Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Yesterday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
hadawatha unuwena kathawak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොළේ මැරිල ඇඟ පණ තියෙන දුවගෙ හදවත-වකුගඩු-අක්මාව දන් දුන්නු උත්තම අම්මයි බෝසත් තාත්තයි.

චූටි මල්ලි... මට ලේන්සුව ගෙනත් දෙන්නකෝ පැටියෝ... පන්ති යන්න කියලා මඟක් දුරට ගියපු මගේ දරුවා ආයෙත් හැරිලා ඇවිත් මල්ලිට කියලා ලේන්සුව ගෙන්නව ගත්තා. ඊට පස්සෙ මගේ දුව වචනයක්වත් කතා කළේ නැහැ. අනේ... තව තත්පරයකින්, දෙකකින්... තුනකින්... මගේ දුව කතා කරයිද? ඇස් දෙක ඇරලාවත් බලයිද? මගේ දුවගේ එක අතක් ඇඹරිලා ගිහින් තිබුණේ. මං කොහොමද විශ්වාස කරන්නේ මගේ දරුවා ආයේ කවදාවත්ම ඇස් ඇරලා බලන්නේ නෑ කියලා.

එයා අදවත් මගේ දිහා බලයි. මගේ රත්තරන් දුව තවමත් ඇස් පියාගෙන. මේ ෙදාස්තර මහත්තයලා කියනවා මගේ පුතාගේ මොළය මැරිලා කියලා. අනේ මං කොහොමද විශ්වාස කරන්නේ මගේ පුතේ. ඉස්පිරිතාලේ ෙදාස්තරලා, මිසීලා සේරම බලන් ඉන්නේ මම දරුවාගේ අක්මාව ඉවත් කරන්න කැමැත්ත දෙනකල්.

මම මගේ දරුවගේ ඇඟට දාලා තිබුණ ෂීට් එක පොඩ්ඩක් අෑත් කරලා බැලුවා. දරුවගේ කකුල් දෙක හොඳටම නිල්පාට වෙලා. ඉදිමිලා. මං පුතාගේ අම්මා. ඒත් පුතේ මගේ හිත කියනවා ඔයාව ජීවත් කරවන්න බෑ කියලා. මං මගේ අහිංසක දරුවගේ කන ළඟට නැමුණා. අනේ... අවුරුදු 17ක් තිස්සේ මගේ තුරුල්ලේ උණුසුම් වුණ දරුවට අද මගේ උණුසුමවත් දැනුණේ නෑ. මං හිත ගලක් කරගත්තා. මං මගේ රත්තරන් දරුවගේ කන ළඟට ළංවෙලා මේ ලෝකේ ඉන්න කිසිම අම්මා කෙනෙක්ට කියන්න බැරි භයානකම වචන ටික මගේ දරුවට කිව්වා.

"අනේ පුතේ... ඔයා ඉන්න එපා. ඔයා යන්න. තේරුමක් නෑ. මම කොහොම හරි හිත හදාගන්නම්. මම කොහොමහරි අමතක කරන්නම් ඔයා යන්න මගෙ රත්තරන් පුතේ"

අන්තිමේදී මගේ දරුවගේ හුස්ම ටික ඩිංග ඩිංග ඉහළ පහළ වැටෙද්දිම මම දරුවගේ අක්මාව ඉවත් කරගන්න වෛද්‍යවරුන්ට අවසර දුන්නා.

පහුගිය 24 වැනිදා හවස 7.40ට විතර දෙපානම අරලිය උයන හන්දියේ කහ ඉර මතදී මේ පුංචි සමනලියගේ සියලු සංවේදනයන් අහිමි විය. අෑ අවසන් වතාවට මිමිණූ එකම වචනය ඇගේ තාත්තාගේ නමයි. ඉන්පසු අෑ අගහිඟකම් පිරුණු පුංචි ගෙදර චූටි මල්ලිත් ලොකු මල්ලිත් අම්මාත් තාත්තාත් අතහැර කවුරුත් නොදන්නා ලෝකයකට ගියාය. ඇගේ සිත කොයි ගියාදැයි කිසිවකුත් දැන නොසිටියත් කොයි මොහොතේ හෝ ඒ පුංචි හිත අෑ ළඟට යළිත් පැමිණේවියි කියා බොහෝ දෙනෙක් මඟ බලා සිටියහ.

"අම්මේ... මම කියන දේ තේරුම් ගන්න. මේ දරුවව ජීවත් කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ 5%යි. මේ දරුවගේ මොළය මැරිලා. බැරිවෙලා හරි සිහිය ආවත් කිසිම හැඟීමක් දැනීමක් නැතිව තමයි ජීවත්වෙන්න සිද්ධවෙන්නේ. අම්මාට දරුවා ජීවතුන් අතර කියලා දැනෙන මහා පුණ්‍යකර්මයක් කරගන්න පුළුවන් දරුවගේ අවයව පරිත්‍යාග කළොත්. බැරිවෙලා හරි මැෂින් වැඩ කරද්දිම දරුවා මියගියොත් අක්මාව ගන්න බෑ."

ආදරණීය අම්මකුට තමන්ගෙ දරුවාගේ අවසන් ගමන ඉක්මන් කළ යුතු බව පැහැදිලි කිරීමේ අතිශය සංවේදී වෑයම වෛද්‍යවරයා තවදුරටත් අත නොහැරියේය. මේ දරුවාගේ අන්තිම හුස්ම ඇබින්දෙන් ජීවය ලබන්නට මේ රෝහලේම තවත් කෙළවරක පණ ගැහෙන ප්‍රාණියෙක් බලාපොරොත්තු සහගතව පසුවෙයි. තව කෙනකුට ජීවය ලබාදී මරණය වැලඳගැනීමට සූදානමින් පුංචි දියණිය තවමත් නිසොල්මනේය.

"ඇත්තටම මොළේ මැරෙනවා කියන එක ගැන මටවත් මහත්තයාටවත් කිසිම අවබෝධයක් තිබුණේ නෑ. මොළේ මැරිලා කිව්වත් අපි හිතුවේ කොයි මොහොතේ හරි දරුවා නැඟිටියි කියලා. අපි දෙන්නා උදේ පාන්දර 5.00ට බුදු පහන තියලා ඉස්පිරිතාලෙට දුවන්නේ අද නම් දරුවට ගුණ ඇති කියලා හිතාගෙන. දවස් එකහමාරක් විතර යනකල් මටයි මහත්තයාටයි දරුවගේ මොළේ මැරිලා කියන කතාව තේරුම් ගන්න බැරිව හිටියා. ෙදාස්තර මහත්තයා තමයි ඒ අවාසනාවන්ත ඇත්ත තේරුම් කරලා දුන්නේ. ඒත් මොන අම්මාටද කියන්න පුළුවන් තමන්ගේ දරුවා ජීවත්වුණා ඇති කියලා..."

මේ ලෝකේ සිටින කිසිම අම්මා කෙනකුට සිහිනයකින්වත් දකින්න බැරි ඒ භයානක ඇත්තට මුහුණ දෙන්නට ගයනි විශාකා ලියනගේ දියණියගේ අම්මාට සිදු විය. අක්මා ආබාධයකින් පෙළෙන 21 හැවිරිදි තරුණියගේ ජීවිතයද එන්න එන්නම දැඩි අවදානමට ලක්වෙද්දී වෛද්‍යවරයා අම්මාගෙත් තාත්තාගේත් හිත හදන්නට යළි යළිත් උත්සාහ ගත්තේය.

රෝද තුනේ වාහනය කැරකෙන තරමට දරුවන්ට හොඳින් උගන්වන්නත් බඩකට පිරෙන්න කන්න දෙන්නත් මැළි නොවූ විශාඛා දියණියගේ තාත්තා දාහත් වසරක දුක් මහන්සියේ ප්‍රතිඵලය දෙස කඳුළු පිරුණු දෑසින් බලා සිටියේය. ගෙවල් ෙදාරවල් ඉඩකඩම්, බඩුමුට්ටු කිසිවක්ම නොවූ විශාකාගේ මවුපියන්ට සිටිය එකම සම්පත ඔවුන්ගේ දරු දෙදෙනාය. අවුරුදු 17ක් තිස්සේ සෙම්ප්‍රතිශ්‍යාවක් වැලඳුණත් බෙහෙත් අරගෙන දී මලක් සේ දැඩි කළ එකම දියණිය දැන් ජීවත්වුණා හොඳටම ඇති කියා තීරණය කරන්නට විශාකාගේ ආදරණීය තාත්තා හිත හදාගත්තේය. ඔහු විශාකාගේ අම්මාගේ වේදනාවෙන් බරිත හදවත අස්වැසුවේය.

"අපිට දුව නැතිවෙලා නෑනේ. දුවගේ හැම අවයවයක්ම තව කෙනෙක්ව ජීවත් කරනවනේ. මේ, වෙලා තියෙන ඇක්සිඩන්ට් එකේ හැටියට කරන්න තියෙන හොඳම දේ... අපි මේකට කැමැති වෙමු. දරුවටත් හොඳ තැනකට යන්න ඒ පින්කම උපකාරයක් වේවි..."

මොළය මියැදුණු මුත් පණ ගැහෙන පුංචි දියණිය දෙස මේ ලෝකයේ සිටින ආදරණීයම තාත්තා තව වරක් බැලුවේය. ඒ කතා කළේ තමන්මදැයි යළි යළිත් සිතුවේය. මොළයත් හදවතත් සියල්ල අක්‍රිය වී ක්ෂණයකට මුළු ලෝකයම එක තැන නතර වූයේය.

තවමත් ඒ දෑඟිලි සුමටය. තවමත් ඒ කොපුළත උණුසුම්ය. තවමත් ඒ ළපටි හදවත ලබ් ඩබ් හඬ නඟන්නේය. ඒත් අවසානයේ දරුවා ජීවතුන් අතර සිටියදීම ඇයගේ සියයට සියයක්ම නිරෝගී සියලු අවයව සිරුරින් ඉවත් කරගන්නට ඒ බෝසත් අම්මාත් තාත්තාත් අවසර දුන්නේය.

"අපි ඒ තීරණය දීලා කෙළින්ම ආවේ පන්සලට. දරුවගේ ඉස්කෝලෙ යාළුවෝ, ගුරුවරු, ගමේ හිතවත් අය, ඥාතීන් හැමෝම පන්සලට ඇවිත් හිටියේ. හරියටම රෑ 10.30ට මගේ රත්තරන් දරුවගේ හුස්ම ටික රඳවගෙන හිටපු මැෂින් ගලවනවා. තව මිනිත්තුවයි... තත්පර තිහයි.... අපි ෙදාහොත් මුදුන් දීලා ලොව්තුරා බුදුන්ට වැන්දා. මගේ අහිංසක දරුවා ලෝකේ කොහේ හරි තැනක පින්වන්ත දරුවෙක් වෙලා ඉපදෙන්න... බෝධි පූජාව පටන් ගනිද්දි මගේ දූ තවත් දුවකුට මේ ලෝකේ දකින්න එයාගේ වකුගඩු, අක්මාව, ඇස්... තව බොහෝ දේ පරිත්‍යාග කළා."

බෝධිසත්වයන් ලොව්තුරා බුදු බව පතා එක් එක් භවයන්හිදී ඇස්, ඉස්, මස්, ලේ දන්දුන් බව අපි අසා ඇත්තෙමු. පුංචි විශාකා දියණියද ජීවතුන් අතර සිටියදීම අක්මාව, හෘදය වස්තුව, වකුගඩු, ඇස් ආදී තව බොහෝ ඉන්ද්රියයන් දන්දී මතු බුදුවන පෙරුමන් පිරුවාය.

"ඒක හරිම හාස්කමක් වගේ. මගේ දරුවගේ අක්මාව අර දරුණු අක්මා රෝගයෙන් පෙළුණ දරුවට සියයට සියයක්ම ගැළපුණා. ඒ අයත් හරිම දුප්පත් මිනිස්සු. මේ රෝගය නිසාම හුඟක් අසරණ තත්ත්වයට පත්වෙලා හිටියේ. මගේ දරුවගේ වාසනාවට ඒ දරුවා දැන් ජීවත් වෙනවා. දරුවගේ අනෙක් අවයවත් මේ විදියටම කාට හරි ජීවත් වෙන්න උපකාරී වේවි. ෙදාස්තර මහත්තයා කිව්වා අම්මේ... ඔයාගේ දරුවාගේ මොළය විතරයි මැරිලා තියෙන්නේ. අනිත් හැම අවයවයක්ම සියයට සියයක්ම නිරෝගීයි කියලා. මගේ පින්වන්ත දරුවා ජීවතුන් අතර ඉඳගෙනම මේ වගේ දානයක් කරගත්තා. මගේ දරුවා තව හුඟ දෙනෙක්ට ජීවිතය දුන්නා. දරුවා මියගියත් මගේ දරුවගේ අවයව මේ රටේ කොහේ හෝ තැනක දරුවෙක්ව ජීවත් කරනවා. මායි මහත්තයායි හිත හදාගන්න උත්සාහ ගන්නේ මෙහෙමයි."

ඉස්කෝලේ ඇරිලා ඇවිත් ඒ ඇඳුම පිටින්ම පැය දෙකක් විතර දවසේ විස්තර කිචි බිචි ගගා කිරිල්ලියක් වගේ කියවපු, චූටි මල්ලිව හුරතල් කරපු, හැරෙන්නවත් ඉඩ නැති ගේ පොඩ්ඩ ලොකු ගෙයක් කරගන්න හීන දැකපු, වාණිජ විෂයෙන් ඒ 3ක් අරගෙන රස්සාවක් කරලා මල්ලිලාට උගන්වන්න ප්‍රාර්ථනා කරපු, අගහිඟකම් ඉවසගෙන හුඟාක් දුර යන්න හිතපු, දීපිකාගේත්, චන්නගේත් වැඩිමල්ම දියණිය නොහිතපු වෙලාවක නොහිතපු දුකක් දී මරු තුරුලට ගියාය. ඇගේ මරණයට වගකිවයුතු නොසැලකිලිමත් රියැදුරු සුගතදාස ක්‍රීඩාංගණයේ සභාපතිවරයා තවමත් උසාවි නියෝගය මත රැඳවුම් භාරයේය.

"පසුගිය නඩු වාරයකදී අපේ පැත්තෙන් එක ලෝයර් කෙනයි හිටියේ. අනෙක් පැත්තට ලෝයර්ස්ලා පස්දෙනෙක් හිටියා. පස්සේ දරුවගේ යාළුවෝ, වෛද්‍යවරයා, හිතවත් අය මැදිහත් වෙලා අපිටත් ලෝයර්ස්ලා හතර දෙනෙක් කතා කරලා දුන්නා. උසාවියේදී මගේ දරුවා හප්පපු කෙනාගේ පුතා මගේ ළඟට ඇවිත් සමාවෙන්න කියලා කිව්වා. මට ඒ වෙලාවේ හයියෙන් ඇඬුණා. පුතේ ඔයා මගෙන් සමාව ඉල්ලන්නේ මගේ දරුවගේ මරණයට ඔයාගේ තාත්තා යන්තම් හරි සැලකිලිමත් වුණා නම් අද මගේ දරුවා අතක් පයක් කැඩිලා හරි ජීවත් වෙනවා කියලා මම කිව්වා. මගේ දිහා ඒ වෙලාවේ උසාවියේ හිටපු ලෝයර්ස්ලා හැමෝම බැලුවා. කවදාවත්ම දැකලා නැති ලෝයර්ස්ලා ගොඩක් මගේ ළඟට ආවා. අනෙක් පාර්ශ්වයේ ලෝයර්ස්ලාගෙන් එයාලා ඇහුවා දැන් මොකද කරන්නේ කියලා. එයාලා කිව්වා දරුවගේ අභිවෘද්ධියට කටයුතු කරනවා කියලා. ඊට පස්සේ අර සේරම කෑගහලා ඇහුවා දරුවගේ අභිවෘද්ධිය බලන්නේ සොහොනක් හදල දීලාද කියලා... ලෝයර්ස්ලා අර පුද්ගලයාට එදා ඇප ලබාගන්න ඉඩ දුන්නේ නෑ. පසුගිය 12 වැනිදා ගංගොඩවිල උසාවියේදී ආයෙත් නඩුව කතා කළා. එතැනදි මේ අපරාධය කරපු කෙනාට ඇප ලැබුණා. මගේ දරුවාගේ ජීවිතයට වන්දිය විදියට ලැබුණෙ රුපියල් ලක්ෂයයි. ඇප මත වුණත් මගේ දරුවා මරපු කෙනා දැන් නිදහස්. ඊයෙ තමයි දරුවාගේ 17 වැනි උපන් දිනය තිබුණෙ අපි ඒ ලක්ෂයෙන් දරුවා සිහිකරලා වජිර ළමා නිවාසෙට දානයක් දුන්නා. නඩුව ආයෙත් ජනවාරි 13ට කල්ගියා. අපිට දැන් අපේ දරුවත් නෑ, උසාවි ගාණෙත් රස්තියාදු වෙන්න වෙලා. රටක් වටින මගේ දරුවාගෙ වටිනාකම උසාවියෙදි ලක්ෂයයි. ඔන්න ඕකයි නීතිය."

පුංචි විශාකා දියණිය සිහින මැව්වේ හැරෙන්නවත් ඉඩ නැති නිවෙස හදාගන්නය. දැන් මේ පවුල සිටි තැනිනුත් පහළට වැටී ඇත. මේ මරණය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ආධාර මුදලක් හෝ ලැබී නැත. ලබන නඩු වාරයේදී අපරාධකරුවාද ඇප මත නිදහස් වූ පසු මේ දියණියගේ කතාවත් අතීතයට එකතු වීමට ඉඩ ඇත. සම්මානනීය රංගන ශිල්පීන්ටත් නිවෙස් පරිත්‍යාග කරන අපට මේ පුංචි දියණියගේ ප්‍රාර්ථනය සඵල කරදීම එතරම් අපහසු කටයුත්තක් නොවනු ඇත. මේ දරුවා මියගියේ තව ජීවිත බොහොමයක් ජීවත් කරවමින් බවද සිහි තබාගෙන අප මෙරට උත්තරීතර පාර්ලිමේන්තුව හොබවන මැති ඇමැතිවරුන්ගෙන් සහ ජනාධිපතිතුමන්ගෙන්ද කාරුණික ආයාචනයක් කරමු. නොසැලකිලිමත් රියැදුරකුගේ වරදින් ජීවිතය අහිමි වූ නමුදු ජීවිත රැසක් ජීවත් කළ විශාකා ලියනගේ දියණියගේ පරිත්‍යාගශිලී මවුපියන් දෙස තව එක්වරක් බලන්න.

වාසනා සුරංගිකා විතානගේ

ඡායාරූප-නුවන් අමරවංශ

[QUOTE="IveyStyle, post: 17348025, member: 300727"] [CENTER][IMG]https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-xpa1/v/t1.0-9/10387614_10152884354856934_6158726752059392728_n.jpg?oh=76c60609691ef1a03028a480b7dfe9c8&oe=54DB91F4&__gda__=1424387298_87c166d6999f1bf94db0fd04042c90f2[/IMG][/CENTER] [SIZE="4"]මොළේ මැරිල ඇඟ පණ තියෙන දුවගෙ හදවත-වකුගඩු-අක්මාව දන් දුන්නු උත්තම අම්මයි බෝසත් තාත්තයි. චූටි මල්ලි... මට ලේන්සුව ගෙනත් දෙන්නකෝ පැටියෝ... පන්ති යන්න කියලා මඟක් දුරට ගියපු මගේ දරුවා ආයෙත් හැරිලා ඇවිත් මල්ලිට කියලා ලේන්සුව ගෙන්නව ගත්තා. ඊට පස්සෙ මගේ දුව වචනයක්වත් කතා කළේ නැහැ. අනේ... තව තත්පරයකින්, දෙකකින්... තුනකින්... මගේ දුව කතා කරයිද? ඇස් දෙක ඇරලාවත් බලයිද? මගේ දුවගේ එක අතක් ඇඹරිලා ගිහින් තිබුණේ. මං කොහොමද විශ්වාස කරන්නේ මගේ දරුවා ආයේ කවදාවත්ම ඇස් ඇරලා බලන්නේ නෑ කියලා. එයා අදවත් මගේ දිහා බලයි. මගේ රත්තරන් දුව තවමත් ඇස් පියාගෙන. මේ ෙදාස්තර මහත්තයලා කියනවා මගේ පුතාගේ මොළය මැරිලා කියලා. අනේ මං කොහොමද විශ්වාස කරන්නේ මගේ පුතේ. ඉස්පිරිතාලේ ෙදාස්තරලා, මිසීලා සේරම බලන් ඉන්නේ මම දරුවාගේ අක්මාව ඉවත් කරන්න කැමැත්ත දෙනකල්. මම මගේ දරුවගේ ඇඟට දාලා තිබුණ ෂීට් එක පොඩ්ඩක් අෑත් කරලා බැලුවා. දරුවගේ කකුල් දෙක හොඳටම නිල්පාට වෙලා. ඉදිමිලා. මං පුතාගේ අම්මා. ඒත් පුතේ මගේ හිත කියනවා ඔයාව ජීවත් කරවන්න බෑ කියලා. මං මගේ අහිංසක දරුවගේ කන ළඟට නැමුණා. අනේ... අවුරුදු 17ක් තිස්සේ මගේ තුරුල්ලේ උණුසුම් වුණ දරුවට අද මගේ උණුසුමවත් දැනුණේ නෑ. මං හිත ගලක් කරගත්තා. මං මගේ රත්තරන් දරුවගේ කන ළඟට ළංවෙලා මේ ලෝකේ ඉන්න කිසිම අම්මා කෙනෙක්ට කියන්න බැරි භයානකම වචන ටික මගේ දරුවට කිව්වා. "අනේ පුතේ... ඔයා ඉන්න එපා. ඔයා යන්න. තේරුමක් නෑ. මම කොහොම හරි හිත හදාගන්නම්. මම කොහොමහරි අමතක කරන්නම් ඔයා යන්න මගෙ රත්තරන් පුතේ" අන්තිමේදී මගේ දරුවගේ හුස්ම ටික ඩිංග ඩිංග ඉහළ පහළ වැටෙද්දිම මම දරුවගේ අක්මාව ඉවත් කරගන්න වෛද්‍යවරුන්ට අවසර දුන්නා. පහුගිය 24 වැනිදා හවස 7.40ට විතර දෙපානම අරලිය උයන හන්දියේ කහ ඉර මතදී මේ පුංචි සමනලියගේ සියලු සංවේදනයන් අහිමි විය. අෑ අවසන් වතාවට මිමිණූ එකම වචනය ඇගේ තාත්තාගේ නමයි. ඉන්පසු අෑ අගහිඟකම් පිරුණු පුංචි ගෙදර චූටි මල්ලිත් ලොකු මල්ලිත් අම්මාත් තාත්තාත් අතහැර කවුරුත් නොදන්නා ලෝකයකට ගියාය. ඇගේ සිත කොයි ගියාදැයි කිසිවකුත් දැන නොසිටියත් කොයි මොහොතේ හෝ ඒ පුංචි හිත අෑ ළඟට යළිත් පැමිණේවියි කියා බොහෝ දෙනෙක් මඟ බලා සිටියහ. "අම්මේ... මම කියන දේ තේරුම් ගන්න. මේ දරුවව ජීවත් කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ 5%යි. මේ දරුවගේ මොළය මැරිලා. බැරිවෙලා හරි සිහිය ආවත් කිසිම හැඟීමක් දැනීමක් නැතිව තමයි ජීවත්වෙන්න සිද්ධවෙන්නේ. අම්මාට දරුවා ජීවතුන් අතර කියලා දැනෙන මහා පුණ්‍යකර්මයක් කරගන්න පුළුවන් දරුවගේ අවයව පරිත්‍යාග කළොත්. බැරිවෙලා හරි මැෂින් වැඩ කරද්දිම දරුවා මියගියොත් අක්මාව ගන්න බෑ." ආදරණීය අම්මකුට තමන්ගෙ දරුවාගේ අවසන් ගමන ඉක්මන් කළ යුතු බව පැහැදිලි කිරීමේ අතිශය සංවේදී වෑයම වෛද්‍යවරයා තවදුරටත් අත නොහැරියේය. මේ දරුවාගේ අන්තිම හුස්ම ඇබින්දෙන් ජීවය ලබන්නට මේ රෝහලේම තවත් කෙළවරක පණ ගැහෙන ප්‍රාණියෙක් බලාපොරොත්තු සහගතව පසුවෙයි. තව කෙනකුට ජීවය ලබාදී මරණය වැලඳගැනීමට සූදානමින් පුංචි දියණිය තවමත් නිසොල්මනේය. "ඇත්තටම මොළේ මැරෙනවා කියන එක ගැන මටවත් මහත්තයාටවත් කිසිම අවබෝධයක් තිබුණේ නෑ. මොළේ මැරිලා කිව්වත් අපි හිතුවේ කොයි මොහොතේ හරි දරුවා නැඟිටියි කියලා. අපි දෙන්නා උදේ පාන්දර 5.00ට බුදු පහන තියලා ඉස්පිරිතාලෙට දුවන්නේ අද නම් දරුවට ගුණ ඇති කියලා හිතාගෙන. දවස් එකහමාරක් විතර යනකල් මටයි මහත්තයාටයි දරුවගේ මොළේ මැරිලා කියන කතාව තේරුම් ගන්න බැරිව හිටියා. ෙදාස්තර මහත්තයා තමයි ඒ අවාසනාවන්ත ඇත්ත තේරුම් කරලා දුන්නේ. ඒත් මොන අම්මාටද කියන්න පුළුවන් තමන්ගේ දරුවා ජීවත්වුණා ඇති කියලා..." මේ ලෝකේ සිටින කිසිම අම්මා කෙනකුට සිහිනයකින්වත් දකින්න බැරි ඒ භයානක ඇත්තට මුහුණ දෙන්නට ගයනි විශාකා ලියනගේ දියණියගේ අම්මාට සිදු විය. අක්මා ආබාධයකින් පෙළෙන 21 හැවිරිදි තරුණියගේ ජීවිතයද එන්න එන්නම දැඩි අවදානමට ලක්වෙද්දී වෛද්‍යවරයා අම්මාගෙත් තාත්තාගේත් හිත හදන්නට යළි යළිත් උත්සාහ ගත්තේය. රෝද තුනේ වාහනය කැරකෙන තරමට දරුවන්ට හොඳින් උගන්වන්නත් බඩකට පිරෙන්න කන්න දෙන්නත් මැළි නොවූ විශාඛා දියණියගේ තාත්තා දාහත් වසරක දුක් මහන්සියේ ප්‍රතිඵලය දෙස කඳුළු පිරුණු දෑසින් බලා සිටියේය. ගෙවල් ෙදාරවල් ඉඩකඩම්, බඩුමුට්ටු කිසිවක්ම නොවූ විශාකාගේ මවුපියන්ට සිටිය එකම සම්පත ඔවුන්ගේ දරු දෙදෙනාය. අවුරුදු 17ක් තිස්සේ සෙම්ප්‍රතිශ්‍යාවක් වැලඳුණත් බෙහෙත් අරගෙන දී මලක් සේ දැඩි කළ එකම දියණිය දැන් ජීවත්වුණා හොඳටම ඇති කියා තීරණය කරන්නට විශාකාගේ ආදරණීය තාත්තා හිත හදාගත්තේය. ඔහු විශාකාගේ අම්මාගේ වේදනාවෙන් බරිත හදවත අස්වැසුවේය. "අපිට දුව නැතිවෙලා නෑනේ. දුවගේ හැම අවයවයක්ම තව කෙනෙක්ව ජීවත් කරනවනේ. මේ, වෙලා තියෙන ඇක්සිඩන්ට් එකේ හැටියට කරන්න තියෙන හොඳම දේ... අපි මේකට කැමැති වෙමු. දරුවටත් හොඳ තැනකට යන්න ඒ පින්කම උපකාරයක් වේවි..." මොළය මියැදුණු මුත් පණ ගැහෙන පුංචි දියණිය දෙස මේ ලෝකයේ සිටින ආදරණීයම තාත්තා තව වරක් බැලුවේය. ඒ කතා කළේ තමන්මදැයි යළි යළිත් සිතුවේය. මොළයත් හදවතත් සියල්ල අක්‍රිය වී ක්ෂණයකට මුළු ලෝකයම එක තැන නතර වූයේය. තවමත් ඒ දෑඟිලි සුමටය. තවමත් ඒ කොපුළත උණුසුම්ය. තවමත් ඒ ළපටි හදවත ලබ් ඩබ් හඬ නඟන්නේය. ඒත් අවසානයේ දරුවා ජීවතුන් අතර සිටියදීම ඇයගේ සියයට සියයක්ම නිරෝගී සියලු අවයව සිරුරින් ඉවත් කරගන්නට ඒ බෝසත් අම්මාත් තාත්තාත් අවසර දුන්නේය. "අපි ඒ තීරණය දීලා කෙළින්ම ආවේ පන්සලට. දරුවගේ ඉස්කෝලෙ යාළුවෝ, ගුරුවරු, ගමේ හිතවත් අය, ඥාතීන් හැමෝම පන්සලට ඇවිත් හිටියේ. හරියටම රෑ 10.30ට මගේ රත්තරන් දරුවගේ හුස්ම ටික රඳවගෙන හිටපු මැෂින් ගලවනවා. තව මිනිත්තුවයි... තත්පර තිහයි.... අපි ෙදාහොත් මුදුන් දීලා ලොව්තුරා බුදුන්ට වැන්දා. මගේ අහිංසක දරුවා ලෝකේ කොහේ හරි තැනක පින්වන්ත දරුවෙක් වෙලා ඉපදෙන්න... බෝධි පූජාව පටන් ගනිද්දි මගේ දූ තවත් දුවකුට මේ ලෝකේ දකින්න එයාගේ වකුගඩු, අක්මාව, ඇස්... තව බොහෝ දේ පරිත්‍යාග කළා." බෝධිසත්වයන් ලොව්තුරා බුදු බව පතා එක් එක් භවයන්හිදී ඇස්, ඉස්, මස්, ලේ දන්දුන් බව අපි අසා ඇත්තෙමු. පුංචි විශාකා දියණියද ජීවතුන් අතර සිටියදීම අක්මාව, හෘදය වස්තුව, වකුගඩු, ඇස් ආදී තව බොහෝ ඉන්ද්රියයන් දන්දී මතු බුදුවන පෙරුමන් පිරුවාය. "ඒක හරිම හාස්කමක් වගේ. මගේ දරුවගේ අක්මාව අර දරුණු අක්මා රෝගයෙන් පෙළුණ දරුවට සියයට සියයක්ම ගැළපුණා. ඒ අයත් හරිම දුප්පත් මිනිස්සු. මේ රෝගය නිසාම හුඟක් අසරණ තත්ත්වයට පත්වෙලා හිටියේ. මගේ දරුවගේ වාසනාවට ඒ දරුවා දැන් ජීවත් වෙනවා. දරුවගේ අනෙක් අවයවත් මේ විදියටම කාට හරි ජීවත් වෙන්න උපකාරී වේවි. ෙදාස්තර මහත්තයා කිව්වා අම්මේ... ඔයාගේ දරුවාගේ මොළය විතරයි මැරිලා තියෙන්නේ. අනිත් හැම අවයවයක්ම සියයට සියයක්ම නිරෝගීයි කියලා. මගේ පින්වන්ත දරුවා ජීවතුන් අතර ඉඳගෙනම මේ වගේ දානයක් කරගත්තා. මගේ දරුවා තව හුඟ දෙනෙක්ට ජීවිතය දුන්නා. දරුවා මියගියත් මගේ දරුවගේ අවයව මේ රටේ කොහේ හෝ තැනක දරුවෙක්ව ජීවත් කරනවා. මායි මහත්තයායි හිත හදාගන්න උත්සාහ ගන්නේ මෙහෙමයි." ඉස්කෝලේ ඇරිලා ඇවිත් ඒ ඇඳුම පිටින්ම පැය දෙකක් විතර දවසේ විස්තර කිචි බිචි ගගා කිරිල්ලියක් වගේ කියවපු, චූටි මල්ලිව හුරතල් කරපු, හැරෙන්නවත් ඉඩ නැති ගේ පොඩ්ඩ ලොකු ගෙයක් කරගන්න හීන දැකපු, වාණිජ විෂයෙන් ඒ 3ක් අරගෙන රස්සාවක් කරලා මල්ලිලාට උගන්වන්න ප්‍රාර්ථනා කරපු, අගහිඟකම් ඉවසගෙන හුඟාක් දුර යන්න හිතපු, දීපිකාගේත්, චන්නගේත් වැඩිමල්ම දියණිය නොහිතපු වෙලාවක නොහිතපු දුකක් දී මරු තුරුලට ගියාය. ඇගේ මරණයට වගකිවයුතු නොසැලකිලිමත් රියැදුරු සුගතදාස ක්‍රීඩාංගණයේ සභාපතිවරයා තවමත් උසාවි නියෝගය මත රැඳවුම් භාරයේය. "පසුගිය නඩු වාරයකදී අපේ පැත්තෙන් එක ලෝයර් කෙනයි හිටියේ. අනෙක් පැත්තට ලෝයර්ස්ලා පස්දෙනෙක් හිටියා. පස්සේ දරුවගේ යාළුවෝ, වෛද්‍යවරයා, හිතවත් අය මැදිහත් වෙලා අපිටත් ලෝයර්ස්ලා හතර දෙනෙක් කතා කරලා දුන්නා. උසාවියේදී මගේ දරුවා හප්පපු කෙනාගේ පුතා මගේ ළඟට ඇවිත් සමාවෙන්න කියලා කිව්වා. මට ඒ වෙලාවේ හයියෙන් ඇඬුණා. පුතේ ඔයා මගෙන් සමාව ඉල්ලන්නේ මගේ දරුවගේ මරණයට ඔයාගේ තාත්තා යන්තම් හරි සැලකිලිමත් වුණා නම් අද මගේ දරුවා අතක් පයක් කැඩිලා හරි ජීවත් වෙනවා කියලා මම කිව්වා. මගේ දිහා ඒ වෙලාවේ උසාවියේ හිටපු ලෝයර්ස්ලා හැමෝම බැලුවා. කවදාවත්ම දැකලා නැති ලෝයර්ස්ලා ගොඩක් මගේ ළඟට ආවා. අනෙක් පාර්ශ්වයේ ලෝයර්ස්ලාගෙන් එයාලා ඇහුවා දැන් මොකද කරන්නේ කියලා. එයාලා කිව්වා දරුවගේ අභිවෘද්ධියට කටයුතු කරනවා කියලා. ඊට පස්සේ අර සේරම කෑගහලා ඇහුවා දරුවගේ අභිවෘද්ධිය බලන්නේ සොහොනක් හදල දීලාද කියලා... ලෝයර්ස්ලා අර පුද්ගලයාට එදා ඇප ලබාගන්න ඉඩ දුන්නේ නෑ. පසුගිය 12 වැනිදා ගංගොඩවිල උසාවියේදී ආයෙත් නඩුව කතා කළා. එතැනදි මේ අපරාධය කරපු කෙනාට ඇප ලැබුණා. මගේ දරුවාගේ ජීවිතයට වන්දිය විදියට ලැබුණෙ රුපියල් ලක්ෂයයි. ඇප මත වුණත් මගේ දරුවා මරපු කෙනා දැන් නිදහස්. ඊයෙ තමයි දරුවාගේ 17 වැනි උපන් දිනය තිබුණෙ අපි ඒ ලක්ෂයෙන් දරුවා සිහිකරලා වජිර ළමා නිවාසෙට දානයක් දුන්නා. නඩුව ආයෙත් ජනවාරි 13ට කල්ගියා. අපිට දැන් අපේ දරුවත් නෑ, උසාවි ගාණෙත් රස්තියාදු වෙන්න වෙලා. රටක් වටින මගේ දරුවාගෙ වටිනාකම උසාවියෙදි ලක්ෂයයි. ඔන්න ඕකයි නීතිය." පුංචි විශාකා දියණිය සිහින මැව්වේ හැරෙන්නවත් ඉඩ නැති නිවෙස හදාගන්නය. දැන් මේ පවුල සිටි තැනිනුත් පහළට වැටී ඇත. මේ මරණය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ආධාර මුදලක් හෝ ලැබී නැත. ලබන නඩු වාරයේදී අපරාධකරුවාද ඇප මත නිදහස් වූ පසු මේ දියණියගේ කතාවත් අතීතයට එකතු වීමට ඉඩ ඇත. සම්මානනීය රංගන ශිල්පීන්ටත් නිවෙස් පරිත්‍යාග කරන අපට මේ පුංචි දියණියගේ ප්‍රාර්ථනය සඵල කරදීම එතරම් අපහසු කටයුත්තක් නොවනු ඇත. මේ දරුවා මියගියේ තව ජීවිත බොහොමයක් ජීවත් කරවමින් බවද සිහි තබාගෙන අප මෙරට උත්තරීතර පාර්ලිමේන්තුව හොබවන මැති ඇමැතිවරුන්ගෙන් සහ ජනාධිපතිතුමන්ගෙන්ද කාරුණික ආයාචනයක් කරමු. නොසැලකිලිමත් රියැදුරකුගේ වරදින් ජීවිතය අහිමි වූ නමුදු ජීවිත රැසක් ජීවත් කළ විශාකා ලියනගේ දියණියගේ පරිත්‍යාගශිලී මවුපියන් දෙස තව එක්වරක් බලන්න. වාසනා සුරංගිකා විතානගේ ඡායාරූප-නුවන් අමරවංශ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom