Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Fitch Ratings ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම “සෘණාත්මක”
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Fitch Ratings ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම “සෘණාත්මක”

Fitch Ratings ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම “සෘණාත්මක” ලෙස සංශෝධනය කිරීම ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම "සෘණාත්මක" ලෙස සංශෝධනය කිරීම සඳහා Fitch Ratings ආයතනය විසින් මෑතක දී කරන ලද ශ්‍රේණිගත කිරීමේ ක්‍රියා මාර්ග ශ්‍රී ලංකාවේ නව රජය පිහිටුවීමෙන් පසුව ආර්ථික කටයුතුවල සිදු කරන ලද ප්‍රතිසංස්කරණ පිළිබඳ යථාර්ථය වටහා නොගෙන කඩිමුඩියේ ගෙන ඇති තීරණයක් බව ශ්‍රී ලංකා රජය අවධාරණය කරයි. මෙය කාලෝචිත නොවන ක්‍රියාවක් වන අතර ඉක්මන් විනිශ්චයක් ලෙස ද තහවුරු වේ. මෙම ශ්‍රේණිගත කිරීමේ තීරණයට ප්‍රධාන වශයෙන් පදනම වී ඇත්තේ ශ්‍රී ලංකාව ආදායම පදනම් කරගත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය ශක්තිමත් කිරීමේ ස්ථාවරයෙන් බැහැරවනු ඇතැයි යනුවෙන් හා එමගින් ණය තිරසරභාවයට අවදානමක් ඇතිවනු ඇතැයි යන ඔවුන්ගේ උපකල්පනය යි.

එකී උපකල්පනය අතිශය වැරදි තොරතුරු මත සිදුකළ දෙයක් බව අවධාරණය කෙරේ. රජය විසින් මෑතදී ප්‍රකාශයට පත්කරන ලද බදු ප්‍රතිසංස්කරණ වල මූල්‍ය බලපෑම් පිළිබඳ Fitch ශ්‍රේණිගත ඇස්තමේන්තුව පදනම් වී ඇත්තේ වැරදි උපකල්පන මතය. මෑත කාලීන බදු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල ආදායම් බලපෑම අයවැය හිඟය වැඩි කිරීම සඳහා හේතුවන බවත් එමගින් මධ්‍යකාලීනව රජයේ ණය ඉහල යන බවත් ඔවුන් විසින් නිවැරදි නොවන ඇස්තමේන්තුවක් සිදු කර ඇත. කෙසේවෙතත්, බදු අහිමිවීමේ අලාභය පියවා ගැනීම සඳහා රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග වල බලපෑම සහ මධ්‍යකාලීනව එවැනි ප්‍රතිපත්ති මගින් ඇතිවන්නා වූ වාසිදායක සාර්ව ආර්ථිකයේ හිතකර බලපෑම නිසිලෙස හඳුනා නොගැනීම Fitch ශ්‍රේණිගත ක්රමයේ විශ්ලේෂණ පුරාවට දකින්නට තිබූ අඩුපාඩුවකි.

2020 සහ ඉන් ඔබ්බට රාජ්‍ය මූල්‍ය ප්‍රගතිය සැලසුම් කිරීමට රජය අදහස් කරන්නේ කෙසේද යන්න කෙටි තක්සේරුවක් පහත දැක්වේ.

පළමුවෙන් හා ප්‍රධාන වශයෙන්ම ගෝලීය ආර්ථිකයේ වර්තමාන ආර්ථීක මන්දගාමීත්වයෙන් පරිබාහිරව ශ්‍රී ලංකාවේ ආර්ථීකය යථාතත්ත්වයට පත් කිරීම සඳහා ආර්ථීක උත්තේජන ඇති කිරීමට මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද බදු සහන ක්රියාමාර්ගයන්හි අරමුණු බව පැහැදිලිව ප්‍රකාශ කළ යුතු අතර එය ශ්‍රී ලංකාවේ ආයෝජන හා ව්‍යාපාර පිළිබඳ විශ්වාසය යළි තහවුරු කර ගැනීම සඳහා හිතකර පරිසරයක් ඇතිකරනු ලබයි.

මෙම රජය විසින් මෑතදී ප්‍රකාශයට පත් කරන ලද ක්‍රියාමාර්ග මඟින් බදු ක්‍රමය සරල කිරීම සහ ඇතැම් බදු අඩුකිරීම හා අහෝසි කිරීම මඟින් සමස්ත ඉල්ලුම වැඩි වනු ඇත. පසුගිය දශකය තුළ වාර්තා කළ අවම ආර්ථික වර්ධන වේගය 2019 වසරේ දෙවන කාර්තුවේ දී වාර්තා කළ අතර එය 1.5 % විය. මේ අනුව, 2019 වසරේ දී සමස්ත ආර්ථීක වර්ධන වේගය 2.5% ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එවන් අඩු වර්ධනයක් 2020 වන විට රාජ්‍ය මුල්‍ය ඒකාග්‍රතාවය කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇතිකළ හැකිය. මෙම පසුබිම යටතේ රජය මගින් ප්‍රකාශයට පත්කරන ලද බදු සහන කෘෂි කර්මාන්තය, සංචාරක ව්‍යාපාරය, ඉදි කිරීම් සහ වෙනත් සේවා අංශවල ප්‍රගතියට ඉවහල් වේ. ඒ අනුව, ආර්ථික ක්රියාකරකම්වල වර්ධනය ඇති කිරීම සඳහා දායක වන අතර එමගින් 2020 දී 4.0% - 4.5% ක ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එවැනි බදු වෙනස්කම් පිළිබඳව රජය විසින් නිවේදනය කරනු ලැබුවේ එහි ප්‍රතිවිපාක පිළිබඳ හොඳින් තක්සේරු කිරීමෙන් පසුව සහ ඒ සඳහා අවශ්‍ය අනෙකුත් ක්‍රියාමාර්ග හඳුනා ගැනීමෙන් පසුව වන අතර එමගින් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලිය සඳහා කිසිදූ බලපෑමක් සිදු නොවන ආකාරයෙනි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මධ්‍යකාලීන සාර්ව මූල්‍ය රාමුව නොවෙනස්ව පවතී. ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීමේ නොකැළැල් වාර්තාව ආරක්ෂා කිරීම සඳහා ණය සේවාකරණ වගකීම ඉටු කිරීම සඳහා රජයේ ඉහළම ප්‍රමුඛතාවය ලබා දෙන බව සඳහන් කළ යුතුය.

මෑත කාලීන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල බලපෑම ඒ පිළිබඳව Fitch ආයතනය විසින් නිරූපණය කරන බලපෑමට වඩා සැලකිය යුතු ලෙස අවම මට්ටමක පවතින බව පහත දැක්වෙන හේතු මගින් පිළිබිඹු වේ.

එකතු කළ අගය මත VAT බදු ආදායමෙන් ලැබෙන 15% ක් පමණ වන ආදායම මූල්‍ය අංශයෙන් ලැබෙන අතර එහි වැට් බද්ද තවදුරටත් 15%ක ප්‍රතිශතයේම නොවෙනස්ව පවතී. සමස්ත වැට් බදු ආදායමෙන් 10%කට ආසන්න ආදායමක් අත්වන සිගරට් සහ මත්පැන්වලින් අහිමි වූ වැට් බද්ද සිගරට් සහ මත්පැන් සඳහා වන Excise Duty සුරාබද්ද ඉහළ නැංවීම තුළින් ආපසු අයකර ගැනීමට දැනටමත් ක්‍රියාකර ඇත. ඒ හරහා සිගරට් සහ මත්පැන්වලින් ලැබෙන ඉහත සඳහන් 10% ක පමණ වන වැට් ආදායම තුළින් අහිමි වීමට තිබූ 46 % ක් පමණ වන ආදායම නැවත ලබාගෙන තිබේ.

වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද (PAL) 7.5% සිට 10% දක්වා ඉහළ නැංවීම තුළින් ආනයනික කටයුතුවලින් ජාතිය ගොඩනැගීමේ බද්ද (NBT) ඉවත් කිරීමෙන් ආදායමට ඇති වූ බලපෑම ශූන්‍ය කෙරේ. තවද, රජය සතු වාණිජ ව්‍යවසායන්වල වැට් බදු වියදම සැලකිය යුතු ලෙස අඩු වනු ඇති අතර එය බදු නොවන ආදායමක් ලෙස නැවත ලබා ගත හැකිවේ. උපයන විට බද්ද හෙවත් (PAYE) බද්ද ඉවත් කර ඇතත් එහි ඉහළ සීමාව ආදායම් බද්ද ලෙස ප්‍රතිස්ථාපනය කර ඇත. පොලී ආදායම මත වූ රඳවා ගැනීමේ බද්ද ඉවත් කළ ද එය කිසිවිටෙකත් ආදායම් බද්දට එරෙහිව නියම කළ හැකි අවසාන බද්දක් ලෙස නොසැලකේ. බදු වර්ෂය අවසානයේ රඳවා ගැනීමේ බද්ද වෙනුවට ආදායම් බදු ගෙවිය යුතු වන බැවින් රඳවා ගැනීමේ බද්ද ඉවත් කිරීමේ අලාභය අවම වේ.

මේ අතර, ආදායම් ප්‍රතිසංස්කරණවල බලපෑමට බොහෝ දුරට අනුපූරක වන පරිදි රජයේ වියදම් සීමා කිරීමට රජය දැනටමත් පියවර ගෙන ඇති බව සැලකිල්ලට ගැනීම වැදගත් ය. නිදසුනක් වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.6% ක් පමණ වියදමක් ඉතිරි කර ගැනීමේ අපේක්ෂිත ප්‍රතිඵලය සහතික කිරීම සඳහා වියදම් අඩු කිරීමට සහ අධීක්ෂණ යාන්ත්‍රණයක් සකස් කිරීමට රජය දැනටමත් නියෝග නිකුත් කර තිබේ. තවද, රජය විසින් ගෙවිය යුතු බදු සඳහා වෙන්කර ඇති අයවැය ප්‍රතිපාදනවල ඉතිරිකිරීම් හේතුවෙන් ස්වාභාවික වියදම් කප්පාදුවක් සිදුවනු ඇත. එසේම, බදු කප්පාදුව සහ වියදම් තාර්කිකකරණය යන හේතු දෙක සමඟ රාජ්‍ය ව්‍යවසායන් වෙත සිදු කරන පැවරුම් අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අතරම, 2020 පළමු භාගයේ වැඩි කාලයක් සඳහා පුනරාවර්තන වියදම් 2019 මට්ටමින්ම පවත්වා ගෙන යන අතර අතුරු සම්මත ගිණුමට නව ව්‍යාපෘති කිසිවක් ඇතුළත් නොවන බැවින් 2019 වසරේ රජයේ වියදම් පාලනය කිරීමට උපකාරී වනු ඇත. වැදගත්ම දෙයනම්, අතුරු සම්මත ගිණුම යටතේ රජයේ මෙහෙයුම් සිදුකරන විට දළ ණය ගැනීමේ අවශ්‍යතාව වැඩි කිරීමට හැකියාවක් නොමැති වීමයි. ඒ අතරම, 2020 සඳහා වන රජයේ අයවැය 2020 ජූනි මාසයේ පමණ ඉදිරිපත් කිරීමෙන් කාර්ය පටිපාටික අවශ්‍යතාව හේතුවෙන් 2020 දී විශාල ව්‍යාපෘති සඳහා වියදම් කිරීමට ප්‍රමාණවත් කාලයක් නොලැබෙනු ඇත. ඒ හරහා 2020 දී සැලකිය යුතු වියදම් තාර්කිකකරණයකට ඉඩ ලැබේ. මේ සියල්ල සැලකිල්ලට ගත් විට, අයවැය හිඟය පිළිබඳ හොඳම තක්සේරුව 2020 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.5%ක් පමණ වනු ඇත. එය ෆිච් ආයතනය විසින් පුරොකථන කළ පරිදි දළ දේශීය නිෂ්පාදිතයෙන් 6.5% ක් නොවේ.

තව ද, ශ්‍රී ලංකා රජය බහු පාර්ශ්වීය ණය දෙන ආයතන සමග අඛණ්ඩව කටයුතු කරන බව අවධාරණය කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන වර්තමාන වැඩසටහනේ අවසන් සමාලෝචනය 2020 පෙබරවාරි වන විට සිදු කිරීමට නියමිත වන අතර 2019 සඳහා වන කාර්ය සාධන ඉලක්ක නිසි පරිදි සපුරා ගැනීමට හැකි වනු ඇතැයි රජය විශ්වාස කරයි. මෙයට අමතරව මෑත කාලීන බදු ක්‍රියාමාර්ගවල අපේක්ෂිත අරමුණ වනුයේ පෞද්ගලික අංශවල වර්ධනය දිරිමත් කිරීමයි. ඵලදායී නොවන රාජ්‍ය වියදම්වලින්, සම්පත් පෞද්ගලික අංශය වෙත සහ පුද්ගලයන් වෙත මාරු කිරීම තුළින් අඛණ්ඩ නිමැවුම් පරතරයක් ඇතිවන අතර එවැනි තත්ත්වයක් යටතේ හිතකර ආර්ථික වර්ධනයක් සිදු වනු ඇත. ඉහළ වර්ධනය රටේ සමස්ත ණය වෙනස්වීමට ද ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇත.

මෙම තත්ත්වය යටතේ මසක් පමණක් ගතව ඇති අලුතෙන් පිහිටුවන ලද රජය විසින් හඳුන්වා දී ඇති සියලු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවල බලපෑම උචිත ලෙස විශ්ලේෂණය කිරීමකින් තොරව ශ්‍රී ලංකා ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය සහ එහි දැක්ම පිළිබඳව Fitch ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් සෘණාත්මක ලෙස අනුමාන කිරීම අතිශයින් ම කාලෝචිත නොවන ක්‍රියාවක් බව රජය තරයේ ප්‍රකාශ කරයි.

විශේෂයෙන්, රටේ සාර්ව ආර්ථික මූලධර්මයන් යහපත් ලෙස පවත්වාගෙන යන බැවින් ආර්ථිකය ඉහල වර්ධන ක්‍රම වේදයක් කරා යොමු කිරීමට පෞද්ගලික අංශයේ පුණර්ජීවනය ඇති කිරීම පිණිස හඳුන්වා දී ඇති බදු ප්‍රතිසංස්කරණය ඉවහල් වේ.

ආර්ථිකයේ සිදු වන එවැනි වර්ධනයක් අවසානයේ දී ආදායම් ප්රවාහයන් ඉහළ නැංවීම තුළින් මධ්‍යම හා දිගු කාලීනව රාජ්‍ය මූල්‍ය දැක්ම ශක්තිමත් කරනු ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් දින කිහිපයකට පෙරාතුව අනුමත කරන ලද කොළඹ නගරයේ ඇ.ඩො. මිලියන 250ක මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය නව රජය යටතේ විදේශ සෘජු ආයෝජන රට තුළට ගලා එමින් පවතින බවට සාක්ෂි දරයි. මෙම ආයෝජනය පිළිබඳව ලබන සතියේ දී ගිවිසුම අත්සන් තබනු ඇත. මෙය නව ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ආයෝජකයන් තුළ ඇති විශ්වාසයේ සංඥාවකි.

රජයේ ආර්ථික ප්‍රතිපත්ති දිශානතිය සහ ආර්ථික දැක්ම පිළිබඳ පුළුල් දැක්මක් සඳහා 2020 ජනවාරි 03 වැනි දින ජනාධිපති තුමන් විසින් ප්‍රතිපත්ති ප්රකාශනය නිකුත් කරන තෙක් Fitch ආයතනය හා අනෙකුත් ශ්‍රේණි ගත කිරීමේ ආයතන ඉක්මන් නොවී මෙවැනි ක්‍රියාමාර්ග ගැනීමෙන් වැළකී සිටිය යුතුව තිබුණු බව රජය විශ්වාස කරයි. එබැවින්, Fitch ආයතනය විසින් මෑතදී නිකුත් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ ශ්‍රේණිගත කිරීමේ නිවේදනය මනා කරුණු මත පදනම් නොවී කඩිමුඩියේ නිකුත් කළ මතයක් යන්න රජයේ විශ්වාස කරයි.

[QUOTE="malakadss, post: 25032231, member: 179884"] [b]Fitch Ratings ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම “සෘණාත්මක”[/b] [B][SIZE=3]Fitch Ratings ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම “සෘණාත්මක” ලෙස සංශෝධනය කිරීම ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරයි[/SIZE][/B] [SIZE=3] [/SIZE] [SIZE=3]ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම "සෘණාත්මක" ලෙස සංශෝධනය කිරීම සඳහා Fitch Ratings ආයතනය විසින් මෑතක දී කරන ලද ශ්‍රේණිගත කිරීමේ ක්‍රියා මාර්ග ශ්‍රී ලංකාවේ නව රජය පිහිටුවීමෙන් පසුව ආර්ථික කටයුතුවල සිදු කරන ලද ප්‍රතිසංස්කරණ පිළිබඳ යථාර්ථය වටහා නොගෙන කඩිමුඩියේ ගෙන ඇති තීරණයක් බව ශ්‍රී ලංකා රජය අවධාරණය කරයි. මෙය කාලෝචිත නොවන ක්‍රියාවක් වන අතර ඉක්මන් විනිශ්චයක් ලෙස ද තහවුරු වේ. මෙම ශ්‍රේණිගත කිරීමේ තීරණයට ප්‍රධාන වශයෙන් පදනම වී ඇත්තේ ශ්‍රී ලංකාව ආදායම පදනම් කරගත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය ශක්තිමත් කිරීමේ ස්ථාවරයෙන් බැහැරවනු ඇතැයි යනුවෙන් හා එමගින් ණය තිරසරභාවයට අවදානමක් ඇතිවනු ඇතැයි යන ඔවුන්ගේ උපකල්පනය යි.[/SIZE] [SIZE=3]එකී උපකල්පනය අතිශය වැරදි තොරතුරු මත සිදුකළ දෙයක් බව අවධාරණය කෙරේ. රජය විසින් මෑතදී ප්‍රකාශයට පත්කරන ලද බදු ප්‍රතිසංස්කරණ වල මූල්‍ය බලපෑම් පිළිබඳ Fitch ශ්‍රේණිගත ඇස්තමේන්තුව පදනම් වී ඇත්තේ වැරදි උපකල්පන මතය. මෑත කාලීන බදු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල ආදායම් බලපෑම අයවැය හිඟය වැඩි කිරීම සඳහා හේතුවන බවත් එමගින් මධ්‍යකාලීනව රජයේ ණය ඉහල යන බවත් ඔවුන් විසින් නිවැරදි නොවන ඇස්තමේන්තුවක් සිදු කර ඇත. කෙසේවෙතත්, බදු අහිමිවීමේ අලාභය පියවා ගැනීම සඳහා රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග වල බලපෑම සහ මධ්‍යකාලීනව එවැනි ප්‍රතිපත්ති මගින් ඇතිවන්නා වූ වාසිදායක සාර්ව ආර්ථිකයේ හිතකර බලපෑම නිසිලෙස හඳුනා නොගැනීම Fitch ශ්‍රේණිගත ක්රමයේ විශ්ලේෂණ පුරාවට දකින්නට තිබූ අඩුපාඩුවකි.[/SIZE] [SIZE=3][B]2020 සහ ඉන් ඔබ්බට රාජ්‍ය මූල්‍ය ප්‍රගතිය සැලසුම් කිරීමට රජය අදහස් කරන්නේ කෙසේද යන්න කෙටි තක්සේරුවක් පහත දැක්වේ.[/B][/SIZE] [SIZE=3]පළමුවෙන් හා ප්‍රධාන වශයෙන්ම ගෝලීය ආර්ථිකයේ වර්තමාන ආර්ථීක මන්දගාමීත්වයෙන් පරිබාහිරව ශ්‍රී ලංකාවේ ආර්ථීකය යථාතත්ත්වයට පත් කිරීම සඳහා ආර්ථීක උත්තේජන ඇති කිරීමට මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද බදු සහන ක්රියාමාර්ගයන්හි අරමුණු බව පැහැදිලිව ප්‍රකාශ කළ යුතු අතර එය ශ්‍රී ලංකාවේ ආයෝජන හා ව්‍යාපාර පිළිබඳ විශ්වාසය යළි තහවුරු කර ගැනීම සඳහා හිතකර පරිසරයක් ඇතිකරනු ලබයි.[/SIZE] [SIZE=3]මෙම රජය විසින් මෑතදී ප්‍රකාශයට පත් කරන ලද ක්‍රියාමාර්ග මඟින් බදු ක්‍රමය සරල කිරීම සහ ඇතැම් බදු අඩුකිරීම හා අහෝසි කිරීම මඟින් සමස්ත ඉල්ලුම වැඩි වනු ඇත. පසුගිය දශකය තුළ වාර්තා කළ අවම ආර්ථික වර්ධන වේගය 2019 වසරේ දෙවන කාර්තුවේ දී වාර්තා කළ අතර එය 1.5 % විය. මේ අනුව, 2019 වසරේ දී සමස්ත ආර්ථීක වර්ධන වේගය 2.5% ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එවන් අඩු වර්ධනයක් 2020 වන විට රාජ්‍ය මුල්‍ය ඒකාග්‍රතාවය කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇතිකළ හැකිය. මෙම පසුබිම යටතේ රජය මගින් ප්‍රකාශයට පත්කරන ලද බදු සහන කෘෂි කර්මාන්තය, සංචාරක ව්‍යාපාරය, ඉදි කිරීම් සහ වෙනත් සේවා අංශවල ප්‍රගතියට ඉවහල් වේ. ඒ අනුව, ආර්ථික ක්රියාකරකම්වල වර්ධනය ඇති කිරීම සඳහා දායක වන අතර එමගින් 2020 දී 4.0% - 4.5% ක ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.[/SIZE] [SIZE=3]එවැනි බදු වෙනස්කම් පිළිබඳව රජය විසින් නිවේදනය කරනු ලැබුවේ එහි ප්‍රතිවිපාක පිළිබඳ හොඳින් තක්සේරු කිරීමෙන් පසුව සහ ඒ සඳහා අවශ්‍ය අනෙකුත් ක්‍රියාමාර්ග හඳුනා ගැනීමෙන් පසුව වන අතර එමගින් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලිය සඳහා කිසිදූ බලපෑමක් සිදු නොවන ආකාරයෙනි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මධ්‍යකාලීන සාර්ව මූල්‍ය රාමුව නොවෙනස්ව පවතී. ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීමේ නොකැළැල් වාර්තාව ආරක්ෂා කිරීම සඳහා ණය සේවාකරණ වගකීම ඉටු කිරීම සඳහා රජයේ ඉහළම ප්‍රමුඛතාවය ලබා දෙන බව සඳහන් කළ යුතුය.[/SIZE] [SIZE=3][B]මෑත කාලීන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල බලපෑම ඒ පිළිබඳව [/B][B]Fitch[/B][B] ආයතනය විසින් නිරූපණය[/B] [B]කරන බලපෑමට වඩා සැලකිය යුතු ලෙස අවම මට්ටමක පවතින බව පහත දැක්වෙන හේතු මගින් පිළිබිඹු වේ. [/B][/SIZE] [SIZE=3]එකතු කළ අගය මත VAT බදු ආදායමෙන් ලැබෙන 15% ක් පමණ වන ආදායම මූල්‍ය අංශයෙන් ලැබෙන අතර එහි වැට් බද්ද තවදුරටත් 15%ක ප්‍රතිශතයේම නොවෙනස්ව පවතී. සමස්ත වැට් බදු ආදායමෙන් 10%කට ආසන්න ආදායමක් අත්වන සිගරට් සහ මත්පැන්වලින් අහිමි වූ වැට් බද්ද සිගරට් සහ මත්පැන් සඳහා වන Excise Duty සුරාබද්ද ඉහළ නැංවීම තුළින් ආපසු අයකර ගැනීමට දැනටමත් ක්‍රියාකර ඇත. ඒ හරහා සිගරට් සහ මත්පැන්වලින් ලැබෙන ඉහත සඳහන් 10% ක පමණ වන වැට් ආදායම තුළින් අහිමි වීමට තිබූ 46 % ක් පමණ වන ආදායම නැවත ලබාගෙන තිබේ.