Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
HamanHill Fort
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

71 රෝහණ විජේවීර රඳවා සිටි හැමන්හීල් දූපතේ බලකොටුව බලන්නට ගියෙමු

71 කැරැල්ල හටගෙන අප්‍රේල් 5 වැනිදාට වසර 43ක් සම්පූර්ණ විය. එකී කැරැල්ලෙන් පසුව රටේ කතාබහට ලක් වූ ස්ථාන අතර එකක් වූයේ හැමන්හීල් බලකොටුවයි. දූපතක් පුරා පිහිටා ඇති මෙම බලකොටුව එසේ ප්‍රසිද්ධියට පත් වූයේ ජනතා විමුක්ති පෙරමුණේ නයකයා වූ රෝහණ විජේවීර ඇතුළු 71 කැරැල්ලේ සැකකරුවන් රඳවා තැබිමට භාවිතා කළ ස්ථානයක් වූ නිසාය. කැරැල්ලට වසර 43ක් පිරෙන මෙදා අපි එදා විජේවීර රඳවා තැබූ හැමන්හීල් බලකොටුවේ වගතුග සෙවීමට ගියෙමු.

බලකොටු ගැන කතා කරන විට සාමාන්‍යයෙන් අපේ සිහියට නැගෙන්නේ ගාල්ල, කොළඹ, මාතර, මඩකළපුව, ත්‍රිකුණාමලය යන ස්ථානවල පිහිටි බලකොටුයි. නමුත් යාපනයේ පිහිටි හැමන්හීල් බලකොටුව ඒවාට සාපේක්ෂව එතරම් කතාබහට ලක්වන බලකොටුවක් නොවේ.

1971 කැරැල්ල ආරම්භ කරමින් ජනතා විමුක්ති පෙරමුණ යම් යම් ප්රහාරයන් එල්ල කරන අවස්ථාව වනවිටත් එහි නායකයා වූ රෝහණ විජේවීර සිටියේ සිරගතවය. එදා විජේවීර සිරගත කර තිබූ හැමන්හීල් බලකොටුව පිහිටා ඇත්තේ යාපනය අර්ධද්වීපය ආසන්නයේය. කයිට්ස් හා කරෙයිතිව් දූපත් දෙකට මැදිව පිහිටි හුදකලා දූපත හැමන්හීිල්ය. ගිනි බෝලයක් මෙන් බටහිර අහසින් හිරු ගිලීයාමට සූදානම් වන විටත් හැමන්හීල් බලකොටුව ඈතින් දිස්වන්නේ කුඩා කල කියවූ “ෆේමස් ෆයිව්” පොත්වල ඇති රහස් දූපත් බලකොටු සිහියට නංවමිනි. ඈතින් සිට දූපත දෙස බලන්නෙකුට පෙනෙනේනේ බලකොටුව වටා ඇති විසල් තාප්ප පමණි. තාප්පයට ඉහළින් දිස්වෙන රවුම් හැඩති ගොඩනැගිලි සමීප වන්නේ ලෙනාඩෝ ඩි කැප්රියෝ රඟපෑ ‘ෂටර් අයිලන්ඩ්’ චිත්‍රපටයේ හෝ ‘ෂවාන්ක් රිඩෙම්ප්ෂන්’ චිත්‍රපටයේ එන දසුන්වලටය. මුහුදු මාර්ගයෙන් පමණක් ඇතුළු විය හැකි බලකොටුව තුළ ඇත්තේ මොනවාදැයි බලන්නට සිත තුළ නැගෙන්නේ අපූරු අත්දැකීම් ලබන්නට කුඩා දරුවෙකුගේ සිතෙහි ඇතිවන කුතුහලයට නොඅඩු කුතුහලයකි.

යටත් විජිත කාලයේ ඉදිකළ හතළිහකට අධික බලකොටු අතරින් දූපතක් පුරාම පිහිටි එකම බලකොටුව වන්නේ මෙම හැමන්හීල් බලකොටුවයි. එම බලකොටුව ඉදි කරන ලද්දේ පෘතුගීසීන් විසිනි. යාපනයේ බලය හිමිකරගත් ඔවුහු මුලින් යාපනය බලකොටුව ඉදි කළෝය. යාපනය බලකොටුව පෘතුගීසීන්ගේ ආරක්ෂක මධ්‍යස්ථානය වූ අතර වෙළෙඳ මධ්‍යස්ථානය වූයේ යාපනය නගරයයි. යාපනය බලකොටුව හා නගරය යා කරන මුහුදු මාර්ගය වැටී තිබුණේ කයිට්ස් හා කරෙයිතිව් දූපත් මැදිනි. හුණුගල්පර සහිත නොගැඹුරු මුහුදු තීරය දිගේ විහිදි මෙම මුහුදු මාර්ගයේ ආරක්ෂාව සතුරු ආක්‍රමණයකදී කොතරම් වැදගත් දැයි හඳුනාගත් පෘතුගීසීහු එහි ආරක්ෂක උපාය මාර්ග කෙරෙහි අවධානයක් යොමු කළහ. ඔවුන්ගේ අවධානය යොමුවූයේ ඒ අසල පිහිටි කුඩා දූපතකටය.

හැමන්හීල් බලකොටුව ඉදි කළ භූමිය හුණුගල්පර සහිත කුඩා දූපතක් පමණි. කිසිදු සම්පතක් නොමැති දූපතේ බලකොටුවක් ඉදිකිරීමට අවශ්‍ය සියලුමඅමුද්රව්ය ගෙන ආවේ කයිට්ස් දූපතේ සිටය. හුණුගල් හා සිමෙන්ති මිශ්‍රකර සාදාගත් බදාම පිරියම් කරමින්, හුණුගල්පර සහිත දූපතේ පෘතුගීසීන් ඉදිකළ බලකොටුවේ කාලතුවක්කු රඳවා තිබුණේ දැව අට්ටාල මතය. ජල අවශ්‍යතාව සපුරාගත්තේ බලකොටුව මැද ඉදිකළ ජල ටැංකියකිනි. වැසි ජලය පුරවා සකස් කළ එම ටැංකියේ ජලය බලකොටුවේ සියලු දෙනාගේම ජල අවශ්‍යතා පිරිමැසීමට ප්‍රමාණවත් විය.

1652 වසරේදී ලන්දේසි හමුදාව මෙම බලකොටුව වට කළේය. සති දෙකක් තිස්සේ ලන්දේසීන් ප්‍රහාර එල්ල කළත් පෘතුගීසින් පරාජයට පත් කළ නොහැකි විය. අවාසනාවන්ත ලෙස අවසානයේ පෘතුගීසීන්ට පරාජය භාරගැනීමට සිදුවූයේ බලකොටුව මැද පිහිටි ජල ටැංකියට ප්‍රහාර එල්ලවීම නිසා බව ඩබ්ලිව්.ඒ. නෙල්සන් විසින් රචිත “ද ඩච් ෆෝට්රස් ඔෆ් ශ්‍රී ලංකා” කෘතියේ සඳහන් වෙයි. (එය නිශ්ශංක පෙරේරා විසින් “ලංකාවේ ලන්දේසි බලකොටු”නමින් සිංහලයට පරිවර්තනය කර තිබේ)

ජල උල්පතක්වත් නොමැති හැමන්හීල් දූපතට සියල්ලම ගෙන ආ යුතු වූයේ කයිට්ස්වලින් හෝ කරෙයිනගර්වලිනි. පිටත හා කඳවුර අතර සැපයුම අඛණ්ඩව තබාගැනීමට ලන්දේසීන් උත්සුක වූ අතර වෙඩි බෙහෙත් රඳවා තැබුවේ විශේෂිත උමං තුළය. එහෙත් බ්‍රිතාන්‍ය භටයන් යාපනය වැටලූ අවස්ථාවේදී ලන්දේසීන්ගේ අවි බලයෙන් කිසිදු ප්‍රයෝජනයක් අත්වූයේ නැත. ලන්දේසීන් විරෝධයක් නොදක්වාම යටත්වූයේ බ්‍රිතාන්‍යයන්ට බලකොටුව පවරා දෙමිනි. බ්‍රිතාන්‍ය ජාතිකයන් ලංකාවට පැමිණි විට හැමන්හීල් බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට යටත් විය. බ්‍රිතාන්‍ය පාලන සමයේදී බලකොටුව පාලනය වූයේ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව යටතේය. බ්‍රිතාන්‍ය ජාතිකයන් හමුදා බලකොටුවක් ලෙස හැමන්හීල් භාවිතා කරනවා වෙනුවට ඉන්දියාවේ සිට ආ කල්ලතෝනීන් රඳවා තැබිමේ මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කළ බව සඳහන් වේ.

කාලයත් සමග සියල්ලන්ටම අමතක වූ බව පෙනුණු හැමන්හීල් ගැන යළිත් අවධානය යොමුවන්නේ 1971 වසරේදීය. ඒ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ සහ ආරම්භක නායක රෝහණ විජේවීර අත්අඩංගුවට ගැනීමත් සමගය. 1971 මාර්තු මාසයේදී අත්අඩංගුවට පත්වූ විජේවීර මුලින්ම රඳවා තැබුවේ මඩකළපුව බන්ධනාගාරයේය. ඉන්පසුව කොළඹ මැගසින් බන්ධනාගාරයට මාරු කර යැවීය. ඒ වන විටත් ජනතා විමුක්ති පෙරමුණෙන් ප්‍රහාරයක් බලාපොරොත්තුවෙන් සිටි ආණ්ඩුව විජේවීර යාපනය බන්ධනාගාරයට මාරු කර යැවීමට පියවර ගත්තේය.

යාපනය බන්ධනාගාරයේ සිටි විජේවීර නිදහස් කරගැනීමට ප්‍රහාරයක් එල්ල කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ තරුණයෝ පිඹුරුපත් සැකසූහ. කොළඹ සිට තරුණයන් කණ්ඩායමක් යාපනයට ගියේ තමන්ගේ නායකයා බේරාගැනීමේ අරමුණ ඇතිවය. 1971 අප්‍රේල් 4 වැනිදා යාපනය බලා ධාවනය වූ රාත්‍රී දුම්රියේ ගමන් ඇරඹූ තරුණයෝ පසුදා උදෑසන වන විට යාපනයට ළඟාවූහ. ඊට පසු දින තවත් පිරිසක් ඔවුන්ගේ කණ්ඩායමට එක්විය. යාපනය බන්ධනාගාරයට ප්‍රහාරය එල්ලකිරීමට නායකත්වය දුන්නේ බර්ටි රංජිත්ය.

සැලසුමේ හැටියට බන්ධනාගාරය ඇතුළතද ප්‍රහාරයක් එල්ලවිය යුතුව තිබුණි. ඉන්පසුව පිටත සිටින පිරිස්ද ප්‍රහාර එල්ලකරමින් බන්ධනාගාරයට ඇතුළු වී රෝහණ විජේවීර රැගෙන යාමට සැලසුම් කර තිබිණි. එහෙත් සැලසුමේ හැටියට වැඩ කෙරුණේ නැත. හඳ පායා තිබූ රාත්‍රියේ, තල් ගස්වලට මුවාවී සිටි පිරිස් පැය ගණනක් බලා සිටියත් බන්ධනාගාරය තුළ නිහඬ බව එලෙසින්ම පැවතියේය. නමුත් ඒ වන විටත් යාපනය නගරය ගිනි ඇවිලී තිබුණේ තවත් කණ්ඩායමක් යාපනය පොලිස් ස්ථානයට එල්ල කළ ප්‍රහාරය නිසාය. සිය සැලසුම අසාර්ථකවූ තැන විජේවීර බේරාගැනීමට තිබූ සැලසුම පැත්තකට දමා යාපනය නගරයේ ප්‍රහාරයට එක්වීමට එම කණ්ඩායමත් පිටත්ව ගියේය. එහෙත් යාපනය නගරයට ගිය ඔවුන්ට තමන්ගේ සගයන් සමග එක්වීමට අවස්ථාවක් ලැබුණේ නැත. අවසානයේ ඔවුන් නැවතුනේ පොලිස් අත්අඩංගුවේය. අත්අඩංගුවට පත්වූ සියල්ලන්ම කරෙයිනගර් ජැටිය වෙත රැගෙන යනු ලැබිණි. එතැන් සිට නාවික හමුදා බෝට්ටුවල නංවාගෙන හැමන්හීල් බලකොටුවට රැගෙන යන ලද්දේ රෝහණ විජේවීරද සමගය. හැත්තෑ එකේ මහ නඩුවේ විත්තිකරුවන් රැසකටම වසර දෙකකට වඩා වැඩි කාලයක් ගත කිරීමට සිදුවූයේ මේ බලකොටුව තුළය.

මේ සැකකරුවන් රඳවා තැබිමට විශේෂිත සිර කූඩු නොතිබුණි. ඒ නිසා ලන්දේසීන් කළේ වෙඩි බෙහෙත් ගබඩා කිරීමට භාවිතා කළ ගුදම්වලට යකඩ දොරවල් සවිකර තරුණයන් ඒ තුළ සිර කර තැබිමය. හැමන්හීල් හිි සිරගතව සිටි සියල්ලන්ම කම්පාවට පත් කළ අවාසනාවන්ත සිදුවීමක් ද එකල වාර්තා විය. ඒ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයෙකු මෙන්ම කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුවෙකුද වූ ළමාහේවා නමැති දාහත් හැවිරිදි තරුණයාගේ මරණයයි. පොලීසියෙන් හොඳට සැලකුම් ලැබ සිටි ඔහු මියගියේ නිසි ප්‍රතිකාර නොලැබිම නිසා බව පැවැසිණි. වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් රචිත “71 කැරැල්ල” කෘතියේ සඳහන් ආකාරයට මළ සිරුර රහසිගතවම දූපතෙන් එළියට රැගෙන ගොස් කයිට්ස් නාවික හමුදා භූමියේ වළ දමා තිබේ.

විප්ලවයක් කෙරෙහි විශ්වාසය තබාගෙන සිටි මේ තරුණයෝ බලකොටුව තුළ තවත් කැරැල්ලක් ආරම්භ කළෝය. ඒ වෙඩිබෙහෙත් ගුදම් තුළ වූ අපිරිසිදුකම හා අධික රස්නය නිසා සමේ රෝග වසංගතයක් මෙන් පැතිරයාම නිසාය. මෙය ඉවසාගත නොහැකිවූ තරුණයෝ සිරමැදිරිවල යකඩ දොරවල් කඩා දැමුවේ කුස්සියේ තිබූ වංගෙඩි හා මෝල්ගස්වලිනි. සිරමැදිරිවලින් එළියට පැමිණි ඔවුහු බලකොටුවෙන් පැනයාමට කිසිදු උත්සාහයක් නොගත්හ. ඒ හතර වටින්ම මුහුදෙන් වටවී ඇති දූපතෙන් පැන යාමට කිසිදු මගක් නොමැති බව ඔවුන් මීට පෙර අවබෝධ කරගෙන සිටි නිසාය. සිරකරුවන් රඳවා තැබූ හයවැනි ගබඩාව තුළින් උමගක් හාරා පළායාමට වරක් උත්සාහ කළ නමුත් ඒ උත්සාහය අසාර්ථක වූයේ පෘතුගීසීන් හා ලන්දේසීන් සවිමත් කළ තාප්ප බිඳීමට නොහැකිවීම හේතුවෙනි. ඔවුන් පළායාමේ උත්සාහය ඒ සමග අතහැර දැමූ බව රෙක්සි හයසින්ත් වසන්ත ප්‍රනාන්දු හෙවත් මාබෝලේ රෙක්සි “71 කැරැල්ල” කෘතියට පවසා තිබුණි. මෙය අවබෝධ කරගෙන සිටි සිරකරුවෝ තමන් පැන නොයන බව ආරක්ෂාවට සිටි නාවික භටයන්ට සැල කර සිටියහ. ඉන් පසුව ඔවුන්ට එළිමහනේ නිදහසේ රැඳී සිටීමට අවස්ථාව හිමිවිය.

හැමන්හීල් බලකොටුවේ සිරගතව සිටි කාලය ගැන මාබෝලේ රෙක්සි “71 කැරැල්ල” කෘතියට සිය මතකයන් ආවර්ජනය කර තිබුණේය. “හැමන්හීල් සිර කඳවුරේ දේශපාලන මතවාදවලට ගහගත්තාට අනෙක් සිර කඳවුරුවල වගේ පාන් භාගයට සෙරෙප්පු දෙකට ගහගත්තේ නැහැ. හැමන්හීල් හරහා විප්ලවීය සාහිත්‍යයකුත්, ගීත කලාවකුත් ගොඩනැගුනා. අපි හවසට එකතුවෙලා සින්දු කියනවා. සමහර දවස්වලට නාට්‍ය කළා. නේවි එකේ භටයෝ තාප්ප උඩට වෙලා අපි නාට්‍ය රඟ දක්වන හැටි බලාගෙන හිටියා.”

මෙම විප්ලවකාරී තරුණයන් අතින් එදා ලියවුණු කුරුටු ගී අදටත් බලකොටුවේ බිත්තිවල දක්නට ලැබෙයි. විජේවීර රඳවා සිටි කුටියේ සිරකරුවන් විසින් ඇඳි විජේවීරගේ චිත්‍රය පමණක් නොව කුරුටු ගීත රැසක්ම මැකී නොමැකී තිබෙන හැටි දකින්නට හැකිය.

ජනතා විමුක්ති පෙරමුණේ සිරකරුවන් නිදහස් කිරීමත් සමග හැමන්හීල් ගැන මතකය කමෛන් මැකී ගියේය. පසුගිය යුද ගැටුම් සමයේදී හැමන්හීල් ගැන ජනතාවට කිසිදු මතකයක් නොමැත්තේ එය අධි ආරක්ෂිත කලාපයට ඇතුළත් වීම නිසාය. එහි සියලුම වගකීම් පැවරුණේ නාවික හමුදාවටය. නාවික හමුදාව භාරයේ ඇති හැමන්හීල් අද සංචාරකයන්ට නවාතැන් සපයන සුපිරි පැලැන්තියේ හෝටලයකි. එය පාලනය කරනු ලබන්නේ නාවික හමුදාව විසින්ය. පැරණි බලකොටුවක සිරි විඳිමින් අවට ලෝකයෙන් මිදී හුදකලාව විවේකය ගතකරන්නන්ට අද හැමන්හීල් සොඳුරු නවාතැනකි.

සුපිරි පැලැන්තියේ කාමරවල විවේකය ගතකිරීමට කැමති අයට මෙන්ම සිර කුටියක විවේකය ගත කිරීමට කැමති අයටද අවැසි පහසුකම් ලබාදීමට නාවික හමුදාව සැදී පැහැදී සිටී. ඒ එදා විජේවීරලා සිටි සිර කාමරද යකඩ දොරවල් දැමූ හෝටල් කාමර බවට පත් කිරීම නිසාය. සිර කුටියේ රැය ගතකරනවා පමණක් නොව සිරකරුවන්ට ලබාදෙන ඇලුමිනියම් කෝප්පයක වතුර බි, ඇලුමිනියම් පිඟානක කෑම කෑමටද අවස්ථාවක් මෙහිදී ලබා ගත හැක.

[QUOTE="mayuri., post: 16496550, member: 291736"] [B][SIZE=3]71 රෝහණ විජේවීර රඳවා සිටි හැමන්හීල් දූපතේ බලකොටුව බලන්නට ගියෙමු[/SIZE] [IMG]http://www.lakbima.lk/images/stories/frontpage/2014/April/2014.04.07/Halman-hil3.jpg[/IMG] [/B] [B][SIZE=3]71 කැරැල්ල හටගෙන අප්‍රේල් 5 වැනිදාට වසර 43ක් සම්පූර්ණ විය. එකී කැරැල්ලෙන් පසුව රටේ කතාබහට ලක් වූ ස්ථාන අතර එකක් වූයේ හැමන්හීල් බලකොටුවයි. දූපතක් පුරා පිහිටා ඇති මෙම බලකොටුව එසේ ප්‍රසිද්ධියට පත් වූයේ ජනතා විමුක්ති පෙරමුණේ නයකයා වූ රෝහණ විජේවීර ඇතුළු 71 කැරැල්ලේ සැකකරුවන් රඳවා තැබිමට භාවිතා කළ ස්ථානයක් වූ නිසාය. කැරැල්ලට වසර 43ක් පිරෙන මෙදා අපි එදා විජේවීර රඳවා තැබූ හැමන්හීල් බලකොටුවේ වගතුග සෙවීමට ගියෙමු. බලකොටු ගැන කතා කරන විට සාමාන්‍යයෙන් අපේ සිහියට නැගෙන්නේ ගාල්ල, කොළඹ, මාතර, මඩකළපුව, ත්‍රිකුණාමලය යන ස්ථානවල පිහිටි බලකොටුයි. නමුත් යාපනයේ පිහිටි හැමන්හීල් බලකොටුව ඒවාට සාපේක්ෂව එතරම් කතාබහට ලක්වන බලකොටුවක් නොවේ. 1971 කැරැල්ල ආරම්භ කරමින් ජනතා විමුක්ති පෙරමුණ යම් යම් ප්රහාරයන් එල්ල කරන අවස්ථාව වනවිටත් එහි නායකයා වූ රෝහණ විජේවීර සිටියේ සිරගතවය. එදා විජේවීර සිරගත කර තිබූ හැමන්හීල් බලකොටුව පිහිටා ඇත්තේ යාපනය අර්ධද්වීපය ආසන්නයේය. කයිට්ස් හා කරෙයිතිව් දූපත් දෙකට මැදිව පිහිටි හුදකලා දූපත හැමන්හීිල්ය. ගිනි බෝලයක් මෙන් බටහිර අහසින් හිරු ගිලීයාමට සූදානම් වන විටත් හැමන්හීල් බලකොටුව ඈතින් දිස්වන්නේ කුඩා කල කියවූ “ෆේමස් ෆයිව්” පොත්වල ඇති රහස් දූපත් බලකොටු සිහියට නංවමිනි. ඈතින් සිට දූපත දෙස බලන්නෙකුට පෙනෙනේනේ බලකොටුව වටා ඇති විසල් තාප්ප පමණි. තාප්පයට ඉහළින් දිස්වෙන රවුම් හැඩති ගොඩනැගිලි සමීප වන්නේ ලෙනාඩෝ ඩි කැප්රියෝ රඟපෑ ‘ෂටර් අයිලන්ඩ්’ චිත්‍රපටයේ හෝ ‘ෂවාන්ක් රිඩෙම්ප්ෂන්’ චිත්‍රපටයේ එන දසුන්වලටය. මුහුදු මාර්ගයෙන් පමණක් ඇතුළු විය හැකි බලකොටුව තුළ ඇත්තේ මොනවාදැයි බලන්නට සිත තුළ නැගෙන්නේ අපූරු අත්දැකීම් ලබන්නට කුඩා දරුවෙකුගේ සිතෙහි ඇතිවන කුතුහලයට නොඅඩු කුතුහලයකි. [/SIZE] [IMG]http://www.lakbima.lk/images/stories/frontpage/2014/April/2014.04.07/Halman-hil2.jpg[/IMG] [/B][SIZE=3]යටත් විජිත කාලයේ ඉදිකළ හතළිහකට අධික බලකොටු අතරින් දූපතක් පුරාම පිහිටි එකම බලකොටුව වන්නේ මෙම හැමන්හීල් බලකොටුවයි. එම බලකොටුව ඉදි කරන ලද්දේ පෘතුගීසීන් විසිනි. යාපනයේ බලය හිමිකරගත් ඔවුහු මුලින් යාපනය බලකොටුව ඉදි කළෝය. යාපනය බලකොටුව පෘතුගීසීන්ගේ ආරක්ෂක මධ්‍යස්ථානය වූ අතර වෙළෙඳ මධ්‍යස්ථානය වූයේ යාපනය නගරයයි. යාපනය බලකොටුව හා නගරය යා කරන මුහුදු මාර්ගය වැටී තිබුණේ කයිට්ස් හා කරෙයිතිව් දූපත් මැදිනි. හුණුගල්පර සහිත නොගැඹුරු මුහුදු තීරය දිගේ විහිදි මෙම මුහුදු මාර්ගයේ ආරක්ෂාව සතුරු ආක්‍රමණයකදී කොතරම් වැදගත් දැයි හඳුනාගත් පෘතුගීසීහු එහි ආරක්ෂක උපාය මාර්ග කෙරෙහි අවධානයක් යොමු කළහ. ඔවුන්ගේ අවධානය යොමුවූයේ ඒ අසල පිහිටි කුඩා දූපතකටය. හැමන්හීල් බලකොටුව ඉදි කළ භූමිය හුණුගල්පර සහිත කුඩා දූපතක් පමණි. කිසිදු සම්පතක් නොමැති දූපතේ බලකොටුවක් ඉදිකිරීමට අවශ්‍ය සියලුමඅමුද්රව්ය ගෙන ආවේ කයිට්ස් දූපතේ සිටය. හුණුගල් හා සිමෙන්ති මිශ්‍රකර සාදාගත් බදාම පිරියම් කරමින්, හුණුගල්පර සහිත දූපතේ පෘතුගීසීන් ඉදිකළ බලකොටුවේ කාලතුවක්කු රඳවා තිබුණේ දැව අට්ටාල මතය. ජල අවශ්‍යතාව සපුරාගත්තේ බලකොටුව මැද ඉදිකළ ජල ටැංකියකිනි. වැසි ජලය පුරවා සකස් කළ එම ටැංකියේ ජලය බලකොටුවේ සියලු දෙනාගේම ජල අවශ්‍යතා පිරිමැසීමට ප්‍රමාණවත් විය. 1652 වසරේදී ලන්දේසි හමුදාව මෙම බලකොටුව වට කළේය. සති දෙකක් තිස්සේ ලන්දේසීන් ප්‍රහාර එල්ල කළත් පෘතුගීසින් පරාජයට පත් කළ නොහැකි විය. අවාසනාවන්ත ලෙස අවසානයේ පෘතුගීසීන්ට පරාජය භාරගැනීමට සිදුවූයේ බලකොටුව මැද පිහිටි ජල ටැංකියට ප්‍රහාර එල්ලවීම නිසා බව ඩබ්ලිව්.ඒ. නෙල්සන් විසින් රචිත “ද ඩච් ෆෝට්රස් ඔෆ් ශ්‍රී ලංකා” කෘතියේ සඳහන් වෙයි. (එය නිශ්ශංක පෙරේරා විසින් “ලංකාවේ ලන්දේසි බලකොටු”නමින් සිංහලයට පරිවර්තනය කර තිබේ) ජල උල්පතක්වත් නොමැති හැමන්හීල් දූපතට සියල්ලම ගෙන ආ යුතු වූයේ කයිට්ස්වලින් හෝ කරෙයිනගර්වලිනි. පිටත හා කඳවුර අතර සැපයුම අඛණ්ඩව තබාගැනීමට ලන්දේසීන් උත්සුක වූ අතර වෙඩි බෙහෙත් රඳවා තැබුවේ විශේෂිත උමං තුළය. එහෙත් බ්‍රිතාන්‍ය භටයන් යාපනය වැටලූ අවස්ථාවේදී ලන්දේසීන්ගේ අවි බලයෙන් කිසිදු ප්‍රයෝජනයක් අත්වූයේ නැත. ලන්දේසීන් විරෝධයක් නොදක්වාම යටත්වූයේ බ්‍රිතාන්‍යයන්ට බලකොටුව පවරා දෙමිනි. බ්‍රිතාන්‍ය ජාතිකයන් ලංකාවට පැමිණි විට හැමන්හීල් බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට යටත් විය. බ්‍රිතාන්‍ය පාලන සමයේදී බලකොටුව පාලනය වූයේ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව යටතේය. බ්‍රිතාන්‍ය ජාතිකයන් හමුදා බලකොටුවක් ලෙස හැමන්හීල් භාවිතා කරනවා වෙනුවට ඉන්දියාවේ සිට ආ කල්ලතෝනීන් රඳවා තැබිමේ මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කළ බව සඳහන් වේ. කාලයත් සමග සියල්ලන්ටම අමතක වූ බව පෙනුණු හැමන්හීල් ගැන යළිත් අවධානය යොමුවන්නේ 1971 වසරේදීය. ඒ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ සහ ආරම්භක නායක රෝහණ විජේවීර අත්අඩංගුවට ගැනීමත් සමගය. 1971 මාර්තු මාසයේදී අත්අඩංගුවට පත්වූ විජේවීර මුලින්ම රඳවා තැබුවේ මඩකළපුව බන්ධනාගාරයේය. ඉන්පසුව කොළඹ මැගසින් බන්ධනාගාරයට මාරු කර යැවීය. ඒ වන විටත් ජනතා විමුක්ති පෙරමුණෙන් ප්‍රහාරයක් බලාපොරොත්තුවෙන් සිටි ආණ්ඩුව විජේවීර යාපනය බන්ධනාගාරයට මාරු කර යැවීමට පියවර ගත්තේය. යාපනය බන්ධනාගාරයේ සිටි විජේවීර නිදහස් කරගැනීමට ප්‍රහාරයක් එල්ල කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ තරුණයෝ පිඹුරුපත් සැකසූහ. කොළඹ සිට තරුණයන් කණ්ඩායමක් යාපනයට ගියේ තමන්ගේ නායකයා බේරාගැනීමේ අරමුණ ඇතිවය. 1971 අප්‍රේල් 4 වැනිදා යාපනය බලා ධාවනය වූ රාත්‍රී දුම්රියේ ගමන් ඇරඹූ තරුණයෝ පසුදා උදෑසන වන විට යාපනයට ළඟාවූහ. ඊට පසු දින තවත් පිරිසක් ඔවුන්ගේ කණ්ඩායමට එක්විය. යාපනය බන්ධනාගාරයට ප්‍රහාරය එල්ලකිරීමට නායකත්වය දුන්නේ බර්ටි රංජිත්ය. සැලසුමේ හැටියට බන්ධනාගාරය ඇතුළතද ප්‍රහාරයක් එල්ලවිය යුතුව තිබුණි. ඉන්පසුව පිටත සිටින පිරිස්ද ප්‍රහාර එල්ලකරමින් බන්ධනාගාරයට ඇතුළු වී රෝහණ විජේවීර රැගෙන යාමට සැලසුම් කර තිබිණි. එහෙත් සැලසුමේ හැටියට වැඩ කෙරුණේ නැත. හඳ පායා තිබූ රාත්‍රියේ, තල් ගස්වලට මුවාවී සිටි පිරිස් පැය ගණනක් බලා සිටියත් බන්ධනාගාරය තුළ නිහඬ බව එලෙසින්ම පැවතියේය. නමුත් ඒ වන විටත් යාපනය නගරය ගිනි ඇවිලී තිබුණේ තවත් කණ්ඩායමක් යාපනය පොලිස් ස්ථානයට එල්ල කළ ප්‍රහාරය නිසාය. සිය සැලසුම අසාර්ථකවූ තැන විජේවීර බේරාගැනීමට තිබූ සැලසුම පැත්තකට දමා යාපනය නගරයේ ප්‍රහාරයට එක්වීමට එම කණ්ඩායමත් පිටත්ව ගියේය. එහෙත් යාපනය නගරයට ගිය ඔවුන්ට තමන්ගේ සගයන් සමග එක්වීමට අවස්ථාවක් ලැබුණේ නැත. අවසානයේ ඔවුන් නැවතුනේ පොලිස් අත්අඩංගුවේය. අත්අඩංගුවට පත්වූ සියල්ලන්ම කරෙයිනගර් ජැටිය වෙත රැගෙන යනු ලැබිණි. එතැන් සිට නාවික හමුදා බෝට්ටුවල නංවාගෙන හැමන්හීල් බලකොටුවට රැගෙන යන ලද්දේ රෝහණ විජේවීරද සමගය. හැත්තෑ එකේ මහ නඩුවේ විත්තිකරුවන් රැසකටම වසර දෙකකට වඩා වැඩි කාලයක් ගත කිරීමට සිදුවූයේ මේ බලකොටුව තුළය. මේ සැකකරුවන් රඳවා තැබිමට විශේෂිත සිර කූඩු නොතිබුණි. ඒ නිසා ලන්දේසීන් කළේ වෙඩි බෙහෙත් ගබඩා කිරීමට භාවිතා කළ ගුදම්වලට යකඩ දොරවල් සවිකර තරුණයන් ඒ තුළ සිර කර තැබිමය. හැමන්හීල් හිි සිරගතව සිටි සියල්ලන්ම කම්පාවට පත් කළ අවාසනාවන්ත සිදුවීමක් ද එකල වාර්තා විය. ඒ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයෙකු මෙන්ම කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුවෙකුද වූ ළමාහේවා නමැති දාහත් හැවිරිදි තරුණයාගේ මරණයයි. පොලීසියෙන් හොඳට සැලකුම් ලැබ සිටි ඔහු මියගියේ නිසි ප්‍රතිකාර නොලැබිම නිසා බව පැවැසිණි. වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් රචිත “71 කැරැල්ල” කෘතියේ සඳහන් ආකාරයට මළ සිරුර රහසිගතවම දූපතෙන් එළියට රැගෙන ගොස් කයිට්ස් නාවික හමුදා භූමියේ වළ දමා තිබේ. විප්ලවයක් කෙරෙහි විශ්වාසය තබාගෙන සිටි මේ තරුණයෝ බලකොටුව තුළ තවත් කැරැල්ලක් ආරම්භ කළෝය. ඒ වෙඩිබෙහෙත් ගුදම් තුළ වූ අපිරිසිදුකම හා අධික රස්නය නිසා සමේ රෝග වසංගතයක් මෙන් පැතිරයාම නිසාය. මෙය ඉවසාගත නොහැකිවූ තරුණයෝ සිරමැදිරිවල යකඩ දොරවල් කඩා දැමුවේ කුස්සියේ තිබූ වංගෙඩි හා මෝල්ගස්වලිනි. සිරමැදිරිවලින් එළියට පැමිණි ඔවුහු බලකොටුවෙන් පැනයාමට කිසිදු උත්සාහයක් නොගත්හ. ඒ හතර වටින්ම මුහුදෙන් වටවී ඇති දූපතෙන් පැන යාමට කිසිදු මගක් නොමැති බව ඔවුන් මීට පෙර අවබෝධ කරගෙන සිටි නිසාය. සිරකරුවන් රඳවා තැබූ හයවැනි ගබඩාව තුළින් උමගක් හාරා පළායාමට වරක් උත්සාහ කළ නමුත් ඒ උත්සාහය අසාර්ථක වූයේ පෘතුගීසීන් හා ලන්දේසීන් සවිමත් කළ තාප්ප බිඳීමට නොහැකිවීම හේතුවෙනි. ඔවුන් පළායාමේ උත්සාහය ඒ සමග අතහැර දැමූ බව රෙක්සි හයසින්ත් වසන්ත ප්‍රනාන්දු හෙවත් මාබෝලේ රෙක්සි “71 කැරැල්ල” කෘතියට පවසා තිබුණි. මෙය අවබෝධ කරගෙන සිටි සිරකරුවෝ තමන් පැන නොයන බව ආරක්ෂාවට සිටි නාවික භටයන්ට සැල කර සිටියහ. ඉන් පසුව ඔවුන්ට එළිමහනේ නිදහසේ රැඳී සිටීමට අවස්ථාව හිමිවිය. හැමන්හීල් බලකොටුවේ සිරගතව සිටි කාලය ගැන මාබෝලේ රෙක්සි “71 කැරැල්ල” කෘතියට සිය මතකයන් ආවර්ජනය කර තිබුණේය. “හැමන්හීල් සිර කඳවුරේ දේශපාලන මතවාදවලට ගහගත්තාට අනෙක් සිර කඳවුරුවල වගේ පාන් භාගයට සෙරෙප්පු දෙකට ගහගත්තේ නැහැ. හැමන්හීල් හරහා විප්ලවීය සාහිත්‍යයකුත්, ගීත කලාවකුත් ගොඩනැගුනා. අපි හවසට එකතුවෙලා සින්දු කියනවා. සමහර දවස්වලට නාට්‍ය කළා. නේවි එකේ භටයෝ තාප්ප උඩට වෙලා අපි නාට්‍ය රඟ දක්වන හැටි බලාගෙන හිටියා.” මෙම විප්ලවකාරී තරුණයන් අතින් එදා ලියවුණු කුරුටු ගී අදටත් බලකොටුවේ බිත්තිවල දක්නට ලැබෙයි. විජේවීර රඳවා සිටි කුටියේ සිරකරුවන් විසින් ඇඳි විජේවීරගේ චිත්‍රය පමණක් නොව කුරුටු ගීත රැසක්ම මැකී නොමැකී තිබෙන හැටි දකින්නට හැකිය. ජනතා විමුක්ති පෙරමුණේ සිරකරුවන් නිදහස් කිරීමත් සමග හැමන්හීල් ගැන මතකය කමෛන් මැකී ගියේය. පසුගිය යුද ගැටුම් සමයේදී හැමන්හීල් ගැන ජනතාවට කිසිදු මතකයක් නොමැත්තේ එය අධි ආරක්ෂිත කලාපයට ඇතුළත් වීම නිසාය. එහි සියලුම වගකීම් පැවරුණේ නාවික හමුදාවටය. නාවික හමුදාව භාරයේ ඇති හැමන්හීල් අද සංචාරකයන්ට නවාතැන් සපයන සුපිරි පැලැන්තියේ හෝටලයකි. එය පාලනය කරනු ලබන්නේ නාවික හමුදාව විසින්ය. පැරණි බලකොටුවක සිරි විඳිමින් අවට ලෝකයෙන් මිදී හුදකලාව විවේකය ගතකරන්නන්ට අද හැමන්හීල් සොඳුරු නවාතැනකි. [/SIZE] [IMG]http://www.lakbima.lk/images/stories/frontpage/2014/April/2014.04.07/Halman-hil1.jpg[/IMG] [SIZE=3]සුපිරි පැලැන්තියේ කාමරවල විවේකය ගතකිරීමට කැමති අයට මෙන්ම සිර කුටියක විවේකය ගත කිරීමට කැමති අයටද අවැසි පහසුකම් ලබාදීමට නාවික හමුදාව සැදී පැහැදී සිටී. ඒ එදා විජේවීරලා සිටි සිර කාමරද යකඩ දොරවල් දැමූ හෝටල් කාමර බවට පත් කිරීම නිසාය. සිර කුටියේ රැය ගතකරනවා පමණක් නොව සිරකරුවන්ට ලබාදෙන ඇලුමිනියම් කෝප්පයක වතුර බි, ඇලුමිනියම් පිඟානක කෑම කෑමටද අවස්ථාවක් මෙහිදී ලබා ගත හැක.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom