Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
HELP කෙල්ලගේයි මගෙයි Blood Group එක එකයි :(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තැලසීමියාව යනු රුධිරයට වැළඳෙන රෝගයකි. අපට ජීවත්වීමට උපකාරී වන රුධිරයේ ඇති රතු රුධිරානු තුළ හිමෝග්ලොබින් නම් අණු විශේෂයක් ඇත. මෙම හිමොග්ලොබින් අණු නිර්මාණය වී තිබෙන්නේ හීම් (Heam) සහ ග්ලෝබීන් (Globin) නම් කොටස් එකට එක් වීමෙනි. හීම් නම් කොටස තුළ යකඩ අඩංගුය. ග්ලෝබීන් කොටස් නිර්මාණය වී තිබෙන්නේ ඇල්ෆා ප්‍රෝටීන් දාම සහ බීටා ප්‍රෝටීන් දාම එක්වීමෙනි. හිමො ග්ලොබින් අණුවල ඇති මෙම ඇල්ෆා සහ බීටා ප්‍රෝටීන් දාම නිපදවෙන්නේ නැතිනම්, රුධිර සෛලවල ස්ථාවර බව නැතිවී යයි. එවිට රුධිර සෛල දියවන්නට පටන් ගනී. තැලසීමියාව රෝගයේදී සිදුවන්නේ මෙම ක්‍රියාවලිය. හිමොග්ලොබින් අණු තුළ ඇල්ෆා දාම නැතිනම් එය ඇල්ෆා තැලසීමියා තත්ත්වය ලෙසද, බීටා දාම නැතිනම් එය බීටා තැලිසීමියා තත්ත්වය ලෙසද හැඳින්වේ. ඉතාම සරලව පවසන්නේ නම් තැලසීමියාව රෝගයේදී සිදුවන්නේ රුධිරය දිය වී මය.

තැලසීමියා රෝගයේ රෝග ලක්ෂණ ළමයකු ඉපදී වසර කිහිපයක් ගතවනවිට මතුවේ. තැලසීමියාවට ගොදුරු වූ දරුවකුගේ ශරීරයෛ් රුධිරය දියවීම නිසා එම ළමයා සුදු මැලිවේ. වර්ධනය ඇණ හිටී. ක්‍රියාකාරිත්වය අඩුවේ. රුධිරය දියවෙමින් යන විට හෘදයේ ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යාමට අපහසුවේ. මේ සඳහා කළ හැකි එකම ප්‍රතිකාරය වන්නේ බාහිරින් රුධිරය ලබාදීමය. එසේ කොතෙක් රුධිරය බාහිරින් ලබාදුන්නද දිගින් දිගටම රුධිරය දිය වෙමින් යන විට අක්මාව ප්ලීහාව වැනි ඉන්ද්‍රියන්ටද හානි පැමිණේ. ඊට අමතරව ඇට මිදුළු විස්ථාරණය වීම නිසා මුහුණ විකෘති ස්වභාවයක් ගනී. එසේම ශරීරයේ අස්ථි පද්ධතිය දුර්වල වී අස්ථි බිඳීමට පටන් ගනී. ශරීර වර්ධනය අඩාල වීම නිසා මිටි වේ. දිගින් දිගටම රුධිරය ලබාදීමෙන් ඉහත ගැටලු බොහොමයක් විසඳා ගත හැකි වුවද ජීවිත කාලය පුරාම රුධිරය ලබාදීමට සිදු වීම විශාල ගැටලුවකි. කලක් රුධිරය බාහිරින් ලබාදෙන විට ශරීරයේ යකඩ තැන්පත් වීමක් සිදුවේ. මළ මුත්‍ර, දහදිය මගින් අපේ ශරීරයෙන් යකඩ පහසුවෙන් ඉවත් නොවේ. යකඩ අණු අපගේ ශරීරයට විෂ සහිතය.

ශරීරයේ වැඩිපුර ඇති යකඩ නිසා ශරීරයේ ප්‍රෝටීනවල ස්වභාවය වෙනස්වේ. මෙවැනි ගැටලු රාශියක් ඇති කිරීමට මෙම තැලසීමියා රෝගය සමත්ය. තැලසීමියා රෝගියකු වෙනුවෙන් වසරකට රජයට වැයවන මුදල රුපියල් ලක්ෂ 2 ක් පමණ වේ. මෙලෙස ප්‍රතිකාර ලබාදෙන රෝගීිහූ රට පුරා 1600 ක් පමණ සිටිති. ශ්‍රී ලංකාව තුළ තැලසීමියා රෝගීන් අසූවක් (80) පමණ වසරකට හඳුනාගනු ලැබේ. කොපමණ මුදලක් වියදම් කළද තැලසීමියා රෝගයට ගොදුරු වූවන්ගේ ජීවිත කාලය කෙටිය. එබැවින් වඩාත්ම වැදගත් වන්නේ මෙම රෝගයට ගොදුරුවීමෙන් වැළකී සිටීමය. එය ඉතා පහසු කටයුත්තකි. එසේම එය ඉතා ප්‍රායෝගික කාර්යයකි.

තැලසීමියා රෝගය පිළිබඳ විවිධ මත අතීතයේදී පළවුවද තැලසීමියාවට හේතුව තැලසීමියා වාහකයින් දෙදෙනකු අතර සිදුවන විවාහය බව නවතම පර්යේෂණ මගින් හෙළිවී ඇත. විවාහවූ කාන්තාව සහ පිරිමියා යන දෙදෙනාම තැලසීමියා වාහකයින් නම් ඔවුන්ට ඉපදෙන දරුවන් බොහෝ විට තැලසීමියා රෝගීන් විය හැකිය.

යම් දරුවකු උපදින විට එම දරුවාට පියාගෙන් තැලසීමියා රෝගයට ගොදුරුවූ, විකෘතිවූ ජානයක් ලැබී මවගෙන් විකෘති නොවූ ජානයක් ලැබී ඇත්නම් එම දරුවාට තැලසීමියා රෝගය වැළඳෙන්නේ නැත.

එසේම මවගෙන් දරුවාට ලැබුණු ජාන විකෘති ජාන වී පියාගෙන් ලැබුණු ජාන විකෘති නොවූ ජාන නම් එවිටද දරුවාට තැලසීමියා රෝගය වැළඳෙන්නේ නැත. එහෙත් එවැනි දරුවකුගේ රුධිරයේ විකෘති වූ ජානයක් ඇත. එම දරුවාට තැලසීමියා රෝගය වැළඳෙන්නේ නැත්තේ මවගෙන් හෝ පියාගෙන් ලැබුණු විකෘති නොවූ හොඳ ජානයක් දරුවාට ලැබී ඇති නිසාය. එහෙත් මෙම දරුවා රෝග වාහකයෙකි. තැලසීමියා රෝග වාහක පුද්ගලයින් කෙරෙන් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකෙරේ. තැලසීමියා රෝග වාහකයින් වුවද ඉතාම සාර්ථක ලෙස ජීවත්වන ඉංජිනේරුවෝ, වෛද්‍යවරුන්, ජනප්‍රිය නළුනිළියෝ, දේශපාලනඥයෝ් ලංකාවේ බහුලව හමුවෙති. මෙවැනි තැලිසීමියා රෝග වාහකයින් ලක්ෂ 5 ක් පමණ ශ්‍රී ලංකාව පුරාම විසිරී සිටින බව හෙළිවී ඇත. මෙම රෝග වාහකයින්ගේත් ඔවුන්ට ඉපදෙන දරුවන්ගේත් සුබසිද්ධිය සඳහා විශේෂ සෞඛ්‍යමය වැඩපිළිවෙළක් දැන් රට පුරා ක්‍රියාත්මකවේ. ඒ විශේෂයෙන්ම තැලසීමියා වාහකයන් වූ පුද්ගලයන්ගේ දරුවන් තැලසීමියා රෝගීින් වීම වැළැක්වීම සඳහාය.

තැලසීමියා රෝගය පැතිරීම වැළැක්වීමට ගත යුතු එකම පියවර වන්නේ රෝග වාහකයින් දෙදෙනක් අතර සිදුවන විවාහයන් වැළැක්වීමය. ඕනෑම අයකුට තමා තැලිසීමියා රෝග වාහකයකුද යන වග ඉතාම සරළ රුධිර පරීක්ෂාවකින් දැන ගත හැකිය. තැලසීමියා වාහකයින් දෙදෙනෙකුගේ විවාහයෙන් දුක් විඳින්නේ එම දෙපළගේ දරුවන්ය. එබැවින් තැලසීමියා රෝගයට ගොදුරු නොවී සිටීම අපගේ වගකීමකි.

මේක තරැණි පත්තරේ තිබුන ලිපියක්

[QUOTE="r.pathirana, post: 14931488, member: 371091"] තැලසීමියාව යනු රුධිරයට වැළඳෙන රෝගයකි. අපට ජීවත්වීමට උපකාරී වන රුධිරයේ ඇති රතු රුධිරානු තුළ හිමෝග්ලොබින් නම් අණු විශේෂයක් ඇත. මෙම හිමොග්ලොබින් අණු නිර්මාණය වී තිබෙන්නේ හීම් (Heam) සහ ග්ලෝබීන් (Globin) නම් කොටස් එකට එක් වීමෙනි. හීම් නම් කොටස තුළ යකඩ අඩංගුය. ග්ලෝබීන් කොටස් නිර්මාණය වී තිබෙන්නේ ඇල්ෆා ප්‍රෝටීන් දාම සහ බීටා ප්‍රෝටීන් දාම එක්වීමෙනි. හිමො ග්ලොබින් අණුවල ඇති මෙම ඇල්ෆා සහ බීටා ප්‍රෝටීන් දාම නිපදවෙන්නේ නැතිනම්, රුධිර සෛලවල ස්ථාවර බව නැතිවී යයි. එවිට රුධිර සෛල දියවන්නට පටන් ගනී. තැලසීමියාව රෝගයේදී සිදුවන්නේ මෙම ක්‍රියාවලිය. හිමොග්ලොබින් අණු තුළ ඇල්ෆා දාම නැතිනම් එය ඇල්ෆා තැලසීමියා තත්ත්වය ලෙසද, බීටා දාම නැතිනම් එය බීටා තැලිසීමියා තත්ත්වය ලෙසද හැඳින්වේ. ඉතාම සරලව පවසන්නේ නම් තැලසීමියාව රෝගයේදී සිදුවන්නේ රුධිරය දිය වී මය. තැලසීමියා රෝගයේ රෝග ලක්ෂණ ළමයකු ඉපදී වසර කිහිපයක් ගතවනවිට මතුවේ. තැලසීමියාවට ගොදුරු වූ දරුවකුගේ ශරීරයෛ් රුධිරය දියවීම නිසා එම ළමයා සුදු මැලිවේ. වර්ධනය ඇණ හිටී. ක්‍රියාකාරිත්වය අඩුවේ. රුධිරය දියවෙමින් යන විට හෘදයේ ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යාමට අපහසුවේ. මේ සඳහා කළ හැකි එකම ප්‍රතිකාරය වන්නේ බාහිරින් රුධිරය ලබාදීමය. එසේ කොතෙක් රුධිරය බාහිරින් ලබාදුන්නද දිගින් දිගටම රුධිරය දිය වෙමින් යන විට අක්මාව ප්ලීහාව වැනි ඉන්ද්‍රියන්ටද හානි පැමිණේ. ඊට අමතරව ඇට මිදුළු විස්ථාරණය වීම නිසා මුහුණ විකෘති ස්වභාවයක් ගනී. එසේම ශරීරයේ අස්ථි පද්ධතිය දුර්වල වී අස්ථි බිඳීමට පටන් ගනී. ශරීර වර්ධනය අඩාල වීම නිසා මිටි වේ. දිගින් දිගටම රුධිරය ලබාදීමෙන් ඉහත ගැටලු බොහොමයක් විසඳා ගත හැකි වුවද ජීවිත කාලය පුරාම රුධිරය ලබාදීමට සිදු වීම විශාල ගැටලුවකි. කලක් රුධිරය බාහිරින් ලබාදෙන විට ශරීරයේ යකඩ තැන්පත් වීමක් සිදුවේ. මළ මුත්‍ර, දහදිය මගින් අපේ ශරීරයෙන් යකඩ පහසුවෙන් ඉවත් නොවේ. යකඩ අණු අපගේ ශරීරයට විෂ සහිතය. ශරීරයේ වැඩිපුර ඇති යකඩ නිසා ශරීරයේ ප්‍රෝටීනවල ස්වභාවය වෙනස්වේ. මෙවැනි ගැටලු රාශියක් ඇති කිරීමට මෙම තැලසීමියා රෝගය සමත්ය. තැලසීමියා රෝගියකු වෙනුවෙන් වසරකට රජයට වැයවන මුදල රුපියල් ලක්ෂ 2 ක් පමණ වේ. මෙලෙස ප්‍රතිකාර ලබාදෙන රෝගීිහූ රට පුරා 1600 ක් පමණ සිටිති. ශ්‍රී ලංකාව තුළ තැලසීමියා රෝගීන් අසූවක් (80) පමණ වසරකට හඳුනාගනු ලැබේ. කොපමණ මුදලක් වියදම් කළද තැලසීමියා රෝගයට ගොදුරු වූවන්ගේ ජීවිත කාලය කෙටිය. එබැවින් වඩාත්ම වැදගත් වන්නේ මෙම රෝගයට ගොදුරුවීමෙන් වැළකී සිටීමය. එය ඉතා පහසු කටයුත්තකි. එසේම එය ඉතා ප්‍රායෝගික කාර්යයකි. [COLOR="Red"]තැලසීමියා රෝගය පිළිබඳ විවිධ මත අතීතයේදී පළවුවද තැලසීමියාවට හේතුව තැලසීමියා වාහකයින් දෙදෙනකු අතර සිදුවන විවාහය බව නවතම පර්යේෂණ මගින් හෙළිවී ඇත. විවාහවූ කාන්තාව සහ පිරිමියා යන දෙදෙනාම තැලසීමියා වාහකයින් නම් ඔවුන්ට ඉපදෙන දරුවන් බොහෝ විට තැලසීමියා රෝගීන් විය හැකිය.[/COLOR] යම් දරුවකු උපදින විට එම දරුවාට පියාගෙන් තැලසීමියා රෝගයට ගොදුරුවූ, විකෘතිවූ ජානයක් ලැබී මවගෙන් විකෘති නොවූ ජානයක් ලැබී ඇත්නම් එම දරුවාට තැලසීමියා රෝගය වැළඳෙන්නේ නැත. එසේම මවගෙන් දරුවාට ලැබුණු ජාන විකෘති ජාන වී පියාගෙන් ලැබුණු ජාන විකෘති නොවූ ජාන නම් එවිටද දරුවාට තැලසීමියා රෝගය වැළඳෙන්නේ නැත. එහෙත් එවැනි දරුවකුගේ රුධිරයේ විකෘති වූ ජානයක් ඇත. එම දරුවාට තැලසීමියා රෝගය වැළඳෙන්නේ නැත්තේ මවගෙන් හෝ පියාගෙන් ලැබුණු විකෘති නොවූ හොඳ ජානයක් දරුවාට ලැබී ඇති නිසාය. එහෙත් මෙම දරුවා රෝග වාහකයෙකි. තැලසීමියා රෝග වාහක පුද්ගලයින් කෙරෙන් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකෙරේ. තැලසීමියා රෝග වාහකයින් වුවද ඉතාම සාර්ථක ලෙස ජීවත්වන ඉංජිනේරුවෝ, වෛද්‍යවරුන්, ජනප්‍රිය නළුනිළියෝ, දේශපාලනඥයෝ් ලංකාවේ බහුලව හමුවෙති. මෙවැනි තැලිසීමියා රෝග වාහකයින් ලක්ෂ 5 ක් පමණ ශ්‍රී ලංකාව පුරාම විසිරී සිටින බව හෙළිවී ඇත. මෙම රෝග වාහකයින්ගේත් ඔවුන්ට ඉපදෙන දරුවන්ගේත් සුබසිද්ධිය සඳහා විශේෂ සෞඛ්‍යමය වැඩපිළිවෙළක් දැන් රට පුරා ක්‍රියාත්මකවේ. ඒ විශේෂයෙන්ම තැලසීමියා වාහකයන් වූ පුද්ගලයන්ගේ දරුවන් තැලසීමියා රෝගීින් වීම වැළැක්වීම සඳහාය. තැලසීමියා රෝගය පැතිරීම වැළැක්වීමට ගත යුතු එකම පියවර වන්නේ රෝග වාහකයින් දෙදෙනක් අතර සිදුවන විවාහයන් වැළැක්වීමය. ඕනෑම අයකුට තමා තැලිසීමියා රෝග වාහකයකුද යන වග ඉතාම සරළ රුධිර පරීක්ෂාවකින් දැන ගත හැකිය. තැලසීමියා වාහකයින් දෙදෙනෙකුගේ විවාහයෙන් දුක් විඳින්නේ එම දෙපළගේ දරුවන්ය. එබැවින් තැලසීමියා රෝගයට ගොදුරු නොවී සිටීම අපගේ වගකීමකි. මේක තරැණි පත්තරේ තිබුන ලිපියක් [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom