - perfume එක spray කරපු ගමන්ම එන්න ගන්නෙ මෙන්න මේ top note එක තමා...පලවෙනි විනාඩි 15 - පැයත් අතර time එකේ මේ top notes තමා දැනෙන්නෙ...ගොඩක් වෙලාවට top notes වෙන්නෙ citrus, fruity, powdery, marines, aquatics, cinnamon (spices) වගේ සෙට් එකක්.​

Middle notes - මේකට කට්ටිය heart notes කියලත් කියනව...perfume එක spray කරල top note එක ඉවර වෙද්දිම වගේ මේක තමා දැනෙන්න ගන්නෙ පැය 1ක් - පැය 3ක් වගේ මේ notes ටික තියෙනව...floral perfume වලනම් jasmine, / green perfume වලනම් grass, stone / Spice perfume වලනම් cinnamon, clove වගේ notes සෙට් එකක් තමා middle notes විදිහට දැනෙන්නෙ.​

Base notes - මේ තමා අවසානම notes ටික ඒ කියන්නේ perfume එකේ foundation notes ටික..මේ notes මත තමයි perfume එක කොච්චර වෙලා තියෙනවද කියල (longevity) තීරණ වෙනෙත්...top notes ටිකයි middle notes ටිකයි fade වෙලා ගියාට පස්සේ තමා base notes ටික වැඩ පටන් ගන්නේ...ගොඩක් වෙලාවට base notes ටික sandalwood, moss, vanilla, leather, smoke, tobacco, musk, oud වගේ එකක් වෙන්න පුළුවන්.​

perfume වලට අවේනික උන මේ notes එක්ක Fragrances ප්‍රධානම කොටස් 4කට බෙදන්න පුළුවන් ඒ ප්‍රධාන කොටස් ටිකෙත් අනු කොටස් තියෙනවා..පහල තියෙන wheel එකෙන් ඕක තේරුම් ගන්න ලේසි වෙයි...


FaD6mY7.jpg



Linear vs Non-Linear Fragrances

උදේ ස්ප්‍රේ කරපු වෙලාවේ ඉදල ඔය ස්ප්‍රේ කරපු perfume එකේ සුවඳ එකම විදිහට තියෙනවනම් ඒ perfume වලට කියන්නේ linear perfume කියල... ගොඩක් වෙලාවට මේ perfume මිලෙන් අඩු / කොලිටි එකෙන් ටිකක් අඩු ඒව තමා.

Non-Linear perfume කියල කියන්නේ උදේ ස්ප්‍රේ කරපු වෙලාව එක්ක සුවඳ වෙනස් වීගෙන යන perfume වලට...ඒ කියන්නේ උදේ වැඩට යද්දී perfume එක ස්ප්‍රේ කලාට පස්සෙ citrusy, clean smell එකකුත්, දහවල් වෙද්දී musky, leather smell එකකුත්, හැන්දෑ වරුව වෙද්දි vanilla, lavender වගේ Base notes උඩට මතු වෙන කොලිටි එකෙන් වගේම මිලෙනුත් ඉහල perfume තමා මේ non-Linear perfume කියල කියන්නේ.


මොනාද මේ Designer & Niche Fragrances

designer Fragrances කියල කියන්නේ ඔය සාමාන්‍යයෙන් දකින්න හම්බවෙන, ලෝකේ තියෙන ගොඩක් රටවල් ටාර්ගට් කරල, විශාල වශයෙන් තොග නිෂ්පාදනය කරන ඒව...ඒ කියන්නේ Giorgio Armani, Jean Paul Gaultier, Calvin Klein, Hugo Boss, Dolce & Gabbana, Louis Azzaro, Versace මේ වගේ කම්පැණි වලින් හදල තියෙන එක එක බ්‍රෑන්ඩඩ් perfume...

niche Fragrances කියන්නේ මේ Fragrances industry එකේ ඉන්න artistලා හදන විශේෂ fragrance සෙට් එකක්...මේවා හදන්න දාන ingredients වල කොලිටි එක නිසාම ගාන පට්ට සැරයි ඒ හින්ද ලෝකේ ඉන්න විශේෂ උන පුද්ගලයෝ ටිකකට ඒ කියන්නේ මේ නිෂ්පාදන සල්ලි දීල ගන්න පුළුවන් / උවමනාවක් තියෙන අයව ටාර්ගට් කරලයි මේ fragrances හදන්නේ...examples Vilhelm Parfumerie, Le Galion, Le Labo, Creed, Amouage වගේ බ්‍රෑන්ඩ් ගන්න පුළුවන්.


කොහොමද හරි එකක් තොර ගන්නේ...


ලංකාවෙනම් perfume ගන්න තැන් ගැන මගෙන් අහන්න එපා තියෙන්නේ ගොඩක් ඒවා fake...උබල දන්නා කියන තැනකින් ෂුවර් කරන්න පුළුවන් තැනකින් ගනින්...මන් පොඩි ටිප්ස් ටිකක් දෙන්නම් පහලින් හරිම එකක් තොර ගන්නෙ කොහොමද කියල...

- ගන්න කලින් කවුරු කිව්වත් කමක් නැහැ test කරල බලහන් අනිවා. මොකද තව එක්කෙනෙක්ට හරියන perfume එක තව කෙනෙක්ට හරියන්නෙ නැති වෙන්න පුළුවන්, ඒ හින්ද අනිවාර්යයෙන් test කරල ගන්න. ඔය shop වල ඉන්න හම සුදු කෙල්ලෝ සිරික්කිය දාල දෙන කුණු ගොඩවල් ගන්න එපා, උන් ගොඩක් වෙලාව කරන්නේ promotion උන්ට ඒවායින් ගාන කැපෙන නිසා පච හැට හුටා මරක් කියල උබේ ඇගේ ගහන්න බලයි ඒවට අහු වෙන්නේ නැතුව හිටපන්.

- test කරන්න perfume test strips එකට ගහල දෙයි ඒකට නෙවෙයි උබේ අතේ මැණික් කටුව හරියට perfume එක spray කරන්න කියහන්...එකම අතට ජාති දෙකක් ගහන්න එපා අත් දෙකට ජාති දෙකක් ඇති.

- ගහපු ගමන්ම හදිස්සි වෙලා ගන්න යන්න එපා ටිකක් settle down වෙන්න දෙන්න...පුලුවන්නම් වෙන මොනවා හරි ගන්න යනවනම් ඒ වැඩ ටික කර ගන්න යන්න, ඒ වැඩ ටික ඉවර වෙද්දී පැයක් දෙකක් ගිහින් තියෙයි, එතකොට හිතල බලල හිතට අල්ලන එක ගන්න, නැත්නම් පස්සේ දවසේ හරි ආපහු යන දවසකට හරි ගන්න පුළුවන්... මොකද ගොඩක් perfume වල මුලින් එන top notes ටික වැඩි වෙලා හිටින්නේ නැහැ ඒ නිසයි perfume එක ගහපු ගමන්ම ගන්නෙ නැතුව පස්සේ ඇවිල්ල ගන්නෙ, අපිට perfume එකේ performance ගැන අදහසක් ගන්න ඕන නිසා...

- තව එක්කෙනක් එක්ක යන්න කෙල්ල/වයිපරේ/යාලුවෙක් හරි එක්කන් පලයන් එතකොට ගන්න හදන perfume එක ගැන තව කෙනෙක්ගේ අදහස හරියටම දැන ගන්න පුළුවන්...

- ගන්න කලින් හොයල බලන්න හැම එකාගෙම අතේ phone තියෙනවනේ නෙට් ගිහින් perfume එකේ නම ගහල සර්ච් කරල බලහන්, reviews ගැන, https://www.fragrantica.com එකේ පොඩ්ඩක් හොයල බලන්න පුළුවන්...ඒ හින්ද දැකපු ගමන් අරන් එන්න හදන්න එපා ඕන තරම් perfume තියෙනව, කිසි හදිස්සියක් නැතුව තෝර ගන්න පුළුවන්...

- අපි ඉන්නේ ලංකාවෙනෙ ඉතින් ගන්නකොට මේ hot climate එකට ඔරොත්තු දෙන විදිහේ එකක් ගන්න ඕන...වෙන් වෙන රටවල් වල winter season තිබුනට මෙහෙ නැහැ...ඒ නිසා මේහෙ climate එකට හරියන එකක් ගන්න ඕන ඒ නිසා මෙහෙට ගොඩක්ම සෙට් වෙන්නේ summer fragrances කියන එක මතක තිය ගනින්...

- ගහන්නේ මොකක්ද මොන හේතුවකටද ගන්නේ කියන එක ගැන හිතපන් ඔෆිස් එකට use කරන්නද, එහෙම නැත්නම් කෙල්ලව හම්බවෙන්න යද්දී ගහන්නද, එහෙමත් නැත්නම් special occasion ඒ කියන්නේ wedding, party, කොටහළු මගුල්:rofl::P වගේ ඒවට ගහන්නද කියන එක ගැන හිතල ගන්න ඕන...ඔය කියපු පොට් වලට මොන විදිහේ ඒවාද ගැලපෙන්නේ කියල මන් පහලින් දාන්නම්...

- අතේ තියෙන සල්ලි සේරම perfume එකට වියදම් කරන්න එපා එහෙම කරොත් මාසේ ඉතුරු ටිකට කන්න වෙන්නේ දෙකට නැවිලා ඇ# තමා :angry::angry: ඒ හින්ද අතේ තියෙන ගානට perfume එක ගනින්...​


හරි එහෙනම් ගන්න ඕන කොහොම එකෙක්ද කියල මන් මෙතනින් එහාට ටිප්ස් ටිකක් දෙන්නම්

- floral perfume ඒවාට වැඩියම යන්න එපා මොකද උඹ කොල්ලෙක්නේ ඒ හින්ද පොඩ්ඩක් personality කැපිල පේන්න ඕන හින්ද floral perfume වලට නොයා ඉන්නවනම් තමා කොල්ලෙක් හැටියට හොද...(මම ඒ floral කියල අදහස් කරේ ඔය මල් සුවද ඒව jasmine / rose)​


තැනට සුදුසු බඩු

ඔය පහලින් තියෙන්න ඒ ඒ තැනට ගැලපෙන notes ටිකක් උබල කරන්න ඕන perfume එකක් ගද්දි use කරන්නේ කොහෙටද කියල එක ගැන පොඩ්ඩක් හිතල බලල ගන්න එක...මොකද wedding එකට ගහන එක ඔෆිස් එකට හරි යන්නේ නැහැ...ඒ ඒ තැනට සෙට් වෙන විදිහට perfume එක use කරහම තමයි උබ perfume එකෙන් බලාපොරොත්තු වෙන attraction / attention එක හරියටම හම්බවෙන්නෙ...කොච්චර සල්ලි වියදම් කරල perfume ගත්තත් වැඩක් නැහැ, ඒක use කරන වෙලාව හරි නැත්නම් ඒකෙ full performance හම්බවෙන්නේ නැහැ, තව කෙනෙක්ට ඒක දැනෙන්නෙ ඒක හරිම වෙලාවට පාවිච්චි කරොත් තමා...

Office එකට - Pear, apple, coconut, gardenia, mint, basil, almond

Wedding එකට - Vanilla, patchouli, oak moss, clove, honey, bergamot, leather

Shopping / casual වලට - Mandarin orange, grapefruit, island flowers, peach blossom, wild rose

කෑල්ල හම්බවෙන්ඩ - Myrrh, amber, orchid, plum, bergamot, musk, sandalwood, lotus flower

Party - Citrus, black currant, pear, vanilla, cinnamon, gourmand floral​



මන් පොඩි ලිස්ට් එකකුත් දෙන්නම් ගාන 2000 - 7000 middle price range එකේ යන හොද ඒව ටිකක්...ඔය දාල තියෙන ගණන් මේ මන් ඉන්න රටේ ගණන් මීට වඩා පොඩි ගානක වෙනසක් වෙයි ලංකාවෙ නම්...ලංකාවෙ fake නැතුව මෙ perfume හොයා ගන්න හම්බ වෙයිද කියලනම් මට සාධාරණ සැකයක් තියෙනව...



1. Royal mirage club 77 - EDT
Rs. 2750/=



Ip2dwhP.png


Top notes - Anise, Basil, Lemon, Lavender
Middle notes - Geranium, Jasmine, Ylang-Ylang, Sandalwood
Base notes - Oakmoss, Musk, Vanilla, Vetiver, Patchouli


ඔෆිස් එකට වගේ හරියටම සෙට් වෙන Strong and masculine භාණ්ඩයක් තමා මේක, හැන්දෑ වෙනකන්ම වගේ smell එක රැදිල තියෙන ගතියක් තියෙනව...ස්ප්‍රේ කරපු ගමන්ම පොඩ්ඩක් තද සැර ගතියක් තිබුනට විනාඩි 10ක් යද්දී නියමෙටම settle down වෙනව...ඩෙනිමක් දා ගෙන යන casual ගමනකට උනත් කිසි අවුලක් නැතුව use කරන්න පුළුවන්... ඔෆිස් use නම් මේකෙන් ස්ප්‍රේ 5-6 ක් වගේ ගියානම් ඇති ගෙදර ඇවිල්ල change එකක් දා ගත්තත් perfume එක ඇගේ තියෙනවා වගේ දැනෙයි...මේක Royal mirage basic සෙට් එකේ එකක් නෙවෙයි, මේක Royal mirage premium සෙට් එකේ එකක් made in USA. ලංකාවේ සෙට් උනොත් පොඩ්ඩක් බලල ගනින්...


2.Franck olivier blue touch - EDT
Rs. 3200/=



6HnRmwj.jpg


Top notes - Bergamot, Lemon, Pink Pepper, Tangerine and Green notes
Middle notes - Galbanum, Vetiver, Sage, Woody notes, Melon and Patchouli
Base notes - Amber, Musk and Oakmoss

මේකත් ඔෆිස් use වලට සෙට් වෙන aquatic, Aromatic fragrance category එකට වැටෙන fragrance එකක්...හොද longevity එකකුයි හොද sillage එකකුයි තියෙනව උදේ ඉදන් හැන්දෑ වෙනකන් අවුලක් නැතුව පාස් කර ගන්න පුළුවන්...මේකෙ තියෙන aquatic / fresh smell එක නිසාම ගහන් යද්දී පලවෙනි පැය 2-3 ඇතුලෙ කට්ටියට ඉක්මනට notice වෙන ගතියක් තියෙනව, කෙල්ලන්ගෙන් complement එහෙමත් දෙකක් තුනක් වැදෙනව අනිවා...


3. Icon by Alfred Dunhill for Men - EDP
Rs. 6000/=



G5Umi5P.png


Top Notes - Neroli, Italian bergamot, Black pepper, Petitgrain
Heart Notes - Provençale lavender, Cardamom, Sage, Juniper berry
Base notes - Iris, Leather, Vetiver, Oud, Oakmoss


මේකනම් ගොඩක්ම රස්නෙ දවස් වලට නම් සෙට් වෙන්නේ නැහැ බට් දවසම වගේ A/C එකේ ඉන්න කෙනෙක්ටනම් අවුලක් නැතුව use කරන්න පුලුවන්....4-5 spray වලින් සම්පුර්ණ ඔෆිස් time එකම කවර් කර ගන්න පුලුවන්...aromatic-woody category එකට වැටෙන perfume එකක් උනාට මේකටම අවේණික උන decent smell එකක් තියෙනව...


4. Oud Touch Franck Olivier for man - EDP
Rs. 3200/=



NEaqqM0.jpg


Top notes - Orange, Raspberry, Toffee;
Heart notes - Violet, Patchouli, Rose, Olibanum and Jasmine
Base notes - Amber, Musk and Vanilla


Woody Aromatic ස්මෙල් එකක් තියෙන පට්ට perfume එකක් මේක...oud base ගොඩක්ම පාවිච්චි වෙන්නෙ middle eastern perfume වල ඒ වගේම තමා මේ smell එකට මන් වගේ පට්ට love :love: කරන උනුත්, මේ smell නිකන් වැදුනත් ගැරඩින්ට ලාම්පුතෙල් ගැහුව වගේ සෙට් එකකුත් ඉන්නව...හැබයි ටිකක් වැහි පොදක් යන සීතල හැන්දෑවකට කෙල්ලත් එක්ක පොඩි shopping , coffee පාරක් දාන්න යනවනම් සුපිරියටම ගැලපෙන භාන්ඩයක් මේක, රස්නෙ දවසකට නම් මේක ගහන්න හිතන්නවත් එපා...සීතල හැන්දෑවකට / රෑ පර්ටියකට පැය 7ක් 8ක් සුපිරියටම perform කරනව...අනිවා කට්ටිය අහයි මොකක්ද ගහන perfume එක කියල ඒ තරමට සුපිරි, luxury smell එකක් තියෙන භාණ්ඩයක්.


5. Bentley for Men Intense Bentley - EDP
Rs. 4800/=



7Vr6oBs.jpg


Top notes - Bergamot, Black pepper and Bay leaf
Middle notes - Clary sage, African geranium, Cinnamon, Rum and woody notes
Base notes- Leather, Benzoin, Incense, Cedar and Patchouli


මේකත් ටිකක් climate එක සිතල දවසකට වගේ සුපිරියටම සෙට් වෙන , සුපිරියටම perform කරන woody spicy category එකේ සුපිරිම භාණ්ඩයක් ...සිතල දවසක හැන්දෑවක කෙල්ලෙක්ව එහෙම කරකවල අත අරින්න ඕනනම් මෙන්න බඩු...ටිකක් රැවුල වවපු, alpha character එකක් නම් උබට තියෙන්නේ, සීතල දවසක මේක ස්ප්‍රේ පාරක් දා ගෙන ගිහාම personality ඩබල් වෙලා යනව...longevity and sillage සුපිරි, සීතල, වැහි දවසකට සුපිරියටම perform කරනව අනිවා...ස්ප්‍රේ 3කට වැඩිය යන්න එපා ලගින් යන උන් සිහිනැතුව වෙටෙන්න තරමට smell එක strong...


6. Individuel Montblanc for men - EDT
Rs. 4500/=



fizJzir.jpg


Top notes - Rosemary, Pineapple, Coriander, Cinnamon, Lavender, Juniper Berries, Mint, Bergamot and Cardamom
Middle notes - Orange blossom, Violet, Jasmine and Geranium
Base notes - Sandalwood, Amber, Patchouli, Musk, Raspberry, Vanilla, Dark chocolate, Oakmoss and Vetiver


ගොඩක් කට්ටිය කියන්නෙ මේක joop homme (ගොඩක් උන් කියන්නෙ ජූප් කියල බට් හරියට ප්‍රනවුන්ස් කරන්නේ යූප් කියල) එකටම ටිකක් සමානයි කියල, ටිකක් විතර ඒක හරි ඒත් joop homme එකේ තරම් sweet/sugar syrup ගතියක් මේකෙ නැහැ Fabric softener එක්ක raspberry මික්ස් එකක් තමා දැනෙන්නේ...Oriental Woody category එකට වැටෙන නිසා ඔෆිස් එකට වගේ / ඕනම indoor event එකකට පට්ට මැචින්...පලවෙනි පෑය දෙක තුනනම් හොද projection එකක් තියෙනව, පැය 6-7 performance දෙන perfume එකක් කියල කියන්න පුලුවන් over roll ගත්තම.


7. Club de Nuit Intense Man Armaf - EDT
Rs. 4700/=



99uecMW.jpg


Top notes - Lemon, Black currant, Apple, Bergamot and Pineapple
Middle notes - Rose, Jasmine and Birch
Base notes - Vanilla, Ambergris, Musk and Patchouli


අවුරුද්දේ ඕනම climate එකටට, ඕනම occasion එකකට් සෙට් වන පෙර්ෆුමේ එකක් මේක...ඉතින් ඔෆිස් / wedding / shopping / කෑල්ල බලන්න යන්න මේ ඕනම මගුලකට මේක ගහන් යන්න පුළුවන් නිසා කොල්ලෙක් හැටියට මේකක් අරන් තිය ගත්තට පාඩු නැහැ...සුපිරියටම longevity & sillage තියෙන සුපිරිම භාණ්ඩයක් උදේ ඉදන් හැන්දෑ වෙනකන්ම සුපිරියටම perform කරයි...මේක ගහන ගියොත් උබව notice වෙන එක සක්කරයගේ පුතා වයිම ආවත් නවත්තන්න බැහැ ඒ තරමට පට්ට...මේකෙ made in France / uae වර්ෂන් දෙකක් තියෙනව දෙකම එකයි මටනම් ලොකු වෙනසක් දැනිල නැහැ...පොඩි ටිප් එකක් දෙන්නම් මේ perfume එක පුළුවන් තරම් spray කරද්දී ඇදුමට spray කරහන් මොකද මේක ඇදුම් වල හිටින කාලෙ වැඩී හමේ හිටිනවට වැඩිය...


8. Encre Noire à l'Extrême - EDP
Rs. 6000/=



TSwoRmB.jpg


Top notes - Bergamot, Cypress, Elemi
Heart notes - Incense, Vetiver, Iris
Base notes - Sandalwood, Patchouli, Benzoin


මුලින්ම කියන්න ඕන මේක සීතල climate එකට හරියටම සෙට් වෙන එකක් ඒ හින්ද රස්නෙ දවසකනම් use කරන්න එපා, මොකද මේකේ full performance hot climate එකේදී එන්නේ නැහැ...වැස්ස දවසක රෑක wedding එකකට, සීතලේ කෙල්ලව හම්බවෙන්න යනවනම් ගහන් යන්න සුපිරි woody category එකට වගේ වැටෙන perfume එකක්...උඹ සාමාන්‍යයෙන් funny පැත්තට බර, teen age එකෙක් නම් මේකට යන්න එපා මොකද මේක ටිකක් matured smell එකක් තියෙන perfume එකක්...age 25 න් වගේ උඩට, alpha character එකකට සුපිරියටම සෙට්...පලවෙනි පැයෙන් පස්සේ නියමෙටම settle down වෙනව ආයේ කතා දෙකක් නැහැ...මේක දවස ගානේ use කරන්න සෙට් වෙන එකක් නෙවෙයි මේකේ smell එක පට්ට up class / unique...special occasion වලට සුපිරියටම ගැලපෙන perfume එකක්...




හරි එකම පොස්ට් එකෙන් perfume ගැන සේරම කතා කරල නම් ඉවර කරන්න බැහැ, ඒ නිසා තව පොස්ට් එකක් දෙන්නම් හෙට අනිද්දටම මේ ත්‍රෙඩ් එකේ හරි, නැත්නම් තව කොටසක් විදිහට හරි...මේ ගැන විස්තර ටිකක් ලියන්න හිතුවේ ලංකාවේ සමහර කොල්ලො මන් දැකල තියෙනවා perfume use කරන්නේ නිකන් පුරුද්දට වගේ perfume එකෙන් ගන්න ඕන වැඩේ ඇත්තටම ගන්නෙ නැහැ...මොනවා හරි අහන්න තියෙනවනම් ත්‍රෙඩ් එකට පොස්ට් එකක් දාන්න...perfume ටිකක් ගෙන්නන පොඩි වැඩකුත් මේ දවස් වල යනව හරි ගියොත් ඒ ගැන පස්සේ විතරයක් දාන්නම්...ඉක්මනට අනිත් කොටසත් දෙන්න ට්‍රයි කරන්නම්...


එහෙනම් එළකිරි කොල්ලො කෙල්ලො ටිකට
ජය!!! ජය!!! ජය !!!
 
Last edited:

inspiron

Well-known member
  • May 27, 2014
    20,422
    7,412
    113
    Nowhere
    bentley eka man gawa tiyenawa. gahapu gaman sarai. e welawata suwada baluwot hachin yanawa mata nan. tikak wela yanakota ganata settle wala enawa.

    ඇල්ෆා චරච්ටෙර් kiyanne mokadda bn?
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,714
    1,108
    0
    ඔටුවගෙ පිට උඩ
    bentley eka man gawa tiyenawa. gahapu gaman sarai. e welawata suwada baluwot hachin yanawa mata nan. tikak wela yanakota ganata settle wala enawa.

    ඇල්ෆා චරච්ටෙර් kiyanne mokadda bn?

    අනේ සොරි බන් පොඩි පොඩ් ටයිපින් අප්සෙට් ඇති...alpha character කියන එක තියෙන්නෙ...

    ඕක පට්ට අඩුවෙන් ස්ප්‍රේ කරන තරමට, 5-6 ස්ප්‍රේ කරොත් වටේ උන් කලන්තෙ දානව ශුවර්...
     
    • Like
    Reactions: inspiron