Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Yesterday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
FACULTY OF SEX
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Copied from FB...

ෆැකල්ටි ඔෆ් සෙක්ස් නිකුත් වූවා මට මතකය. ඒ මොන විකාර පොතක් විය හැකිදැයි එකල මම සිතුවෙමි. චින්තන ධර්මදාසගේ ෆේස් බුක් පිටුවට ගොස් එහි ප්‍රචාරණ කටයුතු දැකගත්තෙමි. බලන්නට බැරි තරම් කුණුහරුප ඇති පොතක් බව රස කරමින් ලියා තිබූ ප්‍රතිචාර වලින් දැනගත්තෙමි. සැබැවින්ම මම කණගාටු වුණෙමි. සාහිත්‍ය කලාවට වෙන්නට යන දෙය සිතමින් තැවුණෙමි. ඔව් එකල හිටිහැටියේ මා තුළින් එවන් සංස්කෘතියට සංවේදී අතිශය සාම්ප්‍රදායික ගැහැණු ආත්මයක් එළි බසින්නේය. කෙසේ වෙතත් මට පොත මිළදී ගන්නට නොලැබුණි. සියලු දෙනා කියා තිබූ අයුරෙන් පෝන් මූවි එකක් බැලුවා ලෙසින් දැනෙන්නට ඒවා විස්තර කර තිබුණේ කෙසේද යන්න ගැන මා තුළ දැඩි කුතුහලයක් තිබුණද මම එය පසුපස එතරම් පැන්නුවේ නැත.

අවුරුද්දක් ගත වුණි. ජීවත් වූ අවුරුදු ගණනාවටම නැති තරම් පාඩම් මට ඉගැන්වූ අවුරුද්දක් ගත වුණි. හිත් විවර වන්නේ කිය කියා නොවේය. ඒ නිසා කොයි මොහොතේ මොකක් නිසා සිතීමේ සීමාවන් පුළුල් වූවාදැයි කාටවත් සිතාගත හැකි යැයි නොසිතමි. කෙසේ වෙතත් ෆැකල්ටි ඔෆ් සෙක්ස් දෙවන කොටස ලෙසින් ගිල්ට් එළිදැක්වුණි. එහෙත් පළමු වර මෙන් මට චින්තන ගැනවත් පොත ගැනවත් අහිතක් දැනුණේ නැත. ඒ, ඒ වනවිට මම ඔහු හා යම්තාක් දුරකට සංවාදයක් ගොඩනගා ගෙන තිබූ නිසා විය හැකිය. වැඩිදෙනෙක් බනින, සමහරු වෙන කවුරුවත් නොලියන සෙක්ස් ගැන මේ තරම් නිර්භීතව ලියන නිසා උත්කර්ශයට පත් කර තිබෙන චින්තන ටිකක් පැහැදිලිව දකින්නට මට හැකිවුණි. මම ගිල්ට් කියෙව්වේ ඒ තේරුම් ගැනීමද ඇතිවය. ඒ නිසා සමහර විට එය පොතේ අන්තර්ගතය ගැන මගේ අදහසට යම් බලපෑමක් ඇති කරන්නට ඇතුවාට සැක නැත. එහෙත් එය සාධාරණය. එවන් පොතක් නිවැරදිව කියවන්නට ඒ තේරුම්ගැනීම අත්‍යවශයය. (මම නිවැරදිව කියෙව්වා යැයි සිතමි)

සැබෑය. මා සිතුවාටත් වඩා එහි ලිංගිකත්වය ඉස්මතු වී තිබිණි. සමහර විට මා පිටු කිහිපයක් කියවා නැවැත්තුවෙමි. මා මෙය කියවනවා කියා කවුරුන් හෝ දන්නේදැයි බියෙන් සහ සැකයෙන් වටපිට බැලුවෙමි. ඔව් අපි තවමත් ජීවත් වන්නේ ලිංගිකත්වයට එසේ සීමාවන් පැනවෙන, වැරදියට අර්ථ ගැන්වෙන වටපිටාවකය. එහෙත් පිටුවෙන් පිටුව කතාව ඉදිරියට ගලා යද්දී ලිංගිකත්වයට යටින් ඇති මිනිස් හිත් මම දුටුවෙමි. පොතෙහි වූ චරිතයන්හි අරගලයන්, නිදහස, සතුට, අතීරණයන්, ඊර්ෂ්‍යාව, ආදරය, වෛරය මම දුටුවෙමි. ඒවාට ලේඛකයාගේ වූ සංවේදීත්වය හැදින ගත්තෙමි. තමන්ම පිළිගන්නා වූ සමහර මත තමන් විසින්ම ප්‍රශ්න කරන අයුරු දුටුවෙමි. ලිංගිකත්වය අභිබවා ගොස් තිබූ ඒ මානුෂීය සම්බන්ධතා ගැන කතිකාවතට මම ආකර්ෂණය වුණෙමි. මම මගෙන්ම විමසූ ප්‍රශ්න බොහොමයකට ඔහු ඉන් පිළිතුරු දී තිබුණි. සමහර තැන්වලදී මම එකග නොවී වාද කෙරුවෙමි. සමහර විටදී මම ඔහු සමග එකග වී මද සිනා නැගුවෙමි. ගැහැණුන් පිළිබද චින්තන දරනා හෝ දරනවා ලෙසින් පෙන්වන ආකල්පය අපූරුය. ගැහැණියක් ලෙසින් ආඩම්බර වන්නට හැකි තැනක ඔහු අපව තබා ඇත. විවෘතව ආත්මය පෙන්වන ගැහැණියක් ඉදිරියේ තමන් පුළුල් දැක්මකින් යුක්ත යැයි සිතනා පිරිමින් පවා නන්නත්තාර වන බව ඔහු පෙන්වා ඇත. ඒ අතරේම සිහින් අතුල් පහරවල්ද එකී ගැහැණුන්ටම ගසා ඇත. එහෙත් මා හිතනා අයුරෙන් ඔහු අප අතුල් පහරවල් ලෙසින් දකිනා ඒ ගැහැණුකමේ පුංචි දුර්වලතාවයන් ඉහළින් අගය කරන්නේය.

එසේම විවෘත සබදතාවයක ඇති සුන්දරත්වය, සුවපහසුව මම මින් දුටුවෙමි. මම කෙදිනකවත් අත්විද නොමැති අත් විදින්නට කැමැත්තක්ද නොමැති (ඇති) විවෘත සබදතාවයන්, තේරුම්ගැනීම් අතින් කෙතරම් ඉහළදැයි මොහොතකට මමද සිතුවෙමි.

‘ආදරේ එක්ක ගහගෙන යන්න ඕනේ. ඉවුරු බදාගෙන ඉදලා තේරුමක් නෑ. මේ දුරස්වීම කියන්නෙත් ආදරේ කොටසක්’

එහෙත් ඔහු විසින්ම එහි ඇති වෙහෙසකර බවද ඉස්මතු කර ඇත. ඔවුනොවුන් තුළ ඇති වී නැති වී යන තනිය, අවිනිශ්චිතභාවය නොපෙනෙන්නට පෙන්වා ඇත. බොහෝ දේවල් තේරුම් යද්දී ජීවිතය ගැන දැනෙනා ප්රබෝධමත්බව අඩු වනවා විය හැකිය. ජීවත් වීමට කිසියම් මට්ටමක ප්රබෝධත්වයක්ද තිබිය යුතුමය. ඒ ප්රබෝධය පැමිණෙන්නේ බොළදබව තුළින්දැයි විටෙක මම මගෙන්ම ඇත්තෙමි. ඉතින් ඔහු ලියා තිබූ එක්තරා වාක්‍යයකට මම මා සමගම සිනාසුනෙමි. පොත වසා කල්පනා කෙරුවෙමි.

‘මට ඕනේ නෑ ඕපන් රිලේෂන්ෂිප් එකක ඇට්ටර වෙච්ච නාකියෙක් වගේ නෙතූගේ ආදරේ ඇතුළට යන්න’

ඔහු උපුටා දක්වන්නට වටිනා බොහෝ පේළි ලියනා ලස්සන ලියන්නෙකි. රසවත්ව කතන්දර කියන්නෙකි. ඒ සියල්ලට වඩා තමන්ට අවංකව, වඩාත් පුළුල් ලෙස ජීවිතය දෙස සබදතා දෙස බලන්නෙකි. ඒ දැක්ම තමන් ලියන දෙයින් අපූරුවට මවන්නෙකි. චින්තන, ගැහැණිය දෙන්නට කැමති බව හැබෑය. පිරිමින් ගන්නට දන්නේ නැත බවද හැබෑය. එහෙත් ගැහැණුන්ට නොදී ඉන්නටත් හැකිය. පිරිමින් යැපි යැපී ඉල්ලා සිටියදී පවා අහක බලාගෙන යන්නට හැකිය. පිරිමියෙකුගේ ආදරය තුළ තමන්ව පාලනය කරගන්නා, අත්තටු හකුළා ගන්නා ගැහැණියම අවැසි විටදී නික්ම යන්නටද දන්නීය. නික්ම යන්නට දෙන්නීය. එහෙත් ඒ සත්‍යය ඔබට අමතක වූවාදැයි සමහර පිටු වලදී මට සැකයක්ද ඇති වුණි.

ලිංගිකත්වය රසබර මාතෘකාවකි. එළිපිට නොකිව්වත් බොහෝ දෙනා කියවන්නට ආසා තේමාවකි. එය රසවිදින අතරේ ජීවිතය ගැන, සබදතා ගැන ගලා යන සුන්දර, මානුෂීය, සංවේදී කතාන්දරය මග නොහරින ලෙස 'ගිල්ට්' කියවන සියල්ලන්ගෙන් ඉල්ලා සිටින්නට කැමැත්තෙමි.

[QUOTE="techytee, post: 23605054, member: 490126"] [SIZE="5"]Copied from FB... ෆැකල්ටි ඔෆ් සෙක්ස් නිකුත් වූවා මට මතකය. ඒ මොන විකාර පොතක් විය හැකිදැයි එකල මම සිතුවෙමි. චින්තන ධර්මදාසගේ ෆේස් බුක් පිටුවට ගොස් එහි ප්‍රචාරණ කටයුතු දැකගත්තෙමි. බලන්නට බැරි තරම් කුණුහරුප ඇති පොතක් බව රස කරමින් ලියා තිබූ ප්‍රතිචාර වලින් දැනගත්තෙමි. සැබැවින්ම මම කණගාටු වුණෙමි. සාහිත්‍ය කලාවට වෙන්නට යන දෙය සිතමින් තැවුණෙමි. ඔව් එකල හිටිහැටියේ මා තුළින් එවන් සංස්කෘතියට සංවේදී අතිශය සාම්ප්‍රදායික ගැහැණු ආත්මයක් එළි බසින්නේය. කෙසේ වෙතත් මට පොත මිළදී ගන්නට නොලැබුණි. සියලු දෙනා කියා තිබූ අයුරෙන් පෝන් මූවි එකක් බැලුවා ලෙසින් දැනෙන්නට ඒවා විස්තර කර තිබුණේ කෙසේද යන්න ගැන මා තුළ දැඩි කුතුහලයක් තිබුණද මම එය පසුපස එතරම් පැන්නුවේ නැත. අවුරුද්දක් ගත වුණි. ජීවත් වූ අවුරුදු ගණනාවටම නැති තරම් පාඩම් මට ඉගැන්වූ අවුරුද්දක් ගත වුණි. හිත් විවර වන්නේ කිය කියා නොවේය. ඒ නිසා කොයි මොහොතේ මොකක් නිසා සිතීමේ සීමාවන් පුළුල් වූවාදැයි කාටවත් සිතාගත හැකි යැයි නොසිතමි. කෙසේ වෙතත් ෆැකල්ටි ඔෆ් සෙක්ස් දෙවන කොටස ලෙසින් ගිල්ට් එළිදැක්වුණි. එහෙත් පළමු වර මෙන් මට චින්තන ගැනවත් පොත ගැනවත් අහිතක් දැනුණේ නැත. ඒ, ඒ වනවිට මම ඔහු හා යම්තාක් දුරකට සංවාදයක් ගොඩනගා ගෙන තිබූ නිසා විය හැකිය. වැඩිදෙනෙක් බනින, සමහරු වෙන කවුරුවත් නොලියන සෙක්ස් ගැන මේ තරම් නිර්භීතව ලියන නිසා උත්කර්ශයට පත් කර තිබෙන චින්තන ටිකක් පැහැදිලිව දකින්නට මට හැකිවුණි. මම ගිල්ට් කියෙව්වේ ඒ තේරුම් ගැනීමද ඇතිවය. ඒ නිසා සමහර විට එය පොතේ අන්තර්ගතය ගැන මගේ අදහසට යම් බලපෑමක් ඇති කරන්නට ඇතුවාට සැක නැත. එහෙත් එය සාධාරණය. එවන් පොතක් නිවැරදිව කියවන්නට ඒ තේරුම්ගැනීම අත්‍යවශයය. (මම නිවැරදිව කියෙව්වා යැයි සිතමි) සැබෑය. මා සිතුවාටත් වඩා එහි ලිංගිකත්වය ඉස්මතු වී තිබිණි. සමහර විට මා පිටු කිහිපයක් කියවා නැවැත්තුවෙමි. මා මෙය කියවනවා කියා කවුරුන් හෝ දන්නේදැයි බියෙන් සහ සැකයෙන් වටපිට බැලුවෙමි. ඔව් අපි තවමත් ජීවත් වන්නේ ලිංගිකත්වයට එසේ සීමාවන් පැනවෙන, වැරදියට අර්ථ ගැන්වෙන වටපිටාවකය. එහෙත් පිටුවෙන් පිටුව කතාව ඉදිරියට ගලා යද්දී ලිංගිකත්වයට යටින් ඇති මිනිස් හිත් මම දුටුවෙමි. පොතෙහි වූ චරිතයන්හි අරගලයන්, නිදහස, සතුට, අතීරණයන්, ඊර්ෂ්‍යාව, ආදරය, වෛරය මම දුටුවෙමි. ඒවාට ලේඛකයාගේ වූ සංවේදීත්වය හැදින ගත්තෙමි. තමන්ම පිළිගන්නා වූ සමහර මත තමන් විසින්ම ප්‍රශ්න කරන අයුරු දුටුවෙමි. ලිංගිකත්වය අභිබවා ගොස් තිබූ ඒ මානුෂීය සම්බන්ධතා ගැන කතිකාවතට මම ආකර්ෂණය වුණෙමි. මම මගෙන්ම විමසූ ප්‍රශ්න බොහොමයකට ඔහු ඉන් පිළිතුරු දී තිබුණි. සමහර තැන්වලදී මම එකග නොවී වාද කෙරුවෙමි. සමහර විටදී මම ඔහු සමග එකග වී මද සිනා නැගුවෙමි. ගැහැණුන් පිළිබද චින්තන දරනා හෝ දරනවා ලෙසින් පෙන්වන ආකල්පය අපූරුය. ගැහැණියක් ලෙසින් ආඩම්බර වන්නට හැකි තැනක ඔහු අපව තබා ඇත. විවෘතව ආත්මය පෙන්වන ගැහැණියක් ඉදිරියේ තමන් පුළුල් දැක්මකින් යුක්ත යැයි සිතනා පිරිමින් පවා නන්නත්තාර වන බව ඔහු පෙන්වා ඇත. ඒ අතරේම සිහින් අතුල් පහරවල්ද එකී ගැහැණුන්ටම ගසා ඇත. එහෙත් මා හිතනා අයුරෙන් ඔහු අප අතුල් පහරවල් ලෙසින් දකිනා ඒ ගැහැණුකමේ පුංචි දුර්වලතාවයන් ඉහළින් අගය කරන්නේය. එසේම විවෘත සබදතාවයක ඇති සුන්දරත්වය, සුවපහසුව මම මින් දුටුවෙමි. මම කෙදිනකවත් අත්විද නොමැති අත් විදින්නට කැමැත්තක්ද නොමැති (ඇති) විවෘත සබදතාවයන්, තේරුම්ගැනීම් අතින් කෙතරම් ඉහළදැයි මොහොතකට මමද සිතුවෙමි. ‘ආදරේ එක්ක ගහගෙන යන්න ඕනේ. ඉවුරු බදාගෙන ඉදලා තේරුමක් නෑ. මේ දුරස්වීම කියන්නෙත් ආදරේ කොටසක්’ එහෙත් ඔහු විසින්ම එහි ඇති වෙහෙසකර බවද ඉස්මතු කර ඇත. ඔවුනොවුන් තුළ ඇති වී නැති වී යන තනිය, අවිනිශ්චිතභාවය නොපෙනෙන්නට පෙන්වා ඇත. බොහෝ දේවල් තේරුම් යද්දී ජීවිතය ගැන දැනෙනා ප්රබෝධමත්බව අඩු වනවා විය හැකිය. ජීවත් වීමට කිසියම් මට්ටමක ප්රබෝධත්වයක්ද තිබිය යුතුමය. ඒ ප්රබෝධය පැමිණෙන්නේ බොළදබව තුළින්දැයි විටෙක මම මගෙන්ම ඇත්තෙමි. ඉතින් ඔහු ලියා තිබූ එක්තරා වාක්‍යයකට මම මා සමගම සිනාසුනෙමි. පොත වසා කල්පනා කෙරුවෙමි. ‘මට ඕනේ නෑ ඕපන් රිලේෂන්ෂිප් එකක ඇට්ටර වෙච්ච නාකියෙක් වගේ නෙතූගේ ආදරේ ඇතුළට යන්න’ ඔහු උපුටා දක්වන්නට වටිනා බොහෝ පේළි ලියනා ලස්සන ලියන්නෙකි. රසවත්ව කතන්දර කියන්නෙකි. ඒ සියල්ලට වඩා තමන්ට අවංකව, වඩාත් පුළුල් ලෙස ජීවිතය දෙස සබදතා දෙස බලන්නෙකි. ඒ දැක්ම තමන් ලියන දෙයින් අපූරුවට මවන්නෙකි. චින්තන, ගැහැණිය දෙන්නට කැමති බව හැබෑය. පිරිමින් ගන්නට දන්නේ නැත බවද හැබෑය. එහෙත් ගැහැණුන්ට නොදී ඉන්නටත් හැකිය. පිරිමින් යැපි යැපී ඉල්ලා සිටියදී පවා අහක බලාගෙන යන්නට හැකිය. පිරිමියෙකුගේ ආදරය තුළ තමන්ව පාලනය කරගන්නා, අත්තටු හකුළා ගන්නා ගැහැණියම අවැසි විටදී නික්ම යන්නටද දන්නීය. නික්ම යන්නට දෙන්නීය. එහෙත් ඒ සත්‍යය ඔබට අමතක වූවාදැයි සමහර පිටු වලදී මට සැකයක්ද ඇති වුණි. ලිංගිකත්වය රසබර මාතෘකාවකි. එළිපිට නොකිව්වත් බොහෝ දෙනා කියවන්නට ආසා තේමාවකි. එය රසවිදින අතරේ ජීවිතය ගැන, සබදතා ගැන ගලා යන සුන්දර, මානුෂීය, සංවේදී කතාන්දරය මග නොහරින ලෙස 'ගිල්ට්' කියවන සියල්ලන්ගෙන් ඉල්ලා සිටින්නට කැමැත්තෙමි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom