Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Fonseka Addressed People ~@~ her first letter
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජෙනරාල්වරයා ආරක්ෂක සෙබලූන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් අමතයි

ජෙනරාල් සරත් ෆොන්සේකා විශ්‍රාම ගැනීමෙන් පසුව, ආරක්ෂක හමුදා සාමාජිකයින්, ඔවුන්ගේ දෙමාපියන්, භාර්යාවන්, ¥දරුවන්, සොයුරු සොයුරියන් හා ඥාතීන් අමතමින් විශේෂ පණිවිඩයක් නිකුත්කර තිබේ. අද (19) දහවල් නිකුත් කර ඇති එම පණිවිඩය මගින්, ‘‘ඉදිරි කාලයේ මොනතරම් දුෂ්කරතා පැමිනියත් මාතෘ භූමියට අහිමිවෙමින් පවතින ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම්, මාධ්‍ය නිදහස, සමාජ සාධාරණත්වය, වාර්ගික සහජීවනය රැුකදීම සඳහා කැපවන බවටත් ඔබ සැමගේ අනාගත අභිවෘද්ධිය උදෙසා සෙවනැල්ල මෙන් සිටින බවටත් දිවිහිමියෙන් සපථ කරමි’’ යනුවෙන් අවධාරණය කර තිබේ.

තවද, ‘‘මෙම ජයග්‍රහණයේ නියම හිමිකරුවන් වන්නේ රණවිරුවන් බව අවිවාදයෙන් පිළිගත යුත්තකි. එවන් වූ චිත්ත ධෛර්යකින් නිර්භීතකමකින් හා එඩිතරකමකින් යුත් වීරෝධාර හමුදාවක් සඳහා නිසි පුහුණුව ලබාදෙමින් නව යුද උපක්‍රම භාවිතා කරමින්, නවීන යුද්ධායුද සහ උපකරණවලින් සන්නද්ධ කරමින් නිවැරදි නායකත්වයක් ලබාදීම යුද හමුදාපති ලෙස මාගේ වගකීම හා යුතුකම ලෙස සලකමින් එය මා නිසි අයුරු ඉටුකිරීමේ ප්‍රතිඵලයක් ලෙස මාතෘ භූමිය මේ කුරිරු ත්‍රස්තවාදයෙන් මුදාගැනීමට හැකිවූ බව නිහතමානිව ප්‍රකාශ කරමි.’’ යනුවෙන් එම නිවේදනයේ සඳහන් වේ.

ජෙනරාල් සරත් ෆොන්සේකා විසින් නිකුත් කරනු ලැබූ සම්පූර්ණ නිවේදනය මෙසේය.

ජෙනරාල් සරත් ෆොන්සේකා, ආර්.ඩබ්ලිව්.පී. ආර්.එස්.පී. වී.එස්.වී. යූ.එස්.පී. ආර්.සී.ඞී.එස්. පී.එස්.සී විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සාමජවාදී ජනරජයේ රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව නිකුත්කරන පනිවිඩය.

ආදරණීය රණවිරුවනි,

රණවිරුවන්ගේ දෙමාපියනි/භාර්යාවනි/¥දරුවනි/සොයුරු සොයුරියනි/ඥාතිවරුනි,

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ආරක්ෂක මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාවල, ශ්‍රී ලංකා ගුවන් හමුදාවල, ශ්‍රී ලංකා පොලීසිය හා සිවිල් ආරක්ෂක බලකායේ සියලූම රණවිරුවන් හා ඔවුන්ගේ සියලූම ඥාතීන් පෞද්ගලිකව ඇමතීමට නොහැකි වූවත්, කුමන ආකාරයකින් හෝ ඒ හැමදෙනා ආමන්ත්රනය කිරීම හා ඔවුන්ට ස්තූති පූර්වකව ආශිර්වාදය කිරීම මාගේ යුතුකමක් ලෙස සලකමි.

පුරා වසර 40කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරියෙකු ලෙස සියලූම නිලතල හා තනතුරු හොඹවමින් ශ්‍රී ලංකා මාතාවගේ නිදහසත්, භෞමික අඛන්ඩතාවයත්, ස්වෛරීභාවයත් ආරක්ෂා කරගැනීමට මා උපරිම වශයෙන් දායකවී ඇත. ඒ සඳහා ඒ හැමවිටෙකම මාගේ නායකත්වයෙන්, මග පෙන්වීමෙන් හා උපක්රමශීලීත්වයෙන් යුතුව දියත්කල සියලූ ක්‍රියාන්විතයන්ගෙන් ජය ලැබීම සඳහා සහයවූයේ හා ඒ ජයග්රහණයන් සඳහා දායකවූයේ දයාබර රණවිරුවන් වූ ඔබ සැම දෙනා බව කෘතඥතා පූර්වකව සිහිපත්කරමි.

මාතෘ භූමියට එරෙහිව පසුගිය 30වසර පුරා අති බිහිසුණු ලෙස ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට, ඒ වසර 30 පුරාම සේවයේ යෙදී සිටි රණවිරුවන් දායක වී ඇත. ඔවුහු සෑමදෙනාම අද අප ලබාගෙන ඇති ජයග්‍රහණයේ හිමිකරුවෝ වන්නාහූය. ඔබ එදා සිට මේ දක්වා තම මාතෘ භූමිය වෙනුවෙන් හෙලූ දහඩිය, ලේ, කදුලූ සියල්ල මාවිල්ආරු සොරොව්ව මුදා ගැනීමේ මෙහෙයුමෙන් ආරම්භ වූ 4වැනි ඊලාම් යුද්ධය ජයගෙන, ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටි සංවිධානය හෙවත් එල්.ටී.ටී.ඊ සංවිධානය මුලිනුපුටා දැමීමට දායකවූ රණවිරුවන්ගේ චිත්ත ධෛර්ය, නිර්භීතකම, උපක්‍රමශීලීභාවය හා එඩිතර බව නංවාලීමට සමත්වූ බව නොරහසකි.

ඒ නිසා මෙම ජයග්‍රහණයේ නියම හිමිකරුවන් වන්නේ රණවිරුවන් බව අවිවාදයෙන් පිළිගත යුත්තකි. එවන් වූ චිත්ත ධෛර්යකින් නිර්භීතකමකින් හා එඩිතරකමකින් යුත් වීරෝධාර හමුදාවක් සඳහා නිසි පුහුණුව ලබාදෙමින් නව යුද උපක්‍රම භාවිතා කරමින්, නවීන යුද්ධායුද සහ උපකරණවලින් සන්නද්ධ කරමින් නිවැරදි නායකත්වයක් ලබාදීම යුද හමුදාපති ලෙස මාගේ වගකීම හා යුතුකම ලෙස සලකමින් එය මා නිසි අයුරු ඉටුකිරීමේ ප්‍රතිඵලයක් ලෙස මාතෘ භූමිය මේ කුරිරු ත්‍රස්තවාදයෙන් මුදාගැනීමට හැකිවූ බව නිහතමානිව ප්‍රකාශ කරමි.

එපමණක්ද නොව, මෙම සියලූ රණවිරුවෝ ඔවුන්ගේ දෙමාපියන්ගේ, භාර්යාවන්ගේ, ¥දරුවන්ගේ, සොයුරු සොයුරියන්ගේ හා නෑ හිතමිතුරන්ගේ ආශිර්වාදය ලබමින් මේ උතුම් ක්‍රියාවට සහභාගී වූවෝය. ඒ හේතුව නිසාම ඒ සෑම සියලූ දෙනාද මේ ජයග්‍රහණයේ කොටස්කරුවෝ වෙති. තමන්ගේ සියලූ සැපසම්පත් අතහැර තමන්ගේ ආදරණීය රණවිරුවා යුද බිමට යවා මාතෘ භූමිය බේරාගැනීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්ය ලබාදීම නිසාම ඒ රණවිරුවන් ඉතා එඩිතරව ක්‍රියාකල බව ඒ සියලූ ඥාතීන්ට ගෞරවය පුදකරමින් සිහිපත්කරමි. 4වන ඊලාම් යුද්ධයේදී හමුදාවට එක්වූ ලක්ෂයක් පමණ වූ රණවිරුවන් නොවන්නට මෙම සටන ජයග්‍රහණය දක්වා ගෙනයෑමට මට නොහැකිවනු ඇත.

මේ සෑම රණවිරුවෙකුටම ද ඔවුන්ට ආශිර්වාද කළ හා මේ සඳහා පහසුකම් සැපයූ සියලූම අයවලූන්ටද එකාමෙන් රටගැන සිතා මාතෘ භූමිය බේරාගැනීම පිලිබදව වූ ඒකායන ප්‍රාර්ථනය ඇතිව කටයුතු කිරීම නිසා සමස්ථ ලෝකයම මවිතයට පත්කරමින් ලෝකයේ අතිවිශිෂ්ඨ හා අති දක්ෂ උපක්‍රමශීලී හමුදාව ඇති රට ශ්‍රී ලංකාද්වීපය බවට තහවුරුකර ඇත. එයද අප සැමදෙනාම ලබාඇති ඉතා විශාල ගෞරවයකි. ඒ ගෞරවයද රණවිරුවන් වූ ඔබටත්, ඔබ දිරිමත්කළ සැමටත් හිමිවිය යුතුය.

මාතෘ භූමිය බේරාගැනීමේ කටයුත්තට දායකවූ සෑම රණවිරුවෙකුම ඒ සඳහා කැපවූයේ, අවු වැසි නොබලා, නිදි නොලැබ, කුසට හරි ආහාර නොලැබ, තම ජීවිතයට වඩා මාතෘ භූමිය උතුම්කොට සලකමිනි. එසේම ඒ සඳහා සෑම අතින්ම ඔවුන්ට අශිර්වාදය කළ සියලූම අයවලූන් තමන්ට විදින්නට සිදුවූ සියලූ අපහසුතාවයන් දෙවැනි කොට සලකමින්, තම මාතෘ භූමියේ ආරක්ෂාව සහ සාමය ප්‍රාර්ථනා කළහ.

ඒ හැමදෙනාගේම අරමුණු සඵල කරමින් මේ වන විට ත්‍රස්තවාදය පරාජය කොට ඇත. තමා උපන් දේශයත් ජාතියත් ආරක්ෂා කරගැනීමට එකාමෙන් කටයුතු කිරීමේ යුතුකම සෑම අයකුගේම වගකීම බව මනාලෙස අවබෝධ කරගනිමින් ක්‍රියාකළ නිසා අපහැමට ඔබගේ මාතෘ භූමියේ සාමය උදාකර ගැනීමට හැකිවූ බව මා නැවත නැවතත් ප්‍රකාශ කරමි.

මේ උත්තරීතර කාර්යේදී මාතෘ භූමිය වෙනුවෙන් දිවිපි¥ හා අතුරුදහන් වූ රණවිරුවෝ බොහෝය. එසේම ආබාධිත තත්ත්වයට පත්වූ අය බොහෝය. ඔවුන් දිවි පරිත්‍යාග කරමින්, ශරීර අංගෝපාංග පරිත්‍යාග කරමින් බේරාගත් මව්බිම ආරක්ෂා කරගැනීම අප සියලූදෙනාගේ යුතුකම හා වගකීම වන්නේය. මිය ගිය හා අතුරුදහන්වූ සෑම රණවිරුවෙකුගේම සුසුම්පොද හා ආබාධිත රණවිරුවන් හෙලූ රුධිරය මගින් අප සෑම දෙනාම රණකාමීන් ලෙස පෝෂණය වෙමින් මේ ජයග්‍රහණය ලබා ඇත. ඒ පිළිබදව දිවිපි¥ හා අතුරුදහන්වූ රණිවිරුවන්ට මා ශීර්ෂ ප්‍රණාමය කරමි. ඔවුන්ව සිහිපත් කරන්නේ ඉමහත් සිත් වේදනාවකිනි. ඔවුන්ගේ ආදරණීයයන් සියලූදෙනාටම මාගේ හෘදයාංගම කෘතඥතාවය පුදකරමි. ආබාධිත රණවිරුවන්ද ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි. සමස්ථ ජතියේම ප්‍රණාමය ඒ හැම දෙනාමට පිරිනැමෙන බව සිහිපත් කරමි.

අප ලද ජයග්රහණයේදී යුද හමුදාවට නාවික හමුදාවෙන් හා ගුවන් හමුදාවෙන්ද පොලීසියෙන් හා සිවිල් ආරක්ෂක බලකායෙන්ද ලද සහයෝගය අතිශයින් අගයකල යුතුය. මේ හැරුණු විට සියලූම ගෞරවනීය පූජ්‍ය පක්ෂයන්ද සියලූම රටවැසියන්ද අප පිටුපස සිට අපව දිරිමත් කරනලදි. ඒ සැමටත් අපගේ ගෞරවය හිමිවිය යුතුය.

අප යුද්ධය දිනුවාක් මෙන්ම, යුද ජයග්රහණයෙන් මුදවාගත් ප්‍රදේශවල විසූ අහිංසක දෙමළ ජනතාවද මුදවා ගත්තේය. තවද ත්රස්තවාදීන්ගේ ග්‍රහණයට හසුවී සිටි දස දහසක පමණ තරුණ තරුණියන්ද බේරාගත්තේය. ඒ සියලූ දෙනාගේම මතු ආරක්ෂාව තහවුරු කිරීමට, අවශ්‍ය පුනරුත්ථාපන කටයුතු ඉටුකිරීමත්, යුද හමුදාව විසින් දැඩි කැපවීමකින් යුතුව ඉටුකල යුතුය. එසේම අනෙකුත් සියලූම හමුදාවෝද මෙයට දායකවිය යුතුය. මෙලෙස කැපවීමෙන් කටයුතු කිරීමෙන් පමණක් සියලූම ලක්වැසියන්ට සාමයෙන්, සමගියෙන් හා සහෝදර බැදීමකින් යුතුව ජීවත්වීමට හැකිවනු ඇත.

ඔබ සියලූ දෙනාම නියම වෘත්තීය සෙබලූන් ලෙස ඉහත යුද්ධයට මුහුණ දුනි. ඒ නිසාම ඒ යුද්ධය ඉතා විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරන ලදි. එම ගාම්භීරභාවය ඉදිරියේද හමුදාව තුල රඳවා ගතයුතු වේ. කිසිම අයෙකුට හමුදාවේ ගෞරවය කෙලෙසීමට ඉඩ නොදිය යුතු අතර හමුදාව දේශපාලනීකරණය කිරීමට කිසිවෙකුට ඉඩ නොදිය යුතුය. යුද්ධයෙන් ජයගෙන මාතෘ භූමිය බේරාගත් අපට නොයෙක් අය නිග්රහකිරීමට උත්සාය දැරුවත් යුද ජයග්‍රහණයේ නියම උරුමකරුවන් අප බව මතක තබාගතයුතුය.

වසර 30කට ආසන්න කාලයක් මාතෘ භූමියේ ඒකීයබාවයට එරෙහිව පැවැති ත්‍රස්තවාදී යුද්ධය වසර 2කුත් මාස 8ක් වැනි කෙටි කාලයකින් නිමාකිරීමට ඇපකැපවූ සියලූ රණවිරුවන්ට කෘතගුණ සැලකීමටත්, ඔවුන්ගේ හා ඔවුන්ගේ ආදරනීයයන්ගේ සුභසාධනය නංවාලීමටත් මා හදිසියේම යුද හමුදාපති ධූරයෙන් සමුගත් බැවින් මගේ සේවා කාලය තුළ කටයුතු කිරීමට නොහැකිවීම පිළිබදව මා අතිශය කනගාටුවට පත්වෙමි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස සේවය කළ ඉතා කෙටි කාලය තුළදී ඒ සඳහා අවකාශ නොලැබීම පළිබදව මා දැඩිලෙස කනස්සල්ලට පත්වූයෙමි.

නොවැම්බර් 16වන දා මාගේ 40වසරක හමුදා සේවය නිමාකිරීම නිමිතිකරගෙන නිල උත්සවයක් සංවිධානය කර තිබිනි. එම අවස්ථාවට සහභාගී වීමට ත්‍රිවිධ හමුදාපතිවරුන්ට හා පොලිස්පතිවරයාට අවස්ථාව නොලැබිණි. එයද මෙම ලිපිය මෙසේ ලිවීමට එක් සාධකයක් වූ බව සඳහන් කරනු කැමැත්තෙමි. එයට හේතුව වූයේ මාගේ සේවා කාලය තුළදී සියලූම හමුදාවන් හා පොලීසිය ලබාදුන් දායකත්වය වෙනුවෙන් මට කෘතවේදීත්වය පලකිරීමට අවස්ථාව නොලැබීමය.

මාගේ ආරක්ෂාව 25කට අඩුකලේ ජීවිත තර්ජන පිළිබද ඇති තත්්ත්වය සලකා 100ක භට පිරිසක් ලබාදෙන ලෙස කළ ඉල්ලීම නොසලකා හරිමිනි. දිගින් දිගටම කළ ඉල්ලීම් හමුවේ 60ක භට පිරිසකුත්, වාහන 3කුත් ලබාදෙන බව පවසා තිබේ. නිල වශයෙන් විශ්‍රාමගත් වහාම නිල නිවස ලබාදී ඉවත්වයන ලෙස මා හට ඉහළින් නියෝග ලැබී ඇත. සුදුසු කුළී නිවසක් සොයාගැනීමටද බාධා රැුසක් මතුවී ඇතත්, මා මහමගට ඇද දැමීමට ඇතැමුන් වෙරදරති. ඔබ වෙනුවෙන්ද ආරක්ෂක ආමාත්‍යංශයේ නිවහන ඉදිකිරීමද කන්දක් විලිලා මී පැටවෙකු වැදුවාක් මෙන් කාරණයක් බව ඔබද මමද දනිමු. ඔබද හිසට සෙවනක් අහිමි වූවාක් මෙන් ලතවෙන බව දනිමි. මාතෘ භූමිය වෙනුවෙන් බොහෝ දේ කැපකල අපහට අවසානයේ උරුමවී ඇති තත්ත්වය මෙයයි.

එය කුමක් වුවත් මානුෂික මෙහෙයුමේදී අහිංසක දෙමළ ජනතාවගේ ජීවිත හා දේපල ආරක්ෂාකරමින් ලොව විශිෂ්ඨතම, විනයගරුක, වර්ගවාදයෙන් තොර, මනුෂ්‍යත්වයට ගරුකල හමුදාව බවට ලොව හමුවේ ප්‍රදර්ශනයකල ඔබ, උපරිම ශක්ති ප්‍රමාණයෙන් ඒ අහිංසක දෙමළ ජනතාවගේ ජන ජීවිතය යහපත්කිරීමට කැපවන බව මම දනිමි. එම මෙහෙවර ඉටුකිරීම සඳහා ඔබට අවශ්‍ය ශක්තියද ධෛර්යද ඇති බව මගේ පරම විශ්වාසයයි.

ඉදිරිකාලයේ මොනතරම් ¥ෂ්කරතා පැමිණියත්, මාතෘ භූමියට අහිමිවෙමින් පවතින ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම්, මාධ්‍ය නිදහස, සමාජ සාධාරණත්වය, වාර්ගික සහජීවනය රැුකදීම සඳහා කැපවන බවටත් ඔබගේ අනාගත අභිවෘද්ධිය උදෙසා සෙවනැල්ලක්සේ සිටින බවටත් දිවිහිමියෙන් සපථ කරමි.

ඔබ සැමදෙනාම එකාමෙන් ඒකරාශී වෙමින්, තමන් උපන් දේශයත් දිනූ ජාතියත් මුහුණ දී ඇති තිබුණු අති බිහිසුණු විනාශකාරී තත්ත්වයෙන් මුදාගෙන ශ්‍රී ලංකාද්වීපය සියලූ ජනතාවට සාමයෙන් විසියහැකි යහපත් දේශයක් බවට පත්කරගැනීමට දායකවීම පිළිබදව ඔබ හැමදෙනාටම මාගේ ගෞරවනීය ස්තූතිය පුදකරමින් තවදුරටත් ඔබගේ වටිනා සේවය හා කැපවීම මාතෘ භූමිය වෙත පුදකිරීමට අධිෂ්ඨාන කරගන්නා ලෙස ඉල්ලමි.

ඔබ සෑම දෙනාටම සුභ අනාගතයක් වේවා.

මාතෘ භූමියේ සාමය සදාකල් පවතීවා.

Courtesy : www.lankanewsweb.com/Sinhala/

[QUOTE="LNW, post: 5912489, member: 188471"] ජෙනරාල්වරයා ආරක්ෂක සෙබලූන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් අමතයි ජෙනරාල් සරත් ෆොන්සේකා විශ්‍රාම ගැනීමෙන් පසුව, ආරක්ෂක හමුදා සාමාජිකයින්, ඔවුන්ගේ දෙමාපියන්, භාර්යාවන්, ¥දරුවන්, සොයුරු සොයුරියන් හා ඥාතීන් අමතමින් විශේෂ පණිවිඩයක් නිකුත්කර තිබේ. අද (19) දහවල් නිකුත් කර ඇති එම පණිවිඩය මගින්, ‘‘ඉදිරි කාලයේ මොනතරම් දුෂ්කරතා පැමිනියත් මාතෘ භූමියට අහිමිවෙමින් පවතින ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම්, මාධ්‍ය නිදහස, සමාජ සාධාරණත්වය, වාර්ගික සහජීවනය රැුකදීම සඳහා කැපවන බවටත් ඔබ සැමගේ අනාගත අභිවෘද්ධිය උදෙසා සෙවනැල්ල මෙන් සිටින බවටත් දිවිහිමියෙන් සපථ කරමි’’ යනුවෙන් අවධාරණය කර තිබේ. තවද, ‘‘මෙම ජයග්‍රහණයේ නියම හිමිකරුවන් වන්නේ රණවිරුවන් බව අවිවාදයෙන් පිළිගත යුත්තකි. එවන් වූ චිත්ත ධෛර්යකින් නිර්භීතකමකින් හා එඩිතරකමකින් යුත් වීරෝධාර හමුදාවක් සඳහා නිසි පුහුණුව ලබාදෙමින් නව යුද උපක්‍රම භාවිතා කරමින්, නවීන යුද්ධායුද සහ උපකරණවලින් සන්නද්ධ කරමින් නිවැරදි නායකත්වයක් ලබාදීම යුද හමුදාපති ලෙස මාගේ වගකීම හා යුතුකම ලෙස සලකමින් එය මා නිසි අයුරු ඉටුකිරීමේ ප්‍රතිඵලයක් ලෙස මාතෘ භූමිය මේ කුරිරු ත්‍රස්තවාදයෙන් මුදාගැනීමට හැකිවූ බව නිහතමානිව ප්‍රකාශ කරමි.’’ යනුවෙන් එම නිවේදනයේ සඳහන් වේ. ජෙනරාල් සරත් ෆොන්සේකා විසින් නිකුත් කරනු ලැබූ සම්පූර්ණ නිවේදනය මෙසේය. ජෙනරාල් සරත් ෆොන්සේකා, ආර්.ඩබ්ලිව්.පී. ආර්.එස්.පී. වී.එස්.වී. යූ.එස්.පී. ආර්.සී.ඞී.එස්. පී.එස්.සී විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සාමජවාදී ජනරජයේ රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව නිකුත්කරන පනිවිඩය. ආදරණීය රණවිරුවනි, රණවිරුවන්ගේ දෙමාපියනි/භාර්යාවනි/¥දරුවනි/සොයුරු සොයුරියනි/ඥාතිවරුනි, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ආරක්ෂක මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාවල, ශ්‍රී ලංකා ගුවන් හමුදාවල, ශ්‍රී ලංකා පොලීසිය හා සිවිල් ආරක්ෂක බලකායේ සියලූම රණවිරුවන් හා ඔවුන්ගේ සියලූම ඥාතීන් පෞද්ගලිකව ඇමතීමට නොහැකි වූවත්, කුමන ආකාරයකින් හෝ ඒ හැමදෙනා ආමන්ත්රනය කිරීම හා ඔවුන්ට ස්තූති පූර්වකව ආශිර්වාදය කිරීම මාගේ යුතුකමක් ලෙස සලකමි. පුරා වසර 40කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරියෙකු ලෙස සියලූම නිලතල හා තනතුරු හොඹවමින් ශ්‍රී ලංකා මාතාවගේ නිදහසත්, භෞමික අඛන්ඩතාවයත්, ස්වෛරීභාවයත් ආරක්ෂා කරගැනීමට මා උපරිම වශයෙන් දායකවී ඇත. ඒ සඳහා ඒ හැමවිටෙකම මාගේ නායකත්වයෙන්, මග පෙන්වීමෙන් හා උපක්රමශීලීත්වයෙන් යුතුව දියත්කල සියලූ ක්‍රියාන්විතයන්ගෙන් ජය ලැබීම සඳහා සහයවූයේ හා ඒ ජයග්රහණයන් සඳහා දායකවූයේ දයාබර රණවිරුවන් වූ ඔබ සැම දෙනා බව කෘතඥතා පූර්වකව සිහිපත්කරමි. මාතෘ භූමියට එරෙහිව පසුගිය 30වසර පුරා අති බිහිසුණු ලෙස ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට, ඒ වසර 30 පුරාම සේවයේ යෙදී සිටි රණවිරුවන් දායක වී ඇත. ඔවුහු සෑමදෙනාම අද අප ලබාගෙන ඇති ජයග්‍රහණයේ හිමිකරුවෝ වන්නාහූය. ඔබ එදා සිට මේ දක්වා තම මාතෘ භූමිය වෙනුවෙන් හෙලූ දහඩිය, ලේ, කදුලූ සියල්ල මාවිල්ආරු සොරොව්ව මුදා ගැනීමේ මෙහෙයුමෙන් ආරම්භ වූ 4වැනි ඊලාම් යුද්ධය ජයගෙන, ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටි සංවිධානය හෙවත් එල්.ටී.ටී.ඊ සංවිධානය මුලිනුපුටා දැමීමට දායකවූ රණවිරුවන්ගේ චිත්ත ධෛර්ය, නිර්භීතකම, උපක්‍රමශීලීභාවය හා එඩිතර බව නංවාලීමට සමත්වූ බව නොරහසකි. ඒ නිසා මෙම ජයග්‍රහණයේ නියම හිමිකරුවන් වන්නේ රණවිරුවන් බව අවිවාදයෙන් පිළිගත යුත්තකි. එවන් වූ චිත්ත ධෛර්යකින් නිර්භීතකමකින් හා එඩිතරකමකින් යුත් වීරෝධාර හමුදාවක් සඳහා නිසි පුහුණුව ලබාදෙමින් නව යුද උපක්‍රම භාවිතා කරමින්, නවීන යුද්ධායුද සහ උපකරණවලින් සන්නද්ධ කරමින් නිවැරදි නායකත්වයක් ලබාදීම යුද හමුදාපති ලෙස මාගේ වගකීම හා යුතුකම ලෙස සලකමින් එය මා නිසි අයුරු ඉටුකිරීමේ ප්‍රතිඵලයක් ලෙස මාතෘ භූමිය මේ කුරිරු ත්‍රස්තවාදයෙන් මුදාගැනීමට හැකිවූ බව නිහතමානිව ප්‍රකාශ කරමි. එපමණක්ද නොව, මෙම සියලූ රණවිරුවෝ ඔවුන්ගේ දෙමාපියන්ගේ, භාර්යාවන්ගේ, ¥දරුවන්ගේ, සොයුරු සොයුරියන්ගේ හා නෑ හිතමිතුරන්ගේ ආශිර්වාදය ලබමින් මේ උතුම් ක්‍රියාවට සහභාගී වූවෝය. ඒ හේතුව නිසාම ඒ සෑම සියලූ දෙනාද මේ ජයග්‍රහණයේ කොටස්කරුවෝ වෙති. තමන්ගේ සියලූ සැපසම්පත් අතහැර තමන්ගේ ආදරණීය රණවිරුවා යුද බිමට යවා මාතෘ භූමිය බේරාගැනීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්ය ලබාදීම නිසාම ඒ රණවිරුවන් ඉතා එඩිතරව ක්‍රියාකල බව ඒ සියලූ ඥාතීන්ට ගෞරවය පුදකරමින් සිහිපත්කරමි. 4වන ඊලාම් යුද්ධයේදී හමුදාවට එක්වූ ලක්ෂයක් පමණ වූ රණවිරුවන් නොවන්නට මෙම සටන ජයග්‍රහණය දක්වා ගෙනයෑමට මට නොහැකිවනු ඇත. මේ සෑම රණවිරුවෙකුටම ද ඔවුන්ට ආශිර්වාද කළ හා මේ සඳහා පහසුකම් සැපයූ සියලූම අයවලූන්ටද එකාමෙන් රටගැන සිතා මාතෘ භූමිය බේරාගැනීම පිලිබදව වූ ඒකායන ප්‍රාර්ථනය ඇතිව කටයුතු කිරීම නිසා සමස්ථ ලෝකයම මවිතයට පත්කරමින් ලෝකයේ අතිවිශිෂ්ඨ හා අති දක්ෂ උපක්‍රමශීලී හමුදාව ඇති රට ශ්‍රී ලංකාද්වීපය බවට තහවුරුකර ඇත. එයද අප සැමදෙනාම ලබාඇති ඉතා විශාල ගෞරවයකි. ඒ ගෞරවයද රණවිරුවන් වූ ඔබටත්, ඔබ දිරිමත්කළ සැමටත් හිමිවිය යුතුය. මාතෘ භූමිය බේරාගැනීමේ කටයුත්තට දායකවූ සෑම රණවිරුවෙකුම ඒ සඳහා කැපවූයේ, අවු වැසි නොබලා, නිදි නොලැබ, කුසට හරි ආහාර නොලැබ, තම ජීවිතයට වඩා මාතෘ භූමිය උතුම්කොට සලකමිනි. එසේම ඒ සඳහා සෑම අතින්ම ඔවුන්ට අශිර්වාදය කළ සියලූම අයවලූන් තමන්ට විදින්නට සිදුවූ සියලූ අපහසුතාවයන් දෙවැනි කොට සලකමින්, තම මාතෘ භූමියේ ආරක්ෂාව සහ සාමය ප්‍රාර්ථනා කළහ. ඒ හැමදෙනාගේම අරමුණු සඵල කරමින් මේ වන විට ත්‍රස්තවාදය පරාජය කොට ඇත. තමා උපන් දේශයත් ජාතියත් ආරක්ෂා කරගැනීමට එකාමෙන් කටයුතු කිරීමේ යුතුකම සෑම අයකුගේම වගකීම බව මනාලෙස අවබෝධ කරගනිමින් ක්‍රියාකළ නිසා අපහැමට ඔබගේ මාතෘ භූමියේ සාමය උදාකර ගැනීමට හැකිවූ බව මා නැවත නැවතත් ප්‍රකාශ කරමි. මේ උත්තරීතර කාර්යේදී මාතෘ භූමිය වෙනුවෙන් දිවිපි¥ හා අතුරුදහන් වූ රණවිරුවෝ බොහෝය. එසේම ආබාධිත තත්ත්වයට පත්වූ අය බොහෝය. ඔවුන් දිවි පරිත්‍යාග කරමින්, ශරීර අංගෝපාංග පරිත්‍යාග කරමින් බේරාගත් මව්බිම ආරක්ෂා කරගැනීම අප සියලූදෙනාගේ යුතුකම හා වගකීම වන්නේය. මිය ගිය හා අතුරුදහන්වූ සෑම රණවිරුවෙකුගේම සුසුම්පොද හා ආබාධිත රණවිරුවන් හෙලූ රුධිරය මගින් අප සෑම දෙනාම රණකාමීන් ලෙස පෝෂණය වෙමින් මේ ජයග්‍රහණය ලබා ඇත. ඒ පිළිබදව දිවිපි¥ හා අතුරුදහන්වූ රණිවිරුවන්ට මා ශීර්ෂ ප්‍රණාමය කරමි. ඔවුන්ව සිහිපත් කරන්නේ ඉමහත් සිත් වේදනාවකිනි. ඔවුන්ගේ ආදරණීයයන් සියලූදෙනාටම මාගේ හෘදයාංගම කෘතඥතාවය පුදකරමි. ආබාධිත රණවිරුවන්ද ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි. සමස්ථ ජතියේම ප්‍රණාමය ඒ හැම දෙනාමට පිරිනැමෙන බව සිහිපත් කරමි. අප ලද ජයග්රහණයේදී යුද හමුදාවට නාවික හමුදාවෙන් හා ගුවන් හමුදාවෙන්ද පොලීසියෙන් හා සිවිල් ආරක්ෂක බලකායෙන්ද ලද සහයෝගය අතිශයින් අගයකල යුතුය. මේ හැරුණු විට සියලූම ගෞරවනීය පූජ්‍ය පක්ෂයන්ද සියලූම රටවැසියන්ද අප පිටුපස සිට අපව දිරිමත් කරනලදි. ඒ සැමටත් අපගේ ගෞරවය හිමිවිය යුතුය. අප යුද්ධය දිනුවාක් මෙන්ම, යුද ජයග්රහණයෙන් මුදවාගත් ප්‍රදේශවල විසූ අහිංසක දෙමළ ජනතාවද මුදවා ගත්තේය. තවද ත්රස්තවාදීන්ගේ ග්‍රහණයට හසුවී සිටි දස දහසක පමණ තරුණ තරුණියන්ද බේරාගත්තේය. ඒ සියලූ දෙනාගේම මතු ආරක්ෂාව තහවුරු කිරීමට, අවශ්‍ය පුනරුත්ථාපන කටයුතු ඉටුකිරීමත්, යුද හමුදාව විසින් දැඩි කැපවීමකින් යුතුව ඉටුකල යුතුය. එසේම අනෙකුත් සියලූම හමුදාවෝද මෙයට දායකවිය යුතුය. මෙලෙස කැපවීමෙන් කටයුතු කිරීමෙන් පමණක් සියලූම ලක්වැසියන්ට සාමයෙන්, සමගියෙන් හා සහෝදර බැදීමකින් යුතුව ජීවත්වීමට හැකිවනු ඇත. ඔබ සියලූ දෙනාම නියම වෘත්තීය සෙබලූන් ලෙස ඉහත යුද්ධයට මුහුණ දුනි. ඒ නිසාම ඒ යුද්ධය ඉතා විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරන ලදි. එම ගාම්භීරභාවය ඉදිරියේද හමුදාව තුල රඳවා ගතයුතු වේ. කිසිම අයෙකුට හමුදාවේ ගෞරවය කෙලෙසීමට ඉඩ නොදිය යුතු අතර හමුදාව දේශපාලනීකරණය කිරීමට කිසිවෙකුට ඉඩ නොදිය යුතුය. යුද්ධයෙන් ජයගෙන මාතෘ භූමිය බේරාගත් අපට නොයෙක් අය නිග්රහකිරීමට උත්සාය දැරුවත් යුද ජයග්‍රහණයේ නියම උරුමකරුවන් අප බව මතක තබාගතයුතුය. වසර 30කට ආසන්න කාලයක් මාතෘ භූමියේ ඒකීයබාවයට එරෙහිව පැවැති ත්‍රස්තවාදී යුද්ධය වසර 2කුත් මාස 8ක් වැනි කෙටි කාලයකින් නිමාකිරීමට ඇපකැපවූ සියලූ රණවිරුවන්ට කෘතගුණ සැලකීමටත්, ඔවුන්ගේ හා ඔවුන්ගේ ආදරනීයයන්ගේ සුභසාධනය නංවාලීමටත් මා හදිසියේම යුද හමුදාපති ධූරයෙන් සමුගත් බැවින් මගේ සේවා කාලය තුළ කටයුතු කිරීමට නොහැකිවීම පිළිබදව මා අතිශය කනගාටුවට පත්වෙමි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස සේවය කළ ඉතා කෙටි කාලය තුළදී ඒ සඳහා අවකාශ නොලැබීම පළිබදව මා දැඩිලෙස කනස්සල්ලට පත්වූයෙමි. නොවැම්බර් 16වන දා මාගේ 40වසරක හමුදා සේවය නිමාකිරීම නිමිතිකරගෙන නිල උත්සවයක් සංවිධානය කර තිබිනි. එම අවස්ථාවට සහභාගී වීමට ත්‍රිවිධ හමුදාපතිවරුන්ට හා පොලිස්පතිවරයාට අවස්ථාව නොලැබිණි. එයද මෙම ලිපිය මෙසේ ලිවීමට එක් සාධකයක් වූ බව සඳහන් කරනු කැමැත්තෙමි. එයට හේතුව වූයේ මාගේ සේවා කාලය තුළදී සියලූම හමුදාවන් හා පොලීසිය ලබාදුන් දායකත්වය වෙනුවෙන් මට කෘතවේදීත්වය පලකිරීමට අවස්ථාව නොලැබීමය. මාගේ ආරක්ෂාව 25කට අඩුකලේ ජීවිත තර්ජන පිළිබද ඇති තත්්ත්වය සලකා 100ක භට පිරිසක් ලබාදෙන ලෙස කළ ඉල්ලීම නොසලකා හරිමිනි. දිගින් දිගටම කළ ඉල්ලීම් හමුවේ 60ක භට පිරිසකුත්, වාහන 3කුත් ලබාදෙන බව පවසා තිබේ. නිල වශයෙන් විශ්‍රාමගත් වහාම නිල නිවස ලබාදී ඉවත්වයන ලෙස මා හට ඉහළින් නියෝග ලැබී ඇත. සුදුසු කුළී නිවසක් සොයාගැනීමටද බාධා රැුසක් මතුවී ඇතත්, මා මහමගට ඇද දැමීමට ඇතැමුන් වෙරදරති. ඔබ වෙනුවෙන්ද ආරක්ෂක ආමාත්‍යංශයේ නිවහන ඉදිකිරීමද කන්දක් විලිලා මී පැටවෙකු වැදුවාක් මෙන් කාරණයක් බව ඔබද මමද දනිමු. ඔබද හිසට සෙවනක් අහිමි වූවාක් මෙන් ලතවෙන බව දනිමි. මාතෘ භූමිය වෙනුවෙන් බොහෝ දේ කැපකල අපහට අවසානයේ උරුමවී ඇති තත්ත්වය මෙයයි. එය කුමක් වුවත් මානුෂික මෙහෙයුමේදී අහිංසක දෙමළ ජනතාවගේ ජීවිත හා දේපල ආරක්ෂාකරමින් ලොව විශිෂ්ඨතම, විනයගරුක, වර්ගවාදයෙන් තොර, මනුෂ්‍යත්වයට ගරුකල හමුදාව බවට ලොව හමුවේ ප්‍රදර්ශනයකල ඔබ, උපරිම ශක්ති ප්‍රමාණයෙන් ඒ අහිංසක දෙමළ ජනතාවගේ ජන ජීවිතය යහපත්කිරීමට කැපවන බව මම දනිමි. එම මෙහෙවර ඉටුකිරීම සඳහා ඔබට අවශ්‍ය ශක්තියද ධෛර්යද ඇති බව මගේ පරම විශ්වාසයයි. ඉදිරිකාලයේ මොනතරම් ¥ෂ්කරතා පැමිණියත්, මාතෘ භූමියට අහිමිවෙමින් පවතින ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම්, මාධ්‍ය නිදහස, සමාජ සාධාරණත්වය, වාර්ගික සහජීවනය රැුකදීම සඳහා කැපවන බවටත් ඔබගේ අනාගත අභිවෘද්ධිය උදෙසා සෙවනැල්ලක්සේ සිටින බවටත් දිවිහිමියෙන් සපථ කරමි. ඔබ සැමදෙනාම එකාමෙන් ඒකරාශී වෙමින්, තමන් උපන් දේශයත් දිනූ ජාතියත් මුහුණ දී ඇති තිබුණු අති බිහිසුණු විනාශකාරී තත්ත්වයෙන් මුදාගෙන ශ්‍රී ලංකාද්වීපය සියලූ ජනතාවට සාමයෙන් විසියහැකි යහපත් දේශයක් බවට පත්කරගැනීමට දායකවීම පිළිබදව ඔබ හැමදෙනාටම මාගේ ගෞරවනීය ස්තූතිය පුදකරමින් තවදුරටත් ඔබගේ වටිනා සේවය හා කැපවීම මාතෘ භූමිය වෙත පුදකිරීමට අධිෂ්ඨාන කරගන්නා ලෙස ඉල්ලමි. ඔබ සෑම දෙනාටම සුභ අනාගතයක් වේවා. මාතෘ භූමියේ සාමය සදාකල් පවතීවා. Courtesy : [URL="http://www.elakiri.com/forum/www.lankanewsweb.com/Sinhala/"]www.lankanewsweb.com/Sinhala/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom