GMOA බලුවීමේ අභ්‍යන්තර කතාව:

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    20139635_332977547131212_966545228973015668_n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,583
    28,516
    113
    'අපිට එන්න එන්නම අමාරුයි මචං'

    රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති, වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පසුගියදා තවත් වෛද්‍යවරයෙකු හමුවෙලා. මේ වෛද්‍යවරයාත් එසේ මෙසේ පුද්ගලයෙකු නෙවෙයි.
    ඔහු මහින්ද පාර්ශ්වයේ තිරය පිටුපස සැලකිය යුතු කාර්යභාරයක් සිදුකරන රුක්ෂාන් බෙල්ලන.

    අනුරුද්ධ පාදෙනිය වෛද්‍යවරයා රුක්ෂාන් බෙල්ලන අමතමින් ප්‍රකාශ කර ඇත්තේ, 'අපිට එන්න එන්නම අමාරුයි මචං, ලොක්කට කියලා මොකක් හරි ගේමක් ගහන්න බැරිද ? දැන් නං ආයෙ වැඩවර්ජනය කරන එක හරියන වැඩක් නෙවෙයි. ඩොකාලත් ඉන්නෙ කලකිරීමෙන්. ලොක්කට කියලා බැරිද ඉක්මනට ආණ්ඩුව වට්ටන්න. අපි පුලුවන් හැම විදියෙන්ම උදව් කරනවා' යනුවෙනි.

    මෙයට පිළිතුරු ලෙස රුක්ෂාන් බෙල්ලන, 'මේ ආණ්ඩුව වට්ටන එක බොරු වැඩක් මචං, මේ ආණ්ඩුව 2020 වෙනකං ජනාධිපතියි අගමැතියි කොහොම හරි ඇදගෙන යනවා' යැයි පවසා තිබේ.

    මෙම ප්‍රකාශය හේතුවෙන් අනුරුද්ධ පාදෙනිය දැඩ අසීරුතාවයට පත්වෙලා. පාදෙනිය අසීරුතාවයට පත්වූ බව දැනගත් රුක්ෂාන් බෙල්ලන 'සිහින ලෝකවල ඉන්න එපා මචං, ආණ්ඩුවට හේත්තුවෙලා මොකක් හරි වැඩක් කරගනිං, දැං ඉතිං සයිටම් එක අහෝසි කරන පාටකුත් නෑ නේ. දැනටමත් සයිටම් සටන ආණ්ඩුව දිනලා ඉවරයි. ඒක නිසා තවදුරටත් වැඩවර්ජන කරන එකේ තේරුමක් නෑ' යනුවෙන් පවසමින් අනුරුද්ධ පාදෙනිය සැනසීමට උත්සාහ කර තිබේ.

    මාස කිහිපයකට පමණ පෙර ජනාධිපතිවරයා, අගමැතිවරයා සමග හෝ සාකච්ඡා කිරීමට අකමැති වූ අනුරුද්ධ පාදෙනිය ඇතුළු රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පසුව අගමැතිවරයා සහ සෞඛ්‍ය ඇමතිවරයා සමග සාකච්ඡා කිරීමට තරම් අඩියක් ආපස්සට ගත් අතර ඉදිරියේදී තවත් අඩි කිහිපයක් ආපස්සට තබා සයිටම් විරෝධී සටනට පිළිපන් දේශපාලන කණ්ඩායම් සහ විවිධ සංවිධාන නන්නත්තාර කරමින් සයිටම් සටනින් ඉවත්වීමට කටයුතු කළහොත් ඒ පිළිබඳ පුදුමයට පත්විය යුතු නැත.


    - http://sinhala.lankanewsweb.net/gossip/item/9849-2020

    :lol::lol::lol: