Electrateq to convert Sri Lanka three-wheelers to electric from petrol පැය දෙකක කාලයක් ඇතුළත සම්පූර්ණයෙන්ම විදුලියට

monson

Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට විදුලි ත්‍රිරෝද රථ නිපදවන අංගසම්පුර්ණ කර්මාන්ත ශාලාවක්‌ මරදාන දුම්රිය දෙපාර්තමේන්තු බඩු ගබඩා පරිශ්‍රයේ දී විවෘත කෙරේ.
    වේගා ඉංජිනේරු සමාගම විසින් මරදාන දුම්රිය බඩු ගබඩා සංකීර්ණ භූමියේ අභිනවයෙන් ස්ථාපනය කරන ලද විදුලි ත්‍රීරෝද රථ නිෂ්පාදනය කිරීමේ සහ ත්‍රිරෝද රථ විදුලියට පරිවර්තනය කිරීමේ කර්මාන්තශාලා සංකීර්ණය ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
    සම්පූර්ණයෙන්ම මෙරටදී නිෂ්පාදනය කෙරෙන වේගා සමාගමේ ELEKTRATEQ ත්‍රිරෝද රථයේ සම්පුර්ණ නිෂ්පාදන ක්‍රියාවලිය මෙම නිෂ්පාදන කර්මාන්තශාලා පරිශ්‍රයේදී සිදු කෙරේ.
    අති නවීන තාක්ෂනය යටතේ ස්වයක්‍රීයව ක්‍රියාත්මක වන තහඩු කැපීම, නැවීම සඳහා යොදා ගැනෙන යන්ත්‍ර, බැටරි නිෂ්පාදන යන්ත්‍ර ඇතුළු තාක්ෂණික උපාංග රාශියකින් මෙම කර්මාන්ත ශාලාව සමන්විත වේ.
    මීට අමතරව දැනට භාවිතයේ පවතින පෙට්‍රල් භාවිතයෙන් ධාවනය වන ත්‍රිරෝද රථයක් පැය දෙකක කාලයක් ඇතුළත සම්පූර්ණයෙන්ම විදුලියට පරිවර්තනය කර දීමට අවශ්‍ය සම්පූර්ණ පහසුකම් මෙම කර්මාන්ත ශාලාව සතුවේ.

    මේ වන විටත් පෞද්ගලික මූල්‍ය ආයතනයක් සමඟ ඒකාබද්ධව එක් මසක් තුළ ත්‍රීරෝද රථ සියයක් විදුලියට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතියක් මෙම කර්මාන්තශාලාව තුල ක්‍රියාත්මක වේ.
    ඉදිරියේදී මාකුඹුර බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානය ආශ්‍රිතව මගී ප්‍රවාහන සේවාවන්හි නිරත ලියාපදිංචි ත්‍රිරෝද රථ විදුලියට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සලසන ලෙසද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.
    කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ධාරිතාව තවදුරටත් පුළුල් කිරීමත් සමග මෙම කර්මාන්තශාලා පරිශ්‍රය තුළදීම විදුලියට පරිවර්තනය කරන ලද ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීම ඇතුළු අනෙකුත් නීතිමය කටයුතු සිදු කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරියකු එම ස්ථානයට සේවයේ යෙදවීම සඳහා පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා විසින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා වෙත උපදෙස් ලබා දුන්නේය.
    එමෙන්ම ඉදිරියේදී ශ්‍රී ලංකාව පුරාම විදුලි ත්‍රීරෝද රථ හඳුනා ගැනීම සඳහා අංක තහඩුවට විශේෂ වර්ණයක් සහ සෑම විදුලි ත්‍රීරෝද රථයක් සඳහාම පරිසර හිතකාමී බව හැඟවෙන ආකාරයේ එකම වර්ණයකින් වර්ණ ගැන්වීමේ වැඩපිළිවෙලක් සඳහාද පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.
    ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් රංජිත් රූබසිංහ මහතා, වේගා ඉංජිනේරු සමාගමේ සභාපති ආචාර්ය හර්ෂ සුබසිංහ මහතා, දුම්රිය සාමාන්‍යධිකාරී එච්. එම්. කේ. ඩබ්. බණ්ඩාර මහතා, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා, ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.



    Electrateq to convert Sri Lanka three-wheelers to electric from petrol

    By NETHMI RAJAWASAM
    Saturday March 9, 2024 9:00 am

    ECONOMYNEXT – Sri Lanka’s first fully-fledged electrical three-wheel and tricycle production facility at the Maradana Railway yard says it can convert petrol three-wheels and non-electric tricycles to run on electrical power in two hours.
    “The entire production process of the ELEKTRATEQ three-wheeler of the Vega company, is carried out in this manufacturing plant. The factory is equipped with all the necessary facilities to convert a three-wheeler running on petrol to electricity within two hours,” a statement by the Department of Government Information said.
    “A project to convert one hundred three-wheelers to electricity in one month in conjunction with a private financial institution is being implemented in this factory.
    “This factory is equipped with technical devices including automatic sheet cutting and folding machines, battery manufacturing machines, which operate under the latest technology.”
    Minister of Transport Bandula Gunawardena had instructed that registered three-wheelers engaged in passenger transport services with the Makumbura Polytechnic Transport Center have their three-wheelers converted to electricity powered vehicles.
    “The Minister also advised to take steps for a special colour for the number plate to identify electric tricycles throughout Sri Lanka.” (Colombo/March9/2024)

    - https://economynext.com/electrateq-...hree-wheelers-to-electric-from-petrol-153865/





     
    Last edited: