Heartbleed bug - දැවැන්ත වෛරසයක් අන්තර්ජාලයේ (Virus warning)

chathura225

Active member
  • Aug 14, 2012
    576
    63
    28
    Heartbleed bug - දැවැන්ත වෛරසයක් අන්තර්ජාලයේ (Virus warning)

    දැවැන්ත සමාගම් වල වෙබ් අඩවි සර්වර් වල දත්ත කියවිය හැකි වෛරසයක් මුදා හැරේ, ඊ-මේල් ලිපින , ක්‍රෙඩිට් කාඩ් සේවා සියල්ල හැකර් කරුවන්ගේ ග්‍රහනයට ලක්විය හැකිබවට අනතුරු අගවා ඇත. ඒ අනුව පහත සදහන් සියලු සේවාවල මුරපද වෙනස් කරන ලෙස ඉල්ලීමක් කර ඇත.
    රහස් පදවල ආරක්ෂිතභාවය සම්බන්ධයෙන් විශාල දෝෂයක් පවතින නිසා අන්තර්ජාලය භාවිතා කරන්නන් සියළු දෙනා තමන්ගේ සියලු රහස් පද වෙනස් කරන ලෙසට තාක්ෂණික සමාගම් රැසක් අනතුරු ඇඟවීම් කරයි.
    ඒ අනුව විද්‍යුත් ලිපින, බැංකු සහ ලිපිගොනු සම්බන්ධයෙන් වන රහස් පද වහා වෙනස් කරන ලෙස ඉල්ලා සිටින එම සමාගම් Heartbleed Bug නමැති වෛරසයක් පිළිබඳව ද දැඩි අවධානයෙන් සිටින ලෙස උපදෙස් දී ඇත.

    Capture_1.png

    Capture2.png

    Capture4.png

    Capture5.png


    Yahoo සමාගම ඉල්ලා සිටින්නේ, සියලු රහස් පද වෙනස් කරන ලෙස ය. විශේෂයෙන් ඊමේල්, බැංකු (Banking) සහ ලිපිගොනු (File storage) සම්බන්ධයෙන් වන රහස් පද වහා වෙනස් කරන ලෙස එම සමාගම විශේෂයෙන් දැනුම් දී තිබේ. මේ අතර, Heartbleed Bug නමැති ඉන්ටර්නෙට් වෛරසයක් පිළිබඳව ද දැඩි අවධානයෙන් සිටින ලෙස උපදෙස් දී ඇත. මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස Google සමාගම ද අනතුරු අඟවා තිබේ