රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා විසින් පසුගියදා සිදුකළ ප්‍රකාශයකට විරෝධය පළ කරමින්, මාතර දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් එම සංගමයේ සභාපති වෛද්‍ය තෙන්නකෝන් මහතා වෙත ලිපියක් යොමු කර ඇත.
මාතර මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් රාජකාරි වේලාවන් තුළ කොළඹ වැනි ප්‍රදේශවල පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන බවට මාධ්‍ය ප්‍රකාශකවරයා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම සංගමය පෙන්වා දෙයි. මෙම ප්‍රකාශය රෝහලේ කීර්තිනාමයට මෙන්ම වෛද්‍යවරුන්ගේ මානසිකත්වයට දැඩි බලපෑමක් එල්ල කරන බවත්, රෝගීන් සහ වෛද්‍යවරුන් අතර පවතින විශ්වාසය පළුදු වීමට හේතු වන බවත් එම ලිපියේ සඳහන් වේ.
මෙම තත්ත්වය හමුවේ මාතර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ප්‍රධාන ඉල්ලීම් තුනක් සිදු කර ඇත.
තම ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකත්වයෙන් සමූහ වශයෙන් ඉල්ලා අස්වීමට (Mass Resignation) තීරණය කර ඇති බවද එම ලිපිය මගින් අවධාරණය කර ඇත.
වෘත්තීය සමිතියක් තම සාමාජිකයන්ගේ අවශ්‍යතා සහ අභිමානය සුරැකීමට අපොහොසත් වන්නේ නම් තවදුරටත් එහි රැඳී සිටීමේ පලක් නොමැති බව ඔවුන් වැඩිදුරටත් පවසා සිටී.
මෙම ලිපිය සඳහා මාතර මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ ශල්‍ය වෛද්‍ය ගාමිණී රත්නසිරි සහ ලේකම්, විශේෂඥ වෛද්‍ය චමිලා සුබසිංහ යන මහත්ම මහත්මීහු අත්සන් තබා ඇත.
Ane manda munta nam lajjawak aththema na... yana ratakata yanneth na... mekema idagena higakanawa
Higana pawul walin awa ewun ekko wena monawa karannada

- මාතර විශේෂඥ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් කළ අසත්‍ය ප්‍රකාශය නිවැරදි කරමින් වහාම මාධ්‍ය වෙත නිල පැහැදිලි කිරීමක් නිකුත් කිරීම.
- වගකීම් විරහිත ලෙස හැසිරීම හේතුවෙන් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වහාම එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු වීම.
- මින් ඉදිරියට විශේෂඥ වෛද්‍යවරුන් වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කිරීමේදී කරුණු නිසි ලෙස තහවුරු කර ගැනීමට ක්‍රමවේදයක් සකස් කිරීම.