[/SIZE] [SIZE=3]වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද (PAL) 7.5% සිට 10% දක්වා ඉහළ නැංවීම තුළින් ආනයනික කටයුතුවලින් ජාතිය ගොඩනැගීමේ බද්ද (NBT) ඉවත් කිරීමෙන් ආදායමට ඇති වූ බලපෑම ශූන්‍ය කෙරේ. තවද, රජය සතු වාණිජ ව්‍යවසායන්වල වැට් බදු වියදම සැලකිය යුතු ලෙස අඩු වනු ඇති අතර එය බදු නොවන ආදායමක් ලෙස නැවත ලබා ගත හැකිවේ. උපයන විට බද්ද හෙවත් (PAYE) බද්ද ඉවත් කර ඇතත් එහි ඉහළ සීමාව ආදායම් බද්ද ලෙස ප්‍රතිස්ථාපනය කර ඇත. පොලී ආදායම මත වූ රඳවා ගැනීමේ බද්ද ඉවත් කළ ද එය කිසිවිටෙකත් ආදායම් බද්දට එරෙහිව නියම කළ හැකි අවසාන බද්දක් ලෙස නොසැලකේ. බදු වර්ෂය අවසානයේ රඳවා ගැනීමේ බද්ද වෙනුවට ආදායම් බදු ගෙවිය යුතු වන බැවින් රඳවා ගැනීමේ බද්ද ඉවත් කිරීමේ අලාභය අවම වේ.[/SIZE] [SIZE=3]මේ අතර, ආදායම් ප්‍රතිසංස්කරණවල බලපෑමට බොහෝ දුරට අනුපූරක වන පරිදි රජයේ වියදම් සීමා කිරීමට රජය දැනටමත් පියවර ගෙන ඇති බව සැලකිල්ලට ගැනීම වැදගත් ය. නිදසුනක් වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.6% ක් පමණ වියදමක් ඉතිරි කර ගැනීමේ අපේක්ෂිත ප්‍රතිඵලය සහතික කිරීම සඳහා වියදම් අඩු කිරීමට සහ අධීක්ෂණ යාන්ත්‍රණයක් සකස් කිරීමට රජය දැනටමත් නියෝග නිකුත් කර තිබේ. තවද, රජය විසින් ගෙවිය යුතු බදු සඳහා වෙන්කර ඇති අයවැය ප්‍රතිපාදනවල ඉතිරිකිරීම් හේතුවෙන් ස්වාභාවික වියදම් කප්පාදුවක් සිදුවනු ඇත. එසේම, බදු කප්පාදුව සහ වියදම් තාර්කිකකරණය යන හේතු දෙක සමඟ රාජ්‍ය ව්‍යවසායන් වෙත සිදු කරන පැවරුම් අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අතරම, 2020 පළමු භාගයේ වැඩි කාලයක් සඳහා පුනරාවර්තන වියදම් 2019 මට්ටමින්ම පවත්වා ගෙන යන අතර අතුරු සම්මත ගිණුමට නව ව්‍යාපෘති කිසිවක් ඇතුළත් නොවන බැවින් 2019 වසරේ රජයේ වියදම් පාලනය කිරීමට උපකාරී වනු ඇත. වැදගත්ම දෙයනම්, අතුරු සම්මත ගිණුම යටතේ රජයේ මෙහෙයුම් සිදුකරන විට දළ ණය ගැනීමේ අවශ්‍යතාව වැඩි කිරීමට හැකියාවක් නොමැති වීමයි. [B]ඒ අතරම, 2020 සඳහා වන රජයේ අයවැය 2020 ජූනි මාසයේ පමණ ඉදිරිපත් කිරීමෙන්[/B] කාර්ය පටිපාටික අවශ්‍යතාව හේතුවෙන් 2020 දී විශාල ව්‍යාපෘති සඳහා වියදම් කිරීමට ප්‍රමාණවත් කාලයක් නොලැබෙනු ඇත. ඒ හරහා 2020 දී සැලකිය යුතු වියදම් තාර්කිකකරණයකට ඉඩ ලැබේ. මේ සියල්ල සැලකිල්ලට ගත් විට, අයවැය හිඟය පිළිබඳ හොඳම තක්සේරුව 2020 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.5%ක් පමණ වනු ඇත. එය ෆිච් ආයතනය විසින් පුරොකථන කළ පරිදි දළ දේශීය නිෂ්පාදිතයෙන් 6.5% ක් නොවේ.[/SIZE] [SIZE=3]තව ද, ශ්‍රී ලංකා රජය බහු පාර්ශ්වීය ණය දෙන ආයතන සමග අඛණ්ඩව කටයුතු කරන බව අවධාරණය කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන වර්තමාන වැඩසටහනේ අවසන් සමාලෝචනය 2020 පෙබරවාරි වන විට සිදු කිරීමට නියමිත වන අතර [B]2019 සඳහා වන කාර්ය සාධන ඉලක්ක නිසි පරිදි සපුරා ගැනීමට හැකි වනු ඇතැයි රජය විශ්වාස කරයි.[/B] මෙයට අමතරව මෑත කාලීන බදු ක්‍රියාමාර්ගවල අපේක්ෂිත අරමුණ වනුයේ පෞද්ගලික අංශවල වර්ධනය දිරිමත් කිරීමයි. ඵලදායී නොවන රාජ්‍ය වියදම්වලින්, සම්පත් පෞද්ගලික අංශය වෙත සහ පුද්ගලයන් වෙත මාරු කිරීම තුළින් අඛණ්ඩ නිමැවුම් පරතරයක් ඇතිවන අතර එවැනි තත්ත්වයක් යටතේ හිතකර ආර්ථික වර්ධනයක් සිදු වනු ඇත. ඉහළ වර්ධනය රටේ සමස්ත ණය වෙනස්වීමට ද ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇත.[/SIZE] [SIZE=3]මෙම තත්ත්වය යටතේ මසක් පමණක් ගතව ඇති අලුතෙන් පිහිටුවන ලද රජය විසින් හඳුන්වා දී ඇති සියලු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවල බලපෑම උචිත ලෙස විශ්ලේෂණය කිරීමකින් තොරව ශ්‍රී ලංකා ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය සහ එහි දැක්ම පිළිබඳව Fitch ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් සෘණාත්මක ලෙස අනුමාන කිරීම අතිශයින් ම කාලෝචිත නොවන ක්‍රියාවක් බව රජය තරයේ ප්‍රකාශ කරයි.[/SIZE] [SIZE=3]විශේෂයෙන්, රටේ සාර්ව ආර්ථික මූලධර්මයන් යහපත් ලෙස පවත්වාගෙන යන බැවින් ආර්ථිකය ඉහල වර්ධන ක්‍රම වේදයක් කරා යොමු කිරීමට පෞද්ගලික අංශයේ පුණර්ජීවනය ඇති කිරීම පිණිස හඳුන්වා දී ඇති බදු ප්‍රතිසංස්කරණය ඉවහල් වේ.[/SIZE] [SIZE=3]ආර්ථිකයේ සිදු වන එවැනි වර්ධනයක් අවසානයේ දී ආදායම් ප්රවාහයන් ඉහළ නැංවීම තුළින් මධ්‍යම හා දිගු කාලීනව රාජ්‍ය මූල්‍ය දැක්ම ශක්තිමත් කරනු ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් දින කිහිපයකට පෙරාතුව අනුමත කරන ලද කොළඹ නගරයේ ඇ.ඩො. මිලියන 250ක මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය නව රජය යටතේ විදේශ සෘජු ආයෝජන රට තුළට ගලා එමින් පවතින බවට සාක්ෂි දරයි. මෙම ආයෝජනය පිළිබඳව ලබන සතියේ දී ගිවිසුම අත්සන් තබනු ඇත. මෙය නව ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ආයෝජකයන් තුළ ඇති විශ්වාසයේ සංඥාවකි.[/SIZE] [SIZE=3][B]රජයේ ආර්ථික ප්‍රතිපත්ති දිශානතිය සහ ආර්ථික දැක්ම පිළිබඳ පුළුල් දැක්මක් සඳහා 2020 ජනවාරි 03 වැනි දින ජනාධිපති තුමන් විසින් ප්‍රතිපත්ති ප්රකාශනය නිකුත් කරන තෙක්[/B] Fitch ආයතනය හා අනෙකුත් ශ්‍රේණි ගත කිරීමේ ආයතන ඉක්මන් නොවී මෙවැනි ක්‍රියාමාර්ග ගැනීමෙන් වැළකී සිටිය යුතුව තිබුණු බව රජය විශ්වාස කරයි. එබැවින්, Fitch ආයතනය විසින් මෑතදී නිකුත් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ ශ්‍රේණිගත කිරීමේ නිවේදනය මනා කරුණු මත පදනම් නොවී කඩිමුඩියේ නිකුත් කළ මතයක් යන්න රජයේ විශ්වාස කරයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom