Express pearl වන්දි වලක්වන්න කෝටි 25 පගාව අරන්.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    එක්ස්ප්‍රස් පර්ල්' මහා සමුද්‍ර දූෂණය වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍යයට හිමි විය යුතු වන්දිය ලැබීම වළක්වාලීමේ පොරොන්දුව මත, ඩොලර් මිලියන 250ක පගාව ගත් 'බරපතළ අපරාධකරු' වහා රටට හෙළි කළ යුතු බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

    සිදු වූ මහා සමුද්‍ර දූෂණය වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍යයට හිමිවිය යුතු වන්දිය ලැබීම වළක්වාලීමේ පොරොන්දුව පිට යම් පුද්ගලයකු නෞකාව හිමි සමාගමෙන් ඩොලර් මිලියන 250කට අධික පගාවක් රැගෙන ඇත්නම්, එතරම් බරපතළ අපරාධයක් බව කී වීරවංශ මහතා පවසයි.

    ඒ නිසා 'වහෙන් ඔරෝ' භාෂාවෙන් නොකියා එම බරපතළ අපරාධය සිදු කළ තැනැත්තාගේ නම කෙලින්ම රට හමුවේ පවසන ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට අභියෝග කරන බවද සඳහන් කළේය.
     
    • Like
    Reactions: rakitha9