Google Map විස‍ඳූ වසර 20ක් පැරණි අභිරහස

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,449
    7,204
    113
    1997 ජූලි මාසෙ 07 වෙනිදා රාත්‍රි 9:30ට පමණ ඔහු තමන්ගේ පෙම්වතියට ඇමතුමක් ලබාගෙන තිබුනා.ඒ වනවිට නගරයේ රාත්‍රී සමාජ ශාලාවක සිටි ඔහු සිය පෙම්වතියට පවසා තිබුනේ තමන් ඉක්මනින්ම නිවසට පැමිණෙන බවයි.නමුත් ඒ ඔහුගෙන් ලද අවසාන ඇමතුම වන බව ඔහුගේ පෙම්වතිය දැනගෙන සිටියේ නැහැ.රාත්‍රී 11ට රාත්‍රී සමාජ ශාලාවෙන් නිවෙස බලා පිටත් වූ හෙතෙම යලි කිසි දිනෙක මිහිමත කිසිම කෙනෙකුට දකින්නට ලැබෙන්නේ නැහැ.සරලවම ඔහු එක්වරම අභිරහස් ලෙස අතුරුදන් වෙනවා.
    ෆ්ලොරීඩාවේ රාත්‍රී සමාජ ශාලාවක සිට නිවෙසට යන අතරමග එසේ අභිරහස් අන්දමින් අතුරුදන් වූ එවකට වයස අවුරුදු 40ක් වූ හෙතෙම නමින් "විලියම් අර්ල් මෝල්ඩ්"(William Earl Moldt).
    පසුදා උදෑසනම විලියම් අතුරුදන් ව ඇති බවට ලැබුනු පැමිණිල්ලකට අනුව පොලිස් පරීක්ෂණ ආරම්භ වූ නමුත් ඔහුට සිදුවූයෙ කුමක්ද යන්න පිළිබඳ කිසිඳු හොඩුවාවක් සොයාගන්න පොලීසීයට නොහැකි වුනා.කාලය දින මාස අවුරුදු විදියට ගෙවිල ගිහින් අවසානයේ කිසි‍ඳු සාක්ෂියක් ඉතිරි නොකර අතුරුදන් වූ විලියම්ගේ අභිරහස එකතුවන්නේ එරට ඉතිහාසයේ නොවිසඳූ අභිරසක් ගොනුවට.
    විලියම් අතුරුදන් වූ දිනට වසර 22කට පසුව 2019 දිනක ෆ්ලෝරිඩාවේ ජීවත්ව පසුව පදිංචිය වෙනස් කල එක්තරා මිනිසෙක් තමන් පෙර ජීවත්වූ නිවස ආශ්‍රිත ප්‍රදේශය දැකීමේ අදහසින් Google Map යෙදුම හරහා අදාල ප්‍රදේශය නිරීක්ෂණය කෙරූ අතර එහිදී ඔහුට තමන්ගේ නිවස අසල පිහිටි විශාල පොකුණක් තුල මෝටර් රථයක් ගිලී ඇති අයුරු දකින්නට ලැබෙනවා.තමන් එහි ජීවත්ව සිටි සමයේ එවැන්නක් කිසිදිනෙක දැන නොතිබූ නිසා ඒ පිළිබඳ කුතුහලයෙන් යුතුව අදාල පෙදෙසේ ඒ වනවිට පදිංචිව සිටි අයෙක්ගෙන් ගිලී ගිය මෝටර් රථයක් ඇත්දැයි විමසනවා. එය ඇසූ පසුව පොකුනේ එවැන්නක් පවතින බව කිසි විටෙක නොදැන සිටි ඔවුන්ද පුදුමයට පත්වෙනවා.අවසානයේ ඒ බව බළධාරීන්ට දැන්වු පසුව කිසිවෙකුත් නොදැන පොකුණේ දිය යට සැඟව තිබූ මෝටර් රථය ගොඩගැනුනු අතර "නොවිසඳුනු අභිරහසක්" ලෙසින් නම්කර තිබූ ලිපිගොනුවක් නැවටත් විවෘත කරන්න පොලීසියට සිදුවන්නේ ඒ තුල මිනිසෙකුගේ ඇටසැකිල්ලක් පවතින අයුරු ඔවුන්ට දැකගන්න ලැබීමෙන්.ඇටසැකිල්ල ආශ්‍රයෙන් කල DNA පරීක්ෂණ දත්ත පැවසුවේ වුනේ ඒකී සැකිල්ල ඉන් වසර 22කට පෙර අභිරහස් අන්දමින් අතුරුදන් වූ විලියම් මෝල්ඩ්ගේ බවයි.
    1658302370560.png


    එදා රාත්‍රියේ නිවස බලා එන අතරතුර, එවකට ජනාකීරණ නොවූ පාලු පෙදෙසක් වූ මෙහිදී ඔහුගේ මෝටර් රථය පොකුණට වැටෙන්නට ඇතිබවත් රාත්‍රියේ නිහඬවම එය විලියම්ද සමග පොකුණ පතුලේ ගිලී යන්නට ඇති බවත් සනාථ වීමෙන් පසු වසර 22ක් පුරාවට ප්‍රශ්නාර්ථ ලකුණක් වැටී තිබූ අභිරහසට නැවතීමේ තිත උරුම වුනා.
    පහත චායාරූලයේ රතුපැහැයෙන් ලකුණු තිබෙන්නේ Google map පෙන්වූ එසේ ගිලී තිබූ මොටර් රථයයි.
    නමුත් වඩාත්ම පුදුම සහගත කරුණ වුනේ මෙතරම් කාලයක් එය පොකුනේ පවතිනු කිසිවෙකුත් නොදැන සිටීමයි.විලියම් අතුරුදන් වූ දිනවල පොකුණ ආශ්‍රිත ප්‍රදේශයේ නිවාස ව්‍යාපෘතියක ඉදිකිරීම් සිදුවෙමින් තිබුනද එහි සිටි කම්කරුවන් කිසිවෙකුත් පොකුනේ ගිලීගිය මෝටර් රථය දැක තිබුනේ නැහැ.එසේම 2007 වසරේ සිටම Google Map ඔස්සේ මෝටර් රථය පෙනෙන්නට තිබුනත් 2019 වන තෙක්ම කිසිවෙකුත් එය දැක තිබුනේද නැහැ.ඇතැම්විට Google Map නොවන්නට එය තවමත් කිසිවෙගේ හෝ දෘශ්ටියකට හසුනොවී රහසේම පවතින්නටද ඉඩ තිබුනා.ඒ නිසයි මිනිසා හොඳ නිරීක්ෂකයෙකු වීම වටින්නේ.අප සියමු කරුණු පැහැදිලිව දකින්න පුළුවන් හොඳ නිරීක්ෂකයෙකු වුවහොත් කිසිදා විසඳිය නොහැකියැයි සම්මත රහස් බොහෝමයට ඉබේම නැවතීමේ තිත තැබේවි.
    මෝටර් රථය ගිලී තිබූ පොකුණ: Palm Beach Country pond,Florida,USA.
    (තොරතුරු: BBCnews, mirror.co.uk, 7news.com.au)
    ©සංකල්ප ගුණතිලක | 17-07-2022

    1658302211957.png



    1658302589455.png
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අර ඉස්සරහ තියෙන ගෙවල් වල ඉන්න එවුන්වත් අවුරුදු 20ක් තිස්සේ දැකලා නැද්ද :shocked:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,449
    7,204
    113
    අර ඉස්සරහ තියෙන ගෙවල් වල ඉන්න එවුන්වත් අවුරුදු 20ක් තිස්සේ දැකලා නැද්ද :shocked:
    ඒක බං යටනේ තියන්නේ. ඒ ඈන්ගල් එකෙන් පේන්නේ නැතුව ඇති. ගූගල් මැප් එකේ උඩින් බලන නිසා තමයි පේනවා ඇත්තේ.
     
    • Like
    Reactions: avjayarathne

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,449
    7,204
    113
    පොකුණේ නාන්න රෙදි හෝදන්න ගිය උන්ටවත් හම්බෙලා නැද්ද
    උං ඒකේ නාන්නෙ නැතුව ඇති බං. බලපං ගෙවල්වල swimming pool තියනවා. ඕකේ වතුර නාන්ඩ සුදුසු නෑ වගේ. අපි වගේ උං වැව් වගේ ඒවට පනින්නේ නැතුව ඇති. අනිත් එක උං බ ඕවගේ රෙදි හෝදන්නෙ නෑ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    උං ඒකේ නාන්නෙ නැතුව ඇති බං. බලපං ගෙවල්වල swimming pool තියනවා. ඕකේ වතුර නාන්ඩ සුදුසු නෑ වගේ. අපි වගේ උං වැව් වගේ ඒවට පනින්නේ නැතුව ඇති. අනිත් එක උං බ ඕවගේ රෙදි හෝදන්නෙ නෑ.
    මම විහිළුවක් කලේ ඔයා ඇයි සීරියස් ගත්තේ. 😏
     
    • Haha
    Reactions: WhyNot1