ETF ඔන්ලයින් වෙයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පෞද්ගලික අංශයේ සේවකයන් ලක්ෂ 28ක් සාමාජිකත්වය දරන සේවා නියුක්තියන්ගේ භාර අරමුදලට (ETF) දායකත්ව මුදල්‌ ප්‍රේෂණය කිරීම 2023 වසරේ පෙබරවාරි මස 01 දා සිට ක්‍රියාත්මක පරිදි මාර්ග ගත ක්‍රමවේදය (Online) ඔස්සේ පමණක් සිදු කළ යුතු බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.

    ඇමැතිවරයා පෙන්වා දෙන්නේ සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි.

    ඒ අනුව, සේවකයන් 15 දෙනකුට වඩා සේවය කරන ආයතනවල සේවා යෝජකයන් අදාළ ගෙවීම සිදු කිරීම සහ මාසික වාර්තා ඉදිරිපත් කිරීම ද මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ සිදු කළ යුතු බව ඇමැතිවරයා පෙන්වා දෙයි. මෙම ක්‍රමවේදය ඔස්සේ සේව්‍ය පාර්ශ්වයට වඩාත් පහසුවෙන් සිය සේවකයන්ගේ දායකත්ව මුදල් සේවා ස්ථානයේ සිටම ප්‍රේෂණය කිරීමේ හැකියාව ලැබෙන අතර සේවක පාර්ශ්වයට ද දායකත්ව මුදල් ආයතනය විසින් ගෙවා ඇති බව තහවුරු කර ගත හැකි ය.

    ඇමැතිවරයා පෙන්වා දෙන්නේ අදාළ මුදල් ප්‍රේෂණය වන ආකාරය පිළිබඳ කෙටි පණිවිඩ මගින් සේවකයන්ට දැන ගැනීමේ අවස්ථාව නුදුරේ දී ලබාදීමට ද කටයුතු කරන බවයි. දැනටමත් බහුතරයක් ආයතන මෙම මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ සිය සේවාවන් ලබා ගන්නා අතර ඉතිරි ආයතන ද ඊට අනුගත කරවා ගැනීම මෙම තීරණයේ අරමුණ බව ඇමැතිවරයා වැඩි දුරටත් සඳහන් කරයි.
     
    • Like
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    නන්දසේන පැනලා යන්න කලින් රට හදන්න ගහපු මාස්ටර් ප්ලෑන් එක හොරකම් කරලා ඒකේ තියෙන වැඩයි රනිල් මේ කරගෙන යන්නෙ
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Mas padi karayonge padiya hondatama monitor karanawa wage :lol:

    Lankawe bank walin loan aran polu thiyala, export business karala dollar sathayak wath genne nathi maha loku enterpreneursla nam monitor wena ekak na.
     
    • Like
    Reactions: kolavari and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    සල්ලි ගිණුමට බැර උනා කියලා SMS එකක් එන එකනම් ගොඩක් වටිනා වැඩක්
     
    • Like
    Reactions: kinkon

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Registration එකේ ඉඳන් online උනා නම් තවත් පහසුයි.