Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Fountain Pens 🖋 pawichchi karana aya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තීන්ත පෑන් නොස්ටැල්ජියාව :

පාසල් ළමුන් වශයෙන් අපට මුලින්ම තීන්ත පෑනකින් ලියන්නට අවසර ලැබුනේ හතර වසරේදීය. ඊට පෙර පැන්සලෙන් අකුරු ලියු අපට තීන්ත පෑනකින් ලිවීම බැරෑරැම් කාරණාවක් විය. කාබන් පෑනට පෙර තීන්ත පෑන භාවිතයට හුරු කරන්නේ අත්අකුරු හැඩකාර කිරීමට කියා මතයක් ද තිබිණි. මතකයේ හැටියට තීන්ත පෑන් වර්ග තුනක් තිබුණි.

ඒවායින් අංක එකට වැජඹුණේ රන් පැහැති ක්ලිප් එක සහිත තද කොළ හෝ කළු පැහැති හීරෝ පෑනය. සුදු පැහැති අලංකාර පෙට්ටියක එන එම පෑනේ තුඩට උඩින් රන් පැහැති ඊතලයක් ද පෑන කෙලවරට රන් පැහැති මුදුවක් ද සවිකර තිබුණි. අනෙක් පෑන එතරම් අලංකාර නැති හීරෝ වර්ගයේම පෑනයි, එහි රන් පැහැති ඊතලය හා මුදුව තිබුණේ නැත. ක්ලිප් එක රන් හෝ රිදී පැහැයෙන් යුක්තය. එතරම් ප්‍රචලිත නොවූ අනෙක් පෑන තුඩ දිග පැරණි මෝස්තරයේ පෑනය. එහි යම්කිසි අලංකාරයක් තිබුණද ලිවීමට තරමක් අපහසුය. එමනිසා ළමුන් වැඩිපුර කැමැත්තක් දැක්වුයේ රන් හීරෝ පෑනටය.

පෑන් පැන්සල් දැමීමට වෙනම පැන්සල් පෙට්ටියක් තිබුණත් අලුතින්ගත් තීන්ත පෑන ටික දිනක් යනතුරු පාසල් පැමිණෙන්නේ සුදු පැහැති පෙට්ටියේ තනිවමය. එවැනි සැලකිල්ලක් තීන්ත පෑනට හිමිවන්නේ එකල අප සතුව තිබුණ අනෙක් බඩු භාණ්ඩ වලට සාපේක්ෂව තීන්ත පෑන යනු වටිනා කියන විශේෂිත උපකරණයක් යන හැඟීම තිබුණ නිසා වියහැකිය. තීන්ත පෑන පැන්සල් පෙට්ටියේ නවාතැන් පහසුකම් සොයන්නේ සුදු පෙට්ටිය දුර්වර්ණ වී, අබලන් වූ පසුවය.

පෑනට පසුව අපට තිබුණ ඊළඟ වැදගත් උපකරණය තීන්ත බෝතලයය. එයට තීන්ත කූඩුව කියා කියන්නේ වැඩිහිටියන්ටය. තීන්ත බෝතල් කළු හෝ නිල් පැහැයෙන් පැමිණෙයි. රතු තීන්තත් ඇතැම්විට තිබෙන්නට ඇත. ලිවීම් කටයුතු වලට වැඩි වශයෙන් යොදාගත්තේ නීල් තීන්තය. පෑන සහ තීන්ත වලට අමතරව ඉහිරෙන තීන්ත උරා ගැනීමේ අරුම පුදුම හැකියාවක් තිබූ රළු කොල කැබලි වර්ගයක් ද තිබුණි. තීන්ත පෑනෙන් ලියා වැරදෙන අකුරු මැකීමට වඩාත් සුදුසු මකනයේ නිල් කෙළවර කියා දරුණු ආකාරයට මුල්බැසගත් අදහසක් ද එකල විය.

කාබන් පෑන් මෙන් නොව තීන්ත පෑනෙන් අකුරු ලස්සනට ලියවීමට ටික දිනක් ගතවෙයි. ඒ තුඩ හොඳින් මැදී ඔපමට්ටම් වීමට අවශ්‍ය නිසාය. එමනිසා තීන්ත පෑනෙන් ලියන මුල් දිනයේ කඩදාසියට හානිවීමට ද ඉඩ ඇත. පසුව පෑන හොඳින් මැදී ඔපමට්ටම් වුවත් පෑනෙන් නියමාකාරයෙන් ලිවිය හැක්කේ පෑනේ අයිතිකාරයාටම පමණි, වෙන අයෙකුගේ තීන්ත පෑනක් පාවිච්චි කරනවිට නුහුරු ගතියක් දැනීම සාමාන්‍ය දෙයකි.

උදේ පාසල් යාමට පෙර යෙදි ඇති ප්‍රධානතම කටයුත්තක් නම් පෑනට තීන්ත පිරවීමය. පෑනට තීන්ත සම්පූර්ණයෙන්ම පිරීමට ඇතුළත බටය හතර පස් පාරක් මිරිකීම ප්‍රමාණවත් වුවත් වැඩි හොඳට දහපාරක් පමණ මිරිකා අවශ්‍ය ප්රමාණයටවත් තීන්ත පිරෙන්නේ නැති අවස්ථා ද ඇත.

සාක්කුවේ පෑන දමාගන්නා විට තුඩ පහළට සිටිනසේ දමාගැනීම නිසා කමිසයේ හෝ කලිසම් සාක්කුව කෙළවර තීන්ත පැල්ලම් රැදි ළමුන් දැකීම සුලබ දසුනකි. හදිසියේ පාසල් වේලාව තුල තීන්ත අවසන් වුවහොත් යහළුවෙකුගෙන් ඉල්ලා ගන්නා තීන්ත බිංදු කිහිපයක් පෑනට අැතුළු කරගැනීමේ හැකියාවක් ද තිබුණි. පැන්සල් පෙට්ටිය හෝ පොතක ඉටි කවරයක් මතට දමන තීන්ත බිංදු කිහිපය තීන්ත පිපාසයෙන් පෙලෙන පෑන ඉතා ඉක්මනින් උරා ගනී.

තීන්ත අඩුවන බව දැනෙන විට පෑනේ තුඩේ අනිත් පැත්තෙන් ලිවීම හෝ වතුර බිංදුවක් එකතු කර ලිවීම වැනි උපක්‍රම ද භාවිතා කරයි. නිල් පැහැ තීන්ත වලට කළු තීන්ත එකතු කිරීමෙන් නව වර්ණයක් සෑදෙන අවස්ථා ද ඉදහිට තිබුණි. සතිඅන්තයේ යෙදෙන ඉතා වැදගත් වැඩකටයුත්තක් නම් තීන්ත පෑන ගලවා පිරිසිදු කිරීමය. එය අපට රොකට් එන්ජීමක් ගලවනවා වැනි හැඟීමක් දැනෙන ක්‍රියාවකි.

[QUOTE="SHEHAN_GIWANTHA, post: 24673014, member: 496236"] තීන්ත පෑන් නොස්ටැල්ජියාව : පාසල් ළමුන් වශයෙන් අපට මුලින්ම තීන්ත පෑනකින් ලියන්නට අවසර ලැබුනේ හතර වසරේදීය. ඊට පෙර පැන්සලෙන් අකුරු ලියු අපට තීන්ත පෑනකින් ලිවීම බැරෑරැම් කාරණාවක් විය. කාබන් පෑනට පෙර තීන්ත පෑන භාවිතයට හුරු කරන්නේ අත්අකුරු හැඩකාර කිරීමට කියා මතයක් ද තිබිණි. මතකයේ හැටියට තීන්ත පෑන් වර්ග තුනක් තිබුණි. ඒවායින් අංක එකට වැජඹුණේ රන් පැහැති ක්ලිප් එක සහිත තද කොළ හෝ කළු පැහැති හීරෝ පෑනය. සුදු පැහැති අලංකාර පෙට්ටියක එන එම පෑනේ තුඩට උඩින් රන් පැහැති ඊතලයක් ද පෑන කෙලවරට රන් පැහැති මුදුවක් ද සවිකර තිබුණි. අනෙක් පෑන එතරම් අලංකාර නැති හීරෝ වර්ගයේම පෑනයි, එහි රන් පැහැති ඊතලය හා මුදුව තිබුණේ නැත. ක්ලිප් එක රන් හෝ රිදී පැහැයෙන් යුක්තය. එතරම් ප්‍රචලිත නොවූ අනෙක් පෑන තුඩ දිග පැරණි මෝස්තරයේ පෑනය. එහි යම්කිසි අලංකාරයක් තිබුණද ලිවීමට තරමක් අපහසුය. එමනිසා ළමුන් වැඩිපුර කැමැත්තක් දැක්වුයේ රන් හීරෝ පෑනටය. පෑන් පැන්සල් දැමීමට වෙනම පැන්සල් පෙට්ටියක් තිබුණත් අලුතින්ගත් තීන්ත පෑන ටික දිනක් යනතුරු පාසල් පැමිණෙන්නේ සුදු පැහැති පෙට්ටියේ තනිවමය. එවැනි සැලකිල්ලක් තීන්ත පෑනට හිමිවන්නේ එකල අප සතුව තිබුණ අනෙක් බඩු භාණ්ඩ වලට සාපේක්ෂව තීන්ත පෑන යනු වටිනා කියන විශේෂිත උපකරණයක් යන හැඟීම තිබුණ නිසා වියහැකිය. තීන්ත පෑන පැන්සල් පෙට්ටියේ නවාතැන් පහසුකම් සොයන්නේ සුදු පෙට්ටිය දුර්වර්ණ වී, අබලන් වූ පසුවය. පෑනට පසුව අපට තිබුණ ඊළඟ වැදගත් උපකරණය තීන්ත බෝතලයය. එයට තීන්ත කූඩුව කියා කියන්නේ වැඩිහිටියන්ටය. තීන්ත බෝතල් කළු හෝ නිල් පැහැයෙන් පැමිණෙයි. රතු තීන්තත් ඇතැම්විට තිබෙන්නට ඇත. ලිවීම් කටයුතු වලට වැඩි වශයෙන් යොදාගත්තේ නීල් තීන්තය. පෑන සහ තීන්ත වලට අමතරව ඉහිරෙන තීන්ත උරා ගැනීමේ අරුම පුදුම හැකියාවක් තිබූ රළු කොල කැබලි වර්ගයක් ද තිබුණි. තීන්ත පෑනෙන් ලියා වැරදෙන අකුරු මැකීමට වඩාත් සුදුසු මකනයේ නිල් කෙළවර කියා දරුණු ආකාරයට මුල්බැසගත් අදහසක් ද එකල විය. කාබන් පෑන් මෙන් නොව තීන්ත පෑනෙන් අකුරු ලස්සනට ලියවීමට ටික දිනක් ගතවෙයි. ඒ තුඩ හොඳින් මැදී ඔපමට්ටම් වීමට අවශ්‍ය නිසාය. එමනිසා තීන්ත පෑනෙන් ලියන මුල් දිනයේ කඩදාසියට හානිවීමට ද ඉඩ ඇත. පසුව පෑන හොඳින් මැදී ඔපමට්ටම් වුවත් පෑනෙන් නියමාකාරයෙන් ලිවිය හැක්කේ පෑනේ අයිතිකාරයාටම පමණි, වෙන අයෙකුගේ තීන්ත පෑනක් පාවිච්චි කරනවිට නුහුරු ගතියක් දැනීම සාමාන්‍ය දෙයකි. උදේ පාසල් යාමට පෙර යෙදි ඇති ප්‍රධානතම කටයුත්තක් නම් පෑනට තීන්ත පිරවීමය. පෑනට තීන්ත සම්පූර්ණයෙන්ම පිරීමට ඇතුළත බටය හතර පස් පාරක් මිරිකීම ප්‍රමාණවත් වුවත් වැඩි හොඳට දහපාරක් පමණ මිරිකා අවශ්‍ය ප්රමාණයටවත් තීන්ත පිරෙන්නේ නැති අවස්ථා ද ඇත. සාක්කුවේ පෑන දමාගන්නා විට තුඩ පහළට සිටිනසේ දමාගැනීම නිසා කමිසයේ හෝ කලිසම් සාක්කුව කෙළවර තීන්ත පැල්ලම් රැදි ළමුන් දැකීම සුලබ දසුනකි. හදිසියේ පාසල් වේලාව තුල තීන්ත අවසන් වුවහොත් යහළුවෙකුගෙන් ඉල්ලා ගන්නා තීන්ත බිංදු කිහිපයක් පෑනට අැතුළු කරගැනීමේ හැකියාවක් ද තිබුණි. පැන්සල් පෙට්ටිය හෝ පොතක ඉටි කවරයක් මතට දමන තීන්ත බිංදු කිහිපය තීන්ත පිපාසයෙන් පෙලෙන පෑන ඉතා ඉක්මනින් උරා ගනී. තීන්ත අඩුවන බව දැනෙන විට පෑනේ තුඩේ අනිත් පැත්තෙන් ලිවීම හෝ වතුර බිංදුවක් එකතු කර ලිවීම වැනි උපක්‍රම ද භාවිතා කරයි. නිල් පැහැ තීන්ත වලට කළු තීන්ත එකතු කිරීමෙන් නව වර්ණයක් සෑදෙන අවස්ථා ද ඉදහිට තිබුණි. සතිඅන්තයේ යෙදෙන ඉතා වැදගත් වැඩකටයුත්තක් නම් තීන්ත පෑන ගලවා පිරිසිදු කිරීමය. එය අපට රොකට් එන්ජීමක් ගලවනවා වැනි හැඟීමක් දැනෙන ක්‍රියාවකි. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom