German ජර්මන් භාෂාව සිංහලෙන් (5)

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    German ජර්මන් භාෂාව සිංහලෙන් (5)

    tdZix7Al.jpg

    Learn German With Chaani
    --------------​

    ර්මන් භාෂාව සිංහලෙන් පාඩම් මාලාවේ 5 වෙනි පරිච්ජේදය යි මේ. මින් පෙර ඉදිරිපත්කළ අංක 1, 2, 3 සහ 4 වන පාඩම් මාලාව මුලසිට පිළිවෙලින් පරිශීලනය කිරීමෙන් මේ පරිච්ජේදය ට පිවිසීම වඩාත් සුදුසුවේ.

    German ජර්මන් භාෂාව සිංහලෙන් (1)
    German ජර්මන් භාෂාව සිංහලෙන් (2)
    German ජර්මන් භාෂාව සිංහලෙන් (3)
    German ජර්මන් භාෂාව සිංහලෙන් (4)

    google translation tool යනු ජර්මන් වචන උච්චාරණය හැදෑරීම සඳහා ඉතා ප්‍රයෝජනවත් online උපාංගයක්. මෙමඟින් ඔබට ඕනෑම භාෂා දෙකක් අතර සරළ පරිවර්තනයක් ලබාගැනීමේ හැකියාව තිබෙනවා (සැ.යු. මෙම පරිවර්තන සෑම විටම නිවැරදි නොවිය හැකි බැවින් අදාළ පාඩම් පෙළ සැලකිල්ලෙන් අධ්‍යනය කිරීම වැදගත්). එහි ඇති අමතර වාසිය වන්නේ වචන උච්චාරණය වන ආකාරය සවන්දීම මඟින් අවබෝධ කරගැනීම ට අවස්ථාවක් සැලසීමයි. google web browser එකේ German to Sinhala යනුවෙන් search කිරීමෙන් මෙම උපාංගයට පහසුවෙන් පිවිසිය හැකියි. ඉන් පසු වම් පැත්තේ ජර්මන් කොටසට අයත් අවකාශයට පාඩම් මාලාවේ ජර්මන් වචන හෝ වැකි copy-paste කරන්න. සරළ සිංහල පරිවර්තනයක් ලැබෙනු ඇති. එහි speaker සලකුණ මත click කිරීමෙන් අදාළ වචන හෝ වැකි උච්චාරණය වන ආකාරයට සවන්දීමට හැකියි.

    අද අපගේ අවධානය යොමු කරන්නේ ප්‍රශ්නාර්ථය ට කාලය මුසු කිරීම පිළිබඳව යි. එනම් කාලය සම්බන්ධ ප්‍රශ්නාර්ථය පිළිබඳවයි.
    මෙය ඉංග්‍රීසි භාෂාවේ යොදමින් Eng. When යනු පුර්වක්‍රියා පදය යෙදීමට බෙහෙවින් සමානවේ.
    ජර්මන් භාෂාවේදී එය යොදන්නේ Wann (වොන්) යනුවෙනි.
    මෙහි යෙදීම් නිදසුන් කීපයක් මඟින් අධ්‍යනය කරමු. පසුගිය පාඩම් පුනරීක්ෂණය කරමින් පහත දැක්වෙන ජර්මන් වාක්‍යයන් සිංහලට සහ ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න. පළමු වන වාක්‍යය උදාහරණයට ගන්න.

    1. Wann wollen Sie essen? = ඔබ කෑම කන්නේ කුමන වේලාවකද? (Eng. When do you want to eat?)
    2. Wann wollen Sie schwimmen?
    3. Wann wollen Sie lernen?
    4. Wann wollen Sie studieren?
    5. Wann wollen Sie kommen?
    6. Wann wollen Sie gehen?
    7. Wann wollen Sie starten?
    8. Wann wollen Sie tanzen?
    9. Wann wollen Sie mit mir tanzen?

    භාෂාවක් අලුතෙන් ඉගෙනීමේදී අනවශ්‍ය කලබලය හෝ බරපතළ ව්‍යාකරණ නීතින් කරා යුහුසුළුව යාම සුදුසු වන්නේ නෑ. සරළව සුමටව භාෂාවක් ඉගෙනීම කලයුතු බව සිහි තබාගන්න. මෙම පාඩම් මාලාව සැහැල්ලුවෙන් පිළිවෙලින් අධ්‍යනය කරතොත් ඔබ ඉතා ඉක්මණින් ජර්මන් භාෂාව ඉගෙනගනීවී. මේ පාඩම් මාලාව පිළිබඳ ඔබගේ අදහස් යෝජනා අගයකරමි. ජය.
     
    • Like
    Reactions: westpra