GMOA වර්ජනය දා ලිඳුල රෝහලේ DMO සිදුකළ දණ්ඩ නීති ස
GMOA වර්ජනය දා ලිඳුල රෝහලේ DMO සිදුකළ දණ්ඩ නීති සංග්‍රහයෙන් දඬුවම් ලැබිය යුතු දුෂ්ඨ සාපරාධී ක්‍රියා රැසක් මෙන්න
(ලංකා ඊ නිව්ස් -2017.ජුනි.29, පෙ.ව.7.50) පසුගියදා GMOA ව දියත් කළ අඛණ්ඩ වැඩ වර්ජන දින වලදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවාකැලේ ලිඳුල දිසා රෝහලේ ප්‍රධානී, දිසා වෛද්‍ය නිලධාරී (DMO) ලෙස ක්‍රියා කළ ජොස්තර හර්ෂ අබේවර්ධන නමැත්තා විසින් සිදුකරන ලද දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් කළ යුතු දුෂ්ඨ සහ අපරාධකාරී ක්‍රියා රාශියක් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.
කිසියම් වෘත්තියක සේවකයෙකුට තමන් ලබා දෙන සේවය වර්ජනය කර සිටීමේ අයිතියක් ඇති නමුත් අනෙක් අයගේ සේවය ලබා දීම කඩා කප්පල් කිරීමට හෝ අනෙකාට තර්ජනය කිරීමට හෝ ආයතනය බිඳ වැටීමට ක්‍රියා කිරීමට හෝ නීතියෙන් කිසිදු ඉඩක් නැත. වෘත්තීය සංගම් වලට අදාල නීති වලින් හෝ එවැනි දේට කිසිදු ඉඩක් නැත. එසේ නමුත් ඉහත කී දුෂ්ඨ ජොස්තර හර්ෂ නමැත්තා ඒ කිසිවක් නොතකා ක්‍රියා කර තිබේ.
රෝගීන් ප්‍රාණ ඇපයට ගත් GMOA වැඩ වර්ජනයට ලිඳුල රෝහලේ දිසා වෛද්‍ය නිලධාරියා වූ GMOA සාමාජික ජොස්තර හර්ෂ අබේවර්ධන මිස එහි අන් කිසිවෙකු සහාය දක්වා නැති අතර රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සූදානම් වී තිබේ. එසේ නමුත් ජොස්තර හර්ෂ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සූදානම් වූ වෛද්‍යවරුන්ට වර්ජනය කරන ලෙස තර්ජනය කරමින් සේවය කිරීමට ඉඩ නොදී මුරකරුද සමග එක්වී රෝහලේ දොරවල් වසා දමා තිබේ. GMOA නායකයන් දැඩි සත්කාර ඒකකයන් විවෘත බව කීවද ජොස්තර හර්ෂ නමැත්තා ලිඳුල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දොරද වසා දමන ලදී. එසේ තිබියදී වුව අනෙකුත් වෛද්‍යවරුන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට යද්දී ජොස්තර හර්ෂ කර ඇත්තේ රෝහලේ විදුලිය විසන්ධි කිරීමයි.
පසුව අනෙකුත් වෛද්‍යවරුන් විදුලි බල මණ්ඩලයට දුරකථනයෙන් අමතා විදුලිය ලබා දෙන ඉල්ලා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ලිඳුල පොලිස් ස්ථානයටද දුරකථනය මගින් පැමිණිලි කර තිබේ. අවශ්‍ය අයෙකුට ලිඳුල පොලිසියෙන් මේ ගැන පරීක්ෂා කළ හැකිය.
විදුලි බල මණ්ඩලයෙන් පැමිණ රෝහලට විදුලිය ලබා දී පිටත්ව යෑමෙන් ස්වල්ප වේලාවකට පසුව ජොස්තර හර්ෂ නමැත්තා යලිත් වතාවක් විදුලිය විසන්ධි කර තිබේ.
මේ අවස්ථාවේ දී එක්තරා ගැබිනි කාන්තාවක් විලිරුජාවෙන් පෙළෙමින් රෝහලට පැමිණ ඇත. එක් වෛද්‍යවරයෙකු ගැබිනි කාන්තාව රෝහලට ඇතුලත් කර ගැනීමට සූදානම් වෙද්දී ජොස්තර හර්ෂ වාට්ටුවේ නිලධාරීන්ට තර්ජනය කරන ලද්දේ ගැබිනිය රෝහලට ඇතුලත් කර නොගෙන ගෙදර යවන ලෙසයි. නමුත් GMOA නායකයන් පුන පුනා කීවේ දරු ප්‍රසූතීන් සඳහා වර්ජනය බල නොපාන බවකි.
අසරණ භාවයට පත් ගැබිනිය යලි නිවසට ගිය පසුව දරුවා නිවසේ දී බිහි වී තිබේ. පසුව ඇය සහ බිළිඳා නුවර එළිය රෝහල වෙත ඇතුලත් කරන ලදී.
හුදු වර්ජනයකට එහා ගොස් මෙවැනි තිරිසන් ක්‍රියාවක් සිදුකළ GMOA සාමාජික ලිඳුල රෝහලේ DMO ජොස්තර හර්ෂ අබේවර්ධන නමැත්තාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 327, 332, 341, 344, වගන්ති අනුව අයුතු අවහිරය, සාපරාධී බලහත්කාරය යටතේ පැහැදිලිවම දඬුවම් කළ හැකිය.
මේ අමානුෂික සිදුවීම් සම්බන්ධයෙන් යහපත් වෛද්‍යවරු ලිඳුල පොලිසියට දුරකථනයෙන් දුන් පැමිණිල්ලක් දැනටමත් තිබෙන අතර සාක්ෂි දීමට ඕනෑතරම් වෛද්‍යවරු ලිඳුල රෝහලේ සිටිති.
අදාල බලධාරීන් මේ සම්බන්ධයෙන් පියවර ගනු ඇතැයි ජීවත්වීම මිස මරණය නොඉල්ලන මහජනතාව බලාපොරොත්තු වෙති